යෙදුමෙන් කියවන්න

තණ‍්හාසංයොජනසුත‍්තං

1. 2. 5.

1. 2. 5.

[තණ‍්හාසංයොජනසුත‍්තං]

[තණ්හාසංයෝජන සූත්‍රය]

15. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.

15. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:

1. නාහං භික‍්ඛවෙ අඤ‍්ඤං එකසංයොජනම‍්පි සමනුපස‍්සාමි යෙන සඤ‍්ඤොජනෙන සංයුත‍්තා සත‍්තා දීඝරත‍්තං සන්‍ධාවන‍්ති සංසරන‍්ති යථයිදං, භික‍්ඛවෙ තණ‍්හාසඤ‍්ඤොජනං. තණ‍්හාසඤ‍්ඤොජනෙන හි භික‍්ඛවෙ සංයුත‍්තා සත‍්තා දීඝරත‍්තං සන්‍ධාවන‍්ති සංසරන‍්තී’ති.

1. මහණෙනි, යම් සඤ්ඤෝජනයෙකින් යුක්ත වූ සත්ත්‍වයෝ දීර්‍ඝකාලයක් සංසාරයෙහි දිවෙත් ද, හැසිරෙත් ද, මහණෙනි, මේ තෘෂ්ණාසංයෝජනය යම් සේ ද එබඳු වූ අන් එකම සඤ්ඤෝජනයකුදු මම ඤාණසමනුපස්සනාවෙන් නො දකිමි. මහණෙනි, තෘෂ්ණාසඤ්ඤෝජනයෙන් යුක්ත වූ සත්ත්‍වයෝ දීර්‍ඝකාලයක් සංසාරයෙහි දිවෙත්, හැසිරෙත්.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මෙය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. තණ‍්හාදුතියො පුරිසො දීඝමද‍්ධාන සංසරං. ඉත්‍ථභාවඤ‍්ඤථාභාවං සංසාරං නාතිවත‍්තති.

2. “තෘෂ්ණාව සහාය කොට ඇති පුරුෂ තෙමේ දීර්‍ඝකාලයක් හැසිරෙන්නේ මනුෂ්‍යාත්මභාවය හා අවශේෂ ආත්මභාව සඞ්ඛ්‍යාත සංසාරය නො ඉක්මෙයි.”

3. එතමාදීනවං ඤත්‍වා තණ‍්හං දුක‍්ඛස‍්ස සම‍්භවං. වීතතණ‍්හො අනාදානො සතො භික‍්ඛු පරිබ‍්බජෙ”ති.

3. “මහණ තෙමේ ස්මෘතිමත් වූයේ දුඃඛයාගේ හට ගැණීම වූ තෘෂ්ණාව මෙ බඳු ආදීනව ඇත්තේ ය යි දැන, පහ කළ තෘෂ්ණා ඇතියේ, උපාදාන රහිත වූයේ, සංසාර ප්‍රවෘත්තියෙන් ඉවත් වන්නේය.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.