මොහපරිඤ්ඤා සුත්තං
1. 2. 1.
1. 2. 1.
[මොහපරිඤ්ඤා සුත්තං]
[මෝහපරිඤ්ඤා සූත්‍රය]
11. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
11. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. මොහං භික්ඛවෙ අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. මොහඤ්ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’ති.
1. මහණෙනි, මෝහය විශිෂ්ටඥානයෙන් අවබෝධ නොකරන්නේ, සර්ව ප්‍රකාරයෙන් දැන නො ගන්නේ, එහි සිත රඳවනුයේ, එය නො දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් මෝහය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්වප්රකාරයෙන් දැනැගන්නේ, එහි සිත නො අලවන්නේ, එය දුර ලන්නේ දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
එතමත්ථං භගවා අවොච තත්ථෙතං ඉති වුච්චති:
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “යෙන මොහෙන මූළ්හා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං. තං මොහං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
2. “යම් මෝහයෙකින් මුළා වූ සත්ත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනාඥානයෙන් බලන්නාහු ඒ මෝහය සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මෝහය පහ කළාවූ කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. එය මෙසේ මා විසින් අසන ලදි.