7. මෙත්තාචෙතොවිමුත්ති සුත්තවණ්ණනා අට්ඨකථා
7. මෙත්තාචෙතොවිමුත්ති සුත්තවණ්ණනා
7. මෙත්තා චෙතොවිමුත්ති සූත්‍ර වර්ණනාව
සත්තමෙ යානි කානිචීති අනවසෙසපරියාදානං. ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනීති තෙසං නියමනං. තත්ථ උපධි වුච්චන්ති ඛන්ධා, උපධිස්ස කරණං සීලං එතෙසං, උපධිප්පයොජනානි වා ඔපධිකානි. සම්පත්තිභවෙ අත්තභාවජනකානි පටිසන්ධිපවත්තිවිපාකදායකානි. පුඤ්ඤකිරියවත්ථූනීති පුඤ්ඤකිරියා ච තා තෙසං තෙසං ඵලානිසංසානං වත්ථූනි චාති පුඤ්ඤකිරියවත්ථූනි. තානි පන සඞ්ඛෙපතො දානමයං, සීලමයං, භාවනාමයන්ති තිවිධානි හොන්ති. තත්ථ යං වත්තබ්බං, තං පරතො තිකනිපාතවණ්ණනායං ආවි භවිස්සති.
සත්වන සූත්‍රයෙහි යානි කානිචි යනු ඉතිරි නොකොට සියල්ල ගැනීම. ඔපධිකානි පුඤ්ඤකිරිය වත්ථූනි යනු ඒවායේ නියම කිරීමයි. එහි ස්කන්ධයෝ උපධි යයි කියනු ලැබෙත්. උපධියට කාරණ වූ සිලය හෝ ඒවායේ (පුණ්‍ය ක්‍රියාවන්ගේ) උපධීන්ට ඇති ප්‍රයෝජන හෝ ඔපධිකානි වේ. සම්පත්ති භවයෙහි ආත්මභාව ඇතිකරන ප්රතිසන්ධි - ප්රවෘත්ති විපාක දෙන්නා වූ. පුඤ්ඤකිරිය වත්ථූනි වැනි යනු පුණ්‍යක්‍රියා වූයේ ද ඒවාය, ඒ ඒ ඵල - ආනිශංසයන්ට වස්තු වූයේ ද ඒවාය යන අරුතින් පුඤ්ඤකිරිය වත්ථූනි වැනි නම් වේ. ඒවා කෙටියෙන් දානමය, සීලමය, භාවනාමය යනුවෙන් ත්‍රිවිධ වෙයි. එහි කිවයුතු දේ මතු තික නිපාත වර්ණනාවෙහි ප්‍රකට වන්නේය.
මෙත්තාය චෙතොවිමුත්තියාති මෙත්තාභාවනාවසෙන පටිලද්ධතිකචතුක්කජ්ඣානසමාපත්තියා. “මෙත්තා”ති හි වුත්තෙ උපචාරොපි ලබ්භති අප්පනාපි, “චෙතොවිමුත්තී”ති පන වුත්තෙ අප්පනාඣානමෙව ලබ්භති. තඤ්හි නීවරණාදිපච්චනීකධම්මතො චිත්තස්ස සුට්ඨු විමුත්තිභාවෙන චෙතොවිමුත්තීති වුච්චති. කලං නාග්ඝන්ති සොළසින්ති මෙත්තාබ්රහ්මවිහාරස්ස සොළසභාගං ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි න අග්ඝන්ති. ඉදං වුත්තං හොති – මෙත්තාය චෙතොවිමුත්තියා යො විපාකො, තං සොළස කොට්ඨාසෙ කත්වා තතො එකං පුන සොළස කොට්ඨාසෙ කත්වා තත්ථ යො එකකොට්ඨාසො, න තං අඤ්ඤානි ඔපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි අග්ඝන්තීති. අධිග්ගහෙත්වාති අභිභවිත්වා. භාසතෙති උපක්කිලෙසවිසුද්ධියා දිප්පති. තපතෙති තතො එව අනවසෙසෙ පටිපක්ඛධම්මෙ සන්තපති. විරොචතීති උභයසම්පත්තියා විරොචති. මෙත්තා හි චෙතොවිමුත්ති චන්දාලොකසඞ්ඛාතා විගතූපක්කිලෙසා ජුණ්හා විය දිප්පති, ආතපො විය අන්ධකාරං පච්චනීකධම්මෙ විධමන්තී තපති, ඔසධිතාරකා විය විජ්ජොතමානා විරොචති ච.
මෙත්තාය චෙතො විමුත්තියා යනු මෛත්‍රී භාවනා වශයෙන් ලබන ලද තික - චතුක්ක ධ්‍යාන සමාපත්තියේ. මෛත්‍රියයි කී කල්හි උපචාරය ද අර්පණාවද ලැබෙයි. (ගැනෙයි) චෙතො විමුත්ති යනුවෙන් කී කල්හි අර්පණා ධ්‍යානයම ලැබෙයි. එහිදී (අර්පණා ධ්‍යානයේදී) නීවරණ ආදී විරුද්ධ ධර්මයන්ගෙන් සිත මැනවින් මිදුණ බැවින් චෙතො විමුත්ති යයි කියනු ලැබේ. කලං නාග්ඝන්ති සොළසිං යනු මෛත්‍රී බ්‍රහ්ම විහාරයේ දාසයෙන් කොටසක් තරම්වත් ඕපධික පුණ්‍යක්‍රියා වස්තු නොවටී. මෛත්‍රී චේතෝ විමුක්තියේ විපාකය කොටස් දහසයකට බෙදා එයින් එක් කොටසක් නැවත කොටස් දහසයකට බෙදා ඉන් එක් කොටසක් තරම්වත් ඕපධික පුණ්‍යක්‍රියා වස්තු නොවටී යන මෙය කියන ලදී. අධිග්ගහෙත්වා යනු මැඩපවත්වා. භාසතෙ යනු උපක්ලේශවලින් පිරිසිදු වූ හෙයින් බබළයි. තපතෙ යනු එහෙයින් ම සියලු ප්‍රතිවිරුද්ධ ධර්ම තවයි. විරොචති යනු මුලින් කී කරුණු දෙක නිසා විශේෂයෙන් දීප්තිමත් වෙයි. සඳඑළිය නම් වූ මෛත්‍රී චේතෝ විමුක්තිය පහවූ උපක්ලේශ (බාධා) ඇති සඳඑළිය මෙන් බබළයි. හිරු රැස් අඳුර දුරළන්නා සේ විරුද්ධ ධර්මයන් විනාශ කරමින් තමයි. ඕසධී තාරකාව බබලන්නාක් මෙන් විශේෂයෙන් දීප්තිමත් වෙයි.
සෙය්යථාපීති ඔපම්මදස්සනත්ථෙ නිපාතො. තාරකරූපානන්ති ජොතීනං. චන්දියාති චන්දස්ස අයන්ති චන්දී, තස්සා චන්දියා, පභාය ජුණ්හායාති අත්ථො. වස්සානන්ති වස්සානං බහුවසෙන ලද්ධවොහාරස්ස උතුනො. පච්ඡිමෙ මාසෙති කත්තිකමාසෙ. සරදසමයෙති සරදකාලෙ. අස්සයුජකත්තිකමාසා හි ලොකෙ “සරදඋතූ”ති වුච්චන්ති. විද්ධෙති උබ්බිද්ධෙ, මෙඝවිගමෙන දූරීභූතෙති අත්ථො. තෙනෙවාහ “විගතවලාහකෙ”ති. දෙවෙති ආකාසෙ. නභං අබ්භුස්සක්කමානොති උදයට්ඨානතො ආකාසං උල්ලඞ්ඝන්තො. තමගතන්ති තමං. අභිවිහච්චාති අභිහන්ත්වා විධමිත්වා. ඔසධිතාරකාති උස්සන්නා පභා එතාය ධීයති, ඔසධීනං වා අනුබලප්පදායිකත්තා ඔසධීති ලද්ධනාමා තාරකා.
සෙය්යථාපි යනු උපමා දැක්වීම් අර්ථයෙහි නිපාතයකි. තාරකරූපානං යනු තාරකාවන්ගේ. චන්දියා යනු මෙය චන්ද්‍රයාට අයත්ය යන අරුතින් චන්දී නම් වේ. ඒ චන්ද්‍රයාගේ. පභාය ආලෝකයෙන් සඳඑළියෙන් යන අර්ථය. වස්සානං යනු වර්ෂා කාල යනුවෙන් බහුවචන වශයෙන් ලබන ලද ව්‍යවහාර ඇති ඍතුවේ. පච්ඡිමෙ මාසෙ කත්තික හෙවත් ඉල් මාසයෙහි. සරදසමයෙ යනු සරත් කාලයෙහි. අස්සයුජකත්තික මාස (වප් මස, ඉල්මස) ලෝකයෙහි සරත් ඍතුව යයි කියනු ලැබේ. විද්ධෙ පහ වූ, වැහි පහවීමෙන් දුරට ගිය යන අර්ථයි. එහෙයින්ම විගතවලාහකෙ දෙවෙ පහ වූ වැහිවලාකුළු ඇති අහසෙහි යනුවෙන් කීහ. නභං අබ්භූස්සුක්කමානො උදාවන තැනින් අහසට පැන නගිමින් තමගතං යනු අඳුර. අභිවිහච්ච යනු නසා, දුරුකොට ඔසධී තාරකා යනු උත්සන්න වූ ආලෝකය මෙයින් දෙනු ලැබේ යනුවෙන් හෝ ඖෂධවලට අනුබලයක් දෙන නිසා හෝ ඔසධී යනුවෙන් ලබන ලද නම් ඇති තාරකාව,
එත්ථාහ – කස්මා පන භගවතා සමානෙපි ඔපධිකභාවෙ මෙත්තා ඉතරෙහි ඔපධිකපුඤ්ඤෙහි විසෙසෙත්වා වුත්තාති? වුච්චතෙ – සෙට්ඨට්ඨෙන නිද්දොසභාවෙන ච සත්තෙසු සුප්පටිපත්තිභාවතො. සෙට්ඨා හි එතෙ විහාරා, සබ්බසත්තෙසු සම්මාපටිපත්තිභූතානි යදිදං මෙත්තාඣානානි. යථා ච බ්රහ්මානො නිද්දොසචිත්තා විහරන්ති, එවං එතෙහි සමන්නාගතා යොගිනො බ්රහ්මසමාව හුත්වා විහරන්ති. තථා හිමෙ “බ්රහ්මවිහාරා”ති වුච්චන්ති. ඉති සෙට්ඨට්ඨෙන නිද්දොසභාවෙන ච සත්තෙසු සුප්පටිපත්තිභාවතො මෙත්තාව ඉතරෙහි ඔපධිකපුඤ්ඤෙහි විසෙසෙත්වා වුත්තා.
මෙහිදී කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් ආශ්‍රව සහිත බව තිබියදීත් මෛත්‍රිය අනිත් ඕපධික පින්වලට වඩා විශේෂකොට කියන ලද්දේ ඇයි? ශ්‍රේෂ්ඨ අර්ථයෙන් ද නිදොස් බැවින්දැයි පිළිතුරු කියනු ලැබේ. සත්ත්වයන් කෙරෙහි මනා වූ පිළිවෙතක් වන බැවින් මෙම විහාර ශ්‍රේෂ්ඨය. සියලු සත්ත්වයන් කෙරෙහි මෙම මෛත්‍රී ධ්‍යාන යහපත් ප්‍රතිපත්ති වෙයි. බ්‍රහ්මයෝ යම්සේ නිදොස් සිත් ඇත්තාහු වාසය කරත් ද මෙසේ එම ධ්‍යානවලින් යුක්ත වූ යෝගීහු බ්‍රහ්මයන්ට සමානව වාසය කරති. එසේ මේවා (මෛතී ධ්‍යාන) බ්‍රහ්මවිහාර යයි කියනු ලැබේ. මෙසේ ශ්‍රේෂ්ඨ අර්ථයෙන් ද නිදොස් බැවින් ද සත්ත්වයන් කෙරෙහි මනා වූ පිළිවෙතක් වන බැවින් ද මෛත්‍රියම අනිත් ඕපධික පින්වලට වඩා විශේෂකොට කියන ලදී.
එවම්පි කස්මා මෙත්තාව එවං විසෙසෙත්වා වුත්තා? ඉතරෙසං බ්රහ්මවිහාරානං අධිට්ඨානභාවතො දානාදීනං සබ්බෙසං කල්යාණධම්මානං පරිපූරිකත්තා ච. අයඤ්හි සත්තෙසු හිතාකාරප්පවත්තිලක්ඛණා මෙත්තා, හිතූපසංහාරසා, ආඝාතවිනයපච්චුපට්ඨානා. යදි අනොධිසො භාවිතා බහුලීකතා, අථ සුඛෙනෙව කරුණාදිභාවනා සම්පජ්ජන්තීති මෙත්තා ඉතරෙසං බ්රහ්මවිහාරානං අධිට්ඨානං. තථා හි සත්තෙසු හිතජ්ඣාසයතාය සති නෙසං දුක්ඛාසහනතා, සම්පත්තිවිසෙසානං චිරට්ඨිතිකාමතා, පක්ඛපාතාභාවෙන සබ්බත්ථ සමප්පවත්තචිත්තතා ච සුඛෙනෙව ඉජ්ඣන්ති. එවඤ්ච සකලලොකහිතසුඛවිධානාධිමුත්තා මහාබොධිසත්තා “ඉමස්ස දාතබ්බං, ඉමස්ස න දාතබ්බ”න්ති උත්තමවිචයවසෙන විභාගං අකත්වා සබ්බසත්තානං නිරවසෙසසුඛනිදානං දානං දෙන්ති, හිතසුඛත්ථමෙව නෙසං සීලං සමාදියන්ති, සීලපරිපූරණත්ථං නෙක්ඛම්මං භජන්ති, තෙසං හිතසුඛෙසු අසම්මොහත්ථාය පඤ්ඤං පරියොදපෙන්ති, හිතසුඛාභිවඩ්ඪනත්ථමෙව දළ්හං වීරියමාරභන්ති, උත්තමවීරියවසෙන වීරභාවං පත්තාපි සත්තානං නානප්පකාරං හිතජ්ඣාසයෙනෙව අපරාධං ඛමන්ති, “ඉදං වො දස්සාම, කරිස්සාමා”තිආදිනා කතං පටිඤ්ඤාතං න විසංවාදෙන්ති, තෙසං හිතසුඛායෙව අචලාධිට්ඨානා හොන්ති. තෙසු අචලාය මෙත්තාය පුබ්බකාරිනො හිතජ්ඣාසයෙනෙව නෙසං විප්පකාරෙ උදාසීනා හොන්ති, පුබ්බකාරිතායපි න පච්චුපකාරමාසිසන්තීති. එවං තෙ පාරමියො පූරෙත්වා යාව දසබලචතු-වෙසාරජ්ජ-ඡඅසාධාරණඤාණ-අට්ඨාරසාවෙණිකබුද්ධධම්මප්පභෙදෙ සබ්බෙපි කල්යාණධම්මෙ පරිපූරෙන්ති. එවං දානාදීනං සබ්බෙසං කල්යාණධම්මානං පාරිපූරිකා මෙත්තාති ච ඉමස්ස විසෙසස්ස දස්සනත්ථං සා ඉතරෙහි විසෙසෙත්වා වුත්තා.
මෙසේ ඇති කල්හි කුමක් නිසා මෙසේ විශේෂකොට කියන ලද ද? අනිකුත් බ්‍රහ්ම විහාරයට පිහිටවන තැනක් වන බැවින් ද දානාදී සියලු යහපත් ධර්මයන් සම්පූර්ණ කරන බැවින් ද විශේෂකොට කියන ලදී. මේ මෛත්‍රිය සත්ත්වයන් කෙරෙහි හිතවත් ආකාර පැවැත්ම ලක්ෂණ කොට ඇත්තේය. යහපත ළඟට පැමිණවීම රස (කෘත්‍ය) යයි. ද්වේෂය දුරුකිරීම වැටහෙන ආකාරයයි. ඉදින් ඒ මෛත්‍රිය සීමාරහිතව (සීමාවක් නැතිව) භාවිත කරන ලද ද බහුල වශයෙන් පුරුදු කරන ලද නම් ඉන්පසු කරුණා ආදී භාවනා සම්පූර්ණ වෙයි යන අරුතින් මෛත්‍රිය අනිත් බ්‍රහ්ම විහාරයන්ට පිහිටවන තැනකි. එසේ සත්ත්වයන් කෙරෙහි හිතවත් බව ඇති කල්හි ඔවුන්ගේ දුක් නොඉවසන බව, සම්පත් බොහෝ කල් පැවැත්මට කැමති බව, පක්ෂපාත බවක් නැති බැවින් හැමතන්හි සමව පවතින සිත් ඇති බැවින් ද සුවසේ ඉටුවෙයි. මෙසේ ද සියලු ලෝකයාට හිතසුව ඇති කිරීමෙහි ඇලුණු මහා සත්ත්ව, බෝධිසත්වයන් වහන්සේලා මොහුට දිය යුතුය, මොහුට නොදිය යුතුයයි උතුම් අය සෙවීම් වශයෙන් විභාග නොකොට සියලු සත්ත්වයන්ට සියලු සැපයට හේතුව වූ දානය දෙති. ඔවුන්ගේ හිත සැප පිණිසම සිල් සමාදන් වෙති. සීලය සම්පූර්ණ කිරිම සඳහා නෛෂ්ක්‍රම්‍යය (නෙක්ඛම්ම) ඇසුරු කරති. ඔවුන්ගේ හිතසැප කෙරෙහි මුළානොවීම පිණිස ප්‍රඥාව පිරිසිදු කරති. හිතසුව වැඩිකිරීම පිණිස ම දැඩිව වීර්ය ආරම්භ කරත්. උතුම් වීර්ය වශයෙන් වීරභාවයට පත්වූවාහු සත්ත්වයන්ට නොයෙක් ආකාර යහපත බලාපොරොත්තුවෙන්ම අපරාධය (වරද) ඉවසති. මෙය ඔබට දෙන්නෙමි, කරන්නෙමි යනාදී වශයෙන් කරන ලද ප්‍රතිඥාව (පොරොන්දුව) කඩ නොකරති. ඔවුන්ගේ හිතසුව පිණිසම නොසෙල්වෙන අධිෂ්ඨානයෙන් යුක්ත වෙති. ඔවුන් කෙරෙහි නොසෙල්වෙන මෛත්‍රිය ඇති නිසා පළමුකොට උපකාර කරන්නාහු යහපත බලාපොරොත්තුවෙන්ම ඔවුන්ගේ විකාර වැඩවලදී උදාසීන වෙති. පළමුකොට උපකාර කිරීම නිසා ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවෙති. මෙසේ උන්වහන්සේලා පාරමී පුරා දසබල - චතුර් වෛශාරද්‍ය ඥාන - ෂට් අසාධාරණ ඥාන අටළොස් (18) ආවේණික බුද්ධ ධර්ම ප්‍රභේද ඇති සියලුම කල්‍යාණ ධර්මයන් සම්පූර්ණ කරත්. මෙසේ දානාදී සියලු කල්‍යාණ ධර්මයන් සම්පූර්ණ කරන්නේ මෛත්‍රිය යනුවෙන් මේ විශේෂය දැක්වීම පිණිස ඒ මෛත්‍රිය අනිත්වාට වඩා විශේෂකොට කියන ලදී.
අපිච මෙත්තාය ඉතරෙහි ඔපධිකපුඤ්ඤෙහි මහානුභාවතා වෙලාමසුත්තෙන දීපෙතබ්බා. තත්ථ හි යථා නාම මහතා වෙලාමස්ස දානතො එකස්ස සොතාපන්නස්ස දානං මහප්ඵලතරං වුත්තං, එවං සොතාපන්නසතතො එකස්ස සකදාගාමිස්ස දානං…පෙ… පච්චෙකබුද්ධසතතො භගවතො, තතොපි බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස දානං, තතොපි චාතුද්දිසස්ස සඞ්ඝස්ස විහාරදානං, තතොපි සරණගමනං, තතොපි සීලසමාදානං, තතොපි ගද්දූහනමත්තං කාලං මෙත්තාභාවනා මහප්ඵලතරා වුත්තා. යථාහ –
එහෙත් අනිත් ඕපධික පින්වලට වඩා මෛත්‍රියේ මහානුභාව බව වේලාම සූත්‍රයෙන් ප්‍රකට කළ යුතුයි. එහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් වේලාම (බමුණාගේ) දානයට වඩා සෝවාන් වූ එක් කෙනෙකුට දෙන දානය වඩා මහත්ඵලය යයි කියන ලදී. මෙසේ සකදාගාමී එක්කෙනෙකුට දෙන දානය සෝවාන් සියදෙනෙකුට දෙන දානයට වඩා මහත්ඵලයයි කියන ලදී. - පෙ- භාග්‍යවතුන් වහන්සේට දෙන දානය පසේ බුදුරජාණන් වහන්සේලා සියනමකට දෙන දානයට - පෙ- එයට වඩා බුද්ධ ප්රමුඛ සංඝයාට දෙන දානය, එයටත් වඩා සතර දිශාවෙහි සංඝයාට විහාර දානය, එයටත් වඩා සරණගමනය, එයටත් වඩා සීල සමාදානය, එයටත් වඩා (ඇඟිලි දෙකට සුවඳ වර්ගයකින් ටිකක් ගෙන) එම සුවඳ සිඹින තරම් කාලයක් මෛත්‍රී භාවනා කිරීම වඩා මහත්ඵලයයි කියන ලදී.
“යං ගහපති වෙලාමො බ්රාහ්මණො දානං අදාසි මහාදානං. යො චෙකං දිට්ඨිසම්පන්නං භොජෙය්ය, ඉදං තතො මහප්ඵලතරං. යො ච සතං දිට්ඨිසම්පන්නං භොජෙය්ය…පෙ… සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා වෙරමණිං. යො ච අන්තමසො ගද්දූහනමත්තම්පි මෙත්තචිත්තං භාවෙය්ය, ඉදං තතො මහප්ඵලතර”න්ති (අ· නි· 9.20).
‘යඤ්ච ගහපති වෙලාමො බ්රාහ්මණො දානං අදාසි මහාදානං, යොචෙකං දිට්ඨි සම්පන්නං භොජෙය්ය ඉදං තතො මහප්ඵලතරං, යො ච සතං දිට්ඨිසම්පන්නානං භොජෙය්ය -පෙ- සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණිං. යො ච අන්තමසො ගන්ධූහනමත්තම්පි මෙත්තචිත්තං භාවෙය්ය ඉදං තතො මහප්ඵලතරං’ යනුවෙන් වදාළහ.
මහග්ගතපුඤ්ඤභාවෙන පනස්සා පරිත්තපුඤ්ඤතො සාතිසයතාය වත්තබ්බමෙව නත්ථි. වුත්තඤ්හෙතං “යං පමාණකතං කම්මං, න තං තත්‍රාවසිස්සති, න තං තත්රාවතිට්ඨතී”ති (දී· නි· 1.556; සං· නි· 4.360). කාමාවචරකම්මඤ්හි පමාණකතං නාම, මහග්ගතකම්මං පන පමාණං අතික්කමිත්වා ඔධිසකානොධිසකඵරණවසෙන වඩ්ඪිත්වා කතත්තා අප්පමාණකතං නාම. කාමාවචරකම්මං තස්ස මහග්ගතකම්මස්ස අන්තරා ලග්ගිතුං වා තං කම්මං අභිභවිත්වා අත්තනො විපාකස්ස ඔකාසං ගහෙත්වා ඨාතුං වා න සක්කොති, අථ ඛො මහග්ගතකම්මමෙව තං පරිත්තකම්මං මහොඝො විය පරිත්තං උදකං අභිභවිත්වා අත්තනො ඔකාසං ගහෙත්වා තිට්ඨති, තස්ස විපාකං පටිබාහිත්වා සයමෙව බ්රහ්මසහබ්යතං උපනෙතීති අයඤ්හි තස්ස අත්ථොති.
මහග්ගත (රූපාවචර) පිනක් බැවින් කුඩා පිනකට වඩා මෛත්‍රියේ වඩාත් අධික බව ගැන කිවයුත්තක් නැත. එය ‘යං පමණකතං කම්මං න තං තත්රාවසීයති න තං තත්රාව තිට්ඨති’ ප්‍රමාණ වශයෙන් කරන ලද යම් කර්මයක් වේ නම් එය එහි ඉතිරි නොවේ, එය එහි නො සිටියි’ යනුවෙන් කියන ලදී. කාමාවචර කර්මය වනාහි ප්‍රමාණ වශයෙන් කරන ලද්ද නම් වේ. මහග්ගත කර්මය වනාහි ප්‍රමාණය ඉක්මවා ඔදිස්සක (සියලු ස්ත්‍රීහු ආදී සීමාවක් ඇති අයුරින් ද දිසා (නැගෙනහිර දිග සියලු සත්ත්වයෝ ආදී දිශා) වශයෙන් ද මෛත්‍රිය පැතිරවීම් වශයෙන් වඩා මෛත්‍රී කරන ලද බැවින් අප්‍රමාණ වශයෙන් කරන ලද්ද නම් වේ. ඒ මහග්ගත කර්මය අතර කාමාවචර කර්මය ලැග සිටින්නට හෝ ඒ කර්මය මැඩගෙන තමාගේ (කාමාවචර) විපාකයට අවකාශයක් ගෙන සිටින්නට හෝ හැකි නොවෙයි. ඉක්බිති මහග්ගත කර්මයම ඒ කුඩා කර්මය ස්වල්ප ජලයක් යට කරගෙන සිටින මහා සැඩපහරක් මෙන් මැඩගෙන තමාට (මහග්ගත කර්මයට) අවකාශ ගෙන සිටියි. ඒ (කාමාවචර කුඩා කර්ම) විපාකය මැඩපවත්වා (තමාම (මහග්ගත කර්මයම) බ්‍රහ්මයන් සමග වාසය කරන බවට පමුණුවයි යන මෙය එහි අරුතයි.
ගාථාසු යොති යො කොචි ගහට්ඨො වා පබ්බජිතො වා. මෙත්තන්ති මෙත්තාඣානං. අප්පමාණන්ති භාවනාවසෙන ආරම්මණවසෙන ච අප්පමාණං. අසුභභාවනාදයො විය හි ආරම්මණෙ එකදෙසග්ගහණං අකත්වා අනවසෙසඵරණවසෙන අනොධිසොඵරණවසෙන ච අප්පමාණාරම්මණතාය පගුණභාවනාවසෙන අප්පමාණං. තනූ සංයොජනා හොන්තීති මෙත්තාඣානං පාදකං කත්වා සම්මසිත්වා හෙට්ඨිමෙ අරියමග්ගෙ අධිගච්ඡන්තස්ස සුඛෙනෙව පටිඝසංයොජනාදයො පහීයමානා තනූ හොන්ති. තෙනාහ “පස්සතො උපධික්ඛය”න්ති. “උපධික්ඛයො”ති හි නිබ්බානං වුච්චති. තඤ්චස්ස සච්ඡිකිරියාභිසමයවසෙන මග්ගඤාණෙන පස්සති. අථ වා තනූ සංයොජනා හොන්තීති මෙත්තාඣානපදට්ඨානාය විපස්සනාය අනුක්කමෙන උපධික්ඛයසඞ්ඛාතං අරහත්තං පත්වා තං පස්සතො පගෙව දසපි සංයොජනා තනූ හොන්ති, පහීයන්තීති අත්ථො. අථ වා තනූ සංයොජනා හොන්තීති පටිඝො චෙව පටිඝසම්පයුත්තසංයොජනා ච තනුකා හොන්ති. පස්සතො උපධික්ඛයන්ති තෙසංයෙව කිලෙසූපධීනං ඛයසඞ්ඛාතං මෙත්තං අධිගමවසෙන පස්සන්ත ස්සාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
ගාථාවන්හි - යො යනු යම්කිසි ගිහියෙක් හෝ පැවිද්දෙක්. මෙත්තං යනු මෙත්‍රී ධ්‍යානයයි. අප්පමාණං යනු භාවනා වශයෙන් ද අරමුණු වශයෙන් අප්‍රමාණ වූ, අශුභ භාවනාදියෙහි මෙන් අරමුණෙහි එක් කොටසක් ගැනීම නොකොට ඉතිරි නොකොට (සියල්ලන්ට) පැතිරවීම් වශයෙන් අනොධිසො ඵරණ වශයෙන් ද අප්‍රමාණ අරමුණු ඇති බැවින් ප්‍රගුණ භාවනා වශයෙන් ද අප්‍රමාණය. තනුසංයොජනා හොන්ති යනු මෛත්‍රී ධ්‍යානය පාදකකොට විමසා බලා පහළ ආර්ය මාර්ගයන් අවබෝධ කරන්නා වූ ඔහුගේ පටිඝ සංයෝජනාදිය පහසුවෙන්ම දුරුවෙමින් තුනී වෙයි. එහෙයින් පස්සතො උපධික්ඛයං යනුවෙන් වදාළහ. උපධික්ඛය යනුවෙන් නිවන කියනු ලැබේ. එම නිවන ප්රත්යක්ෂ කිරීම් වශයෙන් අවබෝධ කිරීම් වශයෙන් මාර්ග ඥානයෙන් දකී. නැතහොත් ‘තනු සංයෝජනා හොන්ති’ යනු මෛත්‍රී ධ්‍යානය ආසන්න කාරණයකොට වඩන විදර්ශනාවෙන් අනුපිළිවෙළින් උපධික්ඛය නම් වූ රහත් බවට පැමිණ එය දකින තැනැත්තාගේ දස සංයෝජනාම තුනී වේ යයි කියනුම කිම. දුරුවේ යනු අර්ථයි. නැතහොත් ‘තනු සංයොජනා හොන්ති’ යනු පටිඝයත් පටිඝය හා යෙදුණු සංයෝජනත් තුනී වෙයි. ‘පස්සතො උපධික්ඛයං’ යනු ඒ ක්ලේශ උපධීන්ගේම ඛය (ගෙවීම) නම් වූ මෛත්‍රිය අවබෝධ කිරීම් වශයෙන් දකින තැනැත්තාගේ. මෙසේ මෙහි අර්ථය දතයුතුය.
එවං කිලෙසප්පහානං නිබ්බානාධිගමඤ්ච මෙත්තාභාවනාය සිඛාප්පත්තමානිසංසං දස්සෙත්වා ඉදානි අඤ්ඤෙ ආනිසංසෙ දස්සෙතුං “එකම්පි චෙ”තිආදිමාහ. තත්ථ අදුට්ඨචිත්තොති මෙත්තාබලෙන සුට්ඨු වික්ඛම්භිතබ්යාපාදතාය බ්යාපාදෙන අදූසිතචිත්තො. මෙත්තායතීති හිතඵරණවසෙන මෙත්තං කරොති. කුසලොති අතිසයෙන කුසලවා මහාපුඤ්ඤො, පටිඝාදිඅනත්ථවිගමෙන වො. ඛෙමී තෙනාති තෙන මෙත්තායිතෙන. සබ්බෙ ච පාණෙති චසද්දො බ්යතිරෙකෙ. මනසානුකම්පන්ති චිත්තෙන අනුකම්පන්තො. ඉදං වුත්තං හොති – එකසත්තවිසයාපි තාව මෙත්තා මහාකුසලරාසි, සබ්බෙ පන පාණෙ අත්තනො පියපුත්තං විය හිතඵරණෙන මනසා අනුකම්පන්තො පහූතං බහුං අනප්පකං අපරියන්තං චතුසට්ඨිමහාකප්පෙපි අත්තනො විපාකප්පබන්ධං පවත්තෙතුං සමත්ථං උළාරපුඤ්ඤං අරියො පරිසුද්ධචිත්තො පුග්ගලො පකරොති නිප්ඵාදෙති.
මෙසේ කෙලෙස් පහවීමත් නිර්වාණවබෝධයත් යනුවෙන් මෛත්‍රී භාවනාවේ මුදුන්පැමිණි අනුසස් ලෙස දක්වා දැන් අනිකුත් අනුසස් ද දක්වන්නට ‘එකම්පි චෙ’ යනාදිය වදාළහ. එහි අදුට්ඨචිත්තො යනු මෛත්‍රී බලයෙන් මනාව යටපත් කළ ව්‍යාපාදය ඇති බැවින් ඛ්යාපාදයෙන් දූෂිත නොවූ සිත් ඇති යමෙක්. මෙත්තායති යනු හිත (යහපත) පැතිරවීම් වශයෙන් මෛත්‍රී කරයි. කුසලො යනු අධික ලෙස (අතිශය) දක්ෂයෙක් හෝ මහ පින්වන්තයෙක් හෝ පටිඝ (තරහ) ආදී අයහපත දුරුකිරිමෙන් බිය නැති කෙනෙක් හෝ. තෙන ඒ මෛත්‍රී කිරීමෙන්. සබ්බෙ ච පාණෙ යන මෙහි ‘ච’ ශබ්දය අමතර එකකි. මනසානුකම්පං යනු සිතෙන් අනුකම්පා කරන්නා වූ, එයින් එක් සත්ත්වයකු කෙරෙහි ද කරන මෛත්‍රිය මහත් කුශල රාශියකි. සියලු ප්‍රාණීන් කෙරෙහි තමාගේ ප්‍රිය පුතුට මෙන් යහපත පැතිරවීමෙන් සිතෙන් අනුකම්පා කරන්නා වූ තැනැත්තා පහූතං බොහෝ, ස්වල්ප නොවූ, සීමාවක් නැති මහාකල්ප හැටහතරකදී ද තමාගේ (මෛත්‍රී කුශල කර්මයේ) විපාකය බැඳ පවත්වන්නට සමත් උදාර පිනක් අරියො පිරිසිදු සිත් ඇති පුද්ගලයා පකරොති නිෂ්පාදනය කරයි.
සත්තසණ්ඩන්ති සත්තසඞ්ඛාතෙන සණ්ඩෙන සමන්නාගතං භරිතං, සත්තෙහි අවිරළං ආකිණ්ණමනුස්සන්ති අත්ථො. විජිත්වාති අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙනෙව විජිනිත්වා. රාජිසයොති ඉසිසදිසා ධම්මිකරාජානො. යජමානාති දානානි දදමානා. අනුපරියගාති විචරිංසු.
සත්තසණ්ඩං යනු සත්ත්ව නම් වූ සමූහයකින් යුක්ත වූ, පිරුණා වූ, සත්ත්වයන්ගෙන් අඩු නොවූ මිනිසුන්ගෙන් ගැවසුණා වූ යන අර්ථයි. විජිත්වා යනු දණ්ඩක් නැතිව, ආයුධයක් නැතිව ධර්මයෙන් ම දිනා (ජයගෙන). රාජිසයො යනු සෘෂිවරුන් සමාන දැහැමි රජවරු. යජමානා යනු දන් දෙමින් අනුපරියගා යනු හැසිරුණාහුය.
අස්සමෙධන්තිආදීසු පොරාණකරාජකාලෙ කිර සස්සමෙධං, පුරිසමෙධං, සම්මාපාසං, වාචාපෙය්යන්ති චත්තාරි සඞ්ගහවත්ථූනි අහෙසුං,
අස්සමෙධං යනාදියෙහි පැරණි රජකාලයෙහි 1. සස්සමේධය, 2. පුරිසමේධය, 3. සම්මාපාසය, 4. වාජපෙය්‍යය යනුවෙන් රජවරුන් ලෝකවාසීන්ට සංග්‍රහ කළා වූ සතර සංග්‍රහ වස්තුවක් විය.
යෙහි රාජානො ලොකං සඞ්ගණ්හිංසු. තත්ථ නිප්ඵන්නසස්සතො දසමභාගග්ගහණං සස්සමෙධං නාම, සස්සසම්පාදනෙ, මෙධාවිතාති අත්ථො.
1. එහිදී උපයාගනු ලබන අස්වැන්නෙන් දහයෙන් කොටසක් ගැනීම (හෙවත් මහජනයාට දීම) සස්සමේධය නම් වේ. ගොවිතැන් කිරීමෙහි ශස්‍ය පිළියෙළ කිරීමෙහි නුවණ ඇති බව යන අර්ථයි.
මහායොධානං ඡමාසිකං භත්තවෙතනානුප්පදානං පුරිසමෙධං නාම, පුරිසසඞ්ගණ්හනෙ මෙධාවිතාති අත්ථො.
2. මහායෝධයන්ට හයමාසික බත් - වැටුප් දීම පුරිසමේධ නම් වේ. පිරිස්වලට සංග්‍රහ කිරීමෙහි නුවණැති බව යන අර්ථයි.
දලිද්දමනුස්සානං පොත්ථකෙ ලෙඛං ගහෙත්වා තීණි වස්සානි විනා වඩ්ඪියා සහස්සද්විසහස්සමත්තධනානුප්පදානං සම්මාපාසං නාම. තඤ්හි සම්මා මනුස්සෙ පාසෙති හදයෙ බන්ධිත්වා විය ඨපෙති, තස්මා “සම්මාපාස”න්ති වුච්චති.
3 දිළිඳු මිනිසුන්ගේ අතින් ලිපියක් ගෙන පොළියක් නැතිව තුන් අවුරුද්දක් දහස, දෙදහස පමණ වූ මුදල් දීම සම්මා පාස නම් වේ. එය වනාහිපාස (තොණ්ඩු) වලින් හදවත් (සිත්) බැඳ තබන්නාක් මෙන් මිනිසුන් මැනවින් බැඳ තබයි, එහෙයින් සම්මාපාස (යහපත් තොණ්ඩුව) යයි කියනු ලැබේ.
“තාත මාතුලා”තිආදිනා පන සණ්හවාචාය සඞ්ගහණං වාචාපෙය්යං නාම, පෙය්‍යවජ්ජං පියවාචතාති අත්ථො. එවං චතූහි සඞ්ගහවත්ථූහි සඞ්ගහිතං රට්ඨං ඉද්ධඤ්චෙව හොති ඵීතඤ්ච පහූතඅන්නපානං ඛෙමං නිරබ්බුදං. මනුස්සා මුදා මොදමානා උරෙ පුත්තෙ නච්චෙන්තා අපාරුතඝරා විහරන්ති. ඉදං ඝරද්වාරෙසු අග්ගළානං අභාවතො “නිරග්ගළ”න්ති වුච්චති. අයං පොරාණිකා පවෙණි, අයං පොරාණිකා පකති.
4. පියා, මාමා ආදී මොළොක් වචනවලින් සංග්‍රහ කිරීම වාජපෙය්‍ය නමි. ප්‍රියවචන, ප්‍රියවචන ඇති බව යන අර්ථයි. මෙසේ සතර සංග්රහවෙන් සංග්‍රහ ලබන ලද රට සමෘද්ධ වෙයි. බොහෝ ආහාරපාන ඇති නිර්භය වූ අර්බුද නැති රටක් වෙයි. මිනිස්සු ප්‍රමෝදයෙන් සතුටුවෙමින් දරුවන් ලයෙහි නටවමින් නො වැසූ ගෙවල් ඇතිව වාසය කරත්. නිවෙස්වල දොරවල්වල අගුළු නැති බැවින් මෙය නිරග්ගල යයි කියනු ලැබේ. මෙය පැරණි යුගයට අයත් වූ දෙයයි. මෙය පැරණි යුගයට අයත් ස්වභාවයයි.
අපරභාගෙ පන ඔක්කාකරාජකාලෙ බ්රාහ්මණා ඉමානි චත්තාරි සඞ්ගහවත්ථූනි ඉමඤ්ච රට්ඨසම්පත්තිං පරිවත්තෙන්තා උද්ධම්මූලං කත්වා අස්සමෙධං පුරිසමෙධන්තිආදිකෙ පඤ්ච යඤ්ඤෙ නාම අකංසු. වුත්තඤ්හෙතං භගවතා බ්රාහ්මණධම්මියසුත්තෙ –
පසුකලෙක ඔක්කාක රාජ්‍ය කාලයෙහි බමුණෝ මේ සතර සංග්‍රහ වස්තු ද රටේ මේ සම්පත් ද පෙරළා දමමින් මුල් උදුරා දමා අස්සමේධ, පුරිසමේධ ආදී යාග පහක් කළාහුය. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් (සුත්ත නිපාතයේ) බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයෙහි දී
“තෙසං ආසි විපල්ලාසො, දිස්වාන අණුතො අණුං…පෙ…. “තෙ තත්ථ මන්තෙ ගන්ථෙත්වා, ඔක්කාකං තදුපාගමු”න්ති. (සු· නි· 301-304);
තෙසං ආසි විපල්ලාසො දිස්වාන අණුසො අණුං -පෙ තෙ තත්ථ මන්තෙ ගන්ථෙත්වා ඔක්කාකං තදුපාගමුං යනුවෙන් දේශනා කරන ලදී.
‘අතිශයින් ස්වල්පමාත්‍ර වූ පස්කම්ගුණ ද දැක ඔවුන්ට වෙනස් වූ සංඥා ඇතිවිය. -පෙ- ඒ නිමිතිකොට ඒ බමුණෝ වේද මන්ත්‍ර ගොතා ඒ ඔක්කාක රජු වෙත එළඹියහ.
තත්ථ අස්සමෙත්ථ මෙධන්ති බාධෙන්තීති අස්සමෙධො. ද්වීහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස එකවීසතියූපස්ස එකස්මිං පච්ඡිමදිවසෙ එව සත්තනවුතිපඤ්චපසුසතඝාතභීසනස්ස ඨපෙත්වා භූමිඤ්ච පුරිසෙ ච අවසෙසසබ්බවිභවදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං.
මෙහි දී අශ්වයකු යාගයට පුදති (මරති), පෙළති යන අරුතින් අස්සමේධ නම් වෙයි. අති විශේෂ යාග දෙකකින් යාග කළයුතු යාග කණු විසිඑකක් ඇති, එක් මැදුම් දිනයකදී ම පන්සිය අනූහතක් සත්ත්වයන් ඝාතනයෙන් බියකරු වූ, භූමිය ද මිනිසුන් ද හැර සෙසු සියලු සම්පත් දන් දෙන යාගයට මේ විශේෂ වචනයකි.
පුරිසමෙත්ථ මෙධන්ති බාධෙන්තීති පුරිසමෙධො. චතූහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස සද්ධිංභූමියා අස්සමෙධෙ වුත්තවිභවදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං.
මෙහි දී පුරුෂයකු යාගයට පුදති (මරති), පෙළති යන අරුතින් පුරිසමේධ නම් වෙයි. අති විශේෂ යාග සතරකින් යාග කළයුතු භූමිය ද සමග අශ්වමේධ යාගයේ දී කියන ලද සම්පත් දන් දෙන යාගයට මේ විශේෂ වචනයකි.
සම්මමෙත්ථ පාසන්ති ඛිපන්තීති සම්මාපාසො. යුගච්ඡිග්ගළෙ පවෙසනදණ්ඩකසඞ්ඛාතං සම්මං ඛිපිත්වා තස්ස පතිතොකාසෙ වෙදිං කත්වා සංහාරිමෙහි යූපාදීහි සරස්සතිනදියා නිමුග්ගොකාසතො පභුති පටිලොමං ගච්ඡන්තෙන යජිතබ්බස්ස සත්රයාගස්සෙතං අධිවචනං
මෙහි දී සම්මය හෙළති, වීසිකරති යන අරුතින් සම්මාපාස නම් වෙයි. වියගසේ සිදුරෙහි ඇතුල්කරන දඬුව නම් වූ සම්මය වීසිකොට එය වැටුණු තැන වේදිකාවක් තනා ගෙන යා හැකි යාග කණු ආදිය සමග සරස්වතී නදියෙහි ගිලුණු තැන් පටන් විරුද්ධ දිශාවට යන තැනැත්තා විසින් යැදිය යුතු සත්‍ර යාගයට මෙය විශේෂ වචනයකි.
වාජමෙත්ථ පිවන්තීති වාජපෙය්යො. එකෙන පරියඤ්ඤෙන සත්තරසහි පසූහි යජිතබ්බස්ස බෙළුවයූපස්ස සත්තරසකදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං.
මෙහි දී වාජ (පානයකි) පානය කරති යන අරුතින් වාජපෙය්‍ය නම් වෙයි. එක් විශේෂ යාගයකින් සතුන් දාහත්දෙනෙකුගෙන් යැදිය යුතු බෙලි දණ්ඩකින් කළ යාග කණුවක් ඇති දාහත දාහත බැගින් දන් දෙන යාගයට මෙය විශේෂ වචනයකි.
නත්ථි එත්ථ අග්ගළොති නිරග්ගළො. නවහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස සද්ධිං භූමියා පුරිසෙහි ච අස්සමෙධෙ වුත්තවිභවදක්ඛිණස්ස සබ්බමෙධපරියායනාමස්ස අස්සමෙධවිකප්පස්සෙතං අධිවචනං.
මෙහි අගුලක් නැත යන අරුතින් නිරග්ගල නම් වෙයි. අති විශේෂ යාග නවයකින් යැදිය යුතු භූමිය ද පුරුෂයන් ද සමග අශ්වමේධයෙහි කියන ලද සම්පත් දන්දෙන සබ්බමේධ යන පර්යාය නම් ඇති අශ්වමේධ විකල්පයකට මෙය විශේෂ වචනයකි.
චන්දප්පභාති චන්දප්පභාය. තාරගණාව සබ්බෙති යථා සබ්බෙපි තාරාගණා චන්දිමසොභාය සොළසිම්පි කලං නාග්ඝන්ති, එවං තෙ අස්සමෙධාදයො යඤ්ඤා මෙත්තචිත්තස්ස වුත්තලක්ඛණෙන සුභාවිතස්ස සොළසිම්පි කලං නානුභවන්ති, න පාපුණන්ති, නාග්ඝන්තීති අත්ථො.
චන්දප්පභා යනු සඳඑළියෙන්. තාරගණා ච සබ්බෙ යනු සියලුම තරු සමූහය සඳඑළියෙන් සොළොස් කලාවෙන් කලාවක්වත් නො වටින්නේ යම්සේ ද මෙසේ මේ අශ්වමේධාදී යාග, කියන ලද ලක්ෂණයෙන් මනාකොට භාවිත කරන ලද මෛත්‍රී සිතේ සොළොස් කලාවෙන් කලාවක්වත් අනුභව නොකරයි, නො පැමිණෙයි, නොවටී යන අර්ථයි.
ඉදානි අපරෙපි දිට්ඨධම්මිකසම්පරායිකෙ මෙත්තාභාවනාය ආනිසංසෙ දස්සෙතුං “යො න හන්තී”තිආදි වුත්තං. තත්ථ යොති මෙත්තාබ්රහ්මවිහාරභාවනානුයුත්තො පුග්ගලො. න හන්තීති තෙනෙව මෙත්තාභාවනානුභාවෙන දූරවික්ඛම්භිතබ්යාපාදතාය න කඤ්චි සත්තං හිංසති, ලෙඩ්ඩුදණ්ඩාදීහි න විබාධති වා. න ඝාතෙතීති පරං සමාදපෙත්වා න සත්තෙ හනාපෙති න විබාධාපෙති ච. න ජිනාතීති සාරම්භවිග්ගාහිකකථාදිවසෙන න කඤ්චි ජිනාති සාරම්භස්සෙව අභාවතො, ජානිකරණවසෙන වා අඩ්ඩකරණාදිනා න කඤ්චි ජිනාති. න ජාපයෙති පරෙපි පයොජෙත්වා පරෙසං ධනජානිං න කාරාපෙය්ය. මෙත්තංසොති මෙත්තාමයචිත්තකොට්ඨාසො, මෙත්තාය වා අංසො අවිජහනට්ඨෙන අවයවභූතොති මෙත්තංසො. සබ්බභූතෙසූති සබ්බසත්තෙසු. තතො එව වෙරං තස්ස න කෙනචීති අකුසලවෙරං තස්ස කෙනචිපි කාරණෙන නත්ථි, පුග්ගලවෙරසඞ්ඛාතො විරොධො කෙනචි පුරිසෙන සද්ධිං තස්ස මෙත්තාවිහාරිස්ස නත්ථීති.
දැන් මෛත්‍රී භාවනාවේ මෙලොව පරලොව අනිකුත් අනුසස් දැක්වීමට ‘යො න හන්ති’ යනාදිය වදාරන ලදී. එහි යො යනු මෛත්‍රී බ්‍රහ්මවිහාර භාවනාවෙහි යෙදුණු පුද්ගලයා. න හන්ති යනු එහෙයින්ම මෛත්‍රී භාවනානුභාවයෙන් බොහෝදුරට යටපත් කරන ලද ව්‍යාපාදය ඇති බැවින් කිසිදු සතෙකුට හිංසා නොකරයි. දඬුමුගුරු ආදියෙන් නො පෙළයි. න ජිනාති යනු එකට එක කිරීම, කලහයට තුඩුදෙන කථා කිරීම් ආදී වශයෙන් කිසිවක් නො දිනයි. එකට එක කිරීමක් නැති බැවින් විපත්තියක් කිරීම් වශයෙන් හෝ නඩුකීම් ආදියෙන් හෝ කිසිවක් දිනා නොගනියි. න ජාපයෙ යනු අන්‍යයන් යොදවා හෝ අනුන්ගේ ධනහානිය නොකරවන්නේය. මෙත්තං සො යනු මෛත්‍රී සිත් කොටස. මෛත්‍රියෙහි අංශය, දුරු නොකරන අර්ථයෙන් අවයවයක් වූයේ යන අරුතින් මෙත්තංසො නම් වේ. සබ්බභූතෙසු යනු සියලු සත්ත්වයන් කෙරෙහි එසේම. වෙරං තස්ස න කෙනචි කිසියම්ම කාරණයකින් ඔහුගේ අකුශල වෛරයක් නැත. පුද්ගල වෛර නම් වූ විරෝධයක් කිසියම්ම පුරුෂයකු සමග ඒ මෛත්‍රී විහාරී පුද්ගලයාගේ නැත.
එවමෙතස්මිං එකකනිපාතෙ පටිපාටියා තෙරසසු සුත්තෙසු සික්ඛාසුත්තද්වයෙ චාති පන්නරසසු සුත්තෙසු විවට්ටං කථිතං, නීවරණසුත්තං සංයොජනසුත්තං අප්පමාදසුත්තං අට්ඨිසඤ්චයසුත්තන්ති එතෙසු චතූසු සුත්තෙසු වට්ටවිවට්ටං කථිතං. ඉතරෙසු පන වට්ටමෙව කථිතන්ති.
මෙසේ මේ ඒකක නිපාතයෙහි පිළිවෙළින් මුලසිට ඇති සූත්‍ර දහතුන ද (පළමුවන වර්ගයේ සූත්‍ර 10+දෙවන වර්ගයෙන් මුල් සූත්‍ර 3 = 13), සේඛ සුත්‍ර දෙක ද (දෙවන වර්ගයේ 6 වන 7 වන සූත්‍ර දෙක) යන සූත්‍ර පසළොසෙහි (15) නිවන (විවට්ට) කියන ලදී. නීවරණ සූත්‍රය (දෙවන වර්ගයේ 4 වන සූත්‍රය), සංයෝජන සූත්‍රය (දෙවන වර්ගයේ 5 වන සූත්‍රය), අප්පමාද සූත්‍රය (තුන්වන වර්ගයේ 3 වන සූත්‍රය) අට්ඨි සඤ්චය සූත්‍රය (තුන්වන වර්ගයේ 4 වන සූත්‍රය) යන මේ සූත්‍ර හතරෙහි සසර හා නිවන (වට්ට-විවට්ට) කියන ලදී. ඉතිරි සූත්‍රවල (අටෙහි) සසර ම කියන ලදී.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පරමත්ථදීපනියා ඛුද්දකනිකාය-අට්ඨකථාය ඉතිවුත්තකස්ස එකකනිපාතවණ්ණනා නිට්ඨිතා.
පරමත්ථදීපනී බුද්දක නිකායට්ඨකථා ඉතිවුත්තකයේ ඒකක නිපාත වර්ණනාව නිමියේ ය.