උදෙනසුත්තං
7. 10.
7. 10.
උදෙනසුත්තං
උදේන සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන රඤ්ඤො උදෙනස්ස උය්යානගතස්ස අන්තෙපුරං දඩ්ඪං හොති, පඤ්ච ච ඉත්ථිසතානි කාලඞ්කතානි හොන්ති සාමාවතිප්පමුඛානි. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කොසම්බිං පිණ්ඩාය පවිසිංසු. කොසම්බියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ රඤ්ඤො උදෙනස්ස උය්යානගතස්ස අන්තෙපුරං දඩ්ඪං, පඤ්ච ච ඉත්ථිසතානි කාලඞ්කතානි සාමාවතිප්පමුඛානි. තාසං භන්තෙ, උපාසිකානං කා ගති, කො අභිසම්පරායො’ති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි උදයන රජහු උයන් යාදී ඇතොවුර ගින්නෙන් දැවී ගියේ වෙයි. සාමාවතී දේවිය ප්රමුඛ කොටැති පන්සියක් ස්ත්‍රීහු කලුරිය කළාහු වෙත්. එ කල්හි බොහෝ භික්ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කොසොඹෑ පුරයට පිඬු පිණිස පිවිසියහ. කොසොඹෑ පුර පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, එක් පසෙකැ හුන්හ. එක් පසෙක හුන්නාවූ ම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි උදේන රජු උයන් යාදී ඇතොවුර දා ගියේ ය. සාමාවති ප්රමුඛ පන්සියක් ස්ත්‍රීහු කලුරිය කළාහු වෙති යි සැළ කොට ‘වහන්ස, ඒ උවැසියන්ගේ මරණින් පසු ගතිය කවර යැ? පරලොව කවර යැ?’යි විචාළහ.
2. සන්තෙත්ථ භික්ඛවෙ, උපාසිකායො සොතාපන්නා, සන්ති සකදාගාමිනියො, සන්ති අනාගාමිනියො, සබ්බා තා භික්ඛවෙ උපාසිකායො අනිප්ඵලා කාලඞ්කතා’ති.
2. “මහණෙනි, ඔවුන් අතුරෙහි සෝවාන් උවැසියෝ ඇත. සෙදැගැමි උවැසියෝ ඇත. අනැගැමි උවැසියෝ ඇත. මහණෙනි, ඒ සියලු උවැසියෝ පැමිණි ශ්‍රාමණ්‍යඵල ඇත්තාහු ම එහෙයින් නිෂ්ඵල නො වැ කලුරිය කළහ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ:
“මොහසම්බන්ධනො ලොකො භබ්බරූපො’ව දිස්සති, උපධිසම්බන්ධනො බාලො තමසා පරිවාරිතො, සස්සති විය ඛායති පස්සතො නත්ථි කිඤ්චනං”ති.
“මෝහය හා එකට බැඳුණු සත්ත්වලෝකය හේතු සම්පන්නයක්හු මෙන් දක්නා ලැබේ. උපධීන් හා බැඳුණු අඥාන තෙම අවිදු අඳුරින් පිරිවැරුණේ සදාභාවී මෙන් සලකයි. සංස්කාරයන් අනිත්‍යාදීන් බලන්නහුට (රාගාදි) කිඤ්චනයෙක් නැත.”
චුල්ලවග්ගො සත්තමො.
සත්වන සුළුවගයි.
තස්සුද්දානං:
එහි උද්දානය:
“දුවෙ භද්දියා දුවෙ ච සත්තා ලකුණ්ටකො තණ්හාක්ඛයො, පපඤ්චඛයො ච කච්චානො උදපානඤ්ච උදෙනො”ති.
භද්දිය සූත්‍ර දෙක ද, සක්තසූත්ර දෙක ද, ලකුණ්ටකභද්දිය සූත්‍රය ද, තණ්හාක්ඛය සූත්‍රය ද, පපඤ්චක්ඛය සූත්‍රයද, කච්චාන සූත්‍රය ද, උදපාන සූත්‍රය ද, උදේන සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.