පඨමභික්ඛුසුත්තං
2. 1. 1.
2. 1. 1.
[පඨමභික්ඛුසුත්තං]
[පඨමභික්ඛු සූත්‍රය]
28. වුත්තං හෙතං භගවතා වුත්තමරහතා’ති මෙ සුතං:
28. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරරදුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා. කතමෙහි ද්වීහි? ඉන්ද්රියෙසු අගුත්තද්වාරතාය ච භොජනෙ අමත්තඤ්ඤුතාය ච. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා”ති.
1. මහණෙනි, අකුශලධර්ම දෙකෙකින් යුක්තවූ මහණ තෙමේ මේ අත් බව්හිම (කායචිත්ත) පීඩාසහිත වූ, දැඩි වෙහෙස සහිත වූ, දැවීම් සහිත වූ දුකින් යුක්ත ව වෙසෙයි. ඔහු විසින් මරණින් මතු දුගතිය කැමැති විය යුතු වෙයි. කවර ධර්ම දෙකෙකින් ද යත්: ඉන්ද්රිය විෂයයෙහි අසංවර බැවිනුත්, අහරෙහි පමණ නොදන්නා බැවිනුත් ය. මහණෙනි, මේ අකුශල ධර්ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත් බව්හිම පීඩා සහිත වූ, දැඩි වෙහෙස සහිත වූ, දැවීම් සහිත වූ දුකින් යුතු ව වෙසෙයි. මරණින් මතු (ඔහු විසින්) දුගතිය කැමැති විය යුතු වෙයි.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
මෙ කරුණ බුදුහු වදාළහ. එහි ලා මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ.
2. චක්ඛු සොතඤ්ච ඝානඤ්ච ජිව්හා කායො අථො මනො එතානි යස්ස ද්වාරානි අගුත්තානීධ භික්ඛුනො
2-3. “මේ ශාසනයෙහි යම් කිසි මහණකුගේ ඇස කණ නැහැය දිව කය සිත යන මේ දෙරවල් නොවසන ලද ද, අහරෙහි පමණ නොදන්නා වූ ඉන්ද්රියයන්හි නොවැසූ දොර ඇති ඒ මහණ තෙමේ කය සිත පිළිබඳ සර්වප්රකාර දුකට පැමිණේ.
3. භොජනම්හි අමත්තඤ්ඤූ ඉන්ද්රියෙසු අසංවුතො කායදුක්ඛං චෙතොදුක්ඛං දුක්ඛං සො අධිගච්ඡති
4. ඩය්හමානෙන කායෙන ඩය්හමානෙන චෙතසා දිවා වා යදි වා රත්තිං දුක්ඛං විහරති තාදිසො’ති.
4. එබඳු පුද්ගල තෙමේ කායික චෛතසික දුක් නැමැති ගින්නෙන් දැවෙමින් දිවා රෑ දෙක්හි ම දුක සේ වාසය කෙරෙයි.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්ත්ථය ද වදාරණ ලදී. මා විසින් මෙසේ අසන ලදී.