උදපානසුත්තං
7. 9.
7. 9.
උදපානසුත්තං
උදපාන සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා මල්ලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන ථූණං නාම මල්ලානං බ්රාහ්මණගාමො තදවසරි. අස්සොසුං ඛො, ථූනෙය්යකා බ්රාහ්මණගහපතිකා ‘සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො මල්ලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං ථූණං අනුප්පත්තො’ති. උදපානං තිණස්ස ච භුසස්ස ච යාව මුඛතො පූරෙසුං’මා තෙ මුණ්ඩකා සමණකා පානීයං අපංසූ”ති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරි සරන සේක්, මල්ලයන්ගේ ථූන නම් වූ බමුණුගමට බැස වදාළ සේක. ‘සැහැපුත් වූ සැහැකුලයෙන් පැවිදි වූ මහණ ගොයුම්හු වනාහි මහත් භික්ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරිසරනුවෝ ථූන ගමට පැමිණියහ’යි ථුන ගම් වැසි බමුණු ගැහැවියෝ ඇසූහ. ඔහු ඒ මුඬු මහණහු පැන් නො බොත්ව’යි තණකොළින් ද පිදුරෙන් ද ළිඳ මුවවිට දක්වා ම පිරැවූහ.
2. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම යෙන රුක්ඛමූලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, එතම්හා උදපානා පානීයං ආහරා’ති. එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ඉදානි සො භන්තෙ, උදපානො ථූනෙය්යකෙහි බ්රාහ්මණගහපතිකෙහි තිණස්ස ච භුසස්ස ච යාව මුඛතො පූරිතො, ‘මා තෙ මුණ්ඩකා සමණකා පානීයං අපංසූ’ති. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ඉඞ්ඝ -පෙ- අපංසූති. තතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද එතම්හා උදපානා පානීයං ආහරා’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා පත්තං ගහෙත්වා යෙන සො උදපානො තෙනුපසඞ්කමි.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත් වැ එක්තරා රුක්මුලක් කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ ම භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, තෙල ළිඳෙන් මට පැන් ගෙනෙව’යි වදාළ සේක. එසේ වදාළ කල්හි, ආනන්ද තෙරණුවෝ ‘වහන්ස, ‘ඒ මුඬු මහණහු පැන් නො බොත් ව’යි කියා ථූන ගම් වැසි බමුණු ගැහැවියන් විසින් ඒ ළිඳ තණකොළිනුත් පිදුරෙනුත් මුවවිට තෙක් ම දැන් පුරවන ලදැ’ යි සැළ කළහ. දෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, … වදාළ සේක. දෙවැනි වර ද අනඳ තෙරණුවෝ … ‘පැන් නොබොත් ව’යි තණකොළිනුත් … පුරවන ලදැ’යි සැළ කළහ. තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ ‘අනඳයෙනි, තෙල ළිඳෙන් මට පැන් ගෙනෙව’යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පාත්‍රය ගෙන ඒ ළිඳ කරා එළැඹියහ.
3. අථ ඛො සො උදපානො ආයස්මන්තෙ ආනන්දෙ උපසඞ්කමන්තෙ සබ්බං තං තිණඤ්ච භුසඤ්ච මුඛතො ඔවමිත්වා අච්ඡස්ස උදකස්ස අනාවිලස්ස විප්පසන්නස්ස යාව මුඛතො පූරිතො විස්සන්දෙන්තො මඤ්ඤෙ අට්ඨාසි. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: අච්ඡරියං වත! භො, අබ්භුතං වත! භො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. අයං හි සො උදපානො මයි උපසඞ්කමන්තෙ සබ්බං තං තිණඤ්ච භුසඤ්ච මුඛතො ඔවමිත්වා අච්ඡස්ස උදකස්ස අනාවිලස්ස විප්පසන්නස්ස යාව මුඛතො පූරිතො විස්සන්දෙන්තො මඤ්ඤෙ අට්ඨාසී ති. පත්තෙන පානීයං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: අච්ඡරියං’ භන්තෙ, අබ්භුතං’ භන්තෙ. තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. අයං හි සො භන්තෙ උදපානො මයි උපසඞ්කමන්තෙ සබ්බං තං තිණඤ්ච භුසඤ්ච මුඛතො ඔවමිත්වා අච්ඡස්ස උදකස්ස අනාවිලස්ස විප්පසන්නස්ස යාව මුඛතො පූරිතො විස්සන්දෙන්තො මඤ්ඤෙ අට්ඨාසි. පිවතු භගවා පානීයං, පිවතු සුගතො පානීයං”ති.
3. එ කල්හි ඒ ළිඳ අනඳ තෙරුන් එළඹෙන විටැ ඒ සියලු තණකොළත් පිදුරුත් මුවවිටින් බැහැර කොට මුවවිට දක්වා ම පිරිසිදු නොකැලඹුණු වෙසෙසින් පෑදුණු දියෙන් පිරුණේ පිටතට දිය නික්මවන්නක්හු මෙන් සිටියේ ය. එකල්හි අනඳ තෙරණුවන්හට ‘පින්වත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති නියාව මහත් අනුභාව ඇති නියාව ආශ්චර්‍ය්‍ය ය. අද්භූත ය! මේ ළිඳ මා එළැඹෙන කල්හි සියලු තණකොළත් පිදුරුත් මුවවිටින් බැහැරැ කොට පියා පිරිසිදු නොකැලඹුණු වෙසෙසින් පහන් වූ දියෙන් මුවවිට දක්වා, පිරුණේ පිටතට දිය නික්මවමින් මෙන් සිටියේ යැ’යි මෙ සිත විය. මෙසේ සිතා පාත්‍රයෙන් පැන් ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ ‘වහන්ස, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය ය. අද්භූත ය. මේ ළිඳ මා එළැඹෙන කල්හි සියලු තණකොළත් පිදුරුත් මුවවිටින් බැහැරැ කොට පියා පිරිසිදු නොකැලැඹුණු වෙසෙසින් පහන් වූ දියෙන් මුවවිට දක්වා පිරුණේ පිටතට දිය නික්මවමින් මෙන් සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක්වා, සුගතයන් වහන්සේ පැන් වළඳන සේක්වා’යි කීහ.
4. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
4. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“කිං කයිරා උදපානෙන ආපා වෙ සබ්බදා සියුං, තණ්හාය මූලතො ඡෙත්වා කිස්ස පරියෙසනං චරෙ”ති.
“හැම කල්හි (හැමතැන ම) දිය ඇත් නම්, ඒ ළිඳෙන් කවර ප්‍රයෝජන ද? තෘෂ්ණා පිපාසාවගේ මුල සිඳ සිටි මා වැන්නෙක් කවරැ හෙයින් දිය සොයා ඇවිදුනේ ද? නො ඇවිදුනේ ම ය.”