යෙදුමෙන් කියවන්න

තපනීය සුත‍්තං

2. 1. 3.

2. 1. 3.

[තපනීය සුත‍්තං]

[තපනීය සූත්‍රය]

30. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං.

30. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:

1. ද‍්වෙ මෙ භික‍්ඛවෙ තපනීයා. කතමෙ ද‍්වෙ? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අකතකල්‍යාණො හොති අකතකුසලො අකතභීරුත‍්තානො, කතපාපො කතලුද‍්දො කතකිබ‍්බිසො. සො අකතං මෙ කල්‍යාණන‍්ති’පි තප‍්පති. කතං මෙ පාපන‍්ති’පි තප‍්පති. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා තපනීයා’ති.

1. මහණෙනි, (දෙලොව ම) පසුතැවිල්ල ඇති කරණ (පසුතැවිල්ලට හේතු වූ) මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක් ද යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් තෙමේ නොකරණ ලද කලණ දම් ඇත්තේ, නොකරණ ලද කුසල් ඇත්තේ, නොකරණ ලද පුණ්‍ය කර්‍ම ඇත්තේ, කරණ ලද පාපකර්‍ම ඇත්තේ, කරණ ලද රෞද්‍ර කර්‍ම ඇත්තේ, කරණ ලද කිලිටි කම් ඇත්තේ වේ ද, හෙතෙමේ ‘මා විසින් පින් නොකරණ ලදැ’යි ද තැවෙයි. ‘පව් කරණ ලදැ’යි ද තැවෙයි. මහණෙනි, පසුතැවිල්ලට හේතු වූ මේ ධර්‍මයෝ දෙදෙන වෙත්.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි ලා මේ අර්‍ත්‍ථය ම (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. කායදුච‍්චරිතං කත්‍වා වචීදුච‍්චරිතානි ච මනොදුච‍්චරිතං කත්‍වා යඤ‍්චඤ‍්ඤං දොසසඤ‍්හිතං.

2-3. “ඒ අඥාන පුද්ගල තෙමේ කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත හා (කර්‍මපථභාවයට නොගිය) වෙනත් අකුසල් ද කොට, කුසල් නො කොට, බොහෝ අකුසල් කොට, කාබුන් මරණින් මතු අපායෙහි උපදී.”

3. අකත්‍වා කුසලං කම‍්මං කත්‍වානාකුසලං බහුං කායස‍්ස භෙදා දුප‍්පඤ‍්ඤො නිරයං සො උපපජ‍්ජතීති.

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.