සඞ්ඝසාමග්ගිසුත්තං
1. 2. 9.
1. 2. 9.
[සඞ්ඝසාමග්ගිසුත්තං]
[සඞ්ඝසාමග්ගී සූත්‍රය]
19. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
19. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. එකධම්මොභික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො එක ධම්මො? සඞ්ඝසාමග්ගි. සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ සමග්ගෙ න චෙව අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිභාසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්ථ අප්පසන්නා චෙව පසීදන්ති, පසන්නානඤ්ච භිය්යොභාවො හොතී’ති.
1. “මහණෙනි, එක් කුශල ධර්මයෙක් සත්ත්ව ලෝකයෙහි උපදිනුයේ, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්ත්ථ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස, සැප පිණිස උපදියි. කවර එක් ධර්මයෙක් ද? යත්: සඞ්ඝයාගේ සමගිය යි. මහණෙනි, සඞ්ඝයා සමඟ වූ කල්හි ඔවුනොවුන්ගේ කලහයෝ නො වෙත්, ඔවුනොවුන්ගේ තර්ජනයෝ ද නො වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙළීම්හු ද නො වෙත්, ඔවුනොවුන්ගේ අත් හැරීම් ද නො වේ. එහි ලා නො පහන් වූවෝ පහදිත්. පහන් වූවන්ගේ බොහෝ බව ද වේ.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සුඛා සඞ්ඝස්ස සාමග්ගී සමග්ගානඤ්චනුග්ගහො සමග්ගරතො ධම්මට්ඨො යොගක්ඛෙමා න ධංසති, සඞ්ඝං සමග්ගං කත්වාන කප්පං සග්ගම්හි මොදතී’ති.
2. “සඞ්ඝයාගේ සමඟිය සැපයට හේතුවෙකි. සමගවූවනට අනුබල දීම ද සුව එළවන්නේ වේ. සමගියෙහි ඇලුනා වූ, ධර්මයෙහි පිහිටි පුද්ගල තෙමේ නිවනින් නො පිරිහෙයි. සඞ්ඝයා සමඟ කොට කල්පයක් දෙව්ලොවැ සතුටු වෙයි.“
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
මේ අර්ත්ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.