යෙදුමෙන් කියවන්න

මෙත‍්තාචෙතොවිමුත‍්ති සුත‍්තං

1. 3. 7.

1. 3. 7.

[මෙත‍්තාචෙතොවිමුත‍්ති සුත‍්තං]

[මෙත්තා චේතෝවිමුත්ති සූත්‍රය]

27. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං:

27. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.

1. යානි කානිචි භික‍්ඛවෙ ඔපධිකානි පුඤ‍්ඤකිරියවත්‍ථූනි, සබ‍්බානි තානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා කලං නාග‍්ඝන‍්ති සොළසිං. මෙත‍්තායෙව තානි චෙතොවිමුත‍්ති අධිග‍්ගහෙත්‍වා භාසතෙ ච තපතෙ ච විරොචති ච. සෙය්‍යථාපි භික‍්ඛවෙ යා කාචි තාරකරූපානං පභා, සබ‍්බා තා චන්‍දිමපභාය කලං නාග‍්ඝන‍්ති සොළසිං, චන්‍දප‍්පභා යෙව තා අධිග‍්ගහෙත්‍වා භාසතෙ ච, තපතෙ ච, විරොචති ච, එවං ඛො භික‍්ඛවෙ යානි කානිචි ඔපධිකානි පුඤ‍්ඤකිරියවත්‍ථූනි, සබ‍්බානි තානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා කලං නාග‍්ඝන‍්ති සොළසිං. මෙත‍්තා යෙව තානි චෙතොවිමුත‍්ති අධිග‍්ගහෙත්‍වා භාසතෙ ච තපතෙ ච විරොචති ච.

1. මහණෙනි, උපධි සම්පතට (අත්බැව් සපුවට) හිතවූ යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො වටී. ඒ පින් කිරිය වත් මැඩ පවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, බබලයි. මහණෙනි, තාරකාවන්ගේ යම් ප්‍රභායෙක් වේ නම් යම් සේ එය සඳපහනින් සොළොස් වන කලාවකුදු නො වටී ද, ඒ තරු එළිය මැඩ පවත්වා සඳ එළිය ම දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම ඔපධික වූ යම් ඒ පින්කිරිය වත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩ පවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, බබලයි.

2. සෙය්‍යථාපි භික‍්ඛවෙ වස‍්සානං පච‍්ඡිමෙ මාසෙ සරදසමයෙ විද‍්ධෙ විගතවලාහකෙ නභෙ ආදිච‍්චොනභං අබ‍්භුස‍්සක‍්කමානො සබ‍්බං ආකාසගතං තමගතං අභිවිහච‍්චභාසතෙ ච තපතෙ ච විරොචති ච, එවමෙව ඛො භික‍්ඛවෙ යානි කානිචි ඔපධිකානි පුඤ‍්ඤකිරියවත්‍ථූනි, සබ‍්බානි තානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා කලං නාග‍්ඝන‍්ති සොළසිං. මෙත‍්තා යෙව තානි චෙතොවිමුත‍්ති අධිග‍්ගහෙත්‍වා භාසතෙ ච, තපතෙ ච, විරොචති ච. සෙය්‍යථාපි භික‍්ඛවෙ රත‍්තියා පච‍්චූසසමයං ඔසධි තාරකා භාසතෙ ච තපතෙ ච විරොචති ච, එව මෙව ඛො භික‍්ඛවෙ යානි කානිචි ඔපධිකානි පුඤ‍්ඤකිරියවත්‍ථූනි, සබ‍්බානි තානිමෙත‍්තාය චෙතොවිමුත‍්තියා කලං නාග‍්ඝන‍්ති සොළසිං, මෙත‍්තා යෙව තානි චෙතොවිමුත‍්ති අධිග‍්ගහෙත්‍වා භාසතෙ ච තපතෙ ච විරොචති ච.

2. මහණෙනි, යම් සේ වස්සාන ඍතුවෙහි කෙළවර ඉල් මස සරත් කාලයෙහි හෙළි වූ, විසුරුණු වැහි වලාකුළු ඇති, පහ වූ වලාකුළු ඇති, අහසෙහි සූර්‍ය්‍යයා ගමන් කරන්නේ අහසෙහි වූ සියලු අඳුරු මැඩ පවත්වා දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම උපධි සම්පතට කරුණු වූ යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩ පවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, බබලයි. මහණෙනි, යම් සේ රෑ පැසුලුයම්හි (අලුයම්හි) දහවත් තරුව දිලිසේ ද, අඳුරු නසා ද, බබළා ද, මහණෙනි, එ පරිද්දෙන් ම උපධි සම්පතට කරුණු වු යම් ඒ පින්කිරියවත්හු වෙත් නම්, ඒ සියල්ල මෛත්‍රීචිත්තවිමුක්තියගේ සොළොස් වන කලාවකුදු නො අගී. ඒ පින්කිරියවත් මැඩපවත්වා මෛත්‍රීචිත්තවිමුක්තිය ම දිලිසෙයි, විරුද්ධ ධර්‍මයන් තවයි, මැඩ බබලයි.

එතමත්‍ථං භගවා අවොච, තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ කාරණය භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය ගාථා වශයෙන් මෙසේ කියනු ලැබේ:

3. “යො ච මෙත‍්තං භාවයති අප‍්පමාණං පතිස‍්සතො, තනූ සංයොජනා හොන‍්ති පස‍්සතො උපධික‍්ඛයං.

3. “යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් එළඹ සිටි සිහි ඇත්තේ මෛත්‍රී ධ්‍යානය අප්‍රාමාණ්‍ය වශයෙන් වඩා ද, නිර්‍වාණය දක්නා වු ඔහුගේ සඤ්ඤෝජනයෝ තුනී වෙත්.

4. එකම‍්පි චෙ පාණමදුට‍්ඨචිත‍්තො මෙත‍්තායති කුසලො තෙන හොති සබ‍්බෙ ච පාණෙ මනසානුකම‍්පං පහූතමරියො පකරොති පුඤ‍්ඤං.

4. ඉදින් එක් ප්‍රාණියකුකෙරෙහි දූෂිත නො වූ සිතින් යුතු ව මෙත් කෙරේ ද, ඒ හේතු කොට ගෙණ හෙ තෙමේ මහ පින් ඇත්තෙක් වේ. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාවෙන් යුත් ආර්‍ය්‍ය තෙමේ බොහෝ පින් කරන්නේ ය යනු කියනු ම කිම?

5. යො සත‍්තසණ‍්ඩං පඨවිං විජිත්‍වා රාජිසයො යජමානානුපරියගා, අස‍්සමෙධං පුරිසමෙධං සම‍්මාපාසං වාජපෙය්‍යං නිරග‍්ගලං.

5-6. මිනිසුන්ගෙන් ගැවැසී ගත්තා වූ මහ පොළොව ජය ගත් ඍෂීන් වැනි යම් දැහැමි රජ කෙනෙක් වූ ද (ඔහු) අස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාජපෙය්‍ය, නිරග්ගළ යන යාගයන් කරමින් හැසුරුණාහු ද, ඒ යාග මනා කොට වඩන ලද මෙත් සිතින් ලැබෙන පිණින් සොළොස් වන කලාවකුදු නො අගී. සියලු තරු සඳපහනින් සොළොස් වන කලාවකුදු අගනාක් මෙනි.

6. මෙත‍්තස‍්ස චිත‍්තස‍්ස සුභාවිතස‍්ස කලම‍්පි තෙ නානුභවන‍්ති සොළසිං චන්‍දප‍්පභා තාරගණා’ව සබ‍්බෙ.

7. යො න හන‍්ති න ඝාතෙති න ජිනාති න ජාපයෙ මෙත‍්තංසො සබ‍්බභූතෙසු වෙරං තස‍්ස න කෙනචි”ති.

7. යමෙක් තෙමේ කිසිවකුට හිංසා නො කෙරේ ද, අනුන් ලවා හිංසා නො කරවා ද, කිසිවකු නො පරදවා ද, අනුන් ලවා අනෙකකුට හානි නොකරවා ද, සියලු සතුන් කෙරෙහි මෛත්‍රියෙහි අංශයක් බඳු වේ ද ඕහට කිසිකරුණෙකිනුත් (නොහොත් කිසිවකු හා ද) වෛරයක් නැත්තේ ය.

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය ද වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.

වග‍්ගො තතියො.

තුන්වැනි වර්‍ගයයි.

තස‍්සුද‍්දාන:

එහි උද්දානය:

චිත‍්තං භායී උභො අත්‍ථෙ පුඤ‍්ජං වෙපුල‍්ලපබ‍්බතං. සම‍්පජානමුසාවාදො දානඤ‍්ච මෙත‍්තභාවනා. සත‍්තමානීධ සුත‍්තානි පුරිමානි ච වීසති එකධම‍්මෙසු සුත‍්තන‍්තා සත‍්තවීසතිසඞ‍්ගහා’ති.

පසන්නචිත්ත, මාපුඤ්ඤභායී, උභො අත්‍ථ, අට්ඨිපුඤ්ජ, සම්පජානමුසාවාද, දානසංවිභාග, මෙත්තාචෙතොවිමුත්ති යන සත ද පළමු කී විස්ස දැයි සත්විසි සූත්‍රාන්තයෝ ඒකක නිපාතයේ සඞ්තෘහීත වෙත්:

එකකනිපාතො නිට‍්ඨිතො.

ඒකකනිපාතය නිමියේ ය.