අතපනීය සුත්තං
2. 1. 4.
2. 1. 4.
[අතපනීය සුත්තං]
[අතපනීය සූත්‍රය]
31. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං:
31. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී:
1. ද්වෙ’ මෙ භික්ඛවෙ ධම්මා අතපනීයා. කතමෙ ද්වෙ? ඉධ භික්ඛවෙ එකච්චො කතකල්යාණො හොති කතකුසලො කතභීරුත්තාණො, අකතපාපො අකතලුද්දො අකතකිබ්බිසො. සො කතං මෙ කල්යාණන්ති’පි න තප්පති. ‘අකතං මෙ පාපන්ති’පි න තප්පති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා අතපනීයා’ති.
1. මහණෙනි, පසුතැවිල්ල ඇති නො කරණ (පසුතැවිල්ලට හේතු නොවන්නා වූ) මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක් ද යත්: මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් කරණ ලද කලණ දම් ඇත්තේ, කරණ ලද කුසල් ඇත්තේ, කරණ ලද පුණ්යකර්ම ඇත්තේ, නොකරණ ලද පාපකර්ම ඇත්තේ, නොකරණ ලද රෞද්‍ර කර්ම ඇත්තේ, නොකරණ ලද කිලිටි කම් ඇත්තේ වේ ද, හෙ තෙමේ ‘මා විසින් පින් කරණ ලදැ’යි ද නො තැවෙයි. ‘මා විසින් පව් නොකරණ ලදැ’යි ද නො තැවෙයි. මහණෙනි, පසුතැවිල්ල ඇති නොකරණ මේ ධර්මයෝ දෙදෙන වෙත්.
එතමත්ථං භගවා අවොච තත්ථෙතං ඉති වුච්චති:
භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි ලා මේ අර්ත්ථය ම (ගාථා වශයෙන්) මෙසේ ද කියනු ලැබේ:
2. “කායදුච්චරිතං හිත්වා වචීදුච්චරිතානි ච මනොදුච්චරිතං හිත්වා යඤ්චඤ්ඤං දොසසඤ්හිතං
2. “ඒ ප්‍රාඥ පුද්ගල තෙමේ කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත හා වෙනත් සදොස් දැ ද (අකුසල්) හැර පියා,
3. අකත්වා’ කුසලං කම්මං කත්වාන කුසලං බහුං කායස්ස භෙදා සප්පඤ්ඤො සග්ගං සො උපපජ්ජතී”ති.
3. අකුසල් නොකොට, බොහෝ කුසල් කොට, මරණින් මතු සුගතියෙහි උපදී.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි.