දොසපරිඤ්ඤාසුත්තං
1. 1. 10.
1. 1. 10.
[දොසපරිඤ්ඤාසුත්තං]
[දෝසපරිඤ්ඤා සූත්‍රය]
10. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
10. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. දොසං භික්ඛවෙ අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. දොසඤ්ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායාති.
1. මහණෙනි, ද්වේෂය විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරණුයේ, සර්ව ප්‍රකාරයෙන් දැන නොගනුයේ, එහි සිත ඇල්ම නො හරිණුයේ, කෙලෙස් දුරු නො කරනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. එහෙත් මහණෙනි, ද්වේෂය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරනුයේ, සර්වප්රකාරයෙන් දැන ගනුයේ, එහි සිත නොරඳවනුයේ, එහි ඇල්ම දුරැ ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථා වශයෙන් ) මෙසේ කියනු ලැබේ.
2. “යෙන දොසෙන දුට්ඨා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං දොසං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
2. “යම් ද්වේෂයෙකින් ද්විෂ්ට වූ සත්ත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනා ඥානයෙන් බලන්නාහු ඒ ද්වේෂය සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ද්වේෂය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.
[පාටිභොගවග්ගො පඨමො.]
[පළමුවන පාටිභෝග වර්ගය නිමි.]
තස්සුද්දානං:
එහි උද්දානය:
රාගදොසා අථ මොහො කොධමක්ඛා මානං සබ්බං මානතො ලොභදොසා පුන පකාසිතා වග්ගමාහු පඨමන්ති.
රාග, දෝස, මෝහ, කෝධ, මක්ඛ. මාන, සබ්බ, නැවතත් මාන, ලෝභ, දෝස ද යන මොහු ප්‍රකාශිත ය හ. වර්ගය ප්‍රථම ය යි කීහු.