සම්පජාන මුසාවාද සුත්තං
1. 3. 5.
1. 3. 5.
[සම්පජාන මුසාවාද සුත්තං]
[සම්පජානමුසාවාද සූත්‍රය]
25. වුත්තං හෙතං භගවතා, වුත්තමරහතා’ති මෙ සුතං:
25. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්හත් වූ සර්වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. එකං ධම්මං අතීතස්ස භික්ඛවෙ පුරිසපුග්ගලස්ස නාහං තස්ස කිඤ්චි පාපකම්මං අකරණීයන්ති වදාමි. කතමං එකධම්මං? යථයිදං භික්ඛවෙ සම්පජාන මුසාවාදො’ති.
1. මහණෙනි, වාක්සත්‍ය නම් වූ එක් ධර්මයක් ඉක්මි ඒ පුද්ගලයා විසින් නො කළ හැකි කිසි යම් පාපකර්‍මයෙක් නැතැ යි මම කියමි. කවර එක් ධර්මයෙක් ද? යත්: මහණෙනි, යම් බඳුවූ මේ දැන දැන බොරු කීමෙක් වේ ද එය යි.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මේ කාරණය බුදුහු වදාළහ. ඒ අර්ත්ථය ගාථාවශයෙන් මෙසේ කියනු ලැබේ:
2. “එකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනො විතිණ්ණපරලොකස්ස නත්ථි පාපං අකාරියන්ති.”
2. “එක ම වාක්සත්‍යය ඉක්මි, බොරු කියන සුලු වූ, පරලොව සැපතින් ඉවත් වූ මනුෂ්‍යයා විසින් නො කළ හැකි පවෙක් නැත්තේ ය.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.