යෙදුමෙන් කියවන්න

පදුට‍්ඨපුග‍්ගලසුත‍්තං

1. 2. 10.

1. 2. 10.

[පදුට‍්ඨපුග‍්ගලසුත‍්තං]

[පදුට්ඨපුග්ගල සූත්‍රය]

20. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

20. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:

1. ඉදාහං භික‍්ඛවෙ එකච‍්චං පුග‍්ගලං පදුට‍්ඨචිත‍්තං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: “ඉමම‍්හි චායං සමයෙ පුග‍්ගලො කාලං කරෙය්‍ය, යථාභතං නික‍්ඛිත‍්තො, එවං නිරයෙ. තං කිස‍්ස හෙතු: චිත‍්තඤ‍්හි’ස‍්ස භික‍්ඛවෙ පදුට‍්ඨං. චෙතොපදොසහෙතු ඛො පන භික‍්ඛවෙ එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්තී”ති.

1. මහණෙනි, මම මේ ලෝකයෙහි දූෂිත සිතැති ඇතැම් පුද්ගලයකු මෙසේ මගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගලයා මේ කාලයෙහි කලුරිය කෙරේ නම් ගෙන එන ලද්දක් යම් සේ බිම තබා ද, එසේ නිරයෙහි උපදනේ වෙයි. ඒ කවර හෙයින? යත්: මහණෙනි, යම් හෙයෙකින් ඔහුගේ සිත ප්‍රදුෂ්ට ද, එහෙයින්. මහණෙනි, සිත දූෂිත වීම හේතු කොට ගෙණ මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තා වූ, දුකට හේතු වූ, විවශ ව පතිත වන තැන වූ නරකයෙහි උපදිත්.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මෙහි ලා මෙය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.

2. “පදුට‍්ඨචිත‍්තං ඤත්‍වාන එකච‍්චං ඉධ පුග‍්ගලං, එතමත්‍ථඤ‍්ච ව්‍යාකාසි බුද‍්ධො භික‍්ඛූන සන‍්තිකෙ.

2. “මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු ප්‍රදුෂ්ට සිත් ඇත්තකු වශයෙන් දැන බුදුහු භික්‍ෂුන්ගේ සමීපයෙහි මේ කාරණය ප්‍රකාශ කළහ:

3. ඉමම‍්හි චායං සමයෙ කාලං කයිරාථ පුග‍්ගලො, නිරයං උපපජ‍්ජෙය්‍ය චිත‍්තඤ‍්හි’ස‍්ස පදූසිතං.”

3. මේ කාලයෙහි මේ පුද්ගල තෙමේ කලුරිය කෙරේ නම් නරකයෙහි උපදනේ ය. යම් හෙයකින් ඔහුගේ සිත දූෂිත වූයේ ද එ හෙයිනි.“

4. යථා’හරිත්‍වා නික‍්ඛිපෙය්‍ය එවමෙව තථාවිධා චෙතොපදොසහෙතූ හි සත‍්තා ගච‍්ඡන‍්ති දුග‍්ගති”න‍්ති

4. “යම්සේ යමක් ගෙනවුත් බහා තබන්නේ ද, එසේ ම එවැනි සත්ත්‍වයෝ චිත්තප්‍රදෝෂ හේතුයෙන් දුගතියට යෙත්.“

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදි.

වග‍්ගො දුතියො.

දෙවන වර්‍ගය යි.

තස‍්සුද‍්දාන:

එහි උද්දානය:

මොහො කොධො අථ මක‍්ඛො විජ‍්ජා තණ‍්හා සෙඛා දුවෙ, භෙදො සාමග‍්ගි පුග‍්ගලො ච වග‍්ගමාහු දුතියන‍්ති වුච‍්චති.

මෝහ, කෝධ, මක්ඛ, මෝහ, අවිජ්ජා, (නීවරණ), තණ්හා (සංයෝජන) සේඛ දෙකය, සඞ්ඝභේද, සඞ්ඝසාමග්ගි, දුට්ඨපුග්ගල යැ යි මේ සූත්‍ර කීහු. වර්‍ගය දෙවැනි ය යි කියනු ලැබේ.