යෙදුමෙන් කියවන්න

පපඤ‍්චක‍්ඛයසුත‍්තං

7. 7.

7. 7.

පපඤ‍්චක‍්ඛයසුත‍්තං

පපඤ්චඛය සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා අත‍්තනො පපඤ‍්චසඤ‍්ඤාසඞ‍්ඛාපහාණං පච‍්චවෙක‍්ඛමානො නිසින‍්නො හොති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රපඤ්චයන් සහගිය සංඥාවන්ගේ කොටස්වල ප්‍රහාණය නුවණින් සලකමින් වැඩහුන් සේක් වෙති.

2. අථ ඛො භගවා අත‍්තනො පපඤ‍්චසඤ‍්ඤාසඞ‍්ඛාපහානං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ප්‍රපඤ්චසංඥාවන්ගේ කොටස්වලැ ප්‍රහාණය දැන (සලකා) එ වේලෙහි මේ උදන් ඇනූ සේක.

“යස‍්ස පපඤ‍්චා ඨිති ච නත්‍ථි සන්‍දානං පලිඝඤ‍්ච වීතිවත‍්තො, තං තං නිත‍්තණ‍්හං මුනිං චරන‍්තං, නාවජානාති සදෙවකො’පි ලොකො”ති.

“යමකුහට ප්‍රපඤ්චයෝත් ඔවුන් විසින් කරන ලද සසර සිටීමත් නැද්ද, සන්‍දාන සංඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටිහුත් නැද්ද, යමෙක් පළිඝ සංඛ්‍යාත අවිද්‍යාවත් ඉක්මැවී ද, සිවු ඉරියව්වෙන් කල් යවන, තෘෂ්ණාරහිත වූ ඒ මුනිහට දෙවියන් සහිත ලොව ද අවඥා නො කෙරේ.”