යෙදුමෙන් කියවන්න

සබ‍්බපරිඤ‍්ඤාසුත‍්තං

1. 1. 7.

1. 1. 7.

[සබ‍්බපරිඤ‍්ඤාසුත‍්තං]

[සබ්බපරිඤ්ඤා සූත්‍රය]

7. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

7. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:

1. සබ‍්බ, භික‍්ඛවෙ අනභිජානං අපරිජානං තත්‍ථ චිත‍්තං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය. සබ‍්බඤ‍්ච ඛො භික‍්ඛවෙ අභිජානං පරිජානං තත්‍ථ චිත‍්තං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයායා’ති.

1. මහණෙනි, දත යුතු සියල්ල විශිෂ්ට ඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත නො ම නො අලවන්නේ, කෙලෙස් දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් නොවේ. මහණෙනි, දත යුතු සියල්ල විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්‍ව ප්‍රකාරයෙන් දැන ගන්නේ, එහි සිත නොඅලවන්නේ, කෙලෙස් දුරු කරන්නේ, දුක් කෙළවර කිරීමට සමත් වේ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ:

2. “යො සබ‍්බං සබ‍්බතො ඤත්‍වා සබ‍්බත්‍ථෙසු න රජ‍්ජති, ස වෙ සබ‍්බං පරිඤ‍්ඤාය සො සබ‍්බදුක‍්ඛමුපච‍්චගා”ති.

2. “යම් යෝගාවචරයෙක් තෙමේ දත යුතු සියල්ල සර්‍වප්‍රකාරයෙන් දැන සියලු සත්කායධර්‍මයන්හි නො ඇලේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් සියල්ල දැන ගැණීමෙන් සියලු සසර දුක් ඉක්මවන්නේ ය.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.

මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.