කොධපරිඤ්ඤා සුත්තං
1. 2. 2.
1. 2. 2.
[කොධපරිඤ්ඤා සුත්තං]
[කෝධපරිඤ්ඤා සූත්‍රය]
12. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
12. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය හෙළි කොට වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. කොධං භික්ඛවෙ අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. කොධඤ්ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’ති.
1. “මහණෙනි, ක්‍රෝධය විශිෂ්ටඥානයෙන් අවබෝධ නොකරණුයේ, සර්වප්රකාරයෙන් දැන නොගනුයේ, එහි සිත අලවනුයේ, එය නො දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් කෝධය විශිෂ්ටඥානයෙන් අවබෝධ කරනුයේ, සර්වප්රකාරයෙන් දැන ගනුයේ එහි සිත නො අලවනුයේ, එය දුර ලනුයේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. ඒ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “යෙන කොධෙන කුද්ධා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං කොධං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො. පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
2. “යම් ක්‍රෝධයෙකින් ක්‍රැද්ධ වූ සත්ත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනාඥානයෙන් බලන්නාහු ඒ ක්‍රෝධය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. ක්‍රෝධය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මේ අර්ත්ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.