යෙදුමෙන් කියවන්න

පඨමසෙඛසුත‍්තං

1. 2. 6.

1. 2. 6.

[පඨමසෙඛසුත‍්තං]

[පළමු සේඛ සූත්‍රය]

16. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.

16. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:

1. සෙඛස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො අප‍්පත‍්තමානසස‍්ස අනුත‍්තරං යොගක‍්ඛෙමං පත්‍ථයමානස‍්ස විහරතො අඞ‍්ගන‍්ති කරිත්‍වා න අඤ‍්ඤං එකඞ‍්ගම‍්පි සමනුපස‍්සාමි යං එවං බහූපකාරං යථයිදං භික‍්ඛවෙ යොනිසො මනසිකාරො. යොනිසො භික‍්ඛවෙ භික‍්ඛු මනසිකරොන‍්තො අකුසලං පජහති කුසලං භාවෙතීති.

1. මහණෙනි, නො පැමිණි අර්‍හත්ත්‍වය ඇති උතුම් වූ නිවණ පතමින් වෙසෙන ශෛක්‍ෂ භික්‍ෂූහට සිය සතන්හි උපන් අඞ්ගයක් වශයෙන් මේ යෝනිසෝමනසිකාරය යම්සේ බොහෝ උපකාර ඇත්තේ වේ ද, එබඳු වූ අන් එක ම අඞ්ගයකුදු මම නුවණැසින් නො දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරණ භික්‍ෂු අකුසල් පහ කරයි. කුසල් වඩයි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “යොනිසො මනසිකාරො ධම‍්මො සෙඛස‍්ස භික‍්ඛුනො, නත්‍ථඤ‍්ඤො එවං බහුකාරො උත‍්තමත්‍ථස‍්ස පත‍්තියා, යොනිසො පදහං භික‍්ඛු ඛයං දුක‍්ඛස‍්ස පාපුණෙ”ති.

2. “නුවණින් මෙනෙහි කිරීම් සඞ්ඛ්‍යාත යම් ධර්‍මයෙක් වේ ද, ශෛක්‍ෂ භික්‍ෂුහට අර්‍හත්ත්‍වය ලැබ ගැනීම පිණිස එ සේ මහත් සේ උපකාරී වූ අන් එක් කරුණකුදු නුවණින් නො දක්මි. භික්‍ෂු තෙමේ නුවණින් වීර්‍ය්‍ය වඩනුයේ දුඃඛක්‍ෂයට (නිවණට) පැමිණෙන්නේ ය.“

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ අර්‍ත්‍ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.