යෙදුමෙන් කියවන්න

විජ‍්ජාසුත‍්තං

2. 2. 3.

2. 2. 3.

[විජ‍්ජාසුත‍්තං]

[විද්‍යා සූත්‍රය]

40. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.

40. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.

1. අවිජ‍්ජා භික‍්ඛවෙ පුබ‍්බඞ‍්ගමා අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා අන්‍වදෙව අහිරිකං අනොත‍්තප‍්පං. විජ‍්ජා ච ඛො භික‍්ඛවෙ පුබ‍්බඞ‍්ගමා කුසලානං ධම‍්මානං සමාපත‍්තියා අන්‍වදෙව හිරොත‍්තප‍්පන‍්ති.

1. මහණෙනි, අකුශල ධර්‍මයන්ගේ රැස් කිරීමට අවිද්‍යා තොමෝ පෙරටු වන්නී ය. අහිරික අනොත්තප්ප දෙක ඒ අනුව පවතී. මහණෙනි, කුශල ධර්‍මයන්ගේ රැස් කිරීමට විද්‍යාව පෙරටු වන්නී ය. හිරි ඔතප් දෙක ඒ අනුව පවතී.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “යා කාචිමා දුග‍්ගතියො අස‍්මිං ලොකෙ පරම‍්හි ච අවිජ‍්ජාමූලිකා සබ‍්බා ඉච‍්ඡාලොභසමුස‍්සයා.

2. “මෙ ලොවත් පරලොවත් යම් කිසි දුර්‍ගතීහු වෙත් නම් ඒ සියල්ල අවිද්‍යාව මුල්කොට ඇත්තාහු වෙත් නොලත් දෙය සෙවීම් ලක්‍ෂණ ඊප්සාවය, ලත් දෙයෙහි ඇලීම් ලක්‍ෂණ ලෝභය යන මොවුන් විසින් රැස් කරණ ලද්දාහු වෙත්.

3. යතො ච හොති පාපිච‍්ඡො අහිරීකො අනාදරො තතො පාපං පසවති අපායං තෙන ගච‍්ඡති.

3. යම් හෙයකින් ලාමක ඊප්සා ඇත්තේ පවට ලජ්ජා නැත්තේ ආදර නැත්තේ වේ ද, එහෙයින් පව් රැස් කෙරෙයි. ඒ හේතුවෙන් අපායට යෙයි.

4. තස‍්මා ඡන්‍දඤ‍්ච ලොභඤ‍්ච අවිජ‍්ජඤ‍්ච විරාජයං. විජ‍්ජං උප‍්පාදයං භික‍්ඛු සබ‍්බා දුග‍්ගතියො ජහෙ”ති.

4. එහෙයින් ඡන්‍දය (ඊප්සාව) ද, ලෝභය ද, අවිද්‍යාව ද, සහමුලින් නසන්නා වූ මාර්‍ගවිද්‍යාව උපදවන්නාවූ මහණ තෙමේ සියලු දුර්‍ගතීන් දුරු කරන්නේ ය.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදි.

පඨම භාණවාරං.

පළමුවන බණවරයි