යෙදුමෙන් කියවන්න

මානපරිඤ‍්ඤාසුත‍්තං

1. 1. 8.

1. 1. 8.

[මානපරිඤ‍්ඤාසුත‍්තං]

[මානපරිඤ්ඤා සූත්‍රය]

8. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

8. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:

1. මානං භික‍්ඛවෙ අනභිජානං අපරිජානං තත්‍ථ චිත‍්තං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. මානං ච ඛො භික‍්ඛවෙ අභිජානං පරිජානං තත්‍ථ චිත‍්තං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයායා’ති.

1. මහණෙනි, මානය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත ඇල්ම නො හරින්නේ, කෙලෙස් නොදුර ලන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, මානය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍වප්‍රකාරයෙන් දැන ගන්නේ, එහි සිත නො අලවන්නේ, කෙලෙස් දුරැලන්නේ, දුක් කෙළවර කිරීමට සමත් වේ. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:

2. “මානුපෙතා අයං පජා මානගන්‍ථා භවෙ රතා මානං අපරිජානන‍්තා ආගන‍්තාරො පුනබ‍්භවං යෙ ච මානං පහත්‍වාන, විමුත‍්තා මානසඞ‍්ඛයෙ. තෙ මානගන්‍ථාභිභුනො සබ‍්බදුක‍්ඛමුපච‍්චගු”න‍්ති.

2. “මේ සත්ත්‍වයෝ මානයෙන් යුක්ත වූවෝ මානයෙන් ගෙතුනෝ, භවයෙහි ඇලුනාහු ය. මානය (ත්‍රිවිධ පරිඥාවන්ගෙන්) පිරිසිඳ නොදන්නාහු පුනර්‍භවයට පැමිණෙත්. යම් කෙනෙක් මානය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහාණය කොට අර්‍හත් ඵලයෙහි පිහිටා (මානය සමග පවත්නාවූ සියලු කෙලෙසුන් කෙරෙන්) මිදුනාහු වෙද්ද, අභිභවනය කළ මානග්‍රන්‍ථ ඇති ඒ රහත්හු සියලු දුක් ඉක්මියහ.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.

මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.