දොසසුත්තං
1. 1. 2.
1. 1. 2.
දොසසුත්තං.
දොස සූත්‍රය
වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ම ය. මා විසින් මෙසේ අසන ලදී:
1. එකධම්මං භික්ඛවෙ පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම්මං? දොසං භික්ඛවෙ එකධම්මං පජහථ අහං වො පාටිභොගො අනාගාමිතායා’ති.
1. මහණෙනි, එක් සංක්ලේශධර්මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්මයක් ද? යත්: මහණෙනි, ද්වේෂ නම් වූ එක ම සංක්ලේශධර්මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:-
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යෙන දොසෙන දුට්ඨා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං, තං දොසං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො, පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
2. “යම් ද්වේෂයකින් දූෂිත වූ සත්ත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනා ඥානයෙන් බලන්නාහු ඒ ද්වේෂය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ද්වේෂය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
අයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
මේ අර්ත්ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදි.