සඞ්ඝභෙදසුත්තං
1. 2. 8.
1. 2. 8.
[සඞ්ඝභෙදසුත්තං]
[සඞ්ඝභේද සූත්‍රය]
18. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
18. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. එකධම්මො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. කතමො එකධම්මො? සඞ්ඝභෙදො. සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ භින්නෙ අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි චෙව හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිභාසා ච හොන්ති අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිච්චජනා ච හොන්ති. තත්ථ අප්පසන්නා චෙව නප්පසීදන්ති. පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තං හොතී”ති.
1. “මහණෙනි, එක් (මහා සාවද්‍ය වූ) අකුශල ධර්මයෙක් සත්ත්ව ලෝකයෙහි පහළ වනුයේ, බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්හට අහිත පිණිස දුක් පිණිස පහළ වෙයි. කවර එක් ධර්මයෙක් ද යත්: සඞ්ඝභේදය යි. මහණෙනි, සඞ්ඝයා බිඳුණු කල්හි ඔවුනොවුන්ගේ කලහයෝ ද වෙත්, ඔවුනොවුන්ගේ තර්ජනයෝ ද වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙළීම්හු ද වෙත්, ඔවුනොවුන්ගේ අත්හැරීම්හු ද වෙත්. එහි නො පහන් වූවෝ ද නො පහදිත්. පැහැදුණු ඇතැමුන්ගේ වෙනස් බවෙක් ද වෙයි.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “ආපායිකො නෙරයිකො කප්පට්ඨො සඞ්ඝභෙදකො, වග්ගාරාමො අධම්මට්ඨො යොගක්ඛෙමා විධංසති, සඞ්ඝං සමග්ගං භෙත්වාන කප්පං නිරයම්හි පච්චතී’ති.
2. “අපායෙහි ඉපැද්මට සුදුසු වූ අවීචි මහානරකයෙහි ඉපැත්ම පිණිස පවත්නා වූ, කපක් මුළුල්ලෙහි එහි සිටීමට කාරණ වූ ව්‍යග්‍රාරාම වූ (භේදයෙහි ඇලුණු) අධර්මයෙහි පිහිටියා වූ, සඞ්ඝභේද කර්මය කරන්නා වූ පුද්ගල තෙමේ නිවනින් වෙසෙසින් පිරිහෙයි. ( නිවන් නො ලබයි.) සමග වූ සඞ්ඝයා බිඳ කල්පයක් නරකයෙහි පැසෙයි.“
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
මේ අර්ත්ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.