1. විතක්ක සුත්තවණ්ණනා අට්ඨකථා
1. විතක්ක සුත්තවණ්ණනා
1. විතර්ක සූත්‍ර වර්ණනාව
දුතියවග්ගස්ස පඨමෙ තථාගතං, භික්ඛවෙති එත්ථ තථාගත-සද්දො තාව සත්තවොහාරසම්මාසම්බුද්ධාදීසු දිස්සති. තථා හෙස “හොති තථාගතො පරං මරණා”තිආදීසු (දී· නි· 1.65) සත්තවොහාරෙ.
දෙවන වර්ගයෙහි පළමුවන සූත්‍රයෙහි තථාගතං භික්ඛවෙ යන මෙහි තථාගත ශබ්දය සත්ත්ව ව්‍යවහාර, සම්මා සම්බුද්ධ ආදියෙහි දක්නා ලැබේ. එය එසේමය. ‘හොති තථාගතො පරම්මරණා’ යනාදියෙහි සත්ත්ව ව්‍යවහාරයෙහි යෙදේ.
“තථාගතං දෙවමනුස්සපූජිතං, බුද්ධං නමස්සාම සුවත්ථි හොතූ”ති. (ඛු· පා· 6.16) –
‘තථාගතං දෙවමනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ථි හොතු’
ආදීසු සම්මාසම්බුද්ධෙ.
යනාදියෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි යෙදේ.
“තථාගතං දෙවමනුස්සපූජිතං, ධම්මං නමස්සාම සුවත්ථි හොතූ”ති. (ඛු· පා· 6.17) –
‘තථාගතං දෙවමනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ථි හොතු’
ආදීසු ධම්මෙ.
යනාදියෙහි ධර්මයෙහි යෙදේ.
“තථාගතං දෙවමනුස්සපූජිතං, සඞ්ඝං නමස්සාම සුවත්ථි හොතූ”ති. (ඛු· පා· 6.18) –
‘තථාගතං දේවමනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ථි හොතු’
ආදීසු සඞ්ඝෙ.
යනාදියෙහි සංඝයා කෙරෙහි යෙදේ.
ඉධ පන සම්මාසම්බුද්ධෙ. තස්මා තථාගතන්ති එත්ථ අට්ඨහි කාරණෙහි භගවා තථාගතොති වුච්චති. කතමෙහි අට්ඨහි? තථා ආගතොති තථාගතො, තථා ගතොති තථාගතො, තථලක්ඛණං ආගතොති තථාගතො, තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො, තථදස්සිතාය තථාගතො, තථවාදිතාය තථාගතො, තථාකාරිතාය තථාගතො, අභිභවනට්ඨෙන තථාගතොති.
මේ සූත්‍රයෙහි වනාහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි යෙදේ. එහෙයින් ‘තථාගතං’ යන මෙහි කරුණු අටකින් භාග්‍යවතුන් වහන්සේ තථාගතයයි කියනු ලැබේ. කවර අටකින්ද? 1. තථා ආගතොති = තථාගතො 2. තථා ගතොති = තථාගතො 3. තථලක්ඛණං ආගතොති = තථාගතො 4. තථ ධම්මෙ යථාවතො අභිසම්බුද්ධොති = තථාගතො 5. තථ දස්සිතාය = තථාගතො 6. තථවාදිතාය = තථාගතො 7. තථා කාරිතාය = තථාගතො 8. අභිභවනට්ඨෙන = තථාගතො
කථං භගවා තථා ආගතොති තථාගතො?
1. භාග්‍යවතුන් වහන්සේ කෙසේ ‘එසේ ආ හෙයින් තථාගත නම් වෙත් ද?’
යථා යෙන අභිනීහාරෙන දානපාරමිං පූරෙත්වා සීලනෙක්ඛම්මපඤ්ඤාවීරියඛන්තිසච්චඅධිට්ඨානමෙත්තාඋපෙක්ඛාපාරමිං පූරෙත්වා ඉමා දස පාරමියො, දස උපපාරමියො, දස පරමත්ථපාරමියොති සමතිංස පාරමියො පූරෙත්වා අඞ්ගපරිච්චාගං, අත්තපරිච්චාගං, ධනපරිච්චාගං, දාරපරිච්චාගං, රජ්ජපරිච්චාගන්ති ඉමානි පඤ්ච මහාපරිච්චාගානි පරිච්චජිත්වා යථා විපස්සිආදයො සම්මාසම්බුද්ධා ආගතා, තථා අම්හාකං භගවාපි ආගතොති තථාගතො. යථාහ –
යම් ප්රාර්ථනාවකින් යම්සේ දාන පාරමිතාව පුරා සීල-නෙක්ඛම්ම-පඤ්ඤා-විරිය-බන්ති-සච්ච-අධිට්ඨාන-මෙත්තා-උපෙක්ඛා පාරමී පුරා මේ දස පාරමී දස උපපාරමී දස පරමත්ථ පාරමී යන සමතිසක් පාරමී පුරා ශරීර අවයව පරිත්‍යාග, ජීවිත පරිත්‍යාග, ධන පරිත්‍යාග, භාර්යාව පරිත්‍යාග, රාජ්‍ය පරිත්‍යාග යන මේ පංචමහා පරිත්‍යාග සිදු කොට විපස්සී ආදී සම්මා සම්බුදුරජාණන් වහන්සේලා යම්සේ ආවාහු ද එසේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ද ආ හෙයින් තථාගත නම් වෙති. එය කියන ලද අයුරු මෙසේය.
“යථෙව ලොකම්හි විපස්සිආදයො, සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා; තථා අයං සක්යමුනීපි ආගතො, තථාගතො වුච්චති තෙන චක්ඛුමා”ති. –
යථෙව ලොකම්හි විපස්සි ආදයො සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා තථා අයං සක්යමුනීපි ආගතො තථාගතො වුච්චති තෙන චක්ඛුමා
යම්සේ මේ ලෝකයෙහි විපස්සී ආදී මුනිවරු සර්වඥ බවට පැමිණියාහු ද එසේ මේ ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේ ද සර්වඥ බවට පැමිණියාහුය. එහෙයින් නුවණ ඇස ඇති භාග්‍යවතුන් වහන්සේ තථාගත යයි කියනු ලැබේ.
එවං තථා ආගතොති තථාගතො.
මෙසේ එසේ ආ හෙයින් තථාගත නම් වෙති.
කථං තථා ගතොති තථාගතො?
2. කෙසේ ‘එසේ ගිය හෙයින් තථාගත නම් වෙත් ද?’
යථා සම්පතිජාතාව විපස්සිආදයො සමෙහි පාදෙහි පථවියං පතිට්ඨාය උත්තරාභිමුඛා සත්තපදවීතිහාරෙන ගතා, තථා අම්හාකං භගවාපි ගතොති තථාගතො. යථාහු –
යම්සේ උපන් කෙණෙහිම විපස්සී ආදී බුදුවරු සම වූ පාවලින් පොළොවෙහි පිහිටා උතුරු දෙසට මුහුණලා පියවර හතක් ගියාහුද එසේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ද ගියහෙයින් තථාගත නම් වෙති. එය කියනලද අයුරු මෙසේය.
“මුහුත්තජාතොව ගවංපතී යථා, සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං; සො වික්කමී සත්ත පදානි ගොතමො, සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරූ.
මුහුත්තජාතොව ගවම්පතී යථා සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං සො වික්කමී සත්තපදානි ගොතමො සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරූ
ගෞතමයන් වහන්සේ උපන් කෙණෙහිම ශ්‍රේෂ්ඨ ගවයකු මෙන් සම වූ පාවලින් පොළව ස්පර්ශ කළාහුද, ඒ ගෞතමයන් වහන්සේ පියවර හතක් ගමන් කළහ. දෙවියෝ සේසත ද දැරූහ.
“ගන්ත්වාන සො සත්ත පදානි ගොතමො, දිසා විලොකෙසි සමා සමන්තතො; අට්ඨඞ්ගුපෙතං ගිරමබ්භුදීරයි, සීහො යථා පබ්බතමුද්ධනිට්ඨිතො”ති. –
ගනත්‍වාන සො සත්තපදානි ගොතමො දිසා විලොකෙසි සමා සමන්තතො අට්ඨංගුපෙතං පෙතං ගිරමබ්භුදීරයී සීහො යථා පබ්බත මුද්ධ නිට්ඨිතො
ඒ ගෞතමයන් වහන්සේ සත් පියවරක් ගොස් හාත්පස දිශාවන් බැලූහ. පර්වත මුදුනක සිටි සිංහයකු සේ අංග අටකින් යුත් හඬ නැගුහ.
එවං තථා ගතොති තථාගතො.
මෙසේ එසේ ගිය හෙයින් තථාගත නම් වෙති.
කථං තථලක්ඛණං ආගතොති තථාගතො?
3.. කෙසේ තථ ලක්ෂණයට පැමිණි හෙයින් (තථ ලක්ෂණය අවබෝධ කළ හෙයින්) තථාගත නම් වෙත්ද?
සබ්බෙසං රූපාරූපධම්මානං සලක්ඛණං, සාමඤ්ඤලක්ඛණං, තථං, අවිතථං, ඤාණගතියා ආගතො, අවිරජ්ඣිත්වා පත්තො, අනුබුද්ධොති තථාගතො. යථාහ –
සියලුම රූප අරූප ධර්මයන්ගේ සත්‍ය වූ නොවෙනස් වූ ඒ ලක්ෂණයට සාමාන්‍ය ලක්ෂණයට ඤාණ ගතියෙන් පැමිණි හෙයින් නොවැරදීම පැමිණි හෙයින් (ස්ව ලක්ෂණය, සාමාන්‍ය ලක්ෂණය අවබෝධ කළ හෙයින්) තථාගත නම් වෙති. එය කියන ලද අයුරු මෙසේය.
“සබ්බෙසං පන ධම්මානං, සකසාමඤ්ඤලක්ඛණං; තථමෙවාගතො යස්මා, තස්මා නාථො තථාගතො”ති. –
සබ්බෙසං පන ධම්මානං - සක සාමඤ්ඤ ලක්ඛණං තථමෙවාගතො යස්මා - තස්මා නාථො තථාගතො
සියලු ධර්මයන්ගේ සත්‍ය වූම ස්වකීය හා සාමාන්‍ය ලක්ෂණයට පැමිණි හෙයින් නාථයන් වහන්සේ තථාගත නම් වෙති.
එවං තථලක්ඛණං ආගතොති තථාගතො.
මෙසේ තථ ලක්ෂණයට පැමිණි හෙයින් (තථ ලක්ෂණය අවබෝධ කළ හෙයින්) තථාගත නම් වෙති.
කථං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො?
4. කෙසේ තථ ධර්මයන් තත් වූ පරිදි අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙත් ද?
තථධම්මා නාම චත්තාරි අරියසච්චානි. යථාහ “චත්තාරිමානි, භික්ඛවෙ, තථානි අවිතථානි අනඤ්ඤථානි. කතමානි චත්තාරි? ඉදං දුක්ඛං අරියසච්චන්ති, භික්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙත”න්ති (සං· නි· 5.1090) විත්ථාරො. තානි ච භගවා අභිසම්බුද්ධො, තස්මාපි තථානං අභිසම්බුද්ධත්තා තථාගතො. අභිසම්බුද්ධත්ථො හි එත්ථ ගත-සද්දො. එවං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො.
තථ ධර්ම නම් චතුරාර්ය සත්‍යයයි. එය මෙසේ වදාළහ. ‘චත්තාරිමානි භික්ඛවෙ තථානි අවිතථානි අනඤ්ඤථානි, කතමානි චත්තාරි? ඉදං දුක්ඛං අරියසච්චන්ති භික්ඛවෙ තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං’ යනු විස්තරයයි. ඒවා භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළහ. එහෙයින් තථ ධර්මයන් අවබෝධ කළ බැවින් තථාගත නම් වේ. මෙහි ගත ශබ්දය අවබෝධ කළ අර්ථය ඇත්තේය. මෙසේ තථ ධර්මයන් තත් වූ පරිදි අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති.
කථං තථදස්සිතාය තථාගතො?
5. කෙසේ තථ දස්සිතාවෙන් තථාගත නම් වෙත් ද?
යං සදෙවකෙ ලොකෙ…පෙ… සදෙවමනුස්සාය පජාය අපරිමාණාසු ලොකධාතූසු අපරිමාණානං සත්තානං චක්ඛුද්වාරෙ ආපාථමාගච්ඡන්තං රූපාරම්මණං නාම අත්ථි, තං භගවා සබ්බාකාරතො ජානාති පස්සති. එවං ජානතා පස්සතා චානෙන තං ඉට්ඨාදිවසෙන වා දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු ලබ්භමානපදවසෙන වා “කතමං තං රූපං රූපායතනං, යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං නීලං පීතක”න්තිආදිනා (ධ· ස· 616) නයෙන අනෙකෙහි නාමෙහි තෙරසහි වාරෙහි ද්වෙපඤ්ඤාසාය නයෙහි විභජ්ජමානං තථමෙව හොති, විතථං නත්ථි. එස නයො සොතද්වාරාදීසු ආපාථමාගච්ඡන්තෙසු සද්දාදීසු. වුත්තඤ්හෙතං භගවතා –
දෙවියන් සහිත වූ ලෝකයෙහි -පෙ- දෙවිමිනිසුන් සහිත අප්‍රමාණ වූ ලෝකධාතුවල අප්‍රමාණ වූ සත්ත්වයන්ගේ ඇස් දොර (චක්ඛුද්වාර) හමුවට එන යම් රූපාරම්මණයක් ඇද්ද, භාග්‍යවතුන් වහන්සේ එය සියලු ආකාරයෙන් දනිති. දකිති. මෙසේ දන්නා වූ දක්වා වූ උන්වහන්සේ විසින් එය ඉෂ්ටාදී වශයෙන් හෝ දිට්ඨ-සුත-මුත- විඤ්ඤාත අතුරෙන් ලැබෙන ආකාර වශයෙන් හෝ ඒ රූපායතන රූපය කවරේද යත්, යම් රූපයක් සතර මහා භූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්ශන සප්‍රතිඝ වූ නිල්ය කහය ආදී ක්‍රමයෙන් නොයෙක් නම්වලින් වාර දහතුනකින් හෝ ක්‍රම පනස් දෙකකින් හෝ බෙදනු ලබන්නේ එසේ වෙයි. වෙනත් අයුරකින් නොවේ. කන්දොර (සෝතද්වාර) ආදිය හමුවට එන ශබ්දාදියෙහිද මේ ක්‍රමයයි. එය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී.
“යං, භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස…පෙ… සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි…පෙ… තමහං අබ්භඤ්ඤාසිං, තං තථාගතස්ස විදිතං, තං තථාගතො න උපට්ඨාසී”ති (අ· නි· 4.24).
‘යං භික්ඛවෙ සදෙවකස්ස ලොකස්ස -පෙ- සදෙව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි තමහං අබ්භඤ්ඤාසිං තං තථාගතස්ස විදිතං තං තථාගතො න උපට්ඨාසි’ ‘මහණෙනි, දෙවියන් සහිත -පෙ- දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් යම් රූපායතනයක්, ශබ්දායතනයක්, ගන්ධායතනයක්, රසායතනයක්, පොට්ඨබ්බායතනයක් ධර්මායතනයක් ගන්නා ලද ද සොයාගන්නා ලදද සිතින් ලුහුබඳනා ලද ද ඒ හැම මම දැනගතිමි. ඒ හැම තථාගතයන් වහන්සේ විසින් දන්නා ලදී. ඒ හැම තථාගතයන් වහන්සේ සදොර අරමුණු කරා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් වැද නොගත්හ.
එවං තථදස්සිතාය තථාගතො. එත්ථ තථදස්සිඅත්ථෙ තථාගතොති පදස්ස සම්භවො වෙදිතබ්බො.
මෙසේ තථදස්සිතාවෙන් තථාගත නම් වෙති. එහි තථදස්සී අර්ථයෙහි තථාගත යන පදයේ හටගැන්ම දතයුතුය.
කථං තථවාදිතාය තථාගතො?
6. කෙසේ තථවාදිතාවෙන් තථාගත නම් වෙත් ද?
යං රත්තිං භගවා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි, එත්ථන්තරෙ පඤ්චචත්තාලීසවස්සපරිමාණකාලෙ යං භගවතා භාසිතං සුත්තගෙය්යාදි, සබ්බං තං පරිසුද්ධං පරිපුණ්ණං රාගමදාදිනිම්මදනං එකසදිසං තථං අවිතථං. තෙනාහ –
භාග්‍යවතුන් වහන්සේ යම් රාත්‍රියක අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළාහුද යම් රාත්‍රියක අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක් ද මේ අතර හතළිස් පස් අවුරුද්දක් පමණ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් සුත්ත ගෙය්ය ආදී වශයෙන් යමක් දේශනා කරන ලද ද ඒ සියල්ල පිරිසිදුය, පිරිපුන්ය, රාග මද නැති කිරීමෙන් එක සමානය, සත්‍යය, අසත්‍යය නොවේ. එහෙයින් -
“යඤ්ච, චුන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති, නො අඤ්ඤථා. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (දී· නි· 3.188; අ· නි· 4.23).
‘යඤ්ච චුන්ද රත්තිං තථාගතො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යඤ්ච එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති සබ්බං තං තථමෙව හොති න අඤ්ඤථා, තස්මා තථාගතොති වුච්චති’ චුන්ද, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කරත් ද යම් රාත්‍රියක අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙත් ද ඒ අතර යමක් කියත් ද විස්තර කරත්ද ඒ සියල්ල එසේම වෙයි, අන් අයුරකින් නොවේ. එහෙයින් තථාගත යයි කියනු ලැබේ’ යනුවෙන් වදාළහ.
ගදඅත්ථො හි එත්ථ ගතසද්දො. එවං තථවාදිතාය තථාගතො. අපිච ආගදනං ආගදො, වචනන්ති අත්ථො. තථො අවිපරීතො ආගදො අස්සාති දකාරස්ස තකාරං කත්වා තථාගතොති, එවම්පෙත්ථ පදසිද්ධි වෙදිතබ්බා.
මෙහි ගත ශබ්දය ‘වචනය’ යන අර්ථ ඇත්තේය. මෙසේ තථවාදිතාවෙන් තථාගත නම් වෙති. ප්රකාශනය ආගද නම් වේ. වචනය යන අර්ථය යි. සත්‍ය වූ නොවෙනස් වූ වචනය මොහුට ඇත යන අර්ථයෙන් ‘ද’ කාරයට ‘ත’ කාරය කොට තථාගතො යනුවෙන් සිද්ධ වේ. මෙසේ මෙහි පද සිද්ධිය දතයුතුය.
කථං තථාකාරිතාය තථාගතො?
7. කෙසේ තථා කාරිතාවෙන් තථාගත නම් වෙත් ද?
භගවතො හි වාචාය කායො අනුලොමෙති, කායස්සපි වාචා. තස්මා යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී ච හොති. එවංභූතස්ස චස්ස යථා වාචා, කායොපි තථා ගතො පවත්තො. යථා ච කායො, වාචාපි තථා ගතාති තථාගතො. තෙනාහ “යථාවාදී, භික්ඛවෙ, තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති. එවං තථාකාරිතාය තථාගතො.
භාග්‍යවතුන් වහන්සේගේ වචනයට කය අනුලොම්ය. කයට වචනය අනුලොම්ය. එහෙයින් යථාවාදී තථාකාරී (කියන දෙයට අනුව කටයුතු කරන) යථාකාරී තථාවාදී (කරන දෙයට අනුව කියන) ද වෙති. එහෙයින් ‘යථාවාදී භික්ඛවෙ තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී, ඉති යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී තස්මා තථාගතොති වුච්චති’ ‘මහණෙනි, තථාගතයන් වහන්සේ කියන දෙයට අනුව කටයුතු කරති. කටයුතුවලට අනුව කියති. මෙසේ යථාවාදී තථාකාරි වෙති. යථාකාරි තථාවාදී වෙති. එහෙයින් තථාගත යයි කියනු ලැබේ’ යනුවෙන් වදාළහ. මෙසේ තථාකාරිතාවෙන් තථාගත නම් වෙති.
කථං අභිභවනට්ඨෙන තථාගතො?
8. කෙසේ අභිභවන අර්ථයෙන් තථාගත නම් වෙත් ද?
යස්මා භගවා උපරි භවග්ගං හෙට්ඨා අවීචිං පරියන්තං කරිත්වා තිරියං අපරිමාණාසු ලොකධාතූසු සබ්බසත්තෙ අභිභවති සීලෙනපි සමාධිනාපි පඤ්ඤායපි විමුත්තියාපි විමුත්තිඤාණදස්සනෙනපි, න තස්ස තුලා වා පමාණං වා අත්ථි, අථ ඛො අතුලො අප්පමෙය්යො අනුත්තරො දෙවානං අතිදෙවො සක්කානං අතිසක්කො බ්රහ්මානං අතිබ්රහ්මා සබ්බසත්තුත්තමො, තස්මා තථාගතො. තෙනාහ –
භාග්‍යවතුන් වහන්සේ ඉහළින් භවාග්රයත් යටින් අවීචියත් කෙළවරකොට සරසින් අප්‍රමාණ ලෝකධාතුවල සියලු සත්ත්වයන් සීලයෙන් ද සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්ති ඥාන දර්ශයෙන් ද මැඩ පවත්වති. උන්වහන්සේට සමකිරිමක් හෝ ප්‍රමාණ කිරීමක් නැත. අතුලයහ (අසමානයහ) අප්‍රමාණයහ. අනුත්තරයහ. දෙවියන්ට අතිදේවයහ. ශක්‍රයන්ට අතිශක්රය ක්රමයන්ට අති බ්‍රහ්මයහ සියලු සත්ත්වයන්ට උතුම් වෙති. එහෙයින් තථාගත වෙති.
“සදෙවකෙ, භික්ඛවෙ, ලොකෙ…පෙ… මනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී, තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (දී· නි· 3.188; අ· නි· 4.23).
එහෙයින් ‘සදෙවකෙ භික්ඛවෙ ලොකෙ -පෙ- සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්ති. තස්මා තථාගතොති වුච්චති’ ‘මහණෙනි, දෙවියන් සහිත -පෙ- ඉතිරි දෙවි මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ සියල්ලන් මැඩගෙන සිටිනා සේක් අන් අය විසින් නො මඬනා ලදහ. ඒකාන්තයෙන් සියල්ල දක්නා සේක් තමා වශයෙහි සිටුනා සේක. එහෙයින් තථාගත යයි කියනු ලැබේ’ යනුවෙන් වදාළහ.
තත්රායං පදසිද්ධි – අගදො විය අගදො, දෙසනාවිලාසො චෙව පුඤ්ඤුස්සයො ච. තෙන හෙස මහානුභාවො භිසක්කො විය දිබ්බාගදෙන සප්පෙ, සබ්බපරප්පවාදිනො සදෙවකඤ්ච ලොකං අභිභවති. ඉති සබ්බලොකාභිභවනෙ තථො අවිපරීතො යථාවුත්තො අගදො එතස්සාති දකාරස්ස තකාරං කත්වා තථාගතොති වෙදිතබ්බො. එවං අභිභවනට්ඨෙන තථාගතො.
මේ එහි පද සිද්ධියයි. බෙහෙතක් වැනි වූයේ = අගද ය, (වචනය.) එය දේශනා විලාසයත් පින් රාශියත් ය. එයින් උන්වහන්සේ, මහත් ආනුභාව ඇති වෛද්‍යවරයෙක් දිව්‍ය බෙහෙතින් සර්පයන් මැඩ පවත්වන්නාක් මෙන් සියලු පරවාදීන් ද දෙවියන් සහිත ලෝකයා ද මැඩපවත්වති. මෙසේ සියලු ලෝවැසියන් මැඩපැවැත්වීමෙහිලා සත්‍ය වූ නොවෙනස් වූ කියන ලද ආකාර ඇති බෙහෙත උන්වහන්සේට ඇත්තේය යනුවෙන් ‘ද’ කාරයට ‘ත’ කාරය කොට තථාගත යයි දතයුතුය. මෙසේ මැඩපවත්වන අර්ථයෙන් තථාගත නම් වෙති.
අපිච තථාය ගතොති තථාගතො, තථං ගතොති තථාගතො. තත්ථ සකලලොකං තීරණපරිඤ්ඤාය තථාය ගතො අවගතොති තථාගතො, ලොකසමුදයං පහානපරිඤ්ඤාය තථාය ගතො අතීතොති තථාගතො, ලොකනිරොධං සච්ඡිකිරියාය තථාය ගතො අධිගතොති තථාගතො. ලොකනිරොධගාමිනිං පටිපදං තථං ගතො පටිපන්නොති තථාගතො. වුත්තඤ්හෙතං භගවතා –
“අපි ච තථාය ගතො අවගතො’ති තථාගතො” තවද තථයට ගියහ. (එය) අවබෝධ කළහ යන අරුතින් තථාගත නම් වෙති. එහි තීරණ පරිඤ්ඤාව වූ තථයෙන් සියලු ලෝකය (දුක) අවබෝධ කළහ යන අරුතින් තථාගත නම් වෙති. පහාණ පරිඤ්ඤාව වූ තථයෙන් ලෝක සමුදය අවබෝධ කළහ, ඉක්මවූහ යන අරුතින් තථාගත නම් වෙති. ප්රත්යක්ෂ කිරීම වූ තථයෙන් ලෝක නිරෝධයට ගියහ. (එය) අවබෝධ කළහ යන අරුතින් තථාගත නම් වෙති. භාවනාව වූ තථයෙන් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවට එළඹියහ, පිළිපන්හ යන අරුතින් තථාගත නම් වෙති. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදී. (ඒ මෙසේය)
“ලොකො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො. ලොකස්මා තථාගතො විසංයුත්තො. ලොකසමුදයො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකසමුදයො තථාගතස්ස පහීනො. ලොකනිරොධො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො. ලොකනිරොධගාමිනී පටිපදා, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධා, ලොකනිරොධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා. යං, භික්ඛවෙ, සදෙවකස්ස…පෙ… සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23).
‘ලොකො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො ලොකස්මා තථාගතො විසංයුත්තො, ලොක සමුදයො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො ලොකසමුදයො තථාගතස්ස පහීනො, ලොක නිරොධො භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධො ලොක නිරොධො තථාගතස්ස සච්ඡිකතො, ලොක නිරොධගාමිනී පටිපදා භික්ඛවෙ තථාගතෙන අභිසම්බුද්ධා ලොකනිරොධ ගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා. යං භික්ඛවෙ සදෙවකස්ස -පෙ- සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං තස්මා තථාගතොති වුච්චති’ ‘මහණෙනි, ලෝකය (දුක්ඛ සත්‍යය) තථාගතයන් වහන්සේ විසින් පසක් කරන ලදී. තථාගතයන් වහන්සේ ලෝකයෙන් (දුක්ඛ සත්‍යයෙන්) වෙන් වූහ. ‘මහණෙනි, ලෝක සමුදය (තෘෂ්ණාව) තථාගතයන් වහන්සේ විසින් පසක් කරන ලදී. තථාගතයන් වහන්සේ විසින් ලෝක සමුදය ප්‍රහීණ කරන ලදී. මහණෙනි, ලෝක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. ලෝක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් පසක් කරන ලදී. මහණෙනි, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් වඩන ලදී. මහණෙනි, දෙවියන් සහිත යම් -පෙ- ඒ හැම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. එහෙයින් ‘තථාගත’ යයි කියනු ලැබේ.
අපරෙහිපි අට්ඨහි කාරණෙහි භගවා තථාගතො. තථාය ආගතොති තථාගතො, තථාය ගතොති තථාගතො, තථානි ආගතොති තථාගතො, තථා ගතොති තථාගතො, තථාවිධොති තථාගතො, තථාපවත්තිකොති තථාගතො, තථෙහි ආගතොති තථාගතො, තථා ගතභාවෙන තථාගතොති.
තවත් කරුණු අටකින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති. 1. තථාය ආගතොති = තථාගතො 2. තථාය ගතොති = තථාගතො 3. තථානි ආගතොති = තථාගතො 4. තථා ගතොති = තථාගතො 5. තථා විද්ධොති = තථාගතො 6. තථා පවත්තිකොති = තථාගතො 7. තථෙහි අගතොති = තථාගතො 8. තථා ගතභාවෙන = තථාගතො යනුවෙනි.
කථං තථාය ආගතොති තථාගතො?
1. සත්‍යය සඳහා පැමිණියේ යන අරුතින් තථාගත නම් වන්නේ කෙසේද?
යා සා භගවතා සුමෙධභූතෙන දීපඞ්කරදසබලස්ස පාදමූලෙ –
සුමේධ තාපස කාලයෙහි දීපංකර බුදුරජාණන් වහන්ගේ පාදමූලයෙහි දී
“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං; පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා; අට්ඨධම්මසමොධානා, අභිනීහාරො සමිජ්ඣතී”ති. (බු· වං· 2.59) –
‘මනුස්සත්තං - ලිංග සම්පත්ති - හෙතු - සත්ථාරදස්සනං පබ්බජ්ජා - ගුණ සම්පත්ති - අධිකාරො ච ඡන්දතා අට්ඨධම්මසමොධානා අභිනීහාරො සමිජ්ඣති’
‘මිනිසත් බව, පුරුෂයකු වීම, රහත්වීමට පින් (හේතු) ඇති බව, ශාස්තෲන් වහන්සේ නමක් ජීවමානව දැකීම, කිරියවාදී පැවිද්දකු වීම, පංච අභිඥා අෂ්ට සමාපත්ති ලාභියකු වීම, තම ජීවිතය බුදුන්ට පරිත්‍යාග කිරීම, බුද්ධකාරක ධර්ම පිරිමට මහත් කැමැත්ත ඇති බව යන කරුණු අට එක්වීමෙන් ප්‍රාර්ථනාව සිදුවෙයි’
එවං වුත්තං අට්ඨඞ්ගසමන්නාගතං අභිනීහාරං සම්පාදෙන්තෙන “අහං සදෙවකං ලොකං තිණ්ණො තාරෙස්සාමි, මුත්තො මොචෙස්සාමි, දන්තො දමෙස්සාමි, අස්සත්ථො අස්සාසෙස්සාමි, පරිනිබ්බුතො පරිනිබ්බාපෙස්සාමි, සුද්ධො සොධෙස්සාමි, බුද්ධො බොධෙස්සාමී”ති මහාපටිඤ්ඤා පවත්තිතා. වුත්තං හෙතං –
යනුවෙන් මෙසේ කියන ලද ගුණ අටකින් යුක්ත වූ ප්‍රාර්ථනාව පෝෂණය කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් මම (සසර සයුර) තරණය කළ කෙනෙක් වී දෙවියන් සහිත ලෝවැසියා තරණය කරවන්නෙමි. මම (සසරින්) මිදුන කෙනෙක් වී මුදවන්නෙමි. මම දමනය වී දමනය කරවන්නෙමි. දුක් නැසූ කෙනෙක් වී දුක් විනාශ කරවන්නෙමි. පිරිනිවි කෙනෙක් වී පිරිනිවවන්නෙමි. පිරිසිදු කෙනෙක් වී පිරිසිදු කරවන්නෙමි. අවබෝධ කළ කෙනෙක් වී අවබෝධ කරවන්නෙමි’යි යනුවෙන් යම් වචනයක් ප්‍රතිඥාවක් කරන ලද ද එය පවත්වන ලදී. (ආරක්ෂා කරන ලදී.) ඒ කාරණය කියන ලදී.
“කිං මෙ එකෙන තිණ්ණෙන, පුරිසෙන ථාමදස්සිනා; සබ්බඤ්ඤුතං පාපුණිත්වා, සන්තාරෙස්සං සදෙවකං.
කිම්මෙ එකෙන තිණ්ණෙන පුරිසෙන ථාමදස්සිනා සබ්බඤ්ඤුතං පාපුණිත්වා සන්තාරෙස්සං සදෙවකං
තමාගේ බලය දකින පුරුෂයකු විසින් තනිව තරණය කිරිමෙන් මට කවර ප්‍රයෝජනයක් ද? සර්වඥතාඥානයට පැමිණ දෙවියන් සහිත ලෝවැසියන් තරණය කරවන්නෙමි.
“ඉමිනා මෙ අධිකාරෙන, කතෙන පුරිසුත්තමෙ; සබ්බඤ්ඤුතං පාපුණිත්වා, තාරෙමි ජනතං බහුං.
ඉමිනා මෙ අධිකාරෙන කතෙන පුරිසුත්තමෙ සබ්බඤ්ඤුතං පාපුණිත්වා තාරෙමි ජනතං බහුං
පුරුෂෝත්තම වූ බුදුන් කෙරෙහි කරන ලද මාගේ මේ අධික සත්කාරයෙන් සර්වඥතා ඥානයට පැමිණ බොහෝ ජනතාව සසරින් එතෙර කරවමි.
“සංසාරසොතං ඡින්දිත්වා, විද්ධංසෙත්වා තයො භවෙ; ධම්මනාවං සමාරුය්හ, සන්තාරෙස්සං සදෙවකං.
සංසාරසොතං ඡින්දිත්වා විද්ධංසෙත්වා තයො භවෙ ධම්මනාවං සමාරුය්හ සන්තාරෙස්සං සදෙවකං
සංසාර නමැති ශ්‍රෝතස සිඳ දමා තුන්භවය නසා දහම් නැවට නැගී දෙවියන් සහිත ලෝකයා එතෙර කරවන්නෙමි.
“කිං මෙ අඤ්ඤාතවෙසෙන, ධම්මං සච්ඡිකතෙනිධ; සබ්බඤ්ඤුතං පාපුණිත්වා, බුද්ධො හෙස්සං සදෙවකෙ”ති. (බු· වං· 55-58);
කිම්මෙ අඤ්ඤාත වෙසෙන ධම්මං සච්ඡිකතෙනිධ සබ්බඤ්ඤුතං පාපුණිත්වා බුද්ධො හෙස්සං සදෙවකං
මේ ආත්ම භාවයෙහි දී අප්‍රකට වේශයෙන් ධර්මය ප්රත්යක්ෂ කිරිමෙන් මට කවර ප්‍රයෝජනයක් ද? සර්වඥතා ඥානයට පැමිණ දෙවියන් සහිත ලෝකයෙහි බුදු වන්නෙමි.
තං පනෙතං මහාපටිඤ්ඤං සකලස්සපි බුද්ධකරධම්මසමුදායස්ස පවිචයපච්චවෙක්ඛණසමාදානානං කාරණභූතං අවිසංවාදෙන්තො ලොකනාථො යස්මා මහාකප්පානං සතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි සක්කච්චං නිරන්තරං නිරවසෙසතො දානපාරමිආදයො සමතිංසපාරමියො පූරෙත්වා, අඞ්ගපරිච්චාගාදයො පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජිත්වා, සච්චාධිට්ඨානාදීනි චත්තාරි අධිට්ඨානානි පරිබ්රූහෙත්වා, පුඤ්ඤඤාණසම්භාරෙ සම්භරිත්වා පුබ්බයොගපුබ්බචරියධම්මක්ඛානඤාතත්ථචරියාදයො උක්කංසාපෙත්වා, බුද්ධිචරියං පරමකොටිං පාපෙත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣි; තස්මා තස්සෙව සා මහාපටිඤ්ඤා තථා අවිතථා අනඤ්ඤථා, න තස්ස වාලග්ගමත්තම්පි විතථං අත්ථි. තථා හි දීපඞ්කරො දසබලො කොණ්ඩඤ්ඤො, මඞ්ගලො…පෙ… කස්සපො භගවාති ඉමෙ චතුවීසති සම්මාසම්බුද්ධා පටිපාටියා උප්පන්නා “බුද්ධො භවිස්සතී”ති නං බ්යාකරිංසු. එවං චතුවීසතියා බුද්ධානං සන්තිකෙ ලද්ධබ්යාකරණො යෙ තෙ කතාභිනීහාරෙහි බොධිසත්තෙහි ලද්ධබ්බා ආනිසංසා, තෙ ලභිත්වාව ආගතොති තාය යථාවුත්තාය මහාපටිඤ්ඤාය තථාය අභිසම්බුද්ධභාවං ආගතො අධිගතොති තථාගතො. එවං තථාය ආගතොති තථාගතො.
ඒ මේ මහා ප්‍රතිඥාව සියලු බුද්ධකාරක ධර්ම සමූහය සෙවීම නුවණින් විමසා බැලීම, සමාදානය යන මේවා පිළිබඳ (මූලික) කාරණය වූ බොරු නොකියන්නා වූ ලෝකනාථයන් වහන්සේ මහා කල්ප ලක්ෂයක්ද අසංඛ්‍ය කල්ප සතරක් ද සකස්කොට නිරතුරුව ඉතිරි නොකිරිම් වශයෙන් දාන පාරමිතාව ආදී වූ පාරමී තිහක් පුරා ශරීර අංග පරිත්‍යාග කිරීම් ආදී මහා පරිත්‍යාග පහ පරිත්‍යාග කොට සත්‍ය අධිෂ්ඨාන ආදී අධිෂ්ඨාන සතර වර්ධනය කොට පින් රාශිය, ඤාණ රාශිය රැස්කොට පුබ්බයෝග, පුබ්බචරිය, ධම්මක්ඛාන, ඤාතත්ථචරියාදිය උසස් බවට පමුණුවා බුද්ධ චරියාව ඉහළම කෙළවරට පමුණුවා අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළහ. එහෙයින් ඒ මහා ප්‍රතිඥාව සත්‍යය, අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ. ඒ ප්‍රතිපදාවේ කෙස්ගසක අග තරම්වත් අසත්‍යයක් නැත. එසේම දීපංකර දසබලයන් වහන්සේ, කොණ්ඩඤ්ඤ දසබලයන් වහන්සේ සුමංගල දසබලයන් වහන්සේ -පෙ- කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ යන මේ සූවිසි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිළිවෙළින් උපන්නාහු ‘මොහු බුදුවන්නේය’ යි උන්වහන්සේට විවරණ දුන්හ. මෙසේ සූවිසි බුදුවරුන් සමීපයෙහි ලබන ලද විවරණ ඇත්තේ කරන ලද ප්‍රාර්ථනා ඇති බෝධිසත්ත්වයන් විසින් ලැබිය යුතු යම් ඒ ආනිසංස කියන ලදද, ඒවා ලබාගෙනම ආවේයයි මෙසේ ඒ කියන ලද පරිදි සත්‍ය වූ මහා ප්‍රතිඥාව කරණකොට බුදුබවට ආයේය. බුදුබව අවබෝධ කළේය යන අරුතින් තථාගත නම් වේ. මෙසේ ‘තථාය ආගතොති තථාගතො’ සත්‍යය සඳහා ආ හෙයින් තථාගත නම් වේ.
කථං තථාය ගතොති තථාගතො?
2. සත්‍යය සඳහා ගියේ යන අරුතින් තථාගත නම් වන්නේ කෙසේද?
යායං මහාකරුණා ලොකනාථස්ස, යාය මහාදුක්ඛසම්බාධප්පටිපන්නං සත්තනිකායං දිස්වා “තස්ස නත්ථඤ්ඤො කොචි පටිසරණං, අහමෙව නං ඉතො සංසාරදුක්ඛතො මුත්තො මොචෙස්සාමී”ති සමුස්සාහිතමානසො මහාභිනීහාරං අකාසි. කත්වා ච යථාපණිධානං සකලලොකහිතසම්පාදනාය උස්සුක්කමාපන්නො අත්තනො කායජීවිතනිරපෙක්ඛො පරෙසං සොතපථගමනමත්තෙනපි චිත්තුත්රාසසමුප්පාදිකා අතිදුක්කරා දුක්කරචරියා සමාචරන්තො යථා මහාබොධිසත්තානං පටිපත්ති හානභාගියා සංකිලෙසභාගියා ඨිතිභාගියා වා න හොති, අථ ඛො උත්තරි විසෙසභාගියාව හොති, තථා පටිපජ්ජමානො අනුපුබ්බෙන නිරවසෙසෙ බොධිසම්භාරෙ සමානෙත්වා අභිසම්බොධිං පාපුණි. තතො පරඤ්ච තායෙව මහාකරුණාය සඤ්චොදිතමානසො පවිවෙකරතිං පරමඤ්ච සන්තං විමොක්ඛසුඛං පහාය බාලජනබහුලෙ ලොකෙ තෙහි සමුප්පාදිතං සම්මානාවමානවිප්පකාරං අගණෙත්වා වෙනෙය්යජනවිනයනෙන නිරවසෙසං බුද්ධකිච්චං නිට්ඨපෙසි. තත්ර යො භගවතො සත්තෙසු මහාකරුණාය සමොක්කමනාකාරො, සො පරතො ආවි භවිස්සති. යථා බුද්ධභූතස්ස ලොකනාථස්ස සත්තෙසු මහාකරුණා, එවං බොධිසත්තභූතස්සපි මහාභිනීහාරකාලාදීසූති සබ්බත්ථ සබ්බදා ච එකසදිසතාය තථාව සා අවිතථා අනඤ්ඤථා. තස්මා තීසුපි අවත්ථාසු සබ්බසත්තෙසු සමානරසාය තථාය මහාකරුණාය සකලලොකහිතාය ගතො පටිපන්නොති තථාගතො. එවං තථාය ගතොති තථාගතො.
ලෝකනාථයන් වහන්ගේ යම් මේ මහා කරුණාවක් වීද, මහා දුක් එක්රැස් වීම පිණිස කටයුතු කරන සත්ත්ව කොටස දැක එයට උපකාර කිරීමට අන් කිසිවෙක් නැත. මමම මේ සංසාර දුකින් මිදුණේ (ඔවුන්) මුදවන්නෙමියි උත්සාහවත් වූ සිත් ඇත්තේ මහාභිනීහාරය (බුදුබවට ප්‍රාර්ථනා) කළාහු ද එසේ කොට ප්‍රාර්ථනාව පරිදි සියලු ලෝකයාට යහපත සිදුකිරීම පිණිස උත්සාහවත් වූයේ තමාගේ කාය ජීවිත දෙක්හි අපේක්ෂාවක් නැත්තේ ඇසීම් පමණකිනුත් අනුන්ගේ සිතේ තැතිගැනීමක් ඇතිකරන අති දුෂ්කර වූ දුක් හැසිරීමක හැසිරෙමින්, මහාබෝධි සත්ත්වයන්ගේ ප්‍රතිපත්ති පිරිහෙන පැත්තට හෝ කෙලෙසෙන පැත්තට හෝ පවතින පැත්තට හෝ අයත් නොවී මත්තෙහි දියුණුවන පැත්තටම නැඹුරු වූයේ වේද, එසේ පිළිපදිමින් අනුපිළිවෙළින් ඉතිරි නොකොට බෝධිසම්භාර ධර්මයන් රැස්කොට අභිසම්බෝධියට (බුද්ධත්වයට) පැමිණියාහුද, ඉන්පසුව ද ඒ මහා කරුණාවෙන් ම මෙහෙයවන ලද සිත් ඇත්තේ තනිව විසීමේ ඇල්ම ද පරම ශාන්ත නිවන්සැපය ද හැර බාල (අනුවණ) ජනතාව බහුලකොට ඇති ලෝකයෙහි ඔවුන් විසින් මතුකරන ලද සම්මාන අවමාන විකාර සැලකිල්ලට නොගෙන හික්මවීමට සුදුසු ජනතාව හික්මවමින් ඉතිරි නොකොට බුද්ධකෘත්‍යය (බුදුවරයකු විසින් කළයුතු කටයුතු) නිමකළ සේක. එහි භාග්‍යවතුන් වහන්සේගේ සත්ත්වයන් කෙරෙහි වූ මහා කරුණාවෙන් විමසා බලන ආකාරය අන්තැනක පැහැදිලි වන්නේය. බුදු වූ ලෝකනාථයන් වහන්සේගේ සත්ත්වයන් කෙරෙහි ඇති මහා කරුණාව යම්සේ ද මෙසේ ම බෝධිසත්ත්වයන්ගේ මහාභිනීහාර කාලාදියෙහි දැයි මෙසේ සැමතැන හැමදා එක සමාන බැවින් සත්‍යය, අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ. එහෙයින් (මේ) අවස්ථා තුනෙහි ම සියලු සත්ත්වයන් කෙරෙහි සමාන වූ ක්‍රියාවෙන් ඒ මහා කරුණාවෙන් සියලු ලෝකවාසීන්ගේ හිත පිණිස ගියේ පිළිපන්නේ යන අරුතින් තථාගත නම් වේ. මෙසේ තථාය ගතොති තථාගතො. සත්ත්වයන්ගේ හිත පිණිස ගියේ ය යන අරුතින් තථාගත නම් වේ.
කථං තථානි ආගතොති තථාගතො?
3.1 සතර ආර්යමාර්ග ඥාන අවබෝධ කළ හෙයින් කෙසේ තථාගත නම් වෙත් ද?
තථානි නාම චත්තාරි අරියමග්ගඤාණානි. තානි හි “ඉදං දුක්ඛං, අයං දුක්ඛසමුදයො, අයං දුක්ඛනිරොධො, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති එවං සබ්බඤෙය්යසඞ්ගාහකානං පවත්තිනිවත්තිතදුභයහෙතුභූතානං චතුන්නං අරියසච්චානං, දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො, සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සංයොගට්ඨො පලිබොධට්ඨො, නිරොධස්ස නිස්සරණට්ඨො විවෙකට්ඨො අසඞ්ඛතට්ඨො අමතට්ඨො, මග්ගස්ස නිය්යානට්ඨො හෙත්වට්ඨො දස්සනට්ඨො අධිපතෙය්යට්ඨොතිආදීනං තබ්බිභාගානඤ්ච යථාභූතසභාවාවබොධවිබන්ධකස්ස සංකිලෙසපක්ඛස්ස සමුච්ඡින්දනෙන පටිලද්ධාය තත්ථ අසම්මොහාභිසමයසඞ්ඛාතාය අවිපරීතාකාරප්පවත්තියා ධම්මානං සභාවසරසලක්ඛණස්ස අවිසංවාදනතො තථානි අවිතථානි අනඤ්ඤථානි, තානි භගවා අනඤ්ඤනෙය්යො සයමෙව ආගතො අධිගතො, තස්මා තථානි ආගතොති තථාගතො.
සතර ආර්ය මාර්ග ඥාන ‘තථානි’ නම් වේ. ඒවා නම් මේ දුක ය, මේ දුක්ඛ සමුදය ය. මේ දුක්ඛ නිරෝධය ය, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාවය. මෙසේ ඒ දතයුතු සියල්ල ඇතුළත් වූ පැවැත්ම-නැවැත්ම යන ඒ දෙකටම හේතු වූ සතර ආර්ය සත්‍යයන් සම්බන්ධව ඇති දුක පිළිබඳ පෙළන අර්ථය, සංඛත අර්ථය, සන්තාප අර්ථය, විපරිණාම (පෙරළෙන) අර්ථය, සමුදය පිළිබඳ රැස්කරන අර්ථය, නිදාන අර්ථය, සංයෝග අර්ථය, පළිබෝධ අර්ථය, නිරෝධය පිළිබඳ නිදහස්වීම් (නිස්සරණ) අර්ථය පවිවේක අර්ථය, අසංඛත අර්ථය, අමත අර්ථය, මාර්ගය පිළිබඳ සසරින් නික්මයන අර්ථය, හේතු අර්ථය, දර්ශන අර්ථය, අධිපති අර්ථය යනාදී බෙදීම් පිළිබඳව ද යථාභූත ස්වභාවය අවබෝධයට ඇති බාධක වූ කෙලෙසන පක්ෂය සහමුලින් නැසීමෙන් ලබන ලද අසමය අභිසමය නම් වූ නොවෙනස් ආකාරයෙන් පැවති ධර්මයන් පිළිබඳ භාව ලක්ෂණයට ස්වලක්ෂණයට අවිරුද්ධ වශයෙන් සත්‍යය, අසත්‍ය නොවේ, අන් අයුරකින් නොවේ. අනිකකු විසින් අවබෝධ කරවීමට යෝග්‍ය නොවූ ඒවා භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේම අවබෝධ කළහ. එහෙයින් මාර්ගඥාන අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති.
යථා ච මග්ගඤාණානි, එවං භගවතො තීසු කාලෙසු අප්පටිහතඤාණානි චතුපටිසම්භිදාඤාණානි චතුවෙසාරජ්ජඤාණානි පඤ්චගතිපරිච්ඡෙදඤාණානි ඡඅසාධාරණඤාණානි සත්තබොජ්ඣඞ්ගවිභාවනඤාණානි අට්ඨමග්ගඞ්ගවිභාවනඤාණානි නවානුපුබ්බවිහාරසමාපත්තිඤාණානි දසබලඤාණානි ච විභාවෙතබ්බානි.
3.2 මාර්ගඥාන යම්සේද එසේම භාග්‍යවතුන් වහන්සේගේ තුන්කල්හි නොගැටෙන ඤාණ, පටිසම්භිදා ඤාණ සතර, විශාරද බව ඇතිකරන ඤාණ සතර, ගති පරිච්ඡේද ඤාණ පහ, අසාධාරණ ඤාණ හය, බොජ්ඣංග හත පැහැදිලි කරන ඤාණ මාර්ගාංග අට පැහැදිලි කරන ඤාණ, අනුපූර්ව විහාර සමාපත්ති ඤාණ නවය, බල ඤාණ දහය ද පැහැදිලි කළ යුතුය.
තත්රායං විභාවනා – යඤ්හි කිඤ්චි අපරිමාණාසු ලොකධාතූසු අපරිමාණානං සත්තානං හීනාදිභෙදභින්නානං හීනාදිභෙදභින්නාසු අතීතාසු ඛන්ධායතනධාතූසු සභාවකිච්චාදි අවත්ථාවිසෙසාදි ඛන්ධපටිබද්ධනාමගොත්තාදි ච ජානිතබ්බං. අනින්ද්රියබද්ධෙසු ච අතිසුඛුමතිරොහිතවිදූරදෙසෙසු රූපධම්මෙසු යො තංතංපච්චයවිසෙසෙහි සද්ධිං පච්චයුප්පන්නානං වණ්ණසණ්ඨානගන්ධරසඵස්සාදිවිසෙසො, තත්ථ සබ්බත්ථෙව හත්ථතලෙ ඨපිතආමලකො විය පච්චක්ඛතො අසඞ්ගමප්පටිහතං භගවතො ඤාණං පවත්තති, තථා අනාගතාසු පච්චුප්පන්නාසු චාති ඉමානි තීසු කාලෙසු අප්පටිහතඤාණානි නාම. යථාහ –
එහි අප්‍රමාණ ලෝකධාතුවල අප්‍රමාණ සත්ත්වයන්ගේ හීන ආදී වශයෙන් භේද භින්න වූ අතීත ස්කන්ධ ආයතන ධාතුවල ස්වභාව කටයුතු ආදිය, අවස්ථා විශේෂාදිය ස්කන්ධ හා බැඳුණු නම් ගොත් ආදී යමක් දතයුතුද, ඉන්ද්රිය නොවන දේ හා බැඳුණු (අනින්ද්රිය පටිබද්ධ) ඉතා සියුම් වූ සරස පිහිටි බොහෝ දුර දේශවල රූප ධර්මයන්හි ඒ ඒ ප්‍රත්‍යයෙන් උපන් දේවල වර්ණය - සටහන-ගන්ධය-රසය-ස්පර්ශය ආදී යම් විශේෂයක් ඇද්ද ඒ හැමතන්හිම අල්ලෙහි තබන ලද නෙල්ලි ගෙඩියක් මෙන් ප්රත්යක්ෂ වශයෙන් නොබැඳුණු, නොහැපුණු භාග්‍යවතුන් වහන්සේගේ ඤාණය පවතී. එසේම අනාගත වූ ද වර්තමාන වූ ද මේ තුන් කාලයෙහිම (පැවති ඤාණ) අප්පටිහත (නොහැපුණු) ඤාණ නම් වේ. එය කී පරිදි මෙසේය.
“අතීතංසෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, අනාගතංසෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, පච්චුප්පන්නංසෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණ”න්ති (පටි· ම· 3.5).
අතීතංසෙ බුද්ධස්ස භගවතො අප්පටිහතඤාණං අනාගතංසෙ බුද්ධස්ස භගවතො අප්පටිහතඤාණං පච්චුප්පන්නංසෙ බුද්ධස්ස භගවතො අප්පටිතඤාණං ‘අතීතය පිළිබඳ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නොහැපුණු (නොනැසුණු) ඤාණය පවතී. අනාගතය පිළිබඳ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නොහැපුණු ඤාණය පවතී. වර්තමානය පිළිබඳ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නොහැපුණු ඤාණය පවතී.’
තානි පනෙතානි තත්ථ තත්ථ ධම්මානං සභාවසරසලක්ඛණස්ස අවිසංවාදනතො තථානි අවිතථානි අනඤ්ඤථානි, තානි භගවා සයම්භුඤාණෙන අධිගඤ්ඡි. එවං තථානි ආගතොති තථාගතො.
ඒවා වනාහි ඒ ඒ තැන ධර්මයන් පිළිබඳ ස්වභාව ලක්ෂණයට ස්වලක්ෂණයට අවිරුද්ධ හෙයින් සත්‍යය වේ. අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ. භාග්‍යවතුන් වහන්සේ ඒ ඤාණ තමන් වහන්සේම අවබෝධ කළහ. මෙසේ ඤාණ අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති.
තථා අත්ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදාති චතස්සො පටිසම්භිදා. තත්ථ අත්ථපභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්ථානකරණසමත්ථං අත්ථෙ පභෙදගතං ඤාණං අත්ථපටිසම්භිදා. ධම්මපභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්ථානකරණසමත්ථං ධම්මෙ පභෙදගතං ඤාණං ධම්මපටිසම්භිදා. නිරුත්තිපභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්ථානකරණසමත්ථං නිරුත්තාභිලාපෙ පභෙදගතං ඤාණං නිරුත්තිපටිසම්භිදා. පටිභානපභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්ථානකරණසමත්ථං පටිභානෙ පභෙදගතං ඤාණං පටිභානපටිසම්භිදා. වුත්තඤ්හෙතං –
3.3 එසේම අත්ථ පටිසම්භිදාව, ධම්ම පටිසම්භිදාව, නිරුත්ති පටිසම්භිදාව, පටිහාණ පටිසම්භිදාව යනුවෙන් පටිසම්භිදා සතරකි. එහි අර්ථයෙහි ප්‍රභේද ගැන සිතා බැලීමට (සල්ලක්ඛණ), ප්‍රකට කිරීමට (විභාවන), විභාග කිරීමට (වවත්ථානකරණ) සමත් අර්ථයෙහි ප්රභේදගත ඥානය අත්ථ පටිසම්භිදාව ය. ධර්මයෙහි ප්‍රභේද ගැන සල්ලක්ඛණ, විභාවන, වවත්ථානකරණ යන මේවා කිරීමට සමත් ධර්මයෙහි ප්රභේදගත ඥානය ධම්මපටිසම්භිදාවය. නිරුක්තියෙහි ප්‍රභේද ගැන සල්ලක්ඛණ, විභාවන, වවත්ථානකරණ යන මේවා කිරීමට සමත් නිරුක්ති අභිලාශයෙහි (වචනයෙහි) ප්රභේදගත ඥානය නිරුත්ති පටිසම්භිදාව ය. පටිභාණයෙහි ප්‍රභේද ගැන සල්ලක්ඛණ, විභාවන, වවත්ථාන යන මේවා කිරීමට සමත් වූ පටිභාණයෙහි ප්රභේදගත ඥානය පටිභාන පටිසම්භිදාවය. මේ කාරණය මෙසේ කියන ලදී -
“අත්ථෙ ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මෙ ඤාණං ධම්මපටිසම්භිදා, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා”ති (විභ· 718).
‘අත්ථෙ ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මෙඤාණං ධම්ම පටිසම්භිදා, අත්ථධම්ම නිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්ති පටිසම්භිදා ඤාණෙසු ඤාණං පටිභාන පටිසමභිදා’ අර්ථයෙහි ඥානය අර්ථ ප්‍රතිසංවිදාය, ධර්මයෙහි ඥානය ධර්ම ප්‍රතිසම්භිදා ය. ඒ අර්ථයෙහි හා ධර්මයෙහි ස්වභාව නිරුක්ති සංඛ්‍යාත ශබ්දයෙහි ඥානය නිරුක්ති ප්‍රතිසංවිදාය, හැමතන්හි ඇති ඥානය ප්‍රතිභාන ප්‍රතිසංවිදාය ය’
එත්ථ ච හෙතුඅනුසාරෙන අරණීයතො අධිගන්තබ්බතො ච සඞ්ඛෙපතො හෙතුඵලං අත්ථො නාම. පභෙදතො පන යංකිඤ්චි පච්චයුප්පන්නං, නිබ්බානං, භාසිතත්ථො, විපාකො, කිරියාති ඉමෙ පඤ්ච ධම්මා අත්ථො. තං අත්ථං පච්චවෙක්ඛන්තස්ස තස්මිං අත්ථෙ පභෙදගතං ඤාණං අත්ථපටිසම්භිදා. ධම්මොති සඞ්ඛෙපතො පච්චයො. සො හි යස්මා තං තං අත්ථං විදහති පවත්තෙති චෙව පාපෙති ච, තස්මා ධම්මොති වුච්චති. පභෙදතො පන යො කොචි ඵලනිබ්බත්තකො හෙතු, අරියමග්ගො, භාසිතං, කුසලං, අකුසලන්ති ඉමෙ පඤ්ච ධම්මා ධම්මො, තං ධම්මං පච්චවෙක්ඛන්තස්ස තස්මිං ධම්මෙ පභෙදගතං ඤාණං ධම්මපටිසම්භිදා. වුත්තම්පි චෙතං –
මෙහි හේතු අනුසාරයෙන් ශාන්ත බැවින් ද අවබෝධ කළයුතු බැවින් ද කෙටියෙන් හේතුඵලය අත්ථ (අර්ථ) නම් වේ. ප්‍රභේද වශයෙන් ප්‍රත්‍යයෙන් උපන් දෙය, නිවන, කියන ලද අර්ථය, විපාකය, ක්‍රියා යන මේ ධර්ම පහ ‘අත්ථ’ නම් වේ. ඒ අර්ථය විමසා බලන තැනැත්තාගේ ඒ අර්ථයෙහි ප්රභේදගත ඤාණය අත්ථපටිසම්භිදාවය. කෙටියෙන් ධර්ම යනු ප්‍රත්‍යයයි. යම්හෙයකින් ඒ ඒ ප්‍රත්‍යය ඒ ඒ අර්ථය නියම කරයි ද පවත්වයි ද පමුණුවයි ද එහෙයින් ‘ධර්ම’ යයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් වනාහි යම් ඵලයක් උපදවන හේතුව, ආර්ය මාර්ගය, කියන ලද්ද (භාසිතය), කුසලය, අකුසලය යන මේ ධර්ම පහ ‘ධර්ම’ නම් වේ. ඒ ධර්මය නුවණින් විමසා බලන තැනැත්තාගේ ඒ ධර්මයෙහි ප්රභේදගත ඥානය ධම්මපටිසම්භිදාව ය. මේ අදහස (මෙසේ) කියන ලදී.
“දුක්ඛෙ ඤාණං අත්ථපටිසම්භිදා, දුක්ඛසමුදයෙ ඤාණං ධම්මපටිසම්භිදා, දුක්ඛනිරොධෙ ඤාණං අත්ථපටිසම්භිදා, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්මපටිසම්භිදා”ති (විභ· 719).
‘දුකෙහි ප්රභේදගත ඤාණය අත්ථ පටිසම්භිදාවය. දුක්ඛ සමුදයෙහි ප්රභේදගත ඤාණය ධම්ම පටිසම්භිදාවය. දුක්ඛ නිරෝධයෙහි ඤාණය අත්ථ පටිසම්භිදාවය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙහි ප්රභේදගත ඤාණය ධම්ම පටිසම්භිදාවය’
අථ වා හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා, හෙතුඵලෙ ඤාණං අත්ථපටිසම්භිදා. යෙ ධම්මා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා, ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා. යම්හා ධම්මා තෙ ධම්මා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා, තෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා. ජරාමරණෙ ඤාණං අත්ථපටිසම්භිදා, ජරාමරණසමුදයෙ ඤාණං ධම්මපටිසම්භිදා. ජරාමරණනිරොධෙ ඤාණං අත්ථපටිසම්භිදා, ජරාමරණනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්මපටිසම්භිදා. ජාතියා, භවෙ, උපාදානෙ, තණ්හාය, වෙදනාය, ඵස්සෙ, සළායතනෙ, නාමරූපෙ, විඤ්ඤාණෙ, සඞ්ඛාරෙසු ඤාණං අත්ථපටිසම්භිදා, සඞ්ඛාරසමුදයෙ ඤාණං ධම්මපටිසම්භිදා. සඞ්ඛාරනිරොධෙ ඤාණං අත්ථපටිසම්භිදා, සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්මපටිසම්භිදා.
‘හේතුවෙහි ප්රභේදගත ඤාණය ධම්ම පටිසම්භිදාව ය. හේතුඵලයෙහි ඤාණය අත්ථ පටිසම්භිදාව ය.’ ‘යම් (යම්) ධර්ම උපන්නේ ද හටගත්තේ ද ප්‍රත්‍ය එක්වීමෙන් උපන්නේ ද හටගත්තේ ද විශේෂයෙන් උපන්නේ ද පහළ වූයේ ද ධර්මයන්හි ප්රභේදගත ඤාණය අත්ථ පටිසම්භිදාව ය. යම් (යම්) ධර්ම කෙරෙන් ඒ ධර්ම උපන්නේ ද හටගත්තේ ද ප්‍රත්‍ය එක්වීමෙන් උපන්නේද විශේෂයෙන් උපන්නේ ද පහළ වූයේ ද ඒ ධර්මයන්හි ප්රභේදගත ඤාණය ධම්ම පටිසම්භිදාවයි.’ ‘ජරාමරණයෙහි ප්රභේදගත ඤාණය අත්ථපටිසම්භිදාවයි. ජරාමරණ සමුදයෙහි ප්රභේදගත ඤාණය ධම්ම පටිසම්භිදාව ය. ජරාමරණ නිරෝධයෙහි ප්රභේදගත ඤාණය අත්ථපටිසම්භිදාවය. ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙහි ප්රභේදගත ඤාණය ධම්ම පටිසම්භිදාවය.’ ‘ජාතියෙහි ප්රභේදගත ඤාණය, භවයෙහි ප්රභේදගත ඤාණය, උපාදානයෙහි ප්රභේදගත ඤාණය, තෘෂ්ණාවෙහි ප්රභේදගත ඤාණය, වේදනාවෙහි ප්රභේදගත ඤාණය, ස්පර්ශයෙහි ප්රභේදගත ඤාණය, සළායතනයෙහි ප්රභේදගත ඤාණය, නාමරූපයෙහි ප්රභේදගත ඤාණය, විඤ්ඤාණයෙහි ප්රභේදගත ඤාණය, සංස්කාරයන්හි ඤාණය, අත්ථ පටිසම්භිදාවය. සංස්කාර සමුදයෙහි ඤාණය, ධම්ම පටිසම්භිදාවය. සංස්කාර නිරෝධයෙහි ඤාණය, අත්ථ පටිසම්භිදාවය. සංස්කාර නිරෝධගාමිණී ප්‍රතිපදාවෙහි ඤාණය, ධම්ම පටිසම්භිදාවය.’
“ඉධ භික්ඛු ධම්මං ජානාති – සුත්තං, ගෙය්යං…පෙ… වෙදල්ලං. අයං වුච්චති ධම්මපටිසම්භිදා. සො තස්ස තස්සෙව භාසිතස්ස අත්ථං ජානාති – ‘අයං ඉමස්ස භාසිතස්ස අත්ථො, අයං ඉමස්ස භාසිතස්ස අත්ථො’ති, අයං වුච්චති අත්ථපටිසම්භිදා (විභ· 724).
‘මේ සසුනෙහි භික්ෂුව සුත්ත, ගෙය්ය -පෙ- වේදල්ලය යන ධර්මය දනීද මෙය ධම්ම පටිසම්භිදාවය. හෙතෙම මෙය මේ භාවිතයේ අර්ථය යි, මෙය භාෂිතයේ අර්ථය යි ඒ ඒ භාෂිතයේ අර්ථයම දනී ද මෙය අත්ථ පටිසම්භිදාව යයි කියනු ලැබේ.’
“කතමෙ ධම්මා කුසලා? යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං රූපාරම්මණං වා…පෙ… ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති…පෙ… අවික්ඛෙපො හොති. ඉමෙ ධම්මා කුසලා. ඉමෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්ථපටිසම්භිදා”තිආදි විත්ථාරො (විභ· 725).
‘කුශල ධර්ම කවරේද යත්, යම් කලෙක රූපාරම්මණයක් හෝ -පෙ- ධර්මාරම්මණයක් හෝ යළි යම් යම් අරමුණක් හෝ අරබයා සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත කුසල සිත උපදින්නේ වේද එසමයෙහි ස්පර්ශය වෙයි. -පෙ- අවික්‍ෂේපය (සිතේ නොවිසිරිම) වෙයි. මේ ධර්ම කුශල්ය. මේ ධර්මයන්ගේ ප්රභේදගත ඤාණය ධම්ම පටිසම්භිදාවය. ඒවායේ විපාකයෙහි ප්රභේදගත ඤාණය අත්ථපටිසම්භිදාවය. මේ ආදී විස්තරය.
තස්මිං අත්ථෙ ච ධම්මෙ ච සභාවනිරුත්ති අබ්යභිචාරවොහාරො අභිලාපො, තස්මිං සභාවනිරුත්තාභිලාපෙ මාගධිකාය සබ්බසත්තානං මූලභාසාය “අයං සභාවනිරුත්ති, අයං න සභාවනිරුත්තී”ති පභෙදගතං ඤාණං නිරුත්තිපටිසම්භිදා. යථාවුත්තෙසු තෙසු ඤාණෙසු ගොචරකිච්චාදිවසෙන විත්ථාරතො පවත්තං සබ්බම්පි ඤාණමාරම්මණං කත්වා පච්චවෙක්ඛන්තස්ස තස්මිං ඤාණෙ පභෙදගතං ඤාණං පටිභානපටිසම්භිදා. ඉති ඉමානි චත්තාරි පටිසම්භිදාඤාණානි සයමෙව භගවතා අධිගතානි අත්ථධම්මාදිකෙ තස්මිං තස්මිං අත්තනො විසයෙ අවිසංවාදනවසෙන අවිපරීතාකාරප්පවත්තියා තථානි අවිතථානි අනඤ්ඤථානි. එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
ඒ අර්ථයෙහි ද ඒ ධර්මයෙහි ද ස්වභාව නිරුක්ති විකල්ප නොවන ව්‍යවහාරය අභිලාපයයි. ඒ ස්වභාව නිරුක්ති අභිලාපයෙහි (වචනයෙහි) සියලු සත්ත්වයන්ගේ මුල් භාෂාව වූ මාගධී භාෂාවෙහි මේ ස්වභාව නිරුක්තියය, මේ ස්වභාව නිරුක්තිය නොවේය යනුවෙන් ප්රභේදගත ඤාණය නිරුක්ති පටිසම්භිදාවය. කියන ලද ආකාර ඇති ඒ ඤාණයන්හි අරමුණු (ගෝචර) කටයුතු (කෘත්‍ය) ආදී වශයෙන් විස්තර වශයෙන් පැවති සියලු ඤාණයන් අරමුණුකොට නුවණින් විමසා බලන තැනැත්තාගේ ඒ ඤාණයෙහි ප්රභේදගත ඤාණය පටිභාන පටිසම්භිදාවය. මෙසේ මේ සිවුපිළිසිඹියා ඤාණ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් ම අවබෝධ කරන ලද අර්ථ ධර්ම ආදී වූ තමාගේ ඒ ඒ විෂයෙහි අවිරුද්ධ වශයෙන් නොවෙනස් ආකාරයෙන් පැවතීම් වශයෙන් සත්‍යය, අසත්‍යය නොවේ. අන් අයුරකින් නොවේ. මෙසේ ද භාග්‍යවතුන් වහන්සේ ‘තථානි ආගතොති = තථාගතො’ තථ නම් වූ පටිසම්භිදා ඤාණ අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති.
තථා යං කිඤ්චි ඤෙය්යං නාම, සබ්බං තං භගවතා සබ්බාකාරෙන ඤාතං දිට්ඨං අධිගතං අභිසම්බුද්ධං. තථා හිස්ස අභිඤ්ඤෙය්යා ධම්මා අභිඤ්ඤෙය්‍යතො බුද්ධා, පරිඤ්ඤෙය්යා ධම්මා පරිඤ්ඤෙය්‍යතො බුද්ධා, පහාතබ්බා ධම්මා පහාතබ්බතො බුද්ධා, සච්ඡිකාතබ්බා ධම්මා සච්ඡිකාතබ්බතො බුද්ධා, භාවෙතබ්බා ධම්මා භාවෙතබ්බතො බුද්ධා, යතො නං කොචි සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා “ඉමෙ නාම තෙ ධම්මා අනභිසම්බුද්ධා”ති සහ ධම්මෙන අනුයුඤ්ජිතුං සමත්ථො නත්ථි.
3.4 එසේම දතයුතු යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් දැනගන්නා ලදී. දක්නා ලදී. අවබෝධ කරන ලදී. මනා සේ අවබෝධ කරන ලදී. එසේම උන්වහන්සේ විසින් ස්වභාව ලක්ෂණ අවබෝධ කිරීම් වශයෙන් යහපත් ආකාරයෙන් දතයුතු (අභිඤ්ඤෙය්‍ය) ධර්ම අභිඤ්ඤෙය්‍ය වශයෙන් අවබෝධ කරන ලදී. සාමාන්‍ය ලක්ෂණ අවබෝධ කිරිම් වශයෙන් ද අනිත්‍යාදී කෘත්‍ය විමසා බැලීම් වශයෙන් ද පතුරුවා දතයුතු (පරිඤ්ඤෙය්‍ය) ධර්ම පරිඤ්ඤෙය්‍ය වශයෙන් අවබෝධ කරන ලදී. දුරු කළයුතු (පහාතබ්බ) ධර්ම දුරුකිරීම් වශයෙන් අවබෝධ කරන ලදී. ප්රත්යක්ෂ කළයුතු (සච්ඡිකාතබ්බ) ධර්ම ප්රත්යක්ෂ කිරීම් වශයෙන් අවබෝධ කරන ලදී. වැඩිය යුතු ධර්ම වැඩීම් වශයෙන් අවබෝධ කරන ලදී. මෙනම් වූ ඒ ධර්ම උන්වහන්සේ විසින් අවබෝධ නොකරන ලදැයි යම් ආකාරයකින් කරුණු සහිතව යොදන්නට (ඉදිරිපත් කරන්නට) සමත් කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත.
යං කිඤ්චි පහාතබ්බං නාම, සබ්බං තං භගවතා අනවසෙසතො බොධිමූලෙයෙව පහීනං අනුප්පත්තිධම්මං, න තස්ස පහානාය උත්තරි කරණීයං අත්ථි. තථා හිස්ස ලොභදොසමොහවිපරීතමනසිකාරඅහිරිකානොත්තප්පථිනමිද්ධ- කොධූපනාහමක්ඛපලාසඉස්සාමච්ඡරිය- මායාසාඨෙය්යථම්භසාරම්භමානාතිමානමදපමාදතිවිධාකුසලමූලදුච්චරිත- විසමසඤ්ඤාමලවිතක්කපපඤ්චඑසනාතණ්හාචතුබ්බිධවිපරියෙසආසව- ගන්ථඔඝයොගාගතිතණ්හුපාදානපඤ්චාභිනන්දනනීවරණ- චෙතොඛිලචෙතසොවිනිබන්ධඡවිවාදමූලසත්තානුසය- අට්ඨමිච්ඡත්තනවආඝාතවත්ථුතණ්හාමූලකදසඅකුසල- කම්මපථඑකවීසතිඅනෙසනද්වාසට්ඨිදිට්ඨිගතඅට්ඨසතතණ්හාවිචරිතාදිප්පභෙදං දියඩ්ඪකිලෙසසහස්සං සහ වාසනාය පහීනං සමුච්ඡින්නං සමූහතං, යතො නං කොචි සමණො වා…පෙ… බ්රහ්මා වා “ඉමෙ නාම තෙ කිලෙසා අප්පහීනා”ති සහ ධම්මෙන අනුයුඤ්ජිතුං සමත්ථො නත්ථි.
දුරු කළයුතු යම් කිසිවක් ඇත්නම් භාග්‍යවතුන් වහන්සේගේ ඒ සියල්ල ඉතිරි නැතිව බෝධිමූලයෙහිදීම ප්‍රහීණ විය. නැවත නූපදින ස්වභාව ඇත්තේය. දුරු කළයුතු දේ දුරුකිරීම පිණිස මත්තෙහි කළ යුත්තක් නැත. එසේම උන්වහන්සේ විසින් ලෝභ - දෝස - මෝහ - විපරීත මනසිකාර - අහිරික - අනොත්තප්ප - ථිනමිද්ධ - ක්‍රෝධ - උපනාහ - මක්ඛ - පලාස - ඉස්සා - මචඡරිය - මායා - සාඨෙය්‍ය - ථම්භ - සාරම්භ - මාන - අතිමාන - මද - පමාද - අකුසල් මුල් තුන - දුශ්චරිත - විපරීත විසම සංඥාමල - විතක්ක මල ප්‍රපංච ඒසනා තණ්හාව විපරියේස සතර - ආසව - ග්රන්ථ - ඕඝ - යෝග - අගති - තණ්හා - උපාදාන - අභිනන්දන පහ - නීවරණ - චෙතෝඛීල - චෙතසො විනිබන්ධ - විවාදමූල හය - අනුසය හත - මිච්ඡත්ත අට - ආඝාත වස්තු නවය - තණ්හා මූලික දස අකුසල කර්මපථ - අනේසන විසිඑක - දෘෂ්ටි හැටදෙක - තණ්හා විචරිත එකසිය අට ආදී ප්‍රභේද ඇති කෙලෙස් එක්දහස් පන්සීය වාසනා (සසර පුරුදු) සහිතව දුරුකරන ලදී. සහමුලින් නසන ලදී. උදුරාදමන ලදී. මෙනම් වූ ඒ කෙලෙස් උන්වහන්සේ විසින් ප්‍රහීණ නොකරන ලදැයි යම් ආකාරයකින් කරුණු සහිතව යොදන්නට (ඉදිරිපත් කරන්නට) සමත් කිසියම් ශ්‍රමණයෙක් හෝ -පෙ- බ්‍රහ්මයෙක් හෝ නැත.
යෙ චිමෙ භගවතා කම්මවිපාකකිලෙසූපවාදආණාවීතික්කමප්පභෙදා අන්තරායිකා ධම්මා වුත්තා, අලමෙව තෙ එකන්තෙන අන්තරායාය, යතො නං කොචි සමණො වා…පෙ… බ්රහ්මා වා “නාලං තෙ පටිසෙවතො අන්තරායායා”ති සහ ධම්මෙන අනුයුඤ්ජිතුං සමත්ථො නත්ථි.
භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ (පංච ආනන්තරිය - භික්ෂුණී දූෂක යන) කර්ම - (පණ්ඩක - තිරිසන් - උභතෝ බ්යඤ්ජනකයන්ගේ ප්රතිසන්ධි නම් වූ) විපාක (නියත මිථ්‍යා දෘෂ්ටි නම් වූ) ක්ලේශ (ආර්ය) උපවාද - (දැන දැන ශික්ෂාපද කැඩීමෙන් ආපත්තිවලට පැමිණීම නම් වූ) ආණාවීතික්කම යන ප්‍රභේද ඇති අන්තරායික ධර්ම කියන ලද ද ඒකාන්තයෙන් ඒවා ඇසුරු කරන්නාට අනතුරු පිණිස සමත් නොවේ යයි යම් ආකාරයකින් කරුණු සහිතව යොදන්නට (ඉදිරිපත් කරන්නට) සමත් කිසියම් ශ්‍රමණයෙක් හෝ -පෙ- බ්‍රහ්මයෙක් නැත.
යො ච භගවතා නිරවසෙසවට්ටදුක්ඛනිස්සරණාය සීලසමාධිපඤ්ඤාසඞ්ගහො සත්තකොට්ඨාසිකො සත්තතිංසප්පභෙදො අරියමග්ගපුබ්බඞ්ගමො අනුත්තරො නිය්යානධම්මො දෙසිතො, සො එකන්තෙනෙව නිය්යාති පටිපන්නස්ස වට්ටදුක්ඛතො, යතො නං කොචි සමණො වා…පෙ… බ්රහ්මා වා “නිය්යානධම්මො තයා දෙසිතො න නිය්යාතී”ති සහ ධම්මෙන අනුයුඤ්ජිතුං සමත්ථො නත්ථි. වුත්තඤ්හෙතං – “සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධා”ති (ම· නි· 1.150) විත්ථාරො. එවමෙතානි අත්තනො ඤාණප්පහානදෙසනාවිසෙසානං අවිතථභාවාවබොධනතො අවිපරීතාකාරප්පවත්තානි භගවතො චතුවෙසාරජ්ජඤාණානි තථානි අවිතථානි අනඤ්ඤථානි. එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතිරි නොකොට සසර දුකින් නික්මීම පිණිස ශීල - සමාධි - ප්‍රඥා සංග්‍රහය කොටස් හතකින් යුත් ප්‍රභේද තිස්හතක් ඇති ආර්ය මාර්ගය පෙරටු කොට ඇති අනුත්තර වූ නිවනට පමුණුවන ධර්මය දේශනා කරන ලදී. ඒ ධර්මය ඒකාන්තයෙන් ම පිළිපදින තැනැත්තාට අයත් සසර දුකින් එතරට පමුණුවයි. උන්වහන්සේ විසින් නිවනට පමුණුවන ධර්මය යනුවෙන් දේශනා කළ ධර්මය නිවනට නොපමුණුවන්නේයයි යම් ආකාරයකින් කරුණු සහිතව යොදන්නට (ඉදිරිපත් කරන්නට) සමත් ශ්‍රමණයෙක් හෝ -පෙ- බ්‍රහ්මයෙක් හෝ නැත. ඒ කාරණය මෙසේ කියන ලදී. ‘සම්මා සම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධා’ ‘සම්මා සම්බුද්ධ වෙමි’යි ප්‍රතිඥා කරන්නා වූ ඔබ විසින් මෙනම් ධර්ම අවබෝධ නොකරන ලදැයි’ යන විස්තරය (යෙදිය යුතුය). මෙසේ තමාගේ ඥානප්රහාණ දේශනා විශේෂයන්ගේ නොවෙනස්වන ස්වභාවය අවබෝධ කිරීම් හේතුවෙන් නොවෙනස්ව පැවති භාග්‍යවතුන් වහන්සේගේ ඒ විශාරද ඥාන සතර සත්‍යය අසත්‍ය නොවේ. වෙනස් නොවේ. මෙසේ ද භාග්‍යවතුන් වහන්සේ චතුර්වෛශාරද්ය ඥාන අවබෝධ කළහ යන අර්ථයෙන් තථාගත නම් වෙති.
තථා නිරයගති, තිරච්ඡානගති, පෙතගති, මනුස්සගති, දෙවගතීති පඤ්ච ගතියො. තාසු සඤ්ජීවාදයො අට්ඨ මහානිරයා, කුක්කුළාදයො සොළස උස්සදනිරයා, ලොකන්තරිකනිරයො චාති සබ්බෙපිමෙ එකන්තදුක්ඛතාය නිරස්සාදට්ඨෙන නිරයා ච, සකකම්මුනා ගන්තබ්බතො ගති චාති නිරයගති. තිබ්බන්ධකාරසීතනරකාපි එතෙස්වෙව අන්තොගධා කිමිකීටපටඞ්ගසරීසපපක්ඛිසොණසිඞ්ගාලාදයො තිරියං අඤ්ඡිතභාවෙන තිරච්ඡානා නාම. තෙ එව ගතීති තිරච්ඡානගති. ඛුප්පිපාසිතපරදත්තූපජීවිනිජ්ඣාමතණ්හිකාදයො දුක්ඛබහුලතාය පකට්ඨසුඛතො ඉතා විගතාති පෙතා, තෙ එව ගතීති පෙතගති. කාලකඤ්චිකාදිඅසුරාපි එතෙස්වෙව අන්තොගධා. පරිත්තදීපවාසීහි සද්ධිං ජම්බුදීපාදිචතුමහාදීපවාසිනො මනසො උස්සන්නතාය මනුස්සා, තෙ එව ගතීති මනුස්සගති. චාතුමහාරාජිකතො පට්ඨාය යාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගාති ඉමෙ ඡබ්බීසති දෙවනිකායා දිබ්බන්ති අත්තනො ඉද්ධානුභාවෙන කීළන්ති ජොතෙන්ති චාති දෙවා, තෙ එව ගතීති දෙවගති.
3.5 එසේම නිරය ගතිය, තිරිසන් ගතිය, ප්‍රේත ගතිය, මනුෂ්‍යගතිය, දේවගතිය යනුවෙන් ගති පහකි. ඒවා අතරින් සංජීවාදී අටමහා නිරය, කුක්කළ ආදී උස්සද නිරය දාසය, ලෝකාන්තරික නිරය ද යන මේ සියල්ල ඒකාන්ත දුක් බැවින් ආශ්වාද නැති අර්ථයෙන් නිරය ද තමාගේ කර්මයෙන් යායුතු ගතිය ද නිරයගති ය. තීව්ර අන්ධකාරය ඇති සීත නරක ද මේවායෙහි ම ඇතුළත් වෙයි. පණුවන් - කුඩා සතුන් - පළඟැටියන් - සර්පයන් - පක්ෂීන් - බල්ලන් - සිවලුන් ආදී සත්තු හරහට ඇදෙන බැවින් තිරච්ඡාන (තිරිසන්) නම් වෙති. ගති යනු ද ඔවුහුමය යන අරුතින් තිරච්ඡාන ගති නම් වේ. ඛුප්පිපාසිත, පරදත්තූපජීවී, නිජ්ඣාමතණ්හික ආදීහු දුක් බහුල බැවින් උසස් සැපයෙන් පහවූවාහු ඉවත් වූවාහු යන අරුතින් ‘පේත’ නම් වෙති. ගති යනුද ඔවුහුමය යන අරුතින් පේත ගති නම් වේ. කාලකඤ්ජක ආදී අසුරයෝ ද ප්‍රේතයන් කෙරෙහි ම ඇතුළත්ය. කුඩා දිවයින් වැසියන් සමග දඹදිව ආදී සතරමහා දිවයින් වාසීහු මනසින් ඉතා අධික බැවින් මනුෂ්‍යයෝ වෙති. ගති යනු ද ඔවුහුමය යන අරුතින් මනුස්සගති නම් වේ. චාතුර්මහා රාජිකයේ පටන් නේවසඤ්ඤා නාසඤ්ඤායතනය තෙක් ඇති මේ දේවනිකාය විසිහය තමාගේ සෘද්ධි ආනුභාවයෙන් ක්‍රීඩා කරයි, බබලයි යන අරුතින් දේව නම් වෙයි. ගති යනු ද ඒ දේව නිකායමය යන අරුතින් දේවගති නම් වේ.
තා පනෙතා ගතියො යස්මා තංතංකම්මනිබ්බත්තො උපපත්තිභවවිසෙසො, තස්මා අත්ථතො විපාකක්ඛන්ධා කටත්තා ච රූපං. තත්ථ “අයං නාම ගති නාම ඉමිනා කම්මුනා ජායති, තස්ස කම්මස්ස පච්චයවිසෙසෙහි එවං විභාගභින්නත්තා විසුං එතෙ සත්තනිකායා එවං විභාගභින්නා”ති යථාසකංහෙතුඵලවිභාගපරිච්ඡින්දනවසෙන ඨානසො හෙතුසො භගවතො ඤාණං පවත්තති. තෙනාහ භගවා –
ඒ මේ ගති වනාහි ඒ ඒ කර්ම වෘත්තියෙන් උපන් භව විශේෂයක් හෙයින් අර්ථ වශයෙන් විපාක ස්කන්ධ ද කටත්තා රූපය ද වේ. එහි මෙනම් ගති මෙනම් කර්මයෙන් උපදී. ඒ කර්මයට අයත් ප්‍රත්‍ය විශේෂවලින් මෙසේ (ගති වශයෙන්) කොටස් බෙදී ගිය බැවින් මේ සත්ත්ව නිකායන් වෙන් වී ඇත. මෙසේ කොටස් වශයෙන් බෙදුණු ඒ ඒ සත්ත්ව නිකායට අයත් හේතුඵල වෙන්කොට දැක්වීම් වශයෙන් කරුණු වශයෙන් හේතු වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ඥාණය පවතී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ -
“පඤ්ච ඛො ඉමා, සාරිපුත්ත, ගතියො. කතමා පඤ්ච? නිරයො, තිරච්ඡානයොනි, පෙත්තිවිසයො, මනුස්සා, දෙවා. නිරයඤ්චාහං, සාරිපුත්ත, පජානාමි, නිරයගාමිඤ්ච මග්ගං, නිරයගාමිනිඤ්ච පටිපදං; යථා පටිපන්නො ච කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තඤ්ච පජානාමී”තිආදි (ම· නි· 1.153).
පංච ඛො ඉමා සාරිපුත්ත ගතියො, කතමා පංච? නිරයො, තිරච්ඡාන යෝනි, පෙත්තිවිසයො, මනුස්සා, දෙවා. නිරයඤ්චාහං සාරිපුත්ත පජානාමි නිරයගාමිඤ්ච මග්ගං නිරයගාමිනිඤ්ච පටිපදං - යථා පටිපන්නො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපගො හොති, තඤ්ච පජානාමි’ති ආදි. ‘ශාරිපුත්‍රය, මේ ගති පහකි. කුමන පහක්ද? නරකය, තිරිසන්යෝනිය, ප්‍රේතවිෂය, මනුෂ්‍යයෝය, දෙවියෝය (යනුයි) ශාරිපුත්‍රය, මම නිරයත් නිරයට යන මාර්ගයත් නිරයගාමිනී ප්‍රතිපදාවත් දනිමි. යම්සේ පිළිපන්නේ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට පිහිට වූ නපුරු ලෙස වැටෙන නිරයට එළඹියේ වෙයි ද එය දනිමි’ යනාදිය වදාළහ.
තානි පනෙතානි භගවතො ඤාණානි තස්මිං තස්මිං විසයෙ අවිපරීතාකාරප්පවත්තියා අවිසංවාදනතො තථානි අවිතථානි අනඤ්ඤථානි. එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
ඒ මේ භාග්‍යවතුන් වහන්සේගේ ඤාණ ඒ ඒ විෂයෙහි නොවෙනස් ලෙස පැවතීම් වශයෙන් අවිරුද්ධ වීම් වශයෙන් සත්‍යය, අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ. මෙසේ ද භාග්‍යවතුන් වහන්සේ ‘තථානි ආගතොති = තථාගතො’ යනුවෙන් එම ඤාණයන් අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති.
තථා යං සත්තානං සද්ධාදියොගවිකලභාවාවබොධෙන අප්පරජක්ඛමහාරජක්ඛතාදිවිසෙසවිභාවනං පඤ්ඤාසාය ආකාරෙහි පවත්තං භගවතො ඉන්ද්රියපරොපරියත්තඤාණං. වුත්තඤ්හෙතං – “සද්ධො පුග්ගලො අප්පරජක්ඛො, අස්සද්ධො පුග්ගලො මහාරජක්ඛො”ති (පටි· ම· 1.111) විත්ථාරො.
3.6 එසේම සත්ත්වයන්ගේ ශ්‍රද්ධාදිය යෙදීමේ විකලතාව (අඩු බව) අවබෝධයෙන් කෙලෙස් අඩු බව කෙලෙස් වැඩි බව ආදී විශේෂතා පැහැදිලි කරන පණස් ආකාරයකින් පැවති භාග්‍යවතුන් වහන්සේගේ ඉන්ද්රිය පරොපරියත්ත (ශ්‍රද්ධාදී ඉන්ද්රියයන්ගේ අඩු වැඩි බව දන්නා) ඤාණයද. මේ කාරණය මෙසේ කියන ලදී: ‘සද්ධො පුග්ගලො අප්පරජක්ඛො, අස්සද්ධො පුග්ගලො මහාරජක්ඛො’ ‘සැදැහැති පුද්ගලයා අල්ප කෙලෙස් ඇත්තෙකි. සැදැහැ නැති පුද්ගලයා වැඩි කෙලෙස් ඇත්තෙකි’ යන විස්තරය යෙදිය යුතුය.
යඤ්ච “අයං පුග්ගලො අප්පරජක්ඛො, අයං සස්සතදිට්ඨිකො, අයං උච්ඡෙදදිට්ඨිකො, අයං අනුලොමිකායං ඛන්තියං ඨිතො, අයං යථාභූතඤාණෙ ඨිතො, අයං කාමාසයො, න නෙක්ඛම්මාදිආසයො, අයං නෙක්ඛම්මාසයො, න කාමාදිආසයො”තිආදිනා “ඉමස්ස කාමරාගො අතිවිය ථාමගතො, න පටිඝාදිකො, ඉමස්ස පටිඝො අතිවිය ථාමගතො, න කාමරාගාදිකො”තිආදිනා “ඉමස්ස පුඤ්ඤාභිසඞ්ඛාරො අධිකො, න අපුඤ්ඤාභිසඞ්ඛාරො න ආනෙඤ්ජාභිසඞ්ඛාරො, ඉමස්ස අපුඤ්ඤාභිසඞ්ඛාරො අධිකො, න පුඤ්ඤාභිසඞ්ඛාරො න ආනෙඤ්ජාභිසඞ්ඛාරො, ඉමස්ස ආනෙඤ්ජාභිසඞ්ඛාරො අධිකො, න පුඤ්ඤාභිසඞ්ඛාරො න අපුඤ්ඤාභිසඞ්ඛාරො. ඉමස්ස කායසුචරිතං අධිකං, ඉමස්ස වචීසුචරිතං, ඉමස්ස මනොසුචරිතං. අයං හීනාධිමුත්තිකො, අයං පණීතාධිමුත්තිකො, අයං කම්මාවරණෙන සමන්නාගතො, අයං කිලෙසාවරණෙන සමන්නාගතො, අයං විපාකාවරණෙන සමන්නාගතො, අයං න කම්මාවරණෙන සමන්නාගතො, න කිලෙසාවරණෙන, න විපාකාවරණෙන සමන්නාගතො”තිආදිනා ච සත්තානං ආසයාදීනං යථාභූතං විභාවනාකාරප්පවත්තං භගවතො ආසයානුසයඤාණං.
‘මේ පුද්ගලයා කෙලෙස් අඩු කෙනෙකි. මොහු ශාස්වත දෘෂ්ටි ඇත්තෙකි. මොහු උච්ඡේද දෘෂ්ටි ඇත්තෙකි. මොහු අනුලෝමික ක්ෂාන්තියෙහි සිටියෙකි. මොහු යථාභූත ඤාණයෙහි සිටියෙකි. මොහු කාමාසය ඇත්තෙකි. නෙක්ඛම්මාදී ආසය නැත්තෙකි. මොහු නෙක්ඛම්මාදී ආසය ඇත්තෙකි. කාමාදී ආසය නැත්තෙකි යනාදී වශයෙන් ද මොහුගේ කාමරාගය අතිශයින් තහවුරු වී ඇත. පටිඝාදිය එසේ නොවේ. මොහුගේ පටිඝය අතිශයින් තහවුරු වී ඇත. කාමරාගාදිය එසේ නොවේ යනාදී වශයෙන් ද මොහුගේ පුණ්යාභිසංඛාරය අධිකය. අපුඤ්ඤාභිසංඛාරය අධික නැත. ආනෙඤ්ජාභි සංඛාරය අධික නැත. මොහුගේ අපුඤ්ඤාභි සංඛාරය අධිකය. පුඤ්ඤාභිසංඛාරය අධික නැත. ආනෙඤ්ජාභිසංඛාරය අධික නැත. මොහුගේ ආනෙඤ්ජාභි සංඛාරය අධිකය. පුඤ්ඤාභි සංඛාරය අධික නොවේ. අපුඤ්ඤාභිසංඛාරය අධික නොවේ. මොහුගේ කාය සුචරිතය අධිකය. මොහුගේ වචී සුචරිතය අධිකය. මොහුගේ මනෝ සුචරිතය අධිකය. මොහු හීනාධිමුක්තිකයෙකි (පහත් අදහස් ඇත්තෙකි.) මොහු පණීතාධිමුත්තිකයෙකි (යහපත් අදහස් ඇත්තෙකි). මොහු කර්මාවරණයෙන් යුක්ත වූවෙකි. මොහු ක්ලේශාවරණයෙන් යුක්ත වූවෙකි. මොහු විපාකාවරණයෙන් යුක්ත වූවෙකි. මොහු කර්මාවරණයෙන් යුක්ත නොවූවෙකි. ක්ලේශාවරණයෙන් යුක්ත නොවූවෙකි. විපාකාවරණයෙන් යුක්ත නොවූවෙකි’ යනාදී වශයෙන් ද සත්ත්වයන්ගේ ආසය ආදියේ ඇති තතු පැහැදිළි කිරීම් වශයෙන් පැවති භාග්‍යවතුන් වහන්සේගේ යම් ආසයානුසය ඤාණයක් වී ද
යං සන්ධාය වුත්තං – “ඉධ තථාගතො සත්තානං ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත්තිං ජානාති, භබ්බාභබ්බෙ සත්තෙ ජානාතී”තිආදි (පටි· ම· 1.113).
‘මෙහි තථාගතයන් වහන්සේ සත්ත්වයන්ගේ ආසය (චිත්ත සන්තානය) දැනගනිති. අනුසය (තහවුරු වූ කාමරාගාදිය) දැනගනිති. චරිතය (පෙර කළ කර්ම) දැනගනිති. අධිමුත්ති (උස්-පහත් අදහස්) දැනගනිති. භව්‍ය අභව්‍ය (ආනන්තරිය කර්මාදිය ඇති නැති) සත්ත්වයන් දැනගනිති’ යනාදිය මේ සඳහා කියන ලදී.
යඤ්ච උපරිමහෙට්ඨිමපුරත්ථිමපච්ඡිමකායෙහි දක්ඛිණවාමඅක්ඛිකණ්ණසොතනාසිකාසොතඅංසකූටපස්සහත්ථපාදෙහි අඞ්ගුලඞ්ගුලන්තරෙහි ලොමලොමකූපෙහි ච අග්ගික්ඛන්ධූදකධාරාපවත්තනං අනඤ්ඤසාධාරණං විවිධවිකුබ්බනිද්ධිනිම්මාපනකං භගවතො යමකපාටිහාරියඤාණං.
උඩුකයින්, යටිකයින්, මැද (පසුපස) කයින්, දකුණු ඇසින්, වම් ඇසින්, දකුණු කන් සිදුරෙන්, වම් කන් සිදුරෙන්, දකුණුනාසා සිදුරෙන්, වම් නාසා සිදුරෙන්, දකුණු උරහිසින්, වම් උරහිසින්, දකුණු අතින්, වම් අතින්, දකුණු පයින්, වම් පයින්, ඇඟිල්ලෙන්, ඇඟිලි අතරින්, ලෝමයෙන්, ලෝම කූපයෙන් ද ගිනිකඳ දියකඳ පවත්වන ලද අන්‍යයන්ට පොදු නොවූ විවිධ විකුර්වන ඍද්ධි මවන භාග්‍යවතුන් වහන්සේගේ යම් යමක පාටිහීර ඤාණයක් වීද
යං සන්ධාය වුත්තං – “ඉධ තථාගතො යමකපාටිහාරියං කරොති අසාධාරණං සාවකෙහි. උපරිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, හෙට්ඨිමකායතො උදකධාරා පවත්තති. හෙට්ඨිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, උපරිමකායතො උදකධාරා පවත්තතී”තිආදි (පටි· ම· 1.116).
‘මෙහි තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට පොදු නොවූ අසාධාරණ වූ) යමක මහා ප්රාතිහාර්යය කරති. උඩුකයින් ගිනිකඳ පවත්වති. (පිටකරති) යටිකයින් දියකඳ පවත්වති. යටිකයින් ගිනිකඳ පවත්වති. උඩුකයින් දියකඳ පවත්වති’ යනාදිය මේ සඳහා කියන ලදී.
යඤ්ච රාගාදීහි ජාතිආදීහි ච අනෙකෙහි දුක්ඛධම්මෙහි උපද්දුතං සත්තනිකායං තතො නීහරිතුකාමතාවසෙන නානානයෙහි පවත්තස්ස භගවතො මහාකරුණොක්කමනස්ස පච්චයභූතං මහාකරුණාසමාපත්තිඤාණං. යථාහ –
රාගාදියෙන් ද ජාති ජරා ආදියෙන් ද නොයෙක් දුක්ඛ ධර්මවලින්ද උවදුරට පත් සත්ත්ව සමූහය එයින් ඉවත්කිරීමට කැමති වීම් වශයෙන් නොයෙක් ආකාරයෙන් පැවති භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවට බැසගැනීමට ප්‍රත්‍ය වූ යම් මහාකරුණා සමාපත්ති ඤාණයක් වීද,
“කතමං තථාගතස්ස මහාකරුණාසමාපත්තිඤාණං? බහුකෙහි ආකාරෙහි පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති, ආදිත්තො ලොකසන්නිවාසොති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමතී”ති. –
‘තථාගතයන් වහන්සේගේ මහාකරුණා සමාපත්ති ඤාණය කවරේද යත්, බොහෝ ආකාරවලින් (නුවණැසින් හා බුදු ඇසින්) බලන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව සත්ත්වයන් කෙරෙහි බැසගනී. මේ ආදී වශයෙන් ද?’ ‘සත්ත්ව සමූහය (ලෝක සන්නිවාසය) රාගාදියෙන් ගිනිගන්නා ලදැයි දක්වා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව සත්ත්වයන් කෙරෙහි බැසගනී’
ආදිනා (පටි· ම· 1.117) එකූනනවුතියා ආකාරෙහි විභජනං කතං.
මේ ආදී වශයෙන් ද අසූනව ආකාරයකින් බෙදීම කරන ලදී.
යං පන යාවතා ධම්මධාතු, යත්තකං ඤාතබ්බං සඞ්ඛතාසඞ්ඛතාදි, තස්ස සබ්බස්ස පරොපදෙසෙන විනා සබ්බාකාරතො පටිජානනසමත්ථං ආකඞ්ඛාමත්තප්පටිබද්ධවුත්ති අනඤ්ඤසාධාරණං භගවතො ඤාණං සබ්බථා අනවසෙසසඞ්ඛතාසඞ්ඛතසම්මුතිසච්චාවබොධතො සබ්බඤ්ඤුතඤ්ඤාණං, තත්ථාවරණාභාවතොව නිස්සඞ්ගප්පවත්තිං උපාදාය අනාවරණඤාණන්ති ච වුච්චති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන පරතො ආවි භවිස්සති.
යම්තාක් ධර්මධාතු ඇද්ද සංඛත අසංඛතාදී දැනගත යුතු යම්තාක් දේ ඇද්ද ඒ සියල්ල පිළිබඳව පරෝපදේශයෙන් තොරව සියලු ආකාරයෙන් දැනගැනීමට සමත් කැමති පමණට බැඳුණු පැවතුම් ඇති අන්‍යයන්ට පොදු නොවූ භාග්‍යවතුන් වහන්සේගේ ඤාණය හැම ආකාරයෙන් ඉතිරි නොකොට සංඛත අසංඛත සම්මුති පද අවබෝධ කිරීමෙන් සබ්බඤ්ඤුත ඤාණය ද එහි ආවරණයක් නැති බැවින් ඇලීම් නැති පැවැත්ම සැලකිල්ලට ගෙන අනාවරණ ඤාණයයි ද කියනු ලැබේ. මේ මෙහි කෙටි අර්ථයයි. විස්තරය වනාහි අන් තැනක ප්‍රකට වන්නේය.
එවමෙතානි භගවතො ඡ අසාධාරණඤාණානි අවිපරීතාකාරප්පවත්තියා යථාසකංවිසයස්ස අවිසංවාදනතො තථානි අවිතථානි අනඤ්ඤථානි. එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ අසාධාරණ ඤාණ හය නොවෙනස් ආකාරයෙන් පැවති ඒ ඒ විෂයට අවිරුද්ධ වශයෙන් සත්‍යය, අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ. මෙසේ ද භාග්‍යවතුන් වහන්සේ තථානි ආගතො ඒ ඤාණ අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති.
තථා “සත්තිමෙ, භික්ඛවෙ, බොජ්ඣඞ්ගා – සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, වීරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො”ති (පටි· ම· 2.17; සං· නි· 5.185) එවං සරූපතො යායං ලොකුත්තරමග්ගක්ඛණෙ උප්පජ්ජමානා ලීනුද්ධච්චපතිට්ඨානායූහනකාමසුඛත්තකිලමථානුයොගඋච්ඡෙදසස්සතාභිනිවෙසාදීනං අනෙකෙසං උපද්දවානං පටිපක්ඛභූතා සතිආදිභෙදා ධම්මසාමග්ගී, යාය අරියසාවකො බුජ්ඣති, කිලෙසනිද්දාය උට්ඨහති, චත්තාරි වා සච්චානි පටිවිජ්ඣති, නිබ්බානමෙව වා සච්ඡිකරොති, සා ධම්මසාමග්ගී “බොධී”ති වුච්චති, තස්සා බොධියා අඞ්ගාති බොජ්ඣඞ්ගා. අරියසාවකො වා යථාවුත්තාය ධම්මසාමග්ගියා බුජ්ඣතීති කත්වා “බොධී”ති වුච්චති. තස්ස බොධිස්ස අඞ්ගාති බොජ්ඣඞ්ගාති එවං සාමඤ්ඤලක්ඛණතො, උපට්ඨානලක්ඛණො සතිසම්බොජ්ඣඞ්ගො, පවිචයලක්ඛණො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, පග්ගහලක්ඛණො වීරියසම්බොජ්ඣඞ්ගො, ඵරණලක්ඛණො පීතිසම්බොජ්ඣඞ්ගො, උපසමලක්ඛණො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, අවික්ඛෙපලක්ඛණො සමාධිසම්බොජ්ඣඞ්ගො පටිසඞ්ඛානලක්ඛණො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගොති එවං විසෙසලක්ඛණතො.
3.7 එසේම ‘මහණනි, බොජ්ඣංග සතකි: සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය යි’ මෙසේ ස්වරූප වශයෙන් ද, ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි උපදින්නා වූ ලීන (සිතේ සැඟවීම) උද්ධච්ච (සිතේ විසිරිම), පතිට්ඨාන (පිහිටීම) ආයූහන (රැස් කිරීම) කාමසුඛ, අත්තකිලමථානුයෝග, උච්ඡේද, ශාස්වත අභිනිවේස ආදී නොයෙක් උවදුරුවලට ප්රතිපක්ෂ වූ ‘සති’ ආදී භේද ඇති යම් මේ ධර්ම සාමග්‍රියක් වේද ආර්යශ්‍රාවක තෙම යමක් කරණකොට අවබෝධ කරයි ද කෙලෙස් නින්දෙන් නැගිටී ද නැතහොත් චතුස්සත්‍ය අවබෝධ කරයි ද නැතහොත් නිවන ප්රත්යක්ෂ කරයි ද මෙසේ ඒ ධර්ම සාමග්‍රිය බෝධියයි කියනු ලැබේ. ඒ බෝධියේ අංග බොජ්ඣංග නම් වේ. නැතහොත් ආර්ය ශ්රාවකයා කියන ලද ආකාර ඇති ධර්මසාමග්රිය කරණකොට අවබෝධ කරයි යනුවෙන් පැහැදිලිකොට බෝධිය යි කියනු ලැබේ. ඒ බෝධියේ අංග බොජ්ඣංගයයි මෙසේ සාමාන්‍ය ලක්ෂණ වශයෙන් ද, සති සම්බොජ්ඣංගය වැටහීම ලක්‍ෂණකොට ඇත. ධම්මවිචය සම්බොජ්ඣංගය සෙවීම ලක්‍ෂණකොට ඇත. විරිය සම්බොජ්ඣංගය උත්සාහය ලක්‍ෂණකොට ඇත. පීති සම්බොජ්ඣංගය පැතිරීම ලක්ෂණ කොට ඇත. පස්සද්ධි සම්බොජ්ඣංගය සන්සිඳීම ලක්ෂණ කොට ඇත. සමාධි සම්බොජ්ඣංගය නොවිසිරිම ලක්ෂණ කොට ඇත. උපෙක්ඛා සම්බොජ්ඣංගය නුවණින් විමසා බැලීම ලක්ෂණ කොට ඇත. මෙසේ විශේෂ ලක්ෂණ වශයෙන් ද,
“තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො? ඉධ භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො, චිරකතම්පි චිරභාසිතම්පි සරිතා හොති අනුස්සරිතා”තිආදිනා (විභ· 467) සත්තන්නං බොජ්ඣඞ්ගානං අඤ්ඤමඤ්ඤූපකාරවසෙන එකක්ඛණෙ පවත්තිදස්සනතො. “තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො? අත්ථි අජ්ඣත්තං ධම්මෙසු සති, අත්ථි බහිද්ධා ධම්මෙසු සතී”තිආදිනා (විභ· 469) තෙසං විසයවිභාවනාපවත්තිදස්සනතො. “තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං, විරාගනිස්සිතං, නිරොධනිස්සිතං, වොසග්ගපරිණාමි”න්තිආදිනා (විභ· 471) භාවනාවිධිදස්සනතො. “තත්ථ කතමෙ සත්ත බොජ්ඣඞ්ගා? ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති…පෙ… තස්මිං සමයෙ සත්ත බොජ්ඣඞ්ගා හොන්ති, සතිසම්බොජ්ඣඞ්ගො…පෙ… උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. තත්ථ කතමො සතිසම්බොජ්ඣඞ්ගො? යා සති අනුස්සතී”තිආදිනා (විභ· 478) ඡනවුතියා නයසහස්සවිභාගෙහීති එවං නානාකාරතො පවත්තානි භගවතො බොජ්ඣඞ්ගවිභාවනඤාණානි තස්ස තස්ස අත්ථස්ස අවිසංවාදනතො තථානි අවිතථානි අනඤ්ඤථානි. එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
‘එහි සතිසම්බොජ්ඣංගය යනු කුමක් ද? මේ සසුනෙහි භික්ෂුව සිහි ඇත්තේ උතුම් සිහිනුවණින් යුක්ත වූයේ බොහෝ කලකට පෙර කරන ලද දෙය ද බොහෝ කලකට පෙර කියන ලද දෙය ද සිහි කරන්නේ නැවත නැවත සිහිකරන්නේ වෙයි’ යනාදී වශයෙන් බොජ්ඣංග හත අන්‍යොන්‍ය උපකාර වශයෙන් එක් ක්ෂණයක පැවැත්ම දැක්වීම් වශයෙන් ද, ‘තත්ථ කතමො සති සම්බොජ්ඣංගො? අත්ථි අජ්ඣත්තං ධම්මෙසු සති අත්ථි බහිද්ධා ධම්මෙසු සති’ ‘එහි සති සම්බොජ්ඣංගය යනු කුමක් ද? අධ්‍යාත්ම ධර්මයන්හි සතියක් ඇත. බාහිර ධර්මයන්හි සතියක් ඇත’ යනාදී වශයෙන් විෂය පැහැදිලි කිරීමෙහි තොරතුරු දැක්වීම් වශයෙන් ද, ‘තත්ථ කතමො සතිසම්බොජ්ඣංගො? ඉධ භික්ඛු සති සම්බොජ්ඣංගං භාවෙති විවෙකනිස්සිතං විරාග නිස්සිතං නිරොධ නිස්සිතං වොස්සග්ග පරිනාමිං’ ‘එහි සතිසම්බොජ්ඣංගය යනු කුමක්ද? මේ සසුනෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමුණු සතිසම්බොජ්ඣංගය වඩයි’ යනාදී වශයෙන් භාවනා විධි දැක්වීම් වශයෙන් ද, ‘තත්ථ කතමෙ සත්ත බොජ්ඣංගා? ඉධ භික්ඛු යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති -පෙ- තස්මිං සමයෙ සත්ත බොජ්ඣංගා හොන්ති සති සම්බොජ්ඣංගො -පෙ- උපෙක්ඛා සම්බොජ්ඣංගො, තත්ථ කතමො සති සම්බොජඣංගො? යා සති අනුස්සති’ ‘එහි සත්ත බොජ්ඣංග යනු මොනවාද? මේ සසුනෙහි භික්ෂුව යම්කලෙක ලෝකෝත්තර ධ්‍යානය වඩයි ද -පෙ- එසමයෙහි සත්ත බොජ්කධංග වෙයි. සති සම්බොජ්ඣංගය - පෙ- උපෙක්ඛා සම්බොජ්ඣංගයයි. එහි සති සම්බොජ්ඣංගය කුමක්ද? යම් සිහිකිරීමක් නැවත නැවත සිහිකිරීමක්’ යනාදී වශයෙන් ක්‍රම අනූහය දහසකට බෙදීමෙන් මෙසේ නොයෙක් නොයෙක් ආකාර වශයෙන් පැවති භාග්‍යවතුන් වහන්සේගේ බොජ්ඣංග පැහැදිලි කිරිමේ ඤාණයන් ඒ ඒ අර්ථයට විරුද්ධ නොවන ආකාරයට සත්‍යය, අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ. මෙසේ ද භගවා තථානි ආගතොති = තථාගතො, භාග්‍යවතුන් වහන්සේ බොජ්ඣංග පැහැදිලි කරණ ඤාණ අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති.
තථා “තත්ථ කතමං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං – සම්මාදිට්ඨි…පෙ… සම්මාසමාධී”ති (විභ· 205) එවං සරූපතො. සබ්බකිලෙසෙහි ආරකත්තා අරියභාවකරත්තා අරියඵලපටිලාභකරත්තා ච අරියො. අරියානං අට්ඨවිධත්තා නිබ්බානාධිගමාය එකන්තකාරණත්තා ච අට්ඨඞ්ගිකො. කිලෙසෙ මාරෙන්තො ගච්ඡති, අත්ථිකෙහි මග්ගීයති, සයං වා නිබ්බානං මග්ගයතීති මග්ගොති එවං සාමඤ්ඤලක්ඛණතො.
3.8 එසේම ‘තත්ථ කතමං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො, සෙය්යථිදං? සම්මා දිට්ඨි -පෙ සම්මා සමාධි’ ‘එහි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය කුමක්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ කුමක්ද? සම්මා දිට්ඨිය -පෙ- සම්මා සමාධියයි.’ මෙසේ ස්වරූප වශයෙන් ද, සියලු කෙලෙසුන්ගෙන් දුර බැවින් ද ආර්යභාවය සිදුකරන බැවින් ද ආර්යඵල ලැබීම කරන බැවින් ද = අරිය නම් වේ. ආර්යයන් අටවැදෑරුම් බැවින් ද නිවන් අවබෝධයට ඒකාන්ත කාරණය වන බැවින් ද = අට්ඨංගිකය. කෙලෙස් මරමින් යයි. ප්‍රයෝජන ඇත්තන් විසින් සොයනු ලැබේ. නැතහොත් නිවන තමාම සොයයි යනුවෙන් ‘මග්ග’ නම් වේ. මෙසේ සාමාන්‍ය ලක්ෂණ වශයෙන් ද,
“සම්මාදස්සනලක්ඛණා සම්මාදිට්ඨි, සම්මාඅභිනිරොපනලක්ඛණො සම්මාසඞ්කප්පො, සම්මාපරිග්ගහණලක්ඛණා සම්මාවාචා, සම්මාසමුට්ඨාපනලක්ඛණො සම්මාකම්මන්තො, සම්මාවොදානලක්ඛණො සම්මාආජීවො, සම්මාපග්ගහලක්ඛණො සම්මාවායාමො, සම්මාඋපට්ඨානලක්ඛණා සම්මාසති, සම්මාඅවික්ඛෙපලක්ඛණො සම්මාසමාධී”ති එවං විසෙසලක්ඛණතො.
සම්මා දිට්ඨිය මනාව දැකීම (අවිපරීත දැකීම) ලක්ෂණය කොට ඇත. සම්මා සංකප්පය මනාව සිත නිවන් අරමුණට යොමු කිරීම ලක්‍ෂණකොට ඇත. සම්මා වාචාව සම්ප්‍රයුක්ත ධර්ම මනාව නුවණින් ගැනීම ලක්ෂණයකොට ඇත. සම්මා කම්මන්තය තමා හා සම්ප්‍රයුක්ත ධර්ම මනාව නගා සිටුවීම ලක්ෂණය කොට ඇත. සම්මා ආජීවය සම්ප්‍රයුක්ත ධර්ම මනාව පිරිසිදු කිරීම ලක්‍ෂණකොට ඇත. සම්මා වායාමය මනාව උත්සාහ කිරීම ලක්‍ෂණකොට ඇත. සම්මා සතිය අරමුණෙහි යථා ස්වභාවය මනාව වැටහීම ලක්ෂණය කොට ඇත. සම්මා සමාධිය මනාව සිත නොවිසිරීම ලක්ෂණය කොට ඇත. මෙසේ විශේෂ ලක්ෂණ වශයෙන් ද,
සම්මාදිට්ඨි තාව අඤ්ඤෙහිපි අත්තනො පච්චනීකකිලෙසෙහි සද්ධිං මිච්ඡාදිට්ඨිං පජහති, නිබ්බානං ආරම්මණං කරොති, තප්පටිච්ඡාදකමොහවිධමනෙන අසම්මොහතො සම්පයුත්තධම්මෙ ච පස්සති, තථා සම්මාසඞ්කප්පාදයොපි මිච්ඡාසඞ්කප්පාදීනි පජහන්ති, නිරොධඤ්ච ආරම්මණං කරොන්ති, සහජාතධම්මානං සම්මාඅභිනිරොපනපරිග්ගහණසමුට්ඨාපනවොදානපග්ගහඋපට්ඨානසමාදහනානි ච කරොන්තීති එවං කිච්චවිභාගතො.
සම්මා දිට්ඨිය පළමුකොට තමාට විරුද්ධ වූ අනිකුත් කෙලෙස් සමග මිච්ඡා දිට්ඨිය දුරු කරයි. නිවන අරමුණු කරයි. නිවන ආවරණය කරන මෝහය දුරුකිරිමෙන්, මුළා නොවීම් වශයෙන් (සම්මා දිට්ඨිය) සමඟ යෙදුණු ධර්මයන් ද දකියි. එසේම සම්මා සංකප්පාදීහු ද මිච්ඡා සංකප්පාදිය දුරුකරති. (ඒවා) නිවන ද අරමුණු කරයි. සහජාත (එකට උපන්) ධර්මයන්ගේ අභිනිරෝපණය (මනාව සිත නිවන් අරමුණට යොමු කිරිම) ද, පරිග්ගහනය (මනාව නුවණින් ගැනීම) ද සමුට්ඨාපනය (මනාව නගා සිටුවීම) ද, උපට්ඨානය (අරමුණෙහි යථා ස්වභාවය මනාව වැටහීම) ද සමාදහනය (මනාව සිත නොවිසිරිම) ද සම්මා සංකප්පාදී අංගයෝ පිළිවෙළින් සිදුකරති. මෙසේ කෘත්‍ය විභාග (කටයුතු බෙදා දැක්වීම්) වශයෙන් ද
සම්මාදිට්ඨි පුබ්බභාගෙ නානක්ඛණා විසුං දුක්ඛාදිආරම්මණා හුත්වා මග්ගකාලෙ එකක්ඛණා නිබ්බානමෙව ආරම්මණං කත්වා කිච්චතො “දුක්ඛෙ ඤාණ”න්තිආදීනි චත්තාරි නාමානි ලභති. සම්මාසඞ්කප්පාදයොපි පුබ්බභාගෙ නානක්ඛණා නානාරම්මණා, මග්ගකාලෙ එකක්ඛණා එකාරම්මණා, තෙසු සම්මාසඞ්කප්පො කිච්චතො “නෙක්ඛම්මසඞ්කප්පො”තිආදීනි තීණි නාමානි ලභති. සම්මාවාචාදයො තයො පුබ්බභාගෙ “මුසාවාදා වෙරමණී”තිආදිවිභාගා විරතියොපි චෙතනායොපි හුත්වා මග්ගක්ඛණෙ විරතියොව, සම්මාවායාමසතියො කිච්චතො සම්මප්පධානසතිපට්ඨානවසෙන චත්තාරි නාමානි ලභන්ති. සම්මාසමාධි පන මග්ගක්ඛණෙපි පඨමජ්ඣානාදිවසෙන නානා එවාති එවං පුබ්බභාගාපරභාගෙසු පවත්තිවිභාගතො.
සම්මා දිට්ඨිය (මාර්ග ඥානයට) මුල් අවස්ථාවෙහි නානාක්ෂණිකව (නොයෙක් නොයෙක් අවස්ථාවල) වෙන වෙනම දුක් ආදිය අරමුණු වී මාර්ගය උපදින කාලයෙහි ඒක ක්ෂණිකව නිවනම අරමුණු කොට කෘත්‍ය වශයෙන් ‘දුක්ඛෙ ඤාණං = දුක පිළිබඳ ඤාණය’ ආදී වූ නම් සතර ලබයි. සම්මා සංකප්ප ආදිය ද මුල් අවස්ථාවෙහි නානා ක්ෂණිකය, නානා අරමුණු ඇත්තේය. මාර්ගය උපදින කාලයෙහි ඒකක්ෂණිකය. ඒකාරම්මණය. (එක් මොහොතක එක් අරමුණක පවතී.) ඒවා අතරින් සම්මා සංකප්පය කටයුතු වශයෙන් නෙක්ඛම්ම ආදී නම් තුනක් ලබයි. සම්මා වාචා ආදී (මාර්ගාංග) තුන මුල් අවස්ථාවෙහි බොරු කීමෙන් වැළකීම් ආදී බෙදීම්, විරති බවට ද චේතනා බවට ද පත්ව මාර්ග ක්ෂණයෙහි විරති බවටම පත්වේ. සම්මා වායාමය හා සම්මා සතිය කටයුතු වශයෙන් සම්මප්පධාන හා සතිපට්ඨාන වශයෙන් නම් හතරක් (සතර බැගින්) ලබයි. සම්මා සමාධිය වනාහි මාර්ගක්ෂණයෙහි ද ප්‍රථමධ්‍යානාදී වශයෙන් නොයෙක් ආකාර වෙයි. මෙසේ මුල් අවස්ථාවෙහි හා පසු අවස්ථාවෙහි පැවති බෙදීම් (විභාග) වශයෙන් ද
“ඉධ, භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිත”න්තිආදිනා (විභ· 489) භාවනාවිධිතො. “තත්ථ කතමො අට්ඨඞ්ගිකො මග්ගො? ඉධ, භික්ඛු, යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති…පෙ… දුක්ඛපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ අට්ඨඞ්ගිකො මග්ගො හොති – සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො”තිආදිනා (විභ· 499) චතුරාසීතියා නයසහස්සවිභාගෙහීති එවං අනෙකාකාරතො පවත්තානි භගවතො අරියමග්ගවිභාවනඤාණානි අත්ථස්ස අවිසංවාදනතො සබ්බානිපි තථානි අවිතථානි අනඤ්ඤථානි එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
‘ඉධ භික්ඛු සම්මා දිට්ඨිං භාවෙති විවෙක නිස්සිතං’ මේ සසුනෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ සම්මා දිට්ඨිය වඩයි’ යනාදී වශයෙන් භාවනා විශේෂ (දැක්වීම්) වශයෙන් ද කියන ලද ආකාර ඇති සතිපට්ඨාන සම්මප්පධාන පැහැදිලි කරන ඤාණ ආදී අනන්ත අපරිමාණ භේද ඇති අන්‍යයන්ට පොදු නොවූ ප්‍රඥා විශේෂ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ ඤාණ අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති. මෙසේ තථානි ආගතොති = තථාගතො, ඒ ඤාණ අවබෝධ කළ හෙයින් තථාගත නම් වෙති.
තථා පඨමජ්ඣානසමාපත්තියා ච නිරොධසමාපත්තීති එතාසු අනුපටිපාටියා විහරිතබ්බට්ඨෙන සමාපජ්ජිතබ්බට්ඨෙන ච අනුපුබ්බවිහාරසමාපත්තීසු සම්පාදනපච්චවෙක්ඛණාදිවසෙන යථාරහං සම්පයොගවසෙන ච පවත්තානි භගවතො ඤාණානි තදත්ථසිද්ධියා තථානි අවිතථානි අනඤ්ඤථානි. එවම්පි භගවා තථානි ආගතොති තථාගතො. තථා “ඉදං ඉමස්ස ඨානං, ඉදං අට්ඨාන”න්ති අවිපරීතං තස්ස තස්ස ඵලස්ස කාරණාකාරණජානනං, තෙසං තෙසං සත්තානං අතීතාදිභෙදභින්නස්ස කම්මසමාදානස්ස අනවසෙසතො යථාභූතං විපාකන්තරජානනං, ආයූහනක්ඛණෙයෙව තස්ස තස්ස සත්තස්ස “අයං නිරයගාමිනී පටිපදා…පෙ… අයං නිබ්බානගාමිනී පටිපදා”ති යාථාවතො සාසවානාසවකම්මවිභාගජානනං, ඛන්ධායතනානං උපාදින්නානුපාදින්නාදිඅනෙකසභාවං නානාසභාවඤ්ච තස්ස ලොකස්ස “ඉමාය නාම ධාතුයා උස්සන්නත්තා ඉමස්මිං ධම්මප්පබන්ධෙ අයං විසෙසො ජායතී”තිආදිනා නයෙන යථාභූතං ධාතුනානත්තජානනං, සද්ධාදිඉන්ද්රියානං තික්ඛමුදුතාජානනං සංකිලෙසාදීහි සද්ධිං ඣානවිමොක්ඛාදිජානනං, සත්තානං අපරිමාණාසු ජාතීසු තප්පටිබන්ධෙන සද්ධිං අනවසෙසතො පුබ්බෙනිවුත්ථක්ඛන්ධසන්තතිජානනං හීනාදිවිභාගෙහි සද්ධිං චුතිපටිසන්ධිජානනං, “ඉදං දුක්ඛ”න්තිආදිනා හෙට්ඨා වුත්තනයෙනෙව චතුසච්චජානනන්ති ඉමානි භගවතො දසබලඤාණානි අවිරජ්ඣිත්වා යථාසකංවිසයාවගාහනතො යථාධිප්පෙතත්ථසාධනතො ච යථාභූතවුත්තියා තථානි අවිතථානි අනඤ්ඤථානි. වුත්තඤ්හෙතං –
[missing trans]
“ඉධ තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාතී”තිආදි (විභ· 809; අ· නි· 10.21).
[missing trans]
එවම්පි භගවා තථානි ආගතොති තථාගතො.
[missing trans]
යථා චෙතෙසම්පි ඤාණානං වසෙන, එවං යථාවුත්තානං සතිපට්ඨානසම්මප්පධානාදිවිභාවනඤාණාදිඅනන්තාපරිමෙය්යභෙදානං අනඤ්ඤසාධාරණානං පඤ්ඤාවිසෙසානං වසෙන භගවා තථානි ඤාණානි ආගතො අධිගතොති තථාගතො, එවම්පි තථානි ආගතොති තථාගතො.
[missing trans]
කථං තථා ගතොති තථාගතො?
4. එසේ අවබෝධ කළහ යන අරුතින් කෙසේ තථාගත වෙත්ද?
යා තා භගවතො අභිජාතිඅභිසම්බොධිධම්මවිනයපඤ්ඤාපනඅනුපාදිසෙසනිබ්බානධාතුයො, තා තථා. කිං වුත්තං හොති? යදත්ථං තා ලොකනාථෙන අභිපත්ථිතා පවත්තිතා ච, තදත්ථස්ස එකන්තසිද්ධියා අවිසංවාදනතො අවිපරීතත්ථවුත්තියා තථා අවිතථා අනඤ්ඤථා. තථා හි අයං භගවා බොධිසත්තභූතො සමතිංසපාරමිපරිපූරණාදිකං වුත්තප්පකාරං සබ්බබුද්ධත්තහෙතුං සම්පාදෙත්වා තුසිතපුරෙ ඨිතො බුද්ධකොලාහලං සුත්වා දසසහස්සචක්කවාළදෙවතාහි එකතො සන්නිපතිතාහි උපසඞ්කමිත්වා –
භාග්‍යවතුන් වහන්සේගේ යම් ඒ අභිජාතියක් - අභිසම්බෝධියක් - ධර්මවිනය පැනවීමක් - අනුපාදිසේස නිර්වාණ ධාතුවක් ඇද්ද ඒවා එසේය. කුමක් කියන ලද ද? ලෝකනාථයන් වහන්සේ විසින් ඒ පතන ලද පවත්වන ලද යම් අර්ථයක් (ප්‍රයෝජනයක්) ඇද්ද ඒ අර්ථය ඒකාන්තයෙන් සිදුවීමෙන් විරුද්ධ නොවීම් වශයෙන් නොවෙනස්ව එසේ පැවැත්මෙන් සත්‍යය, අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ. එය එසේමය. මේ භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ත්වයකු ලෙස සමතිසක් පාරමී පිරීම් ආදී කියන ලද ආකාර ඇති බුදුබවට අයත් සියලු හේතු සකස්කර තුසිත පුරයෙහි සිටිසේක් බුද්ධ කෝලාහලය අසා දසදහසක් සක්වල දෙවියන් එකට රැස්වී පැමිණ,
“කාලො ඛො තෙ මහාවීර, උප්පජ්ජ මාතුකුච්ඡියං; සදෙවකං තාරයන්තො, බුජ්ඣස්සු අමතං පද”න්ති. (බු· වං· 1.67) –
කාලොයං තෙ මහාවීර උප්පජ්ජ මාතුකුච්ඡියං සදෙවකං තාරයන්තො බුජ්ඣස්සු අමතං පදං
‘මහාවීරයන් වහන්ස, මේ ඔබට කාලයයි. මව්කුස උපදින්න, දෙවියන් සහිත ලෝවැසියා එතෙර කරමින් නිවන අවබෝධ කරන්න’
ආයාචිතො උප්පන්නපුබ්බනිමිත්තො පඤ්ච මහාවිලොකනානි විලොකෙත්වා “ඉදානි අහං මනුස්සයොනියං උප්පජ්ජිත්වා අභිසම්බුජ්ඣිස්සාමී”ති ආසාළ්හිපුණ්ණමායං සක්යරාජකුලෙ මහාමායාය දෙවියා කුච්ඡියං පටිසන්ධිං ගහෙත්වා දස මාසෙ දෙවමනුස්සෙහි මහතා පරිහාරෙන පරිහරියමානො විසාඛපුණ්ණමායං පච්චූසසමයෙ අභිජාතිං පාපුණි.
යනුවෙන් ආයාචනා කරන ලද්දාහු උපන් පෙරනිමිති ඇත්තාහු පස්මහා බැලුම් බලා දැන් මම මනුෂ්‍ය යෝනියෙහි ඉපිද බුදුවන්නෙමියි (සිතා) ඇසළ පුන් පොහෝදින ශාක්‍යරාජ කුලයෙහි මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගෙන දසමාසයක් දෙවිමිනිසුන් විසින් මහත් පිරිවරින් යුතුව ආරක්ෂා කරමින් වෙසක් පුන්පෝදා අලුයම් කාලයෙහි අභිජාතියට පැමිණියහ.
අභිජාතික්ඛණෙ පනස්ස පටිසන්ධිග්ගහණක්ඛණෙ විය ද්වත්තිංස පුබ්බනිමිත්තානි පාතුරහෙසුං, අයං දසසහස්සිලොකධාතු සංකම්පි සම්පකම්පි සම්පවෙධි, දසසු චක්කවාළසහස්සෙසු අපරිමාණො ඔභාසො ඵරි, තස්ස, තං සිරිං දට්ඨුකාමා විය අන්ධා චක්ඛූනි පටිලභිංසු, බධිරා සද්දං සුණිංසු, මූගා සමාලපිංසු, ඛුජ්ජා උජුගත්තා අහෙසුං, පඞ්ගුලා පදසා ගමනං පටිලභිංසු, බන්ධනගතා සබ්බසත්තා අන්දුබන්ධනාදීහි මුච්චිංසු, සබ්බනරකෙසු අග්ගි නිබ්බායි, පෙත්තිවිසයෙ ඛුප්පිපාසා වූපසමි, තිරච්ඡානානං භයං නාහොසි, සබ්බසත්තානං රොගො වූපසමි, සබ්බසත්තා පියංවදා අහෙසුං, මධුරෙනාකාරෙන අස්සා හසිංසු, වාරණා ගජ්ජිංසු, සබ්බතූරියානි සකසකනින්නාදං මුඤ්චිංසු, අඝට්ටිතානි එව මනුස්සානං හත්ථූපගාදීනි ආභරණානි මධුරෙනාකාරෙන සද්දං මුඤ්චිංසු, සබ්බදිසා විප්පසන්නා අහෙසුං, සත්තානං සුඛං උප්පාදයමානො මුදුසීතලවාතො වායි, අකාලමෙඝො වස්සි, පථවිතොපි උදකං උබ්භිජ්ජිත්වා විස්සන්දි, පක්ඛිනො ආකාසගමනං විජහිංසු, නදියො අසන්දමානා අට්ඨංසු, මහාසමුද්දෙ මධුරං උදකං අහොසි, උපක්කිලෙසවිනිමුත්තෙ සූරියෙ දිප්පමානෙ එව ආකාසගතා සබ්බා ජොතියො ජොතිංසු, ඨපෙත්වා අරූපාවචරෙ දෙවෙ අවසෙසා සබ්බෙ දෙවා සබ්බෙ ච නෙරයිකා දිස්සමානරූපා අහෙසුං, තරුකුට්ටකවාටසෙලාදයො අනාවරණභූතා අහෙසුං, සත්තානං චුතූපපාතා නාහෙසුං, සබ්බං අනිට්ඨගන්ධං අභිභවිත්වා දිබ්බගන්ධො පවායි, සබ්බෙ ඵලූපගා රුක්ඛා ඵලධරා සම්පජ්ජිංසු, මහාසමුද්දො සබ්බත්ථකමෙව පඤ්චවණ්ණෙහි පදුමෙහි සඤ්ඡන්නතලො අහොසි, ථලජජලජාදීනි සබ්බපුප්ඵානි පුප්ඵිංසු, රුක්ඛානං ඛන්ධෙසු ඛන්ධපදුමානි, සාඛාසු සාඛාපදුමානි, ලතාසු ලතාපදුමානි, පුප්ඵිංසු, මහීතලසිලාතලානි භින්දිත්වා උපරූපරි සත්ත සත්ත හුත්වා දණ්ඩපදුමානි නාම නික්ඛමිංසු, ආකාසෙ ඔලම්බකපදුමානි නිබ්බත්තිංසු, සමන්තතො පුප්ඵවස්සං වස්සි ආකාසෙ දිබ්බතූරියානි වජ්ජිංසු, සකලදසසහස්සිලොකධාතු වට්ටෙත්වා විස්සට්ඨමාලාගුළං විය, උප්පීළෙත්වා පවත්තමාලාකලාපො විය, අලඞ්කතපටියත්තං මාලාසනං විය ච එකමාලාමාලිනී විප්ඵුරන්තවාළබීජනී පුප්ඵධූපගන්ධපරිවාසිතා පරමසොභග්ගප්පත්තා අහොසි, තානි ච පුබ්බනිමිත්තානි උපරි අධිගතානං අනෙකෙසං විසෙසාධිගමානං නිමිත්තභූතානි එව අහෙසුං. එවං අනෙකච්ඡරියපාතුභාවා අයං අභිජාති යදත්ථං තෙන අභිපත්ථිතා, තස්සා අභිසම්බොධියා එකන්තසිද්ධියා තථාව අහොසි අවිතථා අනඤ්ඤථා.
උපන් මොහොතෙහි උන්වහන්සේගේ පිළිසිඳ ගැනීම සිදුවූ මොහොතෙහි මෙන් දෙතිස් පෙරනිමිති පහළවිය. මේ දසදහසක් ලෝකධාතු කම්පා විය. අතිශයින් කම්පා විය. වෙවුලන්ට විය. දසදහසක් සක්වල අප්‍රමාණ වූ අලෝකය පැතිරුණේය. අප්‍රමාණ වූ අලංකාරය දකිනු කැමැත්තන් මෙන් අන්ධයෝ ඇස් ලැබූහ. බිහිරෝ ශබ්ද ඇසූහ. ගොළුවෝ මැනවින් කතා කළහ. කුදු වූවෝ ඇද නැති සිරුරු ඇත්තෝ වූහ. කොර අය පයින් ගමන් කළහ. සිරගත වූ සියලු සත්ත්වයෝ දම්වැල් ආදී බැඳීම් වලින් මිදුණාහ. සියලු නරකයන්හි ගිනි නිවී ගියේය. ප්‍රේත විෂයෙහි සා (බඩගිනි) පිපාසාව සන්සිඳුණි. තිරිසන්ගත සත්ත්වයන්ට බියක් නොවීය. සියලු සත්ත්වයන්ගේ රෝග සන්සිඳුණි. සියලු සත්ත්වයෝ ප්‍රියවචන ඇත්තෝ වූහ. අශ්වයෝ මිහිරි හඬින් සිනාසුනහ. ඇත්තු ගර්ජනා කළහ. සියලු සංගීත භාණ්ඩ තම තමන්ගේ නාදය මුදාහළේය. මිනිසුන්ගේ අත් ආදියේ ඇති ආභරණ නොගැටී මිහිරි හඬින් ශබ්දය මුදාහළේය. සියලු දිසා ප්‍රසන්න විය. සත්ත්වයන්ට සැප ගෙන දෙමින් මෘදු ශීතල වාතය හැමීය. අකල් වැස්සක් වැස්සේය. පොළොවෙන් ජලය ඉහළට නැගී (මතුපිටට අවුත්) ගලා ගියේය. පක්ෂීහු අහස් ගමන අත්හළහ. ගංගාවෝ නොගලමින් සිටියහ. මහ සමුදුරෙහි දිය මිහිරි විය. බාධාවලින් තොර වූ හිරු බබළන කල්හි ම අහස්ගත සියලු තාරකාවෝ බැබළුනහ. අරූපාවචර දෙවියන් හැර ඉතිරි සියලු දෙවිවරු ද නිරයට අයත් සියල්ලෝ ද පෙනෙන රූප ඇත්තෝ වූහ. ගස් - බිත්ති - දොර ජනෙල් - ගල් පර්වත ආදිය අනාවරණ (විනිවිද පෙනෙන) ඒවා විය. සත්ත්වයන්ගේ මරණයක් උපතක් නොවීය. සියලු දුගඳ මැඩපවත්වා දිව්‍ය සුගන්ධය හැමීය. ගෙඩි හැදෙන සියලුගස් පලදරන ඒවා බවට පත්විය. මහ සමුදුර හැමතැනම පස්පියුමෙන් වැසුණු බිමක් විය. ගොඩ-දිය ආදී සියලු මල් පිපුණි. ගස්වල කඳෙහි කඳ පියුම්, අතුවල අතුපියුම් වැල වැල්පියුම් පිපුණි. තැනිතලා පොළව, තැනිතලා ගල් බිඳී එක පිට එක හත හත බැගින් දඬු පියුම් නික්මුණි. අහසෙහි පහතට එල්ලෙන පියුම් හටගත්තේය. හාත්පස මල්වැස්සක් වැස්සේය. අහසෙහි දිව්‍ය තූර්ය භාණ්ඩ වාදනය විය. මුලු දසදහසක් ලෝකධාතුව වටා මුදාහළ මල් ගුලියක් මෙන් ද මිරිකා ගත් මල් මිටියක් මෙන් ද අලංකාර ලෙස පිළියෙළ කළ මල් ආසනයක් මෙන් ද එකම මල් මාලාවක් ඇති පැතිරුණු වල්විදුණාවක් ඇති මල්-දුම්-සුවඳ කවන ලද උසස් වූ ශෝභාවෙන් අගතැන්පත් වීය. ඒ පෙරනිමිති ද මත්තෙහි අවබෝධ කරන ලද නොයෙක් විශේෂ අධිගමයන්ගේ පෙරනිමිති ම විය. මෙසේ නොයෙක් අසිරිමත් දේ පහළවීමෙන් මේ අභිජාතිය උන්වහන්සේ විසින් පතන ලද යම් අර්ථයක් ඇද්ද ඒ අභිසම්බෝධිය ඒකාන්තයෙන් සිදුවීමෙන් සත්‍යම විය. අසත්‍ය නොවීය. අන් අයුරකින් නොවීය.
තථා යෙ බුද්ධවෙනෙය්යා බොධනෙය්යබන්ධවා, තෙ සබ්බෙපි අනවසෙසතො සයමෙව භගවතා විනීතා. යෙ ච සාවකවෙනෙය්යා ධම්මවෙනෙය්යා ච, තෙපි සාවකාදීහි විනීතා විනයං ගච්ඡන්ති ගමිස්සන්ති චාති යදත්ථං භගවතා අභිසම්බොධි අභිපත්ථිතා, තදත්ථස්ස එකන්තසිද්ධියා අභිසම්බොධි තථා අවිතථා අනඤ්ඤථා.
එසේ ම බුදුරජාණන් වහන්සේ විසින් ම හික්මවිය යුතු අවබෝධ කිරීමට සුදුසු බන්ධූහු වෙත් ඒ සියල්ලෝම ඉතිරි නොකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ම හික්මවන ලදහ. ශ්‍රාවකයන් විසින් නොවේ. ශ්‍රාවකයන් විසින් හික්මවිය යුතු, ධර්මය විසින් හික්මවිය යුතු අය ඒ ශ්‍රාවක ආදීන් විසින් හික්මවන ලද්දාහු හික්මවීමට යති. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පතන ලද යම් අර්ථයක් ඇද්ද, ඒ අර්ථය ඒකාන්තයෙන් සිදුවීමෙන් අභිසම්බෝධිය සත්‍යය අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ.
අපිච යස්ස යස්ස ඤෙය්යධම්මස්ස යො යො සභාවො බුජ්ඣිතබ්බො, සො සො හත්ථතලෙ ඨපිතආමලකං විය ආවජ්ජනමත්තපටිබද්ධෙන අත්තනො ඤාණෙන අවිපරීතං අනවසෙසතො භගවතා අභිසම්බුද්ධොති එවම්පි අභිසම්බොධි තථා අවිතථා අනඤ්ඤථා.
තවද දතයුතු යම් යම් ධර්මයක යම් යම් ස්වභාවයක් අවබෝධ කළයුතුද ඒ ඒ ස්වභාවය අල්ලෙහි තබන ලද නෙල්ලි ගෙඩියක් මෙන් සිහිකිරිම් (ආවර්ජන) මාත්‍රයෙන් බැඳුණු තමන්වහන්සේගේ ඤාණයෙන් නොවෙනස් ලෙස ඉතිරි නොකොට භාග්‍යවතුන් වහන්සේ විසින් විශේෂයෙන් අවබෝධ කරන ලද්දේය යනුවෙන් මෙසේ ද අභිසම්බෝධිය සත්‍යය, අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ.
තථා තෙසං තෙසං ධම්මානං තථා තථා දෙසෙතබ්බප්පකාරං, තෙසං තෙසඤ්ච සත්තානං ආසයානුසයචරියාධිමුත්තිං සම්මදෙව ඔලොකෙත්වා ධම්මතං අවිජහන්තෙනෙව පඤ්ඤත්තිනයං වොහාරමත්තං අනතිධාවන්තෙනෙව ච ධම්මතං විභාවෙන්තෙන යථාපරාධං යථාජ්ඣාසයං යථාධම්මඤ්ච අනුසාසන්තෙන භගවතා වෙනෙය්යා විනීතා අරියභූමිං සම්පාපිතාති ධම්මවිනයපඤ්ඤාපනාපිස්ස තදත්ථසිද්ධියා යථාභූතවුත්තියා ච තථා අවිතථා අනඤ්ඤථා.
එසේම ඒ ඒ ධර්මයන් දෙසිය යුතු ඒ ඒ ආකාරය ද ඒ ඒ සත්ත්වයන්ගේ ආසය - අනුසය - චරියාව - අධිමුක්තිය මැනවින් බලා ධර්මතාව අතනොහරින්නා වූ ද පැණවීම් ක්‍රමය හා ව්‍යවහාර මාත්‍රය නො ඉක්මවන්නා වූ ද ධර්මතාව පැහැදිලි කරන්නා වූ ද වරදට අනුව අදහසට අනුව ධර්මයට අනුව අනුශාසනා කරන්නා වූ ද භාග්‍යවතුන් වහන්සේ විසින් හික්මවීමට සුදුසු අය හික්මවන ලදහ. ආර්යභූමියට පමුණුවන ලදහ. උන්වහන්සේගේ ධර්මවිනය පැනවීම පවා ඒ අර්ථය පිණිසය. ඇති තතු (යථාභූත) පැවැත්මෙන් ද සත්‍යය, අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ.
තථා යා සා භගවතා අනුප්පත්තා පථවියාදිඵස්සවෙදනාදිරූපාරූපසභාවනිමුත්තා ලුජ්ජනපලුජ්ජනභාවාභාවතො ලොකසභාවාතීතා තමසා විසංසට්ඨත්තා කෙනචි අනොභාසනීයා ලොකසභාවාභාවතො එව ගතිආදිභාවරහිතා අප්පතිට්ඨා අනාරම්මණා අමතමහානිබ්බානධාතු ඛන්ධසඞ්ඛාතානං උපාදීනං ලෙසමත්තස්සාපි අභාවතො “අනුපාදිසෙසා”තිපි වුච්චති. යං සන්ධාය වුත්තං –
එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පැමිණියා වූ යම් ඒ සෝපාදි ආදී වූ පඨවි - ඵස්ස - වෙදනාදී රූප අරූප ස්වභාවයෙන් තොර වූ කැඩෙන බිඳෙන බව නැති බැවින් ලෝක ස්වභාවය ඉක්මවූ, අඳුරෙන් මිශ්‍ර නොවූ බැවින් කිසි අයුරකින් බැබළවිය නොහැකි, ලෝක ස්වභාවය නැති බැවින් (තිරිසන්-දේව) ගති ආදී ස්වභාව නැති, පිහිටීමක් නැති අරමුණු නැති අමෘතමහා නිර්වාණ ධාතුව ස්කන්ධ නම් වූ උපාදිවල ක්ලේශ මාත්‍රයක්වත් නැති බැවින් අනුපාදිසේස යයි කියනු ලැබේ. එය මේ සඳහා කියන ලදී.
“අත්ථි, භික්ඛවෙ, තදායතනං, යත්ථ නෙව පථවී න ආපො න තෙජො න වායො න ආකාසානඤ්චායතනං න විඤ්ඤාණඤ්චායතනං න ආකිඤ්චඤ්ඤායතනං න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නායං ලොකො න පරො ලොකො න ච උභො චන්දිමසූරියා. තමහං, භික්ඛවෙ, නෙව ආගතිං වදාමි න ගතිං න ඨිතිං න චුතිං න උපපත්තිං; අප්පතිට්ඨං අප්පවත්තං අනාරම්මණමෙවෙතං එසෙවන්තො දුක්ඛස්සා”ති (උදා· 71).
‘අත්ථි භික්ඛවෙ තදායතනං යත්ථ නෙව පඨවි න ආපො න තෙජො න වායො න ආකාසානඤ්චායතනං න විඤ්ඤාණඤ්චායතනං න ආකිඤ්චඤ්ඤායතනං න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නායං ලොකො න පරො ලොකො න ච උභො චන්දිම සුරියා යමහං භික්ඛවෙ නෙව ආගතිං වදාමි න ගතිං න ඨිතිං න චුතිං න උප්පත්තං අප්පතිට්ඨං අප්පවත්තං අනාරම්මණමෙවෙතං එසෙවන්තො දුක්ඛස්ස’ ‘මහණෙනි, යම්තැනක පඨවි ධාතුව නැද්ද ආපෝ ධාතුව නැද්ද තේජෝ ධාතුව නැද්ද වායෝධාතුව නැද්ද ආකාසානඤ්චායතන සිත නැද්ද විඤ්ඤාණඤ්චායතන සිත නැද්ද ආකිඤ්චඤ්ඤායතන සිත නැද්ද නෙවසඤ්ඤානාසඤ්ඤායතන සිත නැද්ද මේ (ස්කන්ධ) ලෝකය නැද්ද මෙයින් උපදනා අනිත් (ස්කන්ධ) ලෝකයකුත් නැද්ද (එහි අඳුරක් නැති බැවින් අඳුර දුරු කරන්නට) සඳහිරු දෙදෙනා නැද්ද එසේ වූ ඒ ආයතනය (නිවන) ඇත. මහණෙනි, කිසිවෙකුගේ පැමිණීමක් යාමක් සිටීමක් මරණයක් උපදීමක් එහි ඇතැයි නො කියමි. මෙය කිසිවක නොපිහිටි ප්රත්යවලින් නො පවත්නා කිසි අරමුණක නො එල්ලෙන දහමකි. මෙයම දුකෙහි කෙළවර ය.’
සා සබ්බෙසම්පි උපාදානක්ඛන්ධානං අත්ථඞ්ගමො සබ්බසඞ්ඛාරානං සමථො, සබ්බූපධීනං පටිනිස්සග්ගො, සබ්බදුක්ඛානං වූපසමො, සබ්බාලයානං සමුග්ඝාතො, සබ්බවට්ටානං උපච්ඡෙදො, අච්චන්තසන්තිලක්ඛණාති යථාවුත්තසභාවස්ස කදාචිපි අවිසංවාදනතො තථා අවිතථා අනඤ්ඤථා. එවමෙතා අභිජාතිආදිකා තථා ගතො උපගතො අධිගතො පටිපන්නො පත්තොති තථාගතො. එවං භගවා තථා ගතොති තථාගතො.
ඒ නිවන සියලුම උපාදානස්කන්ධයන්ගේ විනාශයට යාමය, සියලු සංස්කාරයන්ගේ සංසිඳීමය. සියලු උපධීන්ගේ දුරුකිරීමය. සියලු දුක්වල සන්සිඳීමය. සියලු ආශාවන්ගේ උදුරා දැමීමය. සියලු සංසාර චක්රවල සිඳීමය. අත්‍යන්ත ශාන්ති ලක්ෂණයයි මෙසේ කියන ලද ස්වභාවයට කිසිකලෙකත් විරුද්ධ නොවීම් වශයෙන් (අවිසංවාදනතො) සත්‍යය, අසත්‍ය නොවේ. අන් අයුරකින් නොවේ. මෙසේ ඒ අභිජාති ආදියට තථාගතයන් වහන්සේ එළඹියහ. ඒවා අවබෝධ කළහ. ඒවාට පිළිපන්හ. ඒවාට පත්වූහ යනුවෙන් තථාගත නම් වෙති. මෙසේ භාග්‍යවතුන් වහන්සේ තථා ගතොති තථාගතො එසේ අවබෝධ කළහ යන අරුතින් තථාගත නම් වෙති.
කථං තථාවිධොති තථාගතො?
5. ඒ ආකාර වූ හෙයින් කෙසේ තථාගත වෙත් ද?
යථාවිධා පුරිමකා සම්මාසම්බුද්ධා, අයම්පි භගවා තථාවිධො. කිං වුත්තං හොති? යථාවිධා තෙ භගවන්තො මග්ගසීලෙන, ඵලසීලෙන, සබ්බෙනපි ලොකියලොකුත්තරසීලෙන, මග්ගසමාධිනා, ඵලසමාධිනා, සබ්බෙනපි ලොකියලොකුත්තරසමාධිනා, මග්ගපඤ්ඤාය, ඵලපඤ්ඤාය, සබ්බායපි ලොකියලොකුත්තරපඤ්ඤාය, දෙවසිකං වළඤ්ජිතබ්බෙහි චතුවීසතිකොටිසතසහස්සසමාපත්තිවිහාරෙහි, තදඞ්ගවිමුත්තියා වික්ඛම්භනවිමුත්තියා සමුච්ඡෙදවිමුත්තියා පටිප්පස්සද්ධිවිමුත්තියා නිස්සරණවිමුත්තියාති සඞ්ඛෙපතො, විත්ථාරතො පන අනන්තාපරිමාණභෙදෙහි අචින්තෙය්යානුභාවෙහි සකලසබ්බඤ්ඤුගුණෙහි, අයම්පි අම්හාකං භගවා තථාවිධො. සබ්බෙසඤ්හි සම්මාසම්බුද්ධානං ආයුවෙමත්තං, සරීරප්පමාණවෙමත්තං, කුලවෙමත්තං, දුක්කරචරියාවෙමත්තං, රස්මිවෙමත්තන්ති ඉමෙහි පඤ්චහි වෙමත්තෙහි සියා වෙමත්තං, න පන සීලවිසුද්ධිආදීසු විසුද්ධීසු සමථවිපස්සනාපටිපත්තියං අත්තනා පටිවිද්ධගුණෙසු ච කිඤ්චි නානාකරණං අත්ථි, අථ ඛො මජ්ඣෙ භින්නසුවණ්ණං විය අඤ්ඤංමඤ්ඤං නිබ්බිසෙසා තෙ බුද්ධා භගවන්තො. තස්මා යථාවිධා පුරිමකා සම්මාසම්බුද්ධා, අයම්පි භගවා තථාවිධො. එවං තථාවිධොති තථාගතො. විධත්ථො චෙත්ථ ගතසද්දො. තථා හි ලොකියා විධයුත්තගතසද්දෙ පකාරත්ථෙ වදන්ති.
පෙර සම්මා සම්බුදුවරු යම් ආකාර වූවාහු ද මේ භාග්‍යවතුන් වහන්සේ ද ඒ ආකාර වූහ. කුමක් කියන ලද ද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මාර්ග ශීලයෙන් ඵල ශීලයෙන් සියලුම ලෞකික ලෝකෝත්තර ශීලයෙන්ද මාර්ග සමාධියෙන් ඵල සමාධියෙන් සියලුම ලෞකික ලෝකෝත්තර සමාධියෙන් ද මාර්ග ප්‍රඥාවෙන් ඵල ප්‍රඥාවෙන් සියලුම ලෞකික ලෝකොත්තර ප්‍රඥාවෙන් ද දිනපතා පරිහරණය කළයුතු කෝටි විසිහතර ලක්ෂයක් සමාපත්ති විහාරවලින් ද තදංග විමුක්තියෙන් ද විෂ්කම්භන විමුක්තියෙන් ද සමුච්ඡේද විමුක්තියෙන් ද පටිප්පස්සද්ධි විමුක්තියෙන් ද නිස්සරණ විමුක්තියෙන් දැයි මෙසේ කෙටියෙන් ද, විස්තර වශයෙන් වනාහි අනන්ත අපරිමාණ භේද ඇති සිතිය නොහැකි ආනුභාව ඇති සියලු සර්වඥ ගුණවලින් අපගේ මේ භාග්‍යවතුන් වහන්සේ ද එබඳු වෙති. සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ විවිධත්වය, ශරීර ප්‍රමාණ විවිධත්වය, කුල විවිධත්වය, දුෂ්කර හැසිරිමෙහි විවිධත්වය, බුද්ධරශ්මි විවිධත්වය යන මේ විවිධත්ව පහෙන් විවිධත්වය ඇතිවන්නේය. (එහෙත්) සීලවිසුද්ධි ආදී විසුද්ධිවල ද සමථ විදර්ශනා ප්රතිපත්තියෙහි ද තමා විසින් අවබෝධ කළ ගුණවල ද කිසිදු විවිධත්වයක් නැත. එහෙත් මැදින් බිඳී ගිය (වෙන් වූ) රන් කැබැල්ලක විශේෂයක් නැතුවාක් මෙන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා අතර විශේෂත්වයක් නැත. එහෙයින් පැරණි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා යම් ආකාරයකින් යුක්ත වූවාහු ද මේ භාග්‍යවතුන් වහන්සේ ද ඒ ආකාරයෙන් යුක්ත වෙති. මෙසේ ‘තථාවිධො’ ඒ ආකාර ඇත්තේය යන අරුතින් ‘තථාගතො’ තථාගත නම් වෙති. මෙහි ‘ගත’ ශබ්දය විධ (ආකාර) යන අර්ථ ඇත්තේය. එහෙයින් ලෝකවාසීහු ‘විධ’ යන්න යෙදුණු ‘ගත’ ශබ්දයෙහි ප්‍රකාරය (ආකාරය) යන අර්ථය ඇතැයි කියති.
කථං තථාපවත්තිකොති තථාගතො?
6. එසේ පැවතුම් ඇති හෙයින් තථාගත වන්නේ කෙසේද?
අනඤ්ඤසාධාරණෙන ඉද්ධානුභාවෙන සමන්නාගතත්තා අත්ථපටිසම්භිදාදීනං උක්කංසපාරමිප්පත්තියා අනාවරණඤාණපටිලාභෙන ච භගවතො කායප්පවත්තියාදීනං කත්ථචි පටිඝාතාභාවතො යථාරුචි තථා ගතං ගති ගමනං කායවචීචිත්තප්පවත්ති එතස්සාති තථාගතො. එවං තථාපවත්තිකොති තථාගතො.
අන් අයට පොදු නොවූ සෘද්ධි ආනුභාවයෙන් යුක්ත හෙයින් ද ඉතා උසස් අයුරින් අත්ථපටිසම්භිදාදියේ කෙළවරට පැමිණි බැවින් ද අනාවරණ ඤාණය ලැබීමෙන් ද කයේ පැවැත්ම ආදියේ ගැටීමක් කිසිතැනක නැති බැවින් උන්වහන්සේගේ කය-වචන-සිතේ පැවැත්ම රුචි වූ පරිද්දෙන් ගියේය යන අරුතින් ‘තථාගත’ නම් වෙති. මෙලෙස ‘තථා’ එසේ ‘පවත්තිකො’ පැවැත්ම ඇත්තේ යන අරුතින් ‘තථාගතො’ තථාගත නම් වෙති.
කථං තථෙහි අගතොති තථාගතො?
7. ඒ ඤාණවලින් පැමිණි හෙයින් තථාගත වන්නේ කෙසේද?
බොධිසම්භාරසම්භරණෙ තප්පටිපක්ඛප්පවත්තිසඞ්ඛාතං නත්ථි එතස්ස ගතන්ති අගතො. සො පනස්ස අගතභාවො මච්ඡෙරදානපාරමිආදීසු අවිපරීතං ආදීනවානිසංසපච්චවෙක්ඛණාදිනයප්පවත්තෙහි ඤාණෙහීති තථෙහි ඤාණෙහි අගතොති තථාගතො.
බෝධි සම්භාර (බෝධියට අවශ්‍ය කටයුතු) සිදුකිරීමෙහි දී එයට ප්රතිපක්ෂ පැවැත්ම නම් වූ ගතයක් (ගමනක්) උන්වහන්සේට නැත යන අරුතින් අගත නම් වෙති. මසුරුමල ආදියෙහි නොවෙනස් ලෙස ආදීනවද දානපාරමී ආදියෙහි නොවෙනස් ලෙස ආනිසංස ද ප්රත්යවේක්ෂණ ආදී ක්‍රමයෙන් පැවති ඤාණවලින් උන්වහන්ගේ ඒ අගතභාවය සිදුවේ. මෙසේ ඒ ඤාණවලින් අගත වූයේ යන අරුතින් තථාගත නම් වෙති.
අථ වා කිලෙසාභිසඞ්ඛාරප්පවත්තිසඞ්ඛාතං ඛන්ධප්පවත්තිසඞ්ඛාතමෙව වා පඤ්චසුපි ගතීසු ගතං ගමනං එතස්ස නත්ථීති අගතො. සඋපාදිසෙසඅනුපාදිසෙසනිබ්බානප්පත්තියා ස්වායමස්ස අගතභාවො තථෙහි අරියමග්ගඤාණෙහීති එවම්පි භගවා තථෙහි ආගතොති තථාගතො.
නැතහොත් කෙලෙස් අභිසංස්කාරයන්ගේම පැවැත්ම නම් වූ ද ස්කන්ධයන්ගේ පැවැත්ම නම් වූ ද (නිරය ආදී වූ) පංච ගතිවල ගමනක් උන්වහන්සේට නැත යන අරුතින් අගත නම් වෙති. සෝපාදිසේස අනුපාදිසේස යන නිර්වාණයන්ගේ පැවැත්මෙන් උන්වහන්සේගේ ඒ මේ අගතභාවය වන්නේ ඒ ආර්යමාර්ග ඥානයන් කරණකොට ගෙන ය. මෙසේ ද භාග්‍යවතුන් වහන්සේ තථ නම් වූ ආර්යමාර්ග ඥානවලින් බැහැර නො ගියහ. යන අරුතින් තථාගත නම් වෙති.
කථං තථාගතභාවෙන තථාගතො?
8. එසේ ගිය බැවින් කෙසේ තථාගත වෙත් ද?
තථාගතභාවෙනාති ච තථාගතස්ස සබ්භාවෙන, අත්ථිතායාති අත්ථො. කො පනෙස තථාගතො, යස්ස අත්ථිතාය භගවා තථාගතොති වුච්චතීති? සද්ධම්මො. සද්ධම්මො හි අරියමග්ගො තාව යථා යුගනද්ධසමථවිපස්සනාබලෙන අනවසෙසකිලෙසපක්ඛං සමූහනන්තෙන සමුච්ඡෙදප්පහානවසෙන ගන්තබ්බං, තථා ගතො. ඵලධම්මො යථා අත්තනො මග්ගානුරූපං පටිප්පස්සද්ධිප්පහානවසෙන ගන්තබ්බං, තථා ගතො පවත්තො. නිබ්බානධම්මො පන යථා ගතො පඤ්ඤාය පටිවිද්ධො සකලවට්ටදුක්ඛවූපසමාය සම්පජ්ජති, බුද්ධාදීහි තථා ගතො සච්ඡිකතොති තථාගතො. පරියත්තිධම්මොපි යථා පුරිමබුද්ධෙහි සුත්තගෙය්යාදිවසෙන පවත්තිආදිප්පකාසනවසෙන ච වෙනෙය්යානං ආසයාදිඅනුරූපං පවත්තිතො, අම්හාකම්පි භගවතා තථා ගතො ගදිතො පවත්තිතොති වා තථාගතො.
එසේ ගිය බැවින් ද එසේ යාමේ සත්භාවයෙන් ද, (එනම්) ඇති බැවින් යන අර්ථයි. යමක ඇති බැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත යයි කියනු ලැබෙත් ද ඒ මේ තථාගතය කුමක් ද? (එනම්) සද්ධර්මය යි. සද්ධර්මය වනාහි : පළමුකොට ආර්ය මාර්ගය එකට බැඳී ඇති (යුගනද්ධ) සමථ විදර්ශනා බලයෙන් සහමුලින් උදුරා දැමීමෙන් සහමුලින් පහකිරීම් (සමුච්ඡේදප්පහාන) වශයෙන් යම්සේ යා යුතු ද එසේ ගියේ වෙයි. ඵලධර්මය වනාහි : තමාගේ මාර්ගයට අනුරූප වූ පටිප්පස්සද්ධිප්පහාන වශයෙන් යම්සේ යා යුතුද එසේ ගියේ එසේ පැවතියේ වෙයි. නිර්වාණ ධර්මය වනාහි යම්සේ ගමන් කරන ලදුව ප්‍රඥාවෙන් අවබෝධ කරන ලදුව සියලු සංසාර දුක් සන්සිඳීම පිණිස පැමිණේද, බුද්ධාදීන් විසින් එසේ ගමන්කරන ලද්දේ ප්රත්යක්ෂ කරන ලද්දේය යන අරුතින් තථාගත නම් වෙයි. පෙර බුදුරජාණන් වහන්සේලා විසින් සූත්‍ර ගෙය්ය ආදී වශයෙන් පැවති මුල් ප්‍රකාශන වශයෙන් හික්මවීමට සුදුසු අයගේ ආසය ආදියට අනුරූපව විමුක්තිය පිණිස පවත්වන ලද පර්යාප්ති ධර්මය යම්සේ ද, එසේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ද එසේ ගමන්කරන ලද්දේ කියන ලද්දේ පවත්වන ලද්දේය යන අරුතින් තථාගත නම් වෙයි.
යථා භගවතා දෙසිතො, තථා භගවතො සාවකෙහි ගතො අවගතොති තථාගතො. එවං සබ්බොපි සද්ධම්මො තථාගතො. තෙනාහ සක්කො දෙවානමින්දො “තථාගතං දෙවමනුස්සපූජිතං, ධම්මං නමස්සාම සුවත්ථි හොතූ”ති (ඛු· පා· 6.17; සු· නි· 240). ස්වාස්ස අත්ථීති භගවා තථාගතො.
යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ද ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විසින් අවබෝධ කරන ලද්දේය යන අරුතින් තථාගත නම් වේ. මෙසේ සියලුම සද්ධර්මය තථාගත නම් වේ. එහෙයින් ශක්‍ර දිව්‍යරාජයා ‘තථාගතං දෙවමනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ථි හොතු’ යනුවෙන් කීය. මෙසේ ඒ සද්ධර්මයම උන්වහන්සේට ඇත්තේය යන අරුතින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති.
යථා ච ධම්මො, එවං අරියසඞ්ඝොපි, යථා අත්තහිතාය පරහිතාය ච පටිපන්නෙහි සුවිසුද්ධං පුබ්බභාගසමථවිපස්සනාපටිපදං පුරක්ඛත්වා තෙන තෙන මග්ගෙන ගන්තබ්බං, තං තං තථා ගතොති තථාගතො. යථා වා භගවතා සච්චපටිච්චසමුප්පාදාදිනයො දෙසිතො, තථා ච බුද්ධත්තා තථා ගදනතො ච තථාගතො. තෙනාහ සක්කො දෙවරාජා – “තථාගතං දෙවමනුස්සපූජිතං, සඞ්ඝං නමස්සාම සුවත්ථි හොතූ”ති (ඛු· පා· 6.18; සු· නි· 241), ස්වාස්ස සාවකභූතො අත්ථීති භගවා තථාගතො. එවං තථාගතභාවෙන තථාගතො.
ධර්මය යම්සේද මෙසේ ආර්ය සංඝයා ද යම්සේ තමාට හිත පිණිස ද අනුන්ට හිත පිණිසද පිළිපන්නේ ඉතා පිරිසිදු පූර්වභාග සමථ විදර්ශනා ප්‍රතිපදාව පෙරටුකොට ඒ ඒ මාර්ගයෙන් යා යුතුද ඒ ඒ මාර්ගයට එසේ ගියේය යන අරුතින් තථාගත නම් වේ. යම්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්‍ය, පටිච්ච සමුප්පාද ආදී න්‍යාය දේශනා කරන ලද ද එසේම අවබෝධ කළ හෙයින් (සංඝයා ද ඒ ධර්මය එසේ) දේශනා කිරීම් වශයෙන් ද තථාගත නම් වේ. එහෙයින් ශක්‍ර දිව්‍ය රාජයා ‘තථාගතං දෙවමනුස්සපූජිතං සංඝං නමස්සාම සුවත්ථි හොතු’ යනුවෙන් කීය. ශ්‍රාවක වූ ඒ සංඝයා උන්වහන්සේට ඇත්තේය යන අරුතින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති. මෙසේ ‘තථා’ එසේ ‘ගතභාවෙන’ ගිය බැවින් ‘තථාගතො’ තථාගත නම් වෙති.
ඉදම්පි තථාගතස්ස තථාගතභාවදීපනෙ මුඛමත්තකමෙව, සබ්බාකාරෙන පන තථාගතොව තථාගතස්ස තථාගතභාවං වණ්ණෙය්‍ය. ඉදඤ්හි තථාගතපදං මහත්ථං, මහාගතිකං, මහාවිසයං, තස්ස අප්පමාදපදස්ස විය තෙපිටකම්පි බුද්ධවචනං යුත්තිතො අත්ථභාවෙන ආහරන්තො “අතිත්ථෙන ධම්මකථිකො පක්ඛන්දො”ති න වත්තබ්බොති.
මෙය ද තථාගතයන් වහන්සේගේ තථාගතභාවය පැහැදිලි කිරිමෙහි මුඛ මාත්‍රයක් පමණි. සියලු ආකාරයෙන් තථාගතයන් වහන්සේ ම තථාගතයන් වහන්සේගේ තථාගතභාවය වර්ණනා කරන්නාහුය. ඒ අප්‍රමාද පදයට මෙන් මහත් අර්ථ ඇත්තා වූ මහත් ගති (ආකාර) ඇත්තා වූ මහත් ඵලය ඇත්තා වූ මේ තථාගත පදය යුක්ති වශයෙන් ඇති බැවින් ත්‍රිපිටක බුද්ධ වචනය ඉදිරිපත් කරමින් සෑහීමකට පත් නොවීමෙන් ධර්මකථික තෙමේ ඉවත්ව ගියේ යයි නොකිව යුතුය.
තත්ථෙතං වුච්චති –
එහිලා මේ අදහස කියනු ලැබේ -
“යථෙව ලොකෙ පුරිමා මහෙසිනො, සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා; තථා අයං සක්යමුනීපි ආගතො, තථාගතො වුච්චති තෙන චක්ඛුමා.
1. යථෙව ලොකෙ පුරිමා මහෙසිනො සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා තථා අයං සක්යමුනීපි ආගතො තථාගතො වුච්චති තෙන චක්ඛුමා
මේ ලෝකයෙහි පෙර මහර්ෂී වූ මුනිවරු යම්සේ සර්වඥභාවයට ආවාහු ද එසේ මේ ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේ ද ආවාහුය. එහෙයින් (බුද්ධචක්ඛු ආදී) ඇස් ඇති බුදුරජාණන් වහන්සේ තථාගත යයි කියනු ලැබේ.
“පහාය කාමාදිමලෙ අසෙසතො, සමාධිඤාණෙහි යථා ගතා ජිනා; පුරාතනා සක්‍යමුනී ජුතින්ධරො, තථා ගතො තෙන තථාගතො මතො.
2. පහාය කාමාදිමලෙ අස්සෙතො සමාධි ඤාණෙහි යථා ගතා ජිනා පුරාතනා සක්‍යමුනී ජුතින්ධරො තථා ගතො තෙන තථාගතො මතො
කාම ආදී මල (අපිරිසිදු දේ) ඉතිරි නොකොට දුරුකොට පැරණි ජින නම් වූ බුදුවරු සමාධි ඤාණවලින් යම්සේ ගියාහුද පිළිපැද්දාහුද එහෙයින් තථාගත යයි දන්නා ලදී.
“තථඤ්ච ධාතායතනාදිලක්ඛණං, සභාවසාමඤ්ඤවිභාගභෙදතො; සයම්භුඤාණෙන ජිනොයමාගතො, තථාගතො වුච්චති සක්යපුඞ්ගවො.
3. තථඤ්ච ධාත්වායතනාදි ලක්ඛණං සභාවසාමඤ්ඤ විහාග භෙදතො සයම්භූ ඤාණෙන ජිනොයමාගතො තථාගතො වුච්චති සක්ය පුංගවො
මේ ජිනයන් වහන්සේ ස්වභාව හා සාමාන්‍ය බෙදීම්වලින් සත්‍ය වූ ධාතු ආයතන ආදී ලක්ෂණයට ස්වකීය ඤාණයෙන් පැමිණියහ. (ලක්ෂණය අවබෝධ කළහ) එහෙයින් ශාක්‍ය ශ්‍රේෂ්ඨයන් වහන්සේට තථාගතය යි කියනු ලැබේ.
“තථානි සච්චානි සමන්තචක්ඛුනා, තථා ඉදප්පච්චයතා ච සබ්බසො; අනඤ්ඤනෙය්යා නයතො විභාවිතා, තථා ගතො තෙන ජිනො තථාගතො.
4.. තථානි සච්චානි සමන්තචක්ඛුනා තථා ඉදප්පච්චයතා ච සබ්බසො අනඤ්ඤනෙය්යෙන යතො විභාවිතා තථා ගතො තෙන ජිනො තථාගතො
අනිකකු විසින් අවබෝධ කරවීමට යෝග්‍ය නොවූ ද සමතැස් ඇත්තා වූ ද බුදුරදුන් විසින් සත්‍ය වූ ආර්ය සත්‍යයෝ ද එසේම පටිච්ච සමුප්පාදය ද සර්වප්රකාරයෙන් අවබෝධ කරන ලද්දාහු ද එහෙයින් තථා ගත යන අරුතින් ජිනයන් වහන්සේ තථාගත නම් වන සේක.
“අනෙකභෙදාසුපි ලොකධාතුසු, ජිනස්ස රූපායතනාදිගොචරෙ; විචිත්තභෙදෙ තථමෙව දස්සනං, තථාගතො තෙන සමන්තලොචනො.
5. අනෙක භේදාසුපි ලොකධාතුසු ජිනස්ස රූපායතනාදි ගොචරෙ විචිත්තභෙදෙ තථමෙව දස්සනං තථාගතො තෙන සමන්තලොචනො
නොයෙක් භේද ඇති ලෝකධාතුවල විසිතුරු භේද ඇති රූපායතනාදී අරමුණු එක එකක් තථය (සත්‍යය). ඒ තථය භාග්‍යවතුන් වහන්සේට දර්ශනය වේ. එහෙයින් සමතැස් ඇති බුදුරජාණන් වහන්සේ තථාගත නම් වෙති.
“යතො ච ධම්මං තථමෙව භාසති, කරොති වාචායනුරූපමත්තනො; ගුණෙහි ලොකං අභිභුය්යිරීයති, තථාගතො තෙනපි ලොකනායකො.
6. යතො ච ධම්මං තථමෙව භාසති කරොති වාචායනුරූප මත්තනො ගුණෙහි ලොකං අභිභූය්යීරීයති තථාගතො තෙනපි ලොකනායකො
යම්හෙයකින් සත්‍ය වූම ධර්මය දෙසත් ද සිය වචනයට අනුරූප වූවක් කරත් ද ගුණයන්ගෙන් ලෝකයා ඉක්මවා ඉරියව් පවත්වත් ද එයින් ද ලෝකනායකයන් වහන්සේ තථාගත නම් වන සේක.
“තථා පරිඤ්ඤාය තථාය සබ්බසො, අවෙදි ලොකං පභවං අතික්කමි; ගතො ච පච්චක්ඛකිරියාය නිබ්බුතිං, අරියමග්ගඤ්ච ගතො තථාගතො.
7. තථා පරිඤ්ඤාය තථාය සබ්බසො අවෙදි ලොකං පභවං අතික්කමි ගතො ච පච්චක්ඛක්රියාය නිබ්බුතිං සදා රිය මග්ගඤ්ච ගතො තථාගතො
පිරිසිඳ දැනීම නම් වූ තථයෙන් සියලු ආකාරයෙන් ලෝකය (දුක) අවබෝධ කළහ. ප්රභවය (සමුදය) ඉක්ම වූහ. ප්රත්යක්ෂ ක්‍රියාවෙන් නිවනට ගියහ. සැමදා ආර්ය මාර්ගයේ ද ගමන් කළහ. එහෙයින් තථාගත නම් වෙති.
“තථා පටිඤ්ඤාය තථාය සබ්බසො, හිතාය ලොකස්ස යතොයමාගතො; තථාය නාථො කරුණාය සබ්බදා, ගතො ච තෙනාපි ජිනො තථාගතො.
8. තථා පටිඤ්ඤාය තථාය සබ්බසො හිතාය ලොකස්ස යතො යථාගතො තථාය නාථො කරුණාය සබ්බදා ගතො ච තෙනාපි ජිනො තථාගතො
එසේම සත්‍ය වූ ප්‍රතිඥාවට අනුව සියලු ආකාරයෙන් ලෝකයාගේ හිත පිණිස යම්හෙයකින් පිළිපන්නාහු ද සත්‍ය වූ කරුණාවෙන් නාථයන් වහන්සේ සැමදා යුක්ත වූවාහු ද එහෙයින් ජිනයන් වහන්සේ තථාගත නම් වෙති.
“තථානි ඤාණානි යතොයමාගතො, යථාසභාවං විසයාවබොධතො; තථාභිජාතිප්පභුතී තථාගතො, තදත්ථසම්පාදනතො තථාගතො.
9. තථානි ඤාණානි යතො යමාගතො යථාසභාවං විසයාවබොධතො තථාභි ජාතිප්පභුතිං තථාගතො තදත්ථ සම්පාදනතො තථාගතො
යම්හෙයකින් මාර්ගඥාන ආදී තථයන් අවබෝධ කළ සේක් ද, විෂයාවබෝධයෙන් (ඒ ඒ ඤාණ අවිපරීතාකාර පැවැත්මෙන්) යථා ස්වභාව ඇත්තේ ද එසේම (සිදුහත් බෝසත් උපත නමැති) අභිජාතියේ පටන් ඉදිරියට ඒ අර්ථයන් සම්පදනය කිරීමෙන් තථාගත නම් වෙති.
“යථාවිධා තෙ පුරිමා මහෙසිනො, තථාවිධොයම්පි තථා යථාරුචි; පවත්තවාචා තනුචිත්තභාවතො, තථාගතො වුච්චති අග්ගපුග්ගලො.
10. යථා විධාසුං පුරිමා මහෙසිනො තථා විධොයම්පි තථා යථාරුචි පවත්ත වාචා තනුචිත්ත භාවතො තථාගතො වුච්චති අග්ග පුග්ගලො
පෙර මහර්ෂීහු යම්බඳු වූවාහු ද මුන්වහන්සේ ද එබඳු වූහ. එසේම රුචි වූ පරිද්දෙන් උන්වහන්සේගේ කය - වචන - සිත පැවතියේය. එහෙයින් අග්‍ර පුද්ගලයන් වහන්සේට තථාගතය යි කියනු ලැබේ.
“සම්බොධිසම්භාරවිපක්ඛතො පුරෙ, ගතං න සංසාරගතම්පි තස්ස වා; න චත්ථි නාථස්ස භවන්තදස්සිනො, තථෙහි තස්මා අගතො තථාගතො.
11. සංබොධි සම්භාර විපක්ඛතො පුරෙ ගතං න සංසාරගතම්පි තස්ස න චත්ථි නාථස්ස භවන්ත දස්සිනො ථතෙහි තස්මා අගතො තථාගතො
ඒ භව කෙළවර දක්වා වූ නාථයන් වහන්සේට සම්බෝධිය ඇතිකරන ධර්ම රාශියට විරුද්ධ වූ ගමනක් ද පෙර නොවීය. (ස්කන්ධයන්ගේ පැවැත්ම නම් වූ) සංසාරයට යාමක් ද නැත. තථ නම් වූ ඤාණවලින් එබඳු ගමනක් නැති හෙයින් තථාගත නම් වෙති.
“තථාගතො ධම්මවරො මහෙසිනා, යථා පහාතබ්බමලං පහීයති; තථාගතො අරියගණො විනායකො, තථාගතො තෙන සමඞ්ගිභාවතො”ති.
12 තථාගතො ධම්මවරො මහෙසිනො යථා පහාතබ්බමලං පහීයති තථාගතො අරියගණො විනායකො තථාගතො සමංගිභාවතො
(උන්වහන්සේ දේශනා කළ ධර්මය) යම්සේ දුරුකළ යුතු කෙලෙස් මල දුරුකරයි ද එහෙයින් උතුම් වූ ධර්මය තථාගත නම් වෙයි. ආර්ය සංඝයා (ඒ ධර්මයට අනුව ගිය හෙයින් තථාගත නම් වෙයි. මහර්ෂී වූ විනායක වූ බුදුරජාණන් වහන්සේ (ඒ උතුම් ධර්මයෙන් ද ආර්ය සංඝයාගෙන් ද යන) මෙයින් යුක්ත බැවින් තථාගත නම් වෙති.
අරහන්තං සම්මාසම්බුද්ධන්ති එත්ථ අරහාති පදස්ස අත්ථො හෙට්ඨා වුත්තොයෙව. සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා සම්මාසම්බුද්ධං. යංකිඤ්චි ඤෙය්යං නාම, තස්ස සබ්බස්සපි සබ්බාකාරතො අවිපරීතතො සයමෙව අභිසම්බුද්ධත්තාති වුත්තං හොති. ඉමිනාස්ස පරොපදෙසරහිතස්ස සබ්බාකාරෙන සබ්බධම්මාවබොධනසමත්ථස්ස ආකඞ්ඛාපටිබද්ධවුත්තිනො අනාවරණඤාණසඞ්ඛාතස්ස සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස අධිගමො දස්සිතො.
අරහන්තං සම්මා සම්බුද්ධං යන මෙහි අරහ යන පදයේ අර්ථය මුලින් කියන ලද්දේමය. මනාකොට තමාම සියලු ධර්මයන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නමි. දතයුතු යම්කිසි දෙයක් ඇත්නම් ඒ සියල්ල ගැන සියලු ආකාරයෙන් නොවෙනස් ලෙස තමාම විශේෂයෙන් අවබෝධ කරන ලද බැවිනැයි කියන ලද්දේ වෙයි. මෙයින් පරෝපදේස රහිත සියලු ආකාරයෙන් සියලු ධර්ම අවබෝධයට සමත් වූ කැමැත්ත හා බැඳුණු පැවතුම් ඇති අනාවරණ ඤාණ නම් වූ මේ සර්වඥතා ඥානයේ ලැබීම දක්වන ලදී.
නනු ච සබ්බඤ්ඤුතඤ්ඤාණතො අඤ්ඤං අනාවරණං, අඤ්ඤථා ඡ අසාධාරණානි ඤාණානි බුද්ධඤාණානීති වචනං විරුජ්ඣෙය්යාති? න විරුජ්ඣති, විසයප්පවත්තිභෙදවසෙන අඤ්ඤෙහි අසාධාරණභාවදස්සනත්ථං එකස්සෙව ඤාණස්ස ද්විධා වුත්තත්තා. එකමෙව හි තං ඤාණං අනවසෙසසඞ්ඛතාසඞ්ඛතසම්මුතිධම්මවිසයතාය සබ්බඤ්ඤුතඤ්ඤාණං, තත්ථ ච ආවරණාභාවතො නිස්සඞ්ගචාරමුපාදාය අනාවරණඤාණන්ති වුත්තං. යථාහ පටිසම්භිදායං –
සර්වඥතා ඥානයෙන් අනිකක් අනාවරණ ඥානයයි ද අන් ආකාරයකින් අසාධාරණ ඤාණ හය බුද්ධඤාණ යයි ද කීම විරුද්ධ නොවන්නේ ද? විරුද්ධ නොවේ. විෂයෙහි පවතින භේද වශයෙන් අන්‍යයන්ට අසාධාරණ (පොදු නොවූ) බව දැක්වීමට එකම ඤාණය දෙයාකාරයකින් කියන ලද බැවිනි. ඉතිරි නැතිව සංබත අසංඛත සම්මුති යන ධර්ම විෂය වන බැවින් ඒ එකම ඤාණය සබ්බඤ්ඤුත ඤාණය යි. එහි ද ආවරණ නැති බැවින් ඇලීම් බැඳීම් නැතිව හැසිරිම සලකා අනාවරණ ඤාණය යි කියන ලදී. පටිසම්භිදාවෙහි කියන ලද පරිදි මෙසේය -
“සබ්බං සඞ්ඛතාසඞ්ඛතං අනවසෙසං ජානාතීති සබ්බඤ්ඤුතඤ්ඤාණං. තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණ”න්තිආදි (පටි· ම· 1.119).
‘සබ්බං සංඛතාසංඛතං අනවසෙසං ජානාතීති සබ්බඤ්ඤුත ඤාණං තත්ථ ආවරණං නත්ථිති අනාවරණ ඤාණං’ ‘සංඛත අසංඛත යන සියල්ල ඉතිරි නොකොට දන්නේය යන අරුතින් සබ්බඤ්ඤුත ඤාණය, ආවරණයක් නැත යන අරුතින් අනාවරණ ඤාණය’ යනාදියයි.
තස්මා නත්ථි නෙසං අත්ථතො භෙදො, එකන්තෙනෙවෙතං එවමිච්ඡිතබ්බං. අඤ්ඤථා සබ්බඤ්ඤුතානාවරණඤාණානං සාධාරණතා අසබ්බධම්මාරම්මණතා ච ආපජ්ජෙය්ය. න හි භගවතො ඤාණස්ස අණුමත්තම්පි ආවරණං අත්ථි, අනාවරණඤාණස්ස ච අසබ්බධම්මාරම්මණභාවෙ යත්ථ තං න පවත්තති තත්ථාවරණසබ්භාවතො අනාවරණභාවොයෙව න සියා. අථ වා පන හොතු අඤ්ඤමෙව අනාවරණං සබ්බඤ්ඤුතඤ්ඤාණතො, ඉධ පන සබ්බත්ථ අප්පටිහතවුත්තිතාය අනාවරණඤාණන්ති සබ්බඤ්ඤුතඤ්ඤාණමෙව අධිප්පෙතං, තස්සෙවාධිගමෙන භගවා සබ්බඤ්ඤූ සබ්බවිදූ සම්මාසම්බුද්ධොති වුච්චති, න සකිංයෙව සබ්බධම්මාවබොධතො. තථා ච වුත්තං පටිසම්භිදායං –
එහෙයින් ඒවායේ අර්ථ වශයෙන් භේදයක් නැත. ඒකාන්තයෙන්ම එය මෙසේ කැමතිවිය යුතුය. අන් අයුරකින් සර්වඥතා ඥානය, අනාවරණ ඥානය යන ඥානවලට ආවරණ සහිත බවත් සියලු ධර්ම අරමුණු නොවන බවත් (යන අදහස) පැමිණෙන්නේ ද? (ඇතිවන්නේ ද?) භාග්‍යවතුන් වහන්සේගේ ඥානයේ අනුමාත්‍ර වූ ද ආවරණයක් නැත. අනාවරණ ඥානයට සියලු ධර්ම අරමුණු නොවන කල්හි යම්තැනක එය (අනාවරණය) නො පවතීද එහි ආවරණය ඇති බැවින් අනාවරණ බව නොවන්නේ ම ය. නැතහොත් සර්වඥතා ඥානයෙන් අනිකක්ම අනාවරණ ඥානය වේවා. මෙහි වනාහි හැමතැනම නො හැපුණු බැවින් සබ්බඤ්ඤුත ඤාණයම අනාවරණ ඤාණය යයි අදහස් කරන ලදී. එය අවබෝධ කිරීමෙන් භාග්‍යවතුන් වහන්සේ සබ්බඤ්ඤු, සබ්බවිඳු, සම්මා සම්බුද්ධ යයි කියනු ලැබේ. (එය ද) එක්වරම සියලු ධර්මයන් අවබෝධ කිරීමෙන් නොවේ. එය පටිසම්භිදාවෙහි මෙසේ කියන ලදී -
“විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං බුද්ධො”ති.
‘විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුත ඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං බුද්ධො’ ‘බුද්ධ යන යම් නමක් වීද ඒ බුද්ධනාමය භාග්‍යවත් බුදුවරයන්ට විමොක්ෂය (නිවන) කෙළවර දී බෝමුල සර්වඥතා ඥානයේ ප්‍රතිලාභයත් සමග අර්හත්ථලය ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකි.’
සබ්බධම්මාවබොධනසමත්ථඤාණසමධිගමෙන හි භගවතො සන්තානෙ අනවසෙසධම්මෙ පටිවිජ්ඣිතුං සමත්ථතා අහොසීති.
සියලු ධර්ම අවබෝධ කිරීමට සමත් ඤාණය අවබෝධ කිරීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ සන්තානයෙහි (සිතෙහි) ඉතිරි නැතිව ධර්මයන් අවබෝධ කරන්නට සමත් බව ඇතිවිය.
එත්ථාහ – කිං පනිදං ඤාණං පවත්තමානං සකිංයෙව සබ්බස්මිං විසයෙ පවත්තති, උදාහු කමෙනාති? කිඤ්චෙත්ථ – යදි තාව සකිංයෙව සබ්බස්මිං විසයෙ පවත්තති, අතීතානාගතප්පච්චුපන්නඅජ්ඣත්තබහිද්ධාදිභෙදභින්නානං සඞ්ඛතධම්මානං අසඞ්ඛතසම්මුතිධම්මානඤ්ච එකජ්ඣං උපට්ඨානෙ දූරතො චිත්තපටං පෙක්ඛන්තස්ස විය විසයවිභාගෙනාවබොධො න සියා, තථා ච සති “සබ්බෙ ධම්මා අනත්තා”ති විපස්සන්තානං අනත්තාකාරෙන විය සබ්බධම්මා අනිරූපිතරූපෙන භගවතො ඤාණස්ස විසයා හොන්තීති ආපජ්ජති. යෙපි “සබ්බඤෙය්යධම්මානං ඨිතලක්ඛණවිසයං විකප්පරහිතං සබ්බකාලං බුද්ධානං ඤාණං පවත්තති, තෙන තෙ සබ්බවිදූති වුච්චන්ති. එවඤ්ච කත්වා –
මෙහිදී මේ ප්රශ්නය ඇසීය. පවතින්නා වූ මේ ඤාණය එක්වරටම සියලුම විෂයෙහි පවතී ද? නැතහොත් ක්‍රමයෙන් (ඒ ඒ කරුණෙහි) පවතී ද? මෙහිලා කුමක් කියයි ද? ඉදින් එක්වරම සියලු විෂයෙහි පවතී නම් අතීත අනාගත වර්තමාන අධ්‍යාත්ම බාහිර ආදී භේදභින්න වූ සංඛත අසංඛත ධර්ම ද සම්මුති ධර්ම ද එකට වැටහීමෙහි දී චිත්‍ර අඳින ලද වස්ත්‍රයක් දුරසිට බලන්නෙකුට එම චිත්‍ර බෙදා හදා අවබෝධ නොවන්නාක් මෙන් විෂය විභාග වශයෙන් අවබෝධ නො වන්නේය. එසේ ඇති කල්හි ද සියලු ධර්ම අනාත්මය යි විදර්ශනා කරන්නවුන්ට අනාත්ම වශයෙන් විෂය වන්නාක් මෙන් සියලු ධර්මයන් නිරූපනය නොකරන ලද ස්වරූපයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ඤාණයට අරමුණු වෙතියි යන (අදහසට) පැමිණෙයි. යමෙක් දතයුතු සියලු ධර්මවල පවතින ලක්ෂණයට විෂය වූ විකල්ප රහිත වූ බුදුවරුන්ගේ ඤාණය සියලු කල්හි පවතී ද එහෙයින් ඔවුහු සබ්බවිදූ (සියල්ල දන්නෝ) ය යි කියනු ලැබෙත් එසේද කියා
“චරං සමාහිතො නාගො, තිට්ඨන්තොපි සමාහිතො”ති. –
‘චරං සමාහිතො නාගො තිට්ඨන්තො සමාහිතො’ ‘ඇවිදිමින් සන්සුන් වූ නාගයා (ඇතා) සිටියේ ද සන්සුන්ය’ යන
“ඉදම්පි වචනං සුවුත්තං හොතී”ති වදන්ති, තෙසම්පි වුත්තදොසානාතිවත්ති, ඨිතලක්ඛණාරම්මණතාය ච අතීතානාගතසම්මුතිධම්මානං තදභාවතො, එකදෙසවිසයමෙව භගවතො ඤාණං සියා. තස්මා සකිංයෙව ඤාණං පවත්තතීති න යුජ්ජති.
මේ වචනය ද මනාව කියන ලදැයි කියත් ද (ඔවුන්ගේ එම අදහස ද) කියන ලද දෝෂයට නැඹුරුව පවතී. පවතින ලක්ෂණය අරමුණු කර ඇති බැවින් ද අතීත අනාගත සම්මුති ධර්මවල එය නොමැති බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ඤාණය එක් කොටසක් අරමුණු වූවක් ම වන්නේය. එහෙයින් එක්වර ම ඤාණය පවතී යන්න සුදුසු නොවේ.
අථ කමෙන සබ්බස්මිං විසයෙ ඤාණං පවත්තතීති? එවම්පි න යුජ්ජති. න හි ජාතිභූමිසභාවාදිවසෙන දිසාදෙසකාලාදිවසෙන ච අනෙකභෙදභින්නෙ ඤෙය්යෙ කමෙන ගය්හමානෙ තස්ස අනවසෙසපටිවෙධො සම්භවති අපරියන්තභාවතො ඤෙය්යස්ස. යෙ පන “අත්ථස්ස අවිසංවාදනතො ඤෙය්යස්ස එකදෙසං පච්චක්ඛං කත්වා සෙසෙපි එවන්ති අධිමුච්චිත්වා වවත්ථාපනෙන සබ්බඤ්ඤූ භගවා, තඤ්ච ඤාණං න අනුමානිකං සංසයාභාවතො. සංසයානුබද්ධඤ්හි ලොකෙ අනුමානඤාණ”න්ති වදන්ති, තෙසම්පි න යුත්තං. සබ්බස්ස හි අපච්චක්ඛභාවෙ අත්ථස්ස අවිසංවාදනෙන ඤෙය්යස්ස එකදෙසං පච්චක්ඛං කත්වා සෙසෙපි එවන්ති අධිමුච්චිත්වා වවත්ථාපනස්ස අසම්භවතො. යඤ්හි තං සෙසං, තං අපච්චක්ඛන්ති. අථ තම්පි පච්චක්ඛං, තස්ස සෙසභාවො පන න සියාති සබ්බමෙතං අකාරණං. කස්මා? අවිසයවිචාරභාවතො. වුත්තඤ්හෙතං භගවතා –
නැවත ක්‍රමයෙන් සියලු දේ විෂයෙහි ඤාණය පවතී යන්න ද සුදුසු නොවේ. ජාති, භූමි, ස්වභාව ආදී වශයෙන් ද දිශා, දේශ, කාල ආදී වශයෙන් ද නොයෙක් ලෙස බෙදී බිඳී ගිය දතයුතු ධර්මයන් ක්‍රමයෙන් ගනු ලබන කල්හි දතයුතු ධර්මයේ සීමාවක් නැති බැවින් ඒ දතයුතු දේ පිළිබඳ ඉතිරි නොවූ (සම්පූර්ණ) අවබෝධ නොලැබේ. යමෙක් අර්ථයේ අවිසංවාදකත්වයෙන් (අසත්‍ය නොවන බැවින්) දතයුතු දෙයෙහි එක් කොටසක් ප්රත්යක්ෂ කොට ඉතිරි ඒවායෙහි ද මෙසේය යි නිශ්චය කර තීරණය කිරිමෙන් භාග්‍යවතුන් වහන්සේ සර්වඥ වන සේක, ඒ ඤාණය ද සැක නැති බැවින් අනුමානයක් නොවන්නේය. ලෝකයෙහි අනුමාන ඥානය සැකය හා බැඳී ඇතැයි කියත් ද ඔවුන්ගේ ඒ අදහස ද සුදුසු නොවේ. (එසේ වන්නේ) සියලු අර්ථය ප්රත්යක්ෂ කල්හි අවිසංවාදනයෙන් (අසත්‍ය නොවීමෙන්) දතයුතු දෙයෙහි එක් කොටසක් ප්රත්යක්ෂ කොට සෙස්සෙහි ද මෙසේය යි නිශ්චය කර තීරණය කිරීමක් නොලැබෙන හෙයිනි. යම්හෙයකින් යම් ඒ ශේෂයක් වේද එය අප්රත්යක්ෂ වේ. නැවත එයද ප්රත්යක්ෂ වේ. එහි ඉතිරි බවක් නැත යන මේ සියල්ල සිදු නොවේ. කවර හෙයින්ද? විෂය නොවන්නක් පිළිබඳ විමසීමක් ඇති නිසාය. භාග්‍යවතුන් වහන්සේ විසින් -
“බුද්ධවිසයො, භික්ඛවෙ, අචින්තෙය්යො, න චින්තෙතබ්බො; යො චින්තෙය්ය, උම්මාදස්ස විඝාතස්ස භාගී අස්සා”ති (අ· නි· 4.77).
‘මහණෙනි, බුද්ධවිෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. යමෙක් සිතන්නේ නම් උම්මත්තකයෙක් චිත්ත වික්ෂිප්තයෙක් වන්නේය’ යන මෙය කියන ලදී.
ඉදං පනෙත්ථ සන්නිට්ඨානං – යංකිඤ්චි භගවතා ඤාතුං ඉච්ඡිතං සකලමෙකදෙසො වා, තත්ථ අප්පටිහතවුත්තිතාය පච්චක්ඛතො ඤාණං පවත්තති, නිච්චසමාධානඤ්ච වික්ඛෙපාභාවතො, ඤාතුං ඉච්ඡිතස්ස සකලස්ස අවිසයභාවතො තස්ස ආකඞ්ඛාපටිබද්ධවුත්තිතා න සියා, එකන්තෙනෙව සා ඉච්ඡිතබ්බා “සබ්බෙ ධම්මා බුද්ධස්ස භගවතො ආවජ්ජනපටිබද්ධා, ආකඞ්ඛාපටිබද්ධා, මනසිකාරපටිබද්ධා, චිත්තුප්පාදපටිබද්ධා”ති (මහානි· 69; චූළනි· මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 85) වචනතො. අතීතානාගතවිසයම්පි භගවතො ඤාණං අනුමානාගමනතක්කග්ගහණවිරහිතත්තා පච්චක්ඛමෙව.
මේ වනාහි මෙහි නිගමනයයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සියල්ලම හෝ එක් කොටසක් හෝ දැනගන්නට කැමති වීද එහි නොහැපුණු පැවතුම් ඇති බැවින් ප්රත්යක්ෂ වශයෙන් ඤාණය පවතී. වික්ෂේපයක් නොමැති බැවින් නිත්‍ය වූ එකඟබව ද වේ. දැනගන්නට කැමති වූ සියල්ල පිළිබඳ අවිෂය බව ඇතිවිට ඒ පිළිබඳ කැමැත්ත හා බැඳුණු බවක් නොවන්නේය. සියලු ධර්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආවර්ජනය හා බැඳුණේය. කැමැත්ත හා බැඳුණේය. මෙනෙහි කිරීම හා බැඳුණේය. සිතිවිලි හා බැඳුණේය’ යන වචනයෙන් ඒකාන්තයෙන්ම එය කැමතිවිය යුතුය. භාග්‍යවතුන් වහන්සේගේ අතීත-අනාගත විෂයී ඥානය ද අනුමානයෙන් පැමිණීම තර්ක ගැනීම නැති නිසා ප්රත්යක්ෂයක්මය.
නනු ච එතස්මිම්පි පක්ඛෙ යදා සකලං ඤාතුං ඉච්ඡිතං, තදා සකිමෙව සකලවිසයතාය අනිරූපිතරූපෙන භගවතො ඤාණං පවත්තෙය්යාති වුත්තදොසානාතිවත්තියෙවාති? න, තස්ස විසොධිතත්තා. විසොධිතො හි සො බුද්ධවිසයො අචින්තෙය්යොති. අඤ්ඤථා පචුරජනඤාණසමවුත්තිතාය බුද්ධානං භගවන්තානං ඤාණස්ස අචින්තෙය්යතා න සියා, තස්මා සකලධම්මාරම්මණම්පි තං එකධම්මාරම්මණං විය සුවවත්ථාපිතෙයෙව තෙ ධම්මෙ කත්වා පවත්තතීති ඉදමෙත්ථ අචින්තෙය්යං. යාවතකං ඤෙය්යං, තාවතකං ඤාණං, යාවතකං ඤාණං, තාවතකං ඤෙය්යං, ඤෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං ඤෙය්යන්ති එවමෙකජ්ඣං විසුං විසුං සකිං කමෙන ච ඉච්ඡානුරූපං සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා සම්මාසම්බුද්ධො භගවා. තං සම්මාසම්බුද්ධං.
යම්විටෙක මේ පක්ෂයේ ද සියල්ල දැන ගන්නට කැමති වීද එහිම එක්වරම සියල්ල විෂය කර ඇති බැවින් නිරූපණය නොකරන ලද ස්වරූපයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ඤාණය පවතින්නේ යැයි කියන ලද දෝෂයට වැටීමක්ම නොවන්නේ ද? එය පිරිසිදු කරන ලද බැවින් නැත්තේමය. අචින්ත්‍ය වූ ඒ බුද්ධවිෂය ශෝධනය කරන ලද්දේමය. අන්ලෙසකින්, බොහෝ ජනයාගේ ඤාණය සමව පවතින බැවින් භාග්‍යවත් බුදුවරුන්ගේ ඤාණයේ අචින්ත්‍ය බවක් නොවන්නේය. එහෙයින් සියලු ධර්මාරම්මණය ද එක් ධර්ම අරමුණක් මෙන් මනාව තීරණය කළ කල්හි ම ඒ ධර්ම එසේකොට පවතී යන මෙය මෙහි නොසිතිය යුත්තයි. දතයුතු දේ යම්පමණ ද ඤාණය ඒ පමණය. ඤාණය යම් පමණද දතයුතු දෙය ද එපමණය. ඤාණය දතයුතු දෙය කෙළවරකර ඇත්තේය. දතයුතු දෙය ඤාණය කෙළවරකර ඇත්තේය. මෙසේ එක් වැදෑරුම්ව හෝ වෙන් වෙන්ව හෝ වරක් හෝ ක්‍රමානුකූලව හෝ ඉච්ඡානුරූපී වූ සියලු ධර්ම මනාව තමන්ම අවබෝධ කරන ලද බැවින් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙති. ඒ සම්මා සම්බුදුරදුන්ටය.
ද්වෙ විතක්කාති ද්වෙ සම්මා විතක්කා. තත්ථ විතක්කෙන්ති එතෙන, සයං වා විතක්කෙති, විතක්කනමත්තමෙව වාති විතක්කො. ස්වායං ආරම්මණාභිනිරොපනලක්ඛණො, ආහනනපරියාහනනරසො, ආරම්මණෙ චිත්තස්ස ආනයනපච්චුපට්ඨානො. විසයභෙදෙන පන තං ද්විධා කත්වා වුත්තං “ද්වෙ විතක්කා”ති. සමුදාචරන්තීති සමං සම්මා ච උද්ධමුද්ධං මරියාදාය චරන්ති. මරියාදත්ථො හි අයමාකාරො, තෙන ච යොගෙන “තථාගතං අරහන්තං සම්මාසම්බුද්ධ”න්ති ඉදං සාමිඅත්ථෙ උපයොගවචනං. ඉදං වුත්තං හොති – තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස අත්තනො විසයෙ සමං සම්මා ච අඤ්ඤමඤ්ඤං මරියාදං අනතික්කමන්තා උද්ධමුද්ධං බහුලං අභිණ්හං චරන්ති පවත්තන්තීති.
ද්වෙ විතක්කා යනු සම්මා විතර්ක දෙකය. මෙය කරණකොට විතර්ක කරති. තමා හෝ විතර්ක කරයි. විතර්ක කිරීම් මාත්‍රය ම හෝ විතර්ක නමි. ඒ මේ විතර්කය අරමුණට සිත යොමුකිරීම ලක්ෂණය කොට ඇත. (අරමුණෙහි) හැපීම රසය (කෘත්‍ය) කොට ඇත්තේය. සිතට අරමුණු ගෙන ඒම වැටහීම (පච්චුපට්ඨාන) කොට ඇත. විෂය භේදයෙන් ඒ විතර්කය, දෙයාකාර කොට විතර්ක දෙකකැයි කියන ලදී. සමුදාචරන්ති යනු සමානව ද මනාව ද ඉහළ ඉහළ සීමාවෙහි හැසිරෙති. (සං+උ+ආ+චර ධාතුව) මෙහි ‘ආ’ කාරය මරියාදා (සීමාව) යන අර්ථ ඇත්තේ ය. ඒ යෝගයෙන් ‘තථාගතං අරහන්තං සම්මා සම්බුද්ධං’ යන මෙය සාමි (ඡට්ඨි විභක්ති) අර්ථයෙහි උපයෝග (දුතියා විභක්ති) වචනයකි. තථාගත වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ විතර්කයෝ ඒ ඒ විතර්කයට අයත් විෂයෙහි සමානවද මනාවද එකිනෙක සීමාව නො ඉක්මවමින් ඉහළට ඉහළට බහුලව නිතර හැසිරෙති, පවතිත් යන මෙය කියන ලද්දේ වෙයි.
කො පන නෙසං විසයො, කා වා මරියාදා, කථඤ්ච තං අනතික්කමිත්වා තෙ උද්ධමුද්ධං බහුලං අභිණ්හං නිච්චං පවත්තන්තීති? වුච්චතෙ – ඛෙමවිතක්කො, පවිවෙකවිතක්කොති ඉමෙ ද්වෙ විතක්කායෙව. තෙසු ඛෙමවිතක්කො තාව භගවතො විසෙසෙන කරුණාසම්පයුත්තො, මෙත්තාමුදිතාසම්පයුත්තොපි ලබ්භතෙව, තස්මා සො මහාකරුණාසමාපත්තියා මෙත්තාදිසමාපත්තියා ච පුබ්බඞ්ගමො සම්පයුත්තො ච වෙදිතබ්බො. පවිවෙකවිතක්කො පන ඵලසමාපත්තියා පුබ්බඞ්ගමො සම්පයුත්තො ච, දිබ්බවිහාරාදිවසෙනාපි ලබ්භතෙව. ඉති නෙසං විතක්කො විසයො, තස්මා එකස්මිං සන්තානෙ බහුලං පවත්තමානානම්පි කාලෙන කාලං සවිසයස්මිංයෙව චරණතො නත්ථි මරියාදා, න සඞ්කරෙන වුත්ති.
ඒ විතර්කවල විෂය කුමක් ද? සීමාව කුමක් ද? ඒ සීමාව නො ඉක්මවා ඒ විතර්ක ඉහලට ඉහලට බහුලව නිතර නිතර පවතින්නේ කෙසේ ද? (එයට මේ පිළිතුර) කියනු ලැබේ. බෙම විතර්කය පචිවේක විතර්කය යනුවෙන් මේ විතර්ක දෙකක් ඇත. ඒ අතරින් පළමුව බේම විතර්කය විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව සමග යෙදුණේ වෙයි. මෛත්‍රිය, මුදිතාව සමග යෙදීම ද ලැබේමය. එහෙයින් ඒ ඛේම විතර්කය මහාකරුණා සමාපත්තිය ද මෛත්‍රී ආදී සමාපත්ති ද පෙරටුකොට ඇති බවත් ඒවා සමඟ යෙදුණු බවත් දතයුතුය. පචිවේක විතර්කය ඵලසමාපත්තිය පෙරටුකොට ඇත්තේ ද ඒ සමග යෙදුණේ ද වෙයි. දිව්යවහාර ආදී වශයෙන් ද ලැබේම ය. මෙසේ ඒවාට ද විතර්කය විෂය වේ. එහෙයින් එක සිතක බහුලව පවතින දේ ද කලින් කලට සිය විෂයෙහිම හැසිරෙන බැවින් සීමාවක් නැත. සංකර පැවැත්මක් නැත.
තත්ථ ඛෙමවිතක්කො භගවතො කරුණොක්කමනාදිනා විභාවෙතබ්බො, පවිවෙකවිතක්කො සමාපත්තීහි. තත්රායං විභාවනා – “අයං ලොකො සන්තාපජාතො දුක්ඛපරෙතො”තිආදිනා රාගග්ගිආදීහි ලොකසන්නිවාසස්ස ආදිත්තතාදිආකාරදස්සනෙහි මහාකරුණාසමාපත්තියා පුබ්බභාගෙ, සමාපත්තියම්පි පඨමජ්ඣානවසෙන වත්තබ්බො. වුත්තඤ්හෙතං (පටි· ම· 1.117-118) –
එහිදී ක්ෂේම විතර්කය භාග්‍යවතුන් වහන්සේගේ කරුණාවට බැසගැනීම් ආදියෙන් දීපනය කළ යුතුය. පචිවේක විතර්කය සමාපත්තිවලිනි. මේ එහි පැහැදිලි කිරීමයි. මේ ලෝවැසියා සිත් තැවුල් ඇත්තේය. දුකින් පීඩා වූයේය යනාදියෙන් රාග ගිනි ආදියෙන් ලෝකසන්නිවාසයේ (ලෝවැසියාගේ) ගිනිගත් ආකාර ආදිය දැකීමෙන් මහා කරුණාව වනාහි සමාපත්තියේ මුල් අවස්ථාවේ ද සමාපත්තියෙහි දී ප්‍රථම ධ්‍යාන වශයෙන් ද කිවයුතුය. මේ කාරණය (පටිසම්භිදාවෙහි මහා කරුණා සමාපත්ති ඤාණයෙහි) මෙසේ කියන ලදී.
“බහූහි ආකාරෙහි පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති, ආදිත්තො ලොකසන්නිවාසොති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. උය්යුත්තො, පයාතො, කුම්මග්ගපටිපන්නො, උපනීයති ලොකො අද්ධුවො, අතාණො ලොකො අනභිස්සරො, අස්සකො ලොකො, සබ්බං පහාය ගමනීයං, ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො.
‘බොහෝ ආකාරයෙන් (නුවණැසින් හා බුදු ඇසින්) බලන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව සත්ත්වයන් කෙරෙහි බැසගනී. ලෝකසන්නිවාසය (රාගාදියෙන්) ගිනිගන්නා ලදැයි දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව සත්ත්වයන් කෙරෙහි බැසගනී. ලෝක සන්නිවාසය (නොයෙක් කටයුත්තෙහි) උත්සාහ සහිතයයි ද මරණයට නික්ම ගියේ යයි ද නොමගට බැසගත්තේ යයිද ලෝවැසියා අස්ථිර වූයේ ජරාවෙන් මරණයට ගෙනයනු ලැබේයයි ද ලෝවැසියා අස්වසාලිය හැකි කෙනෙක් නැත්තේ අනාරක්ෂක වූයේ යයි ද ලෝවැසියා තමා අයත්යයි ගන්නා ලද සියල්ල හැරපියා යායුතු හෙයින් තමා අයත් වූවක් නැතැයි ද ලෝවැසියා තෘෂ්ණාවට දාස වූයේ තෘප්තිමත් නොවූයේ අඩුපාඩු ඇත්තේ (ඌණ) යයි ද
“අතායනො ලොකසන්නිවාසො, අලෙණො, අසරණො, අසරණීභූතො, උද්ධතො ලොකො අවූපසන්තො, සසල්ලො ලොකසන්නිවාසො විද්ධො පුථුසල්ලෙහි, අවිජ්ජන්ධකාරාවරණො කිලෙසපඤ්ජරපරික්ඛිත්තො, අවිජ්ජාගතො ලොකසන්නිවාසො අණ්ඩභූතො පරියොනද්ධො තන්තාකුලකජාතො කුලාගුණ්ඨිකජාතො මුඤ්ජපබ්බජභූතො අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තතීති පස්සන්තානං, අවිජ්ජාවිසදොසසංලිත්තො කිලෙසකලලීභූතො, රාගදොසමොහජටාජටිතො.
ලෝකසන්නිවාසය ඇසුරට සුදුස්සෙකු නැති කෙනෙකැයි ද අසරණ යයි ද අසරණ වූයේ යයි ද, ලෝවැසියා නොසන්සුන් වූයේ උද්ධච්චයෙන් යුක්තයයි ද ලෝකසන්නිවාසය බොහෝ රාගාදී උල්වලින් විදින ලද්දේ උල් සහිත වූයේ යයි ද කෙලෙස් කූඩුවෙහි බහාලන ලද්දේ අවිද්‍යා අන්ධකාරය නමැති ආවරණය ඇත්තේ යයි ද ලෝකසන්නිවාසය අවිද්‍යාවට පිවිසියේ අවිද්‍යා අණ්ඩකෝෂයෙහි උපන්නේ (අන්ධ වූයේ) හාත්පසින් බඳිනා ලද්දේ නූලක් මෙන් අවුල් වූයේ, ගුල නම් වූ පක්ෂියාගේ කැදැල්ල වැනි වූයේ (මුදුතණ, බබුස්තණවලින් සකස්කළ ලණුවක් දිරාගිය විට වැටුණු කැබැල්ලක් ගෙන මේ ඒ තණකොළයේ මුල හෝ අගයයි යොදාගන්නට නොහැකි හෙයින්) මුදුතණ, බබුස්තණ වැනි වූයේ යයි ද ‘අය’ නම් වූ සැපයෙන් පහවූ දුකට ගති වූ (සැපයෙන් වැටුණු හෙයින්) විනිපාත වූයේ සසර නො ඉක්මවයි යනුවෙන් දක්වා වූ, අවිද්‍යාව නමැති විෂ දෝෂයෙන් මනාව තැවරුණේ යයි ද කෙලෙස් මඩ ඇත්තේ යයි ද රාග, දෝෂ, මෝහ නමැති ජටාවෙන් බැඳුනේ යයි ද
“තණ්හාසඞ්ඝාටපටිමුක්කො, තණ්හාජාලෙන ඔත්ථටො, තණ්හාසොතෙන වුය්හති, තණ්හාසංයොජනෙන සංයුත්තො, තණ්හානුසයෙන අනුසටො, තණ්හාසන්තාපෙන සන්තප්පති, තණ්හාපරිළාහෙන පරිඩය්හති.
තෘෂ්ණා නමැති සංඝටයෙහි ඇතුල් වූයේ යයි ද තණ්හා නමැති දැලින් හාත්පසින් වෙළන ලද්දේ යයි ද තෘෂ්ණා නමැති සැඩපහරින් අදිනු ලැබේ යයි ද තෘෂ්ණා සංයෝජනයෙන් බඳින ලද්දේ යයි ද තෘෂ්ණා අනුශයෙන් ශක්තිමත් බවට ගියේ යයි ද තෘෂ්ණා සන්තාපයෙන් තවනු ලැබේ යයි ද තෘෂ්ණා දැවිල්ලෙන් දවනු ලැබේ යයි ද
“දිට්ඨිසඞ්ඝාටපටිමුක්කො, දිට්ඨිජාලෙන ඔත්ථටො, දිට්ඨිසොතෙන වුය්හති, දිට්ඨිසංයොජනෙන සංයුත්තො, දිට්ඨානුසයෙන අනුසටො, දිට්ඨිසන්තාපෙන සන්තප්පති, දිට්ඨිපරිළාහෙන පරිඩය්හති.
දෘෂ්ටි නමැති කැදැල්ලට පිවිසියේ යයි ද දෘෂ්ටි ජාලයෙන් වෙළන ලදැයි ද දෘෂ්ටි නමැති සැඩපහරින් අදිනු ලැබේ යයි ද දෘෂ්ටි සංයෝජනයෙන් බඳින ලද්දේ යයි ද දෘෂ්ටි අනුශයෙන් ශක්තිමත් බවට ගියේ යයි ද දෘෂ්ටි සන්තාපයෙන් තවනු ලැබේයි ද දෘෂ්ටි දැවිල්ලෙන් දවනු ලැබේ යයි ද
“ජාතියා අනුගතො, ජරාය අනුසටො, බ්යාධිනා අභිභූතො, මරණෙන අබ්භාහතො, දුක්ඛෙ පතිට්ඨිතො.
ජාතියෙන් ඇතුල් වූයේ යයි ද ජරාවෙන් ලුහුබඳිනා ලදැයි ද ව්‍යාධියෙන් මඩිනා ලදැයි ද මරණයෙන් පහකරන ලද්දේ යයි ද
“තණ්හාය ඔඩ්ඩිතො, ජරාපාකාරපරික්ඛිත්තො, මච්චුපාසපරික්ඛිත්තො, මහාබන්ධනබද්ධො, ලොකසන්නිවාසො, රාගබන්ධනෙන, දොසමොහබන්ධනෙන, මානදිට්ඨිකිලෙසදුච්චරිතබන්ධනෙන බද්ධො, මහාසම්බාධපටිපන්නො, මහාපලිබොධෙන පලිබුද්ධො, මහාපපාතෙ පතිතො, මහාකන්තාරපටිපන්නො, මහාසංසාරපටිපන්නො, මහාවිදුග්ගෙ සම්පරිවත්තති, මහාපලිපෙ පලිපන්නො.
තෘෂ්ණාවෙන් උඩට ඔසවන ලදැයි ද ජරාව නමැති ප්‍රාකාරයෙන් වටකරන ලදැයි ද මරණය නමැති උගුලෙන් බැඳුනේ යයි ද මහා බන්ධනයෙන් බැඳුනේ යයි ද රාග බන්ධනයෙන්, දෝස බන්ධනයෙන් මෝහ බන්ධනයෙන් මාන බන්ධනයෙන් දෘෂ්ටි බන්ධනයෙන් කෙලෙස් බන්ධනයෙන් දුශ්චරිත බන්ධනයෙන් බඳින ලද්දේ යයි ද (කුශලයට බාධාකරන හෙයින්) මහාසම්බාධ නම් වූ රාගාදි කෙලෙස් ගොඩට බැසගත්තේ යයි ද මහා පළිබෝධයෙන් ආවරණය වූයේ යයි ද (නිරය ගති ආදී) මහා ප්‍රපාතයට වැටුණේ යයි ද (ජාති ආදී) මහා කාන්තාරයට පිවිසියේ යයි ද මහ සසරට පිවිසියේ යයි ද සංසාරය නමැති (ගමන්කිරිමට අපහසු හෙයින්) මහා දුර්ගයෙහි (යමින් එමින් එහිම) ඇවිදින්නේ යයි ද (කාම නමැති) මහ මඩෙහි ලැග ගත්තේ යයි ද
“අබ්භාහතො ලොකසන්නිවාසො, ආදිත්තො ලොකසන්නිවාසො රාගග්ගිනා, දොසග්ගිනා, මොහග්ගිනා ජාතියා…පෙ… උපායාසෙහි, උන්නීතකො ලොකසන්නිවාසො හඤ්ඤති නිච්චමතාණො පත්තදණ්ඩො තක්කරො, වජ්ජබන්ධනබද්ධො ආඝාතනපච්චුපට්ඨිතො, අනාථො ලොකසන්නිවාසො පරමකාරුඤ්ඤතං පත්තො, දුක්ඛාභිතුන්නො චිරරත්තපීළිතො, නිච්චගධිතො නිච්චපිපාසිතො.
ලෝක සන්නිවාසය (හැම උවදුරින්) මඩනා ලද්දේ යයි ද ලෝක සන්නිවාසය රාග ගින්නෙන් ද්වේෂ ගින්නෙන් මෝහ ගින්නෙන් ජාතියෙන් -පෙ- දැඩි ආයාසයෙන් ගිනිගන්නා ලද්දේ යයි ද ලෝක සන්නිවාසය (ජාතිය විසින් ජරා ආදී උවදුරට) ඔසවාගෙන යන ලද්දේය. පැමිණි දඬුවම් ඇත්තේ සොර වූයේ නිරතුරු අනාරක්ෂකව පෙළේ යයි ද රාගාදී වැරදි බැඳීම්වලින් බඳින ලද්දේ දම්ගෙඩිය කරා එළඹ සිටියේ යයි ද ලෝකසන්නිවාසය අනාථ වූයේ පරම දිළිඳු බවට පැමිණියේ යයි ද දුකින් පෙළන ලදුයේ දිගුකලක් පෙළුණේ යැයි ද නිරතුරු ගිජු වූයේ නිරතුරු හටගත් පිපාස ඇත්තේ යයි ද
“අන්ධො, අචක්ඛුකො, හතනෙත්තො, අපරිණායකො, විපථපක්ඛන්දො, අඤ්ජසාපරද්ධො, මහොඝපක්ඛන්දො.
(ප්‍රඥාව නැති හෙයින්) අන්ධ වූයේ ඇස් නැත්තේ යයි ද නැසුණු ඇස් ඇත්තේ (අන්ධයා) රැගෙන යන කෙනෙකු නැත්තේ යයි ද වැරදි මගට බැසගත්තේ මග වරදවා ගත්තේ යයි ද (කාමාදී) මහා ඕඝයට පිවිසියේ යයි ද
“ද්වීහි දිට්ඨිගතෙහි පරියුට්ඨිතො, තීහි දුච්චරිතෙහි විප්පටිපන්නො, චතූහි යොගෙහි යොජිතො, චතූහි ගන්ථෙහි ගන්ථිතො, චතූහි උපාදානෙහි උපාදීයති, පඤ්චගතිසමාරුළ්හො, පඤ්චහි කාමගුණෙහි රජ්ජති, පඤ්චහි නීවරණෙහි ඔත්ථටො, ඡහි විවාදමූලෙහි විවදති, ඡහි තණ්හාකායෙහි රජ්ජති, ඡහි දිට්ඨිගතෙහි පරියුට්ඨිතො, සත්තහි අනුසයෙහි අනුසටො, සත්තහි සංයොජනෙහි සංයුත්තො, සත්තහි මානෙහි උන්නතො, අට්ඨහි ලොකධම්මෙහි සම්පරිවත්තති, අට්ඨහි මිච්ඡත්තෙහි නියතො, අට්ඨහි පුරිසදොසෙහි දුස්සති, නවහි ආඝාතවත්ථූහි ආඝාතිතො, නවහි මානෙහි උන්නතො, නවහි තණ්හාමූලකෙහි ධම්මෙහි රජ්ජති, දසහි කිලෙසවත්ථූහි කිලිස්සති, දසහි ආඝාතවත්ථූහි ආඝාතිතො, දසහි අකුසලකම්මපථෙහි සමන්නාගතො, දසහි සංයොජනෙහි සංයුත්තො, දසහි මිච්ඡත්තෙහි නියතො, දසවත්ථුකාය දිට්ඨියා සමන්නාගතො, දසවත්ථුකාය අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො, අට්ඨසතතණ්හාපපඤ්චෙහි පපඤ්චිතො, ද්වාසට්ඨියා දිට්ඨිගතෙහි පරියුට්ඨිතො ලොකසන්නිවාසොති සම්පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති.
(ශාස්වත, උච්ඡේද) දෘෂ්ටි දෙකෙන් හාත්පසින් ගෙන සිටියේ යයිද තුන් දුසිරිත්වලින් වැරදි මගට බැසගත්තේ යයි ද කාමාදී සතර යෝගයෙන් යුක්ත වූයේ (සතරයෝගයන් විසින් බඳිනා ලද්දේ) යයි ද සතර ග්රන්ථයන් විසින් ගෙතුණේ යයි ද සතර උපාදානයන් විසින් දැඩිකොට ගනු ලැබේයයි ද ගති පහට නැගුණේ යයි ද පස්කම් ගුණයන් විසින් ආශාකරනු ලැබේයයි ද පංච නීවරණ විසින් වසන ලදැයි ද සවැදෑරුම් විවාද මුල්වලින් විවාද කෙරේයයි ද (රූපාදී) සවැදෑරුම් තෘෂ්ණා කයින් ඇලේයයිද දෘෂ්ටි හයෙන් හාත්පසින් ගෙන සිටියේ යයි ද අනුසය හතෙන් ලුහුබඳිනා ලදැයි ද සංයෝජන හතෙන් යුක්ත යයි ද සත්වැදෑරුම් මානවලින් උස් වූයේ යයි ද අෂ්ටලෝක ධර්මයෙන් පෙරළේ යයි ද (මිථ්‍යාදෘෂ්ටි ආදී) මිථ්යත්ව අටෙන් ගෙනයන ලද්දේ යයි ද පුරුෂදෝෂ අටෙන් දූෂණය වේ යයි ද නව ආඝාත වස්තුවෙන් ගැටුණේ යයි ද නවවිධ මානයෙන් උස් වූයේ යයි ද තෘෂ්ණාමූලක ධර්ම නවයෙන් ඇලේයයි ද දස ක්ලේශ වස්තුවෙන් කෙලෙසේ යයි ද දස ආඝාත වස්තුවලින් ගැටුණේ යයි ද දශ අකුශල කර්මපථවලින් යුක්ත යයි ද දස සංයෝජනවලින් බැඳුණේ යයි ද දශවිධ මිථ්යත්වවලින් ගෙනයන ලද්දේ යයි ද දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත යයි ද දසවස්තුක අන්තග්‍රාහික දෘෂ්ටියෙන් යුක්ත වූයේ යයි ද එකසිය අටක් වූ තණ්හාව නම් වූ ප්‍රපංචවලින් (සසරෙහි) ප්‍රමාද කරන ලදැයි ද ලෝක සන්නිවාසය දෙසැටක් මිසදිටු වලින් හාත්පසින් ගෙන සිටියේ යයි ද, දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව සත්ත්වයන් කෙරෙහි බැසගනී.
“අහඤ්චම්හි තිණ්ණො, ලොකො ච අතිණ්ණො. අහඤ්චම්හි මුත්තො, ලොකො ච අමුත්තො. අහඤ්චම්හි දන්තො, ලොකො ච අදන්තො. අහඤ්චම්හි සන්තො, ලොකො ච අසන්තො. අහඤ්චම්හි අස්සත්ථො, ලොකො ච අනස්සත්ථො. අහඤ්චම්හි පරිනිබ්බුතො, ලොකො ච අපරිනිබ්බුතො. පහොමි ඛ්වාහං තිණ්ණො තාරෙතුං, මුත්තො මොචෙතුං, දන්තො දමෙතුං, සන්තො සමෙතුං, අස්සත්ථො අස්සාසෙතුං, පරිනිබ්බුතො පරෙ ච පරිනිබ්බාපෙතුන්ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමතී”ති (පටි· ම· 1.117-118).
මම වනාහි තරණය කළෙමි. ලෝවැසියා තරණය නොකළේය. මම වනාහි මිදුණෙමි. ලෝවැසියා නොමිදුණේය. මම වනාහි දැමුණෙමි. ලෝවැසියා නොදැමුණේය. මම වනාහි සිහිල් වූයෙමි. ලෝවැසියා සිහිල් නොවූයේය. මම වනාහි අස්වැසුණෙමි. ලෝවැසියා අස්වැසුණේ නැත. මම වනාහි පිරිනිවියෙමි. ලෝවැසියා පිරිනිවියේ නැත. ඒකාන්තයෙන් මම තරණය කළෙම් අන් අය තරණය කරවන්නට, මිදුණෙම් මුදවන්නට, දැමුණෙම් දමන්නට, සිහිල් වූයෙම් සිහිල් කරන්නට අස්වැසුණෙම් අස්වසාලන්නට, පිරිනිවියෙම් පිරිනිවාලන්නට සමත්වෙමියි දක්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව සත්ත්වයන් කෙරෙහි බැසගනී.
ඉමිනාව නයෙන භගවතො සත්තෙසු මෙත්තාඔක්කමනඤ්ච විභාවෙතබ්බං. කරුණාවිසයස්ස හි දුක්ඛස්ස පටිපක්ඛභූතං සුඛං සත්තෙසු උපසංහරන්තී මෙත්තාපි පවත්තතීති ඉධ අබ්යාපාදඅවිහිංසාවිතක්කා ඛෙමවිතක්කො. පවිවෙකවිතක්කො පන නෙක්ඛම්මවිතක්කොයෙව, තස්ස දිබ්බවිහාරඅරියවිහාරෙසු පුබ්බභාගස්ස පඨමජ්ඣානස්ස පච්චවෙක්ඛණාය ච වසෙන පවත්ති වෙදිතබ්බා. තත්ථ යෙ තෙ භගවතො දෙවසිකං වළඤ්ජනකවසෙන චතුවීසතිකොටිසතසහස්සසඞ්ඛා සමාපත්තිවිහාරා, යෙසං පුරෙචරණභාවෙන පවත්තං සමාධිචරියානුගතං ඤාණචරියානුගතං ඤාණං චතුවීසතිකොටිසතසහස්සසමාපත්තිසඤ්චාරිමහාවජිරඤාණන්ති වුච්චති, තෙසං වසෙන භගවතො පවිවෙකවිතක්කස්ස බහුලං පවත්ති වෙදිතබ්බා. අයඤ්ච අත්ථො මහාසච්චකසුත්තෙනපි වෙදිතබ්බො. වුත්තඤ්හි තත්ථ භගවතා –
මේ ක්‍රමයෙන් ද භාග්‍යවතුන් වහන්සේගේ මෛත්‍රිය සත්ත්වයන් කෙරෙහි බැසගැනීම පැහැදිලි කළ යුතුය. කරුණාවට විෂය වූ දුකට ප්රතිපක්ෂ වූ සැපය සත්ත්වයන් කෙරෙහි පමුණුවමින් මෛත්‍රිය ද පවත්වයි යනුවෙන් මෙහි අව්‍යාපාද අවිහිංසා විතර්ක බෙම විතර්ක නම් වේ. පවිවේක විතර්කය වනාහි නෙක්ඛම්ම විතර්කයම යි. දිව්‍ය විහාර, ආර්ය විහාරයන්හි පූර්වභාගය වූ ඒ ප්‍රථමධ්‍යානයේ පැවැත්ම ප්රත්යවේක්ෂණ වශයෙන් දතයුතු ය. එහි භාග්‍යවතුන් වහන්සේගේ දිනපතා පරිභෝග කිරීම් වශයෙන් කෝටි විසිහතර ලක්ෂයක් පමණ යම් සමාපත්ති විහාරයක් ඇද්ද, යම් සමාපත්තින්ගේ පෙර හැසිරීම් බවෙන් පැවති සමාධි චර්යාවට හා ඤාණ චර්යාවට අනුගත වූ ඤාණය කෝටි විසිහතර ලක්ෂයක් සමාපත්තිවල හැසිරීම මහා වජිරඤාණය යි කියනු ලැබේ. ඒ සමාපත්තීන්ගේ වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පවිවේක විතර්කයේ බහුල පැවැත්ම දතයුතුය. මේ අර්ථයම මහා සච්චක සූත්‍රයෙන් ද දතයුතුය. එහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් (මෙසේ) දෙසන ලදී -
“සො ඛො අහං, අග්ගිවෙස්සන, තස්මිංයෙව පුරිමස්මිං සමාධිනිමිත්තෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙමි, සන්නිසාදෙමි, යෙන සුදං නිච්චකප්පං විහරාමී”ති (ම· නි· 1.387).
‘සො ඛො අහං අග්ගි වෙස්සන තස්මිං යෙව පුරිමස්මිං සමාධි නිමිත්තෙ අජ්ඣත්තමෙව චිත්තං සන්නිසීදෙමි යෙනසුදං නිච්චකප්පං නිච්චකප්පං විහරාමි’ ‘ගිනිවෙස්න (සච්චකය) ඒ මම යම් ඵල සමාධියකින් නිතරම නිතරම වසම් නම් එම පූර්ව සමාධි නිමිත්තෙහි සිය සතන්හි ම සිත තබමි.’
ඉදඤ්හි භගවා “සමණො ගොතමො අභිරූපො පාසාදිකො සුඵුසිතං දන්තාවරණං, ජිව්හා තනුකා, මධුරං වචනං, තෙන පරිසං රඤ්ජෙන්තො මඤ්ඤෙ විචරති, චිත්තෙ පනස්ස එකග්ගතා නත්ථි, යො එවං සඤ්ඤත්තිබහුලො චරතී”ති සච්චකෙන නිගණ්ඨපුත්තෙන විතක්කිතෙ අවස්සං සහොඪං චොරං ගණ්හන්තො විය “න අග්ගිවෙස්සන තථාගතො පරිසං රඤ්ජෙන්තො සඤ්ඤත්තිබහුලො විචරති, චක්කවාළපරියන්තායපි පරිසාය ධම්මං දෙසෙති, අසල්ලීනො අනුපලිත්තො එකත්තං එකවිහාරිසුඤ්ඤතාඵලසමාපත්තිඵලං අනුයුත්තො”ති දස්සෙතුං ආහරි.
සච්චක නිගණ්ඨ පුත්‍රයා විසින් ‘ශ්‍රමණ ගෞතම තෙම මනා රූ ඇත්තේය. ප්‍රසාදය ඇතිකරන සුලුය. තොල් මනාව එක්වී ඇත. දිව තුනීය. වචනය මිහිරිය. එහෙයින් පිරිස සතුටු කරවමින් ඇවිදිතියි සිතමි. (දහම් දෙසමින් අනුන්ට) අවබෝධ කරවීම් බහුලව කථාකරන මොහුගේ සිතේ එකඟ බවක් නැතැ’යි කී කල්හි ඒකාන්තයෙන් සොර බඩු සහිතව සොරෙකු අල්ලා ගන්නාක් මෙන් ගිනිවෙස්න, තථාගතයන් වහන්සේ පිරිස සතුටු කරවමින් අවබෝධ කරවීම් බහුලව නොහැසිරෙති. සක්වළ කෙළවර කොට ඇති පිරිසට පවා දහම් දෙසමින් අනුබල දෙමින් පසුබට නොවෙමින් නො ඇලෙමින් හුදකලා වූයේ තනිව හැසිරෙමින් සුඤ්ඤතඵල සමාපත්තිඵල අනුව යෙදුණු බව දක්වන්නට භාග්‍යවතුන් වහන්සේ ගෙනැහර පෑහ.
භගවා හි යස්මිං ඛණෙ පරිසා සාධුකාරං දෙති, ධම්මං වා පච්චවෙක්ඛති, තස්මිං ඛණෙ පුබ්බභාගෙන කාලං පරිච්ඡින්දිත්වා ඵලසමාපත්තිං අස්සාසවාරෙ පස්සාසවාරෙ සමාපජ්ජති, සාධුකාරසද්දනිග්ඝොසෙ අවිච්ඡින්නෙයෙව ධම්මපච්චවෙක්ඛණාය ච පරියොසානෙ සමාපත්තිතො වුට්ඨාය ඨිතට්ඨානතො පට්ඨාය ධම්මං දෙසෙති. බුද්ධානඤ්හි භවඞ්ගපරිවාසො ලහුකො, අස්සාසවාරෙ පස්සාසවාරෙ සමාපත්තියො සමාපජ්ජන්ති. එවං යථාවුත්තසමාපත්තීනං සපුබ්බභාගානං වසෙන භගවතො ඛෙමවිතක්කස්ස පවිවෙකවිතක්කස්ස ච බහුලප්පවත්ති වෙදිතබ්බා.
යම් මොහොතක පිරිස සාධුකාර දෙයිද නැතහොත් ධර්මය මෙනෙහි කරයි ද ඒ මොහොතෙහි මුල් අවස්ථාවෙන් කාලය සීමාකොට භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්තියට සමවදිති. සාධුකාර හඬ නො නිමි කල්හිම ධර්මය මෙනෙහි කිරීම අවසානයෙහි ද සමාපත්තියෙන් නැගිට නැවැත්වූ තැන් පටන් ධර්මය දේශනා කරති. බුදුරජාණන් වහන්සේලාගේ භවංග පරිවාසය (හැසිරිම) සැහැල්ලුය. ආශ්වාස ප්‍රශ්වාස වාරයෙහි සමාපත්තිවලට සමවදිති. මෙසේ කියන ලද සමාපත්තිවල පූර්වභාග වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ බේම විතර්කයේත් පවිවේක විතර්කයේත් බහුල පැවැත්ම දතයුතුය.
තත්ථ යස්ස බ්යාපාදවිහිංසාවිතක්කාදිසංකිලෙසප්පහානස්ස අබ්යාපාදවිතක්කස්ස අවිහිංසාවිතක්කස්ස ච ආනුභාවෙන කුතොචිපි භයාභාවතො තංසමඞ්ගී ඛෙමප්පත්තො ච විහරති, තතො ච සබ්බස්සපි සබ්බදාපි ඛෙමමෙව හොති අභයමෙව. තස්මා දුවිධොපි උභයෙසං ඛෙමඞ්කරොති ඛෙමවිතක්කො. යස්ස පන කාමවිතක්කාදිසංකිලෙසපහානස්ස නෙක්ඛම්මවිතක්කස්ස ආනුභාවෙන කායවිවෙකො, චිත්තවිවෙකො, උපධිවිවෙකොති තිවිධො; තදඞ්ගවිවෙකො, වික්ඛම්භනවිවෙකො, සමුච්ඡෙදවිවෙකො, පටිප්පස්සද්ධිවිවෙකො, නිස්සරණවිවෙකොති පඤ්චවිධො ච විවෙකො පාරිපූරිං ගච්ඡති. සො යථාරහං ආරම්මණතො සම්පයොගතො ච පවිවෙකසහගතො විතක්කොති පවිවෙකවිතක්කො. එතෙ ච ද්වෙ විතක්කා එවං විභත්තවිසයාපි සමානා ආදිකම්මිකානං අඤ්ඤමඤ්ඤූපකාරාය සම්භවන්ති. යථා හි ඛෙමවිතක්කස්ස පවිවෙකවිතක්කො අනුප්පන්නස්ස උප්පාදාය උප්පන්නස්ස භිය්යොභාවාය වෙපුල්ලාය හොති, එවං පවිවෙකවිතක්කස්සපි ඛෙමවිතක්කො. න හි වූපකට්ඨකායචිත්තානමන්තරෙන මෙත්තාවිහාරාදයො සම්භවන්ති බ්යාපාදාදිප්පහානෙන ච විනා චිත්තවිවෙකාදීනං අසම්භවොයෙවාති අඤ්ඤමඤ්ඤස්ස බහූපකාරා එතෙ ධම්මා දට්ඨබ්බා. භගවතො පන සබ්බසො පහීනසංකිලෙසස්ස ලොකහිතත්ථාය එවං ඛෙමවිතක්කො ච පවිවෙකවිතක්කො ච අස්සාසවාරමත්තෙපි හිතසුඛමාවහන්තියෙවාති. ඛෙමො ච විතක්කො පවිවෙකො ච විතක්කොති සම්බන්ධිතබ්බං.
එහි ව්‍යාපාද විහිංසා විතර්ක ආදී කෙලෙස් පහකරන යම් අව්‍යපාද විතර්කයක ද අවිහිංසා විතර්කයක ද ආනුභාවයෙන් කිසිතැනක භය නැති බැවින් ඒ විතර්කවලින් යුක්ත වූයේ නිර්භය බවට පැමිණ වාසය කරයි. එහෙයින් සියල්ලන්ට හැමදාම නිර්භයම වෙයි. අභයම වෙයි. එහෙයින් දෙකම (අව්‍යාපාද විතර්ක හා අවිහිංසා විතර්ක) දෙකෙහි සන්සුන් බව ඇති කෙරේනුයි බේම විතර්ක නම් වේ. කාම විතර්කාදී කෙලෙස් පහකරන යම් නෙක්ඛම්ම විතර්කයක ආනුභාවයෙන් කාය විවේක, චිත්ත විවේක, උපධි විවේක යන තුන්ආකාර වූ ද තදංග විවේක, විෂ්කම්භන විවේක, සමුච්ඡේද විවේක, පටිපස්සද්ධි විවේක, නිස්සරණ විවේ යන පස්ආකාර වූ ද විවේකය සම්පූර්ණ වීමට යයි. සුදුසු පරිදි අරමුණු වශයෙන් ද යෙදීම් වශයෙන් ද පවිවේකය සමග යෙදුණා වූ ඒ විතර්කය පවිවේක විතර්කය යි. මේ විපාක දෙක මෙසේ බෙදන ලද විෂය ඇති නිසා ආදි කාර්මිකයන්ට (මුලින්ම කටයුතු කරන්නන්ට) එකිනෙකට උපකාර පිණිස පවතී. යම්සේ පවිවේක විතර්කය නූපන් ඛේම විතර්කයේ ඉපදීම පිණිසත් උපන්නා වූ ඛේම විතර්කයේ වැඩිවීම පිණිසත් විපුලබවත් පිණිස වෙයි ද, බේම විතර්කය තෙමේ පවිවේක විතර්කයට ද එසේය. කය හා සිත වස්තුකාම, ක්ලේශකාමවලින් දුරුවූ ක්ෂණයකින් මෛත්‍රී විහාරාදිය ඇති නොවේ. ව්‍යාපාද ආදියේ ප්‍රහාණයෙන් තොරව චිත්ත විවේකාදියේ හටගැනීමක් නැති බැවින්ම මේ ධර්ම එකිනෙකට බොහෝ උපකාර යයි දතයුතුය. ලෝකයාට හිත පිණිස සියලු ආකාරයෙන් පහවූ කෙලෙස් ඇති භාග්‍යවතුන් වහන්සේගේ ඛේම විතර්කය ද පවිවේක විතර්කය ද ආශ්වාස මාත්‍රයෙහි දී පවා හිතසැප ගෙන දෙන්නේමය. ‘ඛෙමො ච විතක්කො පවිවෙකොච විතක්කො’ යන්න සම්බන්ධ කළ යුතුය.
එවං උද්දිට්ඨෙ ද්වෙ විතක්කෙ නිද්දිසිතුං “අබ්යාපජ්ඣාරාමො”තිආදිමාහ. තත්ථ අබ්යාපජ්ඣනං කස්සචි අදුක්ඛනං අබ්යාපජ්ඣො, සො ආරමිතබ්බතො ආරාමො එතස්සාති අබ්යාපජ්ඣාරාමො. අබ්යාපජ්ඣෙ රතො සෙවනවසෙන නිරතොති අබ්යාපජ්ඣරතො. එසෙවාති එසො එව. ඉරියායාති කිරියාය, කායවචීපයොගෙනාති අත්ථො. න කඤ්චි බ්යාබාධෙමීති හීනාදීසු කඤ්චිපි සත්තං තණ්හාතසාදියොගතො තසං වා තදභාවතො පහීනසබ්බකිලෙසවිප්ඵන්දිතත්තා ථාවරං වා න බාධෙමි න දුක්ඛාපෙමි. කරුණජ්ඣාසයො භගවා මහාකරුණාසමාපත්තිබහුලො අත්තනො පරමරුචිතකරුණජ්ඣාසයානුරූපමෙවමාහ. තෙන අවිහිංසාවිතක්කං අබ්යාපාදවිතක්කඤ්ච දස්සෙති. ඉදං වුත්තං හොති –
මෙසේ නම් වශයෙන් කියන ලද (උද්දිට්ඨෙ) විතර්ක විස්තර කරන්නට (නිද්දිසිතුං) අබ්යාපජ්ඣාරාමො යනාදිය කීහ. එහි කිසිවකුට කෝප නොවීම, දුක් නොදීම =– අබ්යාපජ්ඣ නමි. ඒ අබ්යාපජ්ඣය ඔහුට සිත් ඇලවීම් වශයෙන් ආරාමයක් වේ යනුවෙන් අබ්යාපජ්ඣාරාමො නමි. අව්යාපජ්ඣයෙහි ඇලුණේ සේවනය කිරීම් වශයෙන් ඇලුණේය යනුවෙන් අබ්යාපජ්ඣරතො වේ. එසොව යනු එසො එව. එයම යන අර්ථයි. ඉරියාය යනු කිරියාය, කය වචන ප්‍රයෝගයෙන් යන අර්ථයි. න කිඤ්චි ව්යාබාධෙමි යනු හීන ආදී වූ සතුන් අතරින් කිසියම් සතෙකු තෘෂ්ණා සහිත භය යෙදීමෙන් තසං තස වූ හෝ ඒ තෘෂ්ණාව නැති බැවින් පහකළ සියලු කෙලෙස් කම්පනයක් ඇති බැවින් ථාවරං ථාවර නම් වූ හෝ කිසිවකු නොපෙළමි. කිසිවකුට දුක් නොපමුණුවමි. කරුණා අදහස් ඇති මහාකරුණා සමාපත්තිය බහුලකොට ඇති භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ වඩාම රුචි වූ කරුණා අදහසට අනුරූප වූවක්ම කීහ. එයින් අවිහිංසා විතර්කය ද අව්‍යාපාද විතර්කය ද දක්වයි. (මේ කරුණුවලින්) මෙය කියන ලද්දේ වෙයි:
‘අහං ඉමාය ඉරියාය ඉමාය පටිපත්තියා එවං සම්මා පටිපජ්ජන්තො එවං සමාපත්තිවිහාරෙහි විහරන්තො එවං පුඤ්ඤත්ථිකෙහි කතානි සක්කාරගරුකාරමානනවන්දනපූජනානි අධිවාසෙන්තො සත්තෙසු න කඤ්චි බ්යාබාධෙමි, අපිච ඛො දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථප්පභෙදං හිතසුඛමෙව නෙසං පරිබ්රූහෙමී’ති.
‘මම මේ ක්‍රියාවෙන් මේ ප්‍රතිපත්තියෙන් මෙසේ පිළිපදිමින් මෙසේ සමාපත්ති විහාරවලින් වාසය කරමින් මෙසේ පින් ඇත්තන් විසින් කරන ලද සත්කාර ගරුකාර මානන වන්දන පූජන ඉවසමින් සත්ත්වයන් අතුරෙන් කිසිවකුත් නොපෙළමි. තවද මෙලොව, පරලොව, පරමාර්ථ නම් වූ නිවන යන ප්‍රභේද ඇති ඔවුන්ගේ හිත සැපම වර්ධනය කරමි.’
යං අකුසලං, තං පහීනන්ති යං දියඩ්ඪකිලෙසසහස්සභෙදං අඤ්ඤඤ්ච තංසම්පයුත්තං අනන්තප්පභෙදං අකුසලං, තං සබ්බං බොධිමූලෙයෙව මය්හං පහීනං සමූහතන්ති. ඉමිනා පවිවෙකෙසු මුද්ධභූතෙන සද්ධිං නිස්සරණවිවෙකෙන සමුච්ඡෙදප්පටිප්පස්සද්ධිවිවෙකෙ දස්සෙති. කෙචි පනෙත්ථ තදඞ්ගවික්ඛම්භනවිවෙකෙපි උද්ධරන්ති. ආගමනීයපටිපදාය හි සද්ධිං භගවතා අත්තනො කිලෙසක්ඛයො ඉධ වුත්තොති.
යං අකුසලං තං පහීනං යනු එක්දහස් පන්සීයක් ප්‍රභේද ඇති කෙලෙස් ද ඒවා සමග යෙදුණු අනන්ත ප්‍රභේද ඇති අනිකුත් යම් අකුසලයක් වේද, ඒ සියල්ල මවිසින් බෝධිමූලයෙහිදීම පහකරන ලදී. සහමුලින් නසන ලදී. මෙයින් සමෘද්ධිමත් වූ පවිවේකය සමග නිස්සරණ විවේකයෙන් සමුච්ඡේද පටිප්පස්සද්ධි විවේක දක්වයි. ඇතැමෙක් මෙහිදී තදංග විෂ්කම්භන විවේකයන් ද උදුරා දක්වති. ආගමනීය (පැමිණීමට සුදුසු) ප්‍රතිපදාව සමග භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් වහන්සේගේ කෙලෙස් ගෙවාදැමීම මෙහි කියන ලදී.
ඉති භගවා අපරිමිතකප්පපරිචිත්තං අත්තනො පවිවෙකජ්ඣාසයං සද්ධිං නිස්සරණජ්ඣාසයෙන ඉදානි මත්ථකං පාපෙත්වා ඨිතො තමජ්ඣාසයං ඵලසමාපත්තිං සමාපජ්ජිත්වා අත්තනො කිලෙසප්පහානපච්චවෙක්ඛණමුඛෙන විභාවෙති. යදත්ථං පනෙත්ථ සත්ථා ඉමෙ ද්වෙ විතක්කෙ උද්ධරි, ඉදානි තමත්ථං දස්සෙන්තො “තස්මාතිහ, භික්ඛවෙ”තිආදිමාහ. භගවා හි ඉමස්ස විතක්කද්වයස්ස අත්තනො බහුලසමුදාචාරදස්සනමුඛෙනෙව තත්ථ භික්ඛූ නිවෙසෙතුං ඉමං දෙසනං ආරභි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ අප්‍රමාණ කල්පවලදී පුරුදු කරන ලද තමන්ගේ පවිවේක අදහස නිස්සරණ අදහස සමග දැන් මුදුන් පමුණුවාගෙන සිටිසේක් ඒ අදහස ඵලසමාපත්තියට සමවැදී තමන්ගේ කෙලෙස් පහකිරීම නුවණින් විමසා බැලීම ප්‍රධාන වශයෙන් ගෙන පැහැදිලි කරති. මෙහිදී ශාස්තෲන් වහන්සේ යම් අර්ථයක් සඳහා මේ විතර්ක දෙක උදුරා දැක්වූවාහු ද ඒ අර්ථය දක්වමින් තස්මාතිහ භික්ඛවෙ යනාදිය කීහ. භාග්‍යවතුන් වහන්සේ මේ විතර්ක දෙක තමන්ගේ බහුල හැසිරිම දැක්වීම ප්‍රධාන වශයෙන් ගෙන එහි භික්ෂූන් වාසය කරවන්නට (යොදවන්නට) මේ දේශනාව ආරම්භ කළහ.
තත්ථ තස්මාති යස්මා අබ්යාපජ්ඣපවිවෙකාභිරතස්ස මෙ ඛෙමපවිවෙකවිතක්කායෙව බහුලං පවත්තන්ති, තස්මා. තිහාති නිපාතමත්තං. අබ්යාපජ්ඣාරාමා විහරථාති සබ්බසත්තෙසු මෙත්තාවිහාරෙන කරුණාවිහාරෙ න ච අභිරමන්තා විහරථ. තෙන බ්යාපාදස්ස තදෙකට්ඨකිලෙසානඤ්ච දූරීකරණමාහ. තෙසං වොති එත්ථ වොති නිපාතමත්තං. පවිවෙකාරාමා විහරථාති කායාදිවිවෙකඤ්චෙව තදඞ්ගාදිවිවෙකඤ්චාති සබ්බවිවෙකෙ ආරමිතබ්බට්ඨානං කත්වා විහරථ. ඉමාය මයන්තිආදි යථා නෙසං ඛෙමවිතක්කස්ස පවත්තනාකාරදස්සනං, එවං කිං අකුසලන්තිආදි පවිවෙකවිතක්කස්ස පවත්තනාකාරදස්සනං. තත්ථ යථා අනවජ්ජධම්මෙ පරිපූරෙතුකාමෙන කිංකුසලගවෙසිනා හුත්වා කුසලධම්මපරියෙසනා කාතබ්බාව, සාවජ්ජධම්මෙ පජහිතුකාමෙනාපි අකුසලපරියෙසනා කාතබ්බාති ආහ “කිං අකුසල”න්තිආදි.
එහි ‘තස්මාතිහ’ යනු යම්හෙයකින් අබ්යාපජ්ඣ පවිවේකයෙහි ඇලුණු මට ඛේම-පවිවේක විතර්කම බහුල ලෙස පවතී. එහෙයින්. ‘තිහ’ යනු නිපාත මාත්‍රයකි. අබ්යාපජ්ඣාරාමා විහරථ යනු සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී විහරණයෙන් ද කරුණා විහරණයෙන් ද ඇලෙමින් වාසය කරවු. එයින් ව්යාපාදයේත් ඒ සමග යෙදුණු කෙලෙසුන්ගේත් දුරුකිරිම වදාළහ. තෙසං වො යන මෙහි ‘වො’ යනු නිපාත මාත්‍රයකි. පවිවෙකරාමා විහරථ යනු කායාදි විවේකය ද තදංගාදී විවේකය ද යන සියලු විවේක ඇලුම් කළයුතු තැනක් කොට වාසය කරවු. ඉමාය මයං යනාදිය ඒවා අතරින් බේම විතක්කය පවතින ආකාරය දැක්වීම යම්සේ ද. මෙසේ කිං අකුසලං යනාදිය පවිවේක විතර්කය පවතින ආකාරය දැක්වීමයි. එහි යම්සේ නිවැරදි ධර්ම පුරනු කැමති කිංකුසල ගවේසී කෙනෙකු වී කුශලධර්ම සෙවීම කළ යුතුමය. වැරදි ධර්ම දුරුකරනු කැමැති තැනැත්තා විසින් අකුසල සෙවීම නො කළයුතුය යි ‘කිං අකුසලං’ යනාදිය කීහ.
අභිඤ්ඤාපුබ්බිකා හි පරිඤ්ඤාපහානසච්ඡිකිරියාභාවනා. තත්ථ කිං අකුසලන්ති අකුසලං නාම කිං, සභාවතො කිමස්ස ලක්ඛණං, කානි වා රසපච්චුපට්ඨානපදට්ඨානානීති අකුසලස්ස සභාවකිච්චාදිතො පච්චවෙක්ඛණවිධිං දස්සෙති. ආදිකම්මිකවසෙන චෙස විතක්කො ආගතො, කිං අප්පහීනං කිං පජහාමාති ඉදං පදද්වයං සෙක්ඛවසෙන. තස්මා කිං අප්පහීනන්ති කාමරාගසංයොජනාදීසු අකුසලෙසු කිං අකුසලං අම්හාකං මග්ගෙන අසමුච්ඡින්නං? කිං පජහාමාති කිං අකුසලං සමුග්ඝාතෙම? අථ වා කිං පජහාමාති වීතික්කමපරියුට්ඨානානුසයෙසු කිං විභාගං අකුසලං ඉදානි මයං පජහාමාති අත්ථො. කෙචි පන “කිං අප්පහීන”න්ති පඨන්ති. තෙසං දිට්ඨිසංයොජනාදිවසෙන අනෙකභෙදෙසු අකුසලෙසු කිං කතමං අකුසලං, කෙන කතමෙන පකාරෙන, කතමෙන වා මග්ගෙන අම්හාකං අප්පහීනන්ති වුත්තං හොති. සෙසං වුත්තනයමෙව.
[missing trans] එහි කිං අකුසලං යන මෙහි අකුසලය නම් කුමක් ද? ස්වභාව වශයෙන් මේ අකුසලයේ ලක්ෂණය කුමක්ද? රස = (කෘත්‍යය), පච්චුපට්ඨාන (වැටහෙන ආකාරය), පදට්ඨාන (ආසන්න කාරණය) මොනවාද? මෙසේ ස්වභාව කෘත්යදී වශයෙන් අකුසලයේ ප්රත්යවේක්ෂණ විධිය දක්වයි. ආදි කර්මිකයාගේ වශයෙන් ද මේ විතර්කය ආයේ වෙයි. කිං අප්පහීනං කිං පජහාම යන මේ පද දෙක වශයෙන් ආයේ වෙයි. එහෙයින් ‘කිං අප්පහීනං’ යනු කාමරාග සංයෝජනාදී අකුසල් අතරින් අපගේ කුමන අකුසලයක් මාර්ග ඥානයෙන් සහමුලින් නොසිඳිනා ලදද? ‘කිං පජහාම’ යනු කුමන අකුසලයක් උදුරා දමමු ද? යනුයි. නැතහොත් ‘කිං පජහාම’ යනු විතර්ක පරියුට්ඨාන අනුසය අතරින් කුමන අකුසල කොටසක් දැන් අපි දුරුකරමුද යන අර්ථයි. ඇතැමෙක් වනාහි ‘කිමප්පහීනං’ යනුවෙන් කියති. දිට්ඨි සංයෝජනාදී වශයෙන් නොයෙක් භේද ඇති අකුසල අතරින් ඒ අපගේ කුමන අකුසලයක් කුමකින්, කුමන ආකාරයකින් කවර මාර්ග ඥානයකින් අප්රහීණදැයි කියන ලදී. ඉතිරිය කියන ලද අයුරින්මය.
ගාථාසු බුද්ධන්ති චතුන්නං අරියසච්චානං අවිපරීතං සයම්භුඤාණෙන බුද්ධත්තා පටිවිද්ධත්තා බුද්ධං සච්චවිනිමුත්තස්ස ඤෙය්යස්ස අභාවතො. තථා හි වුත්තං –
ගාථාවන්හි : බුද්ධං යනු චතුරාර්ය සත්‍යයන් නොවෙනස්ව බුදුරජාණන් වහන්සේ ඤාණයෙන් අවබෝධ කළ බැවින් බුද්ධ නම් වේ. සත්‍යයෙන් තොර වූ දතයුතු දෙයක් නැති බැවිනි. ඒ බව මෙසේ වදාළහ.
“අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, භාවෙතබ්බඤ්ච භාවිතං; පහාතබ්බං පහීනං මෙ, තස්මා බුද්ධොස්මි බ්රාහ්මණා”ති. (සු· නි· 563; ම· නි· 2.399);
අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං භාවෙතබ්බඤ්ච භාවිතං පහාතබ්බං පහීනං මෙ තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ’
‘බමුණ මා විසින් දතයුත්ත දන්නා ලදී. භාවිත කළ යුතු දේ භාවිත කරන ලදී. පහ කළ යුතු දේ පහකරන ලදී. එහෙයින් බුද්ධ වෙමි.’
ඨපෙත්වා මහාබොධිසත්තං අඤ්ඤෙහි සහිතුං වහිතුං අසක්කුණෙය්යත්තා අසය්හස්ස සකලස්ස බොධිසම්භාරස්ස මහාකරුණාධිකාරස්ස ච සහනතො වහනතො, තථා අඤ්ඤෙහි සහිතුං අභිභවිතුං දුක්කරත්තා අසය්හානං පඤ්චන්නං මාරානං සහනතො අභිභවනතො, ආසයානුසයචරියාධිමුත්තිආදිවිභාගාවබොධෙන යථාරහං වෙනෙය්යානං දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථෙහි අනුසාසනසඞ්ඛාතස්ස අඤ්ඤෙහි අසය්හස්ස බුද්ධකිච්චස්ස සහනතො වහනතො, තත්ථ වා සාධුකාරිභාවතො අසය්හසාහිනං. සමුදාචරන්ති නන්ති එත්ථ නන්ති නිපාතමත්තං, නං තථාගතන්ති වා අත්ථො.
මහාබෝධි සත්ත්වයන් වහන්සේ හැර අන්අය විසින් ඉවසන්නට උසුලන්නට නොහැකි බැවින් නොඉවසිය හැකි සියලු බෝධි සම්භාරයද මහාකරුණාධිකාරය ද ඉවසීම් වශයෙන් ඉසිලීම් වශයෙන්, එසේ අන්‍යයන් විසින් ඉවසන්නට මැඩපවත්වන්නට දුෂ්කර බැවින් ඉවසිය නොහැකි පස්මරුන් ඉවසීම් වශයෙන් මැඩපැවැත්වීම් වශයෙන්, ආසය-අනුසය-චරියා-අධිමුත්ති ආදිය බෙදා දැක්වීමේ අවබෝධයෙන් සුදුසු පරිදි හික්මවීමට සුදුසු අයගේ මෙලොව-පරලොව පරමාර්ථවලින් අන්‍යයන් විසින් නො ඉවසිය හැකි (කළ නොහැකි) අනුශාසන නම් වූ බුද්ධ කෘත්‍යය ඉවසීම් වශයෙන් ඉසිලීම් වශයෙන් නැතහොත් එහි මැනවින් කිරීම් වශයෙන් අසය්හසාහිනං නොඉවසිය හැකි දේ ඉවසන සුලු වූ. සමුදාචරන්ති නං යන මෙහි ‘න’ යනු නිපාත මාත්‍රයකි. නැතහොත් ‘නං තථාගතං’ ඒ තථාගතයන් වහන්සේ යන අර්ථයි.
සකපරසන්තානෙසු තමසඞ්ඛාතං මොහන්ධකාරං නුදි ඛිපීති තමොනුදො. පාරං නිබ්බානං ගතොති පාරගතො. අථ වා “මුත්තො මොචෙය්ය”න්තිආදිනා නයෙන පවත්තිතස්ස මහාභිනීහාරස්ස සකලස්ස වා සංසාරදුක්ඛස්ස සබ්බඤ්ඤුගුණානං පාරං පරියන්තං ගතොති පාරගතො, තං තමොනුදං පාරගතං. තතො එව පත්තිපත්තං බුද්ධං, සීලාදිං දසබලඤාණාදිඤ්ච සම්මාසම්බුද්ධෙහි පත්තබ්බං සබ්බං පත්තන්ති අත්ථො. වසිමන්ති ඣානාදීසු ආකඞ්ඛාපටිබද්ධො පරමො ආවජ්ජනාදිවසිභාවො, අරියිද්ධිසඞ්ඛාතො අනඤ්ඤසාධාරණො චිත්තවසිභාවො ච අස්ස අත්ථීති වසිමා, තං වසිමං, වසිනන්ති අත්ථො. සබ්බෙසං කාමාසවාදීනං අභාවෙන අනාසවං. කායවිසමාදිකස්ස විසමස්ස වන්තත්තා වා විසසඞ්ඛාතං සබ්බං කිලෙසමලං තරිත්වා වා විසං සකලවට්ටදුක්ඛං සයං තරිත්වා තාරණතො විසන්තරො තං විසන්තරං. තණ්හක්ඛයෙ අරහත්තඵලෙ නිබ්බානෙ වා විමුත්තං, උභයම්හි ගමනතො මොනසඞ්ඛාතෙන ඤාණෙන කායමොනෙය්යාදීහි වා සාතිසයං සමන්නාගතත්තා මුනිං. මුනීති හි අගාරියමුනි, අනගාරියමුනි, සෙක්ඛමුනි, අසෙක්ඛමුනි, පච්චෙකමුනි, මුනිමුනීති අනෙකවිධා මුනයො. තත්ථ ගිහී ආගතඵලො විඤ්ඤාතසාසනො අගාරියමුනි, තථාරූපො පබ්බජිතො අනගාරියමුනි, සත්ත සෙක්ඛා සෙක්ඛමුනි, ඛීණාසවො අසෙක්ඛමුනි, පච්චෙකබුද්ධො පච්චෙකමුනි, සම්මාසම්බුද්ධො මුනිමුනීති. අයමෙව ඉධාධිප්පෙතො. ආයතිං පුනබ්භවාභාවතො අන්තිමං, පච්ඡිමං දෙහං කායං ධාරෙතීති අන්තිමදෙහධාරී, තං අන්තිමදෙහධාරිං. කිලෙසමාරාදීනං සම්මදෙව පරිච්චත්තත්තා මාරඤ්ජහං. තතො එව ජරාහෙතුසමුච්ඡෙදතො අනුපාදිසෙසනිබ්බානප්පත්තිවසෙන පාකටජරාදිසබ්බජරාය පාරගුං. ජරාසීසෙන චෙත්ථ ජාතිමරණසොකාදීනං පාරගමනං වුත්තන්ති දට්ඨබ්බං. තං එවංභූතං තථාගතං දුවෙ විතක්කා සමුදාචරන්තීති බ්රූමීති සම්බන්ධො.
තමාගේත් අනුන්ගේත් සිත්වල ‘තම’ නම් වූ මෝහාන්ධකාරය ඉවත දැම්මේය යන අරුතින් තමොනුදො නම් වෙයි. පරතෙරට නිවනට ගියේ යන අරුතින් පාරගතො නම් වේ. නැතහොත් මිදුනෙම් මුදවන්නෙමි යනාදී වශයෙන් පැවති මහාභිනීහාරයේ (මහා ප්‍රාර්ථනාවේ) හෝ සියලු සසර දුකේ හෝ සර්වඥ ගුණයන්ගේ හෝ පරතෙරට - පර්යන්තයට ගියේ යන අරුතින් පාරගතො නම් වේ. ඒ තමොනුදං පාරගතං එහෙයින්ම පත්තිපත්තං බුදුරජාණන් වහන්සේ (ට), සීලාදිය ද දසබල ඤාණ ආදිය ද සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් පැමිණිය යුතු සියල්ලට පැමිණි යන අර්ථයි. වසිමං යනු ධ්‍යානාදියෙහි කැමැත්ත හා බැඳුණු උසස් වූ ආවර්ජනාදී වශීභාවයද ආර්ය සෘද්ධි නම් වූ අන්‍යයන්ට පොදු නොවූ චිත්තවශීභාවය ද උන්වහන්සේට ඇත්තේය යන අරුතින් වසිමා නම් වේ. තං වසිමං ඒ සිත් වසඟ බව ඇති යන අර්ථයි. සියලු කාමාදී ආශ්‍රව නැති බැවින් අනාසවං. කාය විසම ආදී විසම ගති වැමෑරූ බැවින් නැතහොත් විෂ නම් වූ සියලු කෙලෙස්වල තරණයකොට නැතහොත් විෂ වූ සියලු සසර දුක තමා තරණය කොට තරණය කරන බැවින් වෙස්සන්තරො නම් වේ. ඒ වෙස්සන්තරං විශ්වන්තර වූ. තණ්හක්ඛයෙ අර්හත් ඵලයෙහි ද නිවනෙහිද විමුත්තං (තණ්හක්ඛය සංඛ්‍යාත අර්හත්ඵලයෙන්) මිදුණා වූ. මෝන නම් වූ ඤාණයෙන් ගමන් කිරීම් වශයෙන් හෝ කාය මොනෙය්යාදියෙන් අතිශය සමන්නාගත බැවින් මුනි නම් වේ. ‘මුනි’ යන්න වනාහි අගාරිය මුනි, අනගාරිය මුනි සෙඛ මුනි, අසෙඛ මුනි, පච්චෙක මුනි, මුනිමුනි යනුවෙන් අනේකවිධ මුනිවරු ඇත. එහි දැනගන්නා ලද ශාසනය ඇති පැමිණි මාර්ගඵල ඇති ගිහි අය අගාරිය මුනි නම් වේ. එබඳු වූ පැවිද්දා අනගාරිය මුනි නම් වේ. ශෛක්ෂ පුද්ගලයින් සත්දෙනා සේඛ මුනි නම් වේ. ක්ෂීණාශ්රව රහතන් වහන්සේ අසේඛ මුනි නම් වෙති. පසේ බුදුරජාණන් වහන්සේ පච්චෙක මුනි නම් වෙති. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුනිමුනි නම් වෙති. උන්වහන්සේම මෙහි අදහස් කරන ලදී. මතු පුනර්භවයක් නැති බැවින් අන්තිම පශ්චිම දේහය කය දරයි යන අරුතින් අන්තිම දේහධාරී නම් වේ. ඒ අන්තිමදෙහධාරිං අන්තිම කය දරන්නා වූ. කෙලෙස් ආදී මාරයත් මනාව දුරුකළ බැවින් මාර ජහං නම් ය. එහෙයින්ම ජරාවට හේතුව සහමුලින් සිඳීමෛන් අනුපාදිසේස නිවනට පැමිණීම් වශයෙන් ප්‍රකට ජරාව ආදී සියලු ජරායපාරගුං ජරාවේ පරතෙරට පත්. ජරාව මුල්කර ගැනීමෙන් මෙහි ජාති-මරණ -සෝකාදියේ ද පරතෙර ගමන කියන ලදැයි දතයුතුය. තං මෙබඳු වූ තථාගතයන් වහන්සේට දුවෙ විතක්කා සමුදාචරන්ති යනු ද බ්රෑමි යනු ද සම්බන්ධ කරගත යුතුය.
ඉති භගවා පඨමගාථාය විතක්කද්වයං උද්දිසිත්වා තතො දුතියගාථාය පවිවෙකවිතක්කං දස්සෙත්වා ඉදානි ඛෙමවිතක්කං දස්සෙතුං “සෙලෙ යථා”ති තතියගාථමාහ. තත්ථ සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතොති සෙලෙ සිලාමයෙ එකග්ඝනපබ්බතමුද්ධනි යථා ඨිතො. න හි තත්ථ ඨිතස්ස උද්ධං ගීවුක්ඛිපනපසාරණාදිකිච්චං අත්ථි. තථූපමන්ති තප්පටිභාගං සෙලපබ්බතූපමං. අයං පනෙත්ථ සඞ්ඛෙපත්ථො – යථා සෙලපබ්බතමුද්ධනි ඨිතො චක්ඛුමා පුරිසො සමන්තතො ජනතං පස්සෙය්ය, එවමෙව සුමෙධො, සුන්දරපඤ්ඤො සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සමන්තචක්ඛු භගවා ධම්මමයං පඤ්ඤාමයං පාසාදමාරුය්හ සයං අපෙතසොකො සොකාවතිණ්ණං ජාතිජරාභිභූතඤ්ච ජනතං සත්තකායං අවෙක්ඛති උපධාරයති උපපරික්ඛති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ පළමු ගාථාවෙන් විතර්ක දෙක සඳහන් කොට ඉන්පසු දෙවන ගාථාවෙන් පවිවේක විතර්කය දක්වා දැන් බේම විතර්කය දක්වන්නට ‘සෙලෙ යථා’ යන තුන්වන ගාථාව වදාළහ. එහි සෙලෙ යථා පබ්බත මුද්ධනිට්ඨිතො යනු ශෛලමය ඒක ඝන පර්වතයක් මුදුනෙහි සිටින ආකාරයෙන් ම. එහි සිටි තැනැත්තාට උඩට බෙල්ල එසවීම දික් කිරීම ආදී කටයුත්තක් නැත. තථූපමං යනු එයට සමාන වූ ගල් පර්වතයට උපමා වූ. මේ එහි කෙටි අර්ථයයි: යම්සේ ගල් පර්වතයක් මුදුනෙහි සිටියා වූ ඇස් ඇති පුරුෂයෙක් හාත්පස ජනතාව දකින්නේ ද එසේම සුමේධ වූ යහපත් ප්‍රඥාව ඇත්තා වූ සබ්බඤ්ඤුත ඤාණයෙන් සමන්තචක්ඛු වූ භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් කළ ප්‍රඥාවෙන් කළ ප්‍රාසාදයට නැග තමා පහවූ සෝක ඇත්තේ සෝකයට බැසගත් ජාති ජරාවලින් මැඩගත් ජනතාව සත්ත්ව නිකාය බලති. විමසා බලති.
අයං පනෙත්ථ අධිප්පායො – යථා හි පබ්බතපාදෙ සමන්තා මහන්තං ඛෙත්තං කත්වා තත්ථ කෙදාරපාළීසු කුටියො කත්වා රත්තිං අග්ගිං ජාලෙය්ය, චතුරඞ්ගසමන්නාගතඤ්ච අන්ධකාරං භවෙය්ය, අථස්ස පබ්බතස්ස මත්ථකෙ ඨත්වා චක්ඛුමතො පුරිසස්ස භූමිප්පදෙසං ඔලොකයතො නෙව ඛෙත්තං, න කෙදාරපාළියො, න කුටියො, න තත්ථ සයිතමනුස්සා පඤ්ඤායෙය්යුං, කුටීසු පන අග්ගිජාලමත්තමෙව පඤ්ඤායෙය්ය, එවං ධම්මමයං පාසාදමාරුය්හ සත්තකායං ඔලොකයතො තථාගතස්ස යෙ තෙ අකතකල්යාණා සත්තා, තෙ එකවිහාරෙ දක්ඛිණපස්සෙ නිසින්නාපි බුද්ධඤාණස්ස ආපාථං නාගච්ඡන්ති, රත්තිං ඛිත්තසරා විය හොන්ති. යෙ පන කතකල්යාණා වෙනෙය්යපුග්ගලා, තෙ එවස්ස දූරෙපි ඨිතා ආපාථං ආගච්ඡන්ති, සො අග්ගි විය හිමවන්තපබ්බතො විය ච වුත්තම්පි චෙතං –
මේ වනාහි එහි අදහසයි. යම්සේ පර්වතයක් පාමුල හාත්පස මහත් කුඹුරක් සකස්කොට එහි නියරවල කුටි සාදා රාත්‍රියට ගිනි දල්වන්නේද අංග සතරකින් යුත් අන්ධකාරය ද ඇති වන්නේ නම් ඉක්බිති පර්වතය මුදුනෙහි සිටි බිම්පෙදෙස බලන්නා වූ ඒ ඇස් ඇති මිනිසාට කෙත ද නියරවල් ද කුටි ද එහි නිදාගත් මිනිස්සු ද නොපෙනෙති. කුටිවල ගිනිදැල් පමණක්ම පෙනෙන්නේය. මෙසේ ධර්මය ප්‍රාසාදයට නැග සත්ත්ව සමූහය බලන තථාගතයන් වහන්සේට යම් ඒ නොකළ යහපත ඇති සත්ත්වයෝ වෙත්ද ඔවුහු එක් වෙහෙරක දකුණු පැත්තෙහි සිටියත් බුද්ධඤාණය ඉදිරියට නොඑති. රාත්‍රියෙහි විදින ලද ඊයක් මෙන් වෙති. කරන ලද යහපත ඇති හික්මවීමට සුදුසු යම් පුද්ගලයෝ වෙත් ද ඔවුහුම දුර සිටියත් උන්වහන්සේගේ ඉදිරියට එති. ඔහු (බුදු ඇසට පෙනෙන පුද්ගලයා) ගින්න මෙනි. හිමාලය පර්වතය මෙනි. මේ කාරණය (මෙසේ) කියන ලදී.
“දූරෙ සන්තො පකාසෙන්ති, හිමවන්තොව පබ්බතො; අසන්තෙත්ථ න දිස්සන්ති, රත්තිං ඛිත්තා යථා සරා”ති. (ධ· ප· 304; නෙත්ති· 11);
‘දූරෙ සන්තො පකාසෙන්ති - හිමවන්තොව පබ්බතො අසන්තෙත්ථ න දිස්සන්ති - රත්තිඛිත්තා යථා සරා’
(උත්සන්න වූ කුසල් මුල් ඇති භාවිත භාවනා ඇති) සත්පුරුෂයෝ දුර සිටියත් හිමාලය පර්වතය මෙන් බුදු නුවනට ප්‍රකට වෙයි. මෙහි (මෙලොවම ගරුකොට සිතන) අඥාන පුද්ගලයෝ රාත්‍රියෙහි විදින ලද ඊයක් මෙන් නො පෙනෙත්.
එවමෙතස්මිං සුත්තෙ ගාථාසු ච භගවා අත්තානං පරං විය කත්වා දස්සෙසි.
මෙසේ මේ සූත්‍රයෙහි ගාථාවලදී භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේ අන් තැනැත්තකු මෙන් දැක්වූහ.
පඨමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පළමු සූත්‍රය යි.