යෙදුමෙන් කියවන්න

විතක‍්ක සුත‍්තං

2. 2. 1.

2. 2. 1.

[විතක‍්ක සුත‍්තං]

[විතර්‍ක සූත්‍රය]

38. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.

38. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලද්දේ ය.

1. තථාගතං භික‍්ඛවෙ අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං ද‍්වෙ විතක‍්කා බහුලං සමුදාචරන‍්ති: ඛෙමො ච විතක‍්කො පවිවෙකො ච. අබ්‍යාපජ‍්ඣාරාමො භික‍්ඛවෙ තථාගතො අබ්‍යාපජ‍්ඣරතො. තමෙනං භික‍්ඛවෙ තථාගතං අබ්‍යාපජ‍්ඣාරාමං අබ්‍යාපජ‍්ඣරතං එසොව විතක‍්කො බහුලං සමුදාචරති: ‘ඉමායාහං ඉරියාය න කිඤ‍්චි ව්‍යාබාධෙමි තසං වා ථාවරං වා’ති. පවිවෙකාරාමො භික‍්ඛවෙ තථාගතො පවිවෙකරතො. තමෙනං භික‍්ඛවෙ තථාගතං පවිවෙකාරාමං පවිවෙකරතං එසෙව විතක‍්කො බහුලං සමුදාචරති: යං අකුසලං තං පහීනන‍්ති.

1. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට විතර්‍කයෝ දෙදෙනෙක් බහුලව පවතිත්: ක්‍ෂේම විතර්‍කය, ප්‍රවිවේක විතර්‍කය (යන දෙකයි). මහණෙනි, තථාගත තෙමේ අවිහිංසාවේ ඇලුනේ ද, අවිහිංසාවෙහි නිරත වූයේ ද වෙයි. මහණෙනි, අවිහිංසාවෙහි ඇලුනා වූ, අවිහිංසාවෙහි නිරත වූ, ඒ මේ තථාගතයන්ට මේ විතර්‍කය බහුල ව පවතී: “මම මේ ක්‍රියාවෙන් (කායවාක් ප්‍රයෝගයෙන්) (තෘෂ්ණාප්‍රහීණ නොකළ) තස නම් වූ හෝ (තෘෂ්ණා ප්‍රහීණ කළ) ථාවර නම් වූ හෝ කිසිවකු නො පෙළමි” කියා යි. මහණෙනි, තථාගත තෙමේ උතුම් විවේකයෙහි ඇලුනේ ද, උතුම් විවෙක යෙහි නිරත වූයේ වෙයි. මහණෙනි, උතුම් විවේකයෙහි ඇලුනා වූ, උතුම් විවෙයෙහි නිරත වූ ඒ මේ තථාගතයන්ට මේ විතර්‍කය බහුලව පවතී: “යමක් අකුසල් වේ ද එය ප්‍රහීණය” කියා යි.

2. තස‍්මාතිහ භික‍්ඛවෙ තුම‍්හෙ’පි අබ්‍යාපජ‍්ඣාරාමා විහරථ අබ්‍යාපජ‍්ඣරතා. තෙසං වො භික‍්ඛවෙ තුම‍්හාකං අබ්‍යාපජ‍්ඣාරාමානං විහරතං අබ්‍යාපජ‍්ඣරතානං එසෙව විතක‍්කො බහුලං සමුදාචරිස‍්සති: ‘ඉමාය මයං ඉරියාය න කිඤ‍්චි ව්‍යාබාධෙම තසං වා ථාවරං වා’ති. “පවිවෙකාරාමො භික‍්ඛවෙ විහරථ පවිවෙකරතා. තෙසං වො භික‍්ඛවෙ තුම‍්හාකං පවිවෙකාරාමානං විහරතං පවිවෙකරතානං එසෙව විතක‍්කො බහුලං සමුදාචරිස‍්සති: ‘කිං අකුසලං කිං අප‍්පහීනං කිං පජහාමා’ති.

2. මහණෙනි, එසේ හෙයින් තෙපි දු අවිහිංසාවෙහි ඇලුනාහු අවිහිංසාවෙහි නිරතවූවාහු වාසය කරවු. මහණෙනි, අවිහිංසාවෙහි ඇලී අවිහිංසාවෙහි නිරත ව වෙසෙන ඒ තොපට මේ විතර්‍කය ම බහුල ව පවත්නේ ය: “අපි මේ ක්‍රියාවෙන් (කායවාක් ප්‍රයෝගයෙන්) තස නම් වූ හෝ ථාවර නම් වූ හෝ කිසිවකු නො පෙළමු” කියායි. මහණෙනි, උතුම් විවේකයෙහි ඇලුනාහු උතුම් විවේකයෙහි නිරත වූවාහු වාසය කරවු. මහණෙනි, උතුම් විවේකයෙහි නිරතව වෙසෙන ඒ තොපට මේ විතර්‍කය බහුලව පවත්නේ ය: “අකුසල් කිම? කුමක් අප්‍රහීණ ද? කුමක් දුරු කරමු ද?” කියා යි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

බුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

3. “තථාගතං බුද‍්ධමසය‍්හසාහිනං දුවෙ විතක‍්කා සමුදාචරන‍්ති නං ඛෙමො විතක‍්කො පඨමො උදීරිතො තතො විවෙකො දුතියො පකාසිතො.

3. “අන්‍යයන් විසින් නො ඉවසිය හැකි දෑ ඉවසන සුලු වූ, තථාගත බුදුරදුන්ට විතර්‍කයෝ දෙදෙනෙක් පවතිත්: පළමුව ක්‍ෂේම විතර්‍කය කියන ලදී. ඉක්බිති දෙවනු ව ප්‍රවිවේක විතර්‍කය ප්‍රකාශ කරන ලදී.

4. තමොනුදං පාරගතං මහෙසිං තං පත‍්තිපත‍්තං වසිමං අනාසවං වෙස‍්සන‍්තරං තණ‍්හක‍්ඛයෙ විමුත‍්තං තං වෙ මුනිං අන‍්තිමදෙහධාරිං මාරංජහං බ්‍රූමි ජරාය පාරගුං.

4. මොහඳුරු දුරු කළා වූ, පාර සඞ්ඛ්‍යාත නිවණට ගියා වූ, (පැමිණිය යුතු සියල්ලට පැමිණි හෙයින්) පත්තිපන්න වූ, සිත් වසඟ බැව් ඇති, ආස්‍රව රහිත වූ (සියලු සසර දුකින් එතෙර ව සෙස්සන් ද එතෙර කළ හෙයින්) විශ්වන්තර වූ, අර්‍හත් ඵල විමුක්තියෙන් මිදුනා වූ, පශ්චිමකායධාරී වූ, කෙලෙස් මරුන් දුරු කළා වූ, ජරාවගේ පරතෙරට පත් ඒ තථාගතයන්ට සම්‍යක් විතර්‍කයෝ දෙදෙනෙක් පවතිත් යැ යි කියමි.

5. සෙලෙ යථා පබ‍්බතමුද‍්ධනිට‍්ඨිතො යථාපි පස‍්සෙ ජනතං සමන‍්තතො තථූපමං ධම‍්මමයං සුමෙධො පාසාදමාරුය‍්හ සමන‍්තචක‍්ඛු සොකාවතිණ‍්ණං ජනතමපෙතසොකො අවෙක‍්ඛති ජාතිජරාභිභූතන‍්ති.”

5. ඒකඝනවූ ගල් පර්‍වතයක් මුදුනෙහි සිටියෙක් හාත්පස ජනසමූහයා යම් සේ දකී ද, එසේ සුන්‍දර ප්‍රඥා ඇත්තාවූ, සමතැස් ඇත්තා වූ, පහ වූ ශෝක ඇති බුදුරජානන් වහන්සේ ඒ සෙල්පව්වට උපමා වූ දහම් පහය නැඟ ජාති ජරාවෙන් මඩනා ලද ශෝකයෙහි ගැලුනු ජනසමූහයා බලන සේක.

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ කරුණ ද භාග්‍යවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.