මක්ඛපරිඤ්ඤා සුත්තං
1. 2. 3.
1. 2. 3.
[මක්ඛපරිඤ්ඤා සුත්තං]
[මක්ඛපරිඤ්ඤා සූත්‍රය]
13. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
13. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:
1. මක්ඛං භික්ඛවෙ අනභිජානං අපරිජානං තත්ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. මක්ඛඤ්ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං තත්ථ චිත්තං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායා’ති.
1. මහණෙනි, මකු බව විශිෂ්ටඥානයෙන් අවබෝධ නො කරන්නේ, සර්වප්රකාරයෙන් දැන නොගන්නේ, එහි සිත අලවන්නේ, එය දුරු නොකරන්නේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් නොවේ. මහණෙනි, එහෙත් මකු බව විශිෂ්ටඥානයෙන් අවබෝධ කරන්නේ, සර්වප්රකාරයෙන් දැනැ ගන්නේ, එහි සිත නො අලවන්නේ,( මාර්ග ඥානයෙන්) දුරු කරන්නේ, දුක් කෙළවර කිරීමට සුදුස්සෙක් වේ.
එතමත්ථං භගවා අවොච තත්ථෙතං ඉති වුච්චති:
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය (ගාථාවශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “යෙන මක්ඛෙන මක්ඛා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං තං මක්ඛං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචන”න්ති.
2. “යම් මකු බවෙකින් මෙරමා ගුණ වළහන්නා වූ සත්ත්වයෝ දුගතියට යෙද්ද, විදර්ශනාඥානයෙන් බලන්නාහු ඒ මකුබව සම්‍යක්ප්‍රඥාවෙන් දැන සහමුලින් පහ කෙරෙත්. මකුබව පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරළා නො එත්.“
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. එය මෙසේ මා විසින් අසන ලදි.