8. පඨම ජනකුහන සුත්තවණ්ණනා අට්ඨකථා
8. පඨම ජනකුහන සුත්තවණ්ණනා
8. ප්‍රථම ජනකුහන සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ නයිදන්ති එත්ථ නඉති පටිසෙධෙ නිපාතො, තස්ස “වුස්සතී”ති ඉමිනා සම්බන්ධො, යකාරො පදසන්ධිකරො. ඉදං-සද්දො “එකමිදාහං, භික්ඛවෙ, සමයං උක්කට්ඨායං විහරාමි සුභගවනෙ සාලරාජමූලෙ”තිආදීසු (ම· නි· 1.501) නිපාතමත්තං. “ඉදං ඛො තං, භික්ඛවෙ, අප්පමත්තකං ඔරමත්තකං සීලමත්තක”න්තිආදීසු (දී· නි· 1.27) යථාවුත්තෙ ආසන්නපච්චක්ඛෙ ආගතො.
අටවන සූත්‍රයෙහි නයිදං යන මෙහි ‘න’ යනු ප්‍රතික්ෂේප කිරිමෙහි නිපාතය යි. එයට (න කාරයට) ‘වුස්සති’ යන මේ පදයෙන් සම්බන්ධය ඇතිවෙයි. ‘ය’ කාරය පද සන්ධි කරයි. ‘ඉදං’ ශබ්දය ‘එකමිදාහං භික්ඛවෙ සමයං උක්කට්ඨායං විහරාමි සුභගවනෙ සාලරාජමූලෙ’ ‘මහණෙනි, මම එක් කලෙක උක්කට්ඨා නුවර සුභග වනයෙහි සාලරාජ මූලයෙහි වාසය කරමි’ යනාදියෙහි (එකං-ඉදං-අහං) නිපාත මාත්‍රයකි. ‘ඉදං ඛො තං භික්ඛවෙ අප්පමත්තකං ඔරමත්තකං සීලමත්තකං’ ‘මහණනි, (තථාගතයන්ගේ ගුණ කියන පෘථග්ජන තෙමේ යමකින් එය කියන්නේ නම්) මේ (ඔහු කියන) ඒ ගුණය මද වූ සුළු වූ සිල් පමණක්ම වූ එකකි’ යනාදියෙහි කියන ලද පරිදි ආසන්න ප්රත්යක්ෂයෙහි ආයේය.
“ඉදඤ්හි තං ජෙතවනං, ඉසිසඞ්ඝනිසෙවිතං; ආවුත්ථං ධම්මරාජෙන, පීතිසඤ්ජනනං මමා”ති. –
‘ඉදං හි තං ජෙතවනං ඉසිසංඝ නිසෙවිතං ආවුත්ථං ධම්ම රාජෙන පීති සංජනනං මම’
‘භික්ෂු සමූහය විසින් නිතර ඇසුරු කරන ලද ධර්මරාජයන් වූ බුදුරජාණන් වහන්සේ විසින් වාසය කරනලද ඒ මේ ජේතවනය මට ප්‍රීතිය උපදවන්නේමය’
ආදීසු (සං· නි· 1.48) වක්ඛමානෙ ආසන්නපච්චක්ඛෙ. ඉධාපි වක්ඛමානෙයෙව ආසන්නපච්චක්ඛෙ දට්ඨබ්බො.
යනාදියෙහි කියන්නා වූ ආසන්න ප්රත්යක්ෂයෙහි ආයේය. මෙහි ද කියන්නා වූ ම ආසන්න ප්රත්යක්ෂයෙහි යයි දතයුතුය.
බ්‍රහ්මචරිය-සද්දො –
බ්‍රහ්මචරිය ශබ්දය :
“කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං, කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො; ඉද්ධී ජුතී බලවීරියූපපත්ති, ඉදඤ්ච තෙ නාග මහාවිමානං.
1. කිං තෙ වතං කිං පන බ්රහ්මචරියං කිස්ස සුචින්නස්ස අයං විපාකො ඉද්ධී ජුතීබලවිරියුප්පත්තී අක්ඛාහි මෙ නාග මහාවිමානං
නාරජතුමනි, පෙර භවයෙහි කවර ව්රතයක් පුරුදු කළේ ද? කිනම් බ්‍රහ්මචර්යාවක් පුරුදු කළේ ද? මෙය කවර කර්මයක විපාකයක් ද? නාග සෘද්ධිය, නාග තේජස, කායික හා චෛතසික බලය හා නා ලොව උපතද මේ මහා විමානය ද කෙසේ ලද්දේ ද?
“අහඤ්ච භරියා ච මනුස්සලොකෙ, සද්ධා උභො දානපතී අහුම්හා; ඔපානභූතං මෙ ඝරං තදාසි, සන්තප්පිතා සමණබ්රාහ්මණා ච.
අහඤ්ච භරියා ච මනුස්සලොකෙ සද්ධා උභො දානපතී අහුම්හ ඔපානභූතං මෙ ඝරං තදාසි සන්තප්පිතා සමණ බ්රාහ්මණා ච
පඬිතුමනි, පෙර මිනිස් ලොව දී මම ද මාගේ බිරිඳ ද යන්න අපි දෙදෙනා ශ්‍රද්ධා ඇති දානපතීහු වීමු. මාගේ නිවෙස එකල පැන්හලක් වැන්න. අප විසින් මහණ බමුණෝ ද තෘප්තියට පත්කරන ලද්දෝය.
“තං මෙ වතං තං පන බ්රහ්මචරියං, තස්ස සුචිණ්ණස්ස අයං විපාකො; ඉද්ධී ජුතී බලවීරියූපපත්ති, ඉදඤ්ච මෙ ධීර මහාවිමාන”න්ති. (ජා· 2.22.1592-1593, 1595) –
තම්මෙවතං තං පන බ්රහ්මචරියං තස්ස සුචින්නස්ස අයං විපාකො ඉද්ධී ජුතීබල විරියුප්පත්ති ඉදඤ්ච ධීර මහා විමානං
පඬිතුමනි, එය මගේ ව්‍රත සමාදානයයි. එය මගේ බඹසරය. මනාසේ පුහුණු කළ කුශල කර්මයන් නිසා නාග ඍද්ධිය, නාග තේජස, නාග බලය කායික චෛතසික වීරිය නාලොව උපත සහ මාගේ මහා විමානය ද යන මේවා ලදිමි.
ඉමස්මිං පුණ්ණකජාතකෙ දානෙ ආගතො.
මේ පුණ්ණක (විධුර) ජාතකයෙහි දානයෙහි ආයේය.
“කෙන පාණි කාමදදො, කෙන පාණි මධුස්සවො; කෙන තෙ බ්රහ්මචරියෙන, පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති.
2. කෙන පානි කාමද්දො - කෙන පානි මධුස්සවො කෙන තෙ බ්රහ්මචරියෙන - පුඤ්ඤං පානිම්හි ඉජ්ඣති
කුමන පුණ්‍ය කර්මය හේතුවෙන් ඔබගේ අත කැමති සම්පත් දෙන්නේ වේද? කුමන හේතුවෙන් ඔබගේ අත කැමති වස්තු වගුරුවන්නේ වේද? ඔබගේ කුමන උතුම් හැසිරිමක හේතුවෙන් ඔබ අතෙහි පින්ඵල පහළ වේද?
“තෙන පාණි කාමදදො, තෙන පාණි මධුස්සවො; තෙන මෙ බ්රහ්මචරියෙන, පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣතී”ති. (පෙ· ව· 275, 277) –
තෙන පානි කාමද්දො - තෙන පානි මධුස්සවො තෙන මෙ බ්රහ්මචරියෙන - පුඤ්ඤං පානිම්හි ඉජ්ඣති
ඒ පුණ්‍ය කර්මය හේතුවෙන් මගේ අත කැමති සම්පත් දෙන්නේ වෙයි. ඒ හේතුවෙන් මගේ අත කැමති වස්තු වගුරුවන්නේ වෙයි. මාගේ ඒ උතුම් හැසිරීම හේතුවෙන් මා අතෙහි පින්ඵල පහළ වෙයි.
ඉමස්මිං අඞ්කුරපෙතවත්ථුස්මිං වෙය්යාවච්චෙ.
මේ අංකුර ප්‍රේත වස්තුවෙහි වතාවත් කිරීමෙහි ආයේය.
“ඉදං ඛො තං, භික්ඛවෙ, තිත්තිරියං නාම බ්රහ්මචරියං අහොසී”ති (චූළව· 311) ඉමස්මිං තිත්තිරජාතකෙ පඤ්චසික්ඛාපදසීලෙ.
3. ඉදං ඛො තං භික්ඛවෙ තිත්තිරියං නාම බ්රහ්මචරියං අහොසි ‘මහණෙනි, ඒ මේ තිත්තිරිය නම් වූ බ්‍රහ්මචර්යාවක් විය’ යනුවෙන් මේ තිත්තිර ජාතකයෙහි පන්සිල්හි ආයේය.
“තං ඛො පන, පඤ්චසිඛ, බ්රහ්මචරියං නෙව නිබ්බිදාය න විරාගාය…පෙ… යාවදෙව බ්රහ්මලොකූපපත්තියා”ති (දී· නි· 2.329) ඉමස්මිං මහාගොවින්දසුත්තෙ බ්රහ්මවිහාරෙ.
4. තං ඛො පන පඤ්චසිඛ බ්රහ්මචරියං නෙව නිබ්බිදාය න විරාගය - පෙ- යාවදෙව බ්රහ්මලොකූප්පත්තියා පංචසිඛ ඒ බ්‍රහ්මචර්යාව කළකිරීම පිණිස නොවේම ය, නො ඇලීම පිණිස නොවේම ය. බඹලොව ඉපදීම පිණිස ම පවතී යනුවෙන් මේ මහා ගෝවින්ද සූත්‍රයෙහි බ්‍රහ්ම විහාරයෙහි ආයේය.
“පරෙ අබ්රහ්මචාරී භවිස්සන්ති, මයමෙත්ථ බ්රහ්මචාරිනො භවිස්සාමා”ති (ම· නි· 1.83) සල්ලෙඛසුත්තෙ මෙථුනවිරතියං.
5. පරෙ අබ්රහ්මචාරී භවිස්සන්ති මයමෙත්ථ බ්රහ්මචාරිනො භවිස්සාම’ අන්‍යයෝ බඹසර නොහැසිරෙන්නෝ වන්නාහුය. අපි මෙහි බඹසර හැසිරෙන්නෝ වන්නෙමු’ යනුවෙන් සල්ලේඛ සූත්‍රයෙහි මෛථුනයෙන් වැළකීමෙහි ආයේය.
“මයඤ්ච භරියා නාතික්කමාම, අම්හෙ ච භරියා නාතික්කමන්ති; අඤ්ඤත්ර තාහි බ්රහ්මචරියං චරාම, තස්මා හි අම්හං දහරා න මීයරෙ”ති. (ජා· 1.10.97) –
6. මයඤ්ච භරියා නාතික්කමාම අම්හෙ ච භරියා නාතික්කමන්ති අඤ්ඤත්ර තාහි ච බ්රහ්මචරියං චරාම තස්මා හි අම්හං දහරා න මීයරෙ
අපි ද භාර්යාවන් ඉක්මවා නොයම්හ. භාර්යාවෝ ද අප ඉක්මවා නොයති. ඔවුන් හැර අනෙක් ස්ත්‍රීන් කෙරෙහි බඹසර හැසිරෙම්හ. එහෙයින් අපගේ බාලයෝ නොමැරෙති.
මහාධම්මපාලජාතකෙ සදාරසන්තොසෙ.
යනුවෙන් මහා ධම්මපාල ජාතකයෙහි තම බිරිඳගෙන් සතුටු වීමෙහි (සදාර සන්තොසයෙහි) ආයේය.
“අභිජානාමි ඛො පනාහං, සාරිපුත්ත, චතුරඞ්ගසමන්නාගතං බ්රහ්මචරියං චරිතා – තපස්සී සුදං හොමී”ති (ම· නි· 1.155) ලොමහංසසුත්තෙ වීරියෙ.
7. අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත චතුරංගසමන්නාගතං බ්රහ්මචරියං චරිතා තපස්සී සුදං හොමි ‘ශාරිපුත්‍රය, මම අංග සතරකින් යුක්ත වූ බඹසර හැසිරුනෙමි යි දනිමි. තපස් ඇත්තෙම් වෙමි.’ යනුවෙන් ලෝමහංස (මහාසීහනාද) සූත්‍රයෙහි වීර්යයෙහි ආයේය.
“හීනෙන බ්රහ්මචරියෙන, ඛත්තියෙ උපපජ්ජති; මජ්ඣිමෙන ච දෙවත්තං, උත්තමෙන විසුජ්ඣතී”ති. (ජා· 1.8.75) –
8. හීනෙන බ්රහ්මචරියෙන බත්තියෙ උපපජ්ජති මජ්ඣිමෙන ච දෙවත්තං උත්තමෙන විසුජ්ඣති
‘හීන වූ බ්‍රහ්මචර්යාවෙන් ක්ෂත්රියයන් කෙරෙහි උපදී. මධ්‍යම වූ බ්‍රහ්මචර්යාවෙන් දේවත්වයට එළඹේ. උතුම් බ්‍රහ්මචරියාවෙන් විශුද්ධියට පැමිණේ’
නිමිජාතකෙ අත්තදමනවසෙන කතෙ අට්ඨඞ්ගිකඋපොසථෙ.
යනුවෙන් නිමි ජාතකයෙහි ආත්මදමන වශයෙන් කළ අංග අටකින් යුත් උපෝසථයෙහි ආයේය.
“ඉදං ඛො පන, පඤ්චසිඛ, බ්රහ්මචරියං එකන්තනිබ්බිදාය විරාගාය…පෙ… අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො”ති (දී· නි· 2.329) මහාගොවින්දසුත්තෙයෙව අරියමග්ගෙ.
9. ඉදං ඛො පන පඤ්චසිඛ බ්රහ්මචරියං එකන්ත නිබ්බිදාය -පෙ- අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො ‘පංචසිඛ, මේ බඹසර වනාහි ඒකාන්තයෙන් කලකිරීම පිණිස - පෙ- මේ අරිඅටඟ මගමය.’ යනුවෙන් මහාගෝවින්ද සූත්‍රයෙහි ආර්ය මාර්ගයෙහි ආයේය.
“තයිදං බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිත”න්ති (දී· නි· 3.174) පාසාදිකසුත්තෙ සික්ඛත්තයසඞ්ගහෙ සකලස්මිං සාසනෙ. ඉධාපි අරියමග්ගෙ සාසනෙ ච වත්තති.
10. තයිදං බ්රහ්මචරියං ඉද්ධඤ්චෙ ව ඵිතඤ්ච විත්ථාරිකං බහුජඤ්ඤං පුථුභූතං යාවදෙව මනුස්සෙහි සුප්පකාසිතං ‘ඒ මේ බඹසර සමෘද්ධ ද, වෘද්ධියට පැමිණියේ ද, පැතිර ගියේ ද බොහෝදෙනා විසින් දන්නා ලද්දේ ද, පළල් වූයේ ද, නුවණැති සියලු දෙවි මිනිසුන් අතර මැනවින් ප්‍රකට වූයේ ද යනුවෙන් පාසාදික සූත්‍රයෙහි ශික්ෂා තුන ඇතුළත් වූ සියලු ශාසනයෙහි ආයේය. මෙහි ද ආර්ය මාර්ගයෙහි ද ශාසනයෙහි ද යන අර්ථවල පවතී.
වුස්සතීති වසීයති, චරීයතීති අත්ථො. ජනකුහනත්ථන්ති “අහො අය්යො සීලවා වත්තසම්පන්නො අප්පිච්ඡො සන්තුට්ඨො මහිද්ධිකො මහානුභාවො”තිආදිනා ජනස්ස සත්තලොකස්ස විම්හාපනත්ථං. ජනලපනත්ථන්ති “එවරූපස්ස නාම අය්යස්ස දින්නං මහප්ඵලං භවිස්සතී”ති පසන්නචිත්තෙහි “කෙනත්ථො, කිං ආහරීයතූ”ති මනුස්සෙහි වදාපනත්ථං. ලාභසක්කාරසිලොකානිසංසත්ථන්ති ය්වායං “ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු ‘ලාභී අස්සං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති, සීලෙ-ස්වෙවස්ස පරිපූරකාරී”ති (ම· නි· 1.65) සීලානිසංසභාවෙන වුත්තො චතුපච්චයලාභො, යො ච චතුන්නං පච්චයානං සක්කච්චදානසඞ්ඛාතො ආදරබහුමානගරුකරණසඞ්ඛාතො ච සක්කාරො, යො ච “සීලසම්පන්නො බහුස්සුතො සුතධරො ආරද්ධවීරියො”තිආදිනා නයෙන උග්ගතථුතිඝොසසඞ්ඛාතො සිලොකො බ්රහ්මචරියං චරන්තානං දිට්ඨධම්මිකො ආනිසංසො, තදත්ථං. ඉති මං ජනො ජානාතූති “එවං බ්රහ්මචරියවාසෙ සති ‘අයං සීලවා කල්යාණධම්මො’තිආදිනා මං ජනො ජානාතු සම්භාවෙතූ”ති අත්තනො සන්තගුණවසෙන සම්භාවනත්ථම්පි න ඉදං බ්රහ්මචරියං වුස්සතීති සම්බන්ධො.
වුස්සති යනු වාසය කරන්නේය, හැසිරෙන්නේය යන අර්ථයි. ජනකුහනත්ථං යනු අහෝ, (මේ) උත්තමයා සිල්වත්ය. වත්සම්පන්නය. අල්පේච්ඡය. ලද දෙයින් සතුටු වන්නේය. මහත් සෘද්ධි ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය යනාදී ක්‍රමයෙන් ජනයාට සත්ත්ව ලෝකයාට පුදුමය දැනවීම පිණිස. ජනලපනත්ථං යනු මෙබඳු උත්තමයෙකුට දෙන ලද්ද මහත්ඵල වන්නේයයි පැහැදුනු සිත් ඇත්තවුන් විසින් කුමකින් ප්‍රයෝජනයක් ඇත්ද, කුමක් ගෙන ආ යුතුද යනුවෙන් මිනිසුන් ලවා කියවීම පිණිස. ලාභ - සක්කාර සිලොකානිසංසත්ථං යනු ‘මහණෙනි, මහණෙක් තෙමේ චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පස - බෙහෙත් පිරිකර ලබන්නෙක් වන්නෙමියි කැමති වන්නේ නම් ශීලයම සම්පූර්ණ කරන්නෙක් වන්නේය’ යන සීලානිසංස භාවයෙන් කියන ලද සිවුපස ලාභයෙක් වේද, සිවුපසය සකස්කොට දීම නම් වූ ආදර - බහුමාන - ගරුකිරීම නම් වූ සත්කාරය යන යමක් වේද ‘මොහු සිල්වතෙකි, බහුශ්‍රැතයෙකි, ඇසූ දේ මතකයෙහි තබාගන්නෙකි, ඇරඹූ වීර්යය ඇත්තෙකි’ ආදී ක්‍රමයෙන් උස්ව නැගෙන ස්තුති ඝෝෂා නම් වූ යම් ශ්ලෝකයක් වේද මේවා බඹසර හැසිරෙන්නවුන්ගේ මෙලොව ආනිසංසය. ඒ සඳහා ‘ජනතාව මා ගැන මෙසේ දැනගනීවා’ යනුවෙන් මෙසේ බඹසර විසීමක් ඇති කල්හි, මොහු සිල්වතෙකි, යහපත් ධර්ම ඇත්තෙකි ආදී වශයෙන් ජනතාව මා ගැන දැනගනීවා, ගරුකරවා යනුවෙන් තමා තුළ ඇති ගුණ වශයෙන් බුහුමන් ලැබීම පිණිස ද යන කාරණය ‘නයිදං බ්රහ්මචරියං වුස්සති’ (මේ බඹසර වසනු නොලැබේ) යන්නට සම්බන්ධ කරගත යුතුය.
කෙචි පන “ජනකුහනත්ථන්ති පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස සතො සාමන්තජප්පනඉරියාපථනිස්සිතපච්චයපටිසෙවනසඞ්ඛාතෙන තිවිධෙන කුහනවත්ථුනා කුහනභාවෙන ජනස්ස විම්හාපනත්ථං. ජනලපනත්ථන්ති පාපිච්ඡස්සෙව සතො පච්චයත්ථං පරිකථොභාසාදිවසෙන ලපනභාවෙන උපලාපනභාවෙන වා ජනස්ස ලපනත්ථං. ලාභසක්කාරසිලොකානිසංසත්ථන්ති පාපිච්ඡස්සෙව සතො ලාභාදිගරුතාය ලාභසක්කාරසිලොකසඞ්ඛාතස්ස ආනිසංසඋදයස්ස නිප්ඵාදනත්ථං. ඉති මං ජනො ජානාතූති පාපිච්ඡස්සෙව සතො අසන්තගුණසම්භාවනාධිප්පායෙන ‘ඉති එවං මං ජනො ජානාතූ’ති න ඉදං බ්රහ්මචරියං වුස්සතී”ති එවමෙත්ථ අත්ථං වදන්ති. පුරිමොයෙව පන අත්ථො සාරතරො.
ඇතැමෙක් ‘ජනකුහනත්ථං’ යන්නෙන් පහත් ආසාවක් ඇති ආසාවන්ගෙන් මඬනා ලද තැනැත්තාගේ සාමන්න ජප්පන (තමා තුළ නැති ගුණ ඇති ලෙස කීමෙන් ජනතාව විස්මයට පත්කිරීම), ඉරියාපථ සන්නිස්සිත (යාම් ඊම් ආදියෙන් ජනතාව විස්මයට පත්කිරීම), පච්චය පටිසේධන (වැඩියෙන් ලබාගනු කැමතිව මුලදී ලැබෙන චීවරාදිය ප්‍රතික්ෂේප කිරීම) නම් වූ ත්‍රිවිධ කුහන වස්තුවෙන් කුහන භාවයෙන් ජනතාව විශ්මයට පත්කිරීම පිණිස යන කාරණය අදහස් කරන බවත් එසේ ‘ජනලපනත්ථං’ යන්නෙන් පහත් ආසාවක් ඇති තැනැත්තාගේ සිවුපසය පිණිස පරිකථා (අවශ්‍ය දේ ලැබෙන ආකාරයට කථා කිරීම) ඔභාස (සිවුපසය ගැන කථා කිරීම) ආදී වශයෙන් ලපනා (චාටු කථා) වශයෙන් හෝ උල්ලපන (දායකයා උසස් කොට කථා කිරීම) වශයෙන් හෝ ජනතාවට කථා කිරීම පිණිස යන කාරණය අදහස් කරන බවත් එසේම ‘ලාභ සක්කාර සිලොකානිසංසත්ථං’ යන්නෙන් පහත් ආසාවන් ඇති තැනැත්තාගේ ලැබීම් වශයෙන් ගරුබවත් ලාභසත්කාර කීර්ති නම් වූ ආනිසංසත් යන දෙකම ලබාගැනීම පිණිස (නිෂ්පාදනය පිණිස) යන කාරණය අදහස් කරන බවත් ඉති මං ජනො ජානාතු යනු පහත් ආසාවක් ඇති තැනැත්තාගේ තුමා තුළ නැති ගුණයන්ට ගරුකරවා ගැනීමේ අදහසින් මෙසේ මා ගැන ජනතාව දැනගනීවායි යනුවෙන් මේ බඹසර නොවසනු ලැබේ යයි මෙසේ මෙහි අර්ථය කියති. මුලින් කියන ලද අර්ථය වඩාත් සාරවත්ය.
අථ ඛොති එත්ථ අථාති අඤ්ඤදත්ථෙ නිපාතො, ඛොති අවධාරණෙ. තෙන කුහනාදිතො අඤ්ඤදත්ථායෙව පන ඉදං, භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සතීති දස්සෙති. ඉදානි තං පයොජනං දස්සෙන්තො “සංවරත්ථඤ්චෙව පහානත්ථඤ්චා”ති ආහ. තත්ථ පඤ්චවිධො සංවරො – පාතිමොක්ඛසංවරො, සතිසංවරො, ඤාණසංවරො, ඛන්තිසංවරො, වීරියසංවරොති.
අථ ඛො යන මෙහි ‘අථ’ යනු අන්‍ය යන අර්ථ ඇති නිපාතයකි. ‘ඛො’ යනු අවධාරණය කිරිමේ නිපාතයකි. එයින් කුහනාදියෙන් අන්‍ය අර්ථයක් සඳහාම ඉදං භික්ඛවෙ බ්රහ්මචරියං වුස්සති’ යනුවෙන් දක්වති. ඒ ප්‍රයෝගය දක්වමින් ‘සංවරත්ථඤ්ච පහානත්ථඤ්ච’ යයි කීහ. එහි සංවරය, පාතිමොක්ඛ සංවරය. සති සංවරය, ඤාණ සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය යනුවෙන් පස් ආකාරය.
තත්ථ “ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො”ති (විභ· 511) හි ආදිනා නයෙන ආගතො අයං පාතිමොක්ඛසංවරො නාම, යො සීලසංවරොති ච පවුච්චති. “රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජතී”ති (දී· නි· 1.213; ම· නි· 1.295; සං· නි· 4.239; අ· නි· 3.16) ආගතො අයං සතිසංවරො.
එහි ‘ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො හොති සමුපෙතො’ ‘මේ ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූයේ මනාව යුක්ත වූයේ’ යනාදී ක්‍රමයෙන් ආවා වූ මෙය ප්රාතිමෝක්ෂ සංවරය නමි. එය සීල සංවරයයි කියනු ලැබේ. ‘රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති’ ‘චක්ඛු ඉන්ද්රිය රකියි. චක්ඛු ඉන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි’ යනුවෙන් ආවා වූ මෙය සති සංවරයයි.
“යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා), සති තෙසං නිවාරණං; සොතානං සංවරං බ්රූමි, පඤ්ඤායෙතෙ පිධීයරෙ”ති. (සු· නි· 1041) –
යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං සොතානං සංවරං බ්රෑමි පඤ්ඤායෙතෙ පිථියරෙ
‘අජිතයෙනි, (යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.) ලෝකයෙහි රූපාදී ආයතනවල ගලායන යම් තණ්හාදී ස්‍රොතස් (සැඬපහර) ඇද්ද ඒවාට සිහිය ආවරණයකි, රැකවරණයකි. ඒ සිහිය ස්‍රොතස්වල සංවරයයි කියමි. මාර්ග ප්‍රඥාවෙන් ඒ ස්‍රොතස් වසනු ලැබේ.
ආගතො අයං ඤාණසංවරො. “ඛමො හොති සීතස්ස උණ්හස්සා”තිආදිනා (ම· නි· 1.24; අ· නි· 4.114; 6.58) නයෙන ආගතො අයං ඛන්තිසංවරො. “උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙතී”තිආදිනා (ම· නි· 1.26; අ· නි· 4.114; 6.58) නයෙන ආගතො අයං වීරියසංවරො. අත්ථතො පන පාණාතිපාතාදීනං පජහනවසෙන, වත්තපටිවත්තානං කරණවසෙන ච පවත්තා චෙතනා විරතියො ච. සඞ්ඛෙපතො සබ්බො කායවචීසංයමො, විත්ථාරතො සත්තන්නං ආපත්තික්ඛන්ධානං අවීතික්කමො සීලසංවරො. සති එව සතිසංවරො, සතිප්පධානා වා කුසලා ඛන්ධා. ඤාණමෙව ඤාණසංවරො. අධිවාසනවසෙන අදොසො, අදොසප්පධානා වා තථා පවත්තා කුසලා ඛන්ධා ඛන්තිසංවරො, පඤ්ඤාති එකෙ. කාමවිතක්කාදීනං අනධිවාසනවසෙන පවත්තං වීරියමෙව වීරියසංවරො. තෙසු පඨමො කායදුච්චරිතාදිදුස්සීල්යස්ස සංවරණතො සංවරො, දුතියො මුට්ඨස්සච්චස්ස, තතියො අඤ්ඤාණස්ස, චතුත්ථො අක්ඛන්තියා, පඤ්චමො කොසජ්ජස්ස සංවරණතො පිදහනතො සංවරොති වෙදිතබ්බො. එවමෙතස්ස සංවරස්ස අත්ථාය සංවරත්ථං, සංවරනිප්ඵාදනත්ථන්ති අත්ථො.
මෙසේ ආවා වූ මෙය ඤාණ සංවරයයි. ‘ඛමො හොති සීතස්ස උණහස්ස’ ‘සීත උණ ඉවසයි’ යනාදී වශයෙන් ආවා වූ මෙය ඛන්ති සංවරය යි. ‘උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති’ ‘උපන්නා වූ කාම විතර්කය සිත තබා නොගනියි’ ආදී වශයෙන් ආවා වූ මෙය විරිය සංවරයයි. අර්ථ වශයෙන් වනාහි ප්‍රාණඝාතාදියෙන් වැලකීම් වශයෙන් ද වත්පිළිවෙත් කිරීම් වශයෙන් ද පැවති චේතනා ද විරති ද කෙටියෙන් කය වචන සංයමයයි. විස්තර වශයෙන් ආපත්ති ස්කන්ධ හත නො ඉක්මවීම සීල සංවරයයි. ‘සතිය’ම සති සංවරය යි. නැතහොත් සතිය ප්‍රධාන වූ කුශල ස්කන්ධයයි. ‘ඤාණය’ම ඤාණ සංවරයයි. ඉවසීම් වශයෙන් අදෝසය ප්‍රධාන වශයෙන් පැවති කුශල ස්කන්ධය ඛන්ති සංවරයයි. පඤ්ඤා සංවරයයි, ඇතැමෙක් කියති. කාම විතර්කාදිය සිත තබා නොගැනීම් වශයෙන් පැවති වීර්යයම විරිය සංවරයයි. මේ සංවර අතරින් පළමුවැන්න කාය දුශ්චරිතාදී දුසිල්බව සංවර කිරීම් වශයෙන් ‘සංවර’ නමි. දෙවැන්න මුළා වූ සිහිය සංවර කිරිම් වශයෙන් ද තෙවැන්න නොදැනීම (අඤ්ඤාණය) සංවර කිරිම් වශයෙන් ද සිවුවැන්න නො ඉවසීම් සංවර කිරීම් වශයෙන් ද පස්වැන්න කුසීතකම සංවර කිරීම් වශයෙන් වැසීම් වශයෙන් සංවරයයි දතයුතුය. මෙසේ මේ සංවරය පිණිස ‘සංවරත්ථං’ නමි, සංවරය ඇතිකරගැනීම සඳහා යන අර්ථයි.
පහානම්පි පඤ්චවිධං – තදඞ්ගප්පහානං, වික්ඛම්භනප්පහානං, සමුච්ඡෙදප්පහානං, පටිප්පස්සද්ධිප්පහානං, නිස්සරණප්පහානන්ති. තත්ථ යං වත්තබ්බං, තං හෙට්ඨා එකකනිපාතෙ පඨමසුත්තවණ්ණනායං වුත්තමෙව. තස්ස පන පඤ්චවිධස්සපි තථා තථා රාගාදිකිලෙසානං පටිනිස්සජ්ජනට්ඨෙන සමතික්කමනට්ඨෙන වා පහානස්ස අත්ථාය පහානත්ථං, පහානසාධනත්ථන්ති අත්ථො. තත්ථ සංවරෙන කිලෙසානං චිත්තසන්තානෙ පවෙසනනිවාරණං පහානෙන පවෙසනනිවාරණඤ්චෙව සමුග්ඝාතො චාති වදන්ති. උභයෙනාපි පන යථාරහං උභයං සම්පජ්ජතීති දට්ඨබ්බං. සීලාදිධම්මා එව හි සංවරණතො සංවරො, පජහනතො පහානන්ති.
ප්රහාණය ද තදංග ප්‍රහාණ, විෂ්කම්භන ප්‍රහාණ, සමුච්ඡේද ප්‍රහාණ, පටිප්පස්සද්ධි ප්‍රහාණ, නිස්සරණ ප්‍රහාණ යනුවෙන් පස් ආකාරය. ඒ සම්බන්ධයෙන් යමක් කිවයුතුද එය මුලදී ඒකක නිපාතයෙහි පළමු සූත්‍ර වර්ණනාවෙහි දී කියන ලද්දේමය. ඒ පස් ආකාර ප්‍රහාණයෙන් ඒ ඒ ආකාරයෙන් රාගාදී කෙලෙසුන් දුරුකිරීම් අර්ථයෙන් හෝ ඉක්මවන අර්ථයෙන් හෝ ප්රහාණය පිණිස ‘පහානත්ථං’ ප්රහාණය සිදුකිරීම පිණිස යන අර්ථයි. එහි සංවරයෙන් සිතට (චිත්ත සන්තානයට) කෙලෙසුන් ඇතුල්වීම වැළැක්වීමද ප්‍රහාණයෙන් කෙලෙසුන් සිතට ඇතුල්වීම වැළැක්වීමත් සහමුලින් උදුරා දැමීමත් කියති. (සංවර-ප්‍රහාණ) යන දෙකින් ම සුදුසු පරිදි කරුණු දෙකම සිදුවේ යයි දතයුතුය. සීලාදී ධර්මයන්ට = සංවර කිරිම් වශයෙන් සංවරය ද දුරුකිරීම් වශයෙන් ප්රහාණය ද වෙයි.
ගාථාසු අනීතිහන්ති ඊතියො වුච්චන්ති උපද්දවා – දිට්ඨධම්මිකා ච සම්පරායිකා ච. ඊතියො හනති විනාසෙති පජහතීති ඊතිහං, අනු ඊතිහන්ති අනීතිහං, සාසනබ්රහ්මචරියං මග්ගබ්රහ්මචරියඤ්ච. අථ වා ඊතීහි අනත්ථෙහි සද්ධිං හනන්ති ගච්ඡන්ති පවත්තන්තීති ඊතිහා, තණ්හාදිඋපක්කිලෙසා. නත්ථි එත්ථ ඊතිහාති අනීතිහං. ඊතිහා වා යථාවුත්තෙනට්ඨෙන තිත්ථියසමයා, තප්පටිපක්ඛතො ඉදං අනීතිහං. “අනිතිහ”න්තිපි පාඨො. තස්සත්ථො – “ඉතිහාය”න්ති ධම්මෙසු අනෙකංසග්ගාහභාවතො විචිකිච්ඡා ඉතිහං නාම, සම්මාසම්බුද්ධප්පවෙදිතත්තා යථානුසිට්ඨං පටිපජ්ජන්තානං නික්කඞ්ඛභාවසාධනතො නත්ථි එත්ථ ඉතිහන්ති අනිතිහං, අපරප්පච්චයන්ති අත්ථො. වුත්තඤ්හෙතං “පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති “අතක්කාවචරො”ති ච. ගාථාසුඛත්ථං පන “අනීතිහ”න්ති දීඝං කත්වා පඨන්ති.
ගාථාවල අනීතිහං යනු මෙලොව ද පරලොව ද උවදුරුවලට ‘ඊති’ යයි කියනු ලැබේ. ඒ ඊති විනාශ කරයි දුරුකරයි යන අරුතින් ‘ඊතිහ’ නම් වේ. ‘අනු ඊතිහං’ යන්න ‘අනීහිතං’ වෙයි. එනම් ශාසන බ්‍රහ්මචරියාව හා මාර්ග බ්‍රහ්මචරියාවයි. නැතහොත් ඊතිහු අනර්ථයන් සමග නැසෙත් යෙත් පවතිත් යන අර්ථයෙන් ඊතිහ නම් වේ. එනම් තෘෂ්ණාදී උපක්ලේශය. මෙහි ‘ඊතිහ’ නැත යන අරුතින් අනීතිහං නම් වේ. නැතහොත් ඊතිහා යනු කියන ලද ආකාර අර්ථයෙන් තීර්ථක සමය යි. (තීර්ථක දහමයි.) එයට ප්‍රතිවිරුද්ධ වූ මෙය (සාසන බ්‍රහ්මචර්යාව) අනීතිහං නම් වේ. ‘අනිතිහ’ යනු ද පාඨයකි. එහි අර්ථය ඒකාන්ත වශයෙන් ගැනීමක් නැති හෙයින් ධර්මයෙන් මෙසේ පිරිහෙති යන අර්ථයෙන් විචිකිච්ඡාව ‘ඉතිහං’ නම් වේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ බැවින් අනුශාසනා කළ පරිදි පිළිපදින්නවුන්ට සැක නැති බව සිදුකිරීම් වශයෙන් මෙහි ‘ඉතිහං’ නැත යන අරුතින් ‘අනිතිහං’ නමි. අපරප්පච්චය (අනුන්ගේ කීමෙන් විශ්වාස නොකරත් යන අර්ථයි. මෙය ‘පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි’ යනුවෙන් ද ‘අතක්කාවචරො’ යනුවෙන් ද කියන ලදී. ගාථාව කීමේ පහසුව පිණිස අනීතිහං යනුවෙන් දීර්ඝ ලෙස කියති.
නිබ්බානසඞ්ඛාතං ඔගධං පතිට්ඨං පාරං ගච්ඡතීති නිබ්බානොගධගාමී, විමුත්තිරසත්තා එකන්තෙනෙව නිබ්බානසම්පාපකොති අත්ථො. තං නිබ්බානොගධගාමිනං බ්රහ්මචරියං. සොති යො සො සමතිංස පාරමියො පූරෙත්වා සබ්බකිලෙසෙ භින්දිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, සො භගවා අදෙසයි දෙසෙසි. නිබ්බානොගධොති වා අරියමග්ගො වුච්චති. තෙන විනා නිබ්බානොගාහනස්ස අසම්භවතො තස්ස ච නිබ්බානං අනාලම්බිත්වා අප්පවත්තනතො, තඤ්ච තං එකන්තං ගච්ඡතීති නිබ්බානොගධගාමී. අථ වා නිබ්බානොගධගාමිනන්ති නිබ්බානස්ස අන්තොගාමිනං මග්ගබ්රහ්මචරියං, නිබ්බානං ආරම්මණං කරිත්වා තස්ස අන්තො එව වත්තති පවත්තතීති.
නිවන නමැති ඔගධයට, පතිට්ඨං (පිහිටට), පාරං (පරතෙරට) යයි යන අරුතින් නිබ්බාණොගධගාමී වෙයි. විමුක්ති රසය ඇති බැවින් ඒකාන්තයෙන් ම නිවනට පමුණුවන්නා යන අර්ථයි. ඒ නිබ්බාණොගධ ගාමිනං නිවන තුළට ගමන් කරන්නා වූ බ්‍රහ්මචරියාව. සො යනු සමතිස් පාරමී පුරා සියලු කෙලෙස් බිඳ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ. අදෙසයී දේශනා කළහ. එයින් තොරව නිවනට බැසගැනීමක් සිදුනොවන බැවින් ද නිවන අරමුණු නොකොට මාර්ගය නොපවතින බැවින්ද ‘නිබ්බාණොගධො’ යන්න ආර්ය මාර්ගයට ද කියනු ලැබේ. එය ද ඒ ඒකාන්ත වූ තැනට පමුණුවමින් ගමන් කරන්නේය යන අර්ථයෙන් නිබ්බාණොගධගාමී නැතහොත් ‘නිබ්බාණොගධගාමිනං’ යනු නිවන තුළට යන්නා වූ, මාර්ග බ්‍රහ්මචරියාව නිවන අරමුණු කොට එය තුළම පවතී යනුයි.
මහත්තෙහීති මහාආතුමෙහි උළාරජ්ඣාසයෙහි. මහන්තං නිබ්බානං, මහන්තෙ වා සීලක්ඛන්ධාදිකෙ එසන්ති ගවෙසන්තීති මහෙසිනො බුද්ධාදයො අරියා. තෙහි අනුයාතො පටිපන්නො. යථා බුද්ධෙන දෙසිතන්ති යථා අභිඤ්ඤෙය්යාදිධම්මෙ අභිඤ්ඤෙය්යාදිභාවෙනෙව සම්මාසම්බුද්ධෙන මයා දෙසිතං, එවං යෙ එතං මග්ගබ්රහ්මචරියං තදත්ථං සාසනබ්රහ්මචරියඤ්ච පටිපජ්ජන්ති. තෙ දිට්ඨධම්මිකසම්පරායිකත්ථෙහි යථාරහං අනුසාසන්තස්ස සත්ථු මය්හං සාසනකාරිනො ඔවාදප්පටිකරා සකලස්ස වට්ටදුක්ඛස්ස අන්තං පරියන්තං අප්පවත්තිං කරිස්සන්ති, දුක්ඛස්ස වා අන්තං නිබ්බානං සච්ඡිකරිස්සන්තීති.
මහන්තෙහි යනු මහාත්ම වූ, උදාර අදහස් ඇත්තන් විසින් මහත් වූ නිවන හෝ මහත් වූ ශීලස්කන්ධාදිය හෝ සොයයි, ගවේෂණය කරයි යන අරුතින් මහෙසිනො නම් වේ. එනම් බුද්ධාදී ආර්යයෝය. උන්වහන්සේලා විසින් අනුයාතො අනුගමනය කරන ලද්දේ ය. යථා බුද්ධෙන දෙසිතං යනු යම්සේ අභිඤ්ඤෙය්යාදි ධර්මයන් අභිඤ්ඤෙය්යාදි භාවයෙන්ම සම්මා සම්බුදු වූ මා විසින් දේශනා කරන ලදී. මෙසේ යෙ යමෙක් මේ මාර්ග බ්‍රහ්ම චරියාව ඒ සඳහා ශාසනයෙහි බ්‍රහ්මචර්යාව ද පටිපජ්ජන්ති පිළිපදිති. ඔවුහු මෙලොව පරලොව අර්ථවලින් සුදුසු පරිදි අනුශාසනා කරන්නා වූ සත්ථු ශාස්තෲ වූ මගේ සාසන කාරිනො අවවාද අනුව ක්‍රියා කරන්නාහු සියලු සංසාර දුක්ඛස්ස අනතං දුකෙහි කෙළවර, නොපැවැත්ම කරිස්සන්ති කරන්නාහ. නැතහොත් දුකෙහි කෙළවර වූ නිවන ප්රත්යක්ෂ කරන්නේය.
අට්ඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවන සුත්‍රයයි.