යෙදුමෙන් කියවන්න

1. පඨමභික‍්ඛුසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. පඨමභික‍්ඛුසුත‍්තවණ‍්ණනා

1. පඨමභික්ඛු සූත්‍ර වර්ණනාව

දුකනිපාතස‍්ස පඨමෙ ද‍්වීහීති ගණනපරිච‍්ඡෙදො. ධම‍්මෙහීති පරිච‍්ඡින‍්නධම‍්මනිදස‍්සනං. ද‍්වීහි ධම‍්මෙහීති ද‍්වීහි අකුසලධම‍්මෙහි. සමන‍්නාගතොති යුත‍්තො. දිට‍්ඨෙව ධම‍්මෙති ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ. දුක‍්ඛං විහරතීති චතූසුපි ඉරියාපථෙසු කිලෙසදුක‍්ඛෙන චෙව කායිකචෙතසිකදුක‍්ඛෙන ච දුක‍්ඛං විහරති. සවිඝාතන‍්ති චිත‍්තූපඝාතෙන චෙව කායූපඝාතෙන ච සවිඝාතං. සඋපායාසන‍්ති කිලෙසූපායාසෙන චෙව සරීරඛෙදෙන ච බලවආයාසවසෙන සඋපායාසං. සපරිළාහන‍්ති කිලෙසපරිළාහෙන චෙව කායපරිළාහෙන ච සපරිළාහං. කායස‍්ස භෙදාති උපාදින‍්නක‍්ඛන්‍ධපරිච‍්චාගා. පරං මරණාති තදනන‍්තරං අභිනිබ‍්බත‍්තක‍්ඛන්‍ධග‍්ගහණෙ. අථ වා කායස‍්ස භෙදාති ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදා. පරං මරණාති චුතිතො උද‍්ධං. දුග‍්ගති පාටිකඞ‍්ඛාති දුග‍්ගතිසඞ‍්ඛාතානං චතුන‍්නං අපායානං අඤ‍්ඤතරා ගති ඉච‍්ඡිතබ‍්බා, අවස‍්සංභාවිනීති අත්‍ථො.

දුක නිපාතයෙහි ද්වීහි යනු ගණන වෙන්කිරිමයි. ධම්මෙහි යනු වෙන්කළ ධර්ම දැක්වීමයි. ද්වීහි ධම්මෙහි යනු අකුශල ධර්ම දෙකින්. සමන්නාගතො යනු යුක්ත වූයේ. දිට්ඨෙව ධම්මෙ යන මේ ආත්මභාවයෙහිම. දුක්‍ඛං විහරති යනු සතර ඉරියව්වෙහිදී කෙලෙස් දුකෙන් ද කායික චෛතසික දුකෙන් ද දුකසේ වාසය කරයි. සවිඝාතං යනු සිතේ අසහනයෙන් ද කයේ අසහනයෙන් ද අසහන සහිත වූ. සඋපායාසං යනු බලවත් වූ කෙලෙස් වෙහෙසින් ද සිරුර ගැන කලකිරීමෙන් ද බලවත් වෙහෙස වශයෙන් උපායාස සහිත වූ. සපරිළාහං යනු කෙලෙස්වලින් තැවීමෙන් ද කෙලෙස්වලින් දැවීමෙන් ද දාහය සහිත වූ. කායස්ස භෙදා යනු උපාදින්න ස්කන්ධ පරිත්‍යාගයෙන් පරම්මරණා යනු එයට අනතුරුව මතු උපන් ස්කන්ධයන් ගැනීමෙහි. නැතහොත් ‘කායස්ස භෙදා’ යනු ජීවිත ඉන්‍ද්‍රිය නැසීයාමෙන්. ‘පරම්මරණා’ යනු චුතියෙන් මතු. දුග්ගති පාටිකංඛා යනු දුගති නම් වූ සතර අපායන් අතුරෙන් එක්තරා ගතියක් (උපදින තැනක්) කැමති විය යුතුය. ඒකාන්තයෙන් සිදුවන දෙයක් යන අර්ථයි.

අගුත‍්තද‍්වාරොති අපිහිතද‍්වාරො. කත්‍ථ පන අගුත‍්තද‍්වාරොති ආහ “ඉන්‍ද්‍රියෙසූ”ති. තෙන මනච‍්ඡට‍්ඨානං ඉන්‍ද්‍රියානං අසංවරමාහ. පටිග‍්ගහණපරිභොගවසෙන භොජනෙ මත‍්තං න ජානාතීති භොජනෙ අමත‍්තඤ‍්ඤූ. “ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතාය භොජනෙ අමත‍්තඤ‍්ඤුතායා”තිපි පඨන‍්ති.

අගුත්තද්වාරො යනු නොවසන ලද (නොරක්නා ලද) දොරටු ඇත්තේ. නොවසන ලද දොරටු ඇත්තේ කොතැන්හිද? ඉන්‍ද්‍රියෙසු ඉන්‍ද්‍රියයන්හි යයි කීහ. එයින් මනස සයවැනි කොට ඇති ඉඳුරන්ගේ අසංවරය කීහ. පිළිගැනීම් පරිභෝග කිරීම් වශයෙන් භෝජනයෙහි ප්‍රමාණය නොදනියි යන අරුතින් භොජනෙ අමත්තඤ්ඤූ නම් වේ. ‘ඉන්‍ද්‍රියෙසු අගුත්තද්වාරතාය භොජනෙ අමත්තඤ්ඤුතාය’ යනුවෙන් ද කියති.

කථං ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතා, කථං වා ගුත‍්තද‍්වාරතාති? කිඤ‍්චාපි හි චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරො වා අසංවරො වා නත්‍ථි. න හි චක‍්ඛුපසාදං නිස‍්සාය සති වා මුට‍්ඨස‍්සච‍්චං වා උප‍්පජ‍්ජති. අපිච යදා රූපාරම‍්මණං චක‍්ඛුස‍්ස ආපාථං ආගච‍්ඡති, තදා භවඞ‍්ගෙ ද‍්වික‍්ඛත‍්තුං උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධෙ කිරියාමනොධාතු ආවජ‍්ජනකිච‍්චං සාධයමානා උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣති, තතො චක‍්ඛුවිඤ‍්ඤාණං දස‍්සනකිච‍්චං, තතො විපාකමනොධාතු සම‍්පටිච‍්ඡනකිච‍්චං, තතො විපාකාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු සන‍්තීරණකිච‍්චං, තතො කිරියාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු වොට‍්ඨබ‍්බනකිච‍්චං සාධයමානා උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣති, තදනන‍්තරං ජවනං ජවති. තථාපි නෙව භවඞ‍්ගසමයෙ, න ආවජ‍්ජනාදීනං අඤ‍්ඤතරසමයෙ සංවරො වා අසංවරො වා අත්‍ථි, ජවනක‍්ඛණෙ පන සචෙ දුස‍්සීල්‍යං වා මුට‍්ඨස‍්සච‍්චං වා අඤ‍්ඤාණං වා අක‍්ඛන‍්ති වා කොසජ‍්ජං වා උප‍්පජ‍්ජති, අසංවරො හොති. එවං හොන‍්තොපි සො “චක‍්ඛුද‍්වාරෙ අසංවරො”ති වුච‍්චති.

ඉඳුරන්හි නොරක්නා ලද දොර ඇති බව කෙසේ ද? රක්නා ලද දොර ඇති බව කෙසේද? චක්ඛුන්‍ද්‍රියයෙහි සංවරයක් හෝ අසංවරයක් හෝ නැත. චක්ඛුප්පසාදය නිසා සිහිය හෝ මුළා වූ සිහිය හෝ නූපදී. නමුත් රූප අරමුණක් ඇස හමුවට ආ විට භවංගය දෙවරක් ඉපිද නැතිවී ගිය කල්හි කිරිය මනෝධාතුව ආවර්ජන කෘත්‍යය සිදුකරමින් ඉපිද නැතිවෙයි. ඉන්පසු චක්ඛු විඤ්ඤාණය දර්ශන කෘත්‍යය ද ඉන්පසු විපාක මනෝධාතුව සම්පටිච්ඡන කෘත්‍යය ද ඉන්පසු විපාක අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව සන්තීරණ කෘත්‍යය ද ඉන්පසු කිරිය අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව වොත්ථපන කෘත්‍යය ද සිදුකරමින් ඉපිද නැතිවෙයි. එයට අනතුරුව ජවන් සිත දුවයි. ඒ භවංග කාලයෙහි හෝ ආවර්ජනාදීන් අතුරෙන් එකක් ඇතිවන කාලයෙහි හෝ සංවරයක් හෝ අසංවරයක් නොවේ. ජවනය ඇතිවන මොහොතෙහි ඉදින් දුසිල්බවක් හෝ සිහිමුළාවීමක් හෝ නොදැනීමක් හෝ නො ඉවසීමක් හෝ කුසීත බවක් හෝ උපදියි නම් අසංවර වෙයි. මෙසේ වන්නා වූ එය චක්ඛුද්වාරයෙහි අසංවරය යි කියනු ලැබේ.

කස‍්මා? යස‍්මා තස‍්මිං සති ද‍්වාරම‍්පි අගුත‍්තං හොති භවඞ‍්ගම‍්පි ආවජ‍්ජනාදීනි වීථිචිත‍්තානිපි. යථා කිං? යථා නගරෙ චතූසු ද‍්වාරෙසු අසංවුතෙසු කිඤ‍්චාපි අන‍්තොඝරද‍්වාරකොට‍්ඨකගබ‍්භාදයො සුසංවුතා තථාපි අන‍්තොනගරෙ සබ‍්බං භණ‍්ඩං අරක‍්ඛිතං අගොපිතමෙව හොති. නගරද‍්වාරෙහි පවිසිත්‍වා චොරා යදිච‍්ඡන‍්ති, තං හරෙය්‍යුං. එවමෙව ජවනෙ දුස‍්සීල්‍යාදීසු උප‍්පන‍්නෙසු තස‍්මිං අසංවරෙ සතිද‍්වාරම‍්පි අගුත‍්තං හොති, භවඞ‍්ගම‍්පි ආවජ‍්ජනාදීනි වීථිචිත‍්තානිපි. තස‍්මිං පන අසති ජවනෙ සීලාදීසු උප‍්පන‍්නෙසු ද‍්වාරම‍්පි ගුත‍්තං හොති භවඞ‍්ගම‍්පි ආවජ‍්ජනාදීනි වීථිචිත‍්තානිපි. යථා කිං? යථා නගරද‍්වාරෙසු සංවුතෙසු කිඤ‍්චාපි අන‍්තොඝරද‍්වාරාදයො අසංවුතා, තථාපි අන‍්තොනගරෙ සබ‍්බං භණ‍්ඩං සුරක‍්ඛිතං සුගොපිතමෙව හොති. නගරද‍්වාරෙසු හි පිහිතෙසු චොරානං පවෙසො නත්‍ථි. එවමෙව ජවනෙ සීලාදීසු උප‍්පන‍්නෙසු ද‍්වාරම‍්පි ගුත‍්තං හොති, භවඞ‍්ගම‍්පි, ආවජ‍්ජනාදීනි වීථිචිත‍්තානිපි. තස‍්මා ජවනක‍්ඛණෙ උප‍්පජ‍්ජමානොපි “චක‍්ඛුද‍්වාරෙ සංවරො”ති වුච‍්චති. සෙසද‍්වාරෙසුපි එසෙව නයො. එවං ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතා, ගුත‍්තද‍්වාරතා ච වෙදිතබ‍්බා.

කුමක් නිසාද? එසේ ඇති කල්හි ද්වාරය ද භවංගය ද ආවර්ජනාදී වීථි සිත් ද නොරක්නා ලද්දේ වෙයි. කෙසේ ද? නුවර සිවු දොරටු නොවැසූ කල්හි නිවෙස්වල දොරවල්, කොටු, ගර්භ ආදිය වසන ලද්දේ වුවද ඇතුල්නුවර සියලු භාණ්ඩ නො රක්නා ලද්දේ ම වෙයි. නුවර දොරටුවලින් සොරු ඇතුල් වී කැමති දෙයක් රැගෙන යති. එසේ ම ජවනයෙහි දුසිල් බව ආදිය උපන්කල්හි එය අසංවර වූ කල්හි (චක්ඛු ආදී) ද්වාරය ද භවංගය ද ආවර්ජනය ද වීථි සිත් ද නොරක්නා ලද්දේ වෙයි. එය නැතිකල්හි ජවනයෙහි ශීලාදිය උපන් කල්හි ද්වාරය ද භවංගය ද ආවර්ජනාදී වීථි සිත් ද රක්නා ලද්දේ වෙයි. කෙසේද? නුවර දොරවල් වැසූ කල්හි ඇතුල්නුවර යමක් නොවැසුවද ඇතුල්නුවර සියලු භාණ්ඩ සුරක්‍ෂිතම වෙයි. නුවර දොරවල් වැසූ කල්හි සොරුන්ගේ පිවිසීමක් නැත. එසේම ජවනයෙහි ශීලාදිය උපන්කල්හි ද්වාරය ද භවංගය ද ආවර්ජනාදී වීථිසිත් ද රක්නා ලද්දේ වෙයි. එහෙයින් ජවන් උපදින මොහොතෙහි උපදින සිල්වත් බව ආදිය චක්ඛු ද්වාරයෙහි සංවරයයි කියනු ලැබේ. අනිත් ද්වාරයන්හි ද මේ ක්‍රමයමයි. මෙසේ ඉන්‍ද්‍රියයන්හි නොරක්නා ලද දොරටු ඇති බව ද රක්නා ලද දොරටු ඇති බව ද දතයුතුය.

කථං පන භොජනෙ අමත‍්තඤ‍්ඤූ, කථං වා මත‍්තඤ‍්ඤූති ? යො හි පුග‍්ගලො මහිච‍්ඡො හුත්‍වා පටිග‍්ගහණෙ මත‍්තං න ජානාති. මහිච‍්ඡපුග‍්ගලො හි යථා නාම කච‍්ඡපුටවාණිජො පිළන්‍ධනභණ‍්ඩකං හත්‍ථෙන ගහෙත්‍වා උච‍්ඡඞ‍්ගෙපි පක‍්ඛිපිතබ‍්බයුත‍්තකං පක‍්ඛිපිත්‍වා මහාජනස‍්ස පස‍්සන‍්තස‍්සෙව “අසුකං ගණ‍්හථ, අසුකං ගණ‍්හථා”ති මුඛෙන උග‍්ඝොසෙති, එවමෙව අප‍්පමත‍්තකම‍්පි අත‍්තනො සීලං වා ගන්‍ථං වා ධුතඞ‍්ගගුණං වා අන‍්තමසො අරඤ‍්ඤවාසමත‍්තකම‍්පි මහාජනස‍්ස ජානන‍්තස‍්සෙව සම‍්භාවෙති, සම‍්භාවෙත්‍වා ච පන සකටෙහිපි උපනීතෙ පච‍්චයෙ “අල”න‍්ති අවත්‍වා පටිග‍්ගණ‍්හාති. තයො හි පූරෙතුං න සක‍්කා අග‍්ගි උපාදානෙන, සමුද‍්දො උදකෙන, මහිච‍්ඡො පච‍්චයෙහීති –

භෝජනයෙහි පමණ නොදැනීම කෙසේද? පමණ දැනීම කෙසේද? යම් පුද්ගලයෙක් බොහෝ ආසා ඇත්තෙක් (මහිච්ඡ) වී පිළිගැනීමෙහි පමණ නො දනියි. යම්සේ කච්ඡපුට වෙළෙන්දා ආභරණ පොදිය අතින් ගෙන උකුලෙහි දමාගත යුතු දෙයක් එහි ද දමාගෙන මහජනයා දකිද්දීම අසවල් දේ ගන්න, අසවල් දේ ගන්නැයි මුඛයෙන් ඝෝෂා කරයි ද එසේම මහිච්ඡ පුද්ගලයා අල්පමාත්‍ර වූ ද තමාගේ සීලයක් හෝ (උගත්) ග්‍රන්ථයක් හෝ ධුතංගයක් හෝ යටත් පිරිසෙයින් වනයෙහි වාසය කිරීම් මාත්‍රයකුදු දන්නා වූම මහජනයාට වර්ණනා කරයි. එසේ වර්ණනා කොට ගැල් (කරත්ත) වලින් ගෙනවුත් පිළිගන්වන ලද ප්‍රත්‍යයන් ඇති නොකියා පිළිගනියි. තුනක් පුරවන්නට නො හැකිය, ගින්න දර (ඉන්ධන) වලින් ද සමුද්‍රය ජලයෙන් ද මහිච්ඡ පුද්ගලයා (ආහාරපානාදී) ප්‍රත්‍යයෙන් ද පිරවිය නොහැක.

“අග‍්ගික‍්ඛන්‍ධො සමුද‍්දො ච, මහිච‍්ඡො චාපි පුග‍්ගලො; බහුකෙ පච‍්චයෙ දින‍්නෙ, තයොපෙතෙ න පූරයෙති”.

අග්ගික්‍ඛන්‍ධො සමුද්දො ච මහිච්ඡො චාපි පුග්ගලො බහුකෙ පච්චයෙ දින්නෙ තයො පෙතෙ න පූරයෙ

ගිනිකඳ ද සමුදුර ද මහිච්ඡ පුද්ගලයා ද යන මේ තිදෙනා බොහෝ ප්‍රත්‍යයන් දුන්කල්හි ද නො පිරේ.

මහිච‍්ඡපුග‍්ගලො හි විජාතමාතුයාපි මනං ගණ‍්හිතුං න සක‍්කොති. එවරූපො හි අනුප‍්පන‍්නං ලාභං න උප‍්පාදෙති, උප‍්පන‍්නලාභතො ච පරිහායති. එවං තාව පටිග‍්ගහණෙ අමත‍්තඤ‍්ඤූ හොති. යො පන ධම‍්මෙන සමෙන ලද‍්ධම‍්පි ආහාරං ගධිතො මුච‍්ඡිතො අජ‍්ඣොපන‍්නො අනාදීනවදස‍්සාවී අනිස‍්සරණපඤ‍්ඤො ආහරහත්‍ථකඅලංසාටකතත්‍ථවට‍්ටකකාකමාසකභුත‍්තවමිතකබ්‍රාහ‍්මණානං අඤ‍්ඤතරො විය අයොනිසො අනුපායෙන යාවදත්‍ථං උදරාවදෙහකං පරිභුඤ‍්ජිත්‍වා සෙය්‍යසුඛං පස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො විහරති. අයං පරිභොගෙ අමත‍්තඤ‍්ඤූ නාම.

මහිච්ඡ පුද්ගලයා වැදූ මවගේ ද සිත ගැනීමට නොහැකි වෙයි. මෙබඳු තැනැත්තා නූපන් ලාභය නො උපදවයි. උපන් ලාභයෙන් ද පිරිහෙයි. මෙසේ පිළිගැනීමෙහි පමණ නො දන්නේ වෙයි. යමෙක් දැහැමින් සෙමෙන් (සාමයෙන්) ලැබුවා වූද ආහාරය ගිජු වූයේ, මුසපත් වූයේ ආසාවට බැසගත්තේ, දොස් නො දක්නේ ඡන්‍දරාගයෙන් යුක්ත වූයේ (අනිස්සරණ පඤ්ඤො) ආහාරහත්‍ථක, අලංසාටක, තත්‍රවට්ටක, කාකමාසක, භුත්තවමිතක යන බමුණන් අතරින් එකක- මෙන් අනුවණින්, වැරදි අයුරින් බඩතදවන කල් ඇතිතාක් ඇතිතාක් අනුභවකොට ඇඳ පුටුවල හිඳීමෙන් හා ඍතුවලින් ලැබෙන සැපය ද (සෙය්‍යසුඛං), නිදීමේදී වම් පැත්තට දකුණු පැත්තට හැරීමෙන් ලැබෙන සැපය ද (පස්සසුඛං), නිදි සුවයද (මිද්ධසුඛං) අනුව යෙදී වාසය කරයි. මේ පරිභෝගයෙහි පමණ නොදැනීමයි.

යො පන “යදිපි දෙය්‍යධම‍්මො බහු හොති, දායකො අප‍්පං දාතුකාමො, දායකස‍්ස වසෙන අප‍්පං ගණ‍්හාති. දෙය්‍යධම‍්මො අප‍්පො, දායකො බහුං දාතුකාමො, දෙය්‍යධම‍්මස‍්ස වසෙන අප‍්පං ගණ‍්හාති. දෙය්‍යධම‍්මො බහු, දායකොපි බහුං දාතුකාමො, අත‍්තනො ථාමං ඤත්‍වා පමාණයුත‍්තමෙව ගණ‍්හාතී”ති එවං වුත‍්තස‍්ස පටිග‍්ගහණෙ පමාණජානනස‍්ස චෙව, “පටිසඞ‍්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය, න මදායා”තිආදිනා (ධ· ස· 1355) “ලද‍්ධඤ‍්ච පිණ‍්ඩපාතං අගධිතො අමුච‍්ඡිතො අනජ‍්ඣොපන‍්නො ආදීනවදස‍්සාවී නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජතී”ති ච ආදිනා නයෙන වුත‍්තස‍්ස පච‍්චවෙක‍්ඛිත්‍වා පටිසඞ‍්ඛානපඤ‍්ඤාය ජානිත්‍වා ආහාරපරිභුඤ‍්ජනසඞ‍්ඛාතස‍්ස පරිභොගෙ පමාණජානනස‍්ස ච වසෙන භොජනෙ මත‍්තඤ‍්ඤූ හොති, අයං භොජනෙ මත‍්තඤ‍්ඤූ නාම. එවං භොජනෙ අමත‍්තඤ‍්ඤුතා මත‍්තඤ‍්ඤුතා ච හොතීති වෙදිතබ‍්බං.

යමෙක් ඉදින් දියයුතු දේ බොහෝ ඇතත් දායකයා ටිකක් දෙනු කැමතිනම් දායකයාගේ අදහස් වශයෙන් ටිකක් ගනියි. දියයුතු දේ ටිකක් ඇතත් දායකයා බොහෝ දෙනු කැමැත්තේ නම් දියයුතු දේ ගැන සැලකීම් වශයෙන් ටිකක් ගනියි. දිය යුතු දේ බොහෝ ඇත. දායකයා ද බොහෝ දෙනු කැමැත්තේ නම් තමන්ගේ ශක්තිය දැන ප්‍රමාණයෙන් යුක්තවම ගනියි යනුවෙන් ද මෙසේ කියන ලද පිළිගැනීමේ පමණ දැනීම් වශයෙන් ද ‘පටිසංඛායොනිසො ආහාරං ආහාරෙති නෙවදවාය න මදාය’ ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් ආහාර අනුභව කරයි. සෙල්ලම් පිණිස නොවේ. මද වැඩීම පිණිස නොවේ’ ආදී වශයෙන් ලැබුවා වූද පිණ්ඩපාතය ගිජු නොවූයේ මුසපත් නොවූයේ, ආසාවට බැස නොගන්නේ දොස් දක්නේ ඡන්‍දරාගයෙන් තොරවූයේ (නිස්සරණ පඤ්ඤො) අනුභව කරයි යනාදී වශයෙන් කියන ලද අයුරින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රත්‍යවේක්‍ෂා (ඥානයෙන් දැන ආහාර අනුභව කිරීම් සංඛ්‍යාත පරිභෝගයෙහි පමණ දැනගැනීම් වශයෙන් ද භෝජනයෙහි පමණ දන්නා බව යන මෙය භෝජනයෙහි පමණ දැනීම නම් වේ. මෙසේ භෝජනයෙහි පමණ නොදන්නා බව ද පමණ දන්නා බව ද වේයයි දතයුතුය.

ගාථාසු පන චක‍්ඛුන‍්තිආදීසු චක‍්ඛතීති චක‍්ඛු, රූපං අස‍්සාදෙති, සමවිසමං ආචික‍්ඛන‍්තං විය හොතීති වා අත්‍ථො. සුණාතීති සොතං. ඝායතීති ඝානං. ජීවිතනිමිත‍්තං ආහාරරසො ජීවිතං, තං අව‍්හායතීති ජිව‍්හා. කුච‍්ඡිතානං ආයොති කායො. මනතෙ විජානාතීති මනො. පොරාණා පනාහු මුනාතීති මනො, නාළියා මිනමානො විය මහාතුලාය ධාරයමානො විය ච ආරම‍්මණං විජානාතීති අත්‍ථො. එවං තාවෙත්‍ථ පදත්‍ථො වෙදිතබ‍්බො.

ගාථාවන්හි - චක්‍ඛුං යනාදියෙහි ආශ්වාදනය කරයි යන අරුතින් චක්‍ඛු නමි, (චක්‍ඛතීති චක්‍ඛු). රූපය ආශ්වාදනය කරයි, සමවිසම කියන්නාක් මෙන් වෙයි යන අර්ථයි. අසයි යන අරුතින් සොතං නමි. ආඝ්‍රාණය කරයි යන අරුතින් ඝාණං නමි. ජීවිත නිමිත්ත වූ ආහාර රසය ජීවිතයයි. එය කැඳවයි යන අරුතින් ජිව්හා නමි. කුත්සිත (සාසව) ධර්මයන්ට උත්පත්තිස්ථාන වූයේ කාය නමි. මනියි, දැනගනියි යන අරුතින් මන (මනුතෙ විජානාතීති මනො) නම් වෙයි. පැරැන්නෝ වනාහි දැනගනියි යන අරුතින් ‘මන’ (මුනාතීති මනො) යයි කීහ. නැලියෙන් මනින්නාක් මෙන් මහා තරාදියක දරන්නාක් මෙන් අරමුණ දැනගනියි යන අර්ථයි. මෙසේ පළමුකොට මෙහි පදාර්ථය දතයුතුය.

භාවත්‍ථතො පන දුවිධං චක‍්ඛු – මංසචක‍්ඛු ච පඤ‍්ඤාචක‍්ඛු ච. තෙසු බුද‍්ධචක‍්ඛු, සමන‍්තචක‍්ඛු, ඤාණචක‍්ඛු, දිබ‍්බචක‍්ඛු, ධම‍්මචක‍්ඛූති පඤ‍්චවිධං පඤ‍්ඤාචක‍්ඛු. තත්‍ථ “අද‍්දසං ඛො අහං, භික‍්ඛවෙ, බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙන‍්තො”ති (ම· නි· 1.283) ඉදං බුද‍්ධචක‍්ඛු නාම. “සමන‍්තචක‍්ඛු වුච‍්චති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණ”න‍්ති (චූළව· ධොතකමාණවපුච‍්ඡානිද‍්දෙස 32) ඉදං සමන‍්තචක‍්ඛු නාම. “චක‍්ඛුං උදපාදී”ති (සං· නි· 5.1081; මහාව· 15) ඉදං ඤාණචක‍්ඛු නාම. “අද‍්දසං ඛො අහං, භික‍්ඛවෙ, දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙනා”ති (ම· නි· 1.284) ඉදං දිබ‍්බචක‍්ඛු නාම. “විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදී”ති (ම· නි· 2.395; මහාව· 16) ඉදං හෙට‍්ඨිමමග‍්ගත‍්තයසඞ‍්ඛාතං ධම‍්මචක‍්ඛු නාම.

භාව අර්ථ වශයෙන් මාංශ චක්‍ෂු ප්‍රඥා චක්‍ෂු යනුවෙන් ඇස (චක්‍ෂු) දෙපරිදිය. ඒ අතරින් ප්‍රඥා චක්‍ෂුව 1. බුද්ධ චක්‍ඛු 2. සමන්ත චක්‍ඛු, 3. ඤාණ චක්‍ඛු, 4. දිබ්බ චක්‍ඛු, 5. ධම්ම චක්‍ඛු යනුවෙන් පස් ආකාරය. එහි ‘අද්දසං ඛො අහං භික්‍ඛවෙ බුද්ධචක්‍ඛුනා ලොකං වොලොකෙන්තො’ ‘මහණෙනි, බුදු ඇසින් ලොව දෙස බලන්නා වූ මම දුටුවෙමි’ යන මෙය බුද්ධචක්ඛු (බුදු ඇස) නමි. ‘සමන්තචක්‍ඛු වුච්චති සබ්බඤ්ඤුතඤාණං’ ‘සර්වඥතා ඥානය සමන්තචක්‍ඛු යයි කියනු ලැබේ.’ මෙය සමන්තචක්ඛු (සමතැස) නමි. ‘චක්‍ඛුං උදපාදි’ ‘ඇස පහළවිය’ යන මෙය ඤාණචක්ඛු (නුවණැස) නමි. ‘අද්දසං ඛො අහං භික්‍ඛවෙ දිබ්බෙන චක්‍ඛුනා විසුද්ධෙන’ ‘මහණෙනි, පිරිසිදු වූ දිවැසින් මම දුටුවෙමි’ යන මෙය දිබ්බචක්‍ඛු නමි. ‘විරජං වීතමලං ධම්මචක්‍ඛුං උදපාදි’ ‘කෙලෙස් දූවිලි නැති පහවූ කෙලෙස්මල ඇති දහම් ඇස පහළවිය’ යන මෙය පහළ මාර්ග තුන නම් වූ (සෝවාන්-සකදාගාමි-අනාගාමි මාර්ග) ධම්මචක්ඛු නමි.

මංසචක‍්ඛුපි දුවිධං – සසම‍්භාරචක‍්ඛු, පසාදචක‍්ඛූති. තත්‍ථ ය‍්වායං අක‍්ඛිකූපකෙ පතිට‍්ඨිතො හෙට‍්ඨා අක‍්ඛිකූපකට‍්ඨිකෙන, උපරි භමුකට‍්ඨිකෙන, උභතො අක‍්ඛිකූටෙහි, අන‍්තො මත්‍ථලුඞ‍්ගෙන, බහිද‍්ධා අක‍්ඛිලොමෙහි පරිච‍්ඡින‍්නො මංසපිණ‍්ඩො, සඞ‍්ඛෙපතො චතස‍්සො ධාතුයො – වණ‍්ණො, ගන්‍ධො, රසො, ඔජාසම‍්භවො සණ‍්ඨානං ජීවිතං භාවො කායපසාදො චක‍්ඛුපසාදොති චුද‍්දස සම‍්භාරා. විත්‍ථාරතො චතස‍්සො ධාතුයො තංනිස‍්සිතා වණ‍්ණගන්‍ධරසඔජාසණ‍්ඨානසම‍්භවාති ඉමානි දස චතුසමුට‍්ඨානිකත‍්තා චත‍්තාලීසං හොන‍්ති, ජීවිතං භාවො කායපසාදො චක‍්ඛුපසාදොති චත‍්තාරි එකන‍්තකම‍්මසමුට‍්ඨානෙවාති ඉමෙසං චතුචත‍්තාලීසාය රූපානං වසෙන චතුචත‍්තාලීස සම‍්භාරා. යං ලොකෙ “සෙතං වට‍්ටං පුථුලං විසටං විපුලං චක‍්ඛූ”ති සඤ‍්ජානන‍්තො න චක‍්ඛුං සඤ‍්ජානාති, වත්‍ථුං චක‍්ඛුතො සඤ‍්ජානාති, යො මංසපිණ‍්ඩො අක‍්ඛිකූපකෙ පතිට‍්ඨිතො න‍්හාරුසුත‍්තකෙන මත්‍ථලුඞ‍්ගෙන ආබද‍්ධො, යත්‍ථ සෙතම‍්පි අත්‍ථි කණ‍්හම‍්පි ලොහිතකම‍්පි පථවීපි ආපොපි තෙජොපි වායොපි. යං සෙම‍්හුස‍්සදත‍්තා සෙතං, පිත‍්තුස‍්සදත‍්තා කණ‍්හං, රුහිරුස‍්සදත‍්තා ලොහිතකං, පථවුස‍්සදත‍්තා පත්‍ථද‍්ධං, ආපුස‍්සදත‍්තා පග‍්ඝරති, තෙජුස‍්සදත‍්තා පරිඩය‍්හති, වායුස‍්සදත‍්තා සම‍්භමති, ඉදං සසම‍්භාරචක‍්ඛු නාම. යො පන එත්‍ථ සිතො එත්‍ථ පටිබද‍්ධො චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො, ඉදං පසාදචක‍්ඛු නාම. ඉදඤ‍්හි චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං යථාරහං වත්‍ථුද‍්වාරභාවෙන පවත‍්තති.

සසම්භාර චක්ඛු, පසාද චක්ඛු යනුවෙන් මාංශ චක්ෂුවද දෙපරිදිය. එහි ඇස්වළෙහි පිහිටි, යටින් ඇස්වළෙහි ඇති ඇටයෙන් ද ඉහළින් බැම ඇටයෙන් ද දෙපසින් ඇස් මුදුනෙන් ද ඇතුළත හිස්මොළයෙන් ද බැහැර ඇස් ලොම්වලින් ද සීමා වූ මස්පිඬුව, කෙටියෙන් (1.පඨවි, 2.ආපෝ, 3.ජෝ, 4.වායෝ යන) ධාතු සතර 5.වර්ණ, 6.ගන්ධ, 7.රස, 8.ඕජා, 9.සම්භව, 10.සණ්ඨාන, 11.ජීවිත, 12.(ස්ත්‍රී-පුරුෂ) භාව, 13.කාය ප්‍රසාදය, 14.චක්ඛුප්පසාදය යන රාශි දාහතර, විස්තර වශයෙන් ධාතු හතර, එය ඇසුරුකොට ඇති, 5.වර්ණ, 6.ගන්ධ, 7.රස, 8.ඕජා, 9.සණ්ඨාන, 10.සම්භව යන මේ දහය (කර්ම -චිත්ත-සෘතු -ආහාර යන) සතරින් හටගන්නා බැවින් (චතුසමුට්ඨානිකත්තා) හතළිහක් වෙයි. ජීවිත (ඉන්‍ද්‍රිය) (ස්ත්‍රී-පුරුෂ) භාව. කායප්‍රසාදය, චක්ඛුප්පසාදය යන සතර ඒකාන්තයෙන් කර්මයෙන් හටගන්නා ඒවාය යන මේ (40+4) හතළිස් හතරක් වූ රූපයන්ගේ වශයෙන් හතළිස් හතර රාශියක් වෙයි. සුදු වූ වට වූ පළල් වූ ප්‍රකට වූ මහත් වූ යමක් ඇසයයි හඳුනන්නා වූ ලෝවැසි තෙම ඇස නො හඳුනයි. (චක්‍ෂු) වස්තුව ඇස වශයෙන් හඳුනයි. යම්තැනක සුදු වූද, කළු වූද, ලේ පැහැවූද, පඨවි වූද, ආපෝ වූද, තේජෝ වූ ද වායෝ වූද සෙම බහුල බැවින් සුදු වූද, පිත බහුල බැවින් කළු වූ ද ලේ බහුල බැවින් ලේ පැහැවූද පඨවිය බහුල බැවින් තද වූද ආපෝ බහුල බැවින් වැගිරෙන්නා වූ ද තේජෝ බහුල බැවින් දැවෙන්නා වූ ද වායෝ බහුල බැවින් තැනින් තැනට යන්නා වූ ද ඇස්වලෙහි පිහිටියා වූ නහරවැලින් හිස්මොළයෙහි බැඳුණු යම් මස් පිඬුවක් වේද, මේ ‘සසම්භාර චක්ඛු’ නම් වේ. මෙහි සිටි මෙහි බැඳුණු සතරමහාභූත ඇසුරුකොට ඇති ප්‍රසාදය පසාදචක්ඛු නම් වේ. මෙය චක්ඛු විඤ්ඤාණාදීන්ට සුදුසු පරිදි වස්තු (වත්‍ථු) භාවයෙන් ද ද්වාර භාවයෙන් ද පවතී.

සොතාදීසුපි සොතං දිබ‍්බසොතං, මංසසොතන‍්ති දුවිධං. එත්‍ථ “දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණාතී”ති ඉදං දිබ‍්බසොතං නාම. මංසසොතං පන සසම‍්භාරසොතං පසාදසොතන‍්ති දුවිධන‍්තිආදි සබ‍්බං චක‍්ඛුම‍්හි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං, තථා ඝානජිව‍්හා. කායො පන චොපනකායො, කරජකායො, සමූහකායො, පසාදකායොතිආදිනා බහුවිධො. තත්‍ථ –

සෝත (කණ) ආදියෙහි ද දිබ්බසෝත, මංසසෝත යනුවෙන් කණ දෙපරිදිය. ‘දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුසකයා උභො සද්දෙ සුණාති’ ‘පිරිසිදු වූ මිනිස් කණ ඉක්මවා සිටියා වූ දිවකනින් (දෙව් - මිනිස් වශයෙන් ද දුර-ළඟ වශයෙන් ද) ශබ්ද දෙක අසයි’ යන මෙය දිබ්බසෝත (දිව්‍යශ්‍රෝත) යයි. සසම්භාර සෝතය ද පසාද සෝතය ද යන මාංශශ්‍රෝතය මුලින් ඇස පිළිබඳව කියන ලද අයුරින්ම සියල්ල දතයුතුය. නාසය, දිව පිළිබඳවද එසේමය. කය වනාහි චෝපනකාය, කරජකාය, සමූහකාය, පසාදකාය ආදී වශයෙන් බොහෝ ආකාර වේ. එහි -

“කායෙන සංවුතා ධීරා, අථො වාචාය සංවුතා”ති. (ධ· ප· 234) –

‘කායෙන සංවුතා ධීරා අථො වාචාය සංවුතා’ යම් නුවණැත්තෙක් කායද්වාරයෙන් සංවර ද නැවත වචනයෙන් සංවරද’ යන

අයං චොපනකායො නාම. “ඉමම‍්හා කායා අඤ‍්ඤං කායං අභිනිම‍්මිනාතී”ති (දී· නි· 1.236; පටි· ම· 3.14) අයං කරජකායො නාම. සමූහකායො පන විඤ‍්ඤාණාදිසමූහවසෙන අනෙකවිධො ආගතො. තථා හි “ඡ ඉමෙ, ආවුසො, විඤ‍්ඤාණකායා”තිආදීසු (ම· නි· 1.101) විඤ‍්ඤාණසමූහො වුත‍්තො. “ඡ ඵස‍්සකායා”තිආදීසු (දී· නි· 3.323; ම· නි· 1.98) ඵස‍්සාදිසමූහො. තථා “කායපස‍්සද‍්ධි කායලහුතා”තිආදීසු (ධ· ස· 114) වෙදනාක‍්ඛන්‍ධාදයො. “ඉධෙකච‍්චො පථවිකායං අනිච‍්චතො අනුපස‍්සති, ආපොකායං තෙජොකායං වායොකායං කෙසකායං ලොමකාය”න‍්තිආදීසු (පටි· ම· 3.35) පථවාදිසමූහො. “කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා”ති (අ· නි· 3.16) අයං පසාදකායො. ඉධාපි පසාදකායො වෙදිතබ‍්බො. සො හි කායවිඤ‍්ඤාණාදීනං යථාරහං වත්‍ථුද‍්වාරභාවෙන පවත‍්තති. මනොති පන කිඤ‍්චාපි සබ‍්බං විඤ‍්ඤාණං වුච‍්චති, තථාපි ද‍්වාරභාවස‍්ස ඉධාධිප‍්පෙතත‍්තා ද‍්වාරභූතං සාවජ‍්ජනං භවඞ‍්ගං වෙදිතබ‍්බං.

මෙය චෝපනකාය නම් වේ. ‘ඉම්මහා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති’ ‘මේ කයින් අනිත් කයක් මවයි’ යන මෙය කරජකාය (දෙමව්පියන් නිසා හටගත් කය) නම් වේ. සමූහ කය වනාහි විඤ්ඤාණාදි සමූහ වශයෙන් නොයෙක් ආකාර ඇත්තේය. එය එසේමය. ‘ඡ ඉමෙ ආවුසො විඤ්ඤාණකායා’ ‘ඇවැත්නි, මේ විඤ්ඤාණ කාය හයකි යනාදියෙහි විඤ්ඤාණ සමූහය කියන ලදී. ‘ඡ ඵස්සකායා’ ‘ස්පර්ශ කාය හයකි’ යනාදියෙහි ඵස්ස සමූහය කියන ලදී. එසේම ‘කාය පස්සද්ධි කායලහුතා’ චෛතසිකයන්ගේ සංසිඳීම, චෛතසිකයගේ සැහැල්ලු බව’ යනාදියෙහි වේදනා ස්කන්ධය කියන ලදී. ‘ඉධෙ කච්චො පඨවිකායං අනිච්චතො අනුපස්සති ආපොකායං තෙජොකායං වායොකායං කෙසකායං ලොමකායං’ ‘ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් පඨවි කය, ආපෝ කය, තේජෝ කය, වායෝ කය, කෙස් කය, ලොම් කය, අනිත්‍ය වශයෙන් විමසා බලයි යනාදියෙහි පඨවි ආදී සමූහය කියන ලදී. ‘කායෙන වොට්ඨබ්බං ඵුසිත්‍වා’ යන මෙය පසාදකාය නම් වේ. මේ සූත්‍රයෙහි දී පසාදකාය (ප්‍රසාදකය) දතයුතුය. එම කය, කාය විඤ්ඤාණාදියට සුදුසු පරිදි වස්තු භාවයෙන් ද ද්වාර භාවයෙන් ද පවතියි. මනස වනාහි සියලු විඤ්ඤාණය කියනු ලැබේ. එසේම මෙහි ද්වාරභාවය අදහස් කරන ලද බැවින් ද්වාර වූ ආවර්ජනා සහිත භවංගය දතයුතුය.

එතානි යස‍්ස ද‍්වාරානි අගුත‍්තානි ච භික‍්ඛුනොති යස‍්ස භික‍්ඛුනො එතානි මනච‍්ඡට‍්ඨානි ද‍්වාරානි සතිවොස‍්සග‍්ගෙන පමාදං ආපන‍්නත‍්තා සතිකවාටෙන අපිහිතානි. භොජනම‍්හි…පෙ… අධිගච‍්ඡතීති සො භික‍්ඛු වුත‍්තනයෙන භොජනෙ අමත‍්තඤ‍්ඤූ ඉන්‍ද්‍රියෙසු ච සංවරරහිතො දිට‍්ඨධම‍්මිකඤ‍්ච රොගාදිවසෙන, සම‍්පරායිකඤ‍්ච දුග‍්ගතිපරියාපන‍්නං කායදුක‍්ඛං රාගාදිකිලෙසසන‍්තාපවසෙන, ඉච‍්ඡාවිඝාතවසෙන ච චෙතොදුක‍්ඛන‍්ති සබ‍්බථාපි දුක‍්ඛමෙව අධිගච‍්ඡති පාපුණාති. යස‍්මා චෙතදෙවං, තස‍්මා දුවිධෙනපි දුක‍්ඛග‍්ගිනා ඉධලොකෙ ච පරලොකෙ ච ඩය‍්හමානෙන කායෙන ඩය‍්හමානෙන චෙතසා දිවා වා යදි වා රත‍්තිං නිච‍්චකාලමෙව තාදිසො පුග‍්ගලො දුක‍්ඛමෙව විහරති, න තස‍්ස සුඛවිහාරස‍්ස සම‍්භවො, වට‍්ටදුක‍්ඛානතික‍්කමෙ පන වත‍්තබ‍්බමෙව නත්‍ථීති.

එතානි යස්ස ද්වාරානි අගුත්තානීධ භික්‍ඛුනො යම් භික්‍ෂුවකට මනස හයවැනි කොට ඇති මේ දොරටු සය සිහිය අතහැරිමෙන් ප්‍රමාදයට පැමිණි බැවින් සිහිය නමැති කවුළුවෙන් නොවසන ලද්දේ. භොජනම්හි -පෙ- අධිගච්ඡති ඒ භික්‍ෂුව කියන ලද අයුරින් භෝජනයෙහි පමණ නොදන්නේ ඉඳුරන්හි ද සංවර නැත්තේ රාගාදි වශයෙන් මේ ජීවිතයේ දී ද පරලොව දුගතියට ඇතුළත් වූ කායික දුකද රාගාදී කෙලෙසුන් කෙරෙහි තැවීම් වශයෙන් ද ආශාවන් විනාශවීම් වශයෙන් සිතේ දුකදැයි හැම අයුරින්ම දුක්ම ලබයි දුකටම පැමිණෙයි. මෙය මෙසේ හෙයින් දෙපරිදි වූ දුක් ගින්නෙන් මෙලොව ද පරලොව ද ඩය්හමානෙන කායෙන ඩය්හමානෙන චෙතසා දිවා වා යදිවා රත්තිං දැවෙන කයින් දැවෙන සිතින් දවල් ද රෑ ද නිතරම තාදිසො එබඳු පුද්ගලයා දුක්‍ඛං විහරති දුකසේ වසයි. ඔහුට සැප විහරණයක හටගැන්මක් නැත. සසර දුක්වලින් ඉවත්ව යාමෙහි කිවයුත්තක් නැත.

පඨමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමු සූත්‍ර වර්ණනාවයි.