2. මාපුඤ්ඤභායී සුත්තවණ්ණනා අට්ඨකථා
2. මාපුඤ්ඤභායී සුත්තවණ්ණනා
2. මාපුඤ්ඤභායී සූත්‍ර වර්ණනාව
දුතියෙ මා, භික්ඛවෙ, පුඤ්ඤානන්ති එත්ථ මාති පටිසෙධෙ නිපාතො. පුඤ්ඤසද්දො “කුසලානං, භික්ඛවෙ, ධම්මානං සමාදානහෙතු එවමිදං පුඤ්ඤං පවඩ්ඪතී”තිආදීසු (දී· නි· 3.380) පුඤ්ඤඵලෙ ආගතො.
දෙවන සූත්‍රයෙහි මා භික්ඛවෙ පුඤ්ඤානං යන මෙහි ‘මා’ යනු ප්‍රතික්ෂේප කිරීමෙහි නිපාතය යි. පුඤ්ඤ ශබ්දය: ‘කුසලානං භික්ඛවෙ ධම්මානං සමාදාන හෙතු එවමිදං පුඤ්ඤං පවඩ්ඪති’ ‘මහණෙනි, කුසල ධර්මයන් සමාදන් වීම් හේතුවෙන් මෙසේ මේ පින වැඩේ.’ යනාදියෙහි පුණ්‍ය ඵලයෙහි (විපාකයෙහි) ආයේය.
“අවිජ්ජාගතොයං, භික්ඛවෙ, පුරිසපුග්ගලො පුඤ්ඤඤ්චෙ සඞ්ඛාරං අභිසඞ්ඛරොතී”තිආදීසු (සං· නි· 2.51) කාමරූපාවචරසුචරිතෙ. “පුඤ්ඤූපගං භවති විඤ්ඤාණ”න්තිආදීසු සුගතිවිසෙසභූතෙ උපපත්තිභවෙ.
‘අවිජ්ජාගතො යං භික්ඛවෙ පුරිස පුග්ගලො පුඤ්ඤඤ්චෙව සංඛාරං අභිසංඛරොති’ ‘මහණෙනි, අවිද්‍යාව අනුව ගිය මේ පුරුෂයා පුණ්‍ය සංස්කාර ද රැස් කරයි’ ආදියෙහි කාමාවචර රූපාවචර අරූපාවචර යහපත් හැසිරිමෙහි ආයේය.’ ‘පුඤ්ඤූපගං භවති විඤ්ඤාණං’ ‘විඤ්ඤාණය දෙවන භවයට පැමිණියේ වෙයි. (එළඹියේ වෙයි) ආදියෙහි සුගති විශේෂ වූ දෙවන භවයෙහි (උපදින ලෝකයෙහි) ආයේය.
“තීණිමානි, භික්ඛවෙ, පුඤ්ඤකිරියවත්ථූනි – දානමයං පුඤ්ඤකිරියවත්ථු, සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථූ”තිආදීසු (ඉතිවු· 60; අ· නි· 8.36) කුසලචෙතනායං. ඉධ පන තෙභූමකකුසලධම්මෙ වෙදිතබ්බො.
‘තීණිමානි භික්ඛවෙ පුඤ්ඤකිරිය වත්ථුනි දානමයං පුඤ්ඤකිරියවත්ථු, සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරිය වත්ථු’ ‘මහණෙනි, දානමය පුණ්‍ය ක්‍රියා වස්තුවය, ශීලමය පුණ්‍යක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍යක්‍රියා වස්තුව යයි මේ පුණ්‍ය ක්‍රියා වස්තු තුනකි.’ ආදියෙහි කුශල චේතනාවෙහි ආයේය. මේ සූත්‍රයෙහි දී ත්‍රෛභූමික කුශල ධර්ම දතයුතුය.
භායිත්ථාති එත්ථ දුවිධං භයං ඤාණභයං, සාරජ්ජභයන්ති. තත්ථ “යෙපි තෙ, භික්ඛවෙ, දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා උච්චෙසු විමානෙසු චිරට්ඨිතිකා, තෙපි තථාගතස්ස ධම්මදෙසනං සුත්වා යෙභුය්යෙන භයං සංවෙගං සන්තාසං ආපජ්ජන්තී”තිආදීසු (අ· නි· 4.33) ආගතං ඤාණභයං. “අහුදෙව භයං, අහු ඡම්භිතත්තං, අහු ලොමහංසො”තිආදීසු (දී· නි· 2.318) ආගතං සාරජ්ජභයං.
භායිත්ථ යන මෙහි ඤාණභය, සාරජ්ජ භය යනුවෙන් භය දෙපරිදිය. එහි ‘යෙපි තෙ භික්ඛවෙ දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා උච්චෙසු විමානෙසු චිරට්ඨිතිකා තෙපි තථාගතස්ස ධම්මදෙසනං සුත්වා යෙභුය්යෙන භයං සන්තාසං සංවෙගං ආපජ්ජන්ති’ ‘මහණෙනි, දීර්ඝායුෂ ඇති ශරීර වර්ණයෙන් යුක්ත වූ, සැපබහුල වූ උස් විමානවල බොහෝකල් සිටින දෙවිවරු ද තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අසා බොහෝසෙයින් භයට, තැති ගැනීමට, සංවේගයට පැමිණෙත්’ යනාදියෙහි ඤාණ භය ආයේය ය. ‘අහුදෙව භයං අහු ජම්භිතත්තං අහු ලොමහංසො’ (මහා ගෝවින්ද බමුණාට) ‘භයක් ඇතිවූයේමය. තැති ගැනීමක් ඇති වූයේමය. ලොමුදැහැ ගැනීමක් වූයේමය.’ යනාදියෙහි සාරජ්ජ භය ආයේය.
ඉධාපි සාරජ්ජභයමෙව. අයඤ්හෙත්ථ අත්ථො – භික්ඛවෙ, දීඝරත්තං කායවචීසංයමො වත්තපටිවත්තපූරණං එකාසනං, එකසෙය්යං, ඉන්ද්රියදමො, ධුතධම්මෙහි චිත්තස්ස නිග්ගහො, සතිසම්පජඤ්ඤං, කම්මට්ඨානානුයොගවසෙන වීරියාරම්භොති එවමාදීනි යානි භික්ඛුනා, නිරන්තරං පවත්තෙතබ්බානි පුඤ්ඤානි, තෙහි මා භායිත්ථ, මා භයං සන්තාසං ආපජ්ජිත්ථ, එකච්චස්ස දිට්ඨධම්මසුඛස්ස උපරොධභයෙන සම්පරායිකනිබ්බානසුඛදායකෙහි පුඤ්ඤෙහි මා භායිත්ථාති. නිස්සක්කෙ හි ඉදං සාමිවචනං.
මේ සූත්‍රයෙහි ද සාරජ්ජභය ම ආයේය. මේ එහි අර්ථයයි: මහණෙනි, බොහෝ කාලයක් කය වචන දෙක හික්මවා ගැනීම, වත්පිළිවෙත් පිරීම, එක් අසුනක හිඳීම, එක් අසුනක නිදීම, ඉන්ද්රිය දමනය, ධුතංග ධර්මවලින් සිත මැඩීම (නිග්‍රහය), සිහිනුවණින් යෙදීම කමටහන්හි යෙදීම් වශයෙන් වීර්ය ඇරඹීම යන මේ ආදී භික්ෂුව විසින් නිතර පවත්වා ගතයුතු පින්. ඒවා කෙරෙන් (ඒවාට) බිය නොවව් (නොවන්න) තැති ගැනීමට නොපැමිණෙන්න. මෙලොවදී ඇතැම් සැප ලබාදෙන, පරලොව නිවන්සැප ලබාදෙන පින් වලක්වන බියෙන් බිය නොවන්න. (පුඤ්ඤාණං යන) මෙය පංචමී (අපාදාන = අවධි) අර්ථයෙහි ඡට්ඨි (සම්බන්ධ) විභක්ති වචනයකි. (නිස්සක්කෙහි ඉදං සාමිවචනං)
ඉදානි තතො අභායිතබ්බභාවෙ කාරණං දස්සෙන්තො “සුඛස්සෙත”න්තිආදිමාහ. තත්ථ සුඛසද්දො “සුඛො බුද්ධානං උප්පාදො, සුඛා විරාගතා ලොකෙ”තිආදීසු (ධ· ප· 194) සුඛමූලෙ ආගතො. “යස්මා ච ඛො, මහාලි, රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක්කන්ත”න්තිආදීසු (සං· නි· 3.60) සුඛාරම්මණෙ. “යාවඤ්චිදං, භික්ඛවෙ, න සුකරං අක්ඛානෙන පාපුණිතුං යාව සුඛා සග්ගා”තිආදීසු (ම· නි· 3.255) සුඛපච්චයට්ඨානෙ.
දැන් එයින් බියනොවිය යුතු බවෙහි කාරණය දක්වමින් සුඛස්සෙතං යනාදිය වදාළහ. එහි සුඛ ශබ්දය ‘සුඛො බුද්ධානං උප්පාදො’ -– ‘බුදුවරුන්ගේ උපත සැපයකි.’ ‘සුඛා විරාගතා ලොකෙ’ -– ‘ලෝකයෙහි නො ඇලීම සැපයකි’ ආදියෙහි සැපයට මුල යන අර්ථයෙහි ආයේය. යස්මා ච ඛො මහාලි රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක්කන්තං’ ‘මහාලි යම් හෙයකින් රූපය සැපද සැපය මත්තෙහි වැටෙන ලද්දේ ද, සැපයට බැසගන්නා ලද්දේ ද’ ආදියෙහි සැප අරමුණෙහි ආයේය. ‘යාවඤ්චිදං භික්ඛවෙ න සුකරං අක්ඛානෙන පාපුනිතුං යාව සුඛා සග්ගා’ ‘මහණෙනි, දෙව්ලෝ මෙතෙක් සැප ඇතැයි වචනයෙන් කියා නිම කරන්නට පහසු නොවේ.’ ආදියෙහි සැපයට ප්‍රත්‍ය (හේතු) වන ස්ථානයෙහි ආයේය.
“සුඛො පුඤ්ඤස්ස උච්චයො”තිආදීසු (ධ· ප· 118) සුඛහෙතුම්හි. “දිට්ඨධම්මසුඛවිහාරා එතෙ ධම්මා”තිආදීසු (ම· නි· 1.82) අබ්යාපජ්ජෙ. “නිබ්බානං පරමං සුඛ”න්තිආදීසු (ධ· ප· 204; ම· නි· 2.215) නිබ්බානෙ. “සුඛස්ස ච පහානා”තිආදීසු (චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 125) සුඛවෙදනායං. “අදුක්ඛමසුඛං සන්තං, සුඛමිච්චෙව භාසිත”න්තිආදීසු (සං· නි· 4.253; ඉතිවු· 53) උපෙක්ඛාවෙදනායං. “ද්වෙපි මයා, ආනන්ද, වෙදනා වුත්තා පරියායෙන සුඛා වෙදනා, දුක්ඛා වෙදනා”තිආදීසු (ම· නි· 2.89) ඉට්ඨසුඛෙ. “සුඛො විපාකො පුඤ්ඤාන”න්තිආදීසු (පෙටකො· 23) සුඛවිපාකෙ. ඉධාපි ඉට්ඨවිපාකෙ එව දට්ඨබ්බො. ඉට්ඨස්සාතිආදීසු එසිතබ්බතො අනිට්ඨපටික්ඛෙපතො ච ඉට්ඨස්ස, කමනීයතො මනස්මිඤ්ච කමනතො පවිසනතො කන්තස්ස, පියායිතබ්බතො සන්තප්පනතො ච පියස්ස, මානනීයතො මනස්ස පවඩ්ඪනතො ච මනාපස්සාති අත්ථො වෙදිතබ්බො. යදිදං පුඤ්ඤානීති “පුඤ්ඤානී”ති යදිදං වචනං, එතං සුඛස්ස ඉට්ඨස්ස විපාකස්ස අධිවචනං නාමං, සුඛමෙව තං යදිදං පුඤ්ඤන්ති ඵලෙන කාරණස්ස අභෙදූපචාරං වදති. තෙන කතූපචිතානං පුඤ්ඤානං අවස්සංභාවිඵලං සුත්වා අප්පමත්තෙන සක්කච්චං පුඤ්ඤානි කාතබ්බානීති පුඤ්ඤකිරියායං නියොජෙති, ආදරඤ්ච නෙසං තත්ථ උප්පාදෙති.
‘සුඛො පුඤ්ඤස්ස උච්චයො’ –- ‘පින් රැස්කිරිම සැපය’ යනාදියෙහි සැප හේතුවෙහි ආයේය. ‘දිට්ඨධම්ම සුඛ විහාරා එතෙ ධම්මා’ මේ ධර්මයෝ මේ ජීවිතයේ දීම සැප විහරණයෝ වෙති. ‘නිබ්බාණං පරමං සුඛං’ ‘නිවන උතුම් සැපය යි’ යනාදියෙහි නිවනෙහි ආයේය. ‘සුබස්ස ච පහාණා’ - ‘සැපය දුරුකිරීමෙන්’ යනාදියෙහි සැප වේදනාවෙහි ආයේය. ‘අදුක්ඛමසුඛං සන්තං’ - ‘ශාන්ත වූ ඒ අදුක්ඛමසුඛ වේදනාව’ යනාදියෙහි උපෙක්ඛා වේදනාවෙහි ආයේය. ‘ද්වෙපි මයා ආනන්දවෙදනා වුත්තා පරියායෙන සුඛා වෙදනා දුක්ඛා වෙදනා’ ‘ආනන්ද, මා විසින් පරියායෙන් (එක් ක්‍රමයකින්) සැපවේදනාව දුක්වේදනාව යයි වේදනා දෙකක් දේශනා කරන ලදී.’ යනාදියෙහි ප්‍රිය සැපයෙහි ආයේය. ‘සුඛො විපාකො පුඤ්ඤාණං’ - ‘පින්වල විපාකය සැපය’ යනාදියෙහි ප්‍රිය විපාකයෙහි ආයේය. මේ සූත්‍රයෙහි ද ප්‍රිය විපාකයෙහි (ඉට්ඨ විපාක) ආයේ ය. ඉට්ඨස්ස යන ආදියෙහි සෙවිය යුතු හෙයින් ද අනිෂ්ට බවට විරුද්ධ වීම් වශයෙන් ද ඉෂ්ට වූ. සිත්කලු වීම් වශයෙන් ද, මනසෙහි හැසිරීම් (ගමන් කිරීම්) වශයෙන් ද, පිළිසරණ වීම් වශයෙන් ද කන්තස්ස නම් වූ. ප්‍රිය කළ යුතු හෙයින් ද, තෘප්තිමත් කිරීම් වශයෙන් ද පියස්ස නම් වූ. සිතීමට සුදුසු හෙයින් ද මන වඩන හෙයින් ද මනාපස්ස යන අර්ථයයි දතයුතුය. යදිදං පුඤ්ඤානි යන මේ වචනය ඉෂ්ට වූ සැප විපාකයට නමකි. මේ සැපයමයි. යදිදං පුඤ්ඤානි යනුවෙන් ඵලය සමග හේතුවේ නොබිඳෙන සම්බන්ධය කියයි. ඔහු විසින් කරන ලද රැස්කරන ලද පින්වලට අවශ්‍යයෙන් ම ඵලය ලැබෙන බව අසා අප්‍රමාද තැනැත්තා විසින් පින් කළ යුතුයයි පුණ්‍ය ක්‍රියාවෙහි යොදවයි. ඒ පින් කිරීමෙහි ඔවුන්ට ආදරය උපදවයි.
ඉදානි අත්තනා සුනෙත්තකාලෙ කතෙන පුඤ්ඤකම්මෙන දීඝරත්තං පච්චනුභූතං භවන්තරපටිච්ඡන්නං උළාරතමං පුඤ්ඤවිපාකං උදාහරිත්වා තමත්ථං පාකටං කරොන්තො “අභිජානාමි ඛො පනාහ”න්තිආදිමාහ. තත්ථ අභිජානාමීති අභිවිසිට්ඨෙන ඤාණෙන ජානාමි, පච්චක්ඛතො බුජ්ඣාමි. දීඝරත්තන්ති චිරකාලං. පුඤ්ඤානන්ති දානාදිකුසලධම්මානං. සත්ත වස්සානීති සත්ත සංවච්ඡරානි. මෙත්තචිත්තන්ති මිජ්ජතීති මෙත්තා, සිනිය්හතීති අත්ථො. මිත්තෙ භවා, මිත්තස්ස වා එසා පවත්තීතිපි මෙත්තා.
දැන් තමන් වහන්සේ විසින් ‘සුනෙත්ත’ නමින් සිටි කාලයෙහි කරන ලද පින්කමෙන් බොහෝ කලක් විඳින ලද භවාන්තරයෙන් වැසී තිබුණු උසස් ම පුණ්‍ය විපාකය ගෙනහැර පා ඒ අර්ථය ප්‍රකට කරමින් ‘අභිජානාමි ඛො පනාහං’ යනාදිය වදාළහ. එහි අභිජානාමි යනු අති විශිෂ්ට ඥානයෙන් දනිමි. ප්රත්යක්ෂ වශයෙන් අවබෝධ කරමි. දීඝරත්තං යනු බොහෝකලක්. පුඤ්ඤාණං යනු දානාදී කුශල ධර්මයන්ගේ. සත්තවස්සානි යනු සත් අවුරුද්දක්. මෙත්තචිත්තං යනු ස්නේහ කෙරේනුයි මෙත්තා නම් වේ. ඇලුම් කරයි යන අර්ථයි. මිතුරා කෙරෙහි වීම හෝ මෙය මිතුරාගේ පැවැත්මය යන අර්ථයෙන් මෙත්තා නම් වේ.
ලක්ඛණාදිතො පන හිතාකාරප්පවත්තිලක්ඛණා, හිතූපසංහාරරසා, ආඝාතවිනයපච්චුපට්ඨානා, සත්තානං මනාපභාවදස්සනපදට්ඨානා. බ්යාපාදූපසමො එතිස්සා සම්පත්ති, සිනෙහාසම්භවො විපත්ති. සා එතස්ස අත්ථීති මෙත්තචිත්තං. භාවෙත්වාති මෙත්තාසහගතං චිත්තං, චිත්තසීසෙන සමාධි වුත්තොති මෙත්තාසමාධිං මෙත්තාබ්රහ්මවිහාරං උප්පාදෙත්වා චෙව වඩ්ඪෙත්වා ච. සත්ත සංවට්ටවිවට්ටකප්පෙති සත්ත මහාකප්පෙ. සංවට්ට-විවට්ටග්ගහණෙනෙව හි සංවට්ටට්ඨායි-විවට්ටට්ඨායිනොපි ගහිතා. ඉමං ලොකන්ති කාමලොකං. සංවට්ටමානෙ සුදන්ති සංවට්ටමානෙ. සුදන්ති නිපාතමත්තං විනස්සමානෙති අත්ථො. “සංවත්තමානෙ සුද”න්ති ච පඨන්ති. කප්පෙති කාලෙ. කප්පසීසෙන හි කාලො වුත්තො. කාලෙ ඛීයමානෙ කප්පොපි ඛීයතෙව. යථාහ –
ලක්‍ෂණාදී වශයෙන් හිත ආකාරය පැවතීම ලක්ෂණයයි. හිත (යහපත) ළඟට පැමිණවීම කෘත්‍යයයි (රසයයි.) ද්වේෂය හික්මවාගැනීම වැටහෙන ආකාරය යි. සත්ත්වයන්ට මනාප බව දැක්වීම ආසන්න කාරණයයි. ව්‍යාපාදය සන්සිඳීම මෛත්‍රියේ සම්පත්තිය යි. සෙනෙහස ඇතිවීම විපත්තිය යි. ඒ මෛත්‍රිය මෙයට ඇත යන අරුතින් මෙත් සිත නම් වේ. භාවෙත්වා යනු මෛත්‍රී සහගත සිත වඩා, චිත්ත ශීර්ෂයෙන් සමාධිය කියන ලද්දේය. එහෙයින් මෛත්‍රී සමාධිය මෛත්‍රී බ්‍රහ්මවිහාරය උපදවාගෙන එසේ වැඩීම ද සිදුකොට, සත්ත සංවට්ට විවට්ටකප්පෙ යනු මහා කල්ප හතක්. සංවට්ට, විවට්ට දෙක ගැනීමෙන් ම සංවට්ටට්ඨායි, විවට්ටඨායි යන දෙක ද ගන්නා ලදී. ඉමං ලොකං යනු කාමලෝකය. සංවට්ටමානං සුදං යනු සංවට්ටමානං, ‘සුදං’ යනු නිපාත මාත්‍රයකි. විනාශවන කල්හි යන අර්ථයි. ‘සංවට්ටමානෙ සුදං’ යනුවෙන් ද කියත්. කප්පෙ යනු ලෝකයෙහි, කල්ප ශීර්ෂයෙන් ලෝකය කියන ලදී. ලෝකය විනාශවන කල්හි කල්පයද විනාශ වේමය.
“කාලො ඝසති භූතානි, සබ්බානෙව සහත්තනා”ති. (ජා· 1.2.190);
‘කාලො ඝසති භූතානි සබ්බානෙව සහත්තනා’ ‘කාලය තමා සමඟ සියලු සත්ත්වයන් කා දමයි’ යනුවෙන් මෙසේ කීහ.
“ආභස්සරූපගො හොමී”ති වුත්තත්තා තෙජොසංවට්ටවසෙනෙත්ථ කප්පවුට්ඨානං වෙදිතබ්බං. ආභස්සරූපගොති තත්ථ පටිසන්ධිග්ගහණවසෙන ආභස්සරබ්රහ්මලොකං උපගච්ඡාමීති ආභස්සරූපගො හොමි. විවට්ටමානෙති සණ්ඨහමානෙ, ජායමානෙති අත්ථො. සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජාමීති කස්සචි සත්තස්ස තත්ථ නිබ්බත්තස්ස අභාවතො සුඤ්ඤං, යං පඨමජ්ඣානභූමිසඞ්ඛාතං බ්‍රහ්මවිමානං ආදිතො නිබ්බත්තං, තං පටිසන්ධිග්ගහණවසෙන උපපජ්ජාමි උපෙමි. බ්‍රහ්මාති කාමාවචරසත්තෙහි සෙට්ඨට්ඨෙන තථා තථා බ්රූහිතගුණතාය බ්රහ්මවිහාරතො නිබ්බත්තට්ඨෙන ච බ්රහ්මා. බ්රහ්මපාරිසජ්ජබ්රහ්මපුරොහිතෙහි මහන්තො බ්‍රහ්මාති මහාබ්රහ්මා. තතො එව තෙ අභිභවිත්වා ඨිතත්තා අභිභූ. තෙහි කෙනචි ගුණෙන න අභිභූතොති අනභිභූතො. අඤ්ඤදත්ථූති එකංසවචනෙ නිපාතො. දසොති දස්සනසීලො, සො අතීතානාගතපච්චුප්පන්නානං දස්සනසමත්ථො, අභිඤ්ඤාණෙන පස්සිතබ්බං පස්සාමීති අත්ථො. සෙසබ්රහ්මානං ඉද්ධිපාදභාවනාබලෙන අත්තනො චිත්තඤ්ච මම වසෙ වත්තෙමීති වසවත්තී හොමීති යොජෙතබ්බං. තදා කිර බොධිසත්තො අට්ඨසමාපත්තිලාභීපි සමානො තථා සත්තහිතං අත්තනො පාරමිපරිපූරණඤ්ච ඔලොකෙන්තො තාසු එව ද්වීසු ඣානභූමීසු නිකන්තිං උප්පාදෙත්වා මෙත්තාබ්රහ්මවිහාරවසෙන අපරාපරං සංසරි. තෙන වුත්තං “සත්තවස්සානි…පෙ… වසවත්තී”ති.
‘ආභස්සරූපගො හොමි’ යනුවෙන් කියන ලද බැවින් ගින්නෙන් විනාශ වීම් වශයෙන් මෙහි කල්ප විනාශය දතයුතුය. ආභස්සරූපගො යනු එහි ප්රතිසන්ධි (ඉපදීම) වශයෙන් ආභස්සර බඹලොවට එළඹියේ යන අරුතින් ආභස්සරූපගො, හොමි වෙමි. විවට්ටමානෙ යනු හටගන්නා කල්හි, උපදින කල්හි යන අර්ථයි. සුඤ්ඤං බ්‍රහ්මවිමානං උප්පජ්ජාමි කිසියම් සත්ත්වයකුගේ ඉපදීමක් එහි නැති හෙයින් ප්‍රථමධ්‍යාන භූමි සංඛ්‍යාත යම් හිස් වූ බ්‍රහ්ම විමානයක් වේද කල් ඇතිව හටගත් ඒ බ්‍රහ්ම විමානයක පිළිසිඳ ගැනීම් වශයෙන් උපදිමි, එළඹෙමි. බ්රහ්මා යනු කාමාවචර සත්ත්වයන්ට වඩා ශ්‍රේෂ්ඨ අර්ථයෙන් ද ඒ ඒ ආකාරයෙන් වඩන ලද ගුණ ඇති බ්‍රහ්මවිහාර වශයෙන් උපන් අර්ථයෙන්ද බ්‍රහ්මයා නම් වේ. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්මයන්ට වඩා මහත් වූ බ්‍රහ්මයා මහා බ්‍රහ්ම නම් වේ. එහෙයින් ම ඔවුන් වැඩගෙන සිටි බැවින් අභිභූ නම් වේ. ඔවුන් විසින් කිසියම් ගුණයකින් මැඩ නොපවත්වන ලද යන අරුතින් අනභිභූතො නම් වේ. අඤ්ඤදත්ථු යනු ඒකාන්ත වචනයෙහි නිපාතයකි. දසො යනු දකිනසුලු වූයේ, හෙතෙම අතීත, අනාගත, වර්තමාන යන කාල පිළිබඳ තොරතුරු දැකීමෙහි සමත් වූයේ, අභිඥා ඥානයෙන් දැකිය යුතු දේ දකිමි යන අර්ථයි. ඍද්ධිපාද භාවනා බලයෙන් සෙසු බඹුන්ගේ සිත් ද තමාගේ සිත ද මගේ වශයෙහි පවත්වමි යන අර්ථයෙන් වසවත්ති හොමි යනු යෙදිය යුතුය. එකල්හි බෝධිසත්ත්වයන් වහන්සේ අෂ්ට සමාපත්ති ලබාගත් කෙනෙක්ව සිටිමින් ද සත්ත්වයාගේ හිත (යහපත) ද තමාගේ පාරමී පිරිම ද බලමින් ඒ ධ්‍යානභූමි දෙකෙහි ඇල්ම උපදවා මෛත්‍රී බ්‍රහ්මවිහාර වශයෙන් ඔබිමොබ සැරිසැරූහ. එහෙයින් ‘සත්තවස්සානි -පෙ- වසවත්ති’ යන (මේ සූත්‍රයෙහි කොටස) වදාරන ලදී.
එවං භගවා රූපාවචරපුඤ්ඤස්ස විපාකමහන්තතං පකාසෙත්වා ඉදානි කාමාවචරපුඤ්ඤස්සාපි තං දස්සෙන්තො “ඡත්තිංසක්ඛත්තු”න්තිආදිමාහ. තත්ථ සක්කො අහොසින්ති ඡත්තිංස වාරෙ අඤ්ඤත්ථ අනුපපජ්ජිත්වා නිරන්තරං සක්කො දෙවානමින්දො තාවතිංසදෙවරාජා අහොසි. රාජා අහොසින්තිආදීසු චතූහි අච්ඡරියධම්මෙහි චතූහි ච සඞ්ගහවත්ථූහි ලොකං රඤ්ජෙතීති රාජා. චක්කරතනං වත්තෙති, චතූහි සම්පත්තිචක්කෙහි වත්තති, තෙහි ච පරං වත්තෙති, පරහිතාය ච ඉරියාපථචක්කානං වත්තො එතස්මිං අත්ථීති චක්කවත්තී. රාජාති චෙත්ථ සාමඤ්ඤං, චක්කවත්තීති විසෙසං. ධම්මෙන චරතීති ධම්මිකො. ඤායෙන සමෙන වත්තතීති අත්ථො. ධම්මෙනෙව රජ්ජං ලභිත්වා රාජා ජාතොති ධම්මරාජා. පරහිතධම්මචරණෙන වා ධම්මිකො, අත්තහිතධම්මචරණෙන ධම්මරාජා, චතුරන්තාය ඉස්සරොති චාතුරන්තො, චතුසමුද්දන්තාය චතුබ්බිධදීපවිභූසිතාය ච පථවියා ඉස්සරොති අත්ථො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ රූපාවචර පිනේ විපාක මහත් බව දේශනා කොට දැන් කාමාවචර පිනේ ද විපාක දක්වමින් ‘ඡත්තිංසක්ඛත්තුං’ ‘තිස්හය වාරයක්’ යනාදිය වදාළහ. එහි සක්කො අහොසිං යනු තිස්හය වාරයක් අන්තැනක නූපදී නිරතුරුව ශක්‍රයා වීමි. දෙවනමින්දො යනු තව්තිසාවෙහි දෙව්රජ. ‘රාජා අහොසිං චක්කවත්ති’ යන ආදියෙහි සතර ආශ්චර්ය ධර්මවලින් ද සතර සංග්‍රහ වස්තුවලින් ද ලෝකය සතුටු කරයි (රංජනය කරයි) යන අර්ථයෙන් රාජා නම් වේ. චක්‍ර රත්නය පවත්වයි ද සම්පත් චක්‍ර සතරින් රඳා පවතී ද ඒවායින් අන් අය යොදවයි ද අන් අයට යහපත පිණිස ඉරියව් නමැති චක්‍රයේ පැවැත්ම මොහු කෙරෙහි ඇත යන අරුතින් චක්කවත්ති නම් වේ. මෙහි රාජා යනු සාමාන්‍ය යි. චක්කවත්ති යනු විශේෂණය යි. දැහැමින් හැසිරෙයි යන අර්ථයෙන් ධම්මිකො, සත්‍යයෙන් (ඤායෙන) තැන්පත්කමින් (සමෙන) පවතී යන අර්ථයි. දැහැමින් ම රාජ්‍යය ලැබ රජ උපන්නේය යන අරුතින් ධම්මරාජා නම් වේ. අනුන්ට යහපත පිණිස පවතින ධර්ම අනුගමනය කිරීමෙන් හෝ දැහැමි (ධම්මිකො) වෙයි. තමාට යහපත පිණිස පවතින ධර්ම අනුගමනය කිරිමෙන් හෝ දැහැමි රජ (ධම්මරාජා) වෙයි. සතර දිසාවට අධිපති යන අරුතින් චාතුරන්තො, සතරමහා සාගරය කෙළවර කොට ඇති සතරාකාර දිවයින් සරසන ලද බැවින් ද පෘථිවියට අධිපති යන අර්ථයි.
අජ්ඣත්තං කොපාදිපච්චත්ථිකෙ, බහිද්ධා ච සබ්බරාජානො අදණ්ඩෙන අසත්ථෙන විජෙසීති විජිතාවී. ජනපදෙ ථාවරභාවං ධුවභාවං පත්තො, න සක්කා කෙනචි තතො චාලෙතුං ජනපදො වා තම්හි ථාවරියප්පත්තො අනුයුත්තො සකම්මනිරතො අචලො අසම්පවෙධීති ජනපදත්ථාවරියප්පත්තො.
තම රට ඇතුළත හා පිටත සියලු විරුද්ධ රජවරු ද දඬුමුඟුරුවලින් තොරව, ආයුධවලින් තොරව දිනුවේය යන අරුතින් විජිතාවී නම් වේ. ජනපදයෙහි ස්ථාවර භාවයට ස්ථිර භාවයට පත්වූයේ කිසිවකුට එතැනින් සෙලවිය නොහැකිය, ජනපදය ඔහු කෙරෙහි ස්ථාවර බවට පත්වූයේ අනුයුක්ත වූයේ තම කටයුතුවල නිරත වූයේ නො සැලෙන්නේ කම්පා නොවන්නේ යන අරුතින් ජනපදත්ථාවරියප්පත්තො නම් වේ.
චක්කරතනං, හත්ථිරතනං, අස්සරතනං, මණිරතනං, ඉත්ථිරතනං, ගහපතිරතනං, පරිණායකරතනන්ති ඉමෙහි සත්තහි රතනෙහි සමුපෙතොති සත්තරතනසමන්නාගතො. තෙසු හි රාජා චක්කවත්ති චක්කරතනෙන අජිතං ජිනාති, හත්ථිඅස්සරතනෙහි විජිතෙ සුඛෙනෙව අනුවිචරති, පරිණායකරතනෙන විජිතමනුරක්ඛති, සෙසෙහි උපභොගසුඛමනුභවති. පඨමෙන චස්ස උස්සාහසත්තියොගො, පච්ඡිමෙන මන්තසත්තියොගො, හත්ථිඅස්සගහපතිරතනෙහි පභූසත්තියොගො සුපරිපුණ්ණො හොති, ඉත්ථිමණිරතනෙහි තිවිධසත්තියොගඵලං. සො ඉත්ථිමණිරතනෙහි පරිභොගසුඛමනුභවති, සෙසෙහි උපභොගසුඛං. විසෙසතො චස්ස පුරිමානි තීණි අදොසකුසලමූලජනිතකම්මානුභාවෙන සම්පජ්ජන්ති, මජ්ඣිමානි අලොභකුසලමූලජනිතකම්මානුභාවෙන, පච්ඡිමමෙකං අමොහකුසලමූලජනිතකම්මානුභාවෙනාති වෙදිතබ්බං පදෙසරජ්ජස්සාති ඛුද්දකරජ්ජස්ස.
චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, පරිනායක (පුත්‍ර) රත්නය යන මේ සප්ත රත්නයෙන් යුක්ත වූයේය යන අරුතින් සත්තරතන සමන්නාගතො වෙයි. රජතුමා ඒ රත්න අතුරින් චක්‍ර රත්නයෙන් නො දිනූ රටවල් දිනයි. හස්ති අශ්ව රත්නවලින් දිනු රටවල සැපසේ හැසිරෙයි. පරිනායක රත්නයෙන් දිනූ රටවල් ආරක්ෂා කරගනියි. ඉතිරි රත්නවලින් උපභෝග සැප අනුභව කරයි. පළමු රත්නයෙන් රජුගේ උත්සාහ ශක්තිය යෙදීම ද, අවසාන රත්නයෙන් මන්ත්‍ර ශක්තිය යෙදීම ද හස්ති, අශ්ව, ගෘහපති රත්නවලින් ප්‍රභූ ශක්තිය යෙදීම ද මැනවින් සම්පූර්ණ වෙයි. ස්ත්‍රී හා මාණික්‍ය රත්නවලින් තුන්ආකාර ශක්ති යෙදීමේ ඵලය ද ලැබේ. හෙතෙම ස්ත්‍රී හා මාණික්‍ය රත්නවලින් පරිභෝග සැප අනුභව කරයි. ඉතිරි ඒවායින් උපභෝග සැප අනුභව කරයි. විශේෂයෙන් ඔහුගේ පළමු රත්න තුන අදෝස කුසල මූලයෙන් උපන් කර්මානුභාවයෙන් සම්පූර්ණ වේ. මැද ඇති රත්න තුන අලෝභ කුසල මූලයෙන් උපන් කර්මානුභාවයෙන් සම්පූර්ණ වේ. අවසාන රත්නය අමෝහ කුසල මූලයෙන් උපන් කර්මානුභාවයෙන් සම්පූර්ණ වේයයි දතයුතුය. පදෙස රජ්ජස්ස යනු කුඩා රාජ්‍ය ගැන.
එතදහොසීති අත්තනො සම්පත්තියො පච්චවෙක්ඛන්තස්ස පච්ඡිමෙ චක්කවත්තිකාලෙ එතං “කිස්ස නු ඛො මෙ ඉදං කම්මස්ස ඵල”න්තිආදිකං අහොසි. සබ්බත්ථකමෙව තස්මිං තස්මිම්පි භවෙ එතදහොසියෙව. තත්ථායං චක්කවත්තිකාලවසෙන යොජනා. එවංමහිද්ධිකොති මණිරතනහත්ථිරතනාදිප්පමුඛාය කොසවාහනසම්පත්තියා ජනපදත්ථාවරියප්පත්තියා ච එවංමහිද්ධිකො. එවංමහානුභාවොති චක්කරතනාදිසමන්නාගමෙන කස්සචිපි පීළං අකරොන්තොව සබ්බරාජූහි සිරසා සම්පටිච්ඡිතසාසනවෙහාසගමනාදීහි එවං මහානුභාවො. දානස්සාති අන්නාදිදෙය්යධම්මපරිච්චාගස්ස. දමස්සාති චක්ඛාදිඉන්ද්රියදමනස්ස චෙව සමාධානවසෙන රාගාදිකිලෙසදමනස්ස ච. සංයමස්සාති කායවචීසංයමස්ස. තත්ථ යං සමාධානවසෙන කිලෙසදමනං, තං භාවනාමයං පුඤ්ඤං, තඤ්ච ඛො මෙත්තාබ්රහ්මවිහාරභූතං ඉධාධිප්පෙතං. තස්මිඤ්ච උපචාරප්පනාභෙදෙන දුවිධෙ යං අප්පනාප්පත්තං, තෙනස්ස යථාවුත්තාසු ද්වීසු ඣානභූමීසු උපපත්ති අහොසි. ඉතරෙන තිවිධෙනාපි යථාරහං පත්තචක්කවත්තිආදිභාවොති වෙදිතබ්බං.
එතදහොසි යනු තමන්ගේ සම්පත් නුවණින් සලකා බලන්නා වූ ඔහුට අවසන් සක්විති රජ කාලයෙහි මෙය මා විසින් කරන ලද කුමන කර්මයක ඵලයක් ද යනාදී මේ අදහස ඇතිවිය. ඒ ඒ භවයෙහි කරන ලද හැමතන්හි ප්‍රයෝජනවත් වූ කර්ම ඵලයයි යන මේ අදහස ඇති වූයේය. මේ යෝජනාව ඒ සක්විති කාල වශයෙනි. එවං මහද්ධිකො යනු මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නාදිය ප්රමුඛ කොට ඇති භාණ්ඩාගාර, වාහන සම්පත්තියෙන් ද ජනපදයෙහි ස්ථාවර භාවයට පැමිණීමෙන් ද මෙසේ මහත් ඍද්ධිමත් වූ. එවං මහානුභාවො යනු රත්නාදියෙන් යුක්තවීම නිසා කිසිවකුටත් පීඩාවක් නොකරමින්ම සියලු රජුන් විසින් විසින් (සිරසින්) පිළිගන්නා ලද අනුශාසනා, ආකාශ ගමන් ආදී (වශයෙන්) මෙසේ මහත් ආනුභාව ඇති, දානස්ස යනු ආහාර ආදී දිය යුතු වස්තු පරිත්‍යාගයේ. දමස්ස යනු ඇස ආදී ඉඳුරන් දමනයේ ද සමාදන්වීම් වශයෙන් රාගාදී කෙලෙස් දමනයේ ද, සංයමස්ස යනු කය වචන දෙකෙහි සංයමයේ. එහි සමාදාන වශයෙන් ඇති මේ කෙලෙස් දමනය භාවනාමය පිනයි. මේ සූත්‍රයෙහි දී මෛත්‍රී බ්රහ්මවිහාරයෙන් උපන් ඒ භාවනාමය පින අදහස් කරන ලදී. උපචාර - අර්පණා භේදයෙන් දෙයාකාර වූ ඒ භාවනාමය පින අතුරින් ද අර්පණාවට පැමිණි භාවනාමය පින අදහස් කරන ලදී. එහෙයින් කියන ලද ආකාර ඇති ධ්‍යාන භූමි දෙකෙහි ඔහුගේ උපත සිදුවිය. (අදෝස, අලෝභ, අමෝහ වශයෙන් සිදුකරන ලද) ඉතිරි ත්‍රිවිධ පුණ්‍ය කර්මානුභාවයෙන් සුදුසු පරිදි පැමිණි සක්විති ආදී ස්වභාවය දතයුතුය.
ඉති භගවා අත්තානං කායසක්ඛි කත්වා පුඤ්ඤානං විපාකමහන්තතං පකාසෙත්වා ඉදානි තමෙවත්ථං ගාථාබන්ධෙන දස්සෙන්තො “පුඤ්ඤමෙවා”තිආදිමාහ. තත්ථ පුඤ්ඤමෙව සො සික්ඛෙය්යාති යො අත්ථකාමො කුලපුත්තො, සො පුඤ්ඤඵලනිබ්බත්තනතො, අත්තනො සන්තානං පුනනතො ච “පුඤ්ඤ”න්ති ලද්ධනාමං තිවිධං කුසලමෙව සික්ඛෙය්ය නිවෙසෙය්‍ය උපචිනෙය්ය පසවෙය්යාති අත්ථො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේ කාය ශාක්ෂි කොට පින්වල විපාක මහත් බව ප්‍රකාශකොට දැන් ඒ අර්ථය ම ගාථා බන්ධනයෙන් දක්වමින් ‘පුඤ්ඤමෙව’ යනාදිය වදාළහ. එහි පුඤ්ඤමෙව සො සික්ඛෙය්ය යහපත කැමති කුලපුත්‍රයා පින්පල ඉපදවීමෙන් තමාගේ සිත පිනවීම් වශයෙන් පුඤ්ඤ යනුවෙන් ලබන ලද නම් ඇති ත්‍රිවිධ කුශලයෙහිම හික්මෙන්නේය. එම කුශලය ඇසුරු කරන්නේය. රැස්කරන්නේය. උපදවන්නේය යන අර්ථයි.
ආයතග්ගන්ති විපුලඵලතාය උළාරඵලතාය ආයතග්ගං, පියමනාපඵලතාය වා ආයතිං උත්තමන්ති ආයතග්ගං, ආයෙන වා යොනිසොමනසිකාරාදිප්පච්චයෙන උළාරතමෙන අග්ගන්ති ආයතග්ගං. තකාරො පදසන්ධිකරො. අථ වා ආයෙන පුඤ්ඤඵලෙන අග්ගං පධානන්ති ආයතග්ගං. තතො එව සුඛුද්රයං සුඛවිපාකන්ති අත්ථො.
ආයතග්ගං යනු මහත්ඵල ඇති බැවින් උසස් ඵල ඇති බැවින් ආයතග්ග නම් වෙයි. ප්‍රියමනාප ඵල ඇති බැවින් පැතිරෙයි, උතුම් වෙයි යන අර්ථයෙන් ද ආයතග්ග නම් වේ. යෝනිසෝ මනසිකාරාදි ප්‍රත්‍යයෙන් වඩා උසස් බැවින් අග්‍ර යන අරුතින් ආයතග්ග නම් වේ. ‘ත’ කාරය පද සන්ධි කිරීම සඳහාය. නැතහොත් මනෝඥ වූ ඵල ලැබීමෙන් අග්‍ර යන අරුතින් ප්‍රධාන වූයේ යන අරුතින් ආයතග්ග නම් වේ. එයම සුඛුද්රයං සැප විපාක යන අර්ථයි.
කතමං පන තං පුඤ්ඤං, කථඤ්ච නං සික්ඛෙය්යාති ආහ “දානඤ්ච සමචරියඤ්ච, මෙත්තචිත්තඤ්ච භාවයෙ”ති. තත්ථ සමචරියන්ති කායවිසමාදීනි වජ්ජෙත්වා කායසමාදිචරිතං, සුවිසුද්ධං සීලන්ති අත්ථො. භාවයෙති අත්තනො සන්තානෙ උප්පාදෙය්ය වඩ්ඪෙය්ය. එතෙ ධම්මෙති එතෙ දානාදිකෙ සුචරිතධම්මෙ. සුඛසමුද්දයෙති සුඛානිසංසෙ, ආනිසංසඵලම්පි නෙසං සුඛමෙවාති දස්සෙති. අබ්යාපජ්ජං සුඛං ලොකන්ති කාමච්ඡන්දාදිබ්යාපාදවිරහිතත්තා අබ්යාපජ්ජං නිද්දුක්ඛං, පරපීළාභාවෙ පන වත්තබ්බං නත්ථි. ඣානසමාපත්තිවසෙන සුඛබහුලත්තා සුඛං, එකන්තසුඛඤ්ච බ්රහ්මලොකං ඣානපුඤ්ඤානං, ඉතරපුඤ්ඤානං පන තදඤ්ඤං සම්පත්තිභවසඞ්ඛාතං සුඛං ලොකං පණ්ඩිතො සප්පඤ්ඤො උපපජ්ජති උපෙති. ඉති ඉමස්මිං සුත්තෙ ගාථාසු ච වට්ටසම්පත්ති එව කථිතා.
ඒ පින කුමක්ද? කෙසේ එහි හික්මෙන්නේදැයි වදාළහ: දානඤ්ච සමචරියඤ්ච මෙත්තචිත්තඤ්ච භාවයෙ’ යන මෙහි සමචරියං යනු කාය විසමාදිය දුරුකොට කායසසමාදියෙහි හැසිරිම. ඉතා පිරිසිදු ශීලය යන අර්ථයි. භාවයෙ යනු තමාගේ සිතෙහි උපදවන්නේය වඩන්නේය. එතෙ ධම්මෙ යනු ඒ දානාදී සුචරිත ධර්ම. සුඛ සමුද්‍රයෙ යනු සැප අනුසස් ඒවායේ ආනිසංස ඵලය ද සැපයමයි දක්වයි. අබ්යාපජ්ඣං සුඛං ලොකං යනු කාමච්ඡන්දාදි බාධා නැති බැවින් අබ්යාපජ්ඣ වූ නිදුක් වූ. අනුන් පෙළීමක් නැතිවීමෙහි දී කිවයුත්තක් නැත. ධ්‍යාන සමාපත්ති වශයෙන් ධ්‍යාන පින්වල සැප බහුල බැවින් සැප වූ ඒකාන්ත සැප වූ බඹලොවට, ඉතිරි පින්වලින් ඒ අනිත් සම්පත්තිභව සංඛ්‍යාත සැප ලොවට. පණ්ඩිතො ප්‍රඥාවන්ත තැනැත්තා. උපපජ්ජති එළඹෙයි. මෙසේ මේ සූත්‍රයෙහි ද ගාථාවලද සසර සම්පත් ම දේශනා කරන ලදී.
දුතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
දෙවන සුත්‍ර වර්ණනාවයි.