යෙදුමෙන් කියවන්න

උපොසථසුත‍්තං

5. 5.

5. 5.

උපොසථසුත‍්තං

උපෝසථ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතො නිසින‍්නො හොති. අථ ඛො ආයස‍්මා ආනන්‍දො අභික‍්කන‍්තාය රත‍්තියා නික‍්ඛන‍්තෙ පඨමෙ යාමෙ උට‍්ඨායාසනා එකංසං චීවරං කත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: “අභික‍්කන‍්තා භන‍්තෙ, රත‍්ති. නික‍්ඛන‍්තො පඨමො යාමො. චිරනිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝො. උද‍්දිසතු, භන‍්තෙ, භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛං”ති. එවං වුත‍්තෙ භගවා තුණ‍්හී අහොසි. දුතියම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො අභික‍්කන‍්තාය රත‍්තියා නික‍්ඛන‍්තෙ මජ‍්ඣිමෙ යාමෙ, උට‍්ඨායාසනා එකංසං චීවරං කත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: “අභික‍්කන‍්තා භන‍්තෙ රත‍්ති. නික‍්ඛන‍්තො මජ‍්ඣිමො යාමො. චිරනිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝො. උද‍්දිසතු භන‍්තෙ, භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛං”ති. දුතියම‍්පි ඛො භගවා තුණ‍්හී අහොසි. තතියම‍්පි ඛො ආයස‍්මා ආනන්‍දො අභික‍්කන‍්තාය රත‍්තියා නික‍්ඛන‍්තෙ පච‍්ඡිමෙ යාමෙ උද‍්ධටෙ අරුණෙ නන්‍දිමුඛියා රත‍්තියා උට‍්ඨායාසනා එකංසං චීවරං කත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: “අභික‍්කන‍්තා භන‍්තෙ රත‍්ති. නික‍්ඛන‍්තො පච‍්ඡිමො යාමො. උද‍්ධටො අරුණො, නන්‍දිමුඛී රත‍්ති. චිරනිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝො. උද‍්දිසතු භන‍්තෙ, භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛං”ති. “අපරිසුද‍්ධා, ආනන්‍ද පරිසා’ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ සමීපයෙහි වූ මෘගාරිමාතෘප්‍රාසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පොහොලත් එදින බික්සඟන විසින් පිරිවරුණාහු වැඩහුන් සේක් වෙති. එකල්හි අනඳ තෙරණුවෝ රෑ බොහෝ වේලා ඉක්මැ ගිය කල්හි, පළමු යම ගෙවුණු කල්හි හුනස්නෙන් නැඟි සිට සිවුර එකස් කොට භාග්‍යවතුන් දසට ඇඳිලි නමා “වහන්ස, රෑ බොහෝ ඉක්මියේ ය. පෙර යම ගෙවිණ. බික්සඟ හිඳගත් බොහෝ වේලා ඇත්තේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට පාමොක් දෙසන සේක්වා”යි කීහ. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වු සේක. දෙවෙනි වර ද අනඳ තෙරණුවෝ රැය බොහෝ ඉක්මුණු කල්හි, මැදුම්යම ගෙවුණු කල්හි හුනස්නෙන් නැගිට, සිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි නමා, “වහන්ස, රෑ බොහෝ ඉක්මැ ගියේ ය. මැදුම් යම ගෙවිණ … පාමොක් උදෙසන සේක්වා”යි කීහ. දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වු සේක. තෙවෙනි වර ද අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මි කල්හි, පැසිම් යම ගෙවුණු කල්හි අරුණු නැඟි කල්හි රෑ පාන වන වේලෙහි හුනස්නෙන් නැගී සිට සිවුර එකස් කොට, භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි නමා “වහන්ස, රෑ බොහෝ ඉක්ම ගියේ ය. පැසිම් යම ගෙවුණේ ය. අරුණු නැංගේ ය. රෑ පාන් වීමට ළං වැ ඇත. බික්සඟහු හිඳගත් බොහෝ වේලා ඇත්තාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පාමොක් උදෙසන සේක්වා”යි කීහ. ‘අනඳයෙනි, පිරිස අපිරිසිදු යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

2. අථ ඛො ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස එතදහොසි: “කං නු ඛො භගවා පුග‍්ගලං සන්‍ධාය එවමාහ: ‘අපරිසුද‍්ධා, ආනන්‍ද, පරිසා’ති. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො සබ‍්බාවන‍්තං භික‍්ඛුසඞ‍්ඝං චෙතසා චෙතො පරිච‍්ච මනසාකාසි. අද‍්දසා ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං දුස‍්සීලං පාපධම‍්මං අසුචිසඞ‍්කස‍්සරසමාචාරං පටිච‍්ඡන‍්නකම‍්මන‍්තං අස‍්සමණං සමණපටිඤ‍්ඤං අබ්‍රහ‍්මචාරිං බ්‍රහ‍්මචාරීපටිඤ‍්ඤං අන‍්තොපූතිං අවස‍්සුතං කසම‍්බුජාතං මජ‍්ඣෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිසින‍්නං. දිස‍්වාන උට‍්ඨායාසනා යෙන සො පුග‍්ගලො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තංපුග‍්ගලං එතදවොච: “උට‍්ඨෙහාවුසො, දිට‍්ඨොසි භගවතා. නත්‍ථි තෙ භික‍්ඛූහි සද‍්ධිං සංවාසො’ති. අථ ඛො සො පුග‍්ගලො තුණ‍්හී අහොසි. දුතියම‍්පි ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං එතදවොච: “උට‍්ඨෙහාවුසො, දිට‍්ඨොසි භගවතා. නත්‍ථි තෙ භික‍්ඛූහි සද‍්ධිං සංවාසො’ති. දුතියම‍්පි ඛො සො පුග‍්ගලො තුණ‍්හී අහොසි. තතියම‍්පි ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං එතදවොච: “උට‍්ඨෙහාවුසො, දිට‍්ඨොසි භගවතා. නත්‍ථි තෙ භික‍්ඛූහි සද‍්ධිං සංවාසො’ති. තතියම‍්පි ඛො සො පුග‍්ගලො තුණ‍්හී අහොසි.

2. එකල්හි ‘අනඳයෙනි, පිරිස අපිරිසිදු යැ’යි භාග්‍යවතුන් වහන්සේ කවර පුගුලකු සඳහා මෙසේ වදාළ සේක් දැ?’යි මහමුගලන් තෙරණුවන්ට මේ සිත විය. ඉක්බිති මහමුගලන් තෙරණුවෝ එක් කෙනෙකුනුදු නොහැර සියලු ම භික්‍ෂුසඞ්ඝයා සිය සිතින් ඔවුන් සිත පිරිසිඳැ බැලූ සේක. පාපස්වභාවය ඇති, සැකයෙන් සිහි කටයුතු පැවතුම් ඇති, වැසුණු කර්‍ම ඇති, අශ්‍රමණ වූ, ශ්‍රමණයෙමි යි ප්‍රතිඥා ඇති, බඹසර නැති, බඹසැරිමි යි පිළින ඇති, ඇතුළත කුණු වූ, රාගාදි කෙලෙස් වැස්සෙන් තෙත් වූ, හටගත් කෙලෙස් කසළ ඇති, බික්සඟන මැද හුන් ඒ දුසිල් පුඟුලා ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ දුටහ. දැක හුනස්නෙන් නැගිට ඒ පුගුලා වෙත වැඩියහ. වැඩ ඇවැත, නැඟීසිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. තොපට භික්‍ෂූන් හා සහවාසයෙක් නැතැ යි වදාළහ. එකලැ එ පුගුල් නිහඬ වැ හුන්නේ ය. දෙවෙනි වර ද මහමුගලන් තෙරණුවෝ එ පුගුලාට ‘ඇවැත, නැඟීසිටුව. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. තොපට භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් නැතැ’යි වදාළහ. දෙවෙනි වර ද එ පුගුලා නිහඬ වැ හුන්නේ ය. තෙවෙනි වරද, මහමුගලන් තෙරණුවෝ ‘ඇවැත, නැඟීසිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. තොපට භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් නැතැ”යි වදාළහ. තෙවෙනි වරද, එ පුගුලා නිහඬ වැ හුන්නේ ය.

3. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො තං පුග‍්ගලං බාහායං ගහෙත්‍වා බහිද‍්වාරකොට‍්ඨකා නික‍්ඛාමෙත්‍වා සූචිඝකං දත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච: “නික‍්ඛාමිතො භන‍්තෙ, සො පුග‍්ගලො මයා. පරිසුද‍්ධා පරිසා. උද‍්දිසතු භන‍්තෙ, භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛං”ති. “අච‍්ඡරියං, මොග‍්ගල‍්ලාන, අබ‍්භුතං මොග‍්ගල‍්ලාන, යාව බාහා ගහණාපි නාම සො මොඝපුරිසො ආගමෙස‍්සතී”ති.

3. එකල්හි මහමුගලන් තෙරණුවෝ ඒ පුගුලා අතැ ගෙන දොරොටුවෙන් පිටතට නික්මවා අගුල්හිද්ද ද මත්තෙහි ඝටිකාව ද ලා (මොනොවට දොර වසා) භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, ඒ පුගුලා මා විසින් නික්මවන ලද්දේ ය. පිරිස පිරිසිදු ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට පාමොක් උදෙසන සේක් වා”යි සැළ කළහ. “ආශ්චර්‍ය්‍යය, මුගලනෙනි, අද්භූත ය, මුගලනෙනි, අතින් ගන්නා තුරු ම ඒ හිස් පුරිස් තෙම ලැසි වූයේ යැ!”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

4. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “න දානාහං භික‍්ඛවෙ, ඉතොපරං උපොසථං කරිස‍්සාමි පාතිමොක‍්ඛං උද‍්දිසිස‍්සාමි. තුම‍්හෙව දානි භික‍්ඛවෙ ඉතොපරං උපොසථං කරෙය්‍යාථ, පාතිමොක‍්ඛං උද‍්දිසෙය්‍යාථ. අට‍්ඨානමෙතං භික‍්ඛවෙ අනවකාසො, යං තථාගතො අපරිසුද‍්ධාය පරිසාය උපොසථං කරෙය්‍ය, පාතිමොක‍්ඛං උද‍්දිසෙය්‍ය.”

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, දැන් මෙයින් මතු පොහෝ නො කරන්නෙමි. පාමොක් නො උදෙසන්නෙමි. මහණෙනි, දැන් මෙයින් මතු තෙපි ම පොහෝ කරවු. පාමොක් උදෙසවු. මහණෙනි, ‘තථාගත තෙම අපිරිසිදු පිරිසෙහි පොහේ කරන්නේ ය, පාමොක් උදෙසන්නේ ය’ යන යමෙක් ඇද් ද. මෙය නොකරුණෙකි, නොවිය හැක්කෙකි.

5. අට‍්ඨිමෙ, භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා, යෙ දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති. කතමෙ අට‍්ඨ

5. මහණෙනි, යම් දෑ දැක දැක අසුරයෝ මහමුදෙහි ඇලෙත් නම් මහමුදෙහි වූ මේ අසිරිමත් පුදුම අටෙකි. කවර අටෙක් ද? යත්:

(1.) මහාසමුද‍්දො භික‍්ඛවෙ, අනුපුබ‍්බනින‍්නො, අනුපුබ‍්බපොණො, අනුපුබ‍්බපබ‍්භාරො, නායතකෙනෙව පපාතො. යං භික‍්ඛවෙ මහාසමුද‍්දො අනුපුබ‍්බනින‍්නො, අනුපුබ‍්බපොණො, අනුපුබ‍්බපබ‍්භාරො, නායතකෙනෙව පපාතො. අයං භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ පඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො, යං යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

(1) මහණෙනි, මහමුහුද පිළිවෙළින් නිම්න ය. පිළිවෙළින් නැඹුරු ය. පිළිවෙළින් නිම්නයට බර වූයේ ය. එක එල්ලේ ම බෑවුම නො වේ. මහණෙනි, මහමුහුද පිළිවෙළින් නිම්න ය, පිළිවෙළින් නැඹුරු ය. පිළිවෙළින් නිම්නයට බර වූයේ ය. එක එල්ලේ ම බෑවුම නො වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් ඒ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වේ.

(2.) පුන චපරං භික‍්ඛවෙ, මහාසමුද‍්දො ඨිතධම‍්මො වෙලං නාතිවත‍්තති. යං භික‍්ඛවෙ, මහාසමුද‍්දො ඨිතධම‍්මො වෙලං නාතිවත‍්තති. අයම‍්පි භික‍්ඛවෙ මහාසමුද‍්දෙ දුතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො, යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

(2) තව ද මහණෙනි, මහමුහුද ස්ථිත ස්වභාව ඇත්තේ වෙරළ ඉක්ම නො යෙයි. මහණෙනි, මහමුහුද ස්ථිත ස්වභාව ඇත්තේ වෙරළ ඉක්ම නොයේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මේ තෙම යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් ඒ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

(3.) පුන චපරං භික‍්ඛවෙ, මහාසමුද‍්දො න මතෙන කුණපෙන සංවසති. යං යං හොති මහාසමුද‍්දෙ මතං කුණපං, තං ඛිප‍්පඤ‍්ඤෙව තීරං වාහෙති, ථලං උස‍්සාදෙති. යං භික‍්ඛවෙ මහාසමුද‍්දො න මතෙන කුණපෙන සංවසති, යං හොති මහාසමුද‍්දෙ මතං කුණපං, තං ඛිප‍්පඤ‍්ඤෙව තීරං වාහෙති, ථලං උස‍්සාදෙති. අයම‍්පි භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ තතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො, යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

(3) තව ද මහණෙනි, මහමුහුද මළකුණු හා එක් වැ නො වසයි. මහමුහුදෙහි යම් මළකුණෙක් වේ නම්, එය වහා ම මුහුදුතෙරට පමුණුවයි, ගොඩට නගයි. මහණෙනි, මහමුහුද මළකුණු හා එක් වැ නො වසයි, මළකුණු ගොඩට නගයි යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය ද අසුරයෝ යමක් දැක දැක මහමුහුදෙහි ඇලෙත් නම්, මහමුහුදෙහි ඒ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

(4.) පුන චපරං භික‍්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්‍යථිදං: ගඞ‍්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තා මහාසමුද‍්දං පත්‍වා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි, මහාසමුද‍්දොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. යං භික‍්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්‍යථිදං: ගඞ‍්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තා මහාසමුද‍්දං පත්‍වා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි, මහාසමුද‍්දොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. අයම‍්පි භික‍්ඛවෙ මහාසමුද‍්දෙ චතුත්‍ථො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො, යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

(4) තව ද මහණෙනි, ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන යම් මහා නදී කෙනෙක් වෙත් ද, ඔහු මහමුහුදට පැමිණියෝ පළමු නම් ගොත් හරිති. මහමුහුදැ යි ම ව්‍යවහාරයට යෙත්. මහණෙනි, ගඞ්ගා යමුනා ... යම් නදී කෙනෙක් වෙත් ද, ඔහු මහ මුහුදැ යි ම ව්‍යවහාරයට යන යමෙක් ඇද්ද, මෙය ද මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, ඒ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

(5.) පුන චපරං භික‍්ඛවෙ, යා ච ලොකෙ සවන‍්තියො මහාසමුද‍්දං අප‍්පෙන‍්ති, යා ච අන‍්තලික‍්ඛා ධාරා පපතන‍්ති, න තෙන මහාසමුද‍්දස‍්ස ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති. යං භික‍්ඛවෙ, යා ච ලොකෙ සවන‍්තියො මහාසමුද‍්දං අප‍්පෙන‍්ති, යා ච අන‍්තළික‍්ඛා ධාරා පපතන‍්ති, න තෙන මහාසම‍්මුද‍්දස‍්ස ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති. අයම‍්පි භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ පඤ‍්චමො අච‍්ඡරියො අබ‍්භුතධම‍්මො, යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

(5) තව ද මහණෙනි, ලොවැ යම් ගං හෝ කෙනෙක් මහමුහුදට ගලා බසිත් ද, අහසින් යම් වැසිදහර කෙනෙක් වැටෙත් ද, එයින් මහමුහුදේ අඩුබවෙක් හෝ පිරුණු බවෙක් හෝ නො පැණෙයි. මහණෙනි, යම් ගං හෝ කෙනෙක් ගලා බසිත් ද, අහසින් යම් වැසිදහර කෙනෙක් හෙත් ද, එයින් මහමුහුදේ අඩුබවෙක් හෝ පිරුණු බවෙක් හෝ නො පැණේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය ද යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, ඒ මහමුහුදෙහි වූ පස්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

(6.) පුන චපරං භික‍්ඛවෙ, මහාසමුද‍්දො එකරසො ලොණරසො. යං භික‍්ඛවෙ, මහාසමුද‍්දො එකරසො ලොණරසො, අයම‍්පි භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ ඡට‍්ඨො අච‍්ඡරියො අබ‍්භුතධම‍්මො, යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

(6) තව ද මහණෙනි, මහමුහුද එක් රස ම ඇත්තේ ලුණුරස ඇත්තේ වේ. මහණෙනි, මහමුහුද එක් රස ම ඇත්තේ ලුණුරස ඇත්තේ වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් මෙය ද මහමුහුදෙහි වූ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

(7.) පුන චපරං භික‍්ඛවෙ මහාසමුද‍්දො බහුරතනො, අනෙකරතනො. තත්‍රිමානි රතනානි, සෙය්‍යථිදං: මුත‍්තා, මණි, වෙළුරියො සඞ‍්ඛො, සිලා, පවාළං, රජතං, ජාතරූපං, ලොහිතඞ‍්කො, මසාරගල‍්ලං. යං භික‍්ඛවෙ මහාසමුද‍්දො බහුරතනො අනෙකරතනො, තත්‍රිමානි රතනානි. සෙය්‍යථිදං: මුත‍්තා, මණි, වෙළුරියො, සඞ‍්ඛො, සිලා, පවාළං, රජතං, ජාතරූපං, ලොහිතඞ‍්කො මසාරගල‍්ලං. අයම‍්පි භික‍්ඛවෙ මහාසමුද‍්දෙ සත‍්තමො අච‍්ඡරියො අබ‍්භුතධම‍්මො, යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

(7) තව ද මහණෙනි, මහමුහුද බොහෝ රුවන් ඇත්තේ ය. නොයෙක් රුවන් ඇත්තේ ය. එහි මුතු මිණි මිණි වෙරළු සක් සිලා පබළු රිදී රන් රත්මිණි මැසිරිගල් යන මේ රුවන්හු වෙත්. මහණෙනි, මහමුහුද බොහෝ රුවන් ඇත්තේ ය ... මේ රුවන්හු වෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය ද, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, ඒ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

(8.) පුන චපරං භික‍්ඛවෙ, මහාසමුද‍්දො මහතං භූතානං ආවාසො. තත්‍රිමෙ භූතා: තිමි, තිමිඞ‍්ගලො, තිමිරපිඞ‍්ගලො, අසුරා, නාගා, ගන්‍ධබ‍්බා. සන‍්ති මහාසමුද‍්දෙ යොජනසතිකාපි අත‍්තභාවා, ද‍්වියොජනසතිකාපි අත‍්තභාවා, තියොජනසතිකාපි අත‍්තභාවා, චතුයොජනසතිකාපි අත‍්තභාවා, පඤ‍්චයොජනසතිකාපි අත‍්තභාවා. යං භික‍්ඛවෙ, මහාසමුද‍්දො මහතං භූතානං ආවාසො. තත්‍රිමෙ භූතා: තිමි, තිමිඞ‍්ගලො, තිමිරපිඞ‍්ගලො, අසුරා, නාගා, ගන්‍ධබ‍්බා. සන‍්ති මහාසමුද‍්දෙ යොජනසතිකාපි අත‍්තභාවා, ද‍්වියොජනසතිකාපි අත‍්තභාවා, තියොජනසතිකාපි අත‍්තභාවා, චතුයොජනසතිකාපි අත‍්තභාවා, පඤ‍්චයොජනසතිකාපි අත‍්තභාවා. අයම‍්පි භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ අට‍්ඨමො අච‍්ඡරියො අබ‍්භුතධම‍්මො, යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

(8) තවද මහණෙනි, මහමුහුද මහත් සත්ත්‍වයනට වාසස‍්ථානය වේ. එහි තිමි තිමිඞ්ගල තිමිරපිඞ්ගල අසුර නාග ගන්‍ධර්‍ව යන මේ සත්ත්‍වයෝ වෙති. මහමුහුදෙහි යොදුන් සියක් පමණ වු අත්බව් ඇත්තෝ ද, යොදුන් දෙසියක් පමණ අත්බව් ඇත්තෝ ද, යොදුන් තුන්සියක් පමණ වු අත්බව් ඇත්තෝ ද, යොදුන් සාරසියක් පමණ අත්බව් ඇත්තෝ ද, යොදුන් පන්සියක් පමණ අත්බව් ඇත්තෝ ද වෙත්. මහණෙනි, මහමුහුද මහත් සතුන්ගේ වාසස්ථානය වෙයි ... එහි … යොදුන් පන්සියක් පමණ අත්බව් ඇත්තෝ ද වෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, මෙය ද මහමුහුදෙහි වූ ඒ අටවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

ඉමෙ ඛො භික‍්ඛවෙ, මහාසමුද‍්දෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් මොහු ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අට ය.

6. එවමෙව ඛො භික‍්ඛවෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති. කතමෙ අට‍්ඨ?

6. මහණෙනි, එපරිද්දෙන් ම යම් දෑ දැක දැක මහණහු මේ සස්නෙහි ඇලෙත් ද, එසේ වූ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අට දෙනෙක් මෙ සස්නෙහි ඇත. කවර අට දෙනෙක් ද? යත්:

(1.) සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාසමුද‍්දො අනුපුබ‍්බනින‍්නො, අනුපුබ‍්බපොණො, අනුපුබ‍්බපබ‍්භාරො, නායතකෙනෙව පපාතො. එවමෙව ඛො භික‍්ඛවෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ අනුපුබ‍්බසික‍්ඛා, අනුපුබ‍්බකිරියා, අනුපුබ‍්බපටිපදා, නායතකෙනෙව අඤ‍්ඤාපටිවෙධො. යං භික‍්ඛවෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ අනුපුබ‍්බසික‍්ඛා, අනුපුබ‍්බකිරියා, අනුපුබ‍්බපටිපදා, නායතකෙනෙව අඤ‍්ඤාපටිවෙධො. අයං භික‍්ඛවෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ පඨමො අච‍්ඡරියො අබ‍්භුතධම‍්මො, යං දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

(1) මහණෙනි, මහමුහුද යම් සේ පිළිවෙළින් නිම්න වූයේ පිළිවෙළින් ගැඹුරු වූයේ, පිළිවෙළින් නිම්නයට බර වූයේ, එක එල්ලේ ම බෑවුම් නැත්තේ වේ ද, එසේ ම මහණෙනි, මේ සස්නෙහි අනුපූර්‍වශික්‍ෂා අනුපූර්‍වක්‍රියා අනුපූර්‍ව ප්‍රතිපදා වේ. පිළිවෙළ ඉක්මැ (ශිලසමාධිප්‍රඥා නො පුරා) එක්වන ම රහත්බව් පැමිණීම නො වේ. මහණෙනි, මේ සස්නෙහි අනුපූර්‍වශික්‍ෂා … වේ .. එක් වන ම රහත්බව් පැමිණීම නො වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මේ තෙම, යමක් දැක දැක මහණහු මෙ සස්නෙහි ඇලෙත් නම්, ඒ මේ සස්නෙහි ඇති පළමු වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

(2.) සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාසමුද‍්දො ඨිතධම‍්මො වෙලං නාතිවත‍්තති, එවමෙව ඛො භික‍්ඛවෙ යං මයා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං, තං මම සාවකා ජීවිතහෙතු පි නාතික‍්කමන‍්ති. යං භික‍්ඛවෙ මයා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං තං මම සාවකා ජීවිතහෙතු පි නාතික‍්කමන‍්ති. අයම‍්පි භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ දුතියො අච‍්ඡරියො අබ‍්භුතධම‍්මො, යං දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

(2) මහණෙනි, යම් සේ මහාසමුද්‍රය ස්ථිතභාවය ඇත්තේ වෙරළ ඉක් මැ නො යේ ද, එසේ ම මහණෙනි, මා විසින් සව්වනට යම් සිකපදයෙක් පණවන ලද නම්. එය මා සව්වෝ (සෝවාන් ආදි ආර්‍ය්‍යශ්‍රාවකයෝ) ජීවිත හේතුයෙනුදු ඉක්මැ නො යෙත්. මහණෙනි, මා විසින් සව්වනට යම් සිකපදයෙක් පණවන ලද නම් එය මා සව්වෝ ජීවිතහේතුයෙනුදු ඉක්මැ නොයෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙයද, යමක් දැක දැක මහණහු මෙ සස්නෙහි ඇලෙත් නම්, මෙ සස්නෙහි වූ ඒ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

(3.) සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාසමුද‍්දො න මතෙන කුණපෙන සංවසති, යං හොති මහාසමුද‍්දෙ මතං කුණපං තං ඛිප‍්පඤ‍්ඤෙව තීරං වාහෙති, ථලං උස‍්සාදෙති. එවමෙව ඛො භික‍්ඛවෙ යො සො පුග‍්ගලො දුස‍්සීලො පාපධම‍්මො අසුචි සඞ‍්කස‍්සරසමාචාරො පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො, අස‍්සමණො සමණපටිඤ‍්ඤො අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤො, අන‍්තොපූති අවස‍්සුතො කසම‍්බුජාතො, න තෙන සඞ‍්ඝො සංවසති. අථ ඛො නං ඛිප‍්පඤ‍්ඤෙව සන‍්නිපතිත්‍වා උක‍්ඛිපති.

(3) මහණෙනි, යම් සේ මහමුහුද මළකුණු හා එක් වැ නො වෙසේ ද, මහමුහුදෙහි යම් මළ කුණෙක් වී නම් එය වහා ම මුහුදු තෙරට පමුණුවා ද, ගොඩට නඟා ද, එසේ ම මහණෙනි, දුශ්ශීල වූ පාපස්වභාව ඇති, අශුද්ධ වූ, සැකයෙන් සිහි කටයුතු පැවැතුම් ඇති, වැසුණු කර්‍ම ඇති, අශ්‍රමණ වැ ශ්‍රමණයෙමි යි පිළින කරන, අබ්‍රහ්මචාරී වැ බ්‍රහ්මචාරීමි යි පිළින කරන, ඇතුළත කුණු වූ, රාගාදියෙන් තෙත් වූ, හටගත් කෙලෙස් කසළ ඇති යම් පුඟුලෙක් වේ ද, සඞ්ඝයා ඔහු හා එක්වැ නො වෙසේ. වැලි බික්සඟන වහාම රැස් වැ ඔහු නෙරපයි.

කිඤ‍්චාපි සො හොති මජ‍්ඣෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිසින‍්නො, අථ ඛො සො ආරකාව සඞ‍්ඝම‍්හා, සඞ‍්ඝො ච තෙන. යං භික‍්ඛවෙ, යො සො පුග‍්ගලො දුස‍්සීලො, පාපධම‍්මො අසුචිසඞ‍්කස‍්සරසමාචාරො පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො අස‍්සමණො සමණපටිඤ‍්ඤො, අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤො, අන‍්තොපූති, අවස‍්සුතො, කසම‍්බුජාතො, න තෙන සඞ‍්ඝො සංවසති. අථ ඛො නං ඛිප‍්පඤ‍්ඤෙව සන‍්නිපතිත්‍වා උක‍්ඛිපති, කිඤ‍්චාපි සො හොති මජ‍්ඣෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිසින‍්නො, අථ ඛො සො ආරකාව සඞ‍්ඝම‍්හා, සඞ‍්ඝො ච තෙන. අයම‍්පි භික‍්ඛවෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ තතියො අච‍්ඡරියො අබ‍්භුතධම‍්මො, යං දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

හේ බික්සඟන මැද හුන්නේ වී නමුදු වැලි හේ සඞ්ඝයා කෙරෙන් ද සඞ්ඝයා ඔහු කෙරෙන් ද ඈත් ම යැ. මහණෙනි, දුශ්ශීල වූ පාපස්වභාව ඇති, අශුද්ධ වූ .... හටගත් කෙලෙස් කසළ ඇති යම් පුඟුලෙක් වේ ද ... සඞ්ඝයා ඔහු කෙරෙන් ඈත් ම යැ යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය ද යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම් ඒ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

(4.) සෙය්‍යථාපි භික‍්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්‍යථිදං: ගඞ‍්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තා මහාසමුද‍්දං පත්‍වා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි, මහාසමුද‍්දොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ චත‍්තාරො වණ‍්ණා ඛත‍්තියා, බ්‍රාහ‍්මණා, වෙස‍්සා, සුද‍්දා තෙ තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජිත්‍වා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි, සමණා සක්‍යපුත‍්තියාත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. යං භික‍්ඛවෙ චත‍්තාරො මෙ වණ‍්ණා ඛත‍්තියා, බ්‍රාහ‍්මණා, වෙස‍්සා, සුද‍්දා තෙ තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජිත්‍වා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි, සමණා සක්‍යපුත‍්තියාත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති අයම‍්පි භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ චතුත්‍ථො අච‍්ඡරියො අබ‍්භුතධම‍්මො, යං දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

(4) මහණෙනි, ගඞ්ගා ... මහී යන යම මහා නදී කෙනෙක් වෙත් ද, යම් සේ ඔහු මහමුහුදට පැමිණ පළමු නම්ගොත් හරිත් ද, මහමුහුද යැ යි ම ව්‍යවහාරයට යෙත් ද, එසේ ම මහණෙනි, කැත් බමුණු වෙළෙඳ සුදුරු යන මේ සතර කුලයෝ වෙත් ද, ඔහු ගිහිගෙන් නික් මැ තථාගත ප්‍රවිදිත ශාසනයෙහි පැවිදිවැ පළමු නම්ගොත් හරිත්, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ම යැ යි ව්‍යවහාරයට යෙත්. මහණෙනි, කැත් .... යන සතර කුලයෝ වෙත් ද, ඔහු .... පළමු නම් ගොත් හරිත් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ යී ම ව්‍යවහාරයට යෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි මෙයද, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම්, මෙ සස්නෙහි වූ ඒ සතරවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

(5.) සෙය්‍යථාපි භික‍්ඛවෙ, යා ච ලොකෙ සවන‍්තියො මහාසමුද‍්දං අප‍්පෙන‍්ති, යා ච අන‍්තළික‍්ඛා ධාරා පපතන‍්ති, න තෙන මහාසමුද‍්දස‍්ස ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති. එව මෙව ඛො භික‍්ඛවෙ, බහූ චෙපි භික‍්ඛූ අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායන‍්ති. න තෙන නිබ‍්බානධාතුයා ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති. යං භික‍්ඛවෙ, බහූ චෙපි භික‍්ඛූ අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායන‍්ති, න තෙන නිබ‍්බානධාතුයා ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති. අයම‍්පි භික‍්ඛවෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ පඤ‍්චමො අච‍්ඡරියො අබ‍්භුතධම‍්මො. යං දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

(5) මහණෙනි, ලොවැ යම් ගං හෝ කෙනෙක් මහමුහුදට ගලා බසිත් ද, අහසින් යම් වැසි දහර කෙනෙක් වැටෙත් ද, එයින් මහමුහුදේ අඩුබවෙක් හෝ පිරුණු බවෙක් නො පැණේ ද, එසේ ම මහණෙනි, බොහෝ වූ ද භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නුමුදු එයින් නිර්‍වාණධාතුවෙහි අඩුබවෙක් හෝ පිරුණු බවෙක් නො පැණේ. මහණෙනි, බොහෝ වූ ද භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නුමුදු එයින් නිර්‍වාණධාතුවෙහි අඩුබවෙක් හෝ පිරුණු බවෙක් යම් සේ නො පැණේ ද, මෙය ද මහණෙනි, මෙය ද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම්, ඒ පස්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

(6.) සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාසමුද‍්දො එකරසො ලොණරසො. එවමෙව ඛො, භික‍්ඛවෙ, අයං ධම‍්මවිනයො එකරසො විමුත‍්තිරසො. යං භික‍්ඛවෙ, අයං ධම‍්මවිනයො එකරසො විමුත‍්තිරසො. අයම‍්පි භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ ඡට‍්ඨො අච‍්ඡරියො අබ‍්භුතධම‍්මො. යං දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

(6) මහණෙනි, මහමුහුද යම් සේ එක ම රස ඇත්තේ, ලුණුරස ඇත්තේ වේ ද, එසේ ම මහණෙනි, මේ සස්න එක ම රස ඇත්තේ විමුක්තිරස ඇත්තේ වේ. මහණෙනි, මෙ සස්න එක ම රස ඇත්තේ විමුක්තිරස ඇත්තේ වේ යන යමෙක් ඇද් ද, මෙය ද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම් ඒ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

(7.) සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාසමුද‍්දො බහුරතනො අනෙකරතනො, තත්‍රිමානි රතනානි: සෙය්‍යථිදං? මුත‍්තා, මණි, වෙළුරියො සඞ‍්ඛො, සිලා, පවාළ, රජතං, ජාතරූපං, ලොහිතඞ‍්කො, මසාරගල‍්ලං. එවමෙව ඛො භික‍්ඛවෙ අයං ධම‍්මවිනයො බහුරතනො අනෙකරතනො, තත්‍රිමානි රතනානි: සෙය්‍යථිදං? චත‍්තාරි සතිපට‍්ඨානානි, චත‍්තාරි සම‍්මප‍්පධානානි, චත‍්තාරො ඉද‍්ධිපාදා, පඤ‍්චින්‍ද්‍රියානි, පඤ‍්චබලානි, සත‍්තබොජ‍්ඣඞ‍්ගා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. යං භික‍්ඛවෙ, අයං ධම‍්මවිනයො බහුරතනො, අනෙකරතනො තත්‍රිමානි රතනානි: සෙය්‍යථිදං? චත‍්තාරි සතිපට‍්ඨානානි, චත‍්තාරි සම‍්මප‍්පධානානි, චත‍්තාරො ඉද‍්ධිපාදා, පඤ‍්චින්‍ද්‍රියානි, පඤ‍්චබලානි, සත‍්තබොජ‍්ඣඞ‍්ගා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. අයම‍්පි භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ සත‍්තමො අච‍්ඡරියො අබ‍්භුතධම‍්මො, යං දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

(7) මහණෙනි, මහමුහුද යම් සේ බොහෝ රුවන් ඇත්තේ ද, නොයෙක් රුවන් ඇත්තේ ද, එහි මුතු මිණි ..... මැසිරිගල් යන මේ රුවන්හු වෙත් ද, එසේ ම මහණෙනි, මෙ සස්න බොහෝ රුවන් ඇත්තේ ය, නොයෙක් රුවන් ඇත්තේ ය, එහි සතර සීවටන්හු ය, සතර සම්‍යක් ප්‍රධාන ය, සතර ඉදුපා ය, පස් ඉඳුරෝ ය, පස් බල ය, සත් බොඳඟහු ය, අරීඅටඟි මඟ ය, යන මේ රුවන්හු වෙත්. මහණෙනි, මෙ සස්න බොහෝ රුවන් ඇත්තේ ය. … එහි සතර සීවටන්හු ය … අරීඅටඟි මඟ ය යන මේ රුවන්හු වෙත් යන යමෙක් ඇද්ද, මෙය ද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම් ඒ මෙ සස්නැ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

(8.) සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාසමුද‍්දො මහතං භූතානං ආවාසො, තත්‍රිමෙ භූතා: තිමි, තිමිඞ‍්ගලො, තිමිරපිඞ‍්ගලො, අසුරා, නාගා, ගන්‍ධබ‍්බා, සන‍්ති මහාසමුද‍්දෙ යොජනසතිකාපි අත‍්තභාවා, ද‍්වියොජනසතිකාපි අත‍්තභාවා, තියොජනසතිකාපි අත‍්තභාවා, චතුයොජනසතිකාපි අත‍්තභාවා, පඤ‍්චයොජනසතිකාපි අත‍්තභාවා. එවමෙව ඛො භික‍්ඛවෙ, අයං ධම‍්මවිනයො මහතං භූතානං ආවාසො. තත්‍රිමෙ භූතා: සොතාපන‍්නො, සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, සකදාගාමි, සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, අනාගාමී, අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, අරහා, අරහත‍්තඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො. අයං භික‍්ඛවෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අට‍්ඨමො අච‍්ඡරියො අබ‍්භුතධම‍්මො, යං දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

(8) මහණෙනි, මහමුහුද යම් සේ මහත් සත්ත්‍වයනට වාසස්ථාන වේ ද, යම් සේ එහි තිමි තිමිඞ්ගල ..... ගන්‍ධර්‍ව යන මේ සත්ත්‍වයෝ වෙත් ද, යම් සේ මහමුහුදෙහි සියක්යොදුන් අත්බව් ඇති සත්හු ද … පන්සියක් යොදුන් අත්බව් ඇති සත්හු ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ සස්න මහත් සත්ත්‍වයන්ගේ වාසස්ථානය වේ. එහි සෝවාන් ය, සෝවාන්පල පසක් කිරීමට පිළිපන්නේ ය, සෙදැගැමි ය, සෙදැගැමිපල පසක් කිරීමට පිළිපන්නේ ය, අනැඟැමි ය, අනැඟැමි පල පසක් කිරීමට පිළිපන්නේ ය, රහත් ය, රහත්පල පසක් කිරීමට පිළිපන්නේ ය යන මේ මහත් සත්හු වෙති. මෙය ද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නැ ඇලෙත් නම් ඒ මෙ සස්නෙහි ඇති අටවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.

ඉමෙ ඛො, භික‍්ඛවෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතධම‍්මා. යෙ දිස‍්වා දිස‍්වා භික‍්ඛූ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්තී”ති.

මහණෙනි, යම් දෑ දැක දැක භික්‍ෂූහු මෙ සස්නැ ඇලෙත් ද, මහණෙනි, මේ වනාහි මෙ සස්නෙහි වූ ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අට දෙන වෙති යනු යි.

7. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

7. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“ඡන‍්නමතිවිවස‍්සති විවටං නාතිවස‍්සති. තස‍්මා ඡන‍්නං විවරෙථ එවං තං නාතිවස‍්සතී”ති.

“වැසුණ වරද ඉතා වසී. විවෘත වූයේ ඉතා නො වසී. එ හෙයින් වැසුණ වරද හෙළි කරන්නේ ය. මෙසේ එය ඉතා නො වසී.”