5. සම්පජාන මුසාවාද සුත්තවණ්ණනා අට්ඨකථා
5. සම්පජාන මුසාවාද සුත්තවණ්ණනා
5. සම්පජානමුසාවාද සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ එකධම්මං අතීතස්සාති කා උප්පත්ති? භගවතො භික්ඛුසඞ්ඝස්ස ච මහාලාභසක්කාරො උප්පජ්ජි, තිත්ථියානං පරිහායි. තෙ හතලාභසක්කාරා නිප්පභා නිත්තෙජා ඉස්සාපකතා චිඤ්චමාණවිකං නාම පරිබ්බාජිකං උය්යොජෙසුං – “එහි, ත්වං භගිනි, සමණං ගොතමං අභූතෙන අබ්භාචික්ඛස්සූ”ති. සා භගවන්තං චතුපරිසමජ්ඣෙ ධම්මං දෙසෙන්තං උපගන්ත්වා අභූතෙන අබ්භාචික්ඛිත්වා සක්කෙනස්සා අභූතභාවෙ පකාසිතෙ මහාජනෙන “ධී කාළකණ්ණී”ති විහාරතො නික්කඩ්ඪාපිතා පථවියා විවරෙ දින්නෙ අවීචිජාලානං ඉන්ධනං හුත්වාව අවීචිනිරයෙ නිබ්බත්ති, භිය්යොසොමත්තාය තිත්ථියානං ලාභසක්කාරො පරිහායි. භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, චිඤ්චමාණවිකා එවං උළාරගුණං අග්ගදක්ඛිණෙය්යං සම්මාසම්බුද්ධං අභූතෙන අක්කොසිත්වා මහාවිනාසං පත්තා”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි සා මං අභූතෙන අක්කොසිත්වා මහාවිනාසං පත්තායෙවා”ති මහාපදුමජාතකම්පි විත්ථාරෙත්වා උපරි ධම්මං දෙසෙන්තො ඉමිස්සා අට්ඨුප්පත්තියා “එකධම්මං අතීතස්සා”ති ඉදං සුත්තං දෙසෙසි.
සත්වන සූත්‍රයෙහි එකධම්මං අතීතස්ස යන්නෙහි උපත කුමක්ද? භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු සංඝයාට ද මහත් ලාභසත්කාර උපන්නේය. තීර්ථකයන්ගේ ලාභසත්කාර පිරිහුනේය. නැසුණු ලාභසත්කාර ඇති, බැබලීමක් නැති, තේජස් නැති ඊර්ෂ්‍යාවෙන් යුක්ත වූ ඔවුහු ‘එන්න නැගණිය, ඔබ ශ්‍රමණ ගෞතමයන්ට අසත්‍ය වූ කරුණකින් චෝදනාවක් කරන්න’ යනුවෙන් චිංචි මානවිකා නම් පරිබ්‍රාජිකාව උනන්දු කරවූහ. ඈ සිවු පිරිස මැද දහම් දෙසන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අසත්‍ය කරුණකින් චෝදනා කළාය. ශක්‍රයා විසින් ඇගේ අසත්‍යභාවය ප්‍රකට කළ කල්හි මහජනයා විසින් චිඃ චිඃ කාලකණ්ණිය යි කියමින් විහාරයෙන් ඉවතට ඇද දමන ලද්දී පොළොව විවරයක් සාදා දුන් කල්හි අවීචියෙහි ගිනිදැල්වලට ඉන්ධනයක් (දර කැබැල්ලක්) බවට පත්වී අවීචි නිරයෙහි උපන්නාය. තීර්ථකයගේ ලාභසත්කාර වඩාත් පිරිහුණේය. භික්ෂූහු ධර්මසභාවෙහිදී ‘ඇවැත්නි, චිංචිමානවිකාව මෙසේ උදාර ගුණ ඇති, පුද පූජා ලැබීමට අතිශයින් ම සුදුසු වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේට බොරු චෝදනාවකින් දොස් නගා මහා විනාශයකට පත්වූවාය’යි කථාවක් මතු කළාහුය. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය නිසා මහණෙනි, දැන් පමණක් නොව පෙරත් ඈ මට බොරු චෝදනාවකින් දොස් නගා මහා විනාශයකට පත්වූවාම යයි මහාපදුම ජාතකය දේශනාකොට මත්තෙහි දහම් දෙසමින් මේ කාරණය මුල්කරගෙන ‘එකං ධම්මං අතීතස්ස’ යන මේ සූත්‍රය දේශනා කළ සේක.
තත්ථ එකධම්මන්ති එකං වචීසච්චසඞ්ඛාතං ධම්මං. අතීතස්සාති යා සා අට්ඨ අනරියවොහාරෙ වජ්ජෙත්වා අට්ඨසු අරියවොහාරෙසු පතිට්ඨාපනත්ථං “සච්චං, භණෙ, නාලික”න්ති අරියෙහි ඨපිතා මරියාදා, තං අතික්කමිත්වා ඨිතස්ස. පුරිසො එව පුග්ගලොති පුරිසපුග්ගලො, තස්ස. අකරණීයන්ති කාතුං අසක්කුණෙය්යං. සම්පජානමුසාවාදී හි පුග්ගලො කිඤ්චි පාපකම්මං කත්වා “ඉදං නාම තයා කත”න්ති වුත්තෙ “න මයා කත”න්ති මුසාවාදෙනෙව පරිහරිස්සති. එවඤ්ච පටිපජ්ජන්තො කිඤ්චි පාපකම්මං කරොතියෙව, න තත්ථ ලජ්ජති සච්චමරියාදාය සමතික්කන්තත්තා. තෙන වුත්තං “කතමං එකධම්මං, යදිදං, භික්ඛවෙ, සම්පජානමුසාවාදො”ති.
එහි එකං ධම්මං යනු වාක්සත්‍ය නම් වූ එකම ධර්මය අතීතසස්ස යනු පහත් ව්‍යවහාර අට දුරුකොට උසස් ව්‍යවහාර අටෙහි පිහිටා ‘සච්චං භණෙ න අලිකං’ සත්‍ය කථා කරන්නේය, බොරු නො කියන්නේය’යි ආර්යයන් වහන්සේලා විසින් තබන ලද සීමාව ඉක්මවා සිටියා වූ. පුරුෂයාම පුද්ගලයායි ගෙන පුරිස පුග්ගලො නම් වේ, තස්ස ඒ පුරුෂයා විසින්. අකරණීයං කරන්නට නොහැකි, දැන දැන බොරු කියන පුද්ගලයා කිසියම් පාපකර්මයක් කොට මෙය ඔබ විසින් කරන ලදදැයි ඇසූකල්හි මා විසින් නොකරන ලදැයි මුසාවාදයෙන්ම ඉවත දමයි. මෙසේ පිළිපදින තැනැත්තා කරන කිසි පාපකර්මයකට ලජ්ජා නොවෙයි. සත්‍යයේ සීමාව ඉක්මවූ හෙයිනි. එහෙයින් කතමං එකධම්මං යදිදං භික්ඛවෙ සම්පජාන මුසාවාදො = මහණෙනි, කුමන එක් ධර්මයක් ද? මේ දැන දැන බොරු කීමයි යනුවෙන් වදාරණ ලදී.
ගාථායං මුසාවාදිස්සාති මුසා අභූතං අතච්ඡං පරෙසං විඤ්ඤාපනවසෙන වදනසීලස්ස. යස්ස දසසු වචනෙසු එකම්පි සච්චං නත්ථි, එවරූපෙ වත්තබ්බමෙව නත්ථි. ජන්තුනොති සත්තස්ස. සත්තො හි ජායනට්ඨෙන “ජන්තූ”ති වුච්චති. විතිණ්ණපරලොකස්සාති විස්සට්ඨපරලොකස්ස. ඊදිසො හි මනුස්සසම්පත්ති දෙවලොකසම්පත්ති අවසානෙ නිබ්බානසම්පත්තීති ඉමා තිස්සොපි සම්පත්තියො න පස්සති. නත්ථි පාපන්ති තස්ස තාදිසස්ස ඉදං නාම පාපං න කත්තබ්බන්ති නත්ථීති.
ගාථාවෙහි මුසාවාදිස්ස යනු මුසාවක් අභූතයක් (ඇති නොවූ දෙයක්) සත්‍ය නොවූ දෙයක් අනුන්ට දැන්වීම් වශයෙන් කියනසුලු, යමෙකුගේ වචන දහයකින් එකක්වත් සත්‍ය නොවේනම් එබඳු පුද්ගලයකු කෙරෙහි කිවයුත්තක්ම නැත. ජන්තුනො යනු සත්ත්වයාට (සත්ත්වයා විසින්) සත්ත්වයා වනාහි උපදින අර්ථයෙන් ජන්තු යයි කියනු ලැබේ. විතිණ්ණ පරලොකස්ස යනු අත්හැර දමන ලද පරලොව ඇති (තැනැත්තා විසින්), මෙබඳු පුද්ගලයා මිනිස් සම්පත්, දෙව්සම්පත් අවසානයෙහි නිවන් සම්පත් යන මේ සම්පත් තුන ම නොදකී. නත්ථි පාපං යනු එබඳු වූ ඔහු විසින් මෙ නම් පාපයක් නොකළ හැකියයි කියා දෙයක් නැත.
පඤ්චමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වන සූත්‍ර වර්ණනාවයි.
6. දානසංවිභාග සුත්තවණ්ණනා
6. දානසංවිභාග සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ එවඤ්චෙති එත්ථ එවන්ති උපමාකාරෙ නිපාතො, චෙති පරිකප්පනෙ. සත්තාති රූපාදීසු සත්තා විසත්තා. ජානෙය්යුන්ති බුජ්ඣෙය්යුං. දානසංවිභාගස්සාති යාය හි චෙතනාය අන්නාදිදෙය්යධම්මං සංහරිත්වා අනුකම්පාපූජාසු අඤ්ඤතරවසෙන පරෙසං දීයති, තං දානං. යාය පන අත්තනා පරිභුඤ්ජිතබ්බභාවෙන ගහිතවත්ථුස්ස එකදෙසො සංවිභජිත්වා දීයති, අයං සංවිභාගො. විපාකන්ති ඵලං. යථාහං ජානාමීති යථා අහං ජානාමි. ඉදං වුත්තං හොති – තිරච්ඡානගතස්සපි දානං දත්වා අත්තභාවසතෙ පවත්තසුඛවිපච්චනවසෙන සතගුණා දක්ඛිණා හොතීති එවමාදිනා, භික්ඛවෙ, යෙන පකාරෙන අහං දානස්ස සංවිභාගස්ස ච විපාකං කම්මවිපාකං ඤාණබලෙන පච්චක්ඛතො ජානාමි, එවං ඉමෙ සත්තා යදි ජානෙය්යුන්ති. න අදත්වා භුඤ්ජෙය්යුන්ති යං භුඤ්ජිතබ්බයුත්තකං අත්තනො අත්ථි, තතො පරෙසං න අදත්වා මච්ඡරියචිත්තෙන ච තණ්හාලොභවසෙන ච භුඤ්ජෙය්යුං, දත්වාව භුඤ්ජෙය්යුං. න ච නෙසං මච්ඡෙරමලං චිත්තං පරියාදාය තිට්ඨෙය්යාති අත්තනො සම්පත්තීනං පරෙහි සාධාරණභාවාසහනලක්ඛණං චිත්තස්ස පභස්සරභාවදූසකානං උපක්කිලෙසභූතානං කණ්හධම්මානං අඤ්ඤතරං මච්ඡෙරමලං. අථ වා යථාවුත්තමච්ඡෙරඤ්චෙව අඤ්ඤම්පි දානන්තරායකරං ඉස්සාලොභදොසාදිමලඤ්ච නෙසං සත්තානං චිත්තං යථා දානචෙතනා න පවත්තති, න වා සුපරිසුද්ධා හොති, එවං පරියාදාය පරිතො ගහෙත්වා අභිභවිත්වා න තිට්ඨෙය්ය. කො හි සම්මදෙව දානඵලං ජානන්තො අත්තනො චිත්තෙ මච්ඡෙරමලස්ස ඔකාසං දදෙය්ය.
සයවන සූත්‍රයෙහි එවඤ්චෙ යන මෙහි ‘එවං’ යනු උපමා ආකාර නිපාතයකි. ‘චෙ’ යනු සිතීමෙහි නිපාතයකි. සත්තා යනු රූප ආදියෙහි ඇලුණු පැටලුණු අය (සත්ත්වයෝ) ජානෙය්යුං යනු අවබෝධ කරත් නම්. දාන සංවිභාගස්ස යනු යම් චේතනාවකින් ආහාර ආදී දියයුතු දෙයක් එක්රැස්කොට අනුකම්පා චේතනාව පූජා චේතනාව යන චේතනා අතරින් එක්තරා චේතනාවකින් අනුන්ට දෙනු ලැබේ ද එය දානය යි. යම් චේතනාවකින් තමා විසින් අනුභව කළයුතු බැවින් ගන්නා ලද වස්තුවකින් එක් කොටසක් බෙදාදෙනු ලැබේ ද මේ සංවිභාගය යි. විපාකං යනු ඵලයයි. යථාහං ජානාමි යනු මම යම්සේ දනිම් ද, මෙය කියන ලද්දේ වෙයි: ‘තිරිසන්ගත සතෙකුට වුව ද දන් දී ආත්මභාව සියයක ප්රවෘත්ති සැප මුහුකුරා යෑම් වශයෙන් සියගුණයක් (විපාක දෙන) දානයක් වෙයි යන මේ ආදී වශයෙන්, මහණෙනි යම් ආකාරයකින් මම දානය බෙදා දීමේ ද විපාකං විපාකය කර්මවිපාක ඥාන බලයෙන් ප්රත්යක්ෂ වශයෙන් දනිම් ද මෙසේ මේ සත්ත්වයෝ දනිත්නම්. න අදත්වා භූඤ්ජෙය්යුං යනු අනුභව කළයුතු තමා සතු දෙයකින් අනුන්ට නොදී අනුභව නො කරත්. දීම සිදුකොටම අනුභව කරත්. න ච තෙසං මච්ඡෙරමලං චිත්තං පරියාදාය තිට්ඨෙය්ය යනු තම සම්පත් අනුන්ට පොදු වීම නොඉවසන බව ලක්ෂණ කොට ඇති, සිතේ බබලන බව කෙළෙසන උපක්ලේශ වූ කලු ධර්ම (අකුශල ධර්ම) අතරින් එක්තරා කලු ධර්මයක් වන මසුරුමල, නැතහොත් කියන ලද ආකාර ඇති මසුරුමල ද දානයට අනතුරු කරන ඊර්ෂ්‍යාව, ලෝභය, ද්වේෂය ආදී (කෙලෙස්) මලයක් ද ඒ සත්ත්වයන්ගේ සිතෙහි යම් සේ දාන චේතනාව නොපවතී ද සුපිරිසිදු නොවේ ද එලෙස අල්ලාගෙන, හාත්පසින් ගෙන, මැඬපවත්වාගෙන නො සිටින්නේය. දන් දීමෙහි විපාකය (ඵලය) මනාකොට දන්නා වූ කවර තැනැත්තෙක් තමාගේ සිතෙහි මසුරුමලට ඉඩ දෙන්නේ ද?
යොපි නෙසං අස්ස චරිමො ආලොපොති නෙසං සත්තානං යො සබ්බපච්ඡිමකො ආලොපො සියා. චරිමං කබළන්ති තස්සෙව වෙවචනං. ඉදං වුත්තං හොති – ඉමෙ සත්තා පකතියා යත්තකෙහි ආලොපෙහි සයං යාපෙය්යුං, තෙසු එකමෙව ආලොපං අත්තනො අත්ථාය ඨපෙත්වා තදඤ්ඤෙ සබ්බෙ ආලොපෙ ආගතාගතානං අත්ථිකානං දත්වා යො ඨපිතො ආලොපො අස්ස, සො ඉධ චරිමො ආලොපො නාම. තතොපි න අසංවිභජිත්වා භුඤ්ජෙය්යුං, සචෙ නෙසං පටිග්ගාහකා අස්සූති නෙසං සත්තානං පටිග්ගාහකා යදි සියුං, තතොපි යථාවුත්තචරිමාලොපතොපි සංවිභජිත්වාව එකදෙසං දත්වාව භුඤ්ජෙය්යුං, යථාහං දානසංවිභාගස්ස විපාකං පච්චක්ඛතො ජානාමි, එවං යදි ජානෙය්යුන්ති. යස්මා ච ඛොතිආදිනා කම්මඵලස්ස අප්පච්චක්ඛභාවතො එවමෙතෙ සත්තා දානසංවිභාගෙසු න පවත්තන්තීති යථාධිප්පෙතමත්ථං කාරණෙන සම්පටිපාදෙති. එතෙනෙව තෙසං තදඤ්ඤපුඤ්ඤෙසු ච අප්පටිපත්තියා අපුඤ්ඤෙසු ච පටිපත්තියා කාරණං දස්සිතන්ති දට්ඨබ්බං.
යොපි නෙසං අස්ස චරිමො ආලොපො යනු ඒ සත්ත්වයන්ට ඇති සියලු (බත්) පිඬුවලට පසුව ලැබෙන අන්තිම පිඬක් වේද, චරිමං කබලං යනු එයටම සමාන වචනයකි. මෙය කියන ලදී. මේ සත්ත්වයන් ස්වභාවයෙන් තම තමන්ට යැපීමට ප්‍රමාණවත් වූ පිඬු අතරින් එකම පිඬක් තමා වෙනුවෙන් තබා අනිත් සියලු පිඬු ඕනෑකමින් පැමිණි පැමිණි අයට දී (කලින්) තබන ලද පිඬුව ‘අවසන් පිඬුව’ නම් වේ. තතොපි න අසංවිභජීත්වා භූඤ්ජෙය්යුං සචෙ නෙසං පටිග්ගාහකා අස්සු යනු දානය බෙදා කොටසක් දිමේ විපාක ප්රත්යක්ෂ වශයෙන් මා මෙන් දන්නා අය ඇත්නම් ඔවුහු ඒ සත්ත්වයන් අතර ආහාර පිළිගැනීමට සිටින අයට කියන ලද ආකාර ඇති අවසන් පිඬුවෙනුත් වෙන්කොට එක් කොටසක් පරිත්යාගකොටම අනුභව කරති. ‘යස්මා ච ඛො’ ‘යම් හෙයකින් වනාහි’ ආදී වශයෙන් කම්පල ප්රත්යක්ෂ නොකිරිමේ හේතුවෙන්ම ඒ සත්ත්වයෝ දානය බෙදා දීමෙහි නො පවතිත් යනුවෙන් අදහස් කරන ලද අර්ථය කරුණකින් සම්පාදනය කරයි. එසේම ඔවුන් අනිත් පින්වල නොපිළිපැදීමේ ද පව්වල පිළිපැදිමේ ද කාරණය දක්වන ලදැයි දතයුතුය.
ගාථාසු යථාවුත්තං මහෙසිනාති මහෙසිනා භගවතා “තිරච්ඡානගතෙ දානං දත්වා සතගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා’ තිආදිනා, ඉධෙව වා “එවං චෙ සත්තා ජානෙය්යු”න්තිආදිනා යථාවුත්තං, ඤාණචාරෙන තං යථාවුත්තං චිත්තං ඤාතන්ති අත්ථො. විපාකං සංවිභාගස්සාති සංවිභාගස්සපි විපාකං, කො පන වාදො දානස්ස. යථා හොති මහප්ඵලන්ති යථා සො විපාකො මහන්තං ඵලං හොති, එවං ඉමෙ සත්තා යදි ජානෙය්යුන්ති සම්බන්ධො. විනෙය්ය මච්ඡෙරමලන්ති මච්ඡරියමලං අපනෙත්වා කම්මඵලසද්ධාය රතනත්තයසද්ධාය ච විසෙසතො පසන්නෙන චිත්තෙන යෙසු කිලෙසෙහි ආරකත්තා අරියෙසු සීලාදිගුණසම්පන්නෙසු දින්නං අප්පකම්පි දානං මහප්ඵලං හොති, තෙසු යුත්තකාලෙන දජ්ජුං දදෙය්යුං.
ගාථාවන්හි - යථාවුත්තං මහෙසිනා යනු මහර්ෂී වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තිරච්ඡානගතානං දානං දත්වා සතගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා’ ‘තිරිසන්ගත සතුන්ට දන් දී එම දානයේ අනුසස් සිය ගුණයකින් කැමති විය යුතුය’ ආදී වශයෙන් ද මෙම සූත්‍රයෙහි ම ‘එවඤ්චෙ සත්තා ජානෙය්යුං’ ඉදින් සත්ත්වයෝ මෙසේ දනිත් නම්’ ආදී වශයෙන් කියන ලද පරිදි යමක් ඇත්නම් නුවණින් විමසා බැලීමෙන් (ඤාණ චාරෙන) ඒ කියන ලද පරිදි සිත දැනගන්නා ලදී යන අර්ථයි. විපාකං සංවිභාගස්ස යනු තමාගේ ආහාරයෙන් කොටසක් බෙදාදීමේ විපාකයත් මෙසේ නම් දානයක විපාක ගැන කවර කතා ද? යථා හොති මහප්ඵලං යනු ඒ විපාකය මහත්ඵල වන අයුරු මේ සත්ත්වයෝ දනිත්නම් යනු සම්බන්ධයයි. විනෙය්ය මච්ඡෙරමලං යනු මසුරුමල ඉවත්කොට කම්පල ඇදහීමද රත්නත්‍රය ඇදහීම ද විශේෂ වශයෙන් පැහැදුනු සිතෙන් කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින් අරියෙසු ශීලාදී ගුණයෙන් යුක්ත වූවන් කෙරෙහි දින්නං දෙන ලද ස්වල්ප වූ ද දානය මහප්ඵලං මහත්ඵල වෙයි. උන්වහන්සේලා කෙරෙහි සුදුසු කාලයෙහි දජ්ජුං දෙන්නාහුය.
මහප්ඵලභාවකරණතො දක්ඛිණං අරහන්තීති දක්ඛිණෙය්යා, සම්මාපටිපන්නා, තෙසු දක්ඛිණෙය්යෙසු. දක්ඛිණං පරලොකං සද්දහිත්වා දාතබ්බං දෙය්යධම්මං යථා තං දානං හොති මහාදානං, එවං දත්වා. අථ වා බහුනො අන්නං දත්වා, කථං පන අන්නං දාතබ්බන්ති ආහ “දක්ඛිණෙය්යෙසු දක්ඛිණ”න්ති. ඉතො මනුස්සත්තා මනුස්සත්තභාවතො චුතා පටිසන්ධිවසෙන සග්ගං ගච්ඡන්ති දායකා. කාමකාමිනොති කාමෙතබ්බානං උළාරානං දෙවභොගානං පටිලද්ධරූපවිභවෙන කම්මුනා උපගමනෙ සාධුකාරිතාය කාමකාමිනො සබ්බකාමසමඞ්ගිනො. මොදන්ති යථාරුචි පරිචාරෙන්තීති අත්ථො.
මහත්ඵල බව ඇතිකිරිම් වශයෙන් දක්ෂිණාවට (දානයට) සුදුසුවෙත් යන අරුතින් දක්ෂිණාවට සුදුසු වූ, මනාව පිළිපන්නා වූ ඒ දක්ඛිණෙය්යෙසු දක්ෂිණාවට සුදුස්සන් කෙරෙහි දක්ඛිණං පරලොව ගැන විශ්වාස කොට දිය යුතු දාන වස්තුව මහා දානයක් වන පරිදි දත්වා දී, නැතහොත් දන් දී, ‘දක්ඛිණෙය්යෙසු දක්ඛිණං’ ‘දක්ෂිණාව දීමට සුදුස්සන් කෙරෙහි’ යනුවෙන් කෙසේ දානය දිය යුතුදැයි වදාළහ. ඉතො මනුස්සත්තා මිනිසත් බවෙන් චුතා චුත වූවාහු, පිළිසිඳ ගැනීම් වශයෙන් සග්ගං ගච්ඡන්ති දායකා දායකයෝ ස්වර්ගයට යති, කාමකාමිනො යනු කැමති විය යුතු උදාර දිව්‍ය සම්පත් ලබන ලද ස්වහාව සම්පතින් යුත් කර්මයෙන් පැමිණිය යුත්තෙහි මනාව කිරිමෙන් කැමති සම්පත් ඇත්තාහු, සියලු කාමයෙන් යුක්ත වූවාහු මොදන්ති කැමති පරිදි සැපවිඳිති යන අර්ථයි.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
සයවන සූත්‍රයයි.