යෙදුමෙන් කියවන්න

දානසංවිභාග සුත‍්තං

1. 3. 6.

1. 3. 6.

[දානසංවිභාග සුත‍්තං]

[දානසංවිභාග සූත්‍රය]

26. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං:

26. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:

1. එවඤ‍්චෙ භික‍්ඛවෙ සත‍්තා ජානෙය්‍යුං දානසංවිභාගස‍්ස විපාකං යථාහං ජානාමි, න අදත්‍වා භුඤ‍්ජෙය්‍යුං. න ච නෙසං මච‍්ඡෙරමලං චිත‍්තං පරියාදාය තිට‍්ඨෙය්‍ය. යො’පි නෙසං අස‍්ස චරිමො ආලොපො චරිමං කබළං, තතො’පි න අසංවිභජිත්‍වා භුඤ‍්ජෙය්‍යුං සචෙ නෙසං පටිග‍්ගාහකා අස‍්සු. යස‍්මා ච ඛො භික‍්ඛවෙ සත‍්තා න එවං ජානන‍්ති දානසංවිභාගස‍්ස විපාකං යථාහං ජානාමි, තස‍්මා අදත්‍වා භුඤ‍්ජන‍්ති, මච‍්ඡෙරමලඤ‍්ච නෙසං චිත‍්තං පරියාදාය තිට‍්ඨතී ති.

1. මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුසස් මම යම් සේ දනිම් ද, එසේ ම සෙස්සෝත් දනිත් නම් නොදී නො වළඳන්නාහු ය. මසුරු මල ඔවුන්ගේ සිත හාත්පසින් අල්ලා ගෙණ නො සිටින්නේ ය. ඔවුන්ගේ යම් අවසන් බත් පිඩෙක් වෙයි නම්, පිළිගන්නෝද වෙත් නම්, ඒ බත් පිඩෙන් ද කොටසක් බෙදා නොදී නො වළඳන්නාහු ය. මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුසස් මා දන්නා සේ සෙසු මිනිස්සු යම් හෙයකින් නො දනිත් ද, එබැවින් බෙදා දී නො වළඳත්. මසුරුමලද ඔවුන්ගේ සිත හාත්පසින් මැඩ ගෙණ සිටියි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ කාරණය බුදුහු වදාළහ. එහි ලා මේ අර්‍ත්‍ථය ගාථාවශයෙන් මෙසේ කියනු ලැබේ:

2. “එවං චෙ සත‍්තා ජානෙය්‍යුං යථාවුත‍්තං මහෙසිනා විපාකං සංවිභාගස‍්ස යථා හොති මහප‍්ඵලං

2-3. “බෙදා වැළඳීමෙහි අනුසස් මහත් ඵල වන පරිදි බුදුහු විසින් යම් ලෙසකින් වදාරණ ලද සැටියෙන් මිනිස්සු දනිත් නම්, මසුරුමල දුර ලන්නාහු ය. යම් තැනකට දෙන ලද්දේ මහත්ඵල වේ ද (එබඳු වු) ආර්‍ය්‍යයනට සුදුසු කාලයෙහි පහන් සිතින් දන් දෙන්නාහු ය.

3. විනෙය්‍ය මච‍්ඡෙරමලං විප‍්පසන‍්නෙන චෙතසා දජ‍්ජුං කාලෙන අරියෙසු යත්‍ථ දින‍්නං මහප‍්ඵලං.

4. අන‍්නං ච දත්‍වා බහුනො දක‍්ඛිණෙය්‍යෙසු දක‍්ඛිණං ඉතො චුතා මනුස‍්සත‍්තා සග‍්ගං ගච‍්ඡන‍්ති දායකා.

4. දන් පිළිගැණීමට සුදුසු ආර්‍ය්‍යයනට පරලොව අදහා දන් දී බොහෝ දායකයෝ මේ මිනිසත් බැවින් චුත ව ස්වර්‍ගයට යෙත්.

5. තෙ ච සග‍්ගං ගතා තත්‍ථ මොදන‍්ති කාමකාමිනො විපාකං සංවිභාගස‍්ස අනුභොන‍්ති අමච‍්ඡරා”ති.

5. ඒ දායකයෝ ස්වර්‍ගයට ගියාහු එහි සියලු කම්සැපවලින් යුක්ත ව සුතුටු වෙත්. මසුරුමල රහිත වූ ඔහු බෙදා වැළඳීමෙහි ප්‍රතිඵල වළඳත්.“

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

භාග්‍යවතුන්වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.