යෙදුමෙන් කියවන්න

4. අට‍්ඨිපුඤ‍්ජසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

4. අට‍්ඨිපුඤ‍්ජසුත‍්තවණ‍්ණනා

4. අට්ඨිපුඤ්ජ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ එකපුග‍්ගලස‍්සාති එත්‍ථ පුග‍්ගලොති අයං වොහාරකථා. බුද‍්ධස‍්ස හි භගවතො දුවිධා දෙසනා සම‍්මුතිදෙසනා ච පරමත්‍ථදෙසනා චාති. තත්‍ථ “පුග‍්ගලො, සත‍්තො, ඉත්‍ථී, පුරිසො, ඛත‍්තියො, බ්‍රාහ‍්මණො, දෙවො, මාරො”ති එවරූපා සම‍්මුතිදෙසනා. “අනිච‍්චං, දුක‍්ඛං, අනත‍්තා, ඛන්‍ධා, ධාතු, ආයතනා, සතිපට‍්ඨානා”ති එවරූපා පරමත්‍ථදෙසනා. තත්‍ථ භගවා යෙ සම‍්මුතිවසෙන දෙසනං සුත්‍වා විසෙසමධිගන‍්තුං සමත්‍ථා, නෙසං සම‍්මුතිදෙසනං දෙසෙති. යෙ පන පරමත්‍ථවසෙන දෙසනං සුත්‍වා විසෙසමධිගන‍්තුං සමත්‍ථා, තෙසං පරමත්‍ථදෙසනං දෙසෙති.

සිවුවන සූත්‍රයෙහි එකපුග්ගලස්ස යන මෙහි පුග්ගලො යනු මේ ව්‍යවහාර කථාවයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනා, සම්මුති දේශනා පරමාර්ථ දේශනා යනුවෙන් දෙපරිදිය. එහි පුද්ගලයා සත්ත්වයා, ස්ත්‍රිය, පුරුෂයා, ක්‍ෂත්‍රියයා, බමුණා, දෙවියා, මාරයා යන මෙබඳු වූ දේශනා සම්මුති දේශනා ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ස්කන්ධ, ධාතු, ආයතන, සතිපට්ඨාන යන මෙබඳු වූ දේශනා පරමාර්ථ දේශනා ය. එහිදී භාග්‍යවතුන් වහන්සේ සම්මුති වශයෙන් කරන දේශනාව අසා විශේෂත්වයකට පත්වන්නට සමත් අයට සම්මුති දේශනාව දේශනා කරති. පරමාර්ථ වශයෙන් කරන දේශනාව අසා විශේෂත්වයකට පත්වන්නට සමත් අයට පරමාර්ථ දේශනාව දේශනා කරති.

තත්‍ථායං උපමා – යථා හි දෙසභාසාකුසලො තිණ‍්ණං වෙදානං අත්‍ථසංවණ‍්ණනකො ආචරියො යෙ දමිළභාසාය වුත‍්තෙ අත්‍ථං ජානන‍්ති, තෙසං දමිළභාසාය ආචික‍්ඛති. යෙ අන්‍ධකභාසාදීසු අඤ‍්ඤතරාය, තෙසං තාය තාය භාසාය. එවං තෙ මාණවකා ඡෙකං බ්‍යත‍්තං ආචරියමාගම‍්ම ඛිප‍්පමෙව සිප‍්පං උග‍්ගණ‍්හන‍්ති. තත්‍ථ ආචරියො විය බුද‍්ධො භගවා, තයො වෙදා විය කථෙතබ‍්බභාවෙ ඨිතානි තීණි පිටකානි, දෙසභාසාකොසල‍්ලමිව සම‍්මුතිපරමත්‍ථකොසල‍්ලං, නානාදෙසභාසා මාණවකා විය සම‍්මුතිපරමත්‍ථවසෙන පටිවිජ‍්ඣනසමත්‍ථා වෙනෙය්‍යා, ආචරියස‍්ස දමිළභාසාදිආචික‍්ඛනං විය භගවතො සම‍්මුතිපරමත්‍ථවසෙන දෙසනා වෙදිතබ‍්බා. ආහ චෙත්‍ථ –

ඒ කරුණෙහිලා උපමාවකි. දේශ භාෂාවන්හි දක්‍ෂ ත්‍රිවේදයේ අරුත් පැහැදිලි කරන ගුරුවරයා දෙමළ බසින් කී කල්හි අරුත් දැනගන්නා වූ අයට දෙමළ බසින් කියයි. අන්ධක භාෂා ආදිය අතුරින් එක්තරා බසකින් කී කල්හි අරුත් දැනගන්නා අයට ඒ ඒ බසින් කියයි. මෙසේ ඒ තරුණයෝ දක්ෂ උගත් ගුරුවරයකු වෙත පැමිණ වහාම ශිල්ප උගනිති. එහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරුවරයා මෙනි. කිවයුතු භාවයෙහි පිහිටි ත්‍රිපිටකය ත්‍රිවේදය මෙනි. සම්මුති පරමාර්ථ දෙකෙහි දක්ෂ බව දේශ භාෂාවෙහි දක්ෂ බව මෙනි. සම්මුති පරමාර්ථ වශයෙන් අවබෝධ කිරීමෙහි සමත් හික්මවීමට සුදුසු අය නොයෙක් දේශයන්හි භාෂා දන්නා තරුණයන් මෙනි. භාග්‍යවතුන් වහන්සේ සම්මුති පරමාර්ථ වශයෙන් කරන දේශනා ගුරුවරයා දෙමළ භාෂාදිය කීම මෙනි යනුවෙන් දතයුතුය. එහිදී මෙසේද කීය.

“දුවෙ සච‍්චානි අක‍්ඛාසි, සම‍්බුද‍්ධො වදතං වරො; සම‍්මුතිං පරමත්‍ථඤ‍්ච, තතියං නූපලබ‍්භති.

දුවෙ සච්චානි අක්‍ඛාසි සම්බුද්ධො වදතං වරො සම්මුතිං පරමත්‍ථඤ්ච තතියං නූපලබ්භති

කියන්නවුන් අතර උතුම් වූ සම්බුදුරජාණන් වහන්සේ සම්මුති පරමාර්ථ යන සත්‍ය දෙක වදාළහ. තෙවන සත්‍යයක් නොලැබේ.

“සඞ‍්කෙතවචනං සච‍්චං, ලොකසම‍්මුතිකාරණා; පරමත්‍ථවචනං සච‍්චං, ධම‍්මානං භූතකාරණා.

සංකෙතවචනං සච්චං ලොකසම්මුති කාරණා පරමත්‍ථවචනං සච්චං ධම්මානං තථලක්‍ඛණා

ලෝක සම්මුතියක්ය යන කාරණයෙන් ලෝවැසියන් විසින් නියම කරගත් වචනය සත්‍යය. ධර්මයගේ සත්‍ය ලක්‍ෂණයෙන් පරමාර්ථ වචනය සත්‍යයි.

“තස‍්මා වොහාරකුසලස‍්ස, ලොකනාථස‍්ස සත්‍ථුනො; සම‍්මුතිං වොහරන‍්තස‍්ස, මුසාවාදො න ජායතී”ති.

තස්මා වොහාර කුසලස්ස ලොකනාථස්ස සත්‍ථුනො සම්මුතිං වොහරන්තස්ස වොහාරො අරියොව සො

එහෙයින් සම්මුතිය කථාකරන, කථා ව්‍යවහාරයෙහි දක්‍ෂ වූ ලෝකනාථ වූ, ශාස්තෲන් වහන්සේගේ ඒ ව්‍යවහාරය ආර්ය ව්‍යවහාරයක්ම වෙයි.

අපිච අට‍්ඨහි කාරණෙහි භගවා පුග‍්ගලකථං කථෙති – හිරොත‍්තප‍්පදීපනත්‍ථං, කම‍්මස‍්සකතාදීපනත්‍ථං, පච‍්චත‍්තපුරිසකාරදීපනත්‍ථං,, ආනන‍්තරියදීපනත්‍ථං, බ්‍රහ‍්මවිහාරදීපනත්‍ථං, පුබ‍්බෙනිවාසදීපනත්‍ථං, දක‍්ඛිණාවිසුද‍්ධිදීපනත්‍ථං, ලොකසම‍්මුතියා අප‍්පහානත්‍ථං, චාති.

තවද කරුණු අටකින් භාග්‍යවතුන් වහන්සේ පුද්ගල කථාව ප්‍රකාශ කරති. 1. පාපයට ඇති ලජ්ජා භය පැහැදිලි කිරීම පිණිස. 2. කර්මය තමා අයත් කොට ඇති බව පැහැදිලි කිරීම පිණිස. 3. වෙන් වෙන්වූ මිනිස් ස්වරූපය පැහැදිලි කිරීම පිණිස. 4. ආනන්තරිය (කර්ම) පැහැදිලි කිරීම පිණිස. 5. බ්‍රහ්මවිහාරය පැහැදිලි කිරීම පිණිස. 6. පෙර විසූ ආකාරය පැහැදිලි කිරීම පිණිස. 7. දන්දීම පිරිසිදු වන ආකාරය (දක්ඛිණා විසුද්ධි) පැහැදිලි කිරීම පිණිස. 8. ලෝකයේ කථා ව්‍යවහාරය දුරු නොකිරීම පිණිස.

“ඛන්‍ධධාතුආයතනානි හිරියන‍්ති ඔත‍්තප‍්පන‍්තී”ති හි වුත‍්තෙ මහාජනො න ජානාති, සම‍්මොහං ආපජ‍්ජති, පටිසත‍්තු වා හොති – “කිමිදං ඛන්‍ධධාතුආයතනානි හිරියන‍්ති ඔත‍්තප‍්පන‍්ති නාමා”ති? “ඉත්‍ථී හිරියති ඔත‍්තප‍්පති, පුරිසො, ඛත‍්තියො, බ්‍රාහ‍්මණො, දෙවො, මාරො”ති පන වුත‍්තෙ ජානාති, න සම‍්මොහං ආපජ‍්ජති, න පටිසත‍්තු වා හොති. තස‍්මා භගවා හිරොත‍්තප‍්පදීපනත්‍ථං පුග‍්ගලකථං කථෙති.

ස්කන්ධ, ධාතු ආයතන, ලජ්ජා වෙයි. බිය වෙයි යනුවෙන් කී කල්හි මහජන තෙමේ ‘ස්කන්ධ - ධාතු - ආයතන ලජ්ජා වෙයි. බියවෙයි යනුවෙන් කියන මේ කතාව කුමක්දැයි නොදනී. මුළාවට පත් වෙයි. සතුරු හෝ වෙයි. ස්ත්‍රිය ලජ්ජා වෙයි. බිය වෙයි. පුරුෂයා, ක්‍ෂත්‍රියයා, බමුණා ලජ්ජා වෙයි යනුවෙන් කී කල්හි දැනගනියි. මුළාවට පත් නොවෙයි. සතුරු හෝ නොවෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ හිරිඔතප් පැහැදිලි කිරීම පිණිස පුද්ගල කථාව දේශනා කරති.

“ඛන්‍ධා කම‍්මස‍්සකා, ධාතුයො ආයතනානී”ති වුත‍්තෙපි එසෙව නයො. තස‍්මා කම‍්මස‍්සකතාදීපනත්‍ථම‍්පි පුග‍්ගලකථං කථෙති.

ස්කන්ධ කර්මය තමා අයත්කොට ඇත. ධාතු, ආයතනයයි කී කල්හි ද මේ ක්‍රමය මය. එහෙයින් කර්මය තමා අයත්කොට ඇති බව පැහැදිලි කිරීම පිණිස පුද්ගල කථාව දේශනා කරති.

“වෙළුවනාදයො මහාවිහාරා ඛන්‍ධෙහි කාරාපිතා, ධාතූහි ආයතනෙහී”ති වුත‍්තෙපි එසෙව නයො. තථා “ඛන්‍ධා මාතරං ජීවිතා වොරොපෙන‍්ති, පිතරං, අරහන‍්තං, රුහිරුප‍්පාදකම‍්මං, සඞ‍්ඝභෙදකම‍්මං කරොන‍්ති, ධාතුයො ආයතනානී”ති වුත‍්තෙපි එසෙව නයො. “ඛන්‍ධා මෙත‍්තායන‍්ති, ධාතුයො ආයතනානී”ති වුත‍්තෙපි එසෙව නයො. “ඛන්‍ධා පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්ති, ධාතුයො ආයතනානී”ති වුත‍්තෙපි එසෙව නයො. තස‍්මා භගවා පච‍්චත‍්තපුරිසකාරදීපනත්‍ථං ආනන‍්තරියදීපනත්‍ථං බ්‍රහ‍්මවිහාරදීපනත්‍ථං පුබ‍්බෙනිවාසදීපනත්‍ථඤ‍්ච පුග‍්ගලකථං කථෙති.

වෙළුවන ආදී මහා විහාර ස්කන්ධ විසින් කරවන ලදී. ධාතු විසින් ආයතන විසින් කරවන ලදී යයි කී කල්හිද ඒ ක්‍රමයමය. ස්කන්ධ මව ජිවිතයෙන් තොර කරයි. පියා, රහතන් වහන්සේ ජීවිතයෙන් තොර කරයි. ලේ සෙලවීමේ කර්මය, සංඝභේදය කරයි. ධාතු, ආයතන ඒවා කරයි යනුවෙන් කී කල්හිද ඒ ක්‍රමයමය. ස්කන්ධ මෛත්‍රී කරයි. ධාතු, ආයතන මෛත්‍රී කරයි යනුවෙන් කී කල්හිද ඒ ක්‍රමයමය. ස්කන්ධ පෙර විසූ ආකාරය සිහිකරයි. ධාතු, ආයතන ද එසේ සිහිකරයි කී කල්හිද ඒ ක්‍රමයමය. එහෙයින් වෙන් වෙන් වූ මිනිස් ස්වරූපය පැහැදිලි කිරීම පිණිස, ආනන්තරිය පැහැදිලි කිරීම පිණිස බ්‍රහ්මවිහාර පැහැදිලි කිරීම පිණිස, පෙර විසූ ආකාරය (පුබ්බෙ නිවාස) පැහැදිලි කිරීම පිණිස ද පුද්ගල කථාව දේශනා කරති.

“ඛන්‍ධා දානං පටිග‍්ගණ‍්හන‍්ති, ධාතුයො ආයතනානී”ති වුත‍්තෙපි මහාජනො න ජානාති, සම‍්මොහං ආපජ‍්ජති, පටිසත‍්තු වා හොති “කිමිදං ඛන්‍ධා ධාතුයො ආයතනානි පටිග‍්ගණ‍්හන‍්ති නාමා”ති? “පුග‍්ගලා පටිග‍්ගණ‍්හන‍්තී”ති පන වුත‍්තෙ ජානාති, න සම‍්මොහං ආපජ‍්ජති, න පටිසත‍්තු වා හොති. තස‍්මා භගවා දක‍්ඛිණාවිසුද‍්ධිදීපනත්‍ථං පුග‍්ගලකථං කථෙති.

ස්කන්ධ දානය පිළිගනියි. ධාතු, ආයතනාදිය දානය පිළිගනියි කී කල්හි ද මහජන තෙමේ ස්කන්ධ, ධාතු, ආයතන පිළිගනියි යනුවෙන් මේ කීම කුමක්දැයි නොදනියි. මුළාවට පත්වෙයි. සතුරු හෝ වෙයි. පුද්ගලයෝ පිළිගනිති යනුවෙන් කී කල්හි දනියි. මුළාවට පත් නොවෙයි. සතුරු හෝ නොවෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දක්ඛිණා විසුද්ධිය පැහැදිලි කිරීම පිණිස පුද්ගල කථාව දේශනා කරති.

ලොකසම‍්මුතිඤ‍්ච බුද‍්ධා භගවන‍්තො න පජහන‍්ති, ලොකසමඤ‍්ඤාය ලොකනිරුත‍්තියා ලොකාභිලාපෙ ඨිතායෙව ධම‍්මං දෙසෙන‍්ති. තස‍්මා භගවා ලොකසම‍්මුතියා අප‍්පහානත්‍ථම‍්පි පුග‍්ගලකථං කථෙති. සො ඉධාපි ලොකවොහාරවසෙන දෙසෙතබ‍්බමත්‍ථං දස‍්සෙන‍්තො “එකපුග‍්ගලස‍්සා”තිආදිමාහ.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා ලෝක සම්මුතිය ද දුරු නොකරති. ලෝක ව්‍යවහාරයෙහි, ලෝ වැසියන්ගේ වචනයෙහි සිටිමින් ම දහම් දෙසති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ලෝක සම්මුතිය දුරු නොකිරීම පිණිස ද පුද්ගල කථාව දේශනා කරති. උන්වහන්සේ මෙම සූත්‍රයෙහි දී ද ලෝකව්‍යවහාර වශයෙන් දේශනා කළ යුතු අර්ථය දේශනා කරමින් ‘එක පුග්ගලස්ස’ යනාදිය වදාළහ.

තත්‍ථ එකපුග‍්ගලස‍්සාති එකසත‍්තස‍්ස. කප‍්පන‍්ති මහාකප‍්පං. යදිපි අච‍්චන‍්තසංයොගෙ ඉදං උපයොගවචනං, යත්‍ථ පන සත‍්තානං සන්‍ධාවනං සංසරණං සම‍්භවති, තස‍්ස වසෙන ගහෙතබ‍්බං. අට‍්ඨිකඞ‍්කලොති අට‍්ඨිභාගො. “අට‍්ඨිඛලො”තිපි පඨන‍්ති, අට‍්ඨිසඤ‍්චයොති අත්‍ථො. අට‍්ඨිපුඤ‍්ජොති අට‍්ඨිසමූහො. අට‍්ඨිරාසීති තස‍්සෙව වෙවචනං. කෙචි පන “කටිප‍්පමාණතො හෙට‍්ඨා සමූහො කඞ‍්කලො නාම, තතො උපරි යාව තාලප‍්පමාණං පුඤ‍්ජො, තතො උපරි රාසී”ති වදන‍්ති. තං තෙසං මතිමත‍්තං. සබ‍්බමෙතං සමූහස‍්සෙව පරියායවචනං වෙපුල‍්ලස‍්සෙව උපමාභාවෙන ආහටත‍්තා.

එහි එකපුග්ගලස්ස යනු එක් සත්ත්වයකුගේ. කප්පං යනු මහා කල්පයක්. මෙය අත්‍යන්ත සංයෝගයෙහි උපයෝග (කර්ම විභක්ති) වචනයකි. යම්තැනක සත්ත්වයන්ගේ සන්ධාවනය, සංසරණය (ධාවනය, සැරිසැරීම) ඇතිවේ නම් ඒ ස්ථානයේ වශයෙන් ගතයුතුය. අට්ඨිකංඛලො යනු ඇට කොටස, අට්ඨි කලාප යනුවෙන් ද කියති. ඇට රාශිය යන අර්ථයි. අට්ඨි පුඤ්ජො යනු ඇට සමූහය. අට්ඨිරාසි යනු එයට ම සමාන වචනයකි. ඇතැමෙක් තුනටිය ප්‍රමාණයෙන් යට සමූහය කලාප නම් වේ යයි ද ඉන් ඉහළ තල්ගසක් පමණ උස ප්‍රමාණය පුඤ්ජ නම් වේ යයි ද ඉන් මත්තෙහි රාශි යයි ද කියති. එය ඔවුන්ගේ මතයක් පමණි. ඒ සියල්ල සමූහයට ම සමාන වචනයන්ය. උපමා ආකාරයෙන් වේපුල්ල පර්වතය ගැන වදාළහ.

සචෙ සංහාරකො අස‍්සාති අවිප‍්පකිරණවසෙන සංහරිත්‍වා ඨපෙතා කොචි යදි සියාති පරිකප‍්පනවසෙන වදති. සම‍්භතඤ‍්ච න විනස‍්සෙය්‍යාති තථා කෙනචි සම‍්භතඤ‍්ච තං අට‍්ඨිකඞ‍්කලං අන‍්තරධානාභාවෙන පූතිභූතං චුණ‍්ණවිචුණ‍්ණඤ‍්ච අහුත්‍වා සචෙ න විනස‍්සෙය්‍යාති පරිකප‍්පනවසෙනෙව වදති. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – භික‍්ඛවෙ, එකස‍්ස සත‍්තස‍්ස කම‍්මකිලෙසෙහි අපරාපරුප‍්පත‍්තිවසෙන එකං මහාකප‍්පං සන්‍ධාවන‍්තස‍්ස සංසරන‍්තස‍්ස එවං මහාඅට‍්ඨිසඤ‍්චයො භවෙය්‍ය, ආරොහපරිණාහෙහි යත‍්තකොයං වෙපුල‍්ලපබ‍්බතො. සචෙ පනස‍්ස කොචි සංහරිත්‍වා ඨපෙතා භවෙය්‍ය, සම‍්භතඤ‍්ච තං සචෙ අවිනස‍්සන‍්තං තිට‍්ඨෙය්‍යාති. අයඤ‍්ච නයො නිබ‍්බුතප‍්පදීපෙ විය භිජ‍්ජනසභාවෙ කළෙවරනික‍්ඛෙපරහිතෙ ඔපපාතිකත‍්තභාවෙ සබ‍්බෙන සබ‍්බං අනට‍්ඨිකෙ ච ඛුද‍්දකත‍්තභාවෙ වජ‍්ජෙත්‍වා වුත‍්තො. කෙචි පන “පරිකප‍්පනවසෙන ඉමස‍්ස නයස‍්ස ආහටත‍්තා තෙසම‍්පි යදි සියා අට‍්ඨිකඞ‍්කලො, තෙනාපි සහෙව අයං අට‍්ඨිපුඤ‍්ජපරිමාණො වුත‍්තො”ති වදන‍්ති. අපරෙ පන “නයිදමෙවං ලබ‍්භමානස‍්සෙව අට‍්ඨිපුඤ‍්ජස‍්ස වසෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා ඉමස‍්ස පරිමාණස‍්ස වුත‍්තතා. තස‍්මා වුත‍්තනයෙනෙව අත්‍ථො ගහෙතබ‍්බො”ති.

එහි සචෙ සංහාරකො අස්ස යනු ඉදින් නො විසිරීම් වශයෙන් එකතු කොට තබන කිසිවෙක් වන්නේ නම් යනුවෙන් සිතිවිල්ලක් වශයෙන් දේශනා කරයි. සම්භතඤ්ච න විනස්සෙය්‍ය එසේ කිසිවකු විසින් රැස්කරන ලද ඒ ඇට රාශිය අතුරුදන් නොවීම් වශයෙන් කුණු නොවී සුණු විසුණු නොවී විනාශ නොවන්නේ නම් යනුවෙන් සිතිවිල්ලක් වශයෙන් දේශනා කරති. මේ මෙහි අර්ථයයි. මහණෙනි, කර්ම ක්ලේශයන් නිසා තැනින් තැන ඉපදීම් වශයෙන් එක් මහා කල්පයක් ධාවනය කරන සැරිසරන එක් සත්ත්වයකුට අයත් ඇට එක්රැස් කොට තබන කෙනෙකුන් ඇත්නම් ඒ ඇට රාශියද විනාශ නොවී පවතින්නේ නම් උසින් මහතින් මේ වේපුල්ල පර්වතය තරම් වූ මහත් ඇට රාශියක් වන්නේය. මේ ක්‍රමය නිවුණු පහනක් මෙන් බිඳෙන ස්වභාවය ඇති සිරුර ඉවත දැමීමක් නැති ඕපාතික ආත්මභාව සියල්ල ද ඇට නැති කුඩා ආත්ම භාවයන් සියල්ල ද හැර කියන ලදී. කිසියම් කෙනෙක් සිතිවිල්ලක් වශයෙන් මේ ක්‍රමය ආ බැවින් ඉදින් (ඕපාතික හා ඇට නැති) ඔවුන්ට ද ඇට රාශියක් ඇත්නම් ඒවා ද සමග මේ ඇට රාශියේ ප්‍රමාණය කියන ලදැයි කියති. ලැබෙන ඇට සමූහය වශයෙන් සර්වඥතා ඥානයෙන් වෙන්කොට සලකාගෙන මේ ප්‍රමාණය කියන ලද බැවින් ඒ අර්ථය නොවේයයි අන් අය කියති. එහෙයින් මුලින්ම කියන ලද ආකාරයෙන් ම අර්ථය ගතයුතුය.

ගාථාසු මහෙසිනාති මහන‍්තෙ සීලක‍්ඛන්‍ධාදයො එසති ගවෙසතීති මහෙසී, සම‍්මාසම‍්බුද‍්ධො. “ඉති වුත‍්තං මහෙසිනා”ති ච භගවා “දසබලසමන‍්නාගතො, භික‍්ඛවෙ, තථාගතො”තිආදීසු විය අත‍්තානං අඤ‍්ඤං විය කත්‍වා දස‍්සෙති. වෙපුල‍්ලොති රාජගහං පරිවාරෙත්‍වා ඨිතෙසු පඤ‍්චසු පබ‍්බතෙසු විපුලභාවතො වෙපුල‍්ලොති ලද‍්ධනාමො. තතො එව මහා, ඨිතදිසාභාගවසෙන උත‍්තරො ගිජ‍්ඣකූටස‍්ස. ගිරිබ‍්බජෙති ගිරිබ‍්බජපුරනාමකස‍්ස රාජගහස‍්ස සමීපෙ.

ගාථාවලදී මහෙසිනා යනු මහත් වූ ශීල ස්කන්ධ ආදිය සොයයි, ගවේෂණය කරයි යන අරුතින් මහෙසී නම් වේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඉති වුත්තං මහෙසිනා යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ‘දසබල සමන්නාගතො භික්‍ඛවෙ තථාගතො’ ‘මහණෙනි, තථාගතයන් වහන්සේ බල දහයකින් යුක්ත වෙති’ යනාදියෙහි මෙන් තමන්වහන්සේ අන් පුද්ගලයකු මෙන් කොට දක්වති. වෙපුල්ලො යනු රජගහ නුවර පිරිවරා සිටි පර්වත පහ අතරින් විපුල (විශාල) බැවින් වෙපුල්ල යයි ලබන ලද නම් ඇති, එයින්ම මහා මහා වෙයි. පිහිටි දිශාභාගය වශයෙන් උත්තරො උතුර ය. ගිජ්ඣකූටස්ස ගිරිබ්බජෙ යනු ගිරිබ්බජ පුර නම් වූ රජගහ නුවරට සමීපයෙහි.

එත‍්තාවතා භගවා “එත‍්තකෙනාපි කාලෙන අනුපච‍්ඡින‍්නභවමූලස‍්ස අපරිඤ‍්ඤාතවත්‍ථුකස‍්ස පුථුජ‍්ජනස‍්ස අයමීදිසී කටසිවඩ‍්ඪනා”ති වට‍්ටෙ ආදීනවං දස‍්සෙත්‍වා ඉදානි යෙසං අරියසච‍්චානං අනනුබොධා අප‍්පටිවෙධා අන්‍ධපුථුජ‍්ජනස‍්ස එවං කටසිවඩ‍්ඪනා, තානි අරියසච‍්චානි දිට‍්ඨවතො අරියපුග‍්ගලස‍්ස අයං නත්‍ථීති දස‍්සෙන‍්තො “යතො ච අරියසච‍්චානී”තිආදිමාහ.

මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මෙපමණ කාලයකින් සිඳ නොදමන ලද භවයේ මුල් ඇති පිරිසිඳ නොදන්නා ලද වස්තු ඇති පෘථග්ජනයාගේ මේ සොහොනෙහි වැඩීම මෙබඳු යයි සසරෙහි ආදීනව (දොස්) දක්වා දැන් ආර්ය සත්‍යයන් අවබෝධ නොකිරීමෙන් ප්‍රතිවේධ නොකිරීමෙන් අන්ධ පෘථග්ජනයාගේ සොහොනෙහි වැඩීම මෙසේ වන අතර ඒ ආර්ය සත්‍ය දක්නා ලද ආර්ය පුද්ගලයාගේ මේ සොහොනෙහි වැඩීමක් නැතැයි දක්වමින් ‘යතො අරිය සච්චානි’ යනාදිය වදාළහ.

තත්‍ථ යතොති යදා. අරියසච‍්චානීති අරණීයතො අරියානි, අවිතථභාවෙන සච‍්චානි චාති අරියසච‍්චානි, අරියභාවකරානි වා සච‍්චානි අරියසච‍්චානි, අරියෙහි වා බුද‍්ධාදීහි පටිවිජ‍්ඣිතබ‍්බානි සච‍්චානි අරියසච‍්චානි. අථ වා අරියස‍්ස සච‍්චානි අරියසච‍්චානි. සදෙවකෙන හි ලොකෙන සරණන‍්ති අරණීයතො අරියො භගවා, තෙන සයම‍්භුඤාණෙන දිට‍්ඨත‍්තා තස‍්ස සච‍්චානීති අරියසච‍්චානි.

එහි යතො යනු යම්කලෙක. අරිය සච්චානි යනු කෙලෙස් නැති බැවින් ආර්ය වූයේ ද එයයි, සත්‍ය භාවයෙන් සත්‍ය වූයේ ද එයයි යන අරුතින් අරිය සච්චානි නම් වේ. ආර්යභාවය ඇතිකරන සත්‍ය යන අරුතින් හෝ අරියසච්චානි නම් වේ. බුද්ධාදී ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කළයුතු සත්‍ය අරියසච්චානි (ආර්ය සත්‍යය) නම් වේ. නැතහොත් ආර්ය වූවහුගේ සත්‍යය ආර්ය සත්‍යයයි. කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින් දෙවියන් සහිත ලෝකයාට පිහිටකි යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ආර්ය නම් වෙති. උන්වහන්සේ විසින් තමන් වහන්සේ විසින්ම උපදවා ගත් (සයම්භු) ඤාණයෙන් දක්නා ලද බැවින් උන්වහන්ගේ සත්‍ය යන අරුතින් ආර්ය සත්‍ය නම් වේ.

සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතීති සම‍්මා හෙතුනා ඤායෙන විපස‍්සනාපඤ‍්ඤාසහිතාය මග‍්ගපඤ‍්ඤාය පරිඤ‍්ඤාපහානසච‍්ඡිකිරියාභාවනාභිසමයවසෙන පස‍්සති. දුක‍්ඛන‍්තිආදි අරියසච‍්චානං සරූපදස‍්සනං. තත්‍ථ අනෙකූපද‍්දවාධිට‍්ඨානතාය කුච‍්ඡිතභාවතො බාලජනපරිකප‍්පිතධුවසුභසුඛත‍්තවිරහෙන තුච‍්ඡභාවතො ච දුක‍්ඛං. දුක‍්ඛං සමුප‍්පජ‍්ජති එතෙනාති දුක‍්ඛසමුප‍්පාදො, දුක‍්ඛසමුදයො. දුක‍්ඛං අතික‍්කමති එතෙන ආරම‍්මණප‍්පච‍්චයභූතෙන, එත්‍ථ වාති දුක‍්ඛස‍්ස අතික‍්කමො, නිබ‍්බානං. ආරකත‍්තා කිලෙසෙහි අරණීයතො ච අරියො. සම‍්මාදිට‍්ඨිආදීනං අට‍්ඨන‍්නං අඞ‍්ගානං වසෙන අට‍්ඨඞ‍්ගිකො. මාරෙන‍්තො කිලෙසෙ ගච‍්ඡති, නිබ‍්බානත්‍ථිකෙහි මග‍්ගීයති, සයං වා නිබ‍්බානං මග‍්ගතීති මග‍්ගො. තතො එව දුක‍්ඛස‍්ස උපසමං නිරොධං ගච‍්ඡතීති දුක‍්ඛූපසමගාමී. යතො සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතීති සම‍්බන්‍ධො.

සම්මප්පඤ්ඤාය පස්සති යනු මනාසේ හේතු - න්‍යාය - විදර්ශනා ප්‍රඥාව සහිත මාර්ග ප්‍රඥාවෙන් පිරිසිඳ දැනීම - දුරුකිරීම- ප්‍රත්‍යක්‍ෂ කිරිම - වැඩීම - අවබෝධ කිරිම වශයෙන් දකියි. ‘දුක්‍ඛං’ යනාදිය ආර්ය සත්‍යයන්ගේ ස්වරූප දැක්වීමයි. එහි නොයෙක් උවදුරුවලට ස්ථානයක් වන බැවින් ද පිළිකුල් බැවින් ද මෝඩ ජනයා කල්පනා කරන ලද ස්ථිර - යහපත් සැප හා ආත්මයෙන් තොර නිසා හිස් බැවින් ද දුක්‍ඛ දුකය. මෙය කරණකොට දුක උපදී යන අරුතින් දුක්‍ඛ සමුප්පාදො, දුක්ඛ සමුදයයි. මෙහි මේ අරමුණ ප්‍රත්‍ය වීමෙන් දුක ඉක්මවයි යන අරුතින් දුක්‍ඛස්ස අතික්කමො නිවන නම් වේ. කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින් අරණීය වශයෙන් අරියො ආර්ය නම් වේ. සම්මා දිට්ඨි ආදී අංග අට වශයෙන් අට්ඨංගිකො. කෙලෙස් මරමින් යයි, නිවනින් ප්‍රයෝජන ඇති අය විසින් ගනු ලැබේ, තමා හෝ නිවන සොයයි යන අරුතින් මග්ගො නම් වේ. ඒ මාර්ගයෙන් ම දුක් සමනය කිරීමට, නැති කිරීමට යයි යන අරුතින් දුක්‍ඛූපසමගාමී, එය යතො සම්මප්පඤ්ඤාය පස්සති ‘යම්කලෙක මනා වූ නුවණින් දකීද’ යනු සම්බන්ධයයි.

ස සත‍්තක‍්ඛත‍්තුං පරමං, සන්‍ධාවිත්‍වාන පුග‍්ගලොති සො එවං චතුසච‍්චදස‍්සාවී අරියපුග‍්ගලො සොතාපන‍්නො සබ‍්බමුදින්‍ද්‍රියො සමානො සත‍්තවාරපරමංයෙව භවාදීසු අපරාපරුප‍්පත‍්තිවසෙන සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා. එකබීජී, කොලංකොලො, සත‍්තක‍්ඛත‍්තුපරමොති ඉන්‍ද්‍රියානං තික‍්ඛමජ‍්ඣිමමුදුභාවෙන තයො හි සොතාපන‍්නා. තෙසු සබ‍්බමුදින්‍ද්‍රියස‍්ස වසෙනිදං වුත‍්තං “ස සත‍්තක‍්ඛත‍්තුං පරමං, සන්‍ධාවිත්‍වානා”ති. දුක‍්ඛස‍්සන‍්තකරො හොතීති වට‍්ටදුක‍්ඛස‍්ස අන‍්තකරො පරියොසානකරො හොති. කථං? සබ‍්බසංයොජනක‍්ඛයා අනුපුබ‍්බෙන අග‍්ගමග‍්ගං අධිගන‍්ත්‍වා නිරවසෙසානං සංයොජනානං ඛෙපනාති අරහත‍්තඵලෙනෙව දෙසනාය කූටං ගණ‍්හි.

සත්තක්‍ඛත්තං පරමං සන්‍ධාවිත්‍වාන පුග්ගලො යනු මෙසේ චතුරාර්ය සත්‍ය දක්වා වූ ඒ සෝවාන් වූ ආර්ය පුද්ගලයා සියලු ඉන්‍ද්‍රිය මෘදු කෙනෙක්ව සත්වරක් කෙළවර කොට ඇති භවයන්හි තැනින් තැන ඉපදීම් වශයෙන් ධාවනය කොට සැරිසරා. ඉන්ද්‍රියයන්ගේ තියුණු - මධ්‍යම - මෘදු භාවයෙන් ඒකබීජි - කෝලංකෝල - සත්තක්ඛත්තුපරම යනුවෙන් සෝවාන් පුද්ගලයෝ තිදෙනෙක් වෙති. ඔවුන් අතුරින් සියල්ලන්ට වඩා මෘදු වූ ඉන්ද්‍රිය ඇති පුද්ගලයාගේ වශයෙන් ‘සත්තක්‍ඛත්තුපරමං සන්‍ධාවිත්‍වාන’ යන මෙය වදාරණ ලදී. දුක්‍ඛස්සන්තකරො හොති යනු සංසාර දුක්වල අවසන් කිරීම කරන්නෙක් වෙයි. කෙසේද? සබ්බසඤ්ඤො ජනක්‍ඛයා අනුපිළිවෙළින් ආර්ය මාර්ගය අවබෝධකොට ඉතිරි නොකොට සංයෝජනයන් ගෙවාදැමීමෙන් අර්හත් ඵලයෙන් ම දේශනාව මුදුන් පැමිණියේය.

චතුත්‍ථසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සිවුවන සූත්‍ර වර්ණනාවයි.