යෙදුමෙන් කියවන්න

මොහසුත‍්තං

1. 1. 3.

1. 1. 3.

මොහසුත‍්තං

මෝහ සූත්‍රය

වුත‍්තං හෙතං භගවතා වුත‍්ත මරහතා’ති මෙ සුතං.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:

1. එකධම‍්මං භික‍්ඛවෙ පජහථ අහං වො පාටිභොගො අනාගාමිතාය. කතමං එකධම‍්මං?

1. මහණෙනි, එක් සංක්ලේශධර්‍මයක් පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. කවර එක් ධර්‍මයක් ද යත්:

මොහං භික‍්ඛවෙ එකධම‍්මං පජහථ අහං වො පාටිභොගො අනාගාමිතායා’ති. එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:-

මහණෙනි, මෝහ නම් වූ එක ම සංක්ලේශ ධර්‍මය පහ කරවු. මම තොපට අනාගාමිභාවය පිණිස ඇප වෙමි. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “යෙන මොහෙන මූළ‍්හා සෙ සත‍්තා ගච‍්ඡන‍්ති දුග‍්ගතිං, තං මොහං සම‍්මදඤ‍්ඤාය පජහන‍්ති විපස‍්සිනො, පහාය න පුනායන‍්ති ඉමං ලොකං කුදාචන”න‍්ති.

2. “යම් මොහයෙකින් මුළා වු සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ මෝහය සම්‍යක්ප්‍රඥායෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මෝහය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා ඉති මෙ සුතන‍්ති.

මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.