මාපුඤ්ඤභායී සුත්තං
1. 3. 2.
1. 3. 2.
[මාපුඤ්ඤභායී සුත්තං]
[මාපුඤ්ඤභායී සූත්‍රය]
22. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
22. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී:
1. මා භික්ඛවෙ පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සෙතං භික්ඛවෙ අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානි. අභිජානාමි ඛො පනාහං භික්ඛවෙ දීඝරත්තං කතානං පුඤ්ඤානං ඉට්ඨං කන්තං පියං මනාපං විපාකං පච්චනුභූතං. සත්ත වස්සානි මෙත්තචිත්තං භාවෙත්වා සත්ත සංවට්ටවිවට්ටකප්පෙ නයිමං ලොකං පුනරාගමාසිං. සංවට්ටමානෙ සුදං භික්ඛවෙ කප්පෙ ආභස්සරූපගො හොමි. විවට්ටමානෙ කප්පෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජාමි. තත්ර සුදං භික්ඛවෙ බ්රහ්මා හොමි මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පනාහං භික්ඛවෙ සක්කො අහොසිං දෙවානමින්දො. අනෙකසතක්ඛත්තුං රාජා අහොසිං චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසම්පන්නො. කො පන වාදො පදෙසරජ්ජස්ස? තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: ‘කිස්ස නු ඛො මෙ ඉදං කම්මස්ස ඵලං, කිස්ස කම්මස්ස විපාකො, යෙනාහං එතරහි එවං මහිද්ධිකො එවං මහානුභාවො’ති. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: තිණ්ණං ඛො මෙ ඉදං කම්මානං ඵලං, තිණ්ණං කම්මානං විපාකො, යෙනාහං එතරහි එවං මහිද්ධිකො එවං මහානුභාවො’ති, සෙය්යථිදං: දානස්ස දමස්ස සඤ්ඤමස්සා’ති.
1. මහණෙනි, පිණට බිය නො වවු. මහණෙනි, මේ පින් යනු යහපත් වූ සිත්කලු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ සැපයට නමෙකි. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි (මා විසින්) කරන ලද පුණ්යකර්මවල යහපත් වූ සිත්කලු වූ ප්‍රිය වූ මන වඩන්නා වූ ප්‍රතිඵල වළඳන ලදැ යි මම හොඳින් දනිමි. සත් වසක් මෙත් සිත වඩා (සංවර්ත විවර්ත) මහාකල්ප සතක් මුළුල්ලෙහි මේ කාම ලෝකයට පෙරළා නො ආයෙමි. මහණෙනි, කල්පය වැනැසෙන කල්හි ආභස්සර නම් බඹලොවට යන්නෙම් වෙමි. කල්පය හට ගන්නා කල්හි හිස්වූ (ප්‍රථමධ්‍යාන භූමි සඞ්ඛ්‍යාත) බ්‍රහ්ම විමානයෙක උපදිමි. මහණෙනි, මම එහි (බඹ විහරණයෙන් උපන් හෙයින් ) බ්‍රහ්මයා වෙමි. (බ්‍රහ්ම පාරිසද්‍ය බ්‍රහ්ම පුරෝහිතයනට වඩා ශ්‍රේෂ්ඨ හෙයින්) මහාබ්‍රහ්ම වෙමි. කිසිවකු විසින් මැඩ පැවැත්වියැ නො හැකි වෙමි. කිසි යම් ගුණයෙකිනුදු කිසිසේත් මැඩ පැවැත්විය නො හැකි වෙමි. තුන් කල් දත්තෙම් වෙමි. සෙස්සන්ගේ සිත් තමාගේ වශයෙහි පවත්වන්නෙම් වෙමි. මහණෙනි, මම සතිස් වරක් දෙවියනට අධිපති වූ ශක්‍රයා වීමි. නොයෙක් සියගණන් වාරයන්හි ධාර්මික වූ, ධර්මරාජන් වූ, සතර මහා ද්වීපයට අධිපති වූ, සතුරන් ජය ගන්නා වූ ජනපදයන්හි ස්ථිරභාවයට පත් වූ, සත් රුවනින් යුක්ත වූ සක්විති රජ වීමි. ප්‍රදේශ රාජ්‍යලාභය ගැන කියනුම කවරේ ද? මහණෙනි, ඒ මට “මේ මගේ කවර කර්මයෙක ප්‍රතිඵලයෙක් ද? යම් හෙයකින් මම දැන් මෙසේ මහත් ඍද්ධි ඇත්තෙම් නම්, මහානුභාව ඇත්තෙම් නම්, ඒ කවර කර්මයෙක විපාකයෙක් දැ?”යි මෙ බඳු සිතෙක් විය. මහණෙනි, ඒ මට “යමක් හේතු කොට ගෙණ මම දැන් මෙසේ මහත් ඍද්ධි ඇත්තෙම් ද, මෙසේ මහානුභාව ඇත්තෙම් ද, එය මා විසින් කරන ලද මේ පින්කම් තුනේ ප්‍රතිඵලය යි. ඒ කවරේද? යත්: දානය, ඉන්ද්රිය දමනය, කායවාක් සංවරය යන තුන යැ” යි මේ සිත විය.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
බුදුහු මේ කාරණය වදාළහ. ඒ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “පුඤ්ඤමෙව සො සික්ඛෙය්ය ආයතග්ගං සුඛුද්රයං දානඤ්ච සමචරියඤ්ච මෙත්තචිත්තඤ්ච භාවයෙ.
2. “යමෙක් තමහට වැඩ කැමැති නම්, හෙ තෙමේ මහත් ඵල ඇති, සැප විපාක ගෙණ දෙන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව ම සම්පූර්ණ කරන්නේ ය. දානය ද (සමචර්‍ය්‍යා නම් වූ) ශීලය ද, මෙත් සිත ද වඩන්නේ ය.
3. එතෙ ධම්මෙ භාවයිත්වා තයො සුඛසමුද්දයෙ අබ්යාපජ්ඣං සුඛං ලොකං පණ්ඩිතො උපපජ්ජතී”ති.
3. නුවණැති මනුෂ්‍ය තෙමේ මේ ත්‍රිවිධ ධර්මයන් සම්පූර්ණ කොට දුක් රහිත වු බ්‍රහ්ම ලෝකයට පැමිණෙන්නේ ය.“
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්ත්ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.