චුන්දසුත්තං
8. 5.
8. 5.
චුන්දසුත්තං
චුන්ද සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා මල්ලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන පාවා තදවසරි. තත්ර සුදං භගවා පාවායං විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනෙ.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරි සරා වඩනා සේක්, පාවා නුවරට පැමිණ වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාවා නුවරැ චුන්ද කාර්‍මාර පුත්‍රයාගේ අඹවනයෙහි වැඩ වසන සේක.
2. අස්සොසි ඛො චුන්දො කම්මාරපුත්තො: භගවා කිර මල්ලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පාවං අනුප්පත්තො පාවායං විහරති මය්හං අම්බවනෙ’ති. අථ ඛො චුන්දො කම්මාරපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි.
2. “භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සමූහයක් හා මල්ල රටැ සැරි සරන සේක්, පාවා නුවරට වැඩි සේක්, පාවානුවර සමීපයේ වූ මාගේ අඹවෙනෙහි වැඩ වසන සේක් ලු”යි චුන්ද කාර්‍මාරපුත්‍ර ඇසී ය. ඉක්බිති චුන්ද කාර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් චුන්දකාර්මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කුසල් දහම් දැක් වූ සේක, එය මොනොවට ගැන්වූ සේක, එහි උත්සාහවත් කළ සේක, එහි තුටුපහටු කළ සේක.
3. අථ ඛො චුන්දො කම්මාරපුත්තො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවන්තං එතදවොච: ‘අධිවාසෙතු මෙ භන්තෙ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
3. එ කල්හි චුන්‍දකාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් කුසල් දහම් දක්වන ලද්දේ, මොනොවට ගන්වන ලද්දේ, උත්සාහවත් කරන ලද්දේ, තුටුපහටු කරන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා හා සෙට මාගේ බත ඉවසන සේක් වා”යි කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක. ඉක්බිති චුන්ද කාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගී සිට, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, පැදකුණු කොට, නික්මැ ගියේ ය.
4. අථ ඛො චුන්දො කම්මාරපුත්තො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා පහූතඤ්ච සූකරමද්දවං, භගවතො කාලං ආරොචාපෙසි: කාලො භන්තෙ, නිට්ඨිතං භත්තන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන චුන්දස්ස කම්මාරපුත්තස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තෙසි: යං තෙ චුන්ද, සූකරමද්දවං පටියත්තං, තෙන මං පරිවිස. යං පනඤ්ඤං ඛාදනීයං භොජනීයං පටියත්තං, තෙන භික්ඛුසඞ්ඝං පරිවිසාති.
4. ඉක්බිත්තෙන් චුන්‍දකාර්‍මාරපුත්‍ර තෙම එ රැය ඇවෑමෙන් සිය ගෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය ද බොහෝ සූකරමාර්දව ද පිළියෙල කරවා “වහන්ස, කාලය පැමිණියේ ය. බත පිළියෙල කොට නිමියේ යැ”යි කල් දන්වා යැවී ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන, බික්සඟන හා චුන්දකාර්මාර පුත්‍රයාගේ ගෙය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ ම භාග්‍යවතුන් වහන්සේ චුන්ද කාර්‍මාරපුත්‍රයා බණවා, “චුන්දයෙනි, යම් සූකරමාර්දවයෙක් තොප විසින් පිළියෙල කරන ලද ද, එයින් මා වළඳවව. යම් අන් ඛාද්‍ය භොජ්‍යයෙක් පිළියෙල කරන ලද ද එයින් බික්සඟන වළඳවව”යි වදාළ සේක.
5. ‘එවං භන්තෙ’ති ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා යං අහොසි සූකරමද්දවං පටියත්තං, තෙන භගවන්තං පරිවිසි. ‘යං පනඤ්ඤං ඛාදනීයං භොජනීයං පටියත්තං, තෙන භික්ඛුසඞ්ඝං පරිවිසි.
5. ‘එසේය, වහන්සැ’යි කියා චුන්ද කාර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිළියෙල කරන ලද යම් සූකරමාර්දවයෙක් වී නම් එයින් භාග්‍යවතුන් වහන්සේ වැළැඳැවීය. යම් අන් ඛාද්යභෝජ්යයෙක් පිළියෙල කරන ලද නම් එයින් බික්සඟන වැළැඳැවීය.
6. අථ ඛො භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තෙසි: යං තෙ චුන්ද, සූකරමද්දවං අවසිට්ඨං, තං සොබ්භෙ නිඛණාහි. නාහං තං චුන්ද, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යස්ස තං පරිභුත්තං සම්මා පරිණාමං ගච්ඡෙය්ය අඤ්ඤත්ර තථාගතෙනා’ති ‘එවං භන්තෙ’ති ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා යං අහොසි සූකරමද්දවං අවසිට්ඨං, තං සොබ්භෙ නිඛණිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
6. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චුන්දකාර්මාර පුත්‍ර බණවා “චුන්දයෙනි, යම් සූකරමාර්දවයෙක් ඉතිරි ව ඇද්ද, එය වළැ ලවු. චුන්දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහි, මහණබමුණන් සහිත දෙව් මිනිසුන් සහිත සත්ත්වප්රජායෙහි, යමකු විසින් එය වළඳන ලද්දේ මොනොවට දිරීමට යන්නේ නම්, එ වැන්නතු තථාගතයන් හැර මම් නො දකිමි”යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා චුන්ද කාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, යම් ඉතිරි සූකරමාර්දවයෙක් වී එය වළැ ලා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ වැඳ එක් පසෙක හුන්නේ ය. එක් පසෙක හුන්නාවූ චුන්ද කාර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කටයුතු නොකටයුතු දක්වා, කටයුතු දැය මොනොවට සිතට ගන්වා, එහි උත්සාහවත් කොට, සතුටු කොට හුනස්නෙන් නැඟි වැඩිසේක.
7. අථ ඛො භගවතො චුන්දස්ස කම්මාරපුත්තස්ස භත්තං භුත්තාවිස්ස ඛරො ආබාධො උප්පජ්ජි ලොහිතපක්ඛන්දිකා. බාළ්හා වෙදනා වත්තන්ති මාරණන්තිකා. තත්ර සුදං භගවා සතො සම්පජානො අධිවාසෙසි අවිහඤ්ඤමානො.
7. ඉක්බිත්තෙන් චුන්ද කාර්මාරපුත්රයාගේ බත වැළැඳූ භාග්‍යවතුන් වහන්සේට, (එයින් තුන් මසකට පෙර බේළුව ගමෙහි දී උපන් ආබාධය මේ තාක් ම දින පතා සමවත් සමවදිමින් මැඩ පවත්වා යට පත් කරන ලද නුමුත් සිය සිරුරෙන් ම සත්ත්වයනට සංවේගය උපදවන අදහසින් චුන්දයාගේ දානයෙන් පසු එය මතු වන්නට ඉඩ දී සමවත් නො සමවන් බැවින්) ක්‍රෑර වූ ලෝහිතපක්ඛන්දිකා ආබාධය උපන. මරණය ළං කරන තරම් වූ දැඩි දුක් වේදනාවෝ ඇත. එහි දී භාග්‍යවතුන් වහන්සේ එළැඹ සිටි සිහි ඇති සේක්, නුවණින් පිරිසිඳ දන්නාහු, එයින් නො පෙළෙන්නාහු, එය ඉවැසූ සේක.
8. “අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ආයාමානන්ද, යෙන කුසිනාරා තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.
8. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, ‘අනඳ යෙනි, එව, යමු. කුසිනාරාව කරා එළැඹෙන්නෙමු’යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ම ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
“චුන්දස්ස භත්තං භුඤ්ජිත්වා කම්මාරස්සාති මෙ සුතං, ආබාධං සම්ඵුසී ධීරො පබාළ්හං මාරණන්තිකං.
“චුන්ද කාර්මාරයාගේ බත වළඳා ඉක්බිති ධීර වූ භාග්‍යවතුන් වහන්සේ ඉතා දැඩි වූ මරණය ළං කරන තරම් වූ ආබාධයක් ස්පර්ශ කළ සේක.
භුත්තස්ස ච සූකරමද්දවෙන බ්යාධිප්පබාළ්හො උදපාදි සත්ථුනො, විරිච්චමානො භගවා අවොච: ගච්ඡාමහං කුසිනාරං නගරන්ති.”
සූකරමාර්දවය හා (බොජුන්) වැළැඳූ ශාස්තෲන් වහන්සේට ඉතා දැඩි ව්‍යාධියෙක් උපන. භාග්‍යවතුන් වහන්සේ එක්වන් පැවැති ලෝහිතවිරේචනය ඇති සේක්, ‘මම් කුසිනාරා නුවරට යමි’යි වදාළ සේක.”
9. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම යෙන අඤ්ඤතරං රුක්ඛමූලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙහි. කිලන්තො’ස්මි ආනන්ද, නිසීදිස්සාමී”ති. එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, පානීයං ආහර, පිපාසිතො’ස්මි ආනන්ද, පිවිස්සාමී’ති. එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ඉදානි භන්තෙ, පඤ්චමත්තානි සකටසතානි අතික්කන්තානි. තං චක්කච්ඡින්නං උදකං පරිත්තං ලුළිතං ආවිලං සන්දති. අයං භන්තෙ කුකුත්ථා නදී අවිදූරෙ අච්ඡොදකා සාතොදකා සීතොදකා සෙතොදකා සුපතිත්ථා රමණීයා. එත්ථ භගවා පානීයඤ්ච පිවිස්සති ගත්තානි ච සීතී කරිස්සතීති. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, පානීයං ආහර. පිපාසිතො’ස්මි ආනන්ද, පිවිස්සාමී’ති. දුතියම්පි ඛො -පෙ- සිතීං කරිස්සතී’ති. තතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, පානීයං ආහර, පිපාසිතො’ස්මි ආනන්ද, පිවිස්සාමී’ති. එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා පත්තං ගහෙත්වා යෙන සා නදී තෙනුපසඞ්කමි.
9. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මඟින් පහ වැ එක්තරා රුක්මුලක් කරා වැඩි සේක. වැඩ අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි දැන් සඟල සිවුර සතරපටක් කොට පණවවු. ක්ලාන්තයෙමි. හිඳ ගන්නෙමි’යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී සඟල සිවුර සතර පටක් කොට පැනැවූහ. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද එ අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ ම අනඳ තෙරුන් අමතා ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙව. අනඳයෙනි, පවස් ඇත්තෙමි. පැන් බොන්නෙමි’යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි අනඳ තෙරණුවෝ “වහන්ස. දැන් පන්සියක් පමණ ගැල් ඉක්ම ගියේ ය. ඒ ගැල්සකින් සුන් ස්වල්ප වු ජලය බොර වූයේ කැළඹුණේ ගලා යෙයි. වහන්ස, පහන් දිය ඇති, මිහිරි දිය ඇති, සිසිල් දිය ඇති, බොර නො වූ දිය ඇති, මනා කොට ඇති මේ කුකුත්ථා නදිය නොදුරෙහි ගලා යෙයි. භාග්‍යවතුන් වහන්සේ එහි දී පැන් බොන සේක. ගාත්‍ර ද සිසිල් කැරැ ගන්නා සේකැ”යි කීහ. දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා ‘අනඳයෙනි, දැන් තෙපි මට පැන් ගෙනෙව. අනඳයෙනි, පවස් ඇත්තෙමි. පැන් බොන්නෙමි’යි වදාළ සේක. දෙවෙනුව ද අනඳ තෙරණුවෝ, ‘.... සිසිල් කැරැ ගන්නා සේක් ව’යි කීහ. තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙව. පවස් ඇත්තෙමි. පැන් බොන්නෙමි’යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පාත්‍රය ගෙන ඒ නදිය කරා එළැමුණහ.
10. අථ ඛො සා නදී චක්කච්ඡින්නා පරිත්තා ලුළිතා ආවිලා සන්දමානා ආයස්මන්තෙ ආනන්දෙ උපසඞ්කමන්තෙ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දති. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. අයඤ්හි සා නදී චක්කච්ඡින්නා පරිත්තා ලුළිතා ආවිලා සන්දමානා මයි උපසඞ්කමන්තෙ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දතීති. පත්තෙන පානීයං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ, අබ්භුතං, භන්තෙ, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. අයඤ්හි සා භන්තෙ නදී චක්කච්ඡින්නා පරිත්තා ලුළිතා ආවිලා සන්දමානා. මයි උපසඞ්කමන්තෙ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දති. පිවතු භගවා පානීයං. පිවතු සුගතො පානීයන්ති. අථ ඛො භගවා පානීයං අපාසි.
10. එකල්හි ඒ නදිය ගැල්සකින් මැඩුණී, මඳ දිය ඇත්තී බොර වූවා කලැඹුණී ගලා යන්නී, අනඳ තෙරුන් එළැඹෙන කල්හි පැහැදුණු පැහැදුණු දිය ඇති ව වෙසෙසින් පහන්ව, නොකැළඹුණී ගලයි. එ කල්හි අනඳ තෙරුනට “භවත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති බව, මහානුභාව ඇති බව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍ය ය, ඒකාන්තයෙන් අද්භූත ය. ගැල්සකින් බිඳුණු මඳ දිය ඇති, කැළැඹුණු, බොර ව ගලන මේ නදිය වු කලි මා එන කල්හි පහන් වැ වෙසෙසින් පෑදුණු දිය ඇති ව, නො කැළැඹී ගලා යැ’යි මේ සිත විය. ඉක්බිති පාත්‍රයෙන් පැන් ගෙන, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ, “වහන්ස, තථාගතයන්ගේ මහත් ඍද්ධි ඇති බව, මහානුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. වහන්ස, මේ නදිය වනාහි ගැල්සකින් බිඳුණී මඳ දිය ඇත්තී, බොර වූවා, කැළැඹුණී ගැලූය. එය මා එළැඹෙන කල්හි පිරිසිදුව පහන් දිය ඇති ව, කැලැඹුම් නැති ව ගලා යයි. භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක් වා. සුගතයන් වහන්සේ පැන් වළඳන සේක් වා”යි කීහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පැන් වැළඳූ සේක:
11. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන කුකුත්ථා නදී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කුකුත්ථං නදිං අජ්ඣොගාහෙත්වා නහාත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යෙන අම්බවනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං චුන්දකං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං චුන්දක, චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙහි, කිලන්තො’ස්මි චුන්දක, නිපජ්ජිස්සාමී’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා චුන්දකො භගවතො පටිස්සුත්වා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙසි. අථ ඛො භගවා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා ආයස්මා පන චුන්දකො තත්ථෙව භගවතො පුරතො නිසීදි.
11. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුවැ කුකුත්ථා නදිය කරා එළැඹුණු සේක. එළැඹ කුකුත්ථා නදියට බැස නා ද පැන් වළඳා ද නැවැත ගොඩ නැඟ අඹවනය කරා එළැඹි සේක. එළැඹ චුන්දකතෙරුන් බණවා, ‘චුන්දකයෙනි, දැන් මට සඟල සිවුර සතර පටක් කොට පණවව. චුන්දකයෙනි, ක්ලාන්තයෙමි. වැද හෙන්නෙමි’යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා චුන්දක තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, සඟළ සිවුර සතරපටක් කොට පැණැවූහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ දකුණු පයෙහි වම්පය මඳක් හයා තබා සතියෙන් සම්පජඤ්ඤයෙන් යුක්ත වැ නැගිටීමෙහි සංඥාව සිත්හි කොට දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක. චුන්දක තෙරණුවෝ වනාහි එහි ම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි වැඩ හුන්හ.
“ගන්ත්වාන බුද්ධො නදිකං කුකුත්ථං අච්ඡොදකං සාතොදකං විප්පසන්නං. ඔගාහි සත්ථා සුකිලන්තරූපො තථාගතො අප්පටිමො’ධ ලොකෙ.
“මෙ ලොවැ අප්‍රතිසම ශාස්තෘ වූ තථාගත බුදුරජහු ඉතා ක්ලාන්ත ස්වභාව ඇත්තාහු පිරිසිදු මිහිරි දිය ඇති වෙසෙසින් පහන් වූ කුකුත්ථා නදියට බටහ.
නහාත්වා ච පීත්වා චුදතාරි සත්ථා පුරක්ඛතො භික්ඛුගණස්ස මජ්ඣෙ, සත්ථා පවත්තා භගවා‘ධ ධම්මෙ උපාගමි අම්බවනං මහෙසි.
ශාස්තෘහු ස්නානය ද කොට පැන් ද වළඳා ගොඩ නැංගහ. මෙ ශාසනධර්මයේ ප්‍රවක්තෘ වූ ශාස්තෘ වූ මහර්ෂී වූ භාග්‍යවත්හු භික්ෂුගණයා මැද පුරොගාමී වූවාහි අඹවනයට එළැඹියහ.
ආමන්තයි චුන්දකං නාම භික්ඛුං චතුග්ගුණං පත්ථර මෙ නිපජ්ජං, සො චොදිතො භාවිතත්තෙන චුන්දො චතුග්ගුණං පන්ථරි ඛිප්පමෙව.
චුන්දක නම් භික්ෂුහු අමතා ‘මා සඟළසිවුර සැතැපෙන්නට සුදුසු කොට සතර පටක් කොට එළව’යි වදාළහ. භාවිතාත්ම වූ බුදුරජුන් විසින් මෙහෙයන ලද චුන්දක මහණ තෙම මහා ම එය සතර පටක් කොට පැනැවී ය.
නිපජ්ජි සත්ථා සුකිලන්තරූපො චුන්දොපි තත්ථ පමුඛෙ නිසීදී”ති.
ශාස්තෘහු ඉතා ක්ලාන්ත ස්වභාව ඇත්තාහු එහි වැද හොත්හ. චුන්දක තෙරත් ඉදිරියෙහි හුන්නේ ය.”
12. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “සියා ඛො පනානන්ද, චුන්දස්ස කම්මාරපුත්තස්ස කොචි විප්පටිසාරං උපදහෙය්ය: තස්ස තෙ ආවුසො චුන්ද, අලාභා, තස්ස තෙ ආවුසො චුන්ද, දුල්ලද්ධං, යස්ස තෙ තථාගතො පච්ඡිමං පිණ්ඩපාතං භුඤ්ජිත්වා පරිනිබ්බුතො’ති. චුන්දස්ස ආනන්ද, කම්මාරපුත්තස්ස එවං විප්පටිසාරො පටිවිනොදෙතබ්බො: තස්ස තෙ ආවුසො චුන්ද, ලාභා, තස්ස තෙ ආවුසො චුන්ද සුලද්ධං, යස්ස තෙ තථාගතො පච්ඡිමං පිණ්ඩපාතං භුඤ්ජිත්වා පරිනිබ්බුතො. සම්මුඛා මෙතං ආවුසො චුන්ද භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං. ද්වෙ’මෙ පිණ්ඩපාතා සමසමඵලා සමසමවිපාකා, අතිවිය අඤ්ඤෙහි පිණ්ඩපාතෙහි මහප්ඵලතරා ච මහානිසංසතරා ච. කතමෙ ද්වෙ? යඤ්ච පිණ්ඩපාතං භුඤ්ජිත්වා තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච පිණ්ඩපාතං භුඤ්ජිත්වා තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, ඉමෙ ද්වෙ පිණ්ඩපාතා සමසමඵලා සමසමවිපාකා අතිවිය අඤ්ඤෙහි පිණ්ඩපාතෙහි මහප්ඵලතරා ච මහානිසංසතරා ච. ආයුසංවත්තනිකං ආයස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, වණ්ණසංවත්තනිකං ආයස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, සුඛසංවත්තනිකං ආයස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, යසසංවත්තනිකං ආයස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, සග්ගසංවත්තනිකං ආයස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, ආධිපතෙය්යසංවත්තනිකං ආයස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතන්ති. චුන්දස්ස ආනන්ද, කම්මාරපුත්තස්ස එවං විප්පටිසාරො පටිවිනොදෙතබ්බො”ති.
12. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා මෙසේ වදාළ සේක: “අනඳයෙනි, චුන්ද කාර්මාරපුත්රයාහට ‘ඇවැත් චුන්දය, තථාගත තෙම යමක්හුගේ අන්තිම පිණ්ඩපාතය වළඳා පිරිනිවියේ ද, ඒ තට අලාභ ය. ඒ තා විසින් මිනිසත් බව නොයහපත් කොට ලබන ලද්දෙකැ’යි කිසිවෙක් විපිළිසරක් උපදවන්නේ ය යන්න වියැ හැක්ක. අනඳයෙනි, චුන්ද කාර්‍මාර පුත්‍රයාගේ විපිළිසර මෙසේ දුරු කටයුතු ය: ‘යම් බඳු තාගේ පශ්චිම පිණ්ඩපාතය වළඳා තථාගත තෙම පිරිනිවියේ ද ඒ තට ලාභ ය, ඒ තා විසින් මිනිසත් බව මොනොවට ලබන ලද්දේ ය. අන් පිණ්ඩපාතයනට වඩා මහත්පල ඇති, වඩා මහත් අනුසස් ඇති, හැම අයුරින් සම පල ඇති, සම විපාක ඇති මේ පිණඩපාතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක් ද යත්: යම් පිණ්ඩපාතයක් වළඳා තථාගත තෙම නිරුත්තර සම්‍යක්සම්බෝධියට පැමිණේ ද, යම් පිණ්ඩපාතයක් වළඳා තථාගත තෙම නිරුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවේ ද, මේ පිණ්ඩපාත දෙක අන් පිණ්ඩපාතයනට වඩා මහත්පල ඇත්තාහුත් වඩා මහත් විපාක ඇත්තාහුත් වෙත්. ආයුෂ්මත් චුන්ද කාර්‍මාරපුත්‍රයා විසින් දීර්ඝායුෂ පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍දකාර්‍මාරපුත්‍රයා විසින් වර්ණය පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්ද කාර්‍මාරපුත්‍රයා විසින් වර්ණය පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍දකාර්‍මාරපුත්‍රයා විසින් සුවය පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍දකාර්‍මාරපුත්‍රයා විසින් ස්වර්ගය පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍දකාර්‍මාරපුත්‍රයා විසින් අධිපති බව පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ යැ’යි. ඇවැත් චුන්දය, භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ම මා විසින් මෙය අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි ම මෙය මා විසින් පිළිගන්නා ලදැ’යි කියා මෙසේ චුන්දකාර්මාරපුත්රයාගේ විපිළිසර දුරු කට යුතු”යනු යි.
13. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
13. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වෙරං න චීයති, කුසලො ච ජහාති පාපකං රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො”ති.
“දෙන්නහුට පින් වැඩේ. සිල්රක්නහුට වෙර නො පවතී. නුවණැත්තේ පව් දුරැ ලයි. හේ මෙසේ (පව් දුරැ ලා, රා දොස් මෝ මුල් උදුරාලීමෙන් කෙලෙස් පිරිනිවනින් එයට පසු කඳපිරිනිවනින් ද) පිරිනිවියෙක් වේ.”