අවිජ්ජානීවරණා සුත්තං
1. 2. 4.
1. 2. 4.
[අවිජ්ජානීවරණා සුත්තං]
[අවිජ්ජානීවරණ සූත්‍රය]
14. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
14. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි:
1. නාහං භික්ඛවෙ අඤ්ඤං එකනීවරණම්පි සමනුපස්සාමි යෙන නීවරණෙන නිවුතා පජා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්ති යථයිදං භික්ඛවෙ අවිජ්ජානීවරණං. අවිජ්ජානීවරණෙන හි භික්ඛවෙ නිවුතා පජා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්තී’ති.
1. මහණෙනි, යම් නීවරණයෙකින් වෙළුනා වූ සත්ත්වයෝ (උත්පත්ති වශයෙන්) ඒ ඒ භවයන්හි දිවෙත් ද, හැසිරෙත් ද, මහණෙනි, මේ අවිද්‍යානීවරණය යම් සේ ද (එබඳු වූ) අන් එක ම නීවරණයකුදු මම (ඤාණසමනුපස්සනාවෙන්) නො දකිමි. මහණෙනි, අවිද්‍යානීවරණයෙන් ඇවුරුණා වූ සත්ත්වයෝ බොහෝ කලක් මුළුල්ලෙහි (උප්පත්තිවශයෙන්) ඒ ඒ භවයන්හි දිවෙත්, හැසිරෙත්.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “නත්ථඤ්ඤො එකධම්මො’පි යෙනෙවං නිවුතා පජා. සංසරන්ති අහොරත්තං යථා මොහෙන ආවුතා.
2. “යම්සේ මෝහයෙන් ඇවුරුණාහු ද එසේ නම් නීවරණයෙකින් සත්ත්වයෝ නිතර සසර හැසිරෙත් ද, මේ අවිද්‍යා නීවරණය යම් සේ ද, එබඳු වූ අන් එක ම ධර්මයෙකුදු නැත්තේ ය.
3. “යෙ ච මොහං පහත්වාන තමොඛන්ධං පදාළයුං න තෙ පුන සංසරන්ති හෙතු තෙසං න විජ්ජතී”ති.
3. යම් ආර්‍ය්‍යශ්‍රාවක කෙනෙක් මෝහය දුරු කොට අර්හත්ත්ව මාර්ගඥානයෙන් සහමුලින් මෝහස්කන්ධය සින්දාහු ද, ඔහු නැවත සසර නො හැසිරෙත්. ඔවුනට සසර හැසිරීමෙහි හේතුව විද්‍යාමාන නොවේ”.
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.