කුමාරකසුත්තං
5. 4.
5. 4.
කුමාරකසුත්තං
කුමාරක සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා කුමාරකා අන්තරා ච සාවත්ථිං අන්තරා ච ජෙතවනං මච්ඡකෙ බාධෙන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා තෙ සම්බහුලෙ කුමාරකෙ අන්තරා ච සාවත්ථිං අන්තරා ච ජෙතවනං මච්ඡකෙ බාධෙන්තෙ. දිස්වාන යෙන තෙ කුමාරකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ කුමාරකෙ එතදවොච: “භායථ තුම්හෙ කුමාරකා, දුක්ඛස්ස? අප්පියං වො දුක්ඛං?”ති? “එවං භන්තෙ, භායාම මයං දුක්ඛස්ස, අප්පියං නො දුක්ඛං”ති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි බොහෝ දරුවෝ සැවැතටත් දෙව්රමටත් අතරැ මසුන් පෙළත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැතට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ සැවැතටත් දෙව්රමටත් අතරැ මසුන් පෙළන ඒ දරුවන් දුටු සේක. දැක ඒ දරුවන් කරා එළැඹියහ. එළැඹ “දරුවෙනි, තෙපි දුකට බිය ඇත්තවු ද? දුක තොපට අප්‍රිය දැ?”යි අසා වදාළ සේක. “එසේය වහන්ස, අපි දුකට බමු. අපට දුක අප්‍රිය යැ”යි ඔහු කීහ.
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“සචෙ භායථ දුක්ඛස්ස සචෙ වො දුක්ඛමප්පියං, මා’කත්ථ පාපකං කම්මං ආවි වා යදි වා රහො.
“ඉදින් දුකට බවු නම්, ඉදින් දුක තොපට අප්‍රිය නම්, එළියේ හෝ රහසේ හෝ පව්කම් නො කරවු.
“සචෙ ච පාපකං කම්මං කරිස්සථ කරොථ වා, න වො දුක්ඛා පමුත්ත්යත්ථි උපෙච්චපි පලායතං”ති.
ඉදින් පව්කම් කරවු නම් හෝ කරන්නහු නම් හෝ එය දැන පලා යන්නා වූ ද තොපට දුකින් මිදීමෙක් නැත.”