පඨම ජනකුහන සුත්තං
2. 1. 8.
2. 1. 8.
[පඨම ජනකුහන සුත්තං]
[ප්‍රථම ජනකුහන සූත්‍රය]
35. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
35. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. නයිදං භික්ඛවෙ බ්රහ්මචරියං වුස්සති ජනකුහනත්ථං ජනලපනත්ථං න ලාභසක්කාරසිලොකානිසංසත්ථං ‘ඉති මං ජනො ජානාතූ’ති. අථ ඛො ඉදං භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති සංවරත්ථඤ්ච පහානත්ථඤ්චාති.
1. මහණෙනි, මේ මාර්ගබ්රහ්මචර්ය්යය (නොහොත් ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය) ‘ජන තෙමේ මා මෙසේ දනීවා’යි ජනයා විස්මය පත් කරණු පිණිස, ජනයා ලවා සිය ගුණ කියවනු පිණිස, ලාභසත්කාරකීර්ති සඞ්ඛ්‍යාත අනුසස් පිණිස නො වසනු ලැබේ. මහණෙනි, වැලිදු මේ බ්‍රහ්මචර්‍ය්‍යය සංවරය පිණිස ද ක්ලේශප්‍රහාණය පිණිස ද වසනු ලැබේ.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
බුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “සංවරත්ථං පහානත්ථං බ්රහ්මචරියං අනීතිහං අදෙසයි සො භගවා නිබ්බාණොගධගාමිනං.
2. ඒ භාග්‍යවතුන් වහන්සේ සංවරය පිණිස ද, ප්රහාණය පිණිස ද, උපද්‍රව රහිත වූ, නිවන් නමැති ප්‍රතිෂ්ඨාවට පමුණුවන බ්‍රහ්මචර්‍ය්‍යය වදාළ සේක.
3. එස මග්ගො මහත්තෙහි අනුයාතො මහෙසිභි. යෙ යෙ තං පටිපජ්ජන්ති යථා බුද්ධෙන දෙසිතං දුක්ඛස්සන්තං කරිස්සන්ති සත්ථුසාසනකාරිනො”ති.
3. මේ මාර්ගය උදාර අදහස් ඇති මහාත්මයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය. බුදුරදුන් විසින් දේශනා කරණ ලද පරිදි යම් කෙනෙක් මේ බ්‍රහ්මචර්‍ය්‍යය පිළිපදිත් ද, ශාස්තෘශාසනය කරන්නා වු (ඔහු තුමූ) සසර දුක් කෙළවර කරන්නාහ.
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මෙ කරුණ බුදුහු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.