3. උභො-අත්ථ සුත්තවණ්ණනා අට්ඨකථා
3. උභො-අත්ථ සුත්තවණ්ණනා
3. උභො-අත්ථ සූත්‍ර වර්ණනාව
තතියෙ භාවිතොති උප්පාදිතො ච වඩ්ඪිතො ච. බහුලීකතොති පුනප්පුනං කතො. අත්ථොති හිතං. තඤ්හි අරණීයතො උපගන්තබ්බතො අත්ථොති වුච්චති. සමධිගය්හ තිට්ඨතීති සම්මා පරිග්ගහෙත්වා අවිජහිත්වා වත්තති. දිට්ඨධම්මිකන්ති දිට්ඨධම්මො වුච්චති පච්චක්ඛභූතො අත්තභාවො, දිට්ඨධම්මෙ භවං දිට්ඨධම්මිකං, ඉධලොකපරියාපන්නන්ති අත්ථො. සම්පරායිකන්ති ධම්මවසෙන සම්පරෙතබ්බතො සම්පරායො, පරලොකො, සම්පරායෙ භවං සම්පරායිකං, පරලොකපරියාපන්නන්ති වුත්තං හොති.
තෙවන සූත්‍රයෙහි භාවිතො යනු උපදවන ලද්දේ ද වඩන ලද්දේ ද, බහුලීකතො යනු නැවත නැවත කරන ලද. අන්ථො යනු හිත (යහපත) එය කෙලෙස් නැති බැවින් (අරණීයතො) ද එළඹිය යුතු බැවින් ද අර්ථයයි කියනු ලැබේ. සමධිගය්හ තිට්ඨති යනු මනාව අල්ලාගෙන දුරුනොකොට පවතී. දිට්ඨධම්මිකං යනු ප්රත්යක්ෂ වූ ආත්මභාවය දිට්ඨධම්මයයි කියනු ලැබේ. දිට්ඨධම්මයෙහි වීම දිට්ඨධම්මිකය. මෙලොවට ඇතුළත් යන අර්ථයි. සම්පරායිකං යනු ස්වභාව වශයෙන් පරලොව යා යුතු හෙයින් සම්පරාය නම් වේ. පරලොවයි, සම්පරායෙහි වීම සම්පරායික ය. පරලොවට ඇතුළත් යන අර්ථයි.
කො පනෙස දිට්ඨධම්මිකො නාම අත්ථො, කො වා සම්පරායිකොති? සඞ්ඛෙපෙන තාව යං ඉධලොකසුඛං, යඤ්චෙතරහි ඉධලොකසුඛාවහං, අයං දිට්ඨධම්මිකො අත්ථො. සෙය්යථිදං – ගහට්ඨානං තාව ඉධ යං කිඤ්චි විත්තූපකරණං, අනාකුලකම්මන්තතා, ආරොග්යසංවිධානං, වත්ථුවිසදකිරියායොගවිහිතානි සිප්පායතනවිජ්ජාට්ඨානානි සඞ්ගහිතපරිජනතාති එවමාදි. පබ්බජිතානං පන යෙ ඉමෙ ජීවිතපරික්ඛාරා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරා. තෙසං අකිච්ඡලාභො, තත්ථ ච සඞ්ඛාය පටිසෙවනා, සඞ්ඛාය පරිවජ්ජනා, වත්ථුවිසදකිරියා, අප්පිච්ඡතා, සන්තුට්ඨි, පවිවෙකො, අසංසග්ගොති එවමාදි. පතිරූපදෙසවාසසප්පුරිසූපනිස්සයසද්ධම්මස්සවනයොනිසොමනසිකාරාදයො පන උභයෙසං සාධාරණා උභයානුරූපා චාති වෙදිතබ්බා.
ඒ දිට්ඨධම්මික නම් වූ අර්ථය කුමක්ද? සම්පරායික නම් වූ අර්ථය කුමක් ද? කෙටියෙන් මෙලොව සැපය ද දැන් මෙලොව සැප ගෙන දෙන දෙය ද දිට්ඨධම්මික අර්ථයයි. ඒ කෙසේද යත්, ගිහියන්ට සම්පත් උපකරණ, (ගොවිතැන ගව පාලනය ආදී) නිවැරදි කර්මාන්ත ඇති බව, සෞඛ්‍ය කටයුතු සංවිධානය, ශරීරය ඇතුළත හා පිටත වස්තූන් පිරිසිදුව තබාගැනීම, නිසිලෙස පිළියෙල කළ ශිල්පායතන හා විද්‍යායතන, සංග්‍රහ කරන ලද පිරිවර ජනයා ඇති බව යන මේ ආදිය යි. පැවිද්දන්ට සිවුරු, දානය, සෙනසුන්, බෙහෙත් යන ජීවත්වීමට අවශ්‍ය අංග නිදුකින් (පහසුවෙන්) ලැබීම, ඒවා පරිහරණය කිරීමෙහි දී නුවණින් සලකා පරිහරණය කිරීම, නුවණින් සලකා දුරුකිරිම, ඇතුළත පිටත වස්තු පිරිසිදුව තබාගැනීම, අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටු වීම, කාය-චිත්ත විවේකය, දැකීම්, ඇසීම් ආදියෙහි නොඇලීම යන මේ ආදියයි. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, සත්පුරුෂයන් ඇසුරු කිරීම, සදහම් ඇසීම, නුවණින් මෙනෙහි කිරීමාදිය දෙපිරිසට ම පොදුය. දෙපිරිසටම සුදුසුය යි දතයුතුය.
අප්පමාදොති එත්ථ අප්පමාදො පමාදප්පටිපක්ඛතො වෙදිතබ්බො. කො පනෙස පමාදො නාම? පමජ්ජනාකාරො. වුත්තං හෙතං –
අප්පමාදො යන මෙහි අප්‍රමාදය ප්‍රමාදයට විරුද්ධ ආකාරයෙන් දතයුතුය. ඒ ප්‍රමාදය නම් කුමක් ද? ප්‍රමාදවන ආකාරයයි.
“තත්ථ කතමො පමාදො? කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු වා කාමගුණෙසු චිත්තස්ස වොස්සග්ගො වොස්සග්ගානුප්පාදනං කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනට්ඨිතකිරියතා ඔලීනවුත්තිතා නික්ඛිත්තඡන්දතා නික්ඛිත්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං අනධිට්ඨානං අනනුයොගොපමාදො. යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං. අයං වුච්චති පමාදො”ති (විභ· 846).
‘එහි ප්‍රමාදය කුමක්ද? කාය දුශ්චරිතයෙහි හෝ වචී දුශ්චරිතයෙහි හෝ මනෝ දුශ්චරිතයෙහි හෝ පංචකාම ගුණයන්හි හෝ සිත මුදාහැරීමක් පුන පුනා මුදාහැරීමක්, කුශල ධර්මයන්ගේ වැඩීම පිණිස සකස් නොකොට කටයුතු කරන බවක්, නිතර නොකරන බවත්, ඉඳහිට කරන බවක්, ඉඳහිට කරන බැවින් හැකුළුණු බවක්, කුසල් කිරීම පිණිස අවශ්‍ය වීර්යයට ඇති කැමැත්ත බහා තැබීමක්, බහා තැබූ වීර්යය ඇති බවක්, සේවනය නොකිරිමක්, නොවැඩීමක්, බහුල වශයෙන් නොකිරීමක්, නොපිහිටීමක්, නොපිළිපැදීමක්, ප්‍රමාදයක්, යම් මෙබඳු ප්‍රමාදයක්, ප්‍රමාද ආකාරයක්, ප්‍රමාද බවක් වේද මෙය ප්‍රමාදයයි කියනු ලැබේ.
තස්මා වුත්තප්පටිපක්ඛතො අප්පමාදො වෙදිතබ්බො. අත්ථතො හි සො සතියා අවිප්පවාසො, නිච්චං උපට්ඨිතස්සතියා එතං නාමං. අපරෙ පන “සතිසම්පජඤ්ඤයොගෙන පවත්තා චත්තාරො අරූපිනො ඛන්ධා අප්පමාදො”ති වදන්ති.
එහෙයින් කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් අප්‍රමාදය දතයුතුය. අර්ථ වශයෙන් ඒ අප්‍රමාදය සිහියෙන් වෙන්ව නොවිසීමයි. නිතර එළඹසිටි සිහියට ද එය නමකි. අන් අය වනාහි සිහිනුවණ යෙදීමෙන් පැවති අරූප ස්කන්ධ අප්‍රමාදයයි කියති.
“භාවිතො බහූලීකතො”ති වුත්තං, කථං පනායං අප්පමාදො භාවෙතබ්බොති? න අප්පමාදභාවනා නාම විසුං එකභාවනා අත්ථි. යා හි කාචි පුඤ්ඤකිරියා කුසලකිරියා, සබ්බා සා අප්පමාදභාවනාත්වෙව වෙදිතබ්බා. විසෙසතො පන විවට්ටූපනිස්සයං සරණගමනං කායිකවාචසිකසංවරඤ්ච උපාදාය සබ්බා සීලභාවනා, සබ්බා සමාධිභාවනා, සබ්බා පඤ්ඤාභාවනා, සබ්බා කුසලභාවනා, අනවජ්ජභාවනා, අප්පමාදභාවනාති වෙදිතබ්බා. “අප්පමාදො”ති හි ඉදං මහන්තං අත්ථං දීපෙති, මහන්තං අත්ථං පරිග්ගහෙත්වා තිට්ඨති. සකලම්පි තෙපිටකං බුද්ධවචනං ආහරිත්වා අප්පමාදපදස්ස අත්ථං කත්වා කථෙන්තො ධම්මකථිකො “අතිත්ථෙන පක්ඛන්දො”ති න වත්තබ්බො. කස්මා? අප්පමාදපදස්ස මහන්තභාවතො. තථා හි සම්මාසම්බුද්ධො කුසිනාරායං යමකසාලානමන්තරෙ පරිනිබ්බානසමයෙ නිපන්නො අභිසම්බොධිතො පට්ඨාය පඤ්චචත්තාලීසාය වස්සෙසු අත්තනා භාසිතං ධම්මං එකෙන පදෙන සඞ්ගහෙත්වා දස්සෙන්තො – “අප්පමාදෙන සම්පාදෙථා”ති භික්ඛූනං ඔවාදමදාසි. තථා ච වුත්තං –
භාවිතො බහුලීකතො යන්න (මේ සූත්‍ර වර්ණනාව මුලදී) කියන ලදී. මේ අප්‍රමාදය කෙසේ වැඩිය යුතුද? අප්‍රමාද භාවනාව නම් වෙන්වූ එක් භාවනාවක් නැත. යම්කිසි පුණ්‍යක්‍රියාවක්, කුශල ක්‍රියාවක්, ඇත්නම් ඒ සියල්ල අප්‍රමාද භාවනාව යනුවෙන් ම දතයුතුය. විශේෂ වශයෙන් නිවනට හේතු වූ සරණගමනය, කය වචනය සංවරය ද ගෙන සියලු සීල භාවනා, සියලු සමාධි භාවනා, සියලු ප්‍රඥා භාවනා සහ සියලු කුසල භාවනාවන් අනවජ්ජ (භාවනා) අප්‍රමාද භාවනායයි දතයුතුය. අප්‍රමාද යන මෙය මහත් වූ අර්ථයක් ප්‍රකට කරයි. මහත් වූ අර්ථයක් ගෙන සිටියි. සියලුම ත්‍රිපිටක බුද්ධ වචනය ගෙනවුත් ‘අප්පමාද’ යන පදයේ අර්ථ ලෙස කියන ධර්මකථිකයා තොටුපලක් නොවන තැනකින් ඉවත්ව ගියේ යයි නොකිව යුතුය. කුමක් හෙයින් ද? අප්‍රමාද යන පදයේ මහත් බව නිසාය. එසේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුසිනාරාවෙහි සල්ගස් දෙකක් අතර පිරිනිවන්පාන සමයෙහි වැඩහුන් සේක් අභිසම්බෝධියේ පටන් වසර හතළිස් පහකදී තමන්වහන්සේ විසින් දේශනා කළ ධර්මය එක් පදයකින් එක්තැන්කොට දක්වමින් ‘අප්පමාදෙන සම්පාදෙථ’ ‘නො පමාව කටයුතු කරන්න’ යනුවෙන් භික්ෂූන්ට අවවාද දුන් සේක. එසේම වදාරණ ලදී -
“සෙය්යථාපි, භික්ඛවෙ, යානි කානිචි ජඞ්ගලානං පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහන්තට්ඨෙන; එවමෙව ඛො, භික්ඛවෙ, යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙතෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා, අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායතී”ති (ම· නි· 1.300).
‘මහණෙනි, ඇවිදින සතුන්ගේ සියලු පාද ඇත් පියවරෙහි ඇතුළත්වීමට පැමිණෙයි. ඇත් පියවර මහත් බැවින් ඒ සියලු පාද අතුරෙන් අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එසේම සියලුම කුශල ධර්ම අප්‍රමාදය මුල්කොට ඇත. අප්‍රමාදය එක්තැන් වීම කොට ඇත. ඒවාට අප්‍රමාදය අග්‍රයයි කියනු ලැබේ’ යනුවෙන්.
ගාථාසු අප්පමාදං පසංසන්තීති දානාදිපුඤ්ඤකිරියාසු අප්පමාදං අප්පමජ්ජනං පණ්ඩිතා සප්පඤ්ඤා බුද්ධාදයො පසංසන්ති, වණ්ණෙන්ති ථොමෙන්ති. කස්මා? යස්මා අප්පමත්තො උභො අත්ථෙ අධිගණ්හාති පණ්ඩිතො. කෙ පන තෙ උභො අත්ථාති ආහ – “දිට්ඨෙ ධම්මෙ ච යො අත්ථො, යො චත්ථො සම්පරායිකො”ති, එවමෙත්ථ පදයොජනා වෙදිතබ්බා. ඉධාපි දිට්ඨෙ ධම්මෙ ච යො අත්ථොති ගහට්ඨස්ස තාව “අනවජ්ජානි කම්මානි, අනාකුලා ච කම්මන්තා”තිආදිනා නයෙන වුත්තො කසිගොරක්ඛාදිවිධිනා ලද්ධබ්බො අත්ථො, පබ්බජිතස්ස පන අවිප්පටිසාරාදිඅත්ථො වෙදිතබ්බො. යො චත්ථො සම්පරායිකොති පන උභයෙසම්පි ධම්මචරියාව වුත්තාති වෙදිතබ්බා.
ගාථාවන්හි අප්පමාදං පසංසන්ති යනු දන්දීමාදී පුණ්‍ය ක්‍රියාවන්හි අප්‍රමාද වීම පඬිවරු, නුවණ ඇති අය බුදුවරු ආදීහු පසසති. වර්ණනා කරති. ස්තුති කරති. කුමක් හෙයින් ද? අප්පමත්තො උභො අත්ථෙ අධිගණ්හාති පණ්ඩිතො ප්‍රමාද නොවූ පඩිවරයා (නුවණ ඇත්තා) උභය අර්ථය අයත් කරගන්නා හෙයිනි. ඒ උභය අර්ථය කුමක් ද? දිට්ඨෙව ධම්මෙ යො අත්ථො යො චත්ථො සම්පරායිකො මෙලොව අර්ථයත් පරලොව අර්ථයත් ය. මෙසේ මෙහි පදයෝජනාව දතයුතුය. ‘දිට්ඨෙව ධම්මෙ යො අත්ථො’ යනු ගිහියාට ‘අනවජ්ජානි කම්මානි’ ‘නිවැරදි කටයුතු’, ‘අනාකුලා ච කම්මන්තා’ ආදී වශයෙන් කියන ලද ගොවිතැන ගව පාලනය ආදි විධියෙන් ලැබිය යුතු අර්ථය (ප්‍රයෝජනය), පැවිද්දාට පසුතැවිලි නොවීමාදිය අර්ථයයි දතයුතුය. ‘යො චත්ථො සම්පරායිකො’ යනු මේ දෙකින්ම ධර්මචරියාව කියන ලදැයි දතයුතුය.
අත්ථාභිසමයාති දුවිධස්සපි අත්ථස්ස හිතස්ස පටිලාභා, ලද්ධබ්බෙන සමිති සඞ්ගති සමොධානන්ති සමයො, ලාභො. සමයො එව අභිසමයො, අභිමුඛභාවෙන වා සමයො අභිසමයොති එවමෙත්ථ අභිසමයො වෙදිතබ්බො. ධිතිසම්පන්නත්තා ධීරො. තතියෙන චෙත්ථ අත්ථ-සද්දෙන පරමත්ථස්ස නිබ්බානස්සාපි සඞ්ගහො වෙදිතබ්බො. සෙසං සුවිඤ්ඤෙය්යමෙව. ඉති ඉමස්මිං සුත්තෙ වට්ටසම්පත්ති එව කථිතා. ගාථායං පන විවට්ටස්සපි සඞ්ගහො දට්ඨබ්බො. තථා හි වුත්තං –
අත්ථාභිසමයා යනු දෙවදෑරුම් අර්ථයේ යහපතේ ප්‍රතිලාභයෙන්, ලැබිය යුතු බැවින් රැස්වීම, එක්වීම, එක්තැන් කිරීම යන අරුතින් සමය, ලාභය නම් වේ. ‘සමය’ යන්නම අභිසමයයි. අභිමුඛ භාවයෙන් සමය හෝ අභිසමයයි. මෙසේ මෙහි අභිසමය දතයුතුය. ධෛර්ය සම්පන්න තැනැත්තා ධීර වෙයි. මෙහි තුන්වන ‘අත්ථ’ ශබ්දයෙන් පරමාර්ථ නිර්වාණයේ ද සංග්‍රහය දතයුතුය. ඉතිරිය පහසුවෙන් දැනගත හැකිමය. මෙසේ මේ සූත්‍රයෙහි සසර සම්පත්තිය ම කියන ලදී. ගාථාවලදී නිර්වාණයේ ද සංග්‍රහය (එක් කිරීම) දතයුතුය. එහෙයින්
“අප්පමාදො අමතපදං, පමාදො මච්චුනො පදං; අප්පමත්තා න මීයන්ති, යෙ පමත්තා යථා මතා.
‘අප්පමාදො අමතපදං පමාදො මච්වුනො පදං අප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා’
අප්‍රමාදය නිවනට කරුණුය. ප්‍රමාදය මරණයට කරුණුය. නොපමා වූවෝ නො මැරෙති. පමා වූවෝ මළවුන් වැනි වෙති.
“එවං විසෙසතො ඤත්වා, අප්පමාදම්හි පණ්ඩිතා; අප්පමාදෙ පමොදන්ති, අරියානං ගොචරෙ රතා.
එතං විසෙසතො ඤත්වා අප්පමාදම්හි පණ්ඩිතා අප්පමාදෙ පමොදන්ති අරියානං ගොචරෙ රතා
නුවණැත්තෝ අප්‍රමාදයෙහි මේ ගුණය වෙසෙසින් දැන අප්‍රමාදයෙහි සතුටු වෙති. ආර්යයන්ට ගෝචර වූ බෝධිපාක්ෂික, ලෝකෝත්තර ධර්මවල ඇලුනෝ වෙති.
“තෙ ඣායිනො සාතතිකා, නිච්චං දළ්හපරක්කමා; ඵුසන්ති ධීරා නිබ්බානං, යොගක්ඛෙමං අනුත්තර”න්ති. (ධ· ප· 21-23);
තෙ ඣායිතො සාතතිකා නිච්චං දළ්හපරක්කමා ඵුසන්ති ධීරා නිබ්බාණං යොගක්ඛෙමං අනුත්තරං
නිතර ධ්‍යාන වඩන සුලු, නිතර පැවති වීර්ය ඇති. ඒ නුවණැත්තෝ නිර්භය වූ අනුත්තර වූ නිවන ස්පර්ශ කරති.
තස්මා “අත්ථාභිසමයා”ති එත්ථ ලොකුත්තරත්ථවසෙනපි අත්ථො වෙදිතබ්බො.
එහෙයින් ‘අත්ථාභිසමය’ යනු මෙහි ලෝකෝත්තර වශයෙන් ද අර්ථය දතයුතුය.
තතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෙවන සූත්‍ර වර්ණනාවයි.