පාපකසීල සුත්තං
2. 1. 5.
2. 1. 5.
[පාපකසීල සුත්තං]
[පාපක සීල සූත්‍රය]
32. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
32. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි ද්වීහි? පාපකෙන ච සීලෙන පාපිකාය ච දිට්ඨියා. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’ති.
1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වු පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් නිරයෙහි උපදී. කවර නම් කරුණු දෙකෙකින් ද යත්: ලාමක වූ ශීලයෙන් ද ලාමක වූ දෘෂ්ටියෙන් ද යන දෙකෙනි. මහණෙනි, මෙ කරුණු දෙකින් යුක්ත වූ පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් නිරයෙහි උපදී.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “පාපකෙන ච සීලෙන පාපිකාය ච දිට්ඨියා එතෙහි ද්වීහි ධම්මෙහි යො සමන්නාගතො නරො කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සො උපපජ්ජතී”ති.
2. “ලාමක වූ ශීලයෙන් ද ලාමක වූ දෘෂ්ටියෙන් ද යන මේ කරුණු දෙකින් යුක්ත වූ යම් මනුෂ්‍යයෙක් වේ ද, ඒ අඥාන තෙමේ කාබුන් මරණින් මතු නරකයෙහි උපදී.”
අයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
මේ අර්ත්ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.