යෙදුමෙන් කියවන්න

9. දුතිය ජනකුහන සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

9. දුතිය ජනකුහන සුත‍්තවණ‍්ණනා

9. දෙවෙනි ජනකුහන සූත්‍ර වර්ණනාව

නවමෙ අභිඤ‍්ඤත්‍ථන‍්ති කුසලාදිවිභාගෙන ඛන්‍ධාදිවිභාගෙන ච සබ‍්බධම‍්මෙ අභිවිසිට‍්ඨෙන ඤාණෙන අවිපරීතතො ජානනත්‍ථං. පරිඤ‍්ඤත්‍ථන‍්ති තෙභූමකධම‍්මෙ “ඉදං දුක‍්ඛ”න‍්තිආදිනා පරිජානනත්‍ථං සමතික‍්කමනත්‍ථඤ‍්ච. තත්‍ථ අභිඤ‍්ඤෙය්‍යඅභිජානනා චතුසච‍්චවිසයා. පරිඤ‍්ඤෙය්‍යපරිජානනා පන යදිපි දුක‍්ඛසච‍්චවිසයා, පහානසච‍්ඡිකිරියාභාවනාභිසමයෙහි පන විනා න පවත‍්තතීති පහානාදයොපි ඉධ ගහිතාති වෙදිතබ‍්බං. සෙසං අනන‍්තරසුත‍්තෙ වුත‍්තත්‍ථමෙව.

නවවන සූත්‍රයෙහි අභිඤ්ඤත්‍ථං යනු කුශලාදී ස්වභාවයෙන් ද ස්කන්ධාදී බෙදීමෙන් ද සියලු ධර්මයන් අති විශිෂ්ට ඥානයෙන් නොවෙනස් වූ ආකාරයෙන් දැනගැනීම පිණිස. පරිඤ්ඤත්‍ථං යනු (කාම රූප-අරූප යන) භූමි තුනට අයත් ධර්මයන් මේ දුකය යනාදී වශයෙන් වෙන්කොට දැනගැනීම පිණිස ද ඉක්මවීම පිණිස ද. එහි දතයුතු දේ දැනගැනීම චතුස්සත්‍යයට විෂය වෙයි. වෙන්කොට දැනගත යුතු දේ දැනගැනීම දුක්ඛ සත්‍යයට විෂය වෙයි. පහකිරීම ප්‍රත්‍යක්‍ෂ කිරීම භාවනාවෙන් හා අවබෝධයෙන් තොරව නො පවතින හෙයින් පහකිරීම (පහාන) ආදිය ද මෙහි ගන්නා ලදැයි දතයුතුය. ඉතිරිය මුල් සූත්‍රයෙහි කියන ලද්දේය.

නවමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවන සූත්‍රයයි.

10. සොමනස‍්ස සුත‍්තවණ‍්ණනා

10. සොමනස්ස සූත්‍ර වර්ණනාව

දසමෙ සුඛසොමනස‍්සබහුලොති එත්‍ථ සුඛන‍්ති කායිකං සුඛං, සොමනස‍්සන‍්ති චෙතසිකං. තස‍්මා යස‍්ස කායිකං චෙතසිකඤ‍්ච සුඛං අභිණ‍්හං පවත‍්තති, සො සුඛසොමනස‍්සබහුලොති වුත‍්තො. යොනීති “චතස‍්සො ඛො ඉමා, සාරිපුත‍්ත, යොනියො”තිආදීසු (ම· නි· 1.152) ඛන්‍ධකොට‍්ඨාසො යොනීති ආගතො. “යොනි හෙසා, භූමිජ, ඵලස‍්ස අධිගමායා”තිආදීසු (ම· නි· 3.226) කාරණං.

දසවන සූත්‍රයෙහි සුඛසොමනස්ස බහුලො යන මෙහි සුඛං යනු කායික සැපය යි. සොමනස්සං යනු චෛතසික සැපයයි. එහෙයින් යමෙකුට කායික වූ ද චෛතසික වූ ද සැපය නිතර පවතී ද හෙතෙම සුඛ සොමනස්ස බහුලො කායික - මානසික සැප බහුලකොට ඇත්තේ වේ යයි කියන ලදී. යොනි යනු ‘චතස්සො ඛො ඉමා සාරිපුත්ත යොනියො’ ‘සැරියුත් මේ යෝනි සතරකි’ යනාදී තැන්වල ස්කන්ධ කොටස් යෝනි යනුවෙන් ආයේය. ‘යොනි හෙසා භුම්මජ ඵලස්ස අධිගමාය’ ‘භූම්මජය, ඵලය අවබෝධ කිරීම පිණිස මේ යෝනි (කාරණ) යයි. ආදියෙහි කාරණයයි.

“න චාහං බ්‍රාහ‍්මණං බ්‍රූමි, යොනිජං මත‍්තිසම‍්භව”න‍්ති ච. (ම· නි· 2.457; ධ· ප· 396; සු· නි· 625);

‘න චාහං බ්‍රාහ්මණං බ්‍රෑමි යොනිජං මන්තිසම්භවං’ මවගේ යෝනියෙන් උපන් බැමිණි මවක කුස උපන්නා හට බ්‍රාහ්මණයයි මම නොකියමි.

“තමෙනං කම‍්මජා වාතා නිබ‍්බත‍්තිත්‍වා උද‍්ධංපාදං අධොසිරං සම‍්පරිවත‍්තෙත්‍වා මාතු යොනිමුඛෙ සම‍්පටිපාදෙන‍්තී”ති ච ආදීසු පස‍්සාවමග‍්ගො. ඉධ පන කාරණං අධිප‍්පෙතං. අස‍්සාති අනෙන. ආරද‍්ධාති පට‍්ඨපිතා පග‍්ගහිතා පරිපුණ‍්ණා සම‍්පාදිතා වා.

‘තමෙනං කම්මජා වාතා උබ්බත්තෙත්‍වා උද්ධංපාදං අධොසිරං සම්පරිවත්තෙත්‍වා මාතු යොනිමුඛෙ සම්පටිපාදෙති’ ‘ඒ මොහු කර්මයෙන් උපන් වාතයෙන් උදුරා පා උඩට හිස යටට සිටින ලෙස පෙරළා මවගේ යෝනි මුඛයෙහි යොදයි’ යනාදී තැන්වල මුත්‍ර මාර්ගයයි. මෙහි වනාහි කාරණය අදහස් කරන ලදී. ආරද්ධා යනු පටන්ගන්නා ලද්දේ හෝ උත්සාහ කරන ලද්දේ හෝ පරිපූර්ණ කරන ලද්දේ හෝ සම්පදනය කරන ලද්දේ හෝ.

ආසවානං ඛයායාති එත්‍ථ ආසවන‍්තීති ආසවා, චක‍්ඛුතොපි…පෙ… මනතොපි සවන‍්ති පවත‍්තන‍්තීති වුත‍්තං හොති. ධම‍්මතො යාව ගොත්‍රභූ, ඔකාසතො යාව භවග‍්ගා සවන‍්තීති වා ආසවා. එතෙ ධම‍්මෙ එතඤ‍්ච ඔකාසං අන‍්තො කරිත්‍වා පවත‍්තන‍්තීති අත්‍ථො. අන‍්තොකරණත්‍ථො හි අයං ආකාරො. චිරපාරිවාසියට‍්ඨෙන මදිරාදයො ආසවා වියාතිපි ආසවා. ලොකෙ හි චිරපාරිවාසිකා මදිරාදයො ආසවාති වුච‍්චන‍්ති. යදි ච චිරපාරිවාසියට‍්ඨෙන ආසවා, එතෙ එව භවිතුං අරහන‍්ති. වුත‍්තං හෙතං – “පුරිමා, භික‍්ඛවෙ, කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජාය, ඉතො පුබ‍්බෙ අවිජ‍්ජා නාහොසී”තිආදි (අ· නි· 10.61). ආයතං සංසාරදුක‍්ඛං සවන‍්ති පසවන‍්තීතිපි ආසවා. පුරිමානි චෙත්‍ථ නිබ‍්බචනානි යත්‍ථ කිලෙසා ආසවාති ආගතා, තත්‍ථ යුජ‍්ජන‍්ති; පච‍්ඡිමං කම‍්මෙපි. න කෙවලඤ‍්ච කම‍්මකිලෙසා එව ආසවා, අපිච ඛො නානප‍්පකාරා උපද‍්දවාපි.

ආසවානං ඛයාය යන මෙහි වැගිරෙත් යන අරුතින් ආසව නම් වේ. ඇසින් ද වැගිරෙති. -පෙ- මනසින් ද වැගිරෙති. ගලාබසිතියි කියන ලද්දේ වෙයි. ධර්ම වශයෙන් ගෝත්‍රභූ තෙක් ද අවකාශ වශයෙන් භවාග්‍රය තෙක් ද වැගිරෙත් යන අරුතින් ආසව නම් වේ. ඒ ධර්ම ද ඒ අවකාශය ද ඇතුල්කොට ගලාබසිති යන අර්ථයි. (ආසවා යන්නෙහි ඇති) මේ ‘ආ’ කාරය ඇතුලත් කිරීමේ අර්ථ ඇත්තේය. බොහෝ කල් පල්කිරීම් අර්ථයෙන් සුරා ආදිය ආසව වැනිනුයි ආසව නම් වේ. ලෝකයෙහි බොහෝකල් පල්කරන ලද සුරා ආදිය ආසවයයි කියනු ලැබේ. බොහෝ කල් පල්කරන අර්ථයෙන් ඒවාම ආසව වන්නට සුදුසුය. ‘පුරිමා භික්‍ඛවෙ කොටි න පඤ්ඤායති අවිජ්ජාය ඉතො පුබ්බෙ අවිජ්ජා නාහොසි’ ‘මහණෙනි, මෙයින් පෙර අවිද්‍යාව නොවීයයි අවිද්‍යාවේ මුල් කෙළවර නොපෙනේ’ යනාදී මෙය කියන ලදී. දික් වූ සංසාර දුක ගලයි යන අරුතින් ආසව නම් වේ. මෙහි කෙලෙසුන් ආසවයයි කියන ලද තන්හි මුල් නිර්වචන යෙදේ. පසුව කී නිර්වචනය කර්මයෙහි යෙදේ. හුදෙක් කර්ම හා කෙලෙස් පමණක්ම ආසව නොවේ. නොයෙක් ආකාර උවදුරුද ආසව නම් වේ.

අභිධම‍්මෙ හි “චත‍්තාරො ආසවා – කාමාසවො, භවාසවො, දිට‍්ඨාසවො, අවිජ‍්ජාසවො”ති (ධ· ස· 1102) කාමරාගාදයො කිලෙසා ආසවාති ආගතා. සුත‍්තෙපි “නාහං, චුන්‍ද, දිට‍්ඨධම‍්මිකානංයෙව ආසවානං සංවරාය ධම‍්මං දෙසෙමී”ති (දී· නි· 3.182) එත්‍ථ විවාදමූලභූතා කිලෙසා ආසවාති ආගතා.

අභිධර්මයෙහි ‘කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යයි ආසව සතරකි’ යනුවෙන් කාමරාගාදී කෙලෙස් ආසවයයි ආයේය. සූත්‍රයෙහි ද ‘නාහං චුන්‍ද දිට්ඨධම්මිකානං යෙව ආසවානං සංවරාය ධම්මං දෙසෙමි’ චුන්ද, මම මෙලොවදී ඇතිවන ආසවයන්ගේ සංවරය පිණිසම දහම් නොදෙසමි’ යන මෙහි විවාදයට මුල් වූ කෙලෙස් ආසව යනුවෙන් ආයේය.

“යෙන දෙවූපපත්‍යස‍්ස, ගන්‍ධබ‍්බො වා විහඞ‍්ගමො; යක‍්ඛත‍්තං යෙන ගච‍්ඡෙය්‍ය, මනුස‍්සත‍්තඤ‍්ච අබ‍්බජෙ; තෙ මය‍්හං, ආසවා ඛීණා, විද‍්ධස‍්තා විනළීකතා”ති. (අ· නි· 4.36) –

යෙන දෙවූපපත්‍යස්ස ගන්‍ධෙබ්බො වා විභංගමො යක්‍ඛත්තං යෙන ගච්ඡෙය්‍ය මනුස්සත්තඤ්ච අබ්බජෙ තෙ මය්හං ආසවා බීණා විද්ධස්තා විනලීකතා

යම් කාමාදී ආශ්‍රවයන් නිසා මට දෙව්ලොව උපත වේනම් අහසෙහි හැසිරෙන ගාන්ධර්වයෙක් වෙම් නම්, යම් ආශ්‍රවයක් නිසා යක්ෂ බවට යානම් මිනිස් බවට යා නම් ඒ මාගේ ආශ්‍රවයෝ ගෙවුණාහ. විනාශ කළහ. පහකළ බැඳීම් ඇත්තාහ.

එත්‍ථ තෙභූමකං කම‍්මං අවසෙසා ච අකුසලා ධම‍්මා. “දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය සම‍්පරායිකානං ආසවානං පටිඝාතායා”ති (පාරා· 39) එත්‍ථ පරූපඝාතවිප‍්පටිසාරවධබන්‍ධාදයො චෙව අපායදුක‍්ඛභූතා නානප‍්පකාරා උපද‍්දවා ච.

මෙහි ත්‍රෛභූමික කර්ම ද ඉතිරි අකුසල ධර්ම ද ආසව නම් වේ. ‘දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතාය’ යන මෙහි අනුන් නැසීම, විපිළිසර වීම, වධයට පත්වීම, සිරගත වීම ආදියද අපාය දුකට හේතු වූ නොයෙක් ආකාර උවදුරු ද ආසව නම් වේ.

තෙ පනෙතෙ ආසවා විනයෙ “දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය, සම‍්පරායිකානං ආසවානං පටිඝාතායා”ති ද‍්වෙධා ආගතා. සළායතනෙ “තයොමෙ, ආවුසො, ආසවා – කාමාසවො, භවාසවො, අවිජ‍්ජාසවො”ති (සං· නි· 4.321) තිධා ආගතා. තථා අඤ‍්ඤෙසු සුත‍්තන‍්තෙසු. අභිධම‍්මෙ තෙයෙව දිට‍්ඨාසවෙන සද‍්ධිං චතුධා ආගතා. නිබ‍්බෙධිකපරියායෙ පන “අත්‍ථි, භික‍්ඛවෙ, ආසවා නිරයගමනීයා, අත්‍ථි ආසවා තිරච‍්ඡානයොනිගමනීයා, අත්‍ථි ආසවා පෙත‍්තිවිසයගමනීයා, අත්‍ථි ආසවා මනුස‍්සලොකගමනීයා, අත්‍ථි ආසවා දෙවලොකගමනීයා”ති (අ· නි· 6.63) පඤ‍්චධා ආගතා. කම‍්මමෙව චෙත්‍ථ ආසවාති අධිප‍්පෙතං. ඡක‍්කනිපාතෙ “අත්‍ථි, භික‍්ඛවෙ, ආසවා සංවරා පහාතබ‍්බා”තිආදිනා (අ· නි· 6.58) නයෙන ඡධා ආගතා. සබ‍්බාසවපරියායෙ තෙයෙව දස‍්සනපහාතබ‍්බෙහි ධම‍්මෙහි සද‍්ධිං සත‍්තධා ආගතා. ඉධ පන අභිධම‍්මපරියායෙන චත‍්තාරො ආසවා අධිප‍්පෙතාති වෙදිතබ‍්බා.

ඒ මේ ආසවයන් විනාශ කිරීමෙහිලා ‘දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතාය’ යනුවෙන් දෙපරිදි කොට ආසව ආයේය. සළායතනයෙහි ‘තයොමෙ ආවුසො ආසවා - කාමාසවො, භවාසවො, අවිජ්ජාසවො’ ‘ඇවැත්නි, කාමාසව, භවාසව, අවිජ්ජාසව යයි මේ ආසව තුනකි. එසේ අනිත් සූත්‍රවල ද අභිධර්මයෙහි ද ඒවාම දිට්ඨි ආසවය සමඟ සතරාකාරයකින් ආයේය. නිබ්බේධික පරියායෙහි 1. අත්‍ථි භික්‍ඛවෙ ආසවා නිරය ගමනීයා, 2. අත්‍ථි ආසවා තිරච්ඡානයොනි ගමනීයා, 3. අත්‍ථි ආසවා පෙත්තිවිසය ගමනීයා 4. අත්‍ථි ආසවා මනුස්ස ලොක ගමනීයා, 5. අත්‍ථි ආසවා දෙවලොක ගමනීයා ‘මහණෙනි, නිරය ගමනට හේතුවන ආසව ඇත, තිරිසන් යෝනියට යාමට හේතුවන ආසව ඇත. ප්‍රේත විෂයට යාමට හේතුවන ආසව ඇත. මනුෂ්‍යලෝක ගමනට හේතුවන ආසව ඇත. දිව්‍යලෝක ගමනට හේතුවන ආසව ඇත’ යනුවෙන් පස් ආකාරයකින් ආසව ආයේය. මෙහි කර්මයම ආසව යනුවෙන් අදහස් කරන ලදී. ඡක්ක නිපාතයෙහි ‘අත්‍ථි භික්‍ඛවෙ ආසවා සංවරා පහාතබ්බා’ ‘මහණෙනි, සංවරයෙන් පහකළයුතු ආසව ඇත’ යනාදී ක්‍රමයෙන් හය ආකාරයකින් ආසව ආයේය. සබ්බාසව සංවර පරියායෙහි ඒ හය ආකාරයට දැකීමෙන් දුරුකළයුතු ධර්ම සමඟ හත් ආකාරයකින් ආසව ආයේය. මෙම සූත්‍රයෙහිදී වනාහි අභිධර්ම ක්‍රමයෙන් ආසව සතර අදහස් කරන ලදැයි දතයුතුය.

ඛයායාති එත්‍ථ පන “යො ආසවානං ඛයො වයො භෙදො පරිභෙදො අනිච‍්චතා අන‍්තරධාන”න‍්ති ආසවානං සරසභෙදො ආසවානං ඛයොති වුත‍්තො. “ජානතො අහං, භික‍්ඛවෙ, පස‍්සතො ආසවානං ඛයං වදාමී”ති (ම· නි· 1.15) එත්‍ථ ආසවානං ඛීණාකාරො නත්‍ථිභාවො අච‍්චන‍්තං අසමුප‍්පාදො ආසවක‍්ඛයොති වුත‍්තො.

ඛයාය යන මෙහි ආශ්‍රවයන්ගේ යම් ක්‍ෂයවීමක්, විනාශවීමක්, බිඳීමක්, අනිත්‍ය බවක්, අතුරුදන් වීමක් යන ආශ්‍රවයන්ගේ ස්වභාවය බිඳීම ‘ඛය’ යයි කියනු ලැබේ. ‘ජානතො අහං භික්‍ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි’ ‘මහණෙනි, දන්නා වූ දක්නා වූ මම ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීම කියමි.’ යන මෙහි ආශ්‍රවයන්ගේ ක්‍ෂිණ ආකාරය, නැති බව, අතිශයින්ම හට නොගැනීම ආසවක්ඛය යි කියන ලදී.

“සෙඛස‍්ස සික‍්ඛමානස‍්ස, උජුමග‍්ගානුසාරිනො; ඛයස‍්මිං පඨමං ඤාණං, තතො අඤ‍්ඤා අනන‍්තරා”ති. (ඉතිවු· 62) –

සෙක්‍ඛස්ස සික්‍ඛමානස්ස උජුමග්ගානුසාරිනො බයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනන්තරා

‘ආර්ය මාර්ගය පිළිපදින සුලු හික්මෙන ශෛක්‍ෂයා හට පළමුව ක්‍ෂය නම් ලද මාර්ගයෙහි ඥානය උපදනේය. ඒ සතරවන මාර්ග ඥානයෙන් අනතුරුව අර්හත්ඵලය උපදනේය.’

එත්‍ථ අරියමග‍්ගො ආසවක‍්ඛයොති වුත‍්තො. “ආසවානං ඛයා සමණො හොතී”ති (ම· නි· 1.438) එත්‍ථ ඵලං.

මෙහි ආර්ය මාර්ගය ආසවක්ඛය යයි කියන ලදී. ‘ආසවානං ඛයා සමණො හොති’ ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ශ්‍රමණයා වෙයි’ යන මෙහි ඵලයයි.

“පරවජ‍්ජානුපස‍්සිස‍්ස, නිච‍්චං උජ‍්ඣානසඤ‍්ඤිනො; ආසවා තස‍්ස වඩ‍්ඪන‍්ති, ආරා සො ආසවක‍්ඛයා”ති. (ධ· ප· 253) –

‘පරවජ්ජානු පස්සිස්ස නිච්චං උජ්ඣාන සඤ්ඤිනො ආසවා තස්ස වඩ්ඪන්ති ආරා සො ආසවක්‍ඛයා’

‘අනුන්ගේ වරද දකිනසුලු නිරතුරුව අනුන්ට දොස් කියනසුලු ඒ භික්‍ෂුවට ආශ්‍රවයෝ වැඩෙති. හෙතෙම නිවනින් දුරයි.

එත්‍ථ නිබ‍්බානං. ඉධ පන ඵලං සන්‍ධාය “ආසවානං ඛයායා”ති වුත‍්තං, අරහත‍්තඵලත්‍ථායාති අත්‍ථො.

මෙහි නිවන ආසවක්ඛය නම් වේ. මෙම සූත්‍රයෙහි ඵලය සඳහා ආසවානං ඛයාය යනුවෙන් කියන ලදී. අර්හත්ඵලය පිණිස යන අර්ථයි.

සංවෙජනීයෙසු ඨානෙසූති සංවෙගජනකෙසු ජාතිආදීසු සංවෙගවත්‍ථූසු. ජාති, ජරා, බ්‍යාධි, මරණං, අපායදුක‍්ඛං, අතීතෙ වට‍්ටමූලකං දුක‍්ඛං, අනාගතෙ වට‍්ටමූලකං දුක‍්ඛං, පච‍්චුප‍්පන‍්නෙ ආහාරපරියෙට‍්ඨිමූලකං දුක‍්ඛන‍්ති ඉමානි හි සංවෙගවත්‍ථූනි සංවෙජනීයට‍්ඨානානි නාම. අපිච “ආදිත‍්තො ලොකසන‍්නිවාසො උය්‍යුත‍්තො පයාතො කුම‍්මග‍්ගප‍්පටිපන‍්නො, උපනීයති ලොකො අද‍්ධුවො, අතාණො ලොකො අනභිස‍්සරො, අස‍්සකො ලොකො, සබ‍්බං පහාය ගමනීයං, ඌනො ලොකො අතිත‍්තො තණ‍්හාදාසො”තිඑවමාදීනි (පටි· ම· 1.117) චෙත්‍ථ සංවෙජනීයට‍්ඨානානීති වෙදිතබ‍්බානි. සංවෙජනෙනාති ජාතිආදිසංවෙගවත්‍ථූනි පටිච‍්ච උප‍්පන‍්නභයසඞ‍්ඛාතෙන සංවෙජනෙන. අත්‍ථතො පන සහොත‍්තප‍්පඤාණං සංවෙගො නාම.

සංවෙජනීයෙසු ඨානෙසු සංවේගයට හේතු වූ ජාති ආදී සංවේග වස්තු කෙරෙහි, ජාති, ජරා, ව්‍යාධි, මරණ, අපායට යාමට සුදුසු බව, අතීත සංසාර දුක, අනාගත සංසාර දුක, වර්තමානයේ ආහාර සෙවීමේ දුක යන මේ සංවේග වස්තු සංවේගය ඇතිකර ගැනීමට සුදුසු තැන්නම් වේ. තවද ලෝක සත්ත්වයා ගිනිගන්නා ලද්දේ වෙයි. වැඩෙහි යෙදුණේ වෙයි. කාමරාගයෙන් ඇලුණේ වෙයි. වැරදිමගට පිළිපන්නේ වෙයි. ලෝවැසියා ජරාවෙන් මරණය වෙත ගෙනයනු ලැබේ. ලෝවැසියා අනාරක්ෂිතය. අස්වැසීමට සහායකයෙක් නැත්තේය. දිගින්දිගට නොපවතින (අශාස්වත) මේ ලෝවැසියා සියල්ල හැර යායුතුය. ලෝවැසියා අඩුපාඩු සහිතය. (ඌනො) අතෘප්තිමත්ය. තෘෂ්ණාවට දාස වෙයි යන මේ ආදී සංවේගයට හේතු වූ කරුණු මෙහිදී දතයුතුය.

සංවිග‍්ගස‍්සාති ගබ‍්භොක‍්කන‍්තිකාදිවසෙන අනෙකවිධෙහි ජාතිආදිදුක‍්ඛෙහි සංවෙගජාතස‍්ස. “සංවෙජිත්‍වා”ති ච පඨන‍්ති. යොනිසො පධානෙනාති උපායපධානෙන, සම‍්මාවායාමෙනාති අත්‍ථො. සො හි යථා අකුසලා ධම‍්මා පහීයන‍්ති, කුසලා ධම‍්මා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති, එවං පදහනතො උත‍්තමභාවසාධනතො ච “පධාන”න‍්ති වුච‍්චති. තත්‍ථ සංවෙගෙන භවාදීසු කිඤ‍්චි තාණං ලෙණං පටිසරණං අපස‍්සන‍්තො තත්‍ථ අනොලීයන‍්තො අලග‍්ගමානසො තප‍්පටිපක‍්ඛෙන ච විනිවත‍්තිතවිසඤ‍්ඤිතො අඤ‍්ඤදත්‍ථු නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරො. සො කල්‍යාණමිත‍්තසන‍්නිස‍්සයෙන යොනිසොමනසිකාරබහුලො විසුද‍්ධාසයප‍්පයොගො සමථවිපස‍්සනාසු යුත‍්තප‍්පයුත‍්තො සබ‍්බස‍්මිම‍්පි සඞ‍්ඛාරගතෙ නිබ‍්බින්‍දති විරජ‍්ජති, විපස‍්සනං උස‍්සුක‍්කාපෙති. තත්‍ථ යදිදං යොනිසොමනසිකාරබහුලො විසුද‍්ධාසයප‍්පයොගො සමථවිපස‍්සනාසු යුත‍්තප‍්පයුත‍්තො, තෙනස‍්ස දිට‍්ඨෙව ධම‍්මෙ සුඛසොමනස‍්සබහුලතා වෙදිතබ‍්බා. යං පනායං සමථෙ පතිට‍්ඨිතො විපස‍්සනාය යුත‍්තප‍්පයුත‍්තො සබ‍්බස‍්මිම‍්පි සඞ‍්ඛාරගතෙ නිබ‍්බින්‍දති විරජ‍්ජති, විපස‍්සනං උස‍්සුක‍්කාපෙති, තෙනස‍්ස යොනි ආරද‍්ධා ආසවානං ඛයායාති වෙදිතබ‍්බං.

සංවේජනෙන යනු ජාති ආදී සංවේග වස්තූන් නිසා උපන් භය නම් වූ සංවේගයෙන්, අර්ථ වශයෙන් වනාහි පාපයට ඇති බිය සමඟ ඤාණය සංවේගය නම් වේ. සංවිග්ගස්ස යනු මව්කුසට බැසගැනීම් ආදී වශයෙන් ඉපදීම් ආදී නොයෙක් දුක්වලින් උපන් සංවේගය පිළිබඳව. ‘සංවෙජිත්‍වා’ යනුවෙන් ද කියත්. යොනිසො පධානෙන උපාය ඥානයෙන් උපදවන වීර්යයෙන්, සම්මා වායාමයෙන් යන අර්ථයයි. එය වනාහි යම්සේ අකුසල ධර්මයෝ ප්‍රහීණ වෙත් ද, කුසලධර්ම භාවනාවෝ (වැඩීම්) සම්පූර්ණ බවට යත් ද මෙසේ වීර්යයෙන් උතුම් බව සෑදීම් වශයෙන් ද ‘පධාන’ යයි කියනු ලැබේ. එහි සංවේගයෙන් භවාදියෙහි කිසි පිහිටක්, ආරක්ෂාවක් පිළිසරණක් නොදක්නේ එහි නොපසුබසිමින් නොඇලුණු මනසින් යුතුව එයට ප්‍රතිපක්‍ෂ වූ පෙරළා දැමූ සංඥා ඇත්තේ ඒකාන්තයෙන් නිවනට නැමුනේ වෙයි. හෙතෙම කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් නුවණින් මෙනෙහි කිරීම බහුලකොට ඇත්තේ පිරිසිදු අදහසින් කරන ප්‍රයෝග ඇත්තේ සමථ විදර්ශනාවන්හි සුදුසු අයුරින් යෙදුණේ සියලු සංස්කාර කෙරෙහි කලකිරෙයි. නොඇලෙයි. විදර්ශනාවට උනන්දු කරවයි. එහිලා යම් මේ නුවණින් මෙනෙහි කිරිම බහුලකොට ඇත්තේ වේද පිරිසිදු සිතින් කරන ලද ප්‍රයෝග ඇත්තේ සමථ විදර්ශනාවන්හි සුදුසු අයුරින් යෙදුනේ වේද ඒ කාරණයෙන් මෙලොවදීම ඔහුගේ සුබ සෝමනස්ස බහුල බව දතයුතුය. සමථයෙහි පිහිටියා වූ විදර්ශනාවන්හි සුදුසු අයුරින් යෙදුණා වූ මොහු සියලු සංස්කාරයන්හි කලකිරෙයි, නොඇලෙයි, විදර්ශනාවට උනන්දු කරවයි යන යමක් වේද ඒ කාරණයෙන් ඔහු විසින් යොනි ආරද්ධා ආසවානං ඛයාය ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස කාරණය ආරම්භ කරන ලදීයයි දතයුතුය.

ගාථාසු සංවිජ‍්ජෙථෙවාති සංවිජ‍්ජෙය්‍ය එව සංවෙගං කරෙය්‍ය එව. “සංවිජ‍්ජිත්‍වානා”ති ච පඨන‍්ති. වුත‍්තනයෙන සංවිග‍්ගො හුත්‍වාති අත්‍ථො. පණ‍්ඩිතොති සප‍්පඤ‍්ඤො, තිහෙතුකපටිසන්‍ධීති වුත‍්තං හොති. පඤ‍්ඤාය සමවෙක‍්ඛියාති සංවෙගවත්‍ථූනි සංවිජ‍්ජනවසෙන පඤ‍්ඤාය සම‍්මා අවෙක‍්ඛිය. අථ වා පඤ‍්ඤාය සම‍්මා අවෙක‍්ඛිත්‍වාති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙව.

ගාථාවන්හි සංවිජ්ජෙථෙ ව සංවේගය ඇති කරන්නේමය. ‘සංවිජිත්‍වා’ යනුවෙන් ද කියති. කියන ලද ආකාරයෙන් සංවේගයට පත්ව යන අර්ථයි. පණ්ඩිතො යනු ප්‍රඥාව සහිත තැනැත්තා, ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය කියන ලද්දේ වෙයි. පඤ්ඤාය සමවෙක්‍ඛිය යනු සංවේග වස්තුවලින් සංවේගයට පත්වීම් වශයෙන් ප්‍රඥාවෙන් මැනවින් විමසා බලා, නැතහොත් ප්‍රඥාවෙන් මැනවින් විමසා. සෙස්ස හැමතන්හි නොගැඹුරු අර්ථ ඇත්තේමය.

දසමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ඉති පරමත්‍ථදීපනියා ඉතිවුත‍්තක-අට‍්ඨකථාය දුකනිපාතෙ පඨමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙසේ පරමත්‍ථදීපනී ඉතිවුත්තකට්ඨ කථාවෙහි දුක නිපාතයෙහි ප්‍රථම වර්ග වර්ණනාව නිමියේ ය.