දෙසනාසුත්තං
2. 2. 2.
2. 2. 2.
[දෙසනාසුත්තං]
[දේශනා සූත්‍රය]
39. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
39. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස ද්වෙ ධම්මදෙසනා පරියායෙන භවන්ති. කතමා ද්වෙ? පාපං පාපකතො පස්සථා’ති අයං පඨමා ධම්මදෙසනා. පාපං පාපකතො දිස්වා තත්ථ නිබ්බින්දථ විරජ්ජථ විමුච්චථා’ති අයං දුතියා ධම්මදෙසනා. තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමා ද්වෙ ධම්මදෙසනා පරියායෙන භවන්තීති.
1. “මහණෙනි, තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ ධර්මදේශනා කාරණ වශයෙන් (නොහොත් වාර වශයෙන්) දෙකෙකි. කවර දෙකෙක් ද යත්: “පාපය ලාමක වශයෙන් බලවු.” යන මෙය පළමු වන ධර්මදේශනා ව යි. “පාපය ලාමක වශයෙන් දැක එහි කලකිරෙවු, නො ඇලෙවු, මිදෙවු” යන දෙවන ධර්මදේශනාව යි. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ ධර්මදේශනා කාරණ වශයෙන් (නොහොත් වාර වශයෙන්) මේ දෙකෙකි.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “තථාගතස්ස බුද්ධස්ස සබ්බභූතානුකම්පිනො පරියායවචනං පස්ස ද්වෙ ච ධම්මා පකාසිතා:
2. “සියලු සත්ත්වයන් කෙරෙහි අනුකම්පා කරණ සුලු වු තථාගත බුදුරජානන් වහන්සේගේ කාරණ වශයෙන් (නොහොත් වාර වශයෙන්) පවත්නා වූ දේශනාව බලවු. උන්වහන්සේ විසින් ධර්මයෝ දෙදෙනෙක් ප්‍රකාශ කරණ ලදහ.
3. පාපකං පස්සථ චෙතං තත්ථ චාපි විරජ්ජථ තතො විරත්තචිත්තා සෙ දුක්ඛස්සන්තං කරිස්සථා”ති.
3. පාපය ලාමක වශයෙන් බලවු, එහිදු නො ඇලෙවු ඉක්බිති නො ඇලුනු සිත් ඇත්තාහු දුක් කෙළවර කරවු.
අයම්පි අත්ථො වුත්තො භගවතා. ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.