යෙදුමෙන් කියවන්න

දුතියසෙඛසුත‍්තං

1. 2. 7.

1. 2. 7.

[දුතියසෙඛසුත‍්තං]

[දෙවන සේඛ සූත්‍රය]

17. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

17. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:

1. සෙඛස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො අප‍්පත‍්තමානසස‍්ස අනුත‍්තරං යොගක‍්ඛෙමං පත්‍ථයමානස‍්ස විහරතො බාහිරං අඞ‍්ගන‍්ති කරිත්‍වා න අඤ‍්ඤං එකඞ‍්ගම‍්පි සමනුපස‍්සාමි එවං බහූපකාරං යථයිදං භික‍්ඛවෙ කල්‍යාණමිත‍්තතා. කල්‍යාණමිත‍්තො භික‍්ඛවෙ භික‍්ඛු අකුසලං පජහති කුසලං භාවෙතීති.

1. මහණෙනි, නො පැමිණි අර්‍හත්ත්‍වය ඇති, උතුම් වූ නිවන පතමින් වෙසෙන ශෛක්‍ෂ භික්‍ෂුහට බාහිර වූ අඞ්ගයක් වශයෙන් මේ කල්‍යාණ මිත්‍රයන් ඇති බව බොහෝ උපකාර ඇත්තේ වේ ද, එබඳු වූ අන් එක අඞ්ගයකුදු මම නුවණැසින් නො දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රයන් ඇති භික්‍ෂු තෙමේ අකුසල් පහ කරයි, කුසල් වඩයි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මෙය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “කල්‍යාණමිත‍්තො යො භික‍්ඛු සප‍්පතිස‍්සො සගාරවො, කරං මිත‍්තානං වචනං සම‍්පජානො පතිස‍්සතො, පාපුණෙ අනුපුබ‍්බෙන සබ‍්බසඤ‍්ඤොජනක‍්ඛය”න‍්ති.

2. “සුවච වූ, ගෞරව සහිත වු, කල්‍යාණමිත්‍රයන් ඇති යම් භික්‍ෂුවෙක් වේ ද ( හෙ තෙමේ) නුවණ ඇත්තේ, පිහිටි සිත් ඇත්තේ, කල්‍යාණමිත්‍රයන්ගේ වචනය (ඉටු) කරනුයේ, පිළිවෙළින් සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය කිරීම් සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පැමිණෙන්නේ ය.

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.