පසන්නචිත්ත සුත්තං
1. 3. 1.
1. 3. 1.
[පසන්නචිත්ත සුත්තං]
[පසන්නචිත්ත සූත්‍රය]
21. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
21. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:
1. ඉදාහං භික්ඛවෙ එකච්චං පුග්ගලං පසන්නචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමම්හි චායං සමයෙ පුග්ගලො කාලං කරෙය්ය යථා’භතං නික්ඛිත්තො එවං සග්ගෙ. තං කිස්ස හෙතු? චිත්තඤ්හි’ස්ස භික්ඛවෙ පසන්නං. චෙතොපසාද හෙතු ඛො පන භික්ඛවෙ එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී ති.
1. මහණෙනි, මේ ලෝකයෙහි පැහැදුණු සිත් ඇති ඇතැම් පුද්ගලයකු මෙසේ (මගේ) සිතින් (ඔහුගේ) සිත පිරිසිඳ දනිමි: “මේ පුද්ගලයා මේ කාලයෙහි කලුරිය කෙරේ නම්, හිසින් ගෙනා බරක් යම්සේ බහා තබනු ලැබේ ද, එසේ ම ස්වර්ගයෙහි උපදියි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්න ය. එ හෙයින් මහණෙනි, සිත පැහැදීම හේතු කොට ගෙණ මෙසේ සමහර සත්ත්වයෝ කරජකායයාගේ භේදයෙන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයෙහි උපදිත්.”
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙහි ලා මේ අර්ත්ථය (ගාථාවශයෙන්) කියනු ලැබේ:
2. “පසන්න චිත්තං ඤත්වාන එකච්චං ඉධ පුග්ගලං, එතමත්ථං ච ව්යාකාසි බුද්ධො භික්ඛූන සන්තිකෙ
2. “මේ ලෝකයෙහි ඇතැම් පහන් සිතැති පුඟුලකු දැන බුදුහු භික්ෂුන්ගේ සමීපයෙහි මේ කාරණය වදාළහ:
3. ඉමම්හි චායං සමයෙ කාලං කයිරාථ පුග්ගලො, සුගතිං උපපජ්ජෙය්ය චිත්තඤ්හි’ස්ස පසාදිතං.
3. මේ කාලයෙහි මේ පුද්ගල තෙමේ කලුරිය කෙරේ නම්, සුගතියෙහි උපදනේ ය. ඔහුගේ සිත ප්‍රසන්න ය එහෙයිනි.
4. යථා’හරිත්වා නික්ඛිපෙය්ය එවමෙව තථාවිධො චෙතොපසාදහෙතූ හි සත්තා ගච්ඡන්ති සුග්ගති”න්ති.
4. යම් සේ යමක් ගෙණවුත් බහා තබන්නේ ද, පැහැදුණු සිත් ඇති පුද්ගල තෙමේ ද, එ පරිද්දෙන් ම ස්වර්ගයෙහි උපදනේ වේ. සිත පැහැදීම හේතු කොට ගෙන සත්ත්වයෝ සුගතියට යෙත්.“
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මේ කාරණය ද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.