යෙදුමෙන් කියවන්න

ලොභපරිඤ‍්ඤාසුත‍්තං

1. 1. 9.

1. 1. 9.

[ලොභපරිඤ‍්ඤාසුත‍්තං]

[ලෝභපරිඤ්ඤා සූත්‍රය]

9. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

9. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:

1. ලොභං භික‍්ඛවෙ අනභිජානං අපරිජානං තත්‍ථ චිත‍්තං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. ලොභං ච ඛො භික‍්ඛවෙ අභිජානං පරිජානං තත්‍ථ චිත‍්තං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයායා’ති.

1. මහණෙනි, ලෝභය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිතැ ඇල්ම නොහරින්නේ, කෙලෙස් දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, එහෙත් ලෝභය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරණුයේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගනුයේ, එහි සිත නො රඳනුයේ, කෙලෙස් පහ කරණුයේ, දුක් කෙළවර කිරීමට සමත් වේ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:

2. “යෙන ලොභෙන ලුද‍්ධා සෙ සත‍්තා ගච‍්ඡන‍්ති දුග‍්ගතිං තං ලොභං සම‍්මදඤ‍්ඤාය පජහන‍්ති විපස‍්සිනො පහාය න පුනායන‍්ති ඉමං ලොකං කුදාචන”න‍්ති.

2. “යම් ලෝභයෙකින් ලුබ්ධ වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, විදර්‍ශනා ඥානයෙන් බලන්නාහු ඒ ලෝභය සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහකෙරෙත්. ලෝභය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නොඑත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා ඉති මෙ සුතන‍්ති.

මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. එය මෙසේ මා විසින් අසන ලදි.