දුතියවග්ගො අට්ඨකථා
දෙවන වර්ගය
1-3. මොහපරිඤ්ඤා සුත්තාදිවණ්ණනා
1-3. මොහපරිඤ්ඤා ආදි සූත්‍ර වර්ණනා
දුතියවග්ගෙපි පඨමාදීනි තීණි සුත්තානි වුත්තනයානෙව, තථා දෙසනාකාරණම්පි වුත්තමෙව.
දෙවන වර්ගයෙහි ද පළමු ආදී සූත්‍ර තුන කියන ලද ආකාරයෙන්මය. එසේම දේශනාවට කාරණය ද කියන ලද්දේම ය.
4. අවිජ්ජානීවරණ සුත්තවණ්ණනා
4. අවිජ්ජානීවරණ සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ – “නාහං, භික්ඛවෙ”තිආදීසු න-කාරො පටිසෙධත්ථො. අහන්ති භගවා අත්තානං නිද්දිසති. අඤ්ඤන්ති ඉදානි වත්තබ්බඅවිජ්ජානීවරණතො අඤ්ඤං. එකනීවරණම්පීති එකනීවරණධම්මම්පි. සමනුපස්සාමීති ද්වෙ සමනුපස්සනා – දිට්ඨිසමනුපස්සනා ච ඤාණසමනුපස්සනා ච. තත්ථ “රූපං අත්තතො සමනුපස්සතී”තිආදිනා (අ· නි· 4.200; පටි· ම· 1.130) ආගතා අයං දිට්ඨිසමනුපස්සනා නාම. “අනිච්චතො සමනුපස්සති, නො නිච්චතො”තිආදිනා (පටි· ම· 3.35) පන ආගතා අයං ඤාණසමනුපස්සනා නාම. ඉධාපි ඤාණසමනුපස්සනාව අධිප්පෙතා. “සමනුපස්සාමී”ති ච පදස්ස න-කාරෙන සම්බන්ධො. ඉදං වුත්තං හොති – “අහං, භික්ඛවෙ, සබ්බඤ්ඤුතඤ්ඤාණසඞ්ඛාතෙන සමන්තචක්ඛුනා සබ්බධම්මෙ හත්ථාමලකං විය ඔලොකෙන්තොපි අඤ්ඤං එකනීවරණම්පි න සමනුපස්සාමී”ති.
සිවුවැනි සූත්‍රයෙහි නාහං භික්ඛවෙ යනාදියෙහි ‘න’ කාරය ප්‍රතික්ෂේප කිරීම් අර්ථ ඇත්තේය. ‘අහං’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ පෙන්වති. අඤ්ඤං යනු දැන් කිවයුතු අවිද්‍යා නීවරණයෙන් අනිකක්. එකනීවරණම්පි යනු එක් නීවරණ ධර්මයකුත්. සමනුපස්සාමි යනු දිට්ඨි සමනුපස්සනාව ද ඤාණ සමනුපස්සනාවදැයි සමනුපස්සනා දෙකකි. එහි ‘රූපං අත්තතො සමනුපස්සති’ ‘රූපය ආත්ම වශයෙන් දකියි’ යනාදී වශයෙන් පැමිණි මෙය දිට්ඨි සමනුපස්සනා නම් වේ. ‘අනිච්චතො සමනුපස්සති නො නිච්චතො’ ‘අනිත්‍ය වශයෙන් දකියි. නිත්‍ය වශයෙන් නොදකියි’ යනාදී වශයෙන් පැමිණි මෙය ඤාණ සමනුපස්සනා නම් වේ. මෙහිදී ද ඤාණ සමනුපස්සනාව ම අදහස් කරන ලදී. ‘සමනුපස්සාමි’ යන පදය න කාරයෙන් සම්බන්ධ වෙයි. ‘මහණෙනි, සර්වඥතා ඥාන සංඛ්‍යාත සමන්ත චක්ෂුවෙන් (සමතැසින්) සියලු ධර්මයන් අතෙහි වූ නෙල්ලි ගෙඩියක් බලන්නාක් මෙන් බලමින් අන් එක නීවරණයකුදු නො දකිමි’ යන මෙය කියන ලද්දේ වෙයි.
යෙන නීවරණෙන නිවුතා පජා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්තීති යෙන නීවරණකසභාවත්තා නීවරණෙන ධම්මසභාවං ජානිතුං පස්සිතුං පටිවිජ්ඣිතුං අදත්වා ඡාදෙත්වා පරියොනන්ධිත්වා ඨානෙන අන්ධකාරෙන නිවුතා සත්තා අනාදිමතසංසාරෙ අපරිමාණෙ කප්පෙ මහන්තෙසු චෙව ඛුද්දකෙසු ච භවාදීසු අපරාපරුප්පත්තිවසෙන සබ්බතො ධාවන්ති චෙව සංසරන්ති, ච. ආරම්මණන්තරසඞ්කමනවසෙන වා සන්ධාවනං, භවන්තරසඞ්කමනවසෙන සංසරණං. කිලෙසානං බලවභාවෙන වා සන්ධාවනං, දුබ්බලභාවෙන සංසරණං. ඛණිකමරණවසෙන වා එකජාතියං සන්ධාවනං, වොහාරමරණවසෙන අනෙකාසු ජාතීසු සංසරණං. චිත්තවසෙන වා සන්ධාවනං, “චිත්තමස්ස විධාවතී”ති හි වුත්තං, කම්මවසෙන සංසරණං. එවං සන්ධාවනසංසරණානං විසෙසො වෙදිතබ්බො.
යෙන නීවරණෙන නිවුතා පජා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්ති යනු නීවරණක ස්වභාවය ඇති යම් නීවරණයකින් ධර්ම ස්වභාවය දැනගන්නට, දැකගන්නට, අවබෝධ කරගන්නට නොදී වසාගෙන හාත්පසින් වසාගෙන සිටීමෙන් අන්ධකාරයෙන් වසන ලද සත්ත්වයෝ මුලක් නැති සසරෙහි අප්‍රමාණ කල්පයෙහි මහත් වූද කුඩා වූද භවවල භවයෙන් භවයෙහි උප්පත්ති වශයෙන් සියලු ආකාරයෙන් දිවීමද කරති, හැසිරීමද කරති. අරමුණු අතර ගමන් කිරීම් වශයෙන් පැවැත්ම හෝ සන්ධාවනයයි. භවයෙන් භවය ගමන්කිරීම් වශයෙන් පැවැත්ම හෝ සංසරණයයි. කෙලෙසුන්ගේ බලවත් බැවින් සන්ධාවනය වෙයි. දුර්වල බැවින් සංසරණය වෙයි. එක ජාතියක ඇසිල්ලෙන් ඇසිල්ල මැරීම් වශයෙන් සන්ධාවනය වෙයි. නොයෙක් ජාතීන්හි ව්‍යවහාර මරණ වශයෙන් සංසරණය වෙයි. ‘චිත්තමස්ස විධාවති’ ‘ඔහුගේ සිත ඔබමොබ දුවයි’ යනුවෙන් කියන ලද හෙයින් චිත්ත වශයෙන් සන්ධාවනය වෙයි. කර්ම වශයෙන් සංසරණය වෙයි. මෙසේ සන්ධාවන සංසරණ යන පදවල වෙනස දතයුතුය.
යථයිදන්ති යථා ඉදං. ය-කාරො පදසන්ධිකරො, සන්ධිවසෙන රස්සත්තං. අවිජ්ජානීවරණන්ති එත්ථ පූරෙතුං අයුත්තට්ඨෙන කායදුච්චරිතාදි අවින්දියං නාම, අලද්ධබ්බන්ති අත්ථො. තං අවින්දියං වින්දතීති අවිජ්ජා. විපරීතතො කායසුචරිතාදි වින්දියං නාම, තං වින්දියං න වින්දතීති අවිජ්ජා. ඛන්ධානං රාසට්ඨං, ආයතනානං ආයතනට්ඨං, ධාතූනං සුඤ්ඤට්ඨං, ඉන්ද්රියානං ආධිපතෙය්යට්ඨං, සච්චානං තථට්ඨං දුක්ඛාදීනං පීළනාදිවසෙන වුත්තං චතුබ්බිධං අත්ථං අවිදිතං කරොතීතිපි අවිජ්ජා. අන්තවිරහිතෙ සංසාරෙ සත්තෙ ජවාපෙතීති වා අවිජ්ජා, පරමත්ථතො වා අවිජ්ජමානෙසු ඉත්ථිපුරිසාදීසු ජවති පවත්තති, විජ්ජමානෙසු ඛන්ධාදීසු න ජවති, න පවත්තතීති අවිජ්ජා. අපිච චක්ඛුවිඤ්ඤාණාදීනං වත්ථාරම්මණානං පටිච්චසමුප්පාදපටිච්චසමුප්පන්නානඤ්ච ධම්මානං ඡාදනතොපි අවිජ්ජා. අවිජ්ජාව නීවරණන්ති අවිජ්ජානීවරණං.
යථයිදං යනු යථා ඉදං, ය කාරය පද සන්ධි කරන්නාය. සන්ධි වශයෙන් (‘ථා’ හි ඇති ‘ආ’ යන්න) කෙටි බවට පැමිණේ. අවිජ්ජා නීවරණං යනු මෙහි පුරවන්ට නුසුදුසු අර්ථයෙන් කාය දුශ්චරිතාදියය අවින්දිය නම් වේ. නොලැබිය යුතුය යන අර්ථය යි. ඒ නොවිඳියයුක්ත විඳියි යන අර්ථයෙන් අවිද්‍යා නම් වේ. මෙයට විරුද්ධ අර්ථ වශයෙන් කාය සුචරිතාදිය විඳිය යුතු ධර්ම නම් වේ. ඒ විඳිය යුත්ත නො විඳියි යන අර්ථයෙන් අවිද්‍යා නම් වේ. ස්කන්ධයන්ගේ රාශි අර්ථය ආයතනයන්ගේ රැස්කිරීම් අර්ථය, ධාතුන්ගේ හිස් වූ (ශුන්‍ය) අර්ථය, ඉන්ද්රියයන්ගේ අධිපති බව යන අර්ථය, සත්‍යයන්ගේ නොවෙනස් වූ අර්ථය, දුක්ඛාදීන්ගේ පීඩාකිරීම් ආදී වශයෙන් කියන ලද සිවුවැදෑරුම් අර්ථය නො දනියි යන අර්ථයෙන් ද අවිද්‍යා නම් වේ. අගක් නැති සසරෙහි සත්ත්වයන් දුවවයි යන අර්ථයෙන් හෝ අවිද්‍යා නම් වේ. පරමාර්ථ වශයෙන් අවිද්‍යාමාන ස්ත්‍රී පුරුෂ ආදීන් කෙරෙහි දුවයි, පවතියි, විද්‍යමාන ස්කන්‍ධාදීන් කෙරෙහි නො දුවයි, නො පවතියි යන අර්ථයෙන් අවිද්‍යා නම් වේ. තව ද චක්ඛු විඤ්ඤාණාදීන්ගේ ද චක්ඛු ආදි වස්තුවල ද රූපාදී අරමුණුවල ද පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න ධර්මයන්ගේ ද වැසීම කරන හෙයින් අවිද්‍යා නම් වේ. අවිද්යාවම නීවරණය හෙයින් අවිද්‍යා නීවරණ නම් වේ.
අවිජ්ජානීවරණෙන හි, භික්ඛවෙ, නිවුතා පජා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්තීති ඉදං පුරිමස්සෙව දළ්හීකරණත්ථං වුත්තං. පුරිමං වා – “යථයිදං, භික්ඛවෙ, අවිජ්ජානීවරණ”න්ති එවං ඔපම්මදස්සනවසෙන වුත්තං, ඉදං නීවරණානුභාවදස්සනවසෙන. කස්මා පනෙත්ථ අවිජ්ජාව එවං වුත්තා, න අඤ්ඤෙ ධම්මාති? ආදීනවපටිච්ඡාදනෙන කාමච්ඡන්දාදීනං විසෙසප්පච්චයභාවතො. තථා හි තාය පටිච්ඡාදිතාදීනවෙ විසයෙ කාමච්ඡන්දාදයො පවත්තන්ති.
අවිජ්ජා නීවරණෙන හි භික්ඛවෙ නිවුතා පජා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්ති යන මෙය පළමු වැකියේ අර්ථයම දැඩි කිරීම පිණිස කියන ලදී. මුලින් ඇති ‘යථයිදං භික්ඛවෙ අවිජ්ජානීවරණං’ යන්න මෙසේ උපමා දැක්වීම් වශයෙන් වදාරන ලදී. මෙය නීවරණ ආනුභාවය දැක්වීම් වශයෙන් වදාරන ලදී. කුමක් නිසා මෙහිදී අනිත් ධර්ම නො වදාරා අවිද්යාවම වදාරන ලද්දේ ද? ආදීනව (දොස්) වසාදමන හෙයින් කාමච්ඡන්දාදී නීවරණයන්ට විශේෂයෙන් ප්‍රත්‍ය වන (හේතුවන) හෙයිනි. එය එසේමය. ඒ අවිද්‍යාවෙන් වසා දමන ලද දොස් ඇති තැන කාමච්ඡන්දාදිය පවතියි.
නත්ථඤ්ඤොති ආදිකා ගාථා වුත්තස්ස අවුත්තස්ස ච අත්ථස්ස සඞ්ගණ්හනවසෙන භාසිතා. තත්ථ නිවුතාති නිවාරිතා පලිගුණ්ඨිතා, පටිච්ඡාදිතාති අත්ථො. අහොරත්තන්ති දිවා චෙව රත්තිඤ්ච, සබ්බකාලන්ති වුත්තං හොති. යථා මොහෙන ආවුතාති යෙන පකාරෙන අවිජ්ජානීවරණසඞ්ඛාතෙන මොහෙන ආවුතා පටිච්ඡාදිතා සුවිඤ්ඤෙය්යම්පි අජානන්තියො පජා සංසාරෙ සංසරන්ති, තථාරූපො අඤ්ඤො එකධම්මොපි එකනීවරණම්පි නත්ථීති යොජෙතබ්බං.
නත්ථඤ්ඤො යන්න මුල්කොට ඇති ගාථා වදාළ අර්ථයත් නොවදාළ අර්ථයත් එකතුකිරීම් වශයෙන් වදාරන ලදී. එහි නිවුතා යනු වැසුණා වූ, ඔතන ලද්දා වූ සඟවන ලද්දා වූ යන අර්ථය යි. අහොරත්තං යනු දවල් ද රාත්‍රිය ද, සියලු කාලය කියන ලද්දේ වෙයි. යථා මොහෙන ආවුතා යනු යම් ආකාර අවිද්‍යා නීවරණ සංඛ්‍යාත මෝහයෙන් වැසුණු සැඟවුණු මනාව දතහැකි දේ නොදන්නා වූ ප්‍රජාවෝ (සත්ත්වයෝ) සසරෙහි සැරිසරත් ද එබඳු අන් එක් ධර්මයකුදු එක් නීවරණයකුදු නැතැයි යෙදිය යුතුය.
යෙ ච මොහං පහන්ත්වාන, තමොඛන්ධං පදාලයුන්ති යෙ පන අරියසාවකා පුබ්බභාගෙ තදඞ්ගාදිප්පහානවසෙන, හෙට්ඨිමමග්ගෙහි වා තංතංමග්ගවජ්ඣං මොහං පජහිත්වා අග්ගමග්ගෙන වජිරූපමඤාණෙන මොහසඞ්ඛාතමෙව තමොරාසිං පදාලයිංසු, අනවසෙසතො සමුච්ඡින්දිංසු. න තෙ පුන සංසරන්තීති තෙ අරහන්තො –
යෙ ච මොහං පහත්වාන තමොක්ඛන්ධං පදාළයුං යනු යම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා පූර්වභාගයෙහි (සෝවාන් ආදී මාර්ගයට පත්වීමට පෙර අවස්ථාවෙහි) තදංග ආදී ප්‍රහාණ වශයෙන් හෝ පහළම මාර්ගවලින් ඒ ඒ මාර්ගයෙන් දුරුකළ යුතු මෝහය දුරුකොට අග්‍ර මාර්ගයෙන් වජ්‍රයකට උපමාකොට ඇති ඤාණයෙන් මෝහ සංඛ්‍යාත වූ ම අන්ධකාර රාශිය සිඳ දැමුවාහුය. ඉතිරි නොකිරීම් වශයෙන් සහමුළින් සිඳ දැමුවාහුය. න තෙ පුන සංසරන්ති යනු ඒ රහතන් වහන්සේලා -
“ඛන්ධානඤ්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ්බොච්ඡින්නං වත්තමානා, සංසාරොති පවුච්චතී”ති. –
ඛන්ධානං පටිපාටි ධාතු ආයතනාන ච අබ්බොච්ඡින්නං වත්තමානා සංසාරොති පවුච්චති
ස්කන්ධ, ධාතු, ආයතනවල පිළිවෙළ නොසිඳී පැවැත්ම සංසාරයයි කියනු ලැබේ යනුවෙන්
එවං වුත්තෙ ඉමස්මිං සංසාරෙ න සංසරන්ති න පරිබ්භමන්ති. කිං කාරණා? හෙතු තෙසං න විජ්ජති, යස්මා සංසාරස්ස හෙතු මූලකාරණං අවිජ්ජා, සා තෙසං න විජ්ජති, සබ්බසො නත්ථි සමුච්ඡින්නත්තාති.
මෙසේ කියන ලද මේ සසරෙහි නො හැසිරෙත්. පරිභ්‍රමණය නො කරති. කුමක් නිසා ද හෙතු තෙසං න විජ්ජති සංසාරයට හේතුව මූලකාරණය අවිද්‍යාවයි. උන්වහන්සේලා කෙරෙහි ඒ අවිද්‍යාව විද්‍යාමාන නොවේ. සියලු ආකාරයෙන් නැත. සහමුලින් සිඳදමන ලද බැවිනි.
චතුත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
සිවුවන සූත්‍ර වර්ණනාවයි.
5. තණ්හාසංයොජනසුත්තවණ්ණනා
5. තණ්හාසංයොජන සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ යස්ස විජ්ජති, තං පුග්ගලං දුක්ඛෙහි, කම්මං වා විපාකෙහි, භවයොනිගතිවිඤ්ඤාණට්ඨිතිසත්තාවාසෙ වා භවන්තරාදීහි සංයොජෙතීති සංයොජනං. තණ්හායනට්ඨෙන තණ්හා, තසති සයං පරිතසති, තසන්ති වා එතායාති තණ්හා.
පස්වැනි සූත්‍රයෙහි යමෙකුගේ විද්යාමානත්වය වේද ඒ පුද්ගලයා දුක්වලින් කර්මය හෝ විපාකවලින් භවය - යෝනිය - ගතිය විඤ්ඤාණයේ සිටීම - සත්තාවාස හෝ භවයෙන් භවය ආදියෙහි යොදන්නේය යන අර්ථයෙන් සංයෝජන නම් වේ. ආසා කිරීම් අර්ථයෙන් තණ්හා නම් වේ. මෙය කරණකොට තමා ආශාකරයි හෝ ආශාවෙන් පීඩිත වෙයි හෝ ආශා කරති හෝ තණ්හා නම් වේ.
සඤ්ඤුත්තාති චක්ඛාදීසු අභිනිවෙසවත්ථූසු බද්ධා. සෙසං වුත්තනයමෙව. කාමඤ්චෙත්ථ අවිජ්ජායපි සංයොජනභාවො තණ්හාය ච නීවරණභාවො අත්ථියෙව, තථාපි අවිජ්ජාය පටිච්ඡාදිතාදීනවෙහි භවෙහි තණ්හා සත්තෙ සංයොජෙතීති ඉමස්ස විසෙසස්ස දස්සනත්ථං පුරිමසුත්තෙ අවිජ්ජා නීවරණභාවෙන, ඉධ ච තණ්හා සංයොජනභාවෙනෙව වුත්තා. කිඤ්ච නීවරණසංයොජනප්පධානස්ස දස්සනත්ථං. යථා හි නීවරණභාවෙන අවිජ්ජා සංකිලෙසධම්මානං පධානභූතා පුබ්බඞ්ගමා ච, එවං සංයොජනභාවෙන නෙසං තණ්හාති තදධීනප්පධානභාවං දස්සෙතුං සුත්තද්වයෙ එවමෙතෙ ධම්මා වුත්තා. අපිච විසෙසෙන අවිජ්ජා නිබ්බානසුඛං නිවාරෙතීති “නීවරණ”න්ති වුත්තා, තණ්හා සංසාරදුක්ඛෙන සත්තෙ සංයොජෙතීති “සංයොජන”න්ති.
සඤ්ඤුත්තා යනු ඇස ආදී ඇලුම් කටයුතු වස්තුවල බැඳුණු, සෙස්ස කියන ලද ක්‍රමයටම ය. ඒකාන්තයෙන් මෙහි අවිද්‍යාවේ සංයෝජන භාවයද තණ්හාවේ නීවරණභාවය ද ඇත්තේම ය. එහෙත් අවිද්‍යාවෙන් වසන ලද ආදීනව ඇති භවයන්හි තෘෂ්ණාව සත්ත්වයන් යොදවන්නේය යන මේ වෙනස දැක්වීම සඳහා පළමු සූත්‍රයෙහි අවිද්‍යාව නීවරණයක් වශයෙන්ම ද මෙහි තණ්හාව සංයෝජනයක් වශයෙන් ද කියන ලදී. එය ද නීවරණ, සංයෝජනයන්ගේ ප්‍රධාන බව දැක්වීම පිණිසය. යම්සේ නීවරණ වශයෙන් අවිද්‍යාව සංක්ලේශ ධර්මයන්ට ප්‍රධාන වන්නේ ද පූර්වාංගම වන්නේ ද මෙසේ සංයෝජන වශයෙන් ම අවිද්‍යා තණ්හා දෙක අතුරෙන් තව එයට සම්බන්ධ ප්රධානභාවය දක්වන්නට සූත්‍ර දෙකෙහි ඒ ධර්ම මෙසේ කියන ලදී. එහෙත් විශේෂයෙන් අවිද්‍යාව නිවන්දොර ආවරණය කරන හෙයින් නීවරණය යි කියන ලදී. තණ්හාව සසර දුක සමග සත්ත්වයන් යොදන හෙයින් සංයෝජනයයි කියන ලදී.
දස්සනගමනන්තරායකරණතො වා විජ්ජාචරණවිපක්ඛතො ද්වයං ද්විධා වුත්තං. විජ්ජාය හි උජුවිපච්චනීකභූතා අවිජ්ජා නිබ්බානදස්සනස්ස අවිපරීතදස්සනස්ස ච විසෙසතො අන්තරායකරා, චරණධම්මානං උජුවිපච්චනීකභූතා තණ්හා ගමනස්ස සම්මාපටිපත්තියා අන්තරායකරාති; එවමයං අවිජ්ජාය නිවුතො අන්ධීකතො තණ්හාය සංවුතො බද්ධො අස්සුතවා පුථුජ්ජනො අන්ධො විය බද්ධො මහාකන්තාරං, සංසාරකන්තාරං නාතිවත්තති. අනත්ථුප්පත්තිහෙතුද්වයදස්සනත්ථම්පි ද්වයං ද්විධා වුත්තං. අවිජ්ජාගතො හි පුග්ගලො බාලභාවෙන අත්ථං පරිහාපෙති, අනත්ථඤ්ච අත්තනො කරොති, අකුසලො විය ආතුරො අසප්පායකිරියාය. ජානන්තොපි බාලො බාලභාවෙන අත්ථං පරිහාපෙති, අනත්ථඤ්ච කරොති ජානන්තො විය රොගී අසප්පායසෙවී. මක්කටාලෙපොපමසුත්තං චෙතස්ස අත්ථස්ස සාධකං.
සෝවාන් මාර්ගය නම් වූ දර්ශන ගමනට අනතුරු කිරීම් වශයෙන් ද විද්‍යාචරණ ධර්මයන්ට විරුද්ධ හෙයින් ද දෙක දෙකක් කොට කියන ලදී. විද්‍යාවට කෙළින්ම විරුද්ධ වූ අවිද්‍යාව නිවන් දැකීමටත් නොවෙනස් වූ (යථාභූත) දැකීමටත් විශේෂ වශයෙන් අන්තරායකරය. චරණ ධර්මයන්ට කෙළින්ම විරුද්ධ වූ තණ්හාව යහපත් ප්‍රතිපත්තියේ ගමනට අන්තරායකරය. මෙසේ අවිද්‍යාවෙන් වැසුණු, අන්ධ කරන ලද තණ්හාවෙන් වැසුණු බැඳුණු මේ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ අන්ධයකු මෙන් බැඳුනේ මහා කාන්තාරය වූ සංසාර කාන්තාරය නො ඉක්මවයි. අනර්ථය උපදවන හේතු දෙක දැක්වීම පිණිස (අවිද්‍යා-තණ්හා) දෙක දෙයාකාර කොට කියන ලදී. අවිද්‍යාවෙන් යුක්ත වූ පුද්ගලයා මෝඩ බැවින් යහපත පිරිහෙළයි. නුසුදුසු ක්‍රියා කිරීමෙන් අදක්ෂ රෝගියකු මෙන් තමාට අයහපතද කරයි. දන්නා වූ ද බාලයා මෝඩ බැවින් යහපත පිරිහෙළයි. නුසුදුසු දෙය පරිහරණය කරන දන්නා වූ රෝගියකු මෙන් අයහපත ද කරයි. මක්කටාලේපෝපම සූත්‍රය මේ කරුණට සාධකයකි.
පටිච්චසමුප්පාදස්ස මූලකාරණදස්සනත්ථම්පෙත්ථ ද්වයං ද්විධා වුත්තං. විසෙසෙන හි සම්මොහස්ස බලවභාවතො අවිජ්ජාඛෙත්තං අතීතො අද්ධා, පත්ථනාය බලවභාවතො තණ්හාඛෙත්තං අනාගතො අද්ධා. තථා හි බාලජනො සම්මොහබහුලො අතීතමනුසොචති, තස්ස අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති සබ්බං නෙතබ්බං. පත්ථනාබහුලො අනාගතං පජප්පති, තස්ස තණ්හාපච්චයා උපාදානන්තිආදි සබ්බං නෙතබ්බං. තෙනෙව තාසං පුබ්බන්තාහරණෙන අපරන්තපටිසන්ධානෙන චස්ස යථාක්කමං මූලකාරණතා දස්සිතාති වෙදිතබ්බන්ති.
පටිච්ච සමුප්පාදයේ මූලකාරණ දැක්වීම පිණිස ද මෙහි දෙක දෙයාකාර කොට කියන ලදී. විශේෂ වශයෙන් සම්මෝහය බලවත් බැවින් අවිද්‍යා ක්ෂේත්රය අතීත කාලයට ඇතුළත්ය. ප්‍රාර්ථනාව බලවත් බැවින් තෘෂ්ණා ක්ෂේත්රය අනාගත කාලයට ඇතුළත්ය. එය එසේම ය. සමෝහය බහුල වූ බාලයා අතීතය අනුව ශෝක කරයි. මොහුට අවිජ්ජා පච්චයා සංඛාරා යන ආදී සියල්ල පමුණුවා ගතයුතුය. ප්‍රාර්ථනාව බහුල පුද්ගලයා අනාගතයට ආශා කරයි. මොහුට ‘තණ්හාපච්චයා උපාදානං’ යනාදී සියල්ල පමුණුවා ගතයුතුය. මේ කාරණයෙන් ම ඔවුන්ගේ මුල්කෙළවර ගෙන ඒමෙන් ද අග කෙළවර සම්බන්ධ කිරීමෙන් ද පිළිවෙළින් මුල් කාරණය ඇති බව දක්වන ලදැයි දතයුතුය.
ගාථාසු තණ්හාදුතියොති තණ්හාසහායො. තණ්හා හි නිරුදකකන්තාරෙ මරීචිකාය උදකසඤ්ඤා විය පිපාසාභිභූතං අප්පටිකාරදුක්ඛාභිභූතම්පි සත්තං අස්සාදසන්දස්සනවසෙන සහායකිච්චං කරොන්තී භවාදීසු අනිබ්බින්දං කත්වා පරිබ්භමාපෙති, තස්මා තණ්හා පුරිසස්ස “දුතියා”ති වුත්තා. නනු ච අඤ්ඤෙපි කිලෙසාදයො භවාභිනිබ්බත්තියා පච්චයාව? සච්චමෙතං, න පන තථා විසෙසප්පච්චයො යථා තණ්හා. තථා හි සා කුසලෙහි විනා අකුසලෙහි, කාමාවචරාදිකුසලෙහි ච විනා රූපාවචරාදිකුසලෙහි භවනිබ්බත්තියා විසෙසප්පච්චයො, යතො සමුදයසච්චන්ති වුච්චතීති.
ගාථාවල - තණ්හා දුතියො යනු තණ්හා සහායකයා ය. තණ්හාව වනාහි දිය නැති (නිරුදක) කාන්තාරයෙහි මිරිඟුවෙන් ජලය යන සංඥාව උපදවා සතුටු වන්නාක් මෙන් පිපාසයෙන් මැඩුණු, පිළියම් කළ නොහැකි දුකින් මැඩුණු සත්ත්වයාට ආස්වාද දැක්වීම් වශයෙන් සහාය කටයුතු කරමින් භවාදියෙහි කැඩීයාමක් නොකොට ඇවිද්දවයි. එහෙයින් තණ්හා පුරිසස්ස දුතියා = තණ්හාව පුරුෂයාගේ දෙවැන්නිය යි කියන ලදී. අනිත් කෙලෙස් ආදිය භවයෙහි ඉපදීම පිණිස ප්‍රත්‍ය නොවේද? එය ඇත්තයි. එහෙත් තණ්හාව මෙන් විශේෂ ප්‍රත්‍ය නොවේ. එය එසේම ය. ඒ තණ්හාව කුශලයන්ගෙන් තොරව අකුශලයන් සමග ද කාමාචරාදි කුශලයන්ගෙන් තොරව රූපාවචරාදි කුශලයන් සමග ද භවයෙහි ඉපදීම පිණිස විශේෂ ප්‍රත්‍ය වෙයි. යම්හෙයකින් සමුදය සත්‍යය යි කියන ලද ද එහෙයිනි.
ඉත්ථභාවඤ්ඤථාභාවන්ති ඉත්ථභාවො ච අඤ්ඤථාභාවො ච ඉත්ථභාවඤ්ඤථාභාවො. සො එතස්ස අත්ථීති ඉත්ථභාවඤ්ඤථාභාවො සංසාරො, තං තත්ථ ඉත්ථභාවො මනුස්සත්තං, අඤ්ඤථාභාවො තතො අවසිට්ඨසත්තාවාසා. ඉත්ථභාවො වා තෙසං තෙසං සත්තානං පච්චුප්පන්නො අත්තභාවො, අඤ්ඤථාභාවො අනාගතත්තභාවො. එවරූපො වා අඤ්ඤොපි අත්තභාවො ඉත්ථභාවො, න එවරූපො අඤ්ඤථාභාවො. තං ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං ඛන්ධධාතුආයතනපටිපාටිං නාතිවත්තති, න අතික්කමති.
ඉත්ථභාවඤ්ඤථාභාවං යනු ඉත්ථභාවය ද අඤ්ඤථාභාවය ද ඉත්ථභාවඤ්ඤථාභාවය යි. එය මොහුට ඇත්තේ යයි ඉත්ථභාවඤ්ඤථා භාවයයි. එනම් සසරය. එහි ඉත්ථභාවය ඒ මිනිසත් බවයි. එයින් අවශේෂ වූ සත්වාවාස අඤ්ඤථාභාවය යි. ඒ ඒ සත්ත්වයන්ගේ වර්තමාන ආත්මභාවය හෝ ඉත්ථභාවයයි. අනාගත ආත්මභාවය අඤ්ඤථාභාවයයි. මෙබඳු අනිකුත් ආත්මභාවය හෝ ඉත්ථභාවය යි. මෙබඳු නොවූ ආත්මභාවය අඤ්ඤථාභාවයයි. එය ඉත්ථභාව අඤ්ඤථාභාවය යි. සංසාරං යනු ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පිළිවෙළයි. නාති වත්තති යනු නො ඉක්මවයි.
එතමාදීනවං ඤත්වා, තණ්හං දුක්ඛස්ස සම්භවන්ති එතං සකලවට්ටදුක්ඛස්ස සම්භවං සමුදයං තණ්හං ආදීනවං ආදීනවතො ඤත්වාති අත්ථො. අථ වා එතමාදීනවං ඤත්වාති එතං යථාවුත්තං සංසාරනාතිවත්තනං ආදීනවං දොසං ඤත්වා. තණ්හං දුක්ඛස්ස සම්භවන්ති තණ්හඤ්ච වුත්තනයෙන වට්ටදුක්ඛස්ස පධානකාරණන්ති ඤත්වා. වීතතණ්හො අනාදානො, සතො භික්ඛු, පරිබ්බජෙති එවං තීහි පරිඤ්ඤාහි පරිජානන්තො විපස්සනං වඩ්ඪෙත්වා මග්ගපටිපාටියා තණ්හං විගමෙන්තො අග්ගමග්ගෙන සබ්බසො වීතතණ්හො විගතතණ්හො, තතො එව චතූසු උපාදානෙසු කස්සචිපි අභාවෙන ආයතිං පටිසන්ධිසඞ්ඛාතස්ස වා ආදානස්ස අභාවෙන අනාදානො, සතිවෙපුල්ලප්පත්තියා සබ්බත්ථ සතොකාරිතාය සතො භින්නකිලෙසො භික්ඛු පරිබ්බජෙ චරෙය්ය, ඛන්ධපරිනිබ්බානෙන වා සඞ්ඛාරප්පවත්තිතො අපගච්ඡෙය්යාති අත්ථො.
එවමාදීනවං ඤත්වා තණ්හං දුක්ඛස්ස සම්භවං යනු මෙසේ සියලු වට්ට (සංසාර) දුක්ඛයාගේ හටගැන්ම, සමුදය, තණ්හාව, ආදීනවය, ආදීනව වශයෙන් දැනගෙන යන අර්ථය යි. නැතහොත් ‘එතමාදීනවං ඤත්වා’ යන කියන ලද පරිදි සසර නො ඉක්මවන මේ ආදීනවය, දෝෂය දැනගෙන. තණ්හං දුක්ඛස්ස සමභවං යනු තණ්හාව ද කියන ලද ආකාරයෙන් සංසාර දුක්ඛයාගේ ප්‍රධාන කාරණය යි දැනගෙන. වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ යනු මෙසේ පරිඤ්ඤා තුනෙන් දනිමින් විදසුන් වඩා මාර්ග පිළිවෙළින් තණ්හාව දුරුකරමින් අග්‍ර (රහත්) මාර්ගයෙන් සියලු ආකාරයෙන් දුරුකළ තණ්හාව ඇත්තේ පහවූ තණ්හාව ඇත්තේ එහෙයින් ම සතර උපාදාන අතුරෙන් කිසිවකුත් නැති බැවින් මතු ප්රතිසන්ධි සංඛ්‍යාත අල්ලාගැනීම නැති බැවින් අල්ලා ගැනීම් නැත්තේ සිහිය විපුල (මහත්) බවට පැමිණීමෙන් හැමතන්හි සිහි ඇතිව කටයුතු කිරීමෙන් සිහි ඇති, බිඳින ලද කෙලෙස් ඇති භික්ෂුව හැසිරෙන්නේය යන්නේය. ස්කන්ධ පරිනිර්වාණයෙන් සංස්කාරයන්ගේ පැවතීම් වශයෙන් ඉවත් වන්නේය යන අර්ථයි.
පඤ්චමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වන සූත්‍ර වර්ණනාවයි.
6. පඨමසෙඛසුත්තවණ්ණනා
6. පළමු සෙඛ සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ සෙඛස්සාති එත්ථ කෙනට්ඨෙන සෙඛො? සෙක්ඛධම්මපටිලාභතො සෙඛො. වුත්තඤ්හෙතං –
සයවැනි සූත්‍රයෙහි. සෙක්ඛස්ස යනු මෙහි කුමන අර්ථයකින් සෙඛ (සේඛ-ශෛක්ෂ) නම් වේද? ශෛක්ෂ ධර්ම ප්‍රතිලාභයෙන් සේඛ නම් වේ.
“කිත්තාවතා නු ඛො, භන්තෙ, සෙඛො හොතීති? ඉධ, භික්ඛු, සෙඛාය සම්මාදිට්ඨියා සමන්නාගතො හොති…පෙ… සෙඛෙන සම්මාසමාධිනා සමන්නාගතො හොති. එත්තාවතා ඛො, භික්ඛු, සෙඛො හොතී”ති (සං· නි· 5.13).
‘කිත්තාවතානු ඛො භන්තෙ සෙක්ඛො හොතී ති? ඉධ භික්ඛු සෙක්ඛාය සම්මා දිට්ඨියා සමන්නාගතො හොති - සෙක්ඛෙන සම්මා සමාධිනා සමන්නාගතො හොති එත්තාවතා ඛො භික්ඛු සෙක්ඛො හොති’
‘ස්වාමීනි, කොපමණකින් ශෛක්ෂ වේද? මේ ශාසනයෙහි භික්ෂුව සේඛ සම්මා දිට්ඨියෙන් යුක්ත වූයේ වෙයි. -පෙ- සේඛ සම්මා සමාධියෙන් යුක්ත වූයේ වෙයි. මෙපමණකින් භික්ෂුව සේඛ වෙයි’ යනුවෙන් මෙය කියන ලද්දේය.
අපිච සික්ඛතීති සෙඛො. වුත්තම්පි චෙතං –
තව ද හික්මෙයි යන අර්ථයෙන් ද සේඛ වෙයි.
“සික්ඛතීති ඛො, භික්ඛු, තස්මා සෙඛොති වුච්චති. කිඤ්ච සික්ඛති? අධිසීලම්පි සික්ඛති, අධිචිත්තම්පි සික්ඛති, අධිපඤ්ඤම්පි සික්ඛති. සික්ඛතීති ඛො, භික්ඛු, තස්මා සෙඛොති වුච්චතී”ති (අ· නි· 3.86).
‘සික්ඛති සික්ඛතීති ඛො භික්ඛු තස්මා සෙක්ඛොති වුච්චති, කිඤ්ච සික්ඛති? අධි සීලම්පි සික්ඛති අධි චිත්තම්පි සික්ඛති අධි පඤ්ඤම්පි සික්ඛති, සික්ඛති සික්ඛතීති බො භික්ඛු තස්මා සෙක්ඛොති වුච්චති’
‘භික්ෂුව හික්මෙන හික්මෙන නිසා සේඛ යයි කියනු ලැබේ. කුමක හික්මෙයි ද? අධි ශීලයෙහි ද හික්මෙයි, අධි චිත්තයෙහි ද හික්මෙයි, අධි ප්‍රඥාවෙහි ද හික්මෙයි. භික්ෂුව හික්මෙන හික්මෙන නිසා සේබ යයි කියනු ලැබේ යයි මේ කාරණය කියන ලදී.
යොපි කල්යාණපුථුජ්ජනො අනුලොමප්පටිපදාය පරිපූරකාරී සීලසම්පන්නො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ ජාගරියානුයොගමනුයුත්තො පුබ්බරත්තාපරරත්තං බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගමනුයුත්තො විහරති – “අජ්ජ වා ස්වෙ වා අඤ්ඤතරං සාමඤ්ඤඵලං අධිගමිස්සාමී”ති, සොපි වුච්චති සික්ඛතීති සෙඛොති. ඉමස්මිං අත්ථෙ න පටිවිජ්ඣන්තොව සෙඛො අධිප්පෙතො, අථ ඛො කල්යාණපුථුජ්ජනොපි.
යම් කල්‍යාණ පෘථග්ජනයෙක් අනුලෝම ප්‍රතිපදාව සම්පූර්ණ කරන්නේ සීල සම්පන්න වූයේ ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇත්තේ භෝජනයෙහි පමණ දන්නේ නිදි වැරීමෛහි යෙදුනේ පෙර පසු රාත්‍රීවල (රාත්‍රිය පටන් ගැනීමේදී හා රාත්‍රිය අවසන් වීමේ දී) බෝධිපාක්ෂික ධර්ම වැඩීමෙහි යෙදුනේ අද හෝ හෙට හෝ එක්තරා මාර්ග ඵලයකට පැමිණෙන්නෙමි යි වාසය කරයි ද, හෙතෙමේ ද සේඛ යයි කියනු ලැබේ. මේ අර්ථයෙහි අවබෝධ නොකරන්නා වූම සේඛයා අදහස් කරන ලදී. කල්‍යාණ පෘථග්ජනයා ද අදහස් කරන ලදී.
අප්පත්තං මානසං එතෙනාති අප්පත්තමානසො. මානසන්ති “අන්තලික්ඛචරො පාසො, ය්වායං චරති මානසො”ති (සං· නි· 1.151; මහාව· 33) එත්ථ රාගො මානසන්ති වුත්තො. “චිත්තං මනො මානස”න්ති (ධ· ස· 63, 65) එත්ථ චිත්තං. “අප්පත්තමානසො සෙඛො, කාලං කයිරා ජනෙ සුතා”ති (සං· නි· 1.159) එත්ථ අරහත්තං. ඉධාපි අරහත්තමෙව අධිප්පෙතං. තෙන අප්පත්තඅරහත්තස්සාති වුත්තං හොති.
අප්පත්තමානසස්ස යනු මොහු විසින් නොපැමිණි මානස ඇත්තේය යන අර්ථයෙන් අප්පත්තමනස නම් වේ. මානස යනු ‘අන්තළික්ඛචරො පාසො යවායං චරති මානසො’ ‘අහසෙහි හැසිරෙන අය පවා බැඳගන්නා වූ සිතෙහි හටගත්තා වූ යම් මේ රාග නමැති මලපුඩුව (උගුල, පාශය) හැසිරේද’ මෙහි රාගය මානස යයි කියන ලදී. ‘චිත්තං, මනො, මානසං’ යන මෙහි සිත මානස යයි කියන ලදී. ‘අප්පත්තමානසො සෙක්ඛො කාලං කයිරා ජනෙසුතා’ ජනයා කෙරෙහි ප්‍රසිද්ධ වූ භාග්‍යවතුන් වහන්ස, නො පැමිණි රහත්ඵල ඇති ශෛක්ෂ වූ ඔබවහන්සේගේ ශ්‍රාවකයෙක් කෙසේ නම් කලුරිය කරන්නේ ද? යන මෙහි අර්හත්වය අදහස් කරන ලදී. මෙහි ද අර්හත්වයම අදහස් කරන ලදී. එයින් නොපැමිණි අර්හත්වය ඇති භික්ෂුවට යි කියන ලද්දේ වෙයි.
අනුත්තරන්ති සෙට්ඨං, අසදිසන්ති අත්ථො. චතූහි යොගෙහි ඛෙමං අනුපද්දුතන්ති යොගක්ඛෙමං, අරහත්තමෙව අධිප්පෙතං. පත්ථයමානස්සාති ද්වෙ පත්ථනා තණ්හාපත්ථනා, කුසලච්ඡන්දපත්ථනා ච.
අනුත්තරං යනු ශ්‍රේෂ්ඨ, අසමාන යන අර්ථයි. නිර්භය වූ විපතට නොපත් යන අර්ථයෙන් යොගක්ඛෙමං නම් වේ. අර්හත්වයම අදහස් කරන ලදී. පත්ථය මානස්ස යනු තණ්හා ප්‍රාර්ථනාව ද ඡන්ද ප්රාර්ථනාවදැයි ප්‍රාර්ථනා දෙකකි.
“පත්ථයමානස්ස හි ජප්පිතානි, පවෙධිතං වාපි පකප්පිතෙසූ”ති (සු· නි· 908; මහානි· 137) එත්ථ තණ්හාපත්ථනා.
‘පත්ථය මානස්ස පජප්පිතානි පවෙධිතං වාපි පකප්පිතෙසු’ ‘ප්‍රාර්ථනා කරන්නාටම තෘෂ්ණාවෝ වෙති. තෘෂ්ණා දෘෂ්ටිවලින් කල්පනා කරන ලද වස්තූන් කෙරෙහි අතිශයින් සැලීම ද වෙයි.’ යන මෙහි තෘෂ්ණා ප්‍රාර්ථනාව ය.
“ඡින්නං පාපිමතො සොතං, විද්ධස්තං විනළීකතං; පාමොජ්ජබහුලා හොථ, ඛෙමං පත්ථෙථ භික්ඛවො”ති. (ම· නි· 1.352);
‘ඡින්නං පාපිමතො සොතං විද්ධසතං විනලීකතං පාමොජ්ජබහුලා හොථ ඛෙමං පත්ථෙථ භික්ඛවො’
පාපී මාරයාගේ තෘෂ්ණා නමැති සැඩ දියපහර සිඳින ලදී. විනාශ කරන ලදී. මානය නමැති නළ දුරුකරන ලදී. මහණෙනි, ප්‍රමෝදය (සතුට) බහුලකොට ඇත්තෝ වවු. නිවන පතවු’ යන
එත්ථ කත්තුකම්යතාකුසලච්ඡන්දපත්ථනා, අයමෙව ඉධාධිප්පෙතා. තෙන පත්ථයමානස්සාති තං යොගක්ඛෙමං ගන්තුකාමස්ස තන්නින්නස්ස තප්පොණස්ස තප්පබ්භාරස්සාති අත්ථො. විහරතොති එකං ඉරියාපථදුක්ඛං අඤ්ඤෙන ඉරියාපථෙන විච්ඡින්දිත්වා අපරිපතන්තං අත්තභාවං හරතො. අථ වා “සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති අධිමුච්චන්තො සද්ධාය විහරතී”තිආදිනා නිද්දෙසනයෙන චෙත්ථ අත්ථො දට්ඨබ්බො.
මෙහි කන්තුකම්යතා කුසලච්ඡන්ද ප්‍රාර්ථනාවය (කුසල් කිරීමට කැමති පැතුම). මෙහි මෙයම අදහස් කරන ලදී. එහෙයින් ‘පත්ථයමානස්ස’ යනු ඒ අර්හත්වය සිදුකරගනු කැමති වූ, එයට නැඹුරු වූ යන අර්ථයි. (තන්නින්නස්ස, තප්පොනස්ස, තප්පබ්හාරස්ස යන මේවා එයට නැඹුරු වූ යන්නට සමාන පදය) විහරතො යනු එක් ඉරියවුවකින් ඇතිවන දුකක් අනිත් ඉරියව්වකින් සිඳ දමා බිඳ නො වැටෙන ආත්මභාවය පවත්වාගෙන යන්නා වූ භික්ෂුවට. නැතහොත් ‘සබ්බෙ සංඛාරා අනිච්චාති අධිමුච්චන්තො සද්ධාය විහරති’ සියලු සංස්කාර අනිත්‍යය යි ස්ථිර ලෙස පිහිටා ශ්‍රද්ධාවෙන් යුක්තව හැසිරෙයි’ ආදී වශයෙන් නිද්දෙස ක්‍රමයෙන් ද මෙහි අර්ථය දතයුතුය.
අජ්ඣත්තිකන්ති නියකජ්ඣත්තසඞ්ඛාතෙ අජ්ඣත්තෙ භවං අජ්ඣත්තිකං. අඞ්ගන්ති කාරණං. ඉති කරිත්වාති එවං කත්වා. න අඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමීති එත්ථ අයං සඞ්ඛෙපත්ථො – භික්ඛවෙ, අජ්ඣත්තං අත්තනො සන්තානෙ සමුට්ඨිතං කාරණන්ති කත්වා අඤ්ඤං එකකාරණම්පි න සමනුපස්සාමි යං එවං බහූපකාරං, යථයිදං යොනිසො මනසිකාරොති උපායමනසිකාරො, පථමනසිකාරො, අනිච්චාදීසු අනිච්චාදිනයෙනෙව මනසිකාරො, අනිච්චානුලොමිකෙන වා චිත්තස්ස ආවට්ටනා අන්වාවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො. අයං යොනිසො මනසිකාරො.
අජ්ඣත්තිකං යනු තමා අයත් අධ්‍යාත්ම සංඛ්‍යාත අධ්‍යාත්මයෙහි වීම (තම සිතෙහි වූ) අජ්ඣත්තික නම් වේ. අංගං යනු කාරණය යි. ඉති කරිත්වා යනු මෙසේ කොට. න අඤ්ඤං එකංගම්පි සමනුප්සසාමි යන මෙහි මේ කෙටි අර්ථය යි. මහණෙනි, අධ්‍යාත්මය වූ තම සන්තානයෙහි (සිතෙහි) හටගත් කරුණකැයි (සැලකීම) කොට ‘එවං බහූපකාරං යථා යොනිසො මනසිකාරො’ මෙසේ බොහෝ උපකාර වූ යෝනිසෝ මනසිකාරය බඳු අන් එක් කරුණකුදු නො දකිමි. උපාය මනසිකාරය, පථමනසිකාරය, අනිත්‍යාදිය කෙරෙහි අනිත්යායි ක්‍රමයෙන් ම මෙනෙහි කිරීම, අනිත්යානුලෝමික ක්‍රමයෙන් හෝ සිත පිළිබඳ ආවර්ජනය, අනුව ආවර්ජනය, සිතාබැලීම යන මෙය යෝනිසෝ මනසිකාරය යි කියනු ලැබේ.
ඉදානි යොනිසො මනසිකාරස්ස ආනුභාවං දස්සෙතුං “යොනිසො, භික්ඛවෙ, භික්ඛු මනසි කරොන්තො අකුසලං පජහති, කුසලං භාවෙතී”ති වුත්තං. තත්ථ යොනිසො මනසි කරොන්තොති “ඉදං දුක්ඛං අරියසච්චං, අයං දුක්ඛසමුදයො අරියසච්චං, අයං දුක්ඛනිරොධො අරියසච්චං, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්ච”න්ති චතූසු අරියසච්චෙසු යොනිසො මනසිකාරං පවත්තෙන්තො.
දැන් යෝනිසෝ මනසිකාරයේ ආනුභාවය දක්වන්නට ‘යොනිසො භික්ඛවෙ භික්ඛු මනසිකරොන්තො අකුසලං පජහති කුසලං භාවෙති’ ‘මහණෙනි, භික්ෂුව නුවණින් මෙනෙහි කරමින් අකුසල් දුරු කරයි. කුසල් වඩයි’ යනුවෙන් වදාරණ ලදී. එහි යොනිසො මනසිකරොන්තො යනු මේ දුක්ඛ ආර්ය සත්‍යය, මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි චතුරාර්ය සත්‍ය කෙරෙහි නුවණින් මෙනෙහි කරමින්,
තත්රායං අත්ථවිභාවනා – යදිපි ඉදං සුත්තං අවිසෙසෙන සෙක්ඛපුග්ගලවසෙන ආගතං, චතුමග්ගසාධාරණවසෙන පන සඞ්ඛෙපෙනෙව කම්මට්ඨානං කථයිස්සාම. යො චතුසච්චකම්මට්ඨානිකො යොගාවචරො “තණ්හාවජ්ජා තෙභූමකා ඛන්ධා දුක්ඛං, තණ්හා සමුදයො, උභින්නං අප්පවත්ති නිරොධො, නිරොධසම්පාපකො මග්ගො”ති එවං පුබ්බෙ එව ආචරියසන්තිකෙ උග්ගහිතචතුසච්චකම්මට්ඨානො. සො අපරෙන සමයෙන විපස්සනාමග්ගං සමාරුළ්හො සමානො තෙභූමකෙ ඛන්ධෙ “ඉදං දුක්ඛ”න්ති යොනිසො මනසි කරොති, උපායෙන පථෙන සමන්නාහරති චෙව විපස්සති ච. විපස්සනා හි ඉධ මනසිකාරසීසෙන වුත්තා. යා පනායං තස්ස දුක්ඛස්ස සමුට්ඨාපිකා පුරිමභවිකා තණ්හා, අයං දුක්ඛසමුදයොති යොනිසො මනසි කරොති. යස්මා පන ඉදං දුක්ඛං, අයඤ්ච සමුදයො ඉදං ඨානං පත්වා නිරුජ්ඣන්ති න පවත්තන්ති, තස්මා යදිදං නිබ්බානං නාම, අයං දුක්ඛනිරොධොති යොනිසො මනසි කරොති. නිරොධසම්පාපකං අට්ඨඞ්ගිකං මග්ගං, “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොනිසො මනසි කරොති, උපායෙන පථෙන සමන්නාහරති චෙව විපස්සති ච.
මේ එහි අර්ථ පැහැදිලි කිරීමයි - මේ සූත්‍රය අවිශේෂයෙන් ශෛක්ෂ පුද්ගල වශයෙන් පැමිණියේ වුවද සතර මාර්ගයට සාධාරණ වශයෙන් කෙටියෙන්ම කර්මස්ථානය කියන්නෙමු. චතුසත්‍ය කර්මස්ථානික වූ යෝගාවචරයා තණ්හාව හැර භූමි තුනට අයත් ස්කන්ධ දුකයයි ද තණ්හාව සමුදය යයිද මේ දෙකෙහි නො පැවැත්ම නිරෝධයයි ද නිරෝධයට පමුණුවන්නේ මාර්ගය යයි ද මෙසේ කලින් ම ගුරුවරයා සමීපයෙහි දී උගත් චතුසත්‍ය කර්මස්ථානය ඇත්තෙක් වන්නේය. හෙතෙම පසුකලෙක විදර්ශනා මාර්ගයට නැගුන්නේ ත්‍රෛභූමික ස්කන්ධ මේ දුකයයි නුවණින් මෙනෙහි කරයි, යහපත් වූ උපායෙන් මාර්ගයෙන් සිතා බලයි, විදර්ශනා ද කරයි. විදර්ශනාව මෙහිදී මනසිකාර ශීර්ෂයෙන් කියන ලදී. ඒ දුක උපදවන පෙර භවයට අයත් යම් මේ තණ්හාවක් වේද මේ දුක්ඛ සමුදය යයි නුවණින් මෙනෙහි කරයි. යම්හෙයකින් මේ දුක, මේ සමුදය මෙතැනට පැමිණ නිරුද්ධ වේද නොපවතී ද එහෙයින් නිවන දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි. නිරෝධයට පමුණුවන අංග අටකින් යුත් මාර්ගය මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවය යි නුවණින් මෙනෙහි කරයි. උපායෙන්, මාර්ගයෙන් සිතා බලයි. විදර්ශනා ද කරයි.
තත්රායං උපායො – අභිනිවෙසො නාම ඛන්ධෙ හොති, න විවට්ටෙ, තස්මා අයමත්ථො – “ඉමස්මිං කායෙ පථවීධාතු, ආපොධාතූ”තිආදිනා (දී· නි· 2.378) නයෙන චත්තාරි මහාභූතානි තදනුසාරෙන උපාදාරූපානි ච පරිග්ගහෙත්වා “අයං රූපක්ඛන්ධො”ති වවත්ථපෙති. තං වවත්ථාපයතො උප්පන්නෙ තදාරම්මණෙ චිත්තචෙතසිකධම්මෙ “ඉමෙ චත්තාරො අරූපක්ඛන්ධා”ති වවත්ථපෙති. තතො “ඉමෙ පඤ්චක්ඛන්ධා දුක්ඛ”න්ති වවත්ථපෙති. තෙ පන සඞ්ඛෙපතො නාමඤ්ච රූපඤ්චාති ද්වෙ භාගා හොන්ති. ඉදඤ්ච නාමරූපං සහෙතු සප්පච්චයං උප්පජ්ජති, තස්ස අයං අවිජ්ජාභවතණ්හාදිකො හෙතු, අයං ආහාරාදිකො පච්චයොති හෙතුප්පච්චයෙ වවත්ථපෙති. සො තෙසං පච්චයානඤ්ච පච්චයුප්පන්නානඤ්ච යාථාවසරසලක්ඛණං වවත්ථපෙත්වා “ඉමෙ ධම්මා අහුත්වා භවන්ති, හුත්වා නිරුජ්ඣන්ති, තස්මා අනිච්චා”ති අනිච්චලක්ඛණං ආරොපෙති, “උදයබ‍්බයපටිපීළිතත‍්තා දුක්ඛා”ති දුක්ඛලක්ඛණං ආරොපෙති, “අවසවත්තනතො අනත්තා”ති අනත්තලක්ඛණං ආරොපෙති.
මේ එහි උපාය යි - සිතින් දැඩිකොට ගැනීම නම් වූ අභිනිවේසය ස්කන්ධයෙහි වෙයි. නිවනෙහි නොවෙයි. එහෙයින් මේ අර්ථය යි. මේ කයෙහි පඨවි ධාතුය, ආපෝ ධාතුය යනාදී ක්‍රමයෙන් සතර මහාභූතද ඒ අනුසාරයෙන් උපාදාරූප ද විමසා මේ රූපස්කන්ධයයි ද තීරණය කරයි. එය තීරණය කරන ඔහුට උපන්නා වූ ඒ අරමුණෙහි චිත්ත චෛතසික ධර්මයන් මේ සතර අරූප ස්කන්ධය යි තීරණය කරයි. එතැන් සිට මේ පංචස්කන්ධය දුක යයි තීරණය කරයි. ඒවා කෙටියෙන් නාමය රූපය යනුවෙන් දෙකොටසක් වෙයි. මේ නාමරූප ද හේතු සහිතව ප්‍රත්‍ය සහිතව උපදියි. මේ අවිද්‍යාව භව තණ්හාව මුල්කොට ඇත්තේ හේතුවය. මේ ආහාරය මුල්කොට ඇත්තේ ප්‍රත්‍යයයි. ඒ නාමරූපයන්ගේ හේතුප්‍රත්‍ය තීරණය කරයි. හෙතෙම ඒ ප්‍රත්‍යයන්ගේ ද ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්ගේ ද තත් වූ පරිදි භාව ලක්ෂණය තීරණය කොට මේ ධර්මයෝ පෙර නොතිබී හටගනිත්. ඇතිවී නිරුද්ධ වෙත්. එහෙයින් අනිත්‍යයයි අනිත්‍ය ලක්ෂණයට නංවයි. ඇතිව නැතිවීමෙන් පීඩාවට පත් වූ බැවින් දුකයයි දුක්ඛ ලක්ෂණයට නංවයි. තමාගේ වසඟයෙහි නොපවත්නා හෙයින් අනාත්මයයි අනාත්ම ලක්ෂණයට නංවයි.
එවං තිලක්ඛණානි ආරොපෙත්වා විපස්සන්තො උදයබ්බයඤාණුප්පත්තියා උප්පන්නෙ ඔභාසාදිකෙ විපස්සනුපක්කිලෙසෙ ‘අමග්ගො’ති උදයබ්බයඤාණමෙව “අරියමග්ගස්ස උපායභූතො පුබ්බභාගමග්ගො”ති මග්ගාමග්ගං වවත්ථපෙත්වා පුන උදයබ්බයඤාණං පටිපාටියා භඞ්ගඤාණාදීනි ච උප්පාදෙන්තො සොතාපත්තිමග්ගාදයො පාපුණාති. තස්මිං ඛණෙ චත්තාරි සච්චානි එකප්පටිවෙධෙනෙව පටිවිජ්ඣති, එකාභිසමයෙන අභිසමෙති. තත්ථ දුක්ඛං පරිඤ්ඤාපටිවෙධෙන පටිවිජ්ඣන්තො, සමුදයං පහානප්පටිවෙධෙන පටිවිජ්ඣන්තො සබ්බං අකුසලං පජහති, නිරොධං සච්ඡිකිරියාපටිවෙධෙන පටිවිජ්ඣන්තො මග්ගං භාවනාපටිවෙධෙන පටිවිජ්ඣන්තො සබ්බං කුසලං භාවෙති.
මෙසේ ත්රිලක්ෂණයට නංවා විදර්ශනා කරමින් ඇතිව නැතිවීම පිළිබඳ (උදයබ්බය) ඤාණය උපන්විට ඕභාසය (ආලෝකය) ආදිකොට ඇති විදර්ශනා උපක්ලේශයන් මාර්ගය නොවේ යයි ද උදයබ්බය ඤාණයම ආර්ය මාර්ගයට උපාය වූයේ පූර්වභාග මාර්ගයයි මග නොමග (මග්ගාමග්ගං) තීරණය කොට නැවත උදයබ්බය ඤාණය ද පිළිවෙළින් භංග ඤාණාදිය ද උපදවමින් සෝතාපත්ති (සෝවාන්) ආදී මාර්ගයන්ට පැමිණෙයි. එකෙණෙහි සත්‍ය සතර එකම අවබෝධයෙන් අවබෝධ කරයි. එකම අභිසමයෙන් (අවබෝධයෙන්) අභිසමය (අවබෝධ) කරයි. එහිදී දුක පිරිසිඳ අවබෝධයෙන් අවබෝධ කිරීමෙන් (පරිඤ්ඤා පටිවෙධෙන) ද සමුදය දුරුකිරීම පිළිබඳ අවබෝධයෙන් අවබෝධ කිරිමෙන් (පහාණ පටිවෙධෙන) ද සියලු අකුසල් දුරුකරයි. නිරෝධය ප්රත්යක්ෂ කිරීම් වශයෙන් අවබෝධ කිරීමෙන් (සච්ඡිකිරියා පටිවෙධෙන) ද මාර්ගය වැඩීමෙන් ලබන අවබෝධයෙන් අවබෝධ කිරීමෙන් (භාවනා පටිවෙධෙන) ද සියලු කුසල් වඩයි.
අරියමග්ගො හි නිප්පරියායතො කුච්ඡිතසලනාදිඅත්ථෙන කුසලො, තස්මිඤ්ච භාවිතෙ සබ්බෙපි කුසලා අනවජ්ජබොධිපක්ඛියධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්තීති. එවං යොනිසො මනසි කරොන්තො අකුසලං පජහති, කුසලං භාවෙති. තථා හි වුත්තං – “ඉදං දුක්ඛන්ති යොනිසො මනසි කරොති, අයං දුක්ඛසමුදයොති යොනිසො මනසි කරොතී”තිආදි (ම· නි· 1.21). අපරම්පි වුත්තං “යොනිසො මනසිකාරසම්පන්නස්සෙතං, භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං – අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතී”ති (සං· නි· 5.55).
ආර්ය මාර්ගය වෙනත් ක්‍රමයක් නැති හෙයින් (නිප්පරියාය වශයෙන්) නින්දිත, චංචල ආදි අර්ථයෙන් කුසල නම් වේ. එය වැඩූ කල්හි සියලුම කුසල් ද නිවැරදි වූ බෝධිපාක්ෂික ධර්ම ද වැඩීම පරිපූර්ණ බවට යන්නේ යයි මෙසේ නුවණින් මෙනෙහි කරමින් අකුසල් දුරුකරයි. කුසල් වඩයි. එහෙයින් ‘ඉදං දුක්ඛන්ති යොනිසො මනසිකරොති අයං දුක්ඛසමුදයොති යොනිසො මනසිකරොති’ ‘මේ දුක යයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදය යයි නුවණින් මෙනෙහි කරයි’ ආදිය වදාරන ලදී. ‘යොනිසො මනසිකාර සම්පන්නස්සෙතං භික්ඛවෙ භික්ඛුනො පාටිකංඛං අරියං අට්ඨංගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨංගිකං මග්ගං බහුලීකරිස්සති’ ‘මහණෙනි, යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වූ භික්ෂුව විසින් අරිඅටඟි මග වඩන්නේය. අරිඅටඟි මග බහුල වශයෙන් කරන්නේය යන මෙය කැමතිවිය යුතුය’ යන අනිකක් ද වදාරන ලදී.
යොනිසො මනසිකාරොති ගාථාය අයං සඞ්ඛෙපත්ථො – සික්ඛති, සික්ඛාපදානි තස්ස අත්ථි, සික්ඛනසීලොති වා සෙඛො. සංසාරෙ භයං ඉක්ඛතීති භික්ඛු. තස්ස සෙඛස්ස භික්ඛුනො උත්තමත්ථස්ස අරහත්තස්ස පත්තියා අධිගමාය යථා යොනිසො මනසිකාරො, එවං බහුකාරො බහූපකාරො අඤ්ඤො කොචි ධම්මො නත්ථි. කස්මා? යස්මා යොනිසො උපායෙන මනසිකාරං පුරක්ඛත්වා පදහං චතුබ්බිධසම්මප්පධානවසෙන පදහන්තො, ඛයං දුක්ඛස්ස පාපුණෙ සංකිලෙසවට්ටදුක්ඛස්ස පරික්ඛයං පරියොසානං නිබ්බානං පාපුණෙ අධිගච්ඡෙය්ය, තස්මා යොනිසො මනසිකාරො බහුකාරොති.
‘යෝනිසෝ මනසිකාරො’ යන ගාථාවෙහි මේ කෙටි අර්ථයයි - ශික්ෂාපදයන්හි හික්මෙන නිසා හෝ ඒ ඔහුට හික්මෙන ස්වභාවය ඇත්තේය යන නිසා හෝ සෙක්ඛ නම් වේ. සසරෙහි භය දකියි යන අර්ථයෙන් භික්ඛු නම් වේ. සෙක්ඛස්ස භික්ඛුනො උත්තමත්ථස්ස ඒ ශෛක්ෂ භික්ෂුවට උත්තමාර්ථය වූ අර්හත්වයට පැමිණීම පිණිස එය අවබෝධ කිරීම පිණිස යෝනිසෝමනසිකාරය තරම් බහුකාරො මෙසේ බොහෝ උපකාර වූ අන්කිසි ධර්මයක් නැත. කුමක් නිසාද? නුවණින් උපායෙන් න්‍යායෙන් මනසිකාරය පෙරටුකොට පදහං සතරාකාර යහපත් උත්සාහයෙන් බලවත් උත්සාහ කරමින් බයං දුක්ඛස්ස පාපුණෙ සංකලේස සංසාර දුකෙහි ගෙවීම වූ අවසානය වූ නිවනට පැමිණෙන්නේ ය. එහෙයින් යෝනිසෝ මනසිකාරය බොහෝ උපකාර ඇත්තේය.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
සයවන සුත්‍ර වර්ණනාවයි.
7. දුතියසෙඛසුත්තවණ්ණනා
7. දෙවන සෙඛ සූත්‍ර වර්ණනාව
සත්තමෙ බාහිරන්ති අජ්ඣත්තසන්තානතො බහි භවං. කල්යාණමිත්තතාති යස්ස සීලාදිගුණසම්පන්නො අඝස්ස ඝාතා, හිතස්ස විධාතා සබ්බාකාරෙන උපකාරකො මිත්තො හොති, සො පුග්ගලො කල්යාණමිත්තො, තස්ස භාවො කල්යාණමිත්තතා.
සත්වන සූත්‍රයෙහි බාහිරං යනු තමාගේ සිතින් (අජ්ඣත්ත සන්තානතො) පිටත ඇති බව. කල්‍යාණ මිත්තතා යනු යමෙකුට ශීලාදී ගුණයෙන් යුක්ත වූ විපත් නසන්නා වූ හිතවැඩ ඇතිකරන්නා වූ සියලු ආකාරයෙන් උපකාරක වූ මිත්‍රයෙක් වේද ඒ පුද්ගලයා කල්‍යාණ මිත්‍රයා ය. ඔහුගේ ගතිය කල්‍යාණ මිත්‍රතාවයි.
තත්රායං කල්යාණමිත්තො පකතියා සද්ධාසම්පන්නො හොති සීලසම්පන්නො සුතසම්පන්නො චාගසම්පන්නො වීරියසම්පන්නො සතිසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො. තත්ථ සද්ධාසම්පත්තියා සද්දහති තථාගතස්ස බොධිං, තෙන සම්මාසම්බොධිහෙතුභූතං සත්තෙසු හිතසුඛෙසිතං න පරිච්චජති, සීලසම්පත්තියා සබ්රහ්මචාරීනං පියො හොති ගරු ච භාවනීයො චොදකො පාපගරහී වත්තා වචනක්ඛමො, සුතසම්පත්තියා ඛන්ධායතනසච්චපටිච්චසමුප්පාදාදිකානං ගම්භීරානං කථානං කත්තා හොති, චාගසම්පත්තියා අප්පිච්ඡො හොති සන්තුට්ඨො පවිවිත්තො අසංසට්ඨො, වීරියසම්පත්තියා අත්තනො පරෙසඤ්ච හිතප්පටිපත්තියං ආරද්ධවීරියො හොති, සතිසම්පත්තියා උපට්ඨිතස්සති හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා, සමාධිසම්පත්තියා අවික්ඛිත්තො හොති සමාහිතො එකග්ගචිත්තො, පඤ්ඤාසම්පත්තියා අවිපරීතං පජානාති. සො සතියා කුසලාකුසලානං ධම්මානං ගතියො සමන්වෙසන්තො පඤ්ඤාය සත්තානං හිතසුඛං යථාභූතං ජානිත්වා සමාධිනා තත්ථ අබ්යග්ගචිත්තො හුත්වා වීරියෙන සත්තෙ අහිතතො නිසෙධෙත්‍වා එකන්තහිතෙ නියොජෙති. තෙනෙවාහ –
එහි මේ කල්‍යාණ මිත්‍රයා ස්වභාවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි, ඇසීමෙන් යුක්ත වූයේ වෙයි, ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයි, වීර්යයෙන් යුක්ත වූයේ වෙයි, සිහියෙන් යුක්ත වූයේ වෙයි, සමාධියෙන් යුක්ත වූයේ වෙයි, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. එහි ශ්‍රද්ධා සම්පත්තිය කරණකොට තථාගතයන් වහන්සේගේ (සතර මාර්ග ඥාන නමැති) බෝධිය අදහයි. ඔහු විසින් සම්මා සම්බෝධියට හේතු වූ සත්ත්වයන් කෙරෙහි හිතවත් බව දුරු නොකරයි. ශීල සම්පත්තියෙන් බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වෙයි. ගරු කරන්නෙක් වෙයි. සිතිනුත් ගෞරවයෙන් පිළිගත යුත්තෙක් වෙයි. වරදට චෝදනා කරන්නෙක් වෙයි. පව්කාරයන්ට ගර්හා කරන්නෙක් වෙයි. කීමෙහි දක්ෂයෙක් වෙයි. අවවාද පිළිගන්නෙක් වෙයි. ශ්‍රැත සම්පත්තියෙන් ස්කන්ධ, ආයතන, සත්‍ය, පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු කථාවන් කරන්නෙක් වෙයි. ත්‍යාග සම්පත්තියෙන් අල්පේච්ඡ (ස්වල්ප දෙයක් කැමති) කෙනෙක් වෙයි. ලද දෙයින් සතුටු වන්නෙක් වෙයි. කාය විවේක චිත්ත විවේක දෙකින් යුක්ත කෙනෙක් වෙයි. සමූහය සමග එකට විසීමට අකමැති කෙනෙක් වෙයි. වීර්ය සම්පත්තියෙන් තමාටත් අනුන්ටත් හිත පිළිවෙතෙහි අරඹන ලද වීර්ය ඇත්තෙක් වෙයි. සති සම්පත්තියෙන් එළඹ (පැමිණ) සිටි සිහි ඇත්තෙක් වෙයි. උතුම් වූ සිහියෙන් හා නුවණින් යුක්ත වූයේ බොහෝ කලකට පෙර කරන ලද්දක් බොහෝ කලකට පෙර කියන ලද්දක් සිහි කරන්නෙක් වෙයි. නැවත නැවත සිහි කරන්නෙක් වෙයි. සමාධි සම්පත්තියෙන් නො විසිරුණු සිත් ඇත්තෙක් වෙයි. සන්සුන් වූයේ එකඟ වූ සිත් ඇත්තෙක් වෙයි. ප්‍රඥා සම්පත්තියෙන් අවිපරීතව (යමක් ඇති ආකාරයෙන්) දැන ගනියි. හෙතෙම සිහියෙන් කුශලාකුශල ධර්මයන්ගේ ස්වභාවය සොයමින් ප්‍රඥාවෙන් සත්ත්වයන්ගේ හිත සැප තත් වූ පරිදි දැන සමාධියෙන් එහි එකඟ වූ සිත් ඇතිව වීර්යයෙන් සත්ත්වයන් අයහපතෙන් වළක්වා ඒකාන්ත යහපතෙහි යොදවයි. එහෙයින්
“පියො ගරු භාවනීයො, වත්තා ච වචනක්ඛමො; ගම්භීරඤ්ච කථං කත්තා, නො චාට්ඨානෙ නියොජකො”ති. (නෙත්ති· 113);
පියො ච ගරු භාවනීයො වත්තා ච වචනක්ඛමො ගම්භීරඤ්ච කථං කත්තා නො චට්ඨානෙ නියොජයෙ’
ප්‍රිය වූයේ වේද, ගරු වූයේ වේද, ගෞරවයෙන් පිළිගත යුත්තේ වේද, කථාවෙහි දක්ෂ වේද, අවවාද පිළිගන්නේ වේද, ගැඹුරු කථා කියන්නේ වේද, නුසුදුසු තැන නොයොදන්නේ ද යනුවෙන් ද
කල්යාණමිත්තො, භික්ඛවෙ, භික්ඛු අකුසලං පජහති, කුසලං භාවෙතීති කල්යාණමිත්තො පුග්ගලො කල්යාණමිත්තං නිස්සාය කම්මස්සකතාඤාණං උප්පාදෙති, උප්පන්නං සද්ධං ඵාතිං කරොති, සද්ධාජාතො උපසඞ්කමති උපසඞ්කමිත්වා ධම්මං සුණාති. තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති, තෙන සද්ධාපටිලාභෙන ඝරාවාසං පහාය පබ්බජ්ජං අනුතිට්ඨති, චතුපාරිසුද්ධිසීලං සම්පාදෙති, යථාබලං ධුතධම්මෙ සමාදාය වත්තති, දසකථාවත්ථුලාභී හොති, ආරද්ධවීරියො විහරති උපට්ඨිතස්සති සම්පජානො පුබ්බරත්තාපරරත්තං බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගමනුයුත්තො, නචිරස්සෙව විපස්සනං උස්සුක්කාපෙත්වා අරියමග්ගාධිගමෙන සබ්බං අකුසලං සමුච්ඡින්දති, සබ්බඤ්ච කුසලං භාවනාපාරිපූරිං ගමෙන්තො වඩ්ඪෙති. වුත්තඤ්හෙතං –
කල්‍යාණ මිත්තො භික්ඛවෙ භික්ඛු අකුසලං පජහති කුසලං භාවෙති ‘මහණෙනි, කල්‍යාණ මිත්‍ර වූ භික්ෂුව අකුසලය දුරු කරයි. කුසලය වඩයි’ යනුවෙන් ද කීහ. කල්‍යාණ මිත්‍ර පුද්ගලයා කල්‍යාණ මිත්‍රයා නිසා කම්පල ඇදහීමේ නුවණ (කම්මස්සකතං ඤාණං) උපදවයි. උපන්නා වූ ශ්‍රද්ධාව වැඩිදියුණු කරයි. හටගත් ශ්‍රද්ධාව ඇති තැනැත්තා (ධර්මය ඇසීමට සුදුසු කෙනෙකු වෙත) එළඹෙයි. එළඹ ධර්මය අසයි. ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ලබයි. ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් ගිහිගෙයි වාසය දුරුකොට පැවිද්ද (අනුව සිටියි) ලබයි. සිවු පිරිසිදු සිල් (සම්පාදනය කරයි) රකියි. ශක්ති පමණින් ධුතංග ධර්මයන් සමාදන්ව පවතී. දසකථා වස්තු ලාභියෙක් වෙයි. ආරම්භ කරන ලද වීර්යය ඇත්තෙක්ව වාසය කරයි. එළඹ සිටි සිහි ඇතිව නුවණින් යුතුව පෙර පසු රාත්‍රීන්හි බෝධිපාක්ෂික ධර්මයන් භාවනා කිරීමෙහි යෙදී නොබෝ කලකින්ම විදර්ශනාවට උත්සාහවත් කරවා ආර්ය මාර්ගය අවබෝධ කිරිමෙන් සියලු අකුසල් සහමුලින් නසයි. සියලුම කුසල් වැඩීම පරිපූර්ණ බවට පමුණුවමින් වඩයි. මෙය වදාරණ ලද්දේම ය -
“කල්යාණමිත්තස්සෙතං, මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස ‘යං සීලවා භවිස්සති, පාතිමොක්ඛසංවරසංවුතො විහරිස්සති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු, භයදස්සාවී සමාදාය සික්ඛිස්සති, සික්ඛාපදෙසු’.
‘මේඝියයෙනි, සිල්වත් වන්නේ ය. ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවරව, ආචාර ගෝචර සම්පන්න, අල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නා සුලුව වසන්නේය. සමාදන් වී ශික්ෂා පදයන්හි හික්මෙන්නේය යන මෙය කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ පුඟුලන්ට නැමුණු භික්ෂුව විසින් කැමති විය යුතුය.
“කල්යාණමිත්තස්සෙතං…පෙ… කල්යාණසම්පවඞ්කස්ස ‘යං යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා එකන්තනිබ්බිදාය…පෙ… නිබ්බානාය සංවත්තති. සෙය්යථිදං – අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවෙකකථා, අසංසග්ගකථා, වීරියාරම්භකථා, සීලකථා, සමාධිකථා…පෙ… විමුත්තිඤාණදස්සනකථා. එවරූපාය කථාය නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී’.
මේඝියයෙනි, අල්පේච්ඡ කථා ය, සන්තුෂ්ටි කථා ය, ප්‍රවිවේක කථාය, අසංසර්ග කථාය, වීර්යාරම්භ කථා ය, ශීලකථාය, සමාධි කථාය, ප්‍රඥා කථාය, විමුක්ති කථාය, විමුක්තිඥාන දර්ශන කථාය යන කෙලෙස් තුනීකරන, සිතෙහි නීවරණ දුරුකිරීම් වශයෙන් සමථ විදර්ශනාවන්ට සුදුසු වූ යම් කථාවක් ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, සසර නැවැත්ම පිණිස, කෙලෙස් සංසිඳුවීම පිණිස, දතයුතු දැය දැනගැනීම පිණිස, සතර මාර්ග ඥානයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම පිණිස, නිවන් පිණිස පවතී ද මෙබඳු කථා කැමති පරිදි අසනු ලබන්නෙක් වන්නේය. පහසුවෙන් ලබන්නෙක් වන්නේය. බොහෝ සේ ලබන්නෙක් වන්නේය යන මෙය කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුඟුලන්ට (පුද්ගලයන්ට) නැමුණු භික්ෂුව විසින් කැමති විය යුතුය.
“කල්යාණමිත්තස්සෙතං …පෙ… කල්යාණසම්පවඞ්කස්ස ‘යං ආරද්ධවීරියො විහරිස්සති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු’.
මේඝියයෙනි, අකුසල් දහම් පහකරනු පිණිස, කුසල් දහම් වඩනු (උපදවනු) පිණිස ශක්තිමත්ය, දැඩි වූ වීර්යය ඇත්තේය. කුසල් දහම්හි ඉවත නොදැමූ වීර්යය ඇත්තේ යන මෙය කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුඟුලන්ට නැමුණු භික්ෂුව විසින් විසින් කැමති විය යුතුය.
“කල්යාණමිත්තස්සෙතං…පෙ… කල්යාණසම්පවඞ්කස්ස ‘යං පඤ්ඤවා භවිස්සති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා’”ති (උදා· 31).
මේඝියයෙනි, උදයබ්බය නම් වූ ඇතිවීම නැතිවීම අවබෝධ කරන්නා වූ, නිදොස් වූ, ආර්ය මාර්ගය ඇසුරු කරන්නා වූ මනාකොට දුක් නසන මාවතට පැමිණෙන ප්‍රඥාවෙන් යුක්ත වූ ප්‍රඥාවන්තයෙක් වන්නේය යන මෙය කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුඟුලන්ට නැමුණු භික්ෂුව විසින් කැමති විය යුතුය.’
එවං සකලවට්ටදුක්ඛපරිමුච්චනනිමිත්තං කල්යාණමිත්තතාති වෙදිතබ්බං. තෙනෙවාහ –
මෙසේ සියලු සසර දුකින් මුදන නිමිත්ත කලණ මිතුරු බවයයි දතයුතුය. එහෙයින් -
“මමඤ්හි, ආනන්ද, කල්යාණමිත්තං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්තී”තිආදි (සං· නි· 1.129).
‘ආනන්ද කලණ මිතුරු වූ මා වෙත අවුත් ඉපදීම ස්වභාව කොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් (ජාතියෙන්) මිදෙති.” ජරාව ස්වභාව කොට ඇති සත්ත්වයෝ ජරාවෙන් මිදෙති යනාදිය වදාළහ.
තෙන වුත්තං – “කල්යාණමිත්තො, භික්ඛවෙ, භික්ඛු අකුසලං පජහති, කුසලං භාවෙතී”ති.
එහෙයින් ‘මහණෙනි, කලණ මිතුරන් ඇති භික්ෂුව අකුසල් දුරුකරයි. කුසල් වඩයි’ යනුවෙන් දේශනා කරන ලදී.
ගාථාය සප්පතිස්සොති පතිස්සවසඞ්ඛාතෙන සහ පතිස්සෙනාති සප්පතිස්සො, කල්‍යාණමිත්තස්ස ඔවාදං සිරසා සම්පටිච්ඡකො සුබ්බචොති අත්ථො. අථ වා හිතසුඛෙ පතිට්ඨාපනෙන පති ඉසෙතීති පතිස්සො, ඔවාදදායකො. ගරුආදරයොගෙන තෙන පතිස්සෙන සහ වත්තතීති සප්පතිස්සො, ගරූසු ගරුචිත්තීකාරබහුලො.
ගාථාවෙහි සප්පතිස්සො යනු පතිස්සව නම් වූ කීකරු බවෙන් යුක්ත වූයේ සප්පතිස්ස නම් වේ. කලණ මිතුරාගේ අවවාදය විසින් පිළිගන්නා වූ සුවචයෙක් යන අර්ථයි. නැතහොත් හිතසුවයෙහි පිහිටුවීම් වශයෙන් ඉදිරියට බලය පතුරුවයි යන අර්ථයෙන් පටිස්ස නම් වේ. අවවාද දෙන්නා වූ ගුරුවරයාය. ආදරය යෙදුණු ඒ සුවච බව සමඟ පවතී යන අර්ථයෙන් සප්පතිස්ස නම් වේ. ගුරුවරුන් කෙරෙහි ගුරු ගෞරවය බහුල වූ.
සගාරවොති ඡබ්බිධෙනපි ගාරවෙන යුත්තො. කරං මිත්තානං වචනන්ති කල්යාණමිත්තානං ඔවාදං කරොන්තො යථොවාදං පටිපජ්ජන්තො. සම්පජානොති සත්තට්ඨානියෙන සම්පජඤ්ඤෙන සමන්නාගතො. පතිස්සතොති කම්මට්ඨානං ඵාතිං, ගමෙතුං සමත්ථාය සතියා පතිස්සතො සතොකාරී. අනුපුබ්බෙනාති සීලාදිවිසුද්ධිපටිපාටියා, තත්ථ ච විපස්සනාපටිපාටියා චෙව මග්ගපටිපාටියා ච. සබ්බසංයොජනක්ඛයන්ති කාමරාගසංයොජනාදීනං සබ්බෙසං සංයොජනානං ඛෙපනතො සබ්බසංයොජනක්ඛයසඞ්ඛාතස්ස අරියමග්ගස්ස පරියොසානභූතං අරහත්තං, තස්ස ආරම්මණභූතං නිබ්බානමෙව වා. පාපුණෙ අධිගච්ඡෙය්යාති අත්ථො. ඉති ඉමෙසු ද්වීසු සුත්තෙසු අරියමග්ගාධිගමස්ස සත්ථාරා පධානඞ්ගං නාම ගහිතන්ති වෙදිතබ්බං.
සගාරවො යනු සයවැදෑරුම් ගෞරවයෙන් යුක්ත වූ. කරං මිත්තානවචනං යනු කල්‍යාණ මිත්‍රයන්ගේ අවවාදය කරමින් අවවාදය අනුව පිළිපදිමින්. සම්පජානො යනු සත්තැනක පිහිටි මනා නුවණින් යුක්ත වූ. පතිස්සතො යනු කමටහන වැඩිදියුණුවට පමුණුවන්නට සමත් වූ සිහියෙන් සිහිඇත්තා වූ, සිහියෙන් කටයුතු කරන්නා වූ. අනුපුබ්බෙන යනු සීලය මුල්කොට ඇති විශුද්ධි පිළිවෙළින්, එහි ද විදර්ශනා පිළිවෙළින් මෙන් ම මාර්ග පිළිවෙළින් ද. සබ්බ සංයෝජනක්ඛයං යනු කාමරාග සංයෝජනාදී සියලු සංයෝජනයන් ගෙවා දැමීමෙන් සියලු සංයෝජනයන් ක්ෂය කිරීම් සංඛ්‍යාත ආර්ය මාර්ගයේ අවසානය වූ අර්හත්වය ද එයට අරමුණු වූ නිවනට ද පැමිණෙන්නේය එය අවබෝධ කරන්නේය යන අර්ථයි. මෙසේ ශාස්තෲන් වහන්සේ විසින් මේ සූත්‍ර දෙකෙහි දී ආර්ය මාර්ගයේ අවබෝධය පිළිබඳ ප්‍රධාන අංගය ගන්නා ලදැයි දතයුතුය.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වන සුත්‍ර වර්ණනාවයි.
8. සඞ්ඝභෙදසුත්තවණ්ණනා
8. සඞ්ඝභෙද සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ එකධම්මොති කතරොයං සුත්තනික්ඛෙපො? අට්ඨුප්පත්තිකො. තත්රායං සඞ්ඛෙපකථා – දෙවදත්තො හි අජාතසත්තුං දුග්ගහණං ගාහාපෙත්වා තස්ස පිතරං රාජානං බිම්බිසාරං තෙන මාරාපෙත්වාපි අභිමාරෙ පයොජෙත්වාපි සිලාපවිජ්ඣනෙන ලොහිතුප්පාදකම්මං කත්වාපි න තාවතා පාකටො ජාතො, නාළාගිරිං විස්සජ්ජෙත්වා පන පාකටො ජාතො. අථ මහාජනො “එවරූපම්පි නාම පාපං ගහෙත්වා රාජා විචරතී”ති කොලාහලං අකාසි, මහාඝොසො අහොසි. තං සුත්වා රාජා අත්තනා දීයමානානි පඤ්ච ථාලිපාකසතානි පච්ඡින්දාපෙසි, උපට්ඨානම්පිස්ස නාගමාසි. නාගරාපි කුලං උපගතස්ස කටච්ඡුභත්තම්පිස්ස නාදංසු. සො පරිහීනලාභසක්කාරො කොහඤ්ඤෙන ජීවිතුකාමො සත්ථාරං උපසඞ්කමිත්වා පඤ්ච වත්ථූනි යාචිත්වා “අලං, දෙවදත්ත, යො ඉච්ඡති, සො ආරඤ්ඤිකො හොතූ”තිආදිනා (පාරා· 409; චූළව· 343) භගවතා පටික්ඛිත්තො තෙහි පඤ්චහි වත්ථූහි බාලං ලූඛප්පසන්නං ජනං සඤ්ඤාපෙන්තො පඤ්චසතෙ වජ්ජිපුත්තකෙ සලාකං ගාහාපෙත්වා සඞ්ඝං භින්දිත්වාව තෙ ආදාය ගයාසීසං අගමාසි.
අටවන සූත්‍රයෙහි එකධම්මො යන මේ සූත්‍ර නික්ෂේපය කුමක්ද? මතු වූ කරුණක් නිසා දේශනා කරන ලද්දකි. (අට්ඨුප්පත්තිකය) මේ එහි සාරාංශ කථාවයි. දෙව්දත් අජාසත් රජුට වැරදි මත ගන්වා ඔහුගේ පියා වූ බිම්බිසාර රජු ඔහු ලවා මැරවුව ද බුදුරජාණන් වහන්සේ මැරවීමට මිනීමරුවන් (අභිමාරෙ) යෙද වූව ද ගල් පෙරළීමෙන් ලෝහිතුප්පාදක කර්මය සිදුකළ ද එපමණකින් ප්‍රකට නොවීය. නාලාගිරි ඇතා මුදාහැරීමෙන් ප්‍රකට විය. ඉක්බිති මහජන තෙමේ මෙබඳු වූ පාපියකු ගෙන රජතුමා හැසිරෙන්නේ යයි කෝලාහල කළේය. මහත් ඝෝෂාවක් ඇතිවිය. එය අසා රජතුමා තමා විසින් දෙනු ලබන පන්සියයක් බත්තලි නැවැත්වීය. දෙව්දතුන්ගේ උපස්ථානයට ද නොගියේය. නුවරවැසියෝ ද තම තමන්ගේ කුලවලට (නිවෙස්වලට) එන දෙව්දත්ට හැන්දක් තරම්වත් බත් නොදුන්හ. හෙතෙම පිරිහුණු ලාභසත්කාර ඇතිව කුහක කමින් (නැති ගුණ අගවමින්) ජීවත්වනු කැමතිව බුදුරජාණන් වහන්සේ වෙත එළඹ පංච වස්තූන් (කරුණු පහක්) ඉල්ලා දේවදත්තය, එයින් කමක් නැත. කැමති කෙනෙක් අරණ්‍යවාසී වේවායි ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලදුව ඒ කරුණු පහෙන් රළු පැවතුම්වලට පහදින මෝඩ ජනයාට හඟවමින් පන්සියයක් වජ්ජිපුත්‍රක භික්ෂූන් ලවා සලාක ගන්වා සංඝයා බිඳ ඔවුන් රැගෙන ගයා ශීර්ෂයට ගියේය.
අථ ද්වෙ අග්ගසාවකා සත්ථු ආණාය තත්ථ ගන්ත්වා ධම්මං දෙසෙත්වා තෙ අරියඵලෙ පතිට්ඨාපෙත්වා ආනයිංසු. යෙ පනස්ස සඞ්ඝභෙදාය පරක්කමන්තස්ස ලද්ධිං රොචෙත්වා තථෙව පග්ගය්හ ඨිතා සඞ්ඝෙ භිජ්ජන්තෙ භින්නෙ ච සමනුඤ්ඤා අහෙසුං, තෙසං තං දීඝරත්තං අහිතාය දුක්ඛාය අහොසි .
ඉක්බිති අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ශාස්තෲන් වහන්සේගේ අණින් එහි වැඩමකොට දහම් දෙසා ඒ භික්ෂූන් ආර්ය ඵලයෙහි පිහිටුවා ආපසු ගෙන ආවාහුය. සංඝභේදය පිණිස උත්සාහ කරන දෙව්දතුන්ගේ අදහස රුචි වූ භික්ෂූහු එහිම ඒ අදහස දැඩිව ගෙන සිටියාහු සංඝයා බිඳෙන විටත් බිඳුනු විටත් එය අනුමත කළාහුය. එය ඔවුන්ට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස විය.
දෙවදත්තොපි න චිරස්සෙව රොගාභිභූතො බාළ්හගිලානො මරණකාලෙ “සත්ථාරං වන්දිස්සාමී”ති මඤ්චකසිවිකාය නීයමානො ජෙතවනපොක්ඛරණිතීරෙ ඨපිතො පථවියා විවරෙ දින්නෙ පතිත්වා අවීචිම්හි නිබ්බත්ති, යොජනසතිකො චස්ස අත්තභාවො අහොසි කප්පට්ඨියො තාලක්ඛන්ධපරිමාණෙහි අයසූලෙහි විනිවිද්ධො. දෙවදත්තපක්ඛිකානි ච පඤ්චමත්තානි කුලසතානි තස්ස ලද්ධියං ඨිතානි සහ බන්ධවෙහි නිරයෙ නිබ්බත්තානි. එකදිවසං භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, දෙවදත්තෙන සඞ්ඝං භින්දන්තෙන භාරියං කම්මං කත”න්ති. අථ සත්ථා ධම්මසභං උපගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ සඞ්ඝභෙදෙ ආදීනවං දස්සෙන්තො ඉමං සුත්තං අභාසි. කෙචි පන භණන්ති “දෙවදත්තස්ස තප්පක්ඛිකානඤ්ච තථා නිරයෙ නිබ්බත්තභාවං දිස්වා සඞ්ඝභෙදෙ ආදීනවං දස්සෙන්තො භගවා අත්තනො අජ්ඣාසයෙනෙව ඉමං සුත්තං දෙසෙසී”ති.
දෙව්දත් ද නොබෝ කලකින්ම රෝගයෙන් මැඩුනේ දැඩිලෙස ගිලන් වූයේ මරණ කාලයෙහි ශාස්තෲන් වහන්සේ වඳින්නෙමියි කුඩා ඇඳකින් ගෙන එනු ලබන්නේ දෙව්රම් වෙහෙර පොකුණු තෙර තබන ලදුව පොළොවෙහි විවරයක් සෑදුනුවිට එහි වැටී අවීචියෙහි උපන්නේය. ඔහුගේ ආත්මභාවය (සිරුර) යොදුන් සියයක් විය. කල්පයක් නිරයෙහි පැසෙන්නේය. තල්කඳක් පමණ වූ යකඩ උල්වලින් විදින ලද්දේය. දේවදත්ත භික්ෂුවගේ පැත්ත ගත් ඔහුගේ අදහසෙහි සිටි පන්සියයක් කුලවල අය නෑයන් සමග නිරයෙහි උපන්නාහ. එක්දිනක් භික්ෂූහු ධර්මසභාවෙහිදී ඇවැත්නි, සංඝයා බිඳුවන ලද දෙව්දත් විසින් බැරෑරුම් කර්මයක් කරන ලදැයි යනුවෙන් කථාවක් මතු කළහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ දම්සභාවට වැඩමකොට මහණෙනි, දැන් මෙහි ඔබ කවර කථාවෙකින් යුක්තව සිටියාහුදැයි විමසා මෙනම් කථාවෙන් යයි කී කල්හි, සංඝ භේදයෙහි ආදීනව (දොස්) දක්වමින් මේ සූත්‍රය වදාළහ. ‘දෙව්දත් ද ඔහුගේ පැත්ත ගත් අය ද එසේ නිරයෙහි උපන් බව දැක සංඝ භේදයෙහි ආදීනව දක්වමින් භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ අදහසින්ම මේ සූත්‍රය දේශනා කළහ’යි ඇතැමෙක් (කෙචි) කියති.
තත්ථ එකධම්මොති එකො අකුසලො මහාසාවජ්ජධම්මො. ලොකෙති සත්තලොකෙ. උප්පජ්ජමානො උප්පජ්ජතීති එත්ථ භෙදසංවත්තනිකෙසු භණ්ඩනාදීසු සඞ්ඝෙ උප්පන්නෙසුපි “ධම්මො අධම්මො”තිආදීසු අට්ඨාරසභෙදකරවත්ථූසු යස්ස කස්සචි දීපනවසෙන වොහරන්තෙසුපි තත්ථ රුචිජනනත්ථං අනුස්සාවෙන්තෙසුපි අනුස්සාවෙත්වා සලාකාය ගාහිතායපි සඞ්ඝභෙදො උප්පජ්ජමානො නාම හොති, සලාකාය පන ගාහිතාය චත්තාරො වා අතිරෙකා වා යදා ආවෙණිකං උද්දෙසං වා සඞ්ඝකම්මං වා කරොන්ති, තදා සඞ්ඝභෙදො උප්පජ්ජති නාම. කතෙ පන තස්මිං සඞ්ඝභෙදො උප්පන්නො නාම? කම්මං, උද්දෙසො, වොහාරො, අනුස්සාවනා, සලාකග්ගාහොති ඉමෙසු හි පඤ්චසු සඞ්ඝස්ස භෙදකාරණෙසු කම්මං වා උද්දෙසො වා පමාණං, වොහාරානුස්සාවනසලාකග්ගාහා පන පුබ්බභාගාති.
එහි එකධම්මො යනු අකුසල් වූ එක් මහා සාවද්‍ය ධර්මය යි. ලොකෙ යනු සත්ත්ව ලෝකයෙහි. උප්පජ්ජමානො උප්පජ්ජති යනු මෙහි භේදය පිණිස පවතින භණ්ඩන (දබර) ආදිය සංඝයා කෙරෙහි උපන් කල්හි ද ධර්මය අධර්මය යනාදී අටළොස් භේදකර වස්තු අතුරින් යම් කිසිවක් පැහැදිලි කිරීම් වශයෙන් ව්‍යවහාර කරන කල්හිද එහි කැමැත්ත ඇතිකිරීම පිණිස ප්‍රකාශ කරන (අස්වන) කල්හි ද ප්‍රකාශ කොට සලාක ගැන්වූ කල්හි ද සංඝභේදය උපදින්නේ නම් වෙයි. සලාක ගැන්වූ කල්හිම භික්ෂූන් සතර දෙනෙක් හෝ ඊට වැඩියෙන් හෝ වෙන්ව (පාමොක්) උදෙසීම හෝ (අපලෝකනාදී) සංඝ කර්මයක් හෝ කරනවිට සංඝභේදය උපදියි නම් වේ. උදෙසීම්, සංඝකර්ම කළවිට සංඝභේදය උපන්නේ නම් වේ. කම්ම = (සංඝයා විසින් කරන අපලෝකනාදී චතුර්විධ විනය කර්ම), උද්දෙස = (පස්වැදෑරුම් පාතිමොක්ඛුද්දෙස අතුරින් එකක්), වොහාර = (අටළොස් භේදකර වස්තු අතරින් යමක් දක්වා කථා කිරීම, අනුසාවන (කිම නුඹවහන්සේ මා උසස් කුලයෙන් පැවිදි වූවකු බව නොදන්නහුද ආදී වශයෙන් භික්ෂූන්ගේ කනට කොට කීම), සලාකගාහ = (භික්ෂූන්ගේ සිත් පොළඹවා ඉරටු, උණපතුරු ආදී සලාක ගැන්වීම) යන සංඝභේදයට කරුණු වූ මේ පහ අතරින් කම්ම හෝ උද්දෙසය පමණක්ම ප්‍රමාණවත් වේ. වොහාර, අනුසාවන, සලාක ගාහ යන මේවා පූර්වභාග හෙවත් පළමුවෙන් සිදුවන කරුණුය.
බහුජනාහිතායාතිආදීසු 0.මහාජනස්ස ඣානමග්ගාදිසම්පත්තිනිවාරණෙන අහිතාය, සග්ගසම්පත්තිනිවාරණෙන අසුඛාය, අපායූපපත්තිහෙතුභාවෙන අනත්ථාය. අකුසලධම්මවසෙන වා අහිතාය, හිතමත්තස්සපි අභාවා සුගතියම්පි නිබ්බත්තනකකායිකචෙතසිකදුක්ඛාය උප්පජ්ජතීති සම්බන්ධො. දෙවමනුස්සානන්ති ඉදං “බහුනො ජනස්සා”ති වුත්තෙසු උක්කට්ඨපුග්ගලනිද්දෙසො. අපරො නයො – බහුජනාහිතායාති බහුජනස්ස මහතො සත්තකායස්ස අහිතත්ථාය, දිට්ඨධම්මිකසම්පරායිකඅනත්ථායාති අත්ථො. අසුඛායාති දිට්ඨධම්මිකසම්පරායිකඅසුඛත්ථාය, දුවිධදුක්ඛත්ථායාති අත්ථො. අනත්ථායාති පරමත්ථපටික්ඛෙපාය. නිබ්බානඤ්හි පරමත්ථො, තතො උත්තරිං අත්ථො නත්ථි. අහිතායාති මග්ගපටික්ඛෙපාය. නිබ්බානසම්පාපකමග්ගතො හි උත්තරිං හිතං නාම නත්ථි. දුක්ඛායාති අරියසුඛවිරාධනෙන වට්ටදුක්ඛතාය. යෙ හි අරියසුඛතො විරද්ධා තං අධිගන්තුං අභබ්බා, තෙ වට්ටදුක්ඛෙ පරිබ්භමන්ති, අරියසුඛතො ච උත්තරිං සුඛං නාම නත්ථි. වුත්තඤ්හෙතං “අයං සමාධි පච්චුප්පන්නසුඛො චෙව ආයතිඤ්ච සුඛවිපාකො”ති (දී· නි· 3.355; අ· නි· 5.27).
බහුජන අහිතාය යන ආදියෙහි මහජනයාගේ ධ්‍යාන මාර්ග ආදි සම්පත් වැළැක්වීමෙන් අයහපත (අහිත) පිණිස, ස්වර්ග සම්පත් වැළැක්වීමෙන් අසුඛාය, නොසැප පිණිස, අපායෙහි ඉපදීමට හේතුවන බැවින් අනත්ථාය පරිහානිය පිණිස, අකුසල ධර්ම වශයෙන් අහිතාය හිත (යහපත) මාත්‍රයක් පමණවත් නැති බැවින් අහිත පිණිස, සුගතියෙහිද කායික චෛතසික දුක්ඛාය දුක් පිණිස උපදින්නේය යනුවෙන් සම්බන්ධ වෙයි. දෙවමනුස්සානං යන මෙය බොහෝ ජනයාට යනුවෙන් කී කල්හි ඉතා උසස් පුද්ගලයන්ගේ වශයෙන් දැක්වීම (නිර්දේශය) වේ. වෙනත් ක්‍රමයක් : බහුජන අහිතාය යනු මහත් වූ බහුජන සත්ත්ව සමූහයට අහිත පිණිස, මෙලොව පරලොව අනර්ථය පිණිස යන අර්ථයි. අසුඛාය යනු මෙලොව පරලොව නොසැප පිණිස, (මෙලොව-පරලොව) දෙයාකාර දුක් පිණිස යන අර්ථයි. අනත්ථාය යනු පරමාර්ථය ප්‍රතික්ෂේප කිරීම පිණිස, නිර්වාණය පරම අර්ථයයි. ඊට වඩා උසස් අර්ථයක් නැත. අහිතාය යනු මාර්ගය ප්‍රතික්ෂේප කිරීම පිණිස, නිවනට පමුණුවන මාර්ගයට වඩා උසස් වූ හිතයක් නම් නැත. දුක්ඛාය යනු ආර්ය සැප නැතිකර ගැනීමෙන් සංසාර දුක් පිණිස, ආර්ය සැපයෙන් තොර වූ එය අවබෝධ කරගන්නට නුසුදුසු අය සංසාර දුකෙහි කරකැවෙති. ආර්ය සැපයට වඩා උසස් සැපයක් නම් නැත. ‘අයං සමාධි පච්චුප්පන්න සුඛො චෙව ආයතිච සුඛවිපාකො’ ‘මේ සමාධිය වර්තමාන සැප ඇත්තේ ද මතු සැපවිපාක ඇත්තේ ද වෙයි’ යනුවෙන් එහෙයින් කියන ලදී.
ඉදානි “සඞ්ඝභෙදො”ති සරූපතො දස්සෙත්වා තස්ස අහිතාදීනං එකන්තහෙතුභාවං පකාසෙතුං “සඞ්ඝෙ ඛො පන, භික්ඛවෙ, භින්නෙ”තිආදිමාහ. තත්ථ භින්නෙති නිමිත්තත්ථෙ භුම්මං යථා “අධනානං ධනෙ අනනුප්පදීයමානෙ”ති (දී· නි· 3.91), භෙදහෙතූති අත්ථො. අඤ්ඤමඤ්ඤං භණ්ඩනානීති චතුන්නං පරිසානං තප්පක්ඛිකානඤ්ච “එසො ධම්මො, නෙසො ධම්මො”ති අඤ්ඤමඤ්ඤං විවදනානි. භණ්ඩනඤ්හි කලහස්ස පුබ්බභාගො. පරිභාසාති “ඉදඤ්චිදඤ්ච වො අනත්ථං කරිස්සාමා”ති භයුප්පාදනවසෙන තජ්ජනා. පරික්ඛෙපාති ජාතිආදිවසෙන පරිතො ඛෙපා, දසහි අක්කොසවත්ථූහි ඛුංසනවම්භනා. පරිච්චජනාති උක්ඛෙපනියකම්මකරණාදිවසෙන නිස්සාරණා. තත්ථාති තස්මිං සඞ්ඝභෙදෙ, තන්නිමිත්තෙ වා භණ්ඩනාදිකෙ. අප්පසන්නාති රතනත්තයගුණානං අනභිඤ්ඤා. න පසීදන්තීති “ධම්මචාරිනො සමචාරිනො”තිආදිනා ය්වායං භික්ඛූසු පසාදනාකාරො, තථා න පසීදන්ති, තෙසං වා සොතබ්බං සද්ධාතබ්බං න මඤ්ඤන්ති. තථා ච ධම්මෙ සත්ථරි ච අප්පසන්නාව හොන්ති. එකච්චානං අඤ්ඤථත්තන්ති පුථුජ්ජනානං අවිරුළ්හසද්ධානං පසාදඤ්ඤථත්තං.
දැන් සංඝභේදය ස්වරූප වශයෙන් දක්වා එහි අහිතාදී ඒකාන්ත හේතූභාවය ප්‍රකාශ කරන්නට ‘සංඝෙ ඛො පන භික්ඛවෙ භින්නෙ’ ‘මහණෙනි, සංඝයා බිඳීම නිමිතිකොට (හේතුකොට) යනාදිය වදාළහ. එහි භින්නෙ යනු නිමිත්තාර්ථයෙහි සත්තමී (භුම්ම) වචනය යි. ‘අධනානං ධනෙ අනුප්පදියමානෙ’ ධනය නැති අයට ධනය දීම නිමිතිකොට යන්න මෙනි. භේදයට හේතුව යන අර්ථයි. අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි යනු සිවු පිරිස අතර ද එයට පක්ෂ වූවන් අතර ද මෙය ධර්මය යි, මෙය ධර්මය නොවේ යයි ඔවුනොවුන්ගේ විවාද, භණ්ඩනය වනාහි කලහයේ මුල් අවස්ථාවයි. පරිභාසා යනු ඔබට මේ මේ අනර්ථය කරන්නෙමු යනුවෙන් භය ඉපදවීම් වශයෙන් කරන තර්ජනයයි. පරික්ඛෙපා යනු ජාති ආදී වශයෙන් හාත්පසින් වචන දමා ගැසීම, දස ආක්‍රෝශ වස්තුවෙන් නින්දා කිරීම, පහත්කොට සැලකීම. පරිච්චජනා යනු උක්ඛේපනීය කර්ම කිරිම් ආදී වශයෙන් පිටකිරීම (නෙරපීම) තත්ථ යනු ඒ නිමිත්තෙහි හෝ භණ්ඩන ආදියෙහි. අප්පසන්නා යනු රත්නත්‍රය සතු ගුණ නොදන්නා වූ. නප්පසීදන්ති යනු ධර්මචාරීහුය. සමචාරිහුය යනාදී වශයෙන් භික්ෂූන් කෙරෙහි යම් මේ පහදින ආකාරයක් වේද එසේ නොපහදිත්. උන්වහන්සේලාගේ වචනය ඇසිය යුතුයයි ඇදහිය යුතුයයි නො හඟිත්. එසේ ම ධර්මය කෙරෙහිත් ශාස්තෲන් වහන්සේ කෙරෙහිත් නොපැහැදුනාහුම වෙත්. එකච්චානං අඤ්ඤථත්තං යනු නොවැඩුණු ශ්‍රද්ධාව ඇති පෘථග්ජනයන්ගේ ප්‍රසාදයෙහි වෙනස් බවක්.
ගාථායං ආපායිකොතිආදීසු අපායෙ නිබ්බත්තනාරහතාය ආපායිකො. තත්ථපි අවීචිසඞ්ඛාතෙ මහානිරයෙ උප්පජ්ජතීති නෙරයිකො. එකං අන්තරකප්පං පරිපුණ්ණමෙව කත්වා තත්ථ තිට්ඨතීති කප්පට්ඨො. සඞ්ඝභෙදසඞ්ඛාතෙ වග්ගෙ රතොති වග්ගරතො. අධම්මියතාය අධම්මො. භෙදකරවත්ථූහි සඞ්ඝභෙදසඞ්ඛාතෙ එව ච අධම්මෙ ඨිතොති අධම්මට්ඨො. යොගක්ඛෙමා පධංසතීති යොගක්ඛෙමතො හිතතො පධංසති පරිහායති, චතූහි වා යොගෙහි අනුපද්දුතත්තා යොගක්ඛෙමං නාම අරහත්තං නිබ්බානඤ්ච, තතො පනස්ස ධංසනෙ වත්තබ්බමෙව නත්ථි. දිට්ඨිසීලසාමඤ්ඤතො සංහතට්ඨෙන සඞ්ඝං, තතො එව එකකම්මාදිවිධානයොගෙන සමග්ගං සහිතං. භෙත්වානාති පුබ්බෙ වුත්තලක්ඛණෙන සඞ්ඝභෙදෙන භින්දිත්වා. කප්පන්ති ආයුකප්පං. සො පනෙත්ථ අන්තරකප්පොව. නිරයම්හීති අවීචිමහානිරයම්හි.
ගාථාවෙහි ආපායිකො යනාදියෙහි අපායෙහි ඉපදීමට සුදුසු වූ හෙයින් ආපායික නම් වේ. එහි ද අවීචි සංඛ්‍යාත මහා නිරයෙහි උපදියි යන අර්ථයෙන් නෙරයිකො නේරයික නම් වේ. එක් අන්තර කල්පයක් සම්පූර්ණ කොට එහි සිටියි යන අර්ථයෙන් කප්පට්ඨො කප්පට්ඨ නම් වේ. සංඝභේද සංඛ්‍යාත වෙන්වීමෙහි ඇලුනේය යන අර්ථයෙන් වග්ගරතො වග්ගරත නම් වේ. අදැහැමි බැවින් අධම්මො අධර්ම නම් වේ. භේදකරවස්තු කරණකොට සංඝභේද සංඛ්‍යාත වූම අධර්මයෙහි සිටියේය යන අර්ථයෙන් අධම්මට්ඨො අධම්මට්ඨ නම් වේ. යොගක්ඛෙමා විධංසති යනු අර්හත්වයෙන් යහපතෙන් පිරිහෙයි. සතර යෝගයන්ගෙන් උවදුරු නොවූ බැවින් යෝගක්ෂේම නම් වූ රහත් බවද නිවන ද යන එයින් ඔහුගේ පිරිහීමෙහි කිවයුත්තක් ම නැත. දෘෂ්ටියෙන් ශීලයෙන් සමාන වූ ස්ථිර වූ අර්ථයෙන් සංඝං සංඝ නම් වේ. එහෙයින් ම එකට විනය කර්මාදිය කිරීමෙන් සමග්ගං හිතවත් වූ භිත්වාන පෙර කියන ලද ලක්ෂණ ඇති සංඝභේදයෙන් බිඳුවා. කප්පං ආයු කල්පය, මෙහිදී එය අන්තර කල්පයමයි. නිරයම්හි යනු අවීචි මහා නිරයෙහි.
අට්ඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවන සූත්‍ර වර්ණනාවයි.
9. සඞ්ඝසාමග්ගිසුත්තවණ්ණනා
9. සඞ්ඝසාමග්ගී සූත්‍ර වර්ණනාව
නවමෙ එකධම්මොති එකො කුසලධම්මො අනවජ්ජධම්මො. “අයං ධම්මො, නායං ධම්මො”තිආදිනා සචෙ සඞ්ඝෙ විවාදො උප්පජ්ජෙය්ය, තත්ථ ධම්මකාමෙන විඤ්ඤුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං “ඨානං ඛො, පනෙතං විජ්ජති, යදිදං විවාදො වඩ්ඪමානො සඞ්ඝරාජියා වා සඞ්ඝභෙදාය වා සංවත්තෙය්යා”ති. සචෙ තං අධිකරණං අත්තනා පග්ගහෙත්වා ඨිතො, අග්ගිං අක්කන්තෙන විය සහසා තතො ඔරමිතබ්බං. අථ පරෙහි තං පග්ගහිතං සයඤ්චෙතං සක්කොති වූපසමෙතුං, උස්සාහජාතො හුත්වා දූරම්පි ගන්ත්වා තථා පටිපජ්ජිතබ්බං, යථා තං වූපසම්මති. සචෙ පන සයං න සක්කොති, සො ච විවාදො උපරූපරි වඩ්ඪතෙව, න වූපසම්මති. යෙ තත්ථ පතිරූපා සික්ඛාකාමා සබ්‍රහ්මචාරිනො, තෙ උස්සාහෙත්වා යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්ථුසාසනෙන තං අධිකරණං යථා වූපසම්මති, තථා වූපසමෙතබ්බං. එවං වූපසමෙන්තස්ස යො සඞ්ඝසාමග්ගිකරො කුසලො ධම්මො, අයමෙත්ථ එකධම්මොති අධිප්පෙතො. සො හි උභතොපක්ඛියානං ද්වෙළ්හකජාතානං භික්ඛූනං, තෙසං අනුවත්තනවසෙන ඨිතානං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං තෙසං ආරක්ඛදෙවතානං යාවදෙව බ්රහ්මානම්පි උප්පජ්ජනාරහං අහිතං දුක්ඛාවහං සංකිලෙසධම්මං අපනෙත්වා මහතො පුඤ්ඤරාසිස්ස කුසලාභිසන්දස්ස හෙතුභාවතො සදෙවකස්ස ලොකස්ස හිතසුඛාවහො හොති.
නවවන සූත්‍රයෙහි එකධම්මො යනු එක් කුශල ධර්මයක්, නිවැරදි ධර්මයක්. මේ ධර්මයයි මේ ධර්මය නොවේයයි ආදි වශයෙන් ඉදින් සංඝයා කෙරෙහි විවාදයක් උපදින්නේ නම් එහිදී ධර්මයට කැමති නුවණ ඇති තැනැත්තා විසින් ඉදින් මේ විවාදය වැඩිදියුණු වන්නේ නම් සංඝ රාජිය පිණිස හෝ සංඝභේදය පිණිස හෝ පවතින්නේය යන මේ කාරණය විද්‍යමාන වන්නේය යනුවෙන් මෙසේ සිතාබැලිය යුතුය. ඉදින් ඒ අධිකරණය තමා විසින් ඔසවාගෙන (දැඩිව ගෙන) සිටියේ නම් ගින්නක් පාගන්නා කෙනෙකු මෙන් වහාම එයින් නැවතිය යුතුය. එසේම අනුන් විසින් හෝ දැඩිව ගෙන සිටින ලද එය සන්සිඳුවීමට තමා සමත් නම් උත්සාහවත් වී දුරකට වුවද ගොස් එය සන්සිඳෙන ආකාරයට පිළිපැදිය යුතුය. ඉදින් තමා සමත් නොවන්නේ නම් ඒ විවාදය මතු මත්තෙහිත් වැඩෙන්නේම නම් නොසන්සිඳෙන්නේ නම් ඒ කරුණෙහිලා සුදුසු වූ ශික්ෂාකාමී වූ එකට බඹසර හැසිරෙන භික්ෂූන් වහන්සේලා උත්සාහවත් කොට යම් ධර්මයකින්, යම් විනයකින් යම් ශාස්තෲ ශාසනයකින් ඒ අධිකරණය සන්සිඳේ නම් එසේ සන්සිඳවිය යුතුය. මෙසේ සන්සිඳුවන්නා වූ භික්ෂුවට සංඝයා සමඟි කිරීමේ යම් කුශල ධර්මයක් වේද මෙහිදී මෙය ‘එකධම්මො’ යනුවෙන් අදහස් කරන ලදී. ඒ භික්ෂුව සැක ඇතිවූ දෙපැත්තෙහිම සිටින භික්ෂූන්ට ද ඔවුන්ට අනුව පැවතීම් වශයෙන් සිටි භික්ෂූණීන්ට ද උපාසකයන්ට ද උපාසිකාවන්ට ද ඔවුන්ගේ ආරක්ෂක දේවතාවන්ට ද බ්‍රහ්මයන්ට ද අහිත වූ දුක්ගෙන දෙන්නා වූ ක්ලේශ ධර්මය ඉවත්කොට මහත් වූ පුණ්‍ය රාශියකට කුසල් ගලායාමට හේතුවීමෙන් දෙවියන් සහිත ලෝකයාට හිතසැප ගෙන දෙන්නෙක් වෙයි.
තෙන වුත්තං “එකධම්මො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතායා”තිආදි. තස්සත්ථො අනන්තරසුත්තෙ වුත්තවිපරියායෙන වෙදිතබ්බො. සඞ්ඝසාමග්ගීති සඞ්ඝස්ස සමග්ගභාවො භෙදාභාවො එකකම්මතා එකුද්දෙසතා ච.
එහෙයින් ‘එකධම්මො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජන හිතාය’ ‘මහණෙනි, එක් ධර්මයක් ලෝකයෙහි උපදිනු ලබන්නේ බොහෝදෙනාට හිත (යහපත) පිණිස’ යනාදිය වදාරණ ලදී. එහි අර්ථය මුලින් කියන ලද (අනන්තර) සූත්‍රයෙහි වදාළ ආකාරයට විරුද්ධ ලෙසින් දතයුතුය. සංඝසාමග්ගි යනු සංඝයාගේ සමඟි බව භේදයක් නැති බව එක්ව විනයකර්ම කරන බවද එක්ව පාමොක් උදෙසන බව ද වේ.
ගාථායං සුඛා සඞ්ඝස්ස සාමග්ගීති සුඛස්ස පච්චයභාවතො සාමග්ගී සුඛාති වුත්තා. යථා “සුඛො බුද්ධානමුප්පාදො”ති (ධ· ප· 194). සමග්ගානඤ්චනුග්ගහොති සමග්ගානං සාමග්ගිඅනුමොදනෙන අනුග්ගණ්හනං සාමග්ගිඅනුරූපං, යථා තෙ සාමග්ගිං න විජහන්ති, තථා ගහණං ඨපනං අනුබලප්පදානන්ති අත්ථො. සඞ්ඝං සමග්ගං කත්වානාති භින්නං සඞ්ඝං රාජිපත්තං වා සමග්ගං සහිතං කත්වා. කප්පන්ති ආයුකප්පමෙව. සග්ගම්හි මොදතීති කාමාවචරදෙවලොකෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අභිභවිත්වා දිබ්බසුඛං අනුභවන්තො ඉච්ඡිතනිප්ඵත්තියාව මොදති පමොදති ලලති කීළතීති.
ගාථාවෙහි සුඛා සංඝස්ස සාමග්ගි යනු සැපයට හේතුවීමෙන් සමඟිය සැපයයි වදාරණ ලදී. ‘සුඛො බුද්ධානං උප්පාදො’ ‘බුදුවරුන්ගේ උපත සැපයකි’ යන්න මෙනි. සමග්ගානඤ්චනුග්ගහො යනු සමඟි වූවන්ගේ සමඟිය අනුමෝදන් වීමෙන් අනුග්‍රහ කිරීම, සමඟියට අනුරූප වීම, යම්සේ ඔවුහු සමඟිය අත නොහරිත් ද එසේ ගැනීම තැබීම අනුබලදීම යන අර්ථයි. සමග්ගං කත්වා යනු බිඳුණු හෝ සංඝරාජියට පත්වූ හෝ සංඝයා සමඟිකොට, අර්ථ සහිත වූවක් කොට කප්පං යනු ආයුෂ කල්පයම සග්ගම්හි මොදති යනු කාමාවචර දිව්‍ය ලෝකයෙහි අනිත් දෙවිවරුන් කරුණු දහයකින් මැඬපවත්වා දිවසැප අනුභව කරමින් කැමති දේ සිදුවීමෙන් ම සතුටු වෙයි, නැලවෙයි, ක්‍රීඩා කරයි.
නවමසුත්තවණ්ණනා නිට්ඨිතා.
නවවන සූත්‍ර වර්ණනාවයි.
10. පදුට්ඨපුග්ගලසුත්තවණ්ණනා
10. පදුට්ඨපුග්ගල සූත්‍ර වර්ණනාව
දසමස්ස කා උප්පත්ති? අට්ඨුප්පත්තියෙව. එකදිවසං කිර භික්ඛූ ධම්මසභායං සන්නිසින්නා කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, ඉධෙකච්චො බහුං පුඤ්ඤකම්මං කරොති, එකච්චො බහුං පාපකම්මං, එකච්චො උභයවොමිස්සකං කරොති. තත්ථ වොමිස්සකාරිනො කීදිසො අභිසම්පරායො”ති? අථ සත්ථා ධම්මසභං උපගන්වා පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නො තං කථං සුත්වා “භික්ඛවෙ, මරණාසන්නකාලෙ සංකිලිට්ඨචිත්තස්ස දුග්ගති පාටිකඞ්ඛා”ති දස්සෙන්තො ඉමාය අට්ඨුප්පත්තියා ඉදං සුත්තං දෙසෙසි.
දසවන සූත්‍රයෙහි උපත කුමක් ද? අර්ථෝත්පත්තියමය. එක්දිනක් දම්සභාවෙහි හුන්නා වූ භික්ෂූහු ‘ඇවැත්නි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් බොහෝ පින්කම් කරයි. ඇතැම් පුද්ගලයෙක් බොහෝ පව්කම් කරයි. ඇතැම් පුද්ගලයෙක් පින්පව් දෙක මිශ්‍රව කරයි. මෙහි මිශ්‍රව කර්ම කරන පුද්ගලයාගේ පරලොව කෙබඳු ද’ යනුවෙන් කථාවක් මතු කළහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ දම්සබාවට වැඩමකොට පනවන ලද උතුම් ආසනයෙහි වැඩහිඳිමින් ඒ කථාව අසා මහණෙනි, මරණාසන්න කාලයෙහි කිලිටි වූ සිත් ඇති පුද්ගලයා විසින් දුගතිය කැමතිවිය යුතුයයි දක්වමින් මේ කාරණය මුල්කොට උපන් මේ සූත්‍රය වදාළහ.
තත්ථ ඉධාති දෙසාපදෙසෙ නිපාතො. ස්වායං කත්ථචි පදෙසං උපාදාය වුච්චති “ඉධෙව තිට්ඨමානස්ස, දෙවභූතස්ස මෙ සතො”තිආදීසු (දී· නි· 2.369). කත්ථචි සාසනං උපාදාය “ඉධෙව, භික්ඛවෙ, සමණො ඉධ දුතියො සමණො”තිආදීසු (ම· නි· 1.139; අ· නි· 4.241). කත්ථචි පදපූරණමත්තෙ “ඉධාහං, භික්ඛවෙ, භුත්තාවී අස්සං පවාරිතො”තිආදීසු (ම· නි· 1.30). කත්ථචි ලොකං උපාදාය වුච්චති “ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජතී”තිආදීසු (අ· නි· 3.61). ඉධාපි ලොකෙ එව දට්ඨබ්බො.
එහි ඉධ යනු දේශය දැක්වීමෙහි නිපාතයයි. ඒ මේ නිපාතය කිසියම් තැනක ‘ප්‍රදේශය’ ගෙන කියනු ලැබේ. ‘ඉධෙව තිට්ඨමානස්ස දෙවභූතස්ස මෙ සතො’ ‘මෙහි ම සිටින දෙවි වූ ම මා විසින්’ යන ආදියෙහි මෙනි. කිසියම් තැනක ‘ශාසනය’ ගෙන කියනු ලැබේ. ‘ඉධෙව භික්ඛවෙ සමණො ඉධ දුතියො සමණො’ ‘මහණෙනි, මේ ශාසනයෙහිම පළමු ශ්‍රමණයා වෙයි. මෙහිම දෙවන දෙවන ශ්‍රමණයා වෙයි’ ආදියෙහි මෙනි. කිසිතැනක පදපූරණය පමණක යෙදේ. ‘ඉධාහං භික්ඛවෙ භුත්තාවී අස්සං පවාරිතො’ ‘මහණෙනි, මම වැළඳූයෙම් උවමනා පමණ වළඳා අවසන් කළෙම්’ ආදියෙහි මෙනි. කිසිතැනක ලෝකය ගෙන කියනු ලැබේ. ‘ඉධ තථාගතො උප්පජ්ජති’ ‘තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි උපදිති’ ආදියෙහි මෙනි. මෙම සූත්‍රයෙහි ද ලෝකයෙහි ම යයි දතයුතුය.
එකච්චන්ති එකං, අඤ්ඤතරන්ති අත්ථො. පුග්ගලන්ති සත්තං. සො හි යථාපච්චයං කුසලාකුසලානං තබ්බිපාකානඤ්ච පූරණතො මරණවසෙන ගලනතො ච පුග්ගලොති වුච්චති. පදුට්ඨචිත්තන්ති පදොසෙන ආඝාතෙන දුට්ඨචිත්තං. අථ වා පදුට්ඨචිත්තන්ති දොසෙන රාගාදිනා පදූසිතචිත්තං. එත්ථ ච එකච්චන්ති ඉදං පදුට්ඨචිත්තස්ස පුග්ගලස්ස විසෙසනං. යස්ස හි පටිසන්ධිදායකකම්මං ඔකාසමකාසි, සො තථා වුත්තො. යස්ස ච අකුසලප්පවත්තිතො චිත්තං නිවත්තෙත්වා කුසලවසෙන ඔතාරෙතුං න සක්කා, එවං ආසන්නමරණො. එවන්ති ඉදානි වත්තබ්බාකාරං දස්සෙති. චෙතසාති අත්තනො චිත්තෙන චෙතොපරියඤාණෙන. චෙතොති තස්ස පුග්ගලස්ස චිත්තං. පරිච්චාති පරිච්ඡින්දිත්වා පජානාමි. නනු ච යථාකම්මුපගඤාණස්සායං විසයොති? සච්චමෙතං, තදා පවත්තමානඅකුසලචිත්තවසෙන පනෙතං වුත්තං.
එකච්චං යනු එක්, එක්තරා යන අර්ථයයි. පුග්ගලං යනු සත්ත්වයාය. ඔහු කැමති පරිදි කුසල් අකුසල් ද එහි විපාක ද සම්පූර්ණ කිරිමෙන් මරණ වශයෙන් ද ගලායෑම් වශයෙන් ද පුග්ගල යයි කියනු ලැබේ. පදුට්ඨචිත්තං යනු දූෂණයෙන් ක්‍රෝධයෙන් දූෂිත වූ සිත. නැතහොත් පදුට්ඨචිත්තං යනු රාගාදී දෝෂයෙන් දූෂිත වූ සිත. මෙහි ද එකච්චං යන මෙය දූෂිත වූ සිත් ඇති පුද්ගලයාට විශේෂණයකි. යමෙකුට ප්රතිසන්ධි ගෙනදෙන කර්මයට ඉඩක් ඇතිකළේ ද එසේ කියන ලද හෙතෙම, යමෙකුට අකුශල පැවැත්මෙන් සිත නවත්වා කුශල වශයෙන් බැසගන්නට නො හැකි ද මෙසේ ආසන්න වූ මරණය ඇත්තේ. එවං යනු දැන් කිවයුතු ආකාරය දක්වයි. චෙතසා යනු තමාගේ සිතෙන් අනුන්ගේ සිත් දන්නා නුවණින්. චෙතො යනු ඒ පුද්ගලයාගේ සිත. පරිච්ච යනු වෙන්කොට (පිරිසිඳ) පජානාමි දනිමි. මෙය යථාකම්මූපග ඤාණයට (මියගොස් ඉපදීමට හේතු වූ කර්මය දැනගන්නා නුවණට) වෙනස් නොවේද? එය ඇත්තය. එකල්හි පවතින අකුසල සිත වශයෙන් මෙය කියන ලදී.
ඉමම්හි චායං සමයෙති ඉමස්මිං කාලෙ, ඉමායං වා පච්චයසාමග්ගියං, අයං පුග්ගලො ජවනවීථියා අපරභාගෙ කාලං කරෙය්ය චෙති අත්ථො. න හි ජවනක්ඛණෙ කාලංකිරියා අත්ථි. යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති යථා ආභතං කිඤ්චි ආහරිත්වා ඨපිතං, එවං අත්තනො කම්මුනා නික්ඛිත්තො නිරයෙ ඨපිතො එවාති අත්ථො. කායස්ස භෙදාති උපාදින්නක්ඛන්ධපරිච්චාගා. පරං මරණාති තදනන්තරං අභිනිබ්බත්තක්ඛන්ධග්ගහණෙ. අථ වා කායස්ස භෙදාති ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදා. පරං මරණාති චුතිතො උද්ධං.
ඉම්මහි චායං සමයෙ යනු මේ කාලයෙහි, මේ හේතු එකතු වූ කල්හි හෝ අයං පුග්ගලො මේ පුද්ගලයා පෘථග්ජන ජවන වීථියෙන් පසුකාලයෙහි කාලං කරෙය්ය ඉදින් කලුරිය කරන්නේ නම් යන අර්ථයි. ජවනය ඇතිවන මොහොතෙහි කලුරිය කිරීමක් නැත. යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ යනු ගෙන එන ලද කිසිවක් ගෙනවුත් තබන ලද්දාක් මෙන් තමාගේ කර්මයෙන් නිරයෙහි බහා තබන ලද්දේම ය තබන ලද්දේම ය යන අර්ථයි. කායස්ස භෙදා යනු උපාදින්න (තෘෂ්ණාදියෙන් අල්ලා ගන්න ලද) ස්කන්ධ හැරදැමීමෙන්. පරම්මරණා යනු ඊට පසුව උපන් ස්කන්ධ අල්ලා ගැනීමෙහි. නැතහොත් ‘කායස්ස භෙදා’ යනු ජීවිතින්ද්රිය සිඳ දැමීමෙන්. ‘පරම්මරණා’ යනු චුතියෙන් මත්තෙහි.
අපායන්තිආදි සබ්බං නිරයස්සෙව වෙවචනං. නිරයො හි අයසඞ්ඛාතා සුඛා අපෙතොති අපායො; සග්ගමොක්ඛහෙතුභූතා වා පුඤ්ඤසම්මතා අයා අපෙතොතිපි අපායො. දුක්ඛස්ස ගති පටිසරණන්ති දුග්ගති; දොසබහුලත්තා වා දුට්ඨෙන කම්මුනා නිබ්බත්තා ගතීතිපි දුග්ගති. විවසා නිපතන්ති එත්ථ දුක්කටකම්මකාරිනො, විනස්සන්තා වා එත්ථ නිපතන්ති සම්භිජ්ජමානඞ්ගපච්චඞ්ගාති විනිපාතො. නත්ථි එත්ථ අස්සාදසඤ්ඤිතො අයොති නිරස්සාදට්ඨෙන නිරයො. අථ වා අපායග්ගහණෙන තිරච්ඡානයොනි වුච්චති. තිරච්ඡානයොනි හි අපායො සුගතිතො අපෙතත්තා, න දුග්ගති මහෙසක්ඛානං නාගරාජාදීනං සම්භවතො. දුග්ගතිග්ගහණෙන පෙත්තිවිසයො. සො හි අපායො චෙව දුග්ගති ච සුගතිතො අපෙතත්තා දුක්ඛස්ස ච ගතිභූතත්තා, න විනිපාතො අසුරසදිසං අවිනිපාතත්තා. විනිපාතග්ගහණෙන අසුරකායො. සො හි යථාවුත්තෙන අත්ථෙන අපායො චෙව දුග්ගති ච, සබ්බසම්පත්තිසමුස්සයෙහි විනිපතිතත්තා විනිපාතොති ච වුච්චති. නිරයග්ගහණෙන අවීචිආදිඅනෙකප්පකාරො නිරයොව වුච්චති. ඉධ පන සබ්බපදෙහිපි නිරයොව වුත්තො. උපපජ්ජන්තීති පටිසන්ධිං ගණ්හන්ති.
අපායං යන ආදී සියල්ල නිරයට සමාන වචනමය. නිරය වනාහි ‘අය’ යයි කියන ලද සැපයෙන් ඉවත්වූයේ යන අර්ථයෙන් අපාය නම් වේ. ස්වර්ග මෝක්ෂයට හේතු වූ පුණ්‍ය සම්මත ‘අය’ යෙන් ඉවත් වූයේ යන අර්ථයෙන් ද අපාය නම් වේ. දුකේ ගතිය, දුකට පිළිසරණ යන අර්ථයෙන් දුග්ගති නම් වේ. ද්වේෂ බහුල බැවින් හෝ දුෂ්ට කර්මයෙන් උපන්නා වූ ගතිය යන අර්ථයෙන් ද දුග්ගති නම් වේ. නරක කර්ම කළ අය මෙහි විවසව. වැටෙති. අඟපසඟ බිඳමින් නැසෙමින් මෙහි වැටෙති යන අර්ථයන් හෝ විනිපාත නම් වේ. මෙහි ආශ්වාද නම් වූ ‘අය’ මෙහි නැතැයි ආශ්වාද නැති අර්ථයෙන් නිරය නම් වේ. නැතහොත් අපාය ගැනීමෙන් තිරිසන් යෝනිය කියනු ලැබේ. තිරිසන් යෝනිය වනාහි සුගතියෙන් පහවූ බැවින් අපාය නම් වේ. මහේශාක්‍ය නාගරාජාදීන්ගේ හටගැනීම ඇති හෙයින් දුගතිය නොවේ. දුගතිය ගැනීමෙන් ප්‍රේත විෂය කියනු ලැබේ. එය සුගතියෙන් පහ වූ බැවින් ද දුකට පිහිට වූ බැවින් ද අපාය ද දුගතිය ද වෙයි. අසුරයන්ට සමාන විනිපාතයක් නැති බැවින් විනිපාත නොවේ. විනිපාතය ගැනීමෙන් අසුරකාය කියනු ලැබේ. එය කියන ලද ආකාර ඇති අර්ථයෙන් අපාය ද දුගතිය ද වෙයි. සම්පූර්ණ ශරීරවලින් වැටුණු බැවින් විනිපාත යයි ද කියනු ලැබේ. මෙහි වනාහි සියලු පදවලින් නිරයම කියන ලද්දේය. උප්පජ්ජන්ති යනු ප්රතිසන්ධිය ගනිති.
ගාථාසු පඨමගාථා සඞ්ගීතිකාලෙ ධම්මසඞ්ගාහකත්ථෙරෙහි ඨපිතා. ඤත්වානාති පුබ්බකාලකිරියා. ඤාණපුබ්බකඤ්හි බ්‍යාකරණං. හෙතුඅත්ථො වා ත්වා-සද්දො යථා “සීහං දිස්වා භයං හොතී”ති, ජානනහෙතූති අත්ථො. බුද්ධො, භික්ඛූනං සන්තිකෙති බුද්ධො භගවා අත්තනො සන්තිකෙ භික්ඛූනං එතං පරතො ද්වීහි ගාථාහි වුච්චමානං අත්ථං බ්යාකාසි. සෙසං වුත්තනයමෙව.
ගාථා අතරින් පළමු ගාථාව සංගායනා කාලයෙහි ධර්මය සංගායනා කළ ස්ථවිරයන් වහන්සේලා විසින් තබන ලදී. ඤත්වා යනු පූර්වකාල ක්‍රියාවයි. (අතීත කාලයට අයත් පූර්ව ක්‍රියාවයි) දැනීම මුල්කොට ඇති ප්‍රකාශ කිරිමයි. ‘සිංහයා දැක බියවෙයි’ යන්න මෙන් ඤත්වා ශබ්දය හේතු අර්ථය ඇත්තේ හෝ වෙයි. දැනීම් හේතුව යන අර්ථයි. බුද්ධො භික්ඛූන සන්තිකෙ යනු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සමීපයෙහි භික්ෂූන්ට ඉන්පසු ඇති ගාථා දෙකින් කියනු ලබන අත්ථං බ්යාකාසි කාරණය වදාළහ. ඉතිරිය කියන ලද ආකාරයෙන්ම ය.
දසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවන සූත්‍ර වර්ණනාවයි.
දුතියවග්ගවණ්ණනා නිට්ඨිතා.
දෙවන වර්ග වර්ණනාව නිමියේ ය.