භද්දකසීල සුත්තං
2. 1. 6.
2. 1. 6.
[භද්දකසීල සුත්තං]
[භද්දක සීල සූත්‍රය]
33. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
33. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි ද්වීහි: භද්දකෙන ච සීලෙන භද්දිකාය ච දිට්ඨියා. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වු පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් ස්වර්ගයෙහි උපදී. කවර නම් කරුණු දෙකෙකින් ද යත්: යහපත් ශීලයෙන් ද, යහපත් දෘෂ්ටියෙන් ද (යන දෙකෙනි.) මහණෙනි, මෙ කරුණු දෙකින් යුක්ත වූ පුද්ගල තෙමේ ගෙණ හැර සිටවූවක් සෙයින් ස්වර්ගයෙහි උපදී.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
බුදුහු මෙ කරුණ වදාළ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “භද්දකෙන ච සීලෙන භද්දිකාය ච දිට්ඨියා එතෙහි ද්වීහි ධම්මෙහි, යො සමන්නාගතො නරො කායස්ස භෙදා සප්පඤ්ඤො, සග්ගං සො උපපජ්ජතී”ති.
2. “යහපත් වූ ශීලයෙන් ද යහපත් වූ දෘෂ්ටියෙන් ද, යන මේ කරුණු දෙකින් යුක්ත වූ යම් මනුෂ්‍යයෙක් වේ ද, ඒ නුවණැති පුද්ගල තෙමේ මරණින් මතු ස්වර්ගයෙහි උපදී.”
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මේ අර්ත්ථය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.