යෙදුමෙන් කියවන්න

දුතියභික‍්ඛු සුත‍්තං

2. 1. 2.

2. 1. 2.

[දුතියභික‍්ඛු සුත‍්තං]

[දුතියභික්ඛු සූත්‍රය]

29. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

29. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. ද‍්වීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු දිට‍්ඨෙව ධම‍්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස‍්ස භෙදා පරම‍්මරණා සුගති පාටිකඞ‍්ඛා. කතමෙහි ද‍්වීහි? ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතාය ච භොජනෙ මත‍්තඤ‍්ඤුතාය ච. ඉමෙහි ඛො භික‍්ඛවෙ ද‍්වීහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු දිට‍්ඨෙව ධම‍්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස‍්ස භෙදා පරම‍්මරණා සුගති පාටිකඞ‍්ඛා ති.

1. මහණෙනි, (කුශල) ධර්‍ම දෙකෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායචිත්ත) පීඩා නැති, දැඩි වෙහෙස නැති, නන්වැදෑරුම් දැවීම් නැති සැපයෙන් යුක්ත ව වෙසෙයි. මරණින් මතු ඔහු විසින් සුගතිය කැමැති විය යුතු වෙයි. කවර (කුශල) ධර්‍ම දෙකෙකින් ද යත්: ඉඳුරන්හි සංවරයෙනුත්, අහරෙහි පමණ දන්නා බැවිනුත් ය. මහණෙනි, මේ ධර්‍ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායචිත්ත) පීඩා නැති, දැඩි වෙහෙස නැති, නන්වැදෑරුම් දැවීම් නැති සැපයෙන් යුතු ව වෙසෙයි. (ඔහු විසින්) මරණින් මතු සුගතිය කැමැති විය යුතු වේ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. චක‍්ඛු සොතඤ‍්ච ඝානඤ‍්ච ජිව‍්හා කායො අථො මනො. එතානි යස‍්ස ද‍්වාරානි සුගුත‍්තානීධ භික‍්ඛුනො.

2-3. “මේ ශාසනයෙහි යම් කිසි භික්‍ෂූවකගේ ඇස කණ නැහැය දිව කය සිත යන මේ සදොර වසන ලද ද, අහරෙහි පමණ දන්නා වු, ඉන්‍ද්‍රියසංවරයෙන් යුක්ත වූ ඒ භික්‍ෂු තෙමේ කය සිත පිළිබඳ සර්‍වප්‍රකාර සැපයට පැමිණේ.

3. භොජනම‍්හි ච මත‍්තඤ‍්ඤූ ඉන්‍ද්‍රියෙසු ච සංවුතො කායසුඛං චෙතොසුඛං සුඛං සො අධිගච‍්ඡති.

4. අඩය‍්හමානෙන කායෙන අඩය‍්හමානෙන චෙතසා දිවා වා යදි වා රත‍්තිං සුඛං විහරති තාදිසො’ති.

4. එබඳු පුද්ගල තෙමේ කායික චෛතසික ගින්නෙන් නො දැවෙන්නේ දිවා රෑ දෙක්හි ම සැප සේ වාසය කෙරෙයි.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ අර්‍ත්‍ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.