යෙදුමෙන් කියවන්න

පඤ‍්ඤාපරිහානි සුත‍්තං

2. 2. 4.

2. 2. 4.

[පඤ‍්ඤාපරිහානි සුත‍්තං]

[ප්‍රඥාපරිහාන සූත්‍රය]

41. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං.

41. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.

1. තෙ භික‍්ඛවෙ සත‍්තා සුපරිහීනා, යෙ අරියාය පඤ‍්ඤාය පරිහීනා. තෙ දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං විහරන‍්ති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස‍්ස භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා. තෙ භික‍්ඛවෙ සත‍්තා අපරිහීනා, යෙ අරියාය පඤ‍්ඤාය අපරිහීනා. තෙ දිට‍්ඨෙව ධම‍්මෙ සුඛං විහරන‍්ති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස‍්ස භෙදා පරම‍්මරණා සුගති පාටිකඞ‍්ඛා’ති.

1. “මහණෙනි, ආර්‍ය්‍ය (විදර්‍ශනාඥාන මාර්‍ගඥාන) ප්‍රඥාවෙන් යම් කෙනෙක් පිරිහුනාහු වෙත් ද, ඔහු (ලොවි ලොවුතුරා සැපතින්) මොනවට පිරිහුනාහු වෙති. ඔහු මේ අත්බැව්හි ම පීඩා සහිත වූ, දැඩි වෙහෙස ඇති, දැවීම් සහිත වූ දුකින් වාසය කෙරෙත්. ඔවුන් විසින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දුගතිය කැමැති විය යුතු වේ. මහණෙනි, යම් කෙනෙක් ආර්‍ය්‍ය (විදර්‍ශනා, මාර්‍ගසඞ්ඛ්‍යාත) ප්‍රඥාවෙන් නො පිරිහුනාහු වෙත් ද; (ඔහු සියලු සැපතින්) නොපිරිහුනාහු නම් වෙත්. ඔහු මේ අත්බැව්හි ම පීඩා රහිත වූ, දැඩි වෙහෙස නැති, දැවීම් රහිත වූ සැපයෙන් වෙසෙත්. ශරීරයාගේ බිඳීම සඞ්ඛ්‍යාත මරණින් මතු (ඔවුන් විසින්) සුගතිය කැමැති විය යුතු වේ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මෙ කරුණ භගවත්හු වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.

2. “පඤ‍්ඤාය පරිහානෙන පස‍්ස ලොකං සදෙවකං නිවිට‍්ඨං නාමරූපස‍්මිං ඉදං සච‍්චන‍්ති මඤ‍්ඤති.

2. “නුවණින් පිරිහීම් නිසා නාමරූප සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැස ගත් සදේවක ලෝකයා බලවු. (එබඳු පුද්ගල තෙම) මෙය ම ඇත්ත ය (සෙසු සියල්ල හිස්යැ යි) සිතයි.

3. පඤ‍්ඤා හි සෙට‍්ඨා ලොකස‍්මිං යායං නිබ‍්බෙධගාමිනී යාය සම‍්මා පජානාති ජාතිභවපරික‍්ඛයං.

3. යම් ඒ ප්‍රඥාවක් නිර්වේදගාමිනී (ලෝභාදිකේලේස් සිඳලන්නී) වේ ද, යම් බඳු ප්‍රඥාවකින් උත්පත්ති කර්‍මභවයන්ගේ ක්‍ෂය කිරීම් සඞ්ඛ්‍යාත නිර්‍වාණය හා අර්‍හත්‍වය මැනවින් ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, එ විදසුන් සහිත මඟනුවණ ම ශ්‍රේෂ්ඨ වන්නේ ය.

4. තෙසං දෙවා මනුස‍්සා ච සම‍්බුද‍්ධානං සතීමතං පිහයන‍්ති හාසපඤ‍්ඤානං සරීරන‍්තිමධාරින”න‍්ති.

4. දෙවියෝ ද, මිනිස්සු ද, සිහියෙන් යුක්ත වූ හාස ප්‍රඥා ඇති අන්තිම සිරුර දරණ ඒ සම්බුදුවරයන්ට කැමැති වෙත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භගවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.