තණ්හාඞ්ඛයසුත්තං
7. 6.
7. 6.
තණ්හාඞ්ඛයසුත්තං
තණ්හාක්ඛය සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා අඤ්ඤාතකොණ්ඩඤ්ඤො භගවතො අවිදූරෙ නිසින්නො හොති, පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය තණ්හාසඞ්ඛයවිමුත්තිං පච්චවෙක්ඛමානො. අද්දසා ඛො භගවා ආයස්මන්තං අඤ්ඤාත කොණ්ඩඤ්ඤං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය තණ්හාසඞ්ඛයවිමුත්තිං පච්චවෙක්ඛමානං.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තෘෂ්ණාසංක්‍ෂය විමුක්තිය (හෙවත් රහත්පල සමවත) නුවණින් බලමින් හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තෘෂ්ණාසංක්‍ෂය විමුක්තිය (හෙවත් රහත්පල සමවත) නුවණින් බලමින් හුන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් දුටු සේක.
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා, එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යස්ස මූලා ඡමා නත්ථි පණ්ණා නත්ථි කුතො ලතා, තං ධීරං බන්ධනා මුත්තං කො තං නින්දිතුමරහති? දෙවාපි නං පසංසන්ති බ්රහ්මුනාපි පසංසිතො”ති.
“යමකුහට අත්බවට මුල් වූ අවිද්‍යාවත් එයට පිහිටීමට හේතු වූ (ආස්‍රව නීවරණ අයෝනිසෝමනස්කාර සංඛ්‍යාත) භූමියත් නැද්ද, මානාතිමානාදි ප්‍රභේද ඇති කෙලෙස් ලතාවත් මදප්රමාද මායා ආදි කොළත් නැද්ද, එසේ වූ ඒ බන්ධනයෙන් මිදුණු ධීරයාට කවරෙක් නින්දා කරන්නට සුදුසු ද? දෙවියෝ ද ඔහු පසසති. බඹහු විසිනුත් හේ පුදනු ලද්දේ වේ.”