යෙදුමෙන් කියවන්න

අනාතාපී සුත‍්තං

2. 1. 7.

2. 1. 7.

[අනාතාපී සුත‍්තං]

[ආනාතාපී සූත්‍රය]

34. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.

34. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි. මා විසින් මෙසේ අසන ලදි:

1. අනාතාපී භික‍්ඛවෙ භික‍්ඛු අනොත‍්තාපී අභබ‍්බො සම‍්බොධාය, අභබ‍්බො නිබ‍්බානාය, අභබ‍්බො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය. ආතාපී ච ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඔත‍්තාපී භබ‍්බො සම‍්බොධාය, භබ‍්බො නිබ‍්බානාය, භබ‍්බො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමායා’ති.

1. මහණෙනි, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් තොර වූ, (කුසීත වූ) පවට බිය නැති මහණ තෙමේ ආර්‍ය්‍යමාර්‍ගාධිගමයට සුදුස්සෙක් නො වේ. නිර්‍වාණාධිගමයට සුදුස්සෙක් නො වේ. රහත් පලයට පැමිණීමට සුදුස්සෙක් නො වේ. මහණෙනි, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පවට බිය ඇති මහණ තෙමේ ආර්‍ය්‍යමාර්‍ගාධිගමයට සුදුස්සෙක් වේ. නිර්‍වාණාධිගමයට සුදුස්සෙක් වේ. අර්‍හත්ඵලාධිගමයට සුදුස්සෙක් වේ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මෙ කරුණ බුදුහු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “අනාතාපී අනොත‍්තාපී කුසීතො හීනවීරියො යො ථීනමිද‍්ධබහුලො අහිරීකො අනාදරො අභබ‍්බො තාදිසො භික‍්ඛු ඵුට‍්ඨුං සම‍්බොධිමුත‍්තමං.

2. කෙලෙස් තවන වීර්‍ය්‍ය නැත්තා වූ, පවට බිය නොවන සුලු වූ, කුසීත වූ, වීර්‍ය්‍යය නැති, ථීන-මිද්ධය බහුල කොට ඇති, ලජ්ජා නැති, මනා පිළිවෙත්හි ආදරයක් නැති යම් මහණෙක් වේ ද, හෙ තෙමේ උතුම් වූ අර්‍හත්‍වය ලබන්ට සුදුස්සෙක් නො වේ.

3. යො ච සතිමා නිපකො ඣායී ආතාපී ඔත‍්තාපී ච අප‍්පමත‍්තො සංයොජනං ජාතිජරාය ඡෙත්‍වා ඉධෙව සම‍්බොධිමනුත‍්තරං ඵුසෙ.

3. යම් කිසි මහණෙක් මනා සිහියෙන් යුක්ත වූයේ, ප්‍රඥා ඇත්තේ, ධ්‍යාන වඩන සුලු වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, පවට බිය වන සුලු වූයේ, කමටහන් වැඩීමෙහි පමා නොවූයේ, ජාතිජරා සංයෝජන ධර්‍මයන් සිඳ මේ අත්බැව්හි ම උතුම් රහත්මඟ නුවණ ලබන්නේ ය.

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.

මේ අර්‍ත්‍ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.